මොබිටෙල් මේ දවස්වල එන්න එන්නම අල වෙ‍වී තිබ්බ නිසා වෙන්න ඕනෙ ඒ අය ඒ අයගෙ පද්ධතිය අප්ග්‍රේඩ් කරල. මීට දින දෙක තුනකට කලින් තමා මේක කරල තියෙන්නෙ. ඒත් මම ඉන්න හරියටනම් එච්චරම හොදක් පේන්න නෑ. කීප සැරයක් මොබිටෙල් එකෙන් කථාකරල දැන් යාවත්කාලීන කලා, හරිද අහනව. ඒත් මමට වෙනසක් නෑ. රෑට නිතරම විසන්ධි වෙනව. දැන් මොබිටෙල් වැඩි භාවිතයන් නැති නිසා අවුලක් නෑ. හැබැයි තව මාස දෙකක් ඇතුලත තව යාවත්කාලීන කිරීමක් එනවලු. එතකොටවත් හරි‍ගියොත් ගොඩ

දැන් බොහෝ දෙනෙක් කථාවෙන එකක් තමා උපහාර හා බ්ලාස්ටර් පැකේජ නවත්වන එක ගැන. මේ ගැන මොබිටෙල් ආයතනයනම් නිල වශයෙන් ප්‍රකාශ කරල. මේ 14 වෙනිදායින් පසුව නැවත අලුත් උපහාර හෝ අක්‍රිය වෙච්ච උපහාර ලබානෙගත හැකි බව. සමහර විට උපහාර විසන්ධි ‍වුන අය නැවත ලබාගනී කියල මේහෙම කලාද දන්නෙ නෑ. හැබැයි ඩයලොග් එකෙන්නම් සද්දයක් නෑ තාම.

ඒත් මේ එක දිගට දුරකථන ගාස්තු අඩුකිරීම නිමා බොහෝ ආයතන වල අර්බුද තියනව කියල TRC එක ඒකට පියවර ගන්න යනවලු. ආයතන කඩාවැටීම නවත්වන්න. ඒ වගේම ස්ථාවර දුරකථන ගාස්තු සංශෝධනයකුත් ලගදිම එයි වගේ. නිල ‍නොව ආරන්චියක් යනව, හැම ඇමතුමෙන්ම රු 2/- ගානෙ ආරම්භක ගාස්තුවක් ගන්න යන කථාවක්. ඒත් ඒ ගැනනම් දන්නෙ නෑ

මම හිතන්වෙ TRC එක මේ තරගය අඩු කරන්න වගේ යන්නෙ. ඒකෙන් පාඩුවනම් ඔය තරගය නිසා ලාබ ලබන පාරිභෝගිකයන්ට. ඒත් අනවහ්‍යය තරගයක් නිසා ආයතන කඩාවැටීමන් උනත් පාඩු අපිට. රේස් එකෙන් එක්කෙනෙක් අයින් උනොත් උනුසුම අඩුවෙනව. TRC එක මේ තරගය අඩුකරන්න හදනව වගේම මේ සේවා වල ගුණාත්මක භාවය මනින්නත් යම් පියවරක් ගත්තොත් හොදයි වගේ. අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල මේ හැම එකේම. සමහර ජාල හැම වෙලේම කාර්ය බහුලයි, සමහර ඒවගෙ නිතර නිතර බිදවැටීම්, සම්බන්ධ වෙන්න බෑ, අන්තර්ජාලය ‍‍හොදටම ස්ලෝ. මේ අය කියන්නෙ 3.6, 7.2 කියල, ඒත් ඒ වේගය තියා ඒකෙන් බාගයක්වත් එන්නෙ නෑ. මොබිටෙල් මේදවස් වල යක්කු ගස් නගින වෙලාවට නම් 1.8 mbps විතර එනව. ඒත් අපිත් රෑ නිදිමරන්න ඕනෙ. නැතිනම් මේ අයට දෙන්න පුලුවන් අවම අගය ගැන ප්‍රචාරය ගෙනියන්න ඕනෙ.

කුරුණෑගලත් සමහරු ඉන්නව 14.4mbps ඩොන්ගල් හොයන් එන අය. තව සමහරු 3.6 ඒව එපා, 7.2 ඩොන්ගල් එකක් දෙන්න. මොබිටෙල් එකේ 7.2 දෙනව, දැන් ඒ අය 28.8 ත් දෙන්න යන්නෙ කියනව. ප්‍රචාරය නියමට ගෙනියව. ඒත් ගුණාත්මක භාවය ගන්න දෙයක් නෑ.

Update

බ්ලාස්ටර් එකත් නවත්වනව 14න් පස්සෙ. ඉන්පසු අලුත් පැකේජ එයි. ඒත් මොබිටෙල් නොමිලේ කථාකාලයක් දෙන අනෙක් පැකේජ නවත්වන්නෙවත් නෑ වගේ

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl