Cplus සගරාව සඳහා සැකසු ලිපියක්
මේදවස්වල කාළගුණය ටිකක් අමුතු නිසා අකුණු ඇතිවීම් බහුලව සෑම ප්‍රදේශයකම පාහේ දක්නට ලැබෙනව. විදුලි උපකරණ විනාශ වීම් වලට අමතරව මිනිසුන්ටත් විවිධ අනතුරු මෙම අකුණු නිසා ඇතිවෙනව.
මුලින්ම බලමු මොකක්දමේ අකුණ කියන්නෙ කියල. අකුණු ඇතිවෙන්නෙ බොහෝ වෙලාවට වර්ෂාවත් සමගයි. මෙසේ අකුණු වැසි කාලවලට බහුල වීමට ප්‍රධානම හේතුව වන්නේ වැසි වලාකුලු. සාමාන්‍යය වලාකුලු මෙන්ම වැසි වලාකුලුත් ආරෝපණය වීමක් සිදුවෙනව. වලාකුලු වල ඇතිවල ආරෝපණ නිතරම උත්සහ කරන්නේ එම ආරෝපණ නිදහස් කර උදාසීන වීමටයි. ඒ සඳහා ඇති හොඳම ක්‍රමය පෘතිවිය හා භූගත කිරීමයි. නමුත් වැහි වලාකුලේ විශේෂත්වය එම වලාකුලු අනෙක්වට වඩා බරින් වැඩි නිසා පොලවට ආසන්නයේ ගමන් කිරීමයි. එවිට අනෙක් වලාකුලු වලට වඩා වැහි වලාකුලු මගින් වැහි දිනයන්ට අකුණු බහුල වෙනව. මෙම වලාකුලු වල ඇතිවන ආරෝපණ නිතරම නිදහස් කිරීමට උත්සහ කරන නිසා ඒව නිතරම සොයමින් ඉන්නෙ පෘතිවියට ලගම මාර්ගයකි. ඒ අනුව තමා උස් ස්ථාන වලට අකුණු බහුලව වැදීමේ අවධානම වැඩි. උස් ස්ථානයක් නොවුනත් යම් තැනි තලාවක අප හිටගෙන සිටියහොත් එම ස්ථානය අනුව තැනිතලාවට වඩා අප උස් නිසා අප හරහා අකුනේ ඇති ආරෝපණ ධාරාව භූගත වීමට උත්සහ කරනව. එම ආරෝපණ ප්‍රමාණය ඉතා වීශාල නිසාත්, අප මෙන්ම වාතය හරහා ගමන් කිරීමේදී ඇති භාධකය නිසා ඇතිවන තාපය හේතුවෙන් අපගේ සිරුර අක්‍රිය වෙන අතර සිරුරේ ජයලද වාශ්පවීමකට ලක්වෙනව.
මෙසේ අකුණු ගැසීමේදී එම අකුණ අපට නොවැදුනත් ඒ අවට අප සිටියහොත් එම නිසා අපටද යම් යම් අනතුරු සිදුවිය හැකි. බහුලව අසා ඇති අකුණක් ගැසුවහොත් හරක් මැරෙන බව. ඇත්තෙන්ම හරක්ට අකුනෙන් ඇති බලපෑමත් අපට ඇති බලපෑමමත් ලොකු වෙනසක් නෑ. නමුත් හරකාගේ සිරුරේ ස්වභාවය අනුවයි එම බලපෑම තීරණය වන්නෙ.
උදාහරණයක් වශයෙන් හරකෙක් සිටන ප්‍රදේශයේ ගසකට අකුණක් ගැසුවහොත් එම ගස හරහා එකවරම විශාල වෝල්ටීය ගමන් කරන නිසා ගස ඉතා ඉහල විභවයක් ලෙස ක්‍රියාකරයි. එසේම අවට ඇති වස්තූන්ගේ වෝල්ටීයතාවයක් නැති නිසා ඒව හා ගස අතර විශාල විභව අන්තර වෙනසක් ඇතිවෙනව. වස්තුව හා ගස අතර දුර ඒකක 10 ක් යැයි සිතුවහොත් එම සෑම ඒකකයකම අකුනේ විභව අන්තරය මෙන් 10න් පංගවක විභව අන්තර වෙනසක් ඇතිවේ. හරකුන්ගේ කකුල් අතර සැලකිය යුතු දරක් පවතින නිසා (රෑපය අනුවනම් ඒකක් 3ක්) එම දුර අතරෙත් විභව අන්තර වෙනසක් ඇතිවෙනව. එම නිසා එක් කකුලකින් අනෙක් කකුලට ඇග හරහා විශාල විදුලි ධාරාවක් ගමන්කිරීමෙන් හරකුන් මියයනවව. මෙම සිද්ධියම මිනිසුන්ටද විය හැකි. අකුණු ගසන අවස්ථාවේ අප ඒ අවට සිටියහොත් අපටද අකුණු සැර අවදානමක් ඇත. අප එලිමහනක සිටින්නේනම් හැකි සෑම විටම උසින් අඩුම ස්ථානයට දිවයායුතු අතර වැඩි ආරක්ෂාවයි සිතමින් විශාල ගස් යටට යාම අවධානම වැඩිකරගැනීමකි. සාමාන්‍යය ආකාරයෙන් සිටිමේදී අපගේ කකුල් දෙක අතරද යම් පරතරයක් ඇති නිසා අසලකට අකුණක් ගැසුවහොත් අගේ කකුල් දෙක අතරද විභව අන්තර වෙනසක් ඇතිවී ශරීරය හරහා ධාරවක් ගමන් කරයි. නමුත් කකුල්දෙක ලංව තබාගැනීමෙන් මෙහි බලපෑම අවමකරගත හැකිය. නැතිනම් වකුටු වී නිදාගත යුතුය.
ඒ ආකාරයෙක් අප ආරක්ෂා උවත් සාමාන්‍යයෙන් අධීක අකුණු ගසන දිනයන්ට බොහෝ නිවෙස්වල අවට අකුණු ගැසීමකින් තොරව උපකරණ වලටද හානි පමුණුවයි. මෙයට හේතුව අපගේ විදුලි සැපයුම් පද්ධිතියයි. සාමාන්‍යයෙන් අප රටේ විදුලිය කණූ මගින් සපයන බැවින් මෙම විදුලි රුහැන් වලට අකුණු ආරක්ෂණ යොදා තිබුණත් මෙම තත්වය ඇතිවේ. එය සිදුවන්නේ මෙම විදුලිරුහැන් විශාල සංවෘත්ත පද්ධතියක් වීම නිසාය. එනම් සෑම තැනකම විදුලි කම්බි තිබේ. යම් ප්‍රදේශයකට අකුණක් ගැසුවහොත් ඒ නිසා ඇතිවන අධික චුම්භක ක්ෂේත්‍රය නිසා ටර්බයිනයක මෙන් මෙම් රුහැන් තුල අධිධාරා ඇතිවේ. මෙම ධාරා නිසා නිවෙස්වල විදුලි උපකරණ වලට හානි පැමිනේ. අප ප්‍රධාන ස්විචය වසා තැබුවත් සමහර අවස්ථාවල උපකරණ දැවී යන අවස්ථා ඇත. එනම් එසේ ඇතිවන විශාල ධාරා අපගේ ස්විචයක් හරහා ගමන් කිරීමේදි එම ස්විචය වසා තැබුවත් එය එම විදුලි ධාරාවට සාපේක්ෂව බාධාවක් නොවීමයි. හරියට ඉහල ආකාසයේ සිට අකුණක් භූගත වන්නේ අධික විදුලි ධාරාව නිසාය. මෙම විදුලිය එතරම් විශාල නොවුවත් ස්විචයන් තුලත් එම තත්වයම ඇතිවේ. මේ නිසා අකුණු ගසන අවස්ථාවන් වල විදුලි උපකරණ පේණු වලින් ගලවා තැබීම වැදගත්. නමුත් අවශ්‍යය තාවය අනුව අකුණු ගසන අවස්ථාවල ලැප්ටොප් පරිගණකයක් වැනි ප්‍රධාන විදුලියෙන් ක්‍රියා නොකරන ඒ හා සම්බන්ධ නොවන උපකරණ භාවිතය සාමාන්‍යය පරිගණක භාවිතයට වඩා ආරක්ෂාකාරීය. Ups වැනි උපකරණයකින් සැටලයිට් වැනි රෑපවාහිනි බැලීම, විදුලි බුබුලු දැල්වීම සාමාන්‍යය ක්‍රමයට වඩා බොහෝ සෙයින් ආරක්ෂා සහිතය. (ප්‍රධාන විදුලි සැපයුමෙන් විසන්දි කර)
එසේම අප බොහෝ අවස්ථාවන්ගේදී අන්තර්ජාලය භාවිතා කරනවානම් රුහැන් අන්තර්ජාල සම්බන්ධතාවලට වඩා රුහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවයක් පරිගණකයේ ආරක්ෂාවට හේතුවකි. විදුලි සැපයුම හැරුණු විට අකුණු සැර නිසා හානි පැමිනෙන ප්‍රධානම සාධකය දුරකථන රුහැනයි. අප රුහැන් අන්තර්ජාල සම්බන්ධතාවයක් භාවිතා කරනවානම් WiFi වැනි තාක්ෂණයක් භාවිතාකිරීමෙන් පරිගණකය ආරක්ෂාකරගත හැකිය.එහිදී අකුනු සැරක් ඇතිඋවහොත් විනාශ වන්නේ රවුටරයයි. නමුත් සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිතව තිබුණත් අභ්‍යන්තර මොඩමයක් මගින් අන්තර්ජාලය හා සම්බනධවන පරිගණකයකට දුරකථන වයරය හා සම්බන්ධව තිබුනහොත් එම පරිගණකයේ මව්පුවරුව පවා විනාෂ විය හැකිය.
එසේම අකුණු ගසක අවස්ථාවන් වලදී ඇතිවන හදිසි අවශ්‍යයතාවයන්ට ඇමතුම් ගනීමට අවශ්‍යය උවහොත් රුහැන් සම්බන්ධ දුරකථන නොමැතිව ජංගම හෝ CDMA දුරකථන භාවිතය අවධානම අඩුකරගැනීමකි.
අප නිවෙස් වල ඇන්ටනා සවිකිරීමේදීත් සැලකිලිමත් විය යුතුය. සැටලයිට් සම්බන්ධතාවල මෙම ගැටලුව නොමැති උවත් අනෙක් බොහෝ සාමාන්‍යය ඇන්ටනා වල මෙම ගැටලුව ඇත. සමහරුන් ඇන්ටනාව අකුණු සන්නායකයක් සේ සිතා සවිකලත් එය ඉතා භයානක ක්‍රියාවකි. අකුණු සන්නායකයකින් අහසේ ආරෝපන උදාසීන කරන අතර එවැනි විශාල ආරෝපණ ප්‍රමාණයක් එකවර ගමන්කල හැකිසේ එම සන්නායක සාදා ඇත. නමුත් එම සන්නායට දරාගත නොහැකි ආරෝපණ ප්‍රමාණයක් වලාකුලේ තිබුණහොත් අනෙක් ස්ථානයන්ට වඩා පහසුවෙන් එම අකුණු සන්නායකයට අකුණු සැර වදී. එම තත්වයම ඇන්ටනා බටයටත් ඇතිවේ. එයට අකුණු සන්නායකටය තරම්වත් ආරෝපණ ප්‍රමාණයක් හැසිරිවිය නොහැකි නිසා අන් ස්ථානයන්ට වඩා පහසුවෙන් ඇන්ටනාවට අකුණු සැර වදී. නමුත් අප ඇන්ටනාව පොලවට වඩා අඩි කීපයක් උසින් සවිකලහොත් එනම් පොලව හා සම්බන්ධ නොවන සේ සවිකලහොත් මෙම අවධානම අඩු වේ. නැතිනම් ඇන්ටනාවද පොලව සේ ක්‍රියාකර අකුණ එය වෙත අද්දවාගනී.













මාලින්ද ප්‍රසාද් Reply:
October 5th, 2010 at 12:35 am
Surge Protector තියනව. ඒත් එච්චරම සාර්ථක නෑ. මේව සමහර UPS වල තියනව
[Reply]