මේ අවුරුදු කාලෙ කවුරු කවුරුත් ඇදුම් ගන්න හා විවිධ දේවල් උත්සව කාලෙට ගන්න නගර වල සාප්පු සවා‍රියෙ යෙදෙනව. ඒක නිසා බොහෝ ප්‍රධාන නගර ඉතා කාර්ය බහුලයි. සෙනග පිරිල. මම ‍පෙරේදා (10) දින කීපයකට පසු නගරයට ගියා පොඩි වැඩක‍ට. සෙනග දැක්කහම එපා වෙනව. බස් එකේ යනකම් ‍යාලුවො කීප දෙනෙක් එකක් කෙටිපණිවඩ සංවාදයක ගියෙ. නගරයට ගියා විතරයි එකපාරට කෙටිපණිවඩ යන්නෙ නෑ. Sending Failed.  ඒ කියන්නෙ අපි යවන කෙටිපණිවිඩය මොබිටෙල්ලටවත් යන්නෙ නෑ. සලිලි නැතිඋනහම වගේ. ඒත් ඇතිවෙන්න සල්ලි තියනව. විනාඩි කීපයක් උස්සහ කලා. ඒත් එකම පණිවිඩය. මටත් හොදටම තදඋ‍නා. ඒ පාර ගත්ත යාලුවෙක්ට ඇමතුමක්. Dial බොත්තම ඔබපු ගමන් Error in Network Connection පණිවිඩය ඇවිත් විසන්ධි වෙනව. බොත්තම ඔබන පමාව විතරයි. එතකොටයි වැඩේ තේරුනේ. මොබිටෙල්ලට  මේ සෙනගට සේවාව සපයන්න බෑ. බොරුවට කෑගැහුවට.

දැම්ම වෙන දුරකථනයට සිම් එක. ඒත් එමමයි. ඒත් සමහර මොබිටෙල් වැඩ‍ (එකම ටවර් එකක නෙවේ). මට එන ඇමතුම් එන්නෙත් නෑ. බැරිම තැන ගන්න උත්සහ කලා මොබිටෙල්ලගෙ පාරිභෝගික සේවයට. දැන් මාසෙට ඇමතුම් දෙකයිනෙ නොමිලේ. ඒත් මේකෙ ලෙඩ වලට දවසට දෙකක් නොමිලේ දීලත් බෑ. මගෙ එකෙන් ගන්න බැරිම තැන යාලුවෙක්ගෙ එකකින් ගත්ත. පලවෙනි පාර අරන් ලෙඩේ කීව විතරයි විසන්ධි කලා හෝ උනා. ආයෙ ගත්ත. ඒ පාර අවුල කීව ගමන් “ඔබ ඇමතු අංකය වැරදි, අංකය පරික්ෂාකර නැවත අමත්න්න” කියල පටිගත කිරීමක්. ඒත් කලින් නිළධාරියෙක් කථා කලත් එකක්. මාර අවුල. මගෙ එකෙන් ඇමතුමක් ගන්න විනාඩි 20 ක් වත් උතසහ කරන්න ඕනෙ. කොහොම හරි මගෙ එකෙන්ම ගත්ත.

කථා කරපු කෙනා කීව දැන් ටිකක් ඉදන්ද තියෙන්, මොබිටෙල් අවුලක්. මෙහෙ පොඩි සැකසීමක් (Adjesment) එකක් කරන්න තියන. දුරකථනය විනාඩි 5ක් ඕෆ් කරල් ඔන් කරන්න කීව. මමත් කලා. වැඩේ හරි. ඒත් විනාඩි 5ක් ගියෙ නෑ. ආයෙ අවුල. ඒත් එහෙම උනහම පාරිභෝගික සේවයට ගන්නත් බෑනෙ. අල්ල දැමිම. එදා දවසම වාගේ දුරකථනය වැඩ නෑ.

එන ගමන් ගත්ත මේකට. ඒපාර කථාකරපු කෙනාට විස්තරේ කිව්ව. කලින් කෙනා කරපුවත් කීව. ඒත් ගත් කටටම කියපි අපේ අවුලක් නෑ. දුරකථනයෙ අවුලක් කීව. ඒක් හැමදාම කියන එ‍කනෙ. මම කීව මම දුරකථන මාරුකලා ඒත් එහෙමයි. ඒත් එකම ලෙ‍‍ඩේට දැන් ඔයාලගෙ අවුලක් නෑ කියන්නත් කලින් ලෙඩක්තියෙන්නෙත් කොහොමද කියල. එතකොට මේ ගැණු කෙනාට තද උනා. එයාලගේ ටවර් වලට දරාගන්න බෑ කිවට අහන්නෙම නෑ. අපේ පිටමයි ලෙඩේ දාන්නෙ. මමත් බැන්න. ඒ පාර කියනව එයාලගෙ කාර්යාලයකට ගේන්න කියල. මම ඇහුව ඔයාලගෙ තියන හැම ලෙඩඩටම අපි කාර්යාලයට දුරකථනය හරි මොඩම් එක හරි අරන් එන්න අපිට වෙන වැඩක් නැද්ද කියල. ඒත් අරන්මයි එන්න කියන්නෙ. තව ටිකක් බැනල මම තිබ්බ.

මෙයාල බොරුවට කෑ ගහල කරගන්න බැරි උනහම අපිට මොබිටෙල් එකට අරන්න එන්න කියන. ඒ අය මොනව හරි කරල ෂේප් වෙනව. ඉතින් හැමදාම මේ විදිහට අරන් යන්න අපිට මොබිටෙල් ශාකා වලට වෙන්වුන් වෙනමම බස් සේවයක් දැම්මොත් නරද? (ඒකටත් කට්ටිය වැඩිවෙලා දරාගන්න බැරිවෙයිද දන්නෙ නෑ J ). නැත්නම් අපිට මොබිටෙල් හරියෙන් ගෙයක් ගන්න වෙනව

අර දැයට කිරුලෙ වගේ මේ කාලෙට එක්කො ජංගම කුලුණක් ගහන්න ඕනෙ. නැතිනම් දැනුමවත් කරන්න ඕනෙ ඉන්න ගෙන් පාරිභොගික නිළධාරීන්වත්. එහෙමත් නෑ. අපි පිටම වැරුද්දක් හදල දාල ශේප් වෙනව‍. අනික මොබිටෙල් පාරිභෝගික සේවයෙ ඉන්න ගෑනු අයනම් ගොන් ගස්. මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. බොරු ගෙත ගොත කියනව. වැරුද්දක් තේරුම් ගන්නෙ නෑ. ඒත් ඒ අතින් පිරිමි අය හොදා. වැරුද්දක් පිලිගන්නව. තේරුම් ඇතිව වැඩේ කරල දෙනව. මුලින් ගෑනු කෙනෙක් අරන් බැරි අනාගන්න වැඩ පිරිමි අය හොදට කරන්ව. මට එහෙම කීප පාරක් වෙලා තියනව.

මේ ටවර් වලට දරාගන්න බැරි අවුල මොබිටෙල්ලගෙ තමා වැඩිම. වෙන ටවර් වලට මාරු උනහම අවුල නෑ. ඩයලොග් එකේ ඉදල හිටල ටිකක් තියනව. ඒත්‍ මොබිටෙල් නම් ‍ඊයෙ, පෙරේදා දවස් දෙකේම එකයි. අදත් එහෙම වෙයිද දන්නෙ නෑ.

මොබිටෙල්ලගෙ මුලින් අන්තර්ජාලය, දැන් ඇමතුම් හා කෙටිපණිවිඩ. සීමාව ඉක්මවා පාරිභෝගිකයේ වැඩි කරල ඒ අනුව සම්පත් වැඩි නොකිරීමේ පලවිපාක තමා. ඒත් එයාලට කීවහම ඒකත් අපේ වරදක්… මෙහෙම ගත්තහම මෙයාල නමට විතරද මොබිටෙල්. ගන්න පුලුවන් ගුණාත්මක සේවාවන් එකක්වත් නැද්ද?

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl