අපේ දුරකථන පෙරගෙවුම් ගිණුමෙ මුදල් නැතිනම් රීලෝඩ් නැතිව හදිස්සි අවස්ථාවලදී එටිසලාට් වලනම් කාගෙන් හරි ඉල්ලගන්න පුලුවන් Give Me Balance සේවාවෙන්. ඩයලොග්ලගෙ Ask Credit සේවාව හා මොබිටෙල් සපයන සේවාව ඊට වෙනස්. ඒකෙ මුදල් ඉල්ලගන්නෙ යාලුවෙක්ගෙන් නෙවේ. අදාල ආයතනයෙන්. ඩයලොග් මේක හදුන්වල දීල ටිකක් කල්. නමුත් මොබිටෙල් අද ඊයෙ තමා මේ සේවාව ආරම්භ කරන්නෙ. මොබිටෙල් වල ත් ඩයලොග් වල මෙන් අවම සුදුසුකම් කීපයක් සපුරන්න ඕනෙ මේ විදිහට මුදල් ගන්න. ඒ කියන්නෙ අපි නියමාකාරයෙන් ලියාපදින්චි වෙලා ඉන්න ඕනෙ වගේම මොබිටෙල් ජාලය තුල අපගේ සිම්පත මාස හයකට වඩා භාවිතා කල එකක් විය යුතුයි. එසේනම් #247# අංකය අමතා අපට මුදල් එවන ලෙස ඉල්ලිය හැකි. එවිට රු 30/- මුදලක් අපගේ ගිණුමට බැරවෙනව. ඒ වගේම තමා නැවත රිලෝඩ් කලාම අදාල මුදල අපගේ ගිණුමෙන් අඩුවෙනව. මේ සඳහා රු 2/- ක සේවා ගාස්තුවක් අයකරනව. ඒත අවුල කියන්නෙ මම මේකට ඊයෙ රෑ නිමකමට වගේ ඉල්ලීමක් කලා. හැබැයි මගේ ගිණුමෙ මුදල් තිබ්බ. ඒත් පිලිතුරක් ආවෙ අද උදේ. පැය 6කට වඩා පහු වෙලා. මේ සේවාව ඉල්ලන්න අපගේ ගිණුමේ ශේෂය රු 10ට වඩා අඩුවෙන්න ඕනෙලු.
හැබැයි එයාල කියන විදිහට අපි ඉල්ලුව ගමන් ගිණුමට බැර වෙනව වගේම මේක ඩයාලොග් වල වගේ සීමාවක් නෑ. ඒ කියන්නෙ අපිට ඕනෙ තරම් ඉල්ලන් පුලුවන්. හබැයි එක පාරක් ඉල්ලල ඒ ගාණ වඩා රීලෝඩ් එකක් දාල ඒ ණය ගෙවල තමා අනික ඉල්ලන්න ඕනෙ











මාලින්ද ප්රසාද් Reply:
March 31st, 2010 at 6:39 am
වෙන හොඳ තීම් එකක් හමුඋනේ නෑ තාම
[Reply]