කාටත් මතක ඇති මීට අවුරුද්දකට විතර කලින් ඉදන් ජංගම දුරකථන වලට අලුතෙන් නීතියක් ගෙනාව. ඒ එහි නියම හිමිකරුගේ නමින් ලියාපදින්චි කල යුතුවීමයි. ඒ දවස්වල විදිහටනම් ඒ විදිහට ලියාපදින්චි කලාම ආරක්ෂක අංශ අපගේ දුරකථනයේ හිමිකාරීත්වය අවශ්‍යය උන වේලාවට පරික්ෂාකරල බලනව.
ඒත් අපේ අයට මතක සතියයි කියනවනෙ. දැන් ඒ නිති තියනවද දන්නෙත් නෑ. කැමති කැමති අය කැමති කැමති විදිහට පරිහරණය කරනව. අනික හැමෝටම සමහර ජංගම දුරකථන සමාගම් වලින්නිකුත් කරන කාඩ්පත් ආවෙත් නෑනෙ.
ඒත් මේක ආව දවස් වල අපේ හැමෝම බොහොම උද්යෝගයෙන් ජාතික ආරක්ෂාව පතා තම තමන්ගෙ ජංගම දුරකථන ලියාපදින්චි කලා. මේ කාලෙ යුද්ධය තදටම තිබුන නිසා ජාතියක් වශයෙන් ආරක්ෂාව ගැන හිතල ඒ විදිහට ලියාපදින්චි කරගත්ත.
ඒත් එ විදිහට හරි වෙනයම් විදිහට හරි ලියාපදින්චි උන ජංගම දුරකථන බොහෝමයකට ඡන්ද කාලෙ ආව ඇමතුම් දන්නව ඇතිනෙ. යුද්ධය කාලයෙ මේ අංක යොදාගත්තෙ ජාතික ආරක්ෂාවට වැදගත් වන තොරතුරක් දන්වන්න. ඒත් දැන් ඒවගෙන් අයුතු ප්‍රයෝජන අරන්. මේ විස්තර රජයට ගන්න පුලුවන් වෙන්න් ඕනෙ. එවා රටේ යහපතට භාවිතා කරවිමත් කල යුතුයි. ඒත් වෙනයම් ස්පෑම් හා ලාභ අරමුණු වලට යොදාගනීම යුක්ති සහගත්ද? ඒකත් එක පක්ෂයක්.
මුලින් ජනාධිපතිවරන කාලයේ මේ ආරයෙන් ඇමතුම් ආව මතක ඇති. ඒත් ඒ සුලු පිරිසකට. ඒත් මේ ඡන්ද කාලෙ බොහෝ අයට ඇමතුම් හා කෙටිපණිවිඩ ඇවිත්. ඡනාධිපතිවරනයනම් ලංකාවටම නිසා මුල ඉදන් අංක වලට ඇමතුවත් අවුලක් නෑ කියමුකො. ඒත් මේ පාර්ලිමේන්තු මැතිවරණයේ බොහෝ අයට ආවෙ තමන්ගෙ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගෙ ඇමතුම් විතරයි. සමහරුන්ට කළාතුරකින් වෙනත් දිස්ත්‍රික්ක වල අපේක්ෂකයන්ගෙන් ඇමතුම් ආවත් බහුතරයට ආවෙ තමන්ගේ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගෙන්.
ස්ථාවර දුරකථන අංක නාමවලියක තියන නිසා ත් ඒවගේ කෝඩ් අංක තියන නිසාත් දිස්ත්‍රික්කය හොයාගන්න ලේසි. ටෙලිකොම් එකේනම් ඩේටාබේස් පිටින් තියනවනෙ. ඒත් ජංගම දුරකථන වල තත්වය වෙනස්. ඒකෙ විස්තර සාමාන්‍යය නීතිය අනුවනම් උසාවි නියෝගයක් නැතිව දෙන්නෙ නෑ. අනික ඒව ඒ ආයතන පෞද්ගලිකත්වය සුරකීමේ අරමුණින් ආරක්ෂා කරනව. ඒත් මේව මේ ආකරයට මේ දේශපාලඥයින් අතට පත් උනේ කොහොමද?
එහෙම පත් උනේ නැතිනම් කෙටිපණිවිඩ, ඒ මේ අපේක්ෂකයගෙ මනාප හිගමන් හා ඒ ඒ නියෝජිතයන්ගේ කාර්යාල වලින් ඇමතුම් (පටිගත කිරිම්) එයිද? මේ එන බොහෝ ඇමතුම් එන්නෙත් ටෙලිකොම් දුරකථන වලින්.
මේ විදිහට ස්පෑම් කිරීමට නීතියෙන් අවසර තියනවද? මෙවන් ක්‍රියා වලින් ඔප්පු වන්නේ ස්පෑම් කිරීමට (සරලව කීවොත් කරදරකාරීඇමතුමක් වගේ) ඒවට නීතියෙන් අවසරයි කියලද. මොකද මේ ඇමතුම් රටේ යහපතටවත්, ආරක්ෂාව වෙනුවෙන්වත් නෙවේ. ඒ වගේම ජංගම දුරකථන සමාගම් වලට හා රජයට බැලිය හැකි ජංගම දුරකථන අංකත් ඕනෙ කෙනෙක්ට මාකටින් වැඩ වලට ගන්න පුලුවන් කියන එකද?
අපි Gmail ගත්තොත් ඒක අපිට මොබිටෙල්, ඩයලොග් ජංගම දුරකථන සේවා සපයනව වගේ ඊමේල් සේවා සපයන ආයතනයක්. ඒ අය කරන්නෙ මේ වගේ කරදර කාරී ඊමේල් අවහිර කරන එකයි. ඒත් අපේ මේ සේවා සපයන ආයතන වලට එහෙම එකක්වත් කරගන්න බෑ. එක එක අයට බෝලෙ පාස් කර කර ඉන්නව. ඒත් උදාහරණයක් විදිහට ටෙලිකොම් ඩිරෙක්ටරිය අරන් මුල පිටු කියෙවුවොත් ඕනෙ කෙනෙක්ට බලාගන්න පුලුවන් හින්සාකාරී/ කරදර කාරී ඇමතුම් කෙතරම් දුරට නීත්‍යානුකූලද කියල.











මාලින්ද ප්‍රසාද් Reply:
April 12th, 2010 at 11:43 pm
එහෙම උනොත් තව ටිකදවසකින් මේ අය දෙන ඊමේල් වලටත් ස්පෑම් එවල අපිට කියයි වැඩක් නැතිනම් මකල දාන්න කියල. එහෙම උනොත් කොහොමද ගතිය. කාට හරි නන්නාදුනනන ඇමතුමක් ආවොත්… වැඩක් නැතිනම් කට් කරන්න කියයි… මොකද ඒවත් ස්පෑම්නෙ
[Reply]