දැන් හැමෝම Facebook එකේ ඉන්නව. භාවිතා කරනව. ඒත් බොහෝදෙනා ඡායාරෑපයක් Upload කලාම ඒකෙ අනිත් අය නැතත්, ඒ අයගෙ අවධානය ගන්න මිතුරන් ටැග් කරනව. විහිලු වලදි, නිකමට වගේමත්, සුභපැතුම් වලදිත් මේ විදිහට ටැග් කරනව. ඒත් ඒ කිසිම එකක ඒ මිතුන්ගේ ජීවමාන රෑපයක් තියා නමක්වත් නෑ
මෙහෙමකරන එකෙන් තමනුත් තමන්ගෙ මිතුරනුත් අමාරුවෙ වැටෙනව කියල මොහොතකට හරි හිතුවද?
බලන්න මේ ඡායාරෑපය. මේක මගෙ මිතුරෙක් වන උෂාන් ඇදපු එකක් (එයගෙ වරදක් පෙන්වන්න දානව නෙවේ, සටහනට අවශ්‍යය නිසා ඔහුගේ අවසරය ඇතිවයි ගත්තෙ). ඒකෙ කීදෙනෙක් ටැග් කරල ඉන්නවද? ඒත් ඒකෙ ඒ එක්කෙනෙක්වත් ජීවමානව ඉන්වද? නෑ. මේකෙ බොහෝදෙනෙක් කරන දෙයක්. ඒක නිසා අනිත් අයත් කරනව. උපන්දියට, අවුරුද්දට, වෙසක් එකට හිතල බලන්න කොච්චර එහෙම ඒව එනවද කියල. (ගිය වසරට වඩා මේ පාර අඩුයි හැබැයි)
මීට මාස කීපයකට කලින් මගෙ මිතුරක්ගෙ පාස්වර්ඩ් එක නැතිව වෙලා හරි කවුරු හරි වෙනස් කරල හරි. මිනිහට Fecebook එකට ලොග්වෙන්න බෑ. හදාගන්න දන්නෙ නෑ කියල මිනිහත් එක්ක උත්සහයක් දුන්න. ඒ වෙලේ Facebook එකෙන් මේ පාස්වර්ඩ් එක රිකවර් කරන්නෙ ගිනුමේ හිමිකරුමයි කියල තහවුරු කරගන්න එයාගෙ ඉන්න මිතුරන් හා එයා ටැග් වෙච්ච Photo කීපයක් දීල ඒව හදුනගන්න කීයනව. ඒත් දුක කියන්නෙ ඒවගෙන් එකකවත් තෝරගන්න තියන ලිස්ට් එකේ ඉන්න යාලුවො නැති එකයි. ඒව එක එක පින්තූර. මල්, ගස්, විහිලු, සිංදු, සුභපැතුම්. මේවගෙ කොහොමද මිනිස්සු හොයන්නෙ. කීප වරක් උත්සහ කිරීමේදී මිනිස් රෑප තියන ඒව ආව. ඒවගෙන් එක්කෙනෙක්වත් මෙයා අදුනන්නෙ නෑ
මොනව කාරන්නද. වැඩේ අල්ල දැම්ම. මොකද මෙයා Facebook එකට දුන්න ඊමේල් එකටත් ලොග්වෙන්න බෑ
මේ වගේ වැඩ වෙන තව කීදෙනෙක් ඇත්ද. ඒ නොදැනුවත්කමට. හුගදෙනෙක් හැමෝම හදන නිසා Facebook එකේ ලියාපදිංචි වෙනව. මිතුරන් ඉන්න නිසා ලියාපදින්චි වෙනව. රැල්ලට ලියාපදිංචි වෙනව. ඒත් ඒකට හරියට වැඩකරන Email එකක් දෙන්නෙ නෑ. Facebook එකට Email Verify කරන්නෙ නැතිව ලොග් උන අයත් ඉන්නවනෙ. ඒ මදිවට යාලුවො ඊමේල් හදල ගිණුම හදල දුන්න අය ඊමේල් එකක් තියනවද දන්නෙත් නෑ. හුගක් දුරට Facebook වැඩ නැති ඊමේල් එකක් දාල තියනවනම් කියනව. ඒක හදාගන්න කියල. ඒත් අපේ අය ඒව අයින් කරල දානව. ඊමේල් එකක් හරියට නැතිනම් තමන්ගෙ ජංගමදුරකථනය හරියට Verify කරල හදාගන්න. හදිස්සි අවස්ථාවක් ඇතිඋනොත් මේ අය මේ දෙකෙන් එකකට තමා දන්වන්නෙ. භාවිතා කරන්නෙ.
උදාහරණයක් විදිහට අපේ ගිණූමට අලුත් පරිගණකයකින් ලොග්වෙන කොට මේ දෙකට කෙටිපණිවඩ හා ඊමේල් එවනව. ඒබව දන්වල. ඒක
Account Settings >Account Security වලින් මේ Notification හදාගන්න පුලුවන්. ඒ වගේම ලොග් උන අයත් මේකෙන් බලාගන්න් පුලුවන්. නොදන්න කෙනෙක් හරි නමකින් ලොග් වෙලානම් ඒක වහාම අයින් කරල දාන්න.
ඒක ආරක්ෂාවට කලාට මොකෝ ඒ අයට සැක හිතෙන වෙලාවට හා අපිට තහවුරුකරගන්න ඕනෙ වෙලාවට ඉස්සර හා තවමත් භාවිතා වෙන Captcha (http://en.wikipedia.org/wiki/CAPTCHA) කියන තාක්ෂණය වෙනුවට සමහර තැන් වල අර ඉහත කීවත් වගේ මිතුරන් හදුනාගෙන අනන්‍යයතාවය තහවුරු කරන Social Athentication තාක්ෂණය භාවිතා කරනව.
මේකෙන් වෙන්නෙ තමන්ගෙ ගිණුමේ ඉන්න මිතුරන් හා තමන් ටැග් වෙලා ඉන්න ඡායාරෑප පෙන්වල ඒවගෙ ඉන්න කෙනා හදුනාගන්න කියනව. උදාහරණයක් විදිහට මගේ පාස්වර්ඩ් එක හැකර් කෙනෙක් හරි, මෘදුකාංගයක් හරි ස්ක්‍රිප්ටයකින් හොයාගෙන ඒ අය ලොග් උනාට මේ ආරක්ෂක ක්‍රියාවලිය නිසා ඉදිරියට යන්න බෑ. අපේ මිතුරන් දන්නෙ අපි විතරක් නිසා. ඒක දියුනුකල ආරක්ෂක ක්‍රමයක් විදිහට තමයි මේ අය භාවිතා කරන්නෙ
ඒත් මේකෙ ගැටලුව තියෙන්නෙ මිනිස් රෑප නැතිව වැරදි ඒවට ටැග් කරන අයට හා තරගයට මිතුරන් හොයන අයට. නොදන්න අය තමන්ගෙ එකේ ඉන්නවනම් ඒ අය අදුනගන්න. එහෙම බැයිනම් අයින් කරල දාන්න. නොදන්න අය ඉන්න එක හා මේ විදිහට ටැග් කරල තියන එකෙන් යම් දිනක තමන්ම හරි තමන්ගේම මිතුරෙක් කරදරයක පත්වෙන්න පුලුවන්. ඒක මේ අවස්ථාවයි කියන්න බෑ. මේක අපි අමාරුවෙ දාන්න හදපු ක්‍රමයක් නොවුනත් අපේ අය භාවිතා කරන විදිහට අමාරුවෙයි වැටෙන්නෙ. ඒක තේරුම් අරන් හරියට භාවිතා කරනවනම් කිසි කරදයක් නෑ. මොකද මේක අපේ යහපතට හැදුව එකක්
ඒ වගේම තමා ඉහත රෑපයේ තියන Security Settings මගින් කෙටිපණීවිඩ සේවය සක්‍රිය කරගන්න. එමගින් වෙන අය ලොග්වෙන වෙලාවට තමන්ට බලාගන්න පුලුන්.
මේ මොනව කලත් අනිත් අයත් තමන්ව ටැග් කරන්න පුලුවන්. ඒ අයටත් ඒක කියන්න. ඒත් කරන්නම දෙයක් නැතිනම් එක්කො ඒ අයව අයින් කරල දාන්න වෙනව. නැතිනම් තමන් නැති හැම තැනම තමන්ව Untag කරගන්න.
මිතුරන්ව ටැග් කරන්න ඕනෙනම් Status එකේ ටැග් කරන්න පුලුවන්. ඒ @ සලකුණ ගහල මිතුරගෙ නමේ මුලඅකුරැටික ගහද්දි මිතුරන් පල්ලෙහාට දිගඇරෙනව. ඒ අතරින් තෝරන්න පුලුන්. එවිට ඒ අයට Notification එක යනව. පහල ඡායාරෑපයෙ කලා වගේ. ඒ එක්කම පින්තූරයත් Upload කලානම් හරි (පින්තූරයයි, Status එකයි එකට) . ඒ විදිහටම Comment වලත් tag කරන්න පුලුවන්. ඒකෙන් කාටත් කරදරයක් නෑ.
නැතිනම් වෙන්නෙ මේකෙන් තමන් මෙන්ම තමන් නිසා තමන්ගේ මිතුරනුත් කරදරයට පත්වෙන එක. සමහරවිට Facebook ගිණුම අහිමිවෙන තැනට කරදරය දිග්ගැස්සෙන්න පුලුවන්
පරිශීලනය - https://www.facebook.com/blog.php?post=486790652130
Update
How Protecting our Facebook and Enjoying It Without Trouble to Others or Yourself
Facebook / Gmail Security Settings & Use HTTPS for Secure, Safe and Speed Web Experience















facebook කියන්නෙ හරියට ගින්දර වගේ දෙයක්. නොදැනුවත්ව පාවිච්චි කලොත් පිච්චෙනව.හරියට දැනුවත්ව පාවිච්චි කලොත් හුඟක් ප්‍රයෝජන ගන්න පුළුවන්. හැමෝටම ඔය facebook එකේ ප්‍රශ්න එන්නෙ කිසිම දෙයක් හොයල බලන්නෙ නැතිව tag කිරිල්ලටයිල Application requests වලට yes දාන්න ගිහිල්ලයි තමා.නැතුව facebook එකේ ප්‍රශ්නයක් හින්ද නෙමෙයි.
ගින්දරට පිච්චුනාට ගින්දරට බැනල වැඩක් නෑනෙ.පුච්චගත්ත කෙනාගෙම තමා වැරැද්ද.
[Reply]
Dar[K] Reply:
May 5th, 2011 at 9:30 am
100% agree !
[Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
May 5th, 2011 at 12:44 pm
ගින්දර උනත් හරියට භාවිතාකරනවම් කොච්චර ප්‍ර යෝජන තියනවද?
[Reply]
කතා කොරල වැඩක් නෑ, අපේ ඈයො හිතං ඉන්නෙ අප්ලෝඩ් කරන හැම මගුලෙම දන්න එකාවයි නොදන්න එකාවයි ටැග් කරන එක යුතු කමක් කියලා. ටැග් වුනු එවුනුත් “Thanks for tagging!” කියල කමෙන්ට් එකක් දැම්මෙ නැත්තං ඒක මහා අපරාධයක් විදියට සලකන්නෙ.
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු…
[Reply]
Binku Reply:
May 5th, 2011 at 9:07 am
සිරාවටම, ඇයි දන්නේ නෑ එත මට නම් තාම සුද්දෝ සුද්දියෝ එව්වා වැඩිය කරනවා දැකලා නෑ කෙහෙල්මල් Apps වලින් හැරෙන්න. මේක නම් මහාම මහා වාතයක් බං.
[Reply]
budhajeewa Reply:
May 5th, 2011 at 9:45 am
අනේ මන්දා බං, මුංගෙ ඔළුවල අප්සට් තමා. :/
[Reply]
සහෝධරයා Reply:
May 5th, 2011 at 9:58 am
සමහර ෆොටෝ වලදි ඇයි අපිව ටැග් කලේ කියල හිතාගන්නත් බෑ …
සමහර විට අපිට තේරුම් ගන්න බැරි වැදගත් යමක් ඒ තුල ඇති
budhajeewa Reply:
May 5th, 2011 at 10:04 am
@සහෝධරයා: ඔවු බං, අති ගැඹුරු දාර්ශනික අදහස් අපේ එවුන්ට පහළ වෙන්නේ. ඒවයෙ පූර්වාපර සන්ධි ගලපන්න අපි වගේ ඈයොන්ට බෑ.
මාලින්ද ප්‍රසාද් Reply:
May 5th, 2011 at 12:47 pm
ඒක වෙන්න ඇති අපිටත් තේරෙන්නෙ නැත්තෙ. අපේ ඉන්නෙ මහා ගැඹුරු දාර්ශණිකයො නිසා.
[Reply]
Binku Reply:
May 6th, 2011 at 8:29 am
එකනේ බං Markට අපේ හැටි තේරෙන්නේ නැත්තේ.
වටිනා ලිපියක් !
මම මේ අද උදෙඉ ඉදලා නොදන්නා අයවයි මාව ටැග් වෙච්ච ෆොටෝසුයි අයින් කර ගන්න ට්‍රයි කරනවා. කියන්න බා මොකක් හරි වුනොත් ?
මෙඉ වගේ පිස්සු විකාර වැඩ කරන්නේ අපේ උන් විතරයි මම හිතන්නේ. මම කවදාවත් දැකල නැවෙන රටවල් වල අය මේ වගේ ටැග් කරනවා. [ අර එක එක ඇප්ස් වලින් ඇරෙන්න ]
ෆොටෝස් ටැග් වෙන එක නවත්තගන්න ක්‍රමයක් තිබ්බනම් මරු !
[Reply]
tag කරන එක block කරන්න පුළුවන් විදිහක් තියෙනවද? මම බැලුව බැලුව හොයාගන්න බෑ.
[Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
May 5th, 2011 at 12:58 pm
මමත් එමෙක ක්‍රමයක් ගැනනම් බැලුවෙ නෑ. හම්බඋනොත් කියන්නම්.
ඒත් හැමෝටම තේරුම් කරල දීල වැඩේ කරගත්තනම් හොදා. මොද ටැග් අයින් කලෝත් ඒකත් තමන්ටමනෙ පාඩුව.
[Reply]
meka hariyata wada karanne nane mage fb ekata dan mata log wenna ba name eka illala continue wenawa mail ekak msg ekak enne na. kohoma hari mata dan fb ekata log wenna ba
[Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
May 5th, 2011 at 12:52 pm
Password ගැටලුවක්නම් හදාගන්න් බලන්න. නැතිනම් මොකක්ද එන්නෙ කියල බලන්න
[Reply]
sasi Reply:
May 5th, 2011 at 3:39 pm
password gannawa ethanin ehata continue kiyana msg eka enawa habai mata mail ekak wath msg ekak wath enne na mara wade fb ekata mata log wenna ba dan
[Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
May 5th, 2011 at 11:49 pm
Recovery කරන්න යද්දිද එන්නෙ? නැතිනම් ලොග්වෙද්දිද?
ඔයා ගිය ලිපිණය හරියටම http://www.facebook.com ද?
Ane bolaw. Wena wada nathuwatada thopi me facebook eka wada karan hati ugannane.
Gon harak eka igannuwa kiyala thopita, nanthan thope ratata labena wasi ya mokakda.
Thawath p** a***a enawa unge economy eka diyunuwena nisa.
MLINDA P**** wada nathda, mewa liyanna.
nathnam Mark umbata p** a*****.
[Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
May 5th, 2011 at 11:53 pm
මම මේක ලීවෙ මේ වගේ කෑගහන අයට නෙවේ
මේකෙන් කියවල යමක් තේරුම් ගන්න අයට.
දැන් රජය SL Cert ඒකකයෙන් වැඩිපුර Fb ගැන හොයන්නෙ ඔය මාරක් රජයටත් ඔය වැඩේ කරනවද?
නිකන් බොරුවට කෑගහන්නෙ නැතිව පාඩුවෙ වැඩක් බලාගත්තනම් නේද හොද?
[Reply]
m
[Reply]
siraa kathawa… monawa kiwwath moko maath ohoma tag karawane :p
[Reply]
ලොකුම ප්‍රශ්නෙ, සමහර මහ ලොකු සොෆ්ට්වෙයා ඉංජිනියර්ලා (කියලා තමන්ම කියා ගන්න අය) ට ඕක තේරුම් ගන්න තරම් මොලයක් නැති එක.. මාව ඔය වගේ ටැග් කරපු පොන්ටිං කෙනෙක්ට ටැග් කරන්න එපා කිවුවම මට කෝල් කරලා බැන්නා මට මොලේ අමාරුවක් තියෙන හින්දලු ටැග් කරනවට අකමැති කියලා.. අනේ මංදා මේ මිනිස්සු ඔවුවා කවද තේරුම් ගනීද කියලා.. :/
[Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
May 5th, 2011 at 11:54 pm
සමහරු ඉන්නවනෙ අයිය අනුන් කියන එකක් ඇහුවම ඒක තමන්ට මදිපුංචිකමක් කියල හිතන අය.
[Reply]
Binku Reply:
May 6th, 2011 at 7:57 am
කියලා වැඩක් නෑ බං. මම නම් කෙලින්ම අයින් කරලා දැම්ම එකෙක් බොරුවට කෑ ගැහුව එකට.
[Reply]
මාත් ඔහොම ටැග් කරලා තියෙනවා.. ඒ ඔය අනුන්ගේ මගුල් වලට නෙවේ . මං ගන්න සමහර පොටොස් වලට.. ඒ වැඩිහිටි කෙනෙක් ගෙන් යමක් දැන ගන්ටෝන නිසා.. ඔයා කියන කතාව නම් හරි තමා..
මේක මහ හිසරදයක්.. ඔන්නැති රෙද්දවල් වලට ටැග් කරනවා.. නොටිෆිකෙශන් හම්බානෙක එනවා..
අර ගෘප් වල වගේ unsubscribe Button 1 ක් එනවා නම් එළ මෙව්වාටත්…!
[Reply]
Binku Reply:
May 6th, 2011 at 7:56 am
කමක් නෑ මචන්, එත මචන් දැන් කිව්වත් වගේ කමෙට්ටු අරහා ටැග් කරන්න එක වඩා හොඳයි නේද මචන්?
[Reply]
වසර 2006 සිට FB භාවිතා කරන්නෙමි. මා අනුගමනය කරන පිලිවෙතනම් ඉතාම සරලය. කවුරුන්හෝ වීවා මා නොමැති පින්තූරයක මාව tag කළහොත් මම එය untag කරමි. එයින් කිසිවකුටත් හානියක් හෝ සිත්තැවුලක් ඇති නොවේ යයි සිතමි. අනිත් අතට දිනකට තමා tag කල ලිපි හෝ පින්තූර දහස් ගනන් එන්නෙ නෑ නේ….- ජය වේවා -
[Reply]
Pingback: How Protecting our Facebook and Enjoying It Without Trouble to Others or Yourself | Malinda's Blog - මාලින්දගේ සටහන
Your weblog is showing a lot more interest and enthusiasm. Thank you so significantly. 331642
[Reply]