Cplus සගරාව සඳහා සැකසු ලිපියක්
අපි සාමාන්‍යයෙන් අපගේ රේඩියෝවෙන් කරන්නෙ සින්දු අහන එක. එනම් චැනලයකට සවන්දෙන එකයි. මෙසේ රේඩියෝවේ චැනල මාරුකිරීමක සිදුකරන්නේ අපගේ මතකයෙන්, නැතිනම් ස්කෑන් කිරීමක් මගින් තෝරාගත් සංඛ්‍යාතයන් වලටයි.
අලුතින් එන රේඩියෝ, දුරකථන හා සංගීත උපංග වල මෙම චැනල සේව් කර තබාගැනීමේ හැකියාවක් තියනව. අපට එම ලැයිස්තුවෙන් එම චැනල තෝරාගැනීමේ හැකියාව තිබෙනව.
එමෙන්ම Nokia දුරකථන සමඟ එන Visual Radio මගින් අප ප්‍රදේශයේ රේඩියෝ චැනලයන් ලැයිස්තුවත් ඒවාගේ සංඛ්‍යාතත් අන්තර්ජාලය හරහා සොයාගත හැකි.
එහෙත් මේ සියලලටම වඩා වෙනස් ක්‍රමයක් අපගේ රටෙත් දැනටත් භාවිතා වෙනව. එමගින් අප තෝරාගත් චැනයේ නම හා දැනට ධාවනය වන වැඩසටහන හෝ සිංදුව ගැන තම තිරයේ බලාගැනීමේ පහසුව ඇත. ඒ තාක්ෂණයට කියන්නෙ RDS (Radio Data System). යුරෝපයේ මුලින්ම භාවිතා කල මෙම තාක්ෂණය පසුව අන්තර්ජාතික පිලිගත් සම්මතයක් වූ අතර දැනට ලංකාවේත් සීමිත නාලිකා කීපයක් මෙම තාක්ෂණය භාවිතා කරනව. බොහෝ දෙනා ජංගම දුරකථනයක් ගන්න කලින් එම දුරකථනයේ විවිධ පහසුකම් ගැන සොයා බලනව. එවිට බොහෝ දුරකථන සමග ඇති RDS කියන පහසුකම ගැන නිකමට සොයාබැලුවාද. මෙය බොහෝ දුරට ඇත්තේ පිලිගත් ප්‍රමිතියක් යටතේ ඇති ජංගම දුරකථන සමගය. ඊට අමතරව සමහර iPod මාදිලි වලත් සිංදු අසන්න යොදාගන්නා අතේගෙනයාහැකි උපකරණ වලත් බහුලව ඇති අතර කළාතුරකින් නිවාස වල ඇති ශබ්ධ පද්ධති හා වාහන වලත් මෙම තාක්ෂණය දක්නට ලැබෙනව.
මෙම තාක්ෂණය හරහා FM ශබ්ධ තරංග වලට අමතරව කුඩා දත්ත ප්‍රමාණයක් විකාශණය කරනු ලබනව. මෙම දත්ත වල රේඩියෝ චැනලයේ නම, දැනට විකාශය වන සිංදුව ආදී විවිධ තොරතුරු ඇතුලත් විය හැකි. සමහර රටවල මේ හරහා මාර්ග තදබදය ගැන තොරතුරු විකාශය කිරීමටත් යොදාගන්නව. නමුතු අපගේ රටේ එවන් සේවාවක් නැතිමුත් මෙම සේවාව මගින් රේඩියෝ චැනලයේ නම පමණක් විකාශය කරන අතර එයද සමහර චැනල වල පමණත් සිදුවේ. ඒ සදහා චැනලයේ ඇති විකාශණ යන්ත්‍ර වල සහය දැක්වීමකුත් අවශ්‍යය වන හෙයින් අලුතින් ඇරබූ නෙත් එෆ්එම් වැනි චැනලයන් සසුර කිරීමෙන් මෙය බලාගත හැකිය. මෙම දත්තයන් නිවැරදිව ග්‍රහණය වීමටනම් එම චැනලයේ RDS සක්‍රිය බව අපගේ රේඩියෝවෙන් ග්‍රහණය කරගත යුතුයි. මෙය ප්‍රදේශය හා සංඥාවල ප්‍රබල තාවය මත වෙනස් විය හැකිය














මාලින්ද ප්‍රසාද් Reply:
October 5th, 2010 at 12:36 am
PTT කියන්නෙ ජාලය මගින් දෙන සේවාවක්
[Reply]