Reliance (http://www.rcom.co.in) ඉන්දියා සමාගම ඩයලොග් වගේ ජංගම දුරකථන, රෑපවාහිනී, ස්තාවර දුරකතන මෙන්ම අන්තර්ජාල සේවා ලබාදෙන ආයතනයක්. ඒ වගේම මේ අය අධිවේගී අන්තර්ජාල සේවා වගේම HD රෑපවාහිනී සේවාත් ලබාදෙනව.
ඒවගේම Lankabell සමාගමේ අන්තර්ජාල සේවාව හොදයි කියල බොහෝ දෙනා කියන්න හේතුවත් ඒ අය Flag සබ්මැරීන් කේබලය හා සම්බන්ධ වෙන්මෙ මේ reliance India ආයතනය හරහායි. ඒකයි ඒ අය ඔය තරම් කියන්නෙ කෙලින්ම US, UK වලට Connectivity තියනව කියල. එහෙම එකේ මේ අය ලංකාව ආවොත් හොද තරගයක් දෙයි. දැනගන්න හම්බඋන විදිහට මේ අය 2008 සිට ලංකාවට එන්න උත්සහ කරල තියනව. ඒත් ලංකාවෙ Universal Lisenen කියන පහසුම නැති එකත් මේ අයට ගැටලුවක්. එතකොට එකෙන් එකට මේ අයට ලයිසන් ගන්න එපැයි. එහෙමවත් ගන්න බැරිවෙලා.
මොනව උනත් තාමනම් මේ අයට ලයිසන් එක සේවාවකටවත් හම්බවෙලා නෑ. දැන් Etisalat අයත් අප්‍රේල් වල 3g දෙන්න පටන්ගන්න නිසා මේ අයත් ආවොත් හොද තරගයක් තියෙයි. මොකද එටිසලාට් අය interconnectivity වලට භාවිතා කරන්නෙ වෙනමම තාක්ෂණයක් කියලයි ආරන්චිය. අනිත් ඩයලොග්, මොබිටෙල්, එයාටෙල් වගේ නැතිව ඊට පොඩ්ඩක් වේගවත් තාක්ෂණයක්ලු. මොනව උනත් ඒත් එකක්මට මේ reliance ආවොත් අපිට හොද අන්තර්ජාල සේවාවක් වගේම HD රෑපවාහිනී නැරබීමේ අවස්ථාව හිමිවෙනව. දැන් ලංකාවෙ චැනල් බලන්න එක STB එකකුත් HD බලන්න තව එකකුත් භාවිතා කරන්න වෙනවනෙ. මොකද ඉන්දියාවෙ HD තිබ්බට ලංකාවෙ චැනල් නෑනෙ. ඒත් මේ අය ආවොත් ලංකාවෙ චැනලුත් දෙයි. ඒ වගේම ඩයලොග් වලට වඩා අඩු මාසික ගාස්තුවකට ලබාදීමේ හැකියාව මේ අයට තියනව. ඉන්දියාවෙ හා ලංකාවෙ ගත්තහම පාරිභොගිකයින් වැඩි නිසා සැටලයිට් සදහා යන වියදම් බෙදීයනව.
තාම නිල වශයෙන් ප්‍රකාශ කරල නැති නිසා හරියට කියන්න අමාරුයි. මොනව උනත් ලංකාවට ආවොත් අපේ ලක් එක තමා











මාලින්ද ප්‍රසාද් Reply:
March 31st, 2011 at 11:42 am
HD කියන්නෙ සාමාන්‍යෙයන් 720p හෝ FullHD නම් 1080p කියන Resolutaion තියෙන්නෙ
සාමාන්‍යෙයන් රෑපවාහිනී උපරිම 640×480 වැනි Resolution එකක් තමා සහය දක්වන්නෙ. ඩයාලොග් එහෙම දෙන්නෙ ඔය හරි ඔයිට වඩා අඩු Quality එකකින්
ඒත් HD කියන්නෙ 1280×720 කියන Resolution එක
දැන් එකම පින්තූරයෙ 640*480 පික්සල් වලට වඩා 1280*720 පික්සල් ගානක් තියෙද්දි රෑපය Sharp වෙනවනෙ. ඒකයි මේ දෙකේ වෙනස.
[Reply]