අලුතෙන් පත්වූ උසස් අධ්‍යාපන ඇමති තුමා උසස් අධ්‍යපනය වෙනුවෙන් වැදගත් තීරණයක් පසුගිය කාලයේ ගනු ලැබුව. ඒ අප රටෙත් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමයි. එමෙත් මෙයට විශේෂයෙන් වෛද්‍යවරු මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් විරෝධය දක්වමින් මේ දින වල බොහෝ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නව.
මේ අය දැනට උසස් අධ්‍යාපනය ලබමින් හෝ ලැබූ අය. තමන්ගේ අනාගතය සාදාගත් අය. ඒ අය තමන්ගේම බාල සහෝදර සහෝදරියන් ඉදිරියේ පන්ති වලදී වැඳ ඉල්ලාසිටින්නේ තමන් වෙනුවෙන් උද්ගෝශණ කරන ලෙසත්ය. එහෙත් ඔවුන් එම උද්ගෝශණ වලට එන්නේ නැත. ඔවුන් ඔවුනගේ වැඩවලය. මේසේ ඔවුන් අපව උද්ගෝශණයන්ට පොලබවන්නේ අපගේම අනාගතයට විරුද්ධවය. නමුත් මේ අයට පන්තිවල කථාකිරීමටවත් සමහර ගුරුවරු ඉඩ දන්නේ නැ. ඒ අපගැන සිතාය. එවන් ගුරුවරුන්ගේ ක්‍රියාව අගය කල යුතුය. උදාහරණයක් විදිහට අපගේ පන්තියක් ගතහොත් සමාන්‍යයෙන් මෙම පන්තියක ලමුන් 3000-5000 ක් සිටිනලෙස සිතමු. මේ අයගෙන් කී දෙනෙක්ට රජයේ විශ්ව විද්‍යාල වලට යා හැකිද? බැරි උන අය කරන්නේ මොනවද මේවා මේ අය සිතලා නැතුවයි අපිට කථාකරන්න එන්නෙ. සාමාන්‍යයෙන් උසස්පෙල S සාමාර්ථ 3ක් ලබාගත් සිසුවෙක් උසස් අධ්‍යපණයට සුදුද්සෙක් ලෙස සැලකුවත් අපගේ රටේ ඇති අවාසනාව මේ සඳහා ඉඩ හා සම්පත්ය. එම නිසා වැඩිම ලකුණු ලබාගන්නා අය මෙම විශ්ව විද්‍යාල වරම් ලබයි. එවිට අනෙක් අය බලන් සිටිය යුතුද? එයට රජයේ සම්පත් නැතිනම් හොදම ක්‍රමය පෞද්ගලිත විශ්ව විද්‍යාල ආරම්භ කිරීමයි. ඉතින් අපගේ අනාගතය වෙනුවෙන් විරුද්ධව අප නැගී සිටිය යුතු නැත. අපට රජයේ විශ්ව විද්‍යාල වරම් නැතිඋවහොත් තව මාර්ගයක් තෝරාගැනීමට ඇති බැවිනි.
එමෙන්ම මෙම වෛද්‍යවරුන් බියව සිටින්නේ තමන්ගේ ප්‍රදේශයට තවත් වෛද්‍ය වරයෙකු පැමිණේයැයි බියෙන් මිස වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය ගැන නොවේ. මේ අය ලාංකීය වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය ගැන සිතනවානම් ඇයි තම රජාකාරී වෙලාවෙත් මේ අය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වල සල්ලි හම්බකරන්න වෙහෙසෙන්නෙ?. උදේ 8 ට එන්න ඕනෙ එක එන්නෙ කීයටද? යන්නෙ කීයටද? දවල් විවේකය පුද්ගලික රෝහලේ කොච්චර වෙලා ගන්නවද? මෙහෙමද ගුණාත්මක භාවය වැඩිකරන්නෙ. ඔවුන් අධ්‍යපණයට වෙහෙසූ ආකාරය බලන විට මේ ආකාරයෙන් මුදල් හම්බකල යුතුය. පහසුකම් ලැබිය යුතුය. එසේම හදිස්සි අවස්ථා වලදී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානත් ප්‍රයෝජනවත් වේ. මේ සියලල්ම නියමාකාරයෙන් කිරීමේ හැකියාව ඔවුන්ට ඇත. නමුත් ඔවුන් මුලු තැන දෙන්නෙ තම රජකාරියට නොව මුදල් හම්බ කිරීමටය. අප රටේ බොහෝ විට රජයේ රෝහල් වල පොලිම්වල සිට බෙහෙත් ගන්න එන්නේ දුප්පත් අයය. මේ අය කථාකරන්නෙ මෙම අධ්‍යාපණයෙන් දුප්පතුන්ගේ අධ්‍යාපන අයිතීන් නැතිවෙනව.. දුප්පතා මහන්සි වී ලබාගත් තැන නැතිවෙනව කියයා. එහෙත් මේ රෝහලට බෙහෙත් ගන්න එන දුප්පතා ගැන සිදුවාද මේ අය. එසේ සිතනවානම් මුලින් හරියට රාජකාරීය කර ඒ අයට වෙදකම් කල යුතුය. අඩුම තරමින් දුප්පත් කෙනෙක් වෙනුවෙන් සැත්කමකට මේ සා මුදලක් සොයන්න එන්න.. නැතිනම් ගෙඩගන්න අමාරුයි කියනවා මිසක් තමන්ගේ ගානින් කීප දෙනෙකුට හෝ සහනයක් දීමට මොවුන් සිතනවාද…. සල්ලි නැතිනම් ලෙඩාට සොරි. සැම විටම මුදල් මත්තෙ නැහෙමින් දුප්පතුන්ට වඩා සල්ලි ගැන සිතන මේ අය මොකද මේ එකපාරම වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවයත් දුප්පත් අය ගැනත් සිතන්නෙ? එලියෙන් දුප්පත් කමයි, ගුණාත්මක භාවයයි දාගෙන මේ අය මේ අයගෙ මඩිය තදකරගන්න හදපු ක්‍රමයක් මිස වෙන මොකක්ද. මේක අත්මාර්ථමී කම නොවේද? නමුත් මේසේ නොකරන ඉතා ගුණ යහපත් දොස්තර මහතායයි කිය හැකි අයද නැතිවාම නොවේ. ඒත් මේ කෑ ගහන අයගෙන් බහුතරය ඒසේ නොවන අයය. ඇත්තෙන්ම මේ අයත් දැන් ව්‍යාපාරයක් කරගෙන යයි. මාලු මුදලාලි “කෙලවල්ලා 400 යි.. සාලයා 200යි “ කියා කෑ ගසයි. ඒ අතර “ …. දොස්තර මහතා …. කාමරයේ. එයාගෙ ගාන රු 750යි. එයා හොද ඇගේ අමාරුවට” මේක දැන් සේවාවක් නොව ව්‍යාපාරයක් කරගත් අයද ඇතිබව මෙවන් නිවේදන වලින් සිහිනොවන්නේ කාටද? මාලු මුදලාලි මාලු විකුණයි. දොස්තර වෙදකම විකුණයි. හොද මාලු සල්ලි ඇති අයට. පොඩි මාලු නැති අයට. දුප්පතුන් ගැන සිතන අය කර ඇත්තේ මේකම නොවේද? ඒ අය කවුද කැමති තම ව්‍යාපාරයට තවත් කෙනෙක් බාධා එල්ල කරනවාට. ඒ වගේම මේ අය කියන මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් එන අය කෑගහන අය තරම් සුදුසුකම් ලත් අය නොවේ. එහෙත් ඒ ගැටලුව ඔවුන්ට ඇති එයින් වැඩේ වැදගත්කම මොකක්ද? මේ අයට වඩා අලුත් අය හොදයිනම් ලෙඩ්ඩු ඒ අය ගාව යයි. නැතිනම් මේ අය ගාවට එයි. ඒක සමාජය විසින්ම විසදයි. එවිට ඒ විශ්ව විද්‍යාල වල ඉල්ලුම අඩුවෙයි. අනික විදේශ විශ්ව විද්‍යාල සුදුසුකම් නැති අයට තම නමින් සහතික දීල තමන්ගේ නම බාල කරගන්න කැමති වෙයිද? මේ අය බය මේවට නොවේ අලුතින් එන එය මේ අයට වඩා හොදවෙයි කියල. රෝගීන් මේ අයට වඩා හොද අයගෙන් බෙහෙත් ගනී කියලයි.
ඒවා එසේ තිබියදී මේවා ගැන ලියන සමහර සහෝදරයයි කියාගත් අය කියන්නේ මේවාට මුදල් දී ගිය විට පාඩම් කර මහන්සී වී ඉගනගත් අයට ඇති වටිනාකම මොකක්ද යන්නය. එමෙන්ම ඒ අය පිලිගන්නා සත්‍යයක් වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් දෙන අධ්‍යාපනය රජයේ ඒවට වඩා හොද බැවින් එය අසාධාරන නිසා නැවැත්විය යුතු බවය. එහෙත් තවකෙක් අධ්‍යාපනය ලබනවාට ඇයි මේතරම් අකමැති. ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල උසස්පෙල කරන සියලුදෙනාට ඇතුලුවිය හැකි පරිදි ඉඩ ඇතිනම් මෙසේ කීවාට කම් නැත. බොහෝ දෙනා දන්නා දෙයක් නම් ලංකාවේ හොදම විශ්ව විද්‍යාලය වන මොරටුව විශ්ව විද්‍යාලයත් දැනට ලෝක ශ්‍රේණිගත කිරීම් වල 2500ට ත් වඩා පහලින් ඇති බව. මේ මීට වසර කීපයකට පෙර හොදව විශ්ව විද්‍යාලයකි. එයට ද හේතුව මේවාගේ සම්පත් සීමා වීමයි. සමහර සිලබස් පරණ වීමයි. ඒවා නව තාක්ෂණය හා මුසුව නිතර නිතර අලුත් නොවීමයි. එහෙත් පෞද්ගලික විශ්ව විද්‍යාල වල එම තත්වය නැත. විදේශ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් මේවා කරගෙන යන නිසා ඔවුන්නේ නිතර නිතර අලුත්වන පාඨමාලා මෙන්ම සිලබස්ද අප රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට හිමිමේ. එය තරගයකි. තරගයෙන් ප්‍රතිලාබ අපගේ සිසුන්ටය. හරියට ජංගම දුරකථන තරගයෙන් ගාණ අඩු වෙන්නෙ සේවාව හොද වෙන්නෙ පාරිභෝගිකයට වැගේ. එමෙන්ම ඒ ඒ ක්ශේත්‍රයන්ට ප්‍රවීන විදේශ දේශකයන්ගෙන් ඉගනීමේ වරද අප සිසුන්ට හිමිවේ. මේ අය විරුද්ද මේකටය. මේ ලගදි පුවත්පතක ගිය ලිපයක් කියවූ මට සම්පූර්ණයෙන් වැටහුනේ මේ ලියන කෙනා කොච්චර ආත්මාර්තකාමීද කියයි.
විදේශ විශ්ව විද්‍යාල තමන්ගේ නමින් සහතිකයක් එම පිලිගත් ගුණාත්මක භාවයෙන් පහල අයට අපරටේ වගේ විවිද අයගේ ඕනෑ එපාකම් වලට දෙන්නේ නැත. ඔවුන් නිතරම බලන්නේ ඔවුන්ගේ නාමයේ කීර්තියයි. ඔවුන්ගේ නම ඇති විශ්ව විද්‍යාලයකින් සුදුසුකම් අඩු කිසිම කෙනෙක් එලියට එනවාට ඔවුන් කැමති නැත. එමෙන්ම මේ ලෝක ශ්‍රේණිගත වල අප පහලට යන්නත් විදේශ විශ්ව විද්‍යාල ඉහලට එන්නත් අර අය කියන හේතුම තිබිය හැකිය. සිලබස්… සම්පත්.. දේශකමඩුල්ල… ඒවාගේ ගුණාත්මක භායයයි. ඉතින් ඒවා අපේ අයට හම්බෙනවාට ඇයි මේතරම් විරුද්ද? එයින් අපගේ රටින් විදේශ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගිලිහී යන සම්පත් මෙන්ම අපේ වැඩි පරිසකට මීට වඩා උසස් අධ්‍යාපනයක් ලැබීමේ වරම් හිමිවේ. රජයේ විශ්ව විද්‍යාල වල ඉඩ මදිවෙන අයට අධ්‍යාපන වරම් හිමිවේ.
එමෙන්ම අප රටේ බොහෝ දෙනා දන්නේ මෙන්ම අප රටේ ලබාදෙන්නේ BSc, MSc වැනි උපාදිය. එහෙත් මෙම් නව විශ්ව විද්‍යාලවලින් දෙන උපාධි අප අසා නැතිවාට BSc, MSc උපාධි වලට වඩා පිලිගන්නා උපාදිද ඒවාට සමාන පිලිගැනීමක් ඇති උපාදිද ඇත. ඒව අප රටේ අය අසා නැති නිසා මේවා වැඩක් නැති උපාදි කියා මේ අය කෑගසයි. තවද මේවාගේ අපේ වගේ ප්‍රශ්ණ ඇසුවහොත්, ගුරුවරයා කෝප කලොත් අසමත් කරන රටාවක්ද නැති ව පෞද්ගලික විශ්ව විද්‍යාල දැන් බහුලය.
තවද මේ කියන ආකාරට අපේ රටේ විශ්ව විද්‍යාලවලින් එන මේ අය අනෙක් හැමෝම ඇයි තමන්ට හොද කල නොහැකි රෝගීන් විදේශයන්ට යවන්නෙ. ඒ ඒ එට වල අධ්‍යාපණයට පින්සිදුවන්න අපට වඩා උගත් අය ඒ රට වල සිටීමයි. එය අධ්‍යාපනය නිසා සිදුවූවක්. එම අධ්‍යාපනව අප රටේ අයත් ලැබුවහොත් යම් වරදක් තිබේද
තවද කිව යුතු යමක් ඇත. මේ කෑගහන අයත් පිලිගන්න එක් සත්‍යයක් නම් රජයේ ඒවාට වඩා මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපණයේ ගුණාත්මක භාවය වැඩි. නමුත් ඒවාට දුප්පත් මහන්සිවෙන කෙනාට ඇතුලු විය නොහැකිය යන්නය (නමුත් මේ අයට මල් කඩන්න දුරකථන බිල බදින්න, කාඩ් දාන්න සල්ලි ඇත. ඒවා විශ්ව විද්‍යාල වලට එන බිල්පත් තොගයෙන් දැකගත හැකිය). එහෙත් මෙම විශ්ව විද්‍යාල වල බොහෝ ප්‍රමාණයක් ශිෂ්වත්ව පිරිණමයි. මේ අයට ඕනෙනම් පොඩ්ඩක් මහන්සි වෙලා මේ සම්පූර්ණ නොමිලේ ශිෂ්වත්වයකට උවත් උරුමකම් කිව හැකිය. නැතුව අනිත් අයට වල කැපීමවත්, ආත්මාර්ථකාමී තුලින් තමන් මෙන්ම තම රටටද ඇතිවෙන යහපතක් නැත.











මාලින්ද ප්‍රසාද් Reply:
June 10th, 2010 at 10:13 am
බයෝ කරන හැමෝම දොස්තර වෙලා වැඩක් නෑ. ඒත් වෙනත් ක්‍රමයක් හරි තියෙන්න ඕනෙ ඒ අයට. දැන් උපාධිය කියන්නෙ උසස්පෙල වගේ සුදුසුකමක් වෙලා නිසා. ඔය විශ්ව විද්‍යාල වලින් දොස්තර වරු විතරක් නෙවේනෙ එන්නෙ. මෙම දොස්තර ගැන විතරක් කථාකලේ ඒ අය වැඩිපුර කෑගහන නිසා.ඒ වගේම තමා වැඩිපුර දොස්තරල ආවට අවුලක් නෑ. දක්ෂ අය වෙනත් රටවලට යයි. නැතිනම් සැපයුමට ගානට දොස්තරල ආවහම තරගයකුත් නෑ. හරියට ඒකාධිකාරය වගේ. විඩිපුර ඉද්දි හොද අය ගාවට යයි. අනිත් අය හැලෙයි. හරියට දේශීය දේවල වලට ඉඩ දෙනව කියල නරක හැම එකම තියන්. ගුණාත්මක භාවයෙන් වැඩි ඒව නවත්වන එක යුක්ති සහගත නෑනෙ.
උදාහරණයක් විදිහට උසස්පෙල A3 නොගන්න ඕනෙතරම් අය ඉන්නව ඒ ඒ ක්ෂේත්‍රයන්ට A3 අරන් යන අයට වඩා දක්ෂ. සමහරුන්ට අනෙක් රටවලට ගිහින් ඉගන ගන්නව. ඒ සමහර අය එකක් තරගයට ඉන්නෙ දියුනු රටවල රටේ පලනෙනිය.. දෙනෙනිය වගේ අය.
ඒ අය රජයේ විශ්වවිද්‍යාල බලන් හිටියනම් ඒ තැන අද නෑ නේද?
අනික දැනට පිලිගන්න දෙයක් තමා උසස්පෙලත් ඉස්සර හොද මිමික් උනාට දැන් තියන ක්‍රමවේද, විශයන් එකක් ඒක හොද මිමික් නෙවේ. ළමයි හැමෝම එක රැල්ලෙ ඇදන් ගිහින් පිරිසක් විශ්ව විද්‍යාල වලට අරන් අනික් අය අත අරිනව. ඒ අයට කරගන්න දෙයක් නෑ. මේ අත ඇරෙන අය උසස් අධ්‍යාපනයට සුදුසු නැති අය කියලද කියන්නෙ
[Reply]