අලුත් පැකේජ හදුන්වාදීමත් එකක් ටෙලිකොම් සමිග බොහෝ දෙනාගෙ අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවය ඉහල ගියා. සම්බන්ධතා වල වේගයටත් වඩා හොද වේගයක් එනව. මෙච්චර කල් සම්බන්ධතාවේගයම බොහෝ දෙනාට (මම දන්න එක්කෙනෙක්ටවත්) ලැබුනෙ නෑ. ඒ හේතුව නිසා වෙන්න ඕනෙ මේ අය හැමෝගෙම වේගය සම්බන්ධතාවයෙ වේගයට වඩා සුලු ප්‍රමාණයකින් වැඩි කරල තියෙන්නෙ. ඒ වගේමයි IPTV ගත්ත බොහෝ අයට සාමාන්‍යය වේගයට වඩා හොද වේගයක් හමුබවෙනව. ලයින් එකත් හුගක් ස්තායි. IPTV කියන්නෙත් එකම වේගයෙන් එක දිගට Streaming කරන සම්බන්ධතාවයක්නෙ. Line එක Stable නැත්නම් අවුලනෙ

මේව මොනව උනත් මේ අය මාස කීපයකට කලින් 4Mbps සම්බන්ධතා කීපයකට දැනෙන විදිහට 1:20 Ratio එක Apply කලා (http://blog.malindaprasad.com/2010/09/05/slt-adsl-fup-block-hevy-downloading-connection/) . ඒ කිසිම දැනුම් දීමකින් තොරවයි. ඒක නිසා ඒ 110 කට ආසන්න පාරිභෝගිකයන්ට බොහෝ අවස්ථාවන් වල අන්තර්ජාලයට පිවිසිය නොහැකි තරමට අන්තර්ජාලය ස්ලෝ උනා. කීප වාරක් සීමා ලිහිල් කලා කීවත් වෙනසක් දැක්කෙ නෑ. එහෙම කලේ ඒ අය මාසික භාවිතය වැඩි අයට. ඒ අය එකතු කරල වෙනමම කණ්ඩායමකට දාල ratio එක Apply කලා කියලයි කියන්නෙ. කණ්ඩායමේ ඉන්න ගාන පොඩ්ඩක් නිසාද මන්ද ඒ අයගෙ අන්තර්ජාල වේගය Home සම්බන්ධතාවයකට වඩා පහතට වැටුන. එහෙම උනා කියල මාසික ගාස්තු වලින් එහෙම කිසිම සහනයක් දුන්නෙ නෑ

නමුත් මේ ගැන පැමිණිලි කල හැම පාරම මේ අය කිසිම දෙයක් කීවෙ නෑ. ඇවිත් දවසම දගලනව. යනව (ඇත්තටම පාරිභෝගික නිළධාරීන්වත්, එන අයවත් ඒ ගැන දන්නෙ නෑ). එහෙම දැනුම් දීමක් නොකර මේ අය මාස 3-4ක් බලන් ඉදල ඉහලින් ඇහුවහමයි සීන් එක කීවෙ.

දැන් ඒ වැඩේ මේ අය අනිත් පාරිභෝගිකයන් තෝරාගත් පිරිසකටත් කරල. ඒ කියන්නෙ Home සම්බන්ධතා තියන අයටත්. මගේ යාලුවෙක් දැන් මාස කීපයක ඉදන් අන්තර්ජාලය මාර ස්ලෝ කියනව. සමහර සයිට් ලෝඩ් වෙන්නෙ නෑ. ඩවුන්ලෝඩ් හෙන ස්ලෝ. ඒත් ඒ ලින්ක් එකම වෙන home සම්බන්ධතාවයකින් බාගත කලෝත් හොදට බෑවෙනව. හැබැයි අවුල හැම සර්වරයකට නෑ. සමහර සර්වර් ස්පීඩ්.ඒවත්  එකම වේගය එක දිගට තියෙන්නෙ නෑ 60KBps 20KBps අතර වේගය වෙනස් වෙනව.  හෙනට වෙනස් වෙනව. සම්බන්දතාවය ස්තායි නෑ. මෑන් පැම්ණිල කලාම ටෙලිකොම් එකෙන් ඇවිත් වයර් මාරු කරල ගිහින්.  ඒත් හරි නැති නිසා  ආයෙ කියල.

ඒ පාර ටෙලිකොම් එකෙන් ආව පාර මෑන් කිලය මගෙත් blacklist කරලද දන්නෙ නෑ කියල. එතකොට තමා මේ ආව අය ඇමතුමක් අරන් පරික්ෂාකරල කියල තියෙන්නෙ එම සම්බන්ධතාවයත් Blacklist කියල.

මේ අය දැනගන්න ලැබුණ විදිහට 10GB ට වඩා මාසික භාවිතයක් (එක දිගට මාස තුනක්) තියන Home සම්බන්ධතා වලට මේ වැඩේ කරල. ඒත් මේ අවුල නිසා ලගදි මෑන් ඩවුන්ලෝඩ් කරල නෑ. ඒත් ස්ලෝ. ඒකෙන් අපිට Ping කරල බැලුවත් එක දිගට Timeout එනව. හැබැයි Torrent බෑවෙනව. ඒක නිසා මෑන් දැන් එක දිගට Torrent download කරනව. නෙට් යන්න බෑ ස්ලෝ. ඩවුන්ලෝඩ් බෑ ස්ලෝනම් torrent ඇරෙන්න වෙන මොනවද?

මේ අවුල ගැන මේ අය ඒ ඒ පාරිභෝගිකයන්ට පුද්ගලිකව හරි කියල කරන්න තිබ්බ. නැතිනම් සම්බන්ධතා ගද්දි හරි කියන්න ඕනෙ. නමුත් කිසිම දැනුම් දීමකින් තොරව මේහෙම කරන එක කොච්චර අසාධානරද. අනික මේ සම්බන්ධව කලින් දැනුම් දුනනනම් මේ අයගෙන් කීදෙනෙක් මේ අවුල එන්නෙ නැතිව තමන්ගෙ සීමාවෙ ඉදල කටයුතු කරයිද? දෙන්න පුලුවන් සීමාවන් ඉක්මවල දීල මේ අයව වෙනමම කණ්ඩායමකට දාල තලා පෙලනව. එක්කො දීගන්න බැයිනම් කියල දෙන්න ඕනෙ. දැන් ඩයලොග්, එයාටෙල් කියන්නෙ යම් භාවිතයකින් පස්සෙ වේගය මේ මේ විදිහට අඩු වෙනව කියල. නමුත් මේ අය ඒ කිසි දෙයක් කියන්නෙ නෑ.

ඒ කිසිම දෙයක් නැතැව හිතුව ගමන් මේ විදිහට තෝරාගත් අයට විතරක් කිසිම දැනුම්දීමකින් තොරව සීමා කරල (අසීමිතයි කියල සම්බන්ධතා දීල) අනියත් අයට හොද වේගයක් දෙනව කියල ප්‍රචාරය කරනව. ඇත්තටම අනිත් බොහෝ අයට හොද වේගයක් එනව. නමුත් මේ සම්බන්ධතාත් ඉස්සර කිසිම අවුලක් තිබ්බ ඒව නෙවේ. එහෙම තියනව කියල ඒ අය දුන්න ඒවත් නෙවේ. දැන් ඔය සීමා දැම්මට. එහෙම එකේ අනිත්වට ඉස්සරහට මොනව කරයිද දන්නෙ නෑ.

දැන් ඩවුන්ලෝඩ් කරනකොට පොඩ්ඩක් පරිස්මින් කරන්න වෙනව. තමන්ගෙ සීමාවෙ ඉදල. නැතිනම් Blacklist උනා කියල Full Happy එකේ Torrent Download කරන්න තමා වෙන්නෙ

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl