Browsing Posts in Common

ගුරැවරයා යමරජුට සම කල මේ කවිය බදුල්ල අධ‍්‍යාපන කොට්ඨාෂයෙන් එම ප්‍රදේශයේ සාමාන්‍යය පෙල අපේක්ෂක සිසුන්ට සැකසූ පෙරහුරැ ප්‍රශ්ණ පත්‍තරේ තිබු කවියකි. අධ්‍යාපන කලාප කර්ය්‍යාලයෙන් ප්‍රකාශ කරන මෙම ප්‍රශ්ණ පත්තරය සිංහල සාහිත්‍ය‍‍‍ය 2 සදහා ලබාදී එමගින් ප්‍රශණ අසා තිබිනි.

අපායේ ඉදන් එන්න‍ට ඇතැයි                               සිතේ

යම රජුන්‍ ගේ මිතුරකුදැයි නිතර                            සිතේ

ගවයන් නොවෙයි ළමයින් පන්තියෙහි                    ඇතේ

වැරදීමකින් ගුරැපදවිය හිමිව                                තැබේ

 

බිරිදගේ අවලාද දෙසවන ‍                            පුරෝගෙන

ගෙදරින් එනවාද නිතරම                              ඔරෝගෙන

උගුරැදන්ඩ කැඩෙනාලෙස                               කෑගසන

මාලුකඩේ මුදලාලිත් සම                               නොවෙන

 

ව‍චන වලින් අපගේ සිත් නිති                               තලන

වැරදීම සොයන විලසින් සිත යොමු                        කරන

අපේ කරැමයක්ද ඔබ ගුරැ පදවිය                             ලැබුම

ගුරැ පදවියේ කරැමයදැයි කියනු                               මැන

එම කවිපන්තියෙන් අසා ඇති ප්‍රශ්ණ මෙසේය

1. මෙහි සදහන් ගුරැවරයාගෙන් පන්තියේ සිටින ළමුන්ගේ පවුරැෂයට ඇතිකරන හානි දෙකක් හ‍ටහන් කරන්න.

2. මෙම ගුරැවරයාගේ ගුරැ භූමිකාවේ සිදුවිය යුතු වෙනසක් සදහන් කරන්න.

3. කවි පන්තියේ සදහන්වන පරිදි මෙහි සදහන්වන පරිදි ‍මෙහි සදහන් ගුරැවරයා‍ට ‍මෙවන් ඉරනමකට පත්ව ඇති සාධක මොනවාද?

4. මෙහි සදහන් වන පරිදි දරැවන් මෙම ගුරැවරයා දකින්නේ කවුරැන් ලෙසද?

5. මෙම ගුරැවරයාගේ පීඩනයට පත්වූ දරැවන් මේ ප්‍රශ්නය දැක හිත හදාගන්නේ කෙසේද?

 

-උපුටාගැන්ම – 2008 ජූලි 24 බ්‍රහස්පතින්දා ලංකාදීප

 

මුලින්ම ඩයලොග් පාරිභෝගිකයන්‍ට හදුන්වාදුන් ‍තම ජංගම දුරකථනයෙන්ම එහි හිමිකාරත්වය පරිකෂා කරගැනීමේ පහසුකම දැන් සියලු ‍සේවා සපයන්නන් විසින් ලබාදී ඇත. මේ අනුව තම දුරකථනයෙන් #132# ට ඇමතුමක් ගැනීමෙන් එම සේවාව ලබාගත හැකි අතර. එම කේතයෙන් තම අංකය, සබදතාවය ලියාපදින්චි හිමිකරැගේ නම හා ජාතික හැදුනුම්පත් අංක‍ය එවෙලේම බලාගත හැකිය.

Public මෙහිදී ඩයලොග් හා මොබිටෙල් එම පහසුකම සාමාන්‍යය පරිදි ලබාදුන්නත්. ටිගෝ හිමියන්‍ට මෙම පහසුකමින් තම අංකය පමණක් බලාගතහැකිය. ඒ අනුව එම සමාගම මගින් නිකුත් කරන ප්ලාස්ටික් හැදුනුම්පතින් ඉතිරි තොරතුරැ සහතික කරගත හැකිය. ‍

හ‍ච් පාරිභෝගිකයන්ට මෙම පහසුක ලබාදුන්නත් මට එය ප්‍රායෝගිකව අත්හදාබැලීම‍ට නොහැකි විය. මන්ද මාගේ හච් සිම් පත අවුරැද්දකින් පසු අද දින ඇතුලත් කල පසු එහි මුදල් ඇතත් එය සක්‍රීය කර නැත යැයි පවසයි. ‍එම නිසා සමහරවිට ඔවුන්ගේ කල්ඉකුත්වන දිනයක් නැතැයි කීවත් මේසදහා යම් වෙනත් ක්‍රියාමාරගයක් ඔවුන් සතුව ඇති.

තවද මේ පහසුකම මොබිටෙල් වල ක්‍රියාකරවීමේදී මා මොබිටෙල් ආයතනයෙන්ම ගත් සිම් පතකත් ජාතික හැදුනුම්පත් අංකය නිවැරදිවුවත් නම වැරදිය. මේ නිසා සමහර විට ඔබගේ සිම්පතත් ඔබම මිලදීගත්තත් එය වෙන නමිකින් ලියාපදිනිචි වී තිබිය හැකි. ඒබව පරික්ෂාකර නිවැරදි කරගැනීම පහසුවක් වේවි. නමුත් මේ ගැ‍ටලු කිසිවක් ඩයලොග්වල නැ.

මේ ආකාරයෙන් සියලු සමාගම් එකම කේතයක් ලබාදීම කාටත් පහසුය

ඩයලොග් සමාගම හදුන්වාදීතිබෙන කි‍ට් ඩබල් පහසුකම යටතේ ලියාපදින්චි වීමට එකම පුද්ගලයාගේ නමින් සිම් දෙකම තිබිය යුතුය. නමුත් දැන් අලුතෙන් හදුන්වාදුන් නීතිය ය‍ටතේ තමා පිවිච්චි කරන සිම් පත තමාගේම නමට තිබිය යුතු වේ. නමුත් කිට් ඩබල් භාවිතාකරන්නන් බොහෝ දෙනා තමා‍ටම පණිවිඩ යවාගැනීමක් සිදු‍නොකරන අතර තම හිතවතෙකුගේ නම්බරයක් මේ සදහා ‍යොදාගනී. පෙර තිබූ තත්වය උඩ තමාට තම මුතුරෙකුට සිම් පතක් ඇන්දිය හැක. එහෙත් දැන් එය නීතියෙන් තහනම්ය. මේ නිසා කි‍ට් ඩබල් භාවිතා කරන්නන්ට ප්‍රායෝගික ගැ‍ටලුවක් මතුවේ. මෙයි සිදුවනුයේ එම පහසුකම නම‍ට විතරක් සීමා වීමය. නමුත් මොබිටෙල් මෙන් ඕනෑම අංකයක් හදුන්වාදීමට පහසුකම් සැලසුවානම් මේ කරදරයක් නැත.

මුල් පිටුවට හා සිංහල යුනිකේත පරිවර්තකයට අලුත් මුහුන්වරක් ලබා දුන්න. ‍‍මේක හදපු මෘදුකාංගය හොයාගත්තෙත් සංසදේ සංකච්චාවකින්. දැන් ඒක හරි ඊයෙ රෑ අමාරැවෙන් අප්ලෝඩ් කලා. අලුතේන් සිංහල බ්ලොග්කරැවන්ගේ සංසදේ ලාංජනය හා ලින්ක් සමග ෆයර්ෆොක්ස් දැම්ම. හොන්දද බලන්න.

මාගේ පෙර සටහන පරිදි ඩයලොග් සමාගම තම පාරිභෝගිකයන්ට තම දුරකථනයේ හිමිකාරත්වය අවශ්‍යය වි‍ට බලාගැනීමට අවසර ‍දෙන ලදී. මෙහිදී හිමිකරැ‍ගේ සම්පූර්ණ නම හා ජාතික හැදුනුම්පත් අංකය බලාගත හැක. එහෙත් මෙමගින් ඔවුගේ පුද්ගලිකත්වයට බලපෑමකි. මන්ද මෙම තොරතුරැ එම දුරකථනය අතැති ඕනෑම කෙනෙක්‍ට බලාගත  හැකි.

දැනට පාරිභෝගික සේවාව මගින් සිදුකරන සෑම කට යුත්තක්ම දුරකථන අංකය හා ජාතික හැදුනුම්පත් අංකය, උපන්දිනය හා නම යන සහතික කිරීම් මත සිදුකරයි. එහෙත් ඉහිත පරිදි තොරතුරැ ලබාගැනීමේදී ඕනෑම කෙනෙක්ට දුරකථනයේ වෙනස්නම් සිදුකරහැකිය. මොකද සාමාන්‍යයෙන් අපි කාගෙන්‍ හෝ දුරකථනය ඉල්ලුවොත් එය ටි‍ක වෙලාවකට ලබාදෙන නිසා. මේ අනුව නිකමටවත් දුරකථන ඉල්ලා ගැනීමට නොහැකිවේවි. නැත්තම් දුන්න කෙනාට දුන්නේ ඇයිදැයි සිතේවි.  මේක ජාතික ආරක්ෂාවට කරපු දෙයක්නෙ. නමුත් ටිගෝ එකේ වැඩේනම් ටිකක් හරි සාර්ථකයි. නමුත් ඒදෙන කාඩ් එකේ නම්බරේමද තම දුරකථනයේ තියෙන්නෙ කියල පරික්ෂාකරගන් ක්‍රමයක් දැම්මනම් ගොඩක් සාර්ථකයි. මොකද ඒකාඩ් එක ගත්ත කියන්නෙ එයා‍ට ජාතික හැදුනුම්පතේ විස්තර ගන්න එක පහසුයි. නමුත් ඩය‍ලොග් ක්‍රමයේ ඊ‍ට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයක් තියෙන්නෙ. හැමදේම හිතන්න ‍බෑ තමා. ඒ‍ත් මේකට විකල්පයක් තියෙන්නම ඕනෙ.

ෆයර්ෆොක්ස් ගැන මෙච්චඑ ඒව ගැන කියද්දි මට මාධ්‍යය වේදීන් ගැනත් හොදහැ‍ටි හිතාගන්න පුලුවන්. මොකද මේ අය ප්‍රවෘත්ති හොයල බලල දානවනම් අවුලක් නෑනෙ. දේශපාලනය වගේ කිව්ව ගමන් දාන්නෙ. මේ අය නිකමට හරි ෆයර්ෆොක්ස් අඩවියට නැත්තම් ෆයර්ෆොක්ස් වල ඇත් ‍ෆයර්ෆොක්ස් පිලිබදව (About ) බැලුවනම්  මෙවැනි තත්වයක් ඇති වෙන්නෙ නෑ. අඩුගානෙ ෆයර්ෆොක්ස් ලංකාවෙ නිශ්පාදනයක් කියලවත් කියන්න වෙන්නෙ නෑ. ‍මෙයාල තාම පෑනෙන්මයි වගේ වැඩ. නිකමට එලිය ලෝකය ගැනත් පොඩ්ඩක් හෙවුවනම් කාටත් හොන්දා… මොකද කියන් අය‍ට ඕනෙ දෙයක් කියන්න පුලුවන්. ඒක අයිතියක්. අපිට ඒක නවත්වන්න බෑනෙ.

මේකත් රජයෙන් කරපු වැඩක් ඇති වැඩක්. ‍මේ ලගදි අතිගරැ ජනාධිපති තුමාගෙ ප්‍රධානත්වයෙන් පන්සියපන්ස් ජාතකය අන්තර්ජාලය‍ට එක්කරල. ‍මේකෙ ‍නිධාන කථාව,අතීත කථාව , චිත්‍ර වශයෙන් කොටස් ‍ වෙන වෙනම අන්තර්ගතයි. මේ නිසා දැන් පිටු පෙරල පෙරල කථා හොයන්න ඕනෙ නෑ. මේකෙ අංක වශයෙන්, නම් වශයෙන් හා කථා‍වෙන් පෙන්නුම් කරන බොධිසත්ව ගුන වශයෙන් වෙන වෙනම ලැයිස්තු ගත කර ඇත

http://jathakakatha.org/

බ්ලොග් සගයන් වෙත දැනුම් දීමයි. මේ දවස්වල මගේ ADSL සබදතාවය නැති නිසා ඔබගේ බ්ලොග් කියවීමටවත් ඒවාට ප්‍රතිචාර දැකිවීමටවත් අවස්ථාවක් නෑ. මම මේ දවස් වල ලාංකික වැඩි කමට අපේ දෙයක් අරන් පසුතැවීමෙන් ඉන්නෙ. ලංකාබෙල් නිසා අඩුගානෙ ගූගල් එකවත් ගන්නෙ අමාරැවෙන්. ඊමේල් බලාගන්නත් මාර ගේමක් දෙන්න වෙනව. කොහොම හරි පැය දෙක තුනක් ඔ‍ට්ටු වෙලා මේල් ටික කියවන් එක ‍බ්ලොග් එකක් හරි ලියනව. ඒව ලිව්වට පලකරන්න බෑ. අප්ලෝඩ් වෙන්නෙ නෑ. මම කරන්නෙ පුලුවන් උන ගමන් පිටු සේව් කරගන්න එක. ඉතින් සමූහයේ අදහස් හෝ බ්ලොග් කියෙව්වට ඒවට ‍ප්‍රතිචාර දෙද්දි මට……..මේවත් ලංකාවෙනෙ. කරන්න දෙයක් නෑ… ඒත් කොහොම හරි බ්ලොග් දෙක තුනක්නම් කියවනව. මේ දවස්වල ඩනිෂ්ක අයියගෙ හා ගිනි නරියා ගැන කියවද්දිත් අපේ රට ගැන මොනව කියන්නද….. හැකි සෑම විටම ප්‍රතිචාර දක්වන්නම්. මම ලියපු බ්ලොග් ගෙඩකි තිබ්බට පලකිරීමට හැකියාවක් නෑ.

ඒත් සංගමයෙ හෝ මොකක් හරි වැදගත් වැඩක්නම් අපිටත් කියන්න.

මේක දැනට අපේ පාසල් වල කෙරෙන තත්වය ගැනයි. GIT කියල විෂයක් හදුන්වා දුන්නෙ වැඩි ඈතක නොවේ. ඒකට අවශ්‍යය පරිගණක විද්‍යාගාරත් පාසල් බොහෝමයක් තුල ලක්ෂ ගණනක් වියදමින් හැදුවේත් ඒත් එක්කමනෙ. ඒ ඔක්කොම තියෙද්දි කෙරෙන්නෙ නැති එකයි අවුල. මොකද අපේ පාසලේත් ඕව ඔය විදිහටම තිබ්බ. උසස් පෙල පන්ත් පටන් ගද්දි අපිට GIT කාලච්ඡේදෙකුත් තිබ්බ. අපි ඒකෙ GIT ගියත් ඒකෙ හිටිය ගුරැතුමා අන්තර් ජාලෙමයි. ගැලවෙන්නෙ නෑ. ළමයි හැමදාම ගේම් ගහන්ව. අනිත් ඒවට නෙ‍ට් දාල නෑ. වැඩිම 3-4 කට විතරයි. මෙහෙම ටික කාලයක් අපේ පන්තිය ගියත් අනිත් පන්ති  යන්නෙ නෑ. එක්කො ඒවගෙ අනිත්ව උගන්වනව. අන්තිමේට අපේ එකටත් ඔය ටිකම උනා. ඒත අපේ ළමයිගේ හා සර්ලගෙ වැඩ නිසා ආයෙත් GITආව. මෙහෙම අවුරැද්දක් විතර ගිය. ‍‍දෙවෙනි අවුරැද්දෙ අලුත් සර් කෙනෙක් ඇවිත්. ඒත් එයාට තියරි ‍පොඩ්ඩක් දැනගත්තට ප්‍රැක්ටිකල්නම් 0යි. ඒ දන්න තියරිත් කියාගන්න තේරෙන්නෙ නෑ. අපිට මෙයා මාසයක් විතර කලා. ඒත් වැඩේ සාර්ථක නෑ. ‍මෙයා මුකුත් දන්නෙ නැති නිසා ළමයි සර්ව අන්දනව. උගන්වන්නෙ ළමයිගෙන් අහන්. ළමයි ඉතින් සර්ගෙ හැටි දැනගෙන බොරැ කියනව. ඉත්න් මෙහෙම ළමයි ඉගන් ගන්න කැමති නෑනෙ. මේ සර් සිලබස් එක හොයාගන්නත් මාසයක් විතර ගියා. මගෙනම් මතය දැන් ඉන්න ළමයි සර්ලට වඩා දන්නවත හුගක් ප්‍රැක්ටිකල්. ඉතින් ඉපදුන දවසෙ ඉදන් පරිගනකෙ ඉන්න ඒ අයට උගන්වන්න අර වලේ විද්‍යාව වගේ කරපු සර් කෙනෙක්ට මාසෙක විතර පුහුණුවක් දීල දැම්මහම හරිද? මේක මීට වඩා ප්‍රායෝගික වෙන්න ඕනෙ. අනික සර්ල පරිගණකය‍ට හරි බයයි. හිතල කරන්න ‍දන්නෙම නෑ. ‍පොතෙන් පිට යන්නෙත් නෑත මෙහෙම අය කොහොමද ළමයෙක් අහන් ඒකට හැරි උත්තර දෙන්නෙ.

ඒ මොනව උන්ත අලුත් දෙයක් ඉගන ගන්න පුලුවන් වෙයි කියල අපේ ළමයි ගියා. සමහර අය පරිගණක දැකපු අය විතරයි. විශේෂයෙන් ඒ අය‍ට වගේම අපිටත් ලොකු ඕනෙ කමක් තිබ්බ මේක විෂයක් හැ‍ටිය‍ට කරන්ත. ඒක ‍නිසා පාසල් ප්‍රජාවෙන් කොච්චර බලපෑම් ආවත් අපි සර්ල දිරි ගන්නව ගන්නව ගියා. මම හිතන්නෙ එහෙම ගිය එකම උසස් පෙල පන්තිය අපේ පන්තිය. මොකද අනිත් පන්ති වල අය‍ට මුලදිම මේක එපා වෙලා, නිරස වෙලා.

අන්තිමේ‍ට අපි‍ට කරන්න (සර්ට උගන්නමින ඉගන ගන්න)  මාස 1-2 ක්වත් බැරි උනා. අපේ කාලසටහනෙන් GIT අයින් කළා. ඇතමයි රජය වියදම් කරන්නෙ මේකටද? ඇයි මේක හරිය‍ට කරන්න බැරි. අපේ වගෙත් දිවයිනෙ ප්‍රධාන පාසලක ඔහොමන්ම් අනිත්වගෙ කොහොම ඇත්ද? මේකට මොනව හරි කරන්න පුලුවන් අය නැද්ද? අපේ සර්ලට මේක දිය කරල පොවන්නවත් බැයිද?

මම පන්තිප් ප්ලාසා නොහොත් පරිගණක නගරය එකේ කීව වගේ තායිලන්තෙ ගියහම එහෙ අය නවත්ව ගත්තෙ බැංකොක් වල සුකුම්වි‍නට් රොඩ් එකේ IPST කියක් අපේ NIA වගේ තාක්ෂණ හා අධ්යාිපන දියුන් කරන තැනක හොස්ට ල් එකක. මෙවට හොස්ටල් කියන්න බෑ. 3 ස්ටාN වගේ හොටෙල්. සර්විස් එකේ ඉදන් ඔක්කොම හොදා. එහෙ හැම තට්ටුවකම වයිෆයි රවු‍ටරයක් තියනව. ඒ ඉන්ටර්නෙ‍ට් යන්න. ඒව නොමි‍ලේ. අපි එහෙ කොම්පි‍ටිෂන් එකේ ප්රවෂන්ටේෂන් හදද්දි තේරැනේ එහෙ ලමයි‍ට නෙට් එකත් එක්ක මාර සම්බන්දයක් තියෙන්නෙ. ඕනෙ දේ ටක් ගාල ඕනෙ විදිහටම නෙට් එකෙන් හොයාගන්නව. හි‍ටිය හැමෝටම හොදට පුලුවන්. සමහරැ අවු 10 විතර පොඩි එවුන්.
ඒතිබ්බ හෝටලේත් වයිෆයි තියනව. ඉතින් ඒ අය අපිට දුන්න හැම ලැප් එකම වයිෆයි වල්න් නෙ‍ට් දාල දුන්නෙ.
ඒ හොටලේ ඉන්න ඕනෙ කෙනෙක්ට නොමිලේම මෙවගේන් නෙ‍්ට් යන්න පුලුවන්. මම හිතන්නෙ ‍අපේ මිනිස්ට්රි් එකකවත් මෙහෙම නැතුව ඇති. ගුවන්තොටේ තිබ්බත් ඒවට සල්ලි ඕනෙ. මේවගේ තැනකට අපි කවද යයිද?