Browsing Posts in Computer

එක එක කාලෙට එක එක OS පිස්සු හැදෙනව. මට මේ ලගදි පරණ ලැප්ටොප් එකක් හම්බඋනා. ඒක ගලවල මොකක් හරි හදන්න හිතන් ඒකට හරියන සැහැල්ලු OS එකක් හොය හොයා ඉද්දි හම්බඋනා Android, මේක ජංගම දුරකථන වලට එන පද්ධතියක්. ඒත් දැන් මේක විවිධ සංස්කරන එන නිසා Eeepc වලට ලේසියෙන් දාන්න පුලුවන්. ඒක නිසා මුලින්ම Virtual Box එකට දාල බැලුව. නියමෙට වැඩ. අන්තර්ජාලයත් වැඩ. පින්තූර ස්ලයිඩ් එකක් දාන්න, මේල් බලන්න මරු.  තව එක එක ඒව කරල බලන්න ඒනෙ අර ලැප් එකටම දාල
මේක හුගක් ස්පීඩ්. හැබැයි විවිධ අංග ක්‍රියාත්මක වෙන්‍නෙ නෑ. ඒ වගේමයි මේකෙ විවිධ සංස්කරන තියනව
මේ‍ දෙකෙන් දෙවෙනි එක පරිගණක සඳහාම හදපු සංස්කරනයක් නිසා දක්වන සහය වැඩි

එක එක කාලෙට එක එක OS පිස්සු හැදෙනව. මට මේ ලගදි පරණ ලැප්ටොප් එකක් හම්බඋනා. ඒක ගලවල මොකක් හරි හදන්න හිතන් ඒකට හරියන සැහැල්ලු OS එකක් හොය හොයා ඉද්දි හම්බඋනා Android, මේක ජංගම දුරකථන වලට එන පද්ධතියක්. ඒත් දැන් මේක විවිධ සංස්කරන එන නිසා Eeepc වලට ලේසියෙන් දාන්න පුලුවන්. ඒක නිසා මුලින්ම Virtual Box එකට දාල බැලුව. නියමෙට වැඩ. අන්තර්ජාලයත් වැඩ. පින්තූර ස්ලයිඩ් එකක් දාන්න, මේල් බලන්න මරු.  තව එක එක ඒව කරල බලන්න ඒනෙ අර ලැප් එකටම දාල
මේක හුගක් ස්පීඩ්. හැබැයි විවිධ අංග ක්‍රියාත්මක වෙන්‍නෙ නෑ. ඒ වගේමයි මේකෙ විවිධ සංස්කරන තියනව
Live Android -http://code.google.com/p/live-android/
Android X86 – http://www.androidx86.org/
මේ‍ දෙකෙන් දෙවෙනි එක පරිගණක සඳහාම හදපු සංස්කරනයක් නිසා දක්වන සහය වැඩි

මේක පෙන් එකකට, හාඩ් එකකට ඉස්තාපනය කරන්න හරි දාන්න හරි පුලුවන්


අද හා හෙට කුරුණෑගල තියන miniinfotel ප්‍රදර්ශණයට Intel වල අලුත්ම ප්‍රොසෙසරය සදහා වන මවු පුවරුවක් ගෙනත් තියනව Nex Computer ආයතනයෙන්. ඒක ගැන කියන්නම ඕනෙ නිසයි මම මේක ලියන්න හිතුවෙ. අපි සාමාන්‍යයෙන් දකින් පරිගණක මවු පුවරු වලට වඩා බොහෝ වෙනම් මේ මවු පුවරුව. මේකෙට ගහන්න පුලුවන් LGA1366 වර්ගයේ i7 හා AMD ප්‍රොසෙසර් පමණයි.
ඒ වගේම රුම් කවුලු 6ක් තියනව මේ පුවරුවෙ. ඒවට 24GB වෙනකම් RAM ගහන්න පුලුවන්. හැබැයි ඒව DDR3. බෝඩ් එකේ SATA port 10 ක් පුවරුවේ හා eSata 2 ක්, ඒ සදහා විදුලි සැපයුමක් තියනව. IDE සදහාත් එක් Port එකක් තියනව. VGA කාඩ් 3ක් මේකට ගහන්න පුලුවන්. USB කවුලු 8 ක් හා Gigabit Network port 2ක් තියනව. ඊට අමතරව මේකත් එකක් බොහෝ වයර් හා උපාංග ‍හමුවෙනව. මේකටම VGA එකක් ගෙනාව. සාමාන්‍යය එකකට වඩා හොද Performance තියන nVidia 9800GT එකක්.

26092009

9800GT VGA

26092009001

9800GT VGA

මම ඉතින් ‍ඔරිජිනල් VGA එකෙයි සාමාන්‍යය එකෙයි වෙනස කියන්න ඕනෙ නෑනෙ.
මේවගෙ ගානත් ඒ වගේමයි.  මම ගත්ත ඡායාරෑප වගයක් මෙන්න තියනව.

DSC01419

GA-EX58-UD5 Motherboard

DSC01422

GA-EX58-UD5 Motherboard

DSC01421

GA-EX58-UD5 Motherboard

DSC01420

GA-EX58-UD5 Motherboard

මේ මවු පුවරුව ගැන වැඩි විස්තර

http://www.gigabyte.com.tw/Products/Motherboard/Products_Overview.aspx?ProductID=2958

සාමාන්‍යයෙන් අපි අන්තර්ජාලයේ සර්වරයකට ගොනු අපගත කරන්නේ FTP සහයකයක් ආධාරායෙන්. ඒ මෘදුකාංග‍ය අපගේ පරිගණකයට බාගත කරගෙන. ඒ වගේමයි අපගේ වෙබ්සර්වරටක ඇති ගොනු වෙනත් සර්වරයකට ගැනීමටනම් ඒවා බාගත කර අපගත කරන්න සිදිවෙනව. නමුත් මේකට විකල්පය තමා NET2FTP කියන වෙබ් FTP සහයකය. 1මේක අපේ පරිගණකයට බාගත කිරීමක් නෑ. කරන්න තියෙන්න් එම වෙබ් අඩවියට ගොස් අපගේ සර්වරයේ FTP විස්තර ලබාදී ලොග් වීමයි. ඉන්පසු සාමාන්‍යය පරිදි ගොනු අපගත, බාගත කරගත හැකි.2

තවද එම සර්වරයේ ඇති ගොනු වෙනත් සර්වරයකට කෙලින්ම තැන්පත් කල හැකි FTP ආදාරයෙන්. ඒත් එම NET2FTP අඩවියෙන් නොමිලේ මෙම සේවය සැපයුවත් ඔව්න් අපට දිනකට නියමිත Bandthdth එකකට සීම කරනව. මෙහිදී ගැටලුව මතුවන්නෙ විශේෂයෙන් වෙනත් වෙබ්සර්වරයකට ලිපි යැවීමේදීයි.එයට කල හැක්කේ අපගේ වෙබ් සර්වරයට එම FTP ගොනුවෙන් ලොග් වෙලා ඉන්පසු එහි එක් ෆෝල්ඩරයට එම Net2FTP ගොනුව ස්ථාපනය කිරීමයි. 3ඒකට SQL මුකුත් ඕනෙ නෑ. ඉන්පසු ඒ අය දෙන අපටම වෙන්වූ සැබැදුමෙන් එම අප ස්ථාපනය කල NET2FTP installer එකට පිවිසිය හැකි.

ඉන්පසු ඒ ආධාරයෙන් අපගේ අඩවියට අපට‍ අවශ්‍යය ඒ අය දෙන බොහෝ මෘදුකාංග බාගත කරගත හැකි.5 wordpress, Joomla, වගේ බොහෝ නොමිලේ දෙන පැකේජ මෙහි ඇතුලත්. නැතිනම් අපට අප දන්නා ගොනුවේ වෙබ් ලිපියන මෙයට දී එය කෙලින්ම සර්වරයට බාගත කරගත හැකි. මෙහිදී බාගත වනුයේ අපගේ සර්වරයටම නිසා පරිගනකයට බාගත කර අපගත කරනවාට වඩා වැඩි වේගයක් මෙහිදී ලබාගත හැකි. ඒ ආදාරයෙන් NET2FTP පැකේජයත් අපගේ සර්වරයට ස්ථාපනය කර අප‍ට අපගේ අඩවියට ලොග්විය හැකි.
එවිට මෙයට බලපානුයේ අපගේ අඩවි‍යට ඇති Bandwidth එකයි. එමෙන්ම Net2FTP අඩවිය හරහා සිදුකලාට වැඩි වේගයකින් අපගේ සර්වරයෙන් වැඩකල හැකි.61

මෙම Net2FTP සහයකය අපගේ සර්වරයට ස්ථාපනය කර එහි Temp නැමති ‍ෆෝල්ඩරයේ අවසර 777 ලෙස සැකසිය යුතුයි. අප වෙනත් වෙබ් සර්වරයකට ගොනු කෙලින්ම යැවීමේදි එම ගොනු මෙම ෆෝල්ඩරයට තැන්පත් පී නැවත අපගත වේ.

හැබැයි කෙලින්ම සර්වරයකට ලිපි මාරැකිරීම වැනි අන්තර්ජාලය හරහා සිදුවන දේ හැර අපගේ පරිගණකයේ ඇති ගොනුවක් අපගත කිරීමට හදුසි අවස්ථාවකදී මෙය භාවිතා කිරිම හොදයි. මෙයට වඩා අප පරිගණකයේ සිට ගොනු අපගත කිරීමේදී හා බාගතකිරීමේදී  Filezilla වැනි යෙදුම් මගින් වැඩි වේගවක් ලබාගත හැකි.

Net2FTP බාගත කරගැනීමට – http://www.net2ftp.com/download/net2ftp_v0.93.zip

අපි හුගග් දෙනෙක් ගූගල් මැප් ‍එකෙන් කරන්නෙබොහෝ දුරට සැටලයිට් රෑප ගන්න එ‍කනෙ. නැතිනම් සිතියමක් බලාගන්න එක. මොකද දැන් ලංකාවෙත් බොහෝ ප්‍රධාන නගර වල සිතියම් ඇදලනෙ තියෙන්නෙ. ඒත් මේකෙ සේවාව ඊට වඩා පුලුල්. ලංකාවෙ නැතත් වෙන රටවල අපිට ගමනක් යන මාර්ගය, ඒ ගමනට අවශ්‍යය පොදු සේවාවන්ගේ වේලාවන් හා අනෙකුත් විස්තර බලාගන්නත් පුලුවන්නෙ. මම කියන්නෙ ඒගැන නෙවේ. අපි මෙහෙම සිතියමින් හරි සැටලයිට් එකෙන් හරි බලන තැන් වලට අපි ගිහින් බලනව වගේ ඇවිද ඇවිද කැරකි කැරකි බලන්න තියනවනම් කොහොමද? ගූලල් වල මේ සේවාව හුගක් කාලෙක ඉදන් දීපු එකක්. ඒකියන්නෙ අපි මැප් බලද්දි පැත්තෙන් තියන විශාලනය කරන එකට උඩින් මිනිහෙක්ගෙ ලාංජනයක් තියනව දැකල තියනවද? ඒ කියන්නෙ street view කියන සේවාවෙ බටනය7
බො‍හෝ විට මේ බටනය තියෙන්නෙ අක්‍රියව. ඒ කියන්නෙ මේ විදිහට අදුරු වෙලා8

ඒත් ප්‍රධාන නගර වල ඒ සැරිසරද්දි ඒ ලාංජනය සක්‍රිය වෙනව. ඒ කියන්නෙ ඒ ප්‍රදේශය street view සදහා සහය දක්වනවා කියලයි. මේ සේවාවෙන් කරන්නෙ අපි පාරෙ බැහැල බලනව වගේ වට පිට බලන්න හැකිවීම. ඒත් මේ සේවාව තියෙන්නෙ සමහර නගර වල විතරයි. ලංකාවෙනම් නෑ. ඒ සේවාව තියන තැන් බලාගන්න ලේසියි මැප් එක පොඩ්ඩක් පොඩි කලාම ඒ මුලු ප්‍රදේශයේ කොහෙ ‍හරි මේ සේවාව තියනවනම් බටනය සක්‍රිය වෙයි. එතකොට බටනය ඇදන් ආවහම මෙම සේවාව තියන ප්‍රදේශ නිල්පා‍ට වෙනව. 6

එතකොඑ ‍ඒ කොහෙන් හරි තියන්න පුලුවන්. නැතිනම් ඒ නගරයක් ලොකු කරල අවශ්‍යය තැනින් ඒ බටනය ඇදන් ඇවිත් ස්ථාන ගත කලාම අපිට ඒ ස්ථානයේ ඉදන් බලනව වගේ බලන් පුලුවන්.5

අපි කොහෙ හෝ නගරයක ඇවිදල බලන්න ඕනිනම් මේකෙන් බලන්න පුලුවන්. නැතිනම් අපි කොහාට හරි යන මාර්ගයක් හොයාගත්තනම් ඒ කියන්නෙ Direction ගත්තොත් ඒ පාර දිගේ ඇවිදල බලන්නපුලුවන්.

4

මේ ආකිරයට පාර දිගේ යද්දි අපි‍ට උඩ ය‍ට බලන්න, වටේ බලන්න පුලුවන්ත ඒ වගේමයි පාර දිගේ යන්න, හන්දි වලින් හැරෙන්නත් පුලුවන්.

ඒ වගේම ඒ ස්ථාන වල ෆොටෝ ගන්නත් පුලුවන්. ඒ ෆොටෝත් ගුණාත්මක භාවයෙන් නරකම නෑ. කරල බන්න.

මම යද්ද‍ රෙකෝඩ් කරපු එකක් පහත තියනව. බලන්න

‍වීඩියෝව HD බලන්න ආවෙ නැත්තම් වීඩියෝ එක උඩ ක්ලික් කරල  එන කවුලුවෙ HD ඇති

පින්තූර ලොකු මදිනම් ඒව ක්ලික් කරල ලොකු කරලගන්න පුලුවන්.
මෙම සේවය http://maps.google.com/ වලින් ගන්න පුලුවන්

මම මීට පෙර ගූගල් කැලැන්ඩර් එකේ කෙටිපණීවිඩ සේවය ගැන සදහන් කලා. ඒ කියන්නෙ අ‍පගේ වැඩකටයුතු, සිහිකැදවීම් වගේ ඒව මේ කැලැන්ඩර් එකට දාල තිබ්බහම එයා ස්වංක්‍රියව අපිට කෙටිපණිවිඩයක් මගින් ඇලර්ට් එකක් එවනව.නැතිනම් ඊමේල් මගින්. ඒත් මේ සේවා‍වෙ කෙටිපණිවිඩ සදහා මෙතෙක් සහය දැක්වුවෙ ලංකාවෙ ඩයලොග් විතරයි. (මෙන්න මගෙ පැරණි ලිපිය) .

ඒත් දැන් මේකෙන් ටිගෝ හා මොබිටෙල් ජාල සදහාත් කෙටිපණිවිඩ සේවාව ලබාගත හැකියි. ඒ සදහා මුලින්ම අපගේ දුරකථනය බව සනාත කරගත් පසු (verify) අප ඇතුලත් කරන නව කැලැන්ඩර් අංග සදහා අපට සිහිකැදවිය යුත්තේ කැලැන්ඩර් ලෙස බද සදහන් කල හැකි. එමෙන්නම නියමිත වෙලාවට කොපමණ වෙලාවකට පෙර දැනුම්දිය යුතුද යන්නත් මෙහා සදහන් කල හැකි. එවිට නියමිත වේලාවට අප‍ගේ දුරකථනයට‍ කෙටිපණිවිඩයක් ඒවි. අවශ්‍යයනම් එක් අංගයකට කෙටිපණිවිඩ දෙක තුනක් වුවත් වරින් වර සිහිකැදවන ලෙස දමාගත හැකි.

එමෙන්ම මෙම සේවාව දැනටනම් නොමිලේ තමා සපයන්නෙ. දුරකථනය ලියාපදින්චි කල පසු එම වින්ඩෝවෙන්ම පෙරනිමිසැකසුම ලෙස කෙටිපණිවිඩ හා වේලාව තෝරාගතහොත් වැඩේ ලේසි

කැලැන්ඩරයට - http://www.google.com/calendar

සිහිකැදවීම් සැකසුම් – Settings > Calendars> Notifications (අවශ්‍යය කැලැන්ඩරයේ)

දුරකථනය ලියාපදින්චියට – Settings >Mobile Setup

අවශ්‍යයනම් මෙම සේවාව Offline ව ද භාවිතා කල හැකි අතර අපගේ පරිගණකයේ ඇති Outlook වැනි ‍ඒවාගේ ඇති කැලැන්ඩර් හා මෙය එකට භාවිතා කල හැකිය

මුලින්ම අපේ හමුදාවට උත්තමාචාරය. මේ ලියන්නෙ නිදහස් රට ඉදන් දැන්. දැන් කාටද ආඩම්බර….

මේක ටිකක් පරණ වෙන්න පුලුවන් ඒත් ලගදි (ඒ කීවෙ මාස දෙක තුනක‍ට කලින්වත්) දැක්කද ගූගල් මැප් ගියෙ නැත්තම් දැන් යන්න. මේච්චර කල් ගූගල් මැප්ස් හා එර්ත් කියන සේවා වල ලංකා‍ව ගැන දුන්නෙ ජන්ද්‍රිකා රූප විතරයි. ඒකෙ ලංකාවෙ පාරවල් දෙක තුනක් දාල තිබ්බත් ඒව හරියට නොවේ තිබ්බෙ.

මම මීට මාස කීපයකට කලින් වෙන රටක සිතියමක් හොයන්න යද්දි ලංකාවෙ විස්තරේ දැක්කෙ. ඒ පාර අද හිතුන දුරකථනයෙත් දැන් යාවත්කාලීන වෙන්න ඕනි. ඒක නිසා දාල බලන්න. මොකද ඉස්සර මේක දුරකථනයට දාල බැලුවෙ ජන්ද්‍රිකා රූප විතරනෙ.
ඒත් දැන් ඒව හදල. හුගක් ප්‍රදේශ වල සිතියම් නියමෙටම හදල. පාරවල් ඇදල, පොඩි පාරවල් පවා. ඒ අතර මං සලකුණු, ඒ කියන්නෙ පාසැල්, හෝටල්, රෝහල්, දුම්රිය මගවල් වගේ බොහෝ දේවල් නිවැරදිව ලකුණු කරල තියනව. මේක දැන් පරිගණකයට අමතරව තම දුරකථනයෙන් බලාගන්න පුලුවන් වීම නිසා දැන් සිතියම් අරන් යන් ඕනි නෑ.  මේක Iphone එකට  හොදට බලාගන්න පුවන්.හැබැයි GPS තියන දුරකථනයක්නම් නියමෙට වැඩ. Nokia N95 එක‍ටත් සහය දක්වනව GPS සහිතව. අතරමං උනොත් මරු. ඒත් තාම N95 එකකට මම දාල බැලුවෙ නෑ.

ඒ වගේම හැබැයි හැම ස්ථානයක්ම මේකෙ තාම සලකුණුවෙලා නෑ. පාරවල් වල නම් ‍එහෙම. තාම දියුනු කරමින් යන නිසා ‍හොදා. තව දෙයක් තාම මේක දිශා ඒ කියන්නෙ පාර කියන සහය (Direction) ලංකාවෙ නෑ. තවද පාරෙ රෑප ඒ කියන්නෙ street view, traffic සේවා ලංකාවෙ නෑ. ඒක නිසා අපිමයි පාර හොයාගන් වෙන්නෙ.මොනව උනත් පරිගණකයට වඩා දුරකථනයේ තිබීම පහසුවක්.

ජාව සහය දක්වන දුරකථනවලිහා නවීන බොහෝ මාදිලි වලින් මේක වැඩ කරන්න පුලුවන්. ඒ සදහා කරන්න තියෙන්නෙ maps.google.com වෙත දුරකථනයෙන් පිවිසීමයි.

මෙන්න මම ගත්තු රූප වගයක්

goole maps KurunegalaGoogle Maps Google MapsGoogle Maps3

ඒ වගේම චන්ද්‍රිකා රෑප සහිතව ගත් සිතියම්

google maps 4Google Maps4

වැඩි විස්තර http://www.google.com/mobile/default/maps.html වෙතින්

හැබැයි මේකට අන්තර්ජාලය අවශ්‍යයි. ඒවට අයවෙනව.

අපේ තියන මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග වල පිටපත් හුගක් ඒව හොර පිටවත්. ඒ කියන්නෙ වින්ඩෝස් හා ඔෆිස් වැනි බොහෝ වැදගත් මෘදුකාංගත්. එම නිසා ඒව හරියාකාරව ක්රැක් කිරීමට ලක් නොකර අන්තර්ජාලය ඔස්සේ යාවත්කාලීන කිරීමට බැහැ. ඒ වගේමයි හොද අන්තර්ජාල සබදතායක් නැතිවත් නිත්‍යානු කූල පිටපතක් තිබ්බත් අමාරු වැඩක්. අනික අන්තර්ජාලය නිවසේ නැති ඇය, HSDPA වැනි සබදතා භාවිතා කරන අයට තම පරිගණකය යාවත්කාලීන කැගැනීමට අපහසුයි. අපි වයිරස් ආරක්ෂක මෘදුකාංග වල නම් යාවත්කාලී කිරීම් වෙනමම බාගත කර ගෙවිත් දමාගන්නව. ඒ වගේ වින්ඩෝස් හා ඹෆිස් සංස්කරන වල යාවත්කාලීන කිරීම් අන්තර්ජාලය ඇති පරිගණකයකින් බාගත කර දමාගත හැකි. එසේම තම කාර්යාලයක වගේනම් මෙය පහසු වේවි. මන්ද, පරිගණක 10 ක් ඇතිනම් යාවත්කාලීන කිරීම් 10 වරක් නොබා එක වරක් පමණක් බාගත කර දමාගත හැකි.
තවද මෙහිදී WGA බාගත නොවෙන නිසා නීත්‍යානු කූල නොවන පිටපතක් උවත් යාවත්කාලීන වීම ගැටලුවක් නොවේ.
මුලුන්ම මේ සදහා අවශ්‍යය කුඩා ටූලය බාගත කරගන්න. (මෙම සබැදුමෙන්). ඉන්පසු තමාට අවශ්‍යය සංස්කරන තොරන්න. ඒ කියන්නෙ වින්ඩෝස් (විස්ට, XP හෝ වෙනත්) සංස්කරනය හා ඔෆිස් සංස්කරනයයි. මෙහිදී ඔෆිස් සංස්කරන කීපයක් හා වින්ඩෝස් සංස්කරන කීපයක් තෝරාගත හැකියි. එමෙන්ම එම සංස්කරන වල තෝරා ගැනීමට භාෂා කීපයකුත් තිබේ. කැමති මෘදුකාංග, සංස්කරන, භාෂා එකක් හෝ කීපයක් තෝරා අවශ්‍යය සැකසුම් දෙන්න. එනම් තමාට Dotnet Frame work බාගත කිරීමට අවශ්‍යයද, Service Pack භාගත කරගත යුතුද යන්න. මේ සදහා සැලකිය යුතු ප්‍රමාණයක් බාගත විය යුතුයි. ඉන්පස් තමාට මෙම සංස්කරන වෙන වෙනම තැටි ගත කරගැනීම‍ට ISO ගොනු ලෙස සැකසිය යුතුද යන වගත් ලබාදෙන්න. ඉන් පසු ආරම්භ කරන්න.

ct-updater

එවිට ඩොස් කවුලුවක් පැමිණ බාගත වේවි. විස්‍ටා වල සමහර වේලාවට දෝස මතුවී නැවත, නැවත උත්සහ කලොත් ප්‍රති පණ ගන්වන්න. මගදි ඇන හිටියහොත් නැවත ඇබන්න. එතැනිස්ට මතු සම්බන්ධ වේවි.

බාගත වී අවසන් ඌ වි‍ට ISO ගොනු ලෙස ලබාදුන්නානම් ISO ෆෝල්‍ඩරයේත් එසේ නොමැතිනම් Client යන ෆෝල්ඩරයේත් යාවත්කාලීන න ගොනු තිබේ. එහි හෝ ISO ගොනුවේ ඇති install Updates යන අයිකනය ධාවනය කිරීමේන් යාවත්කාලීන කරගත හැකි. කරල බලන්න.

බාගත කිරීමට

මමත් දැම්ම windows 7, හැබැයි ම‍ගෙ රැම් එක 384,ප්‍රොසෙසරය සාමාන්‍යයෙ පෙන්‍ටියම් 4 එකක්. ඒත් ස්ථාපනය උනා. හැබැයි Aero නම් නෑ. මොකද මගෙ රේ‍ටින්ග්ස් වල අඩුම තියෙන්න 2.0. ඒ රැම් එකට. එතින් එයිරෝ වැඩ නෑ. ඒත් වැඩකල හැකි වේගයක තියනව. බැලූ බැල්මටම මේක මැක් වල කොපියක්. මොකද ටාස්ක් බාර්එක තනිකරම මැක් වල වගේමයි. විවෘත කරන මෘදුකාංග වල අයිකන මෙහි පෙන්නනව. ඒ වගේමයි ඒ අයිකන් ලගින් මවුසය ගෙන යන විට ඒවගේ කුඩා දර්ශන දැකගත හැකි.
පේනට් එක, කැල්කියුලේටරය, වර්ඩ් පෑඩ් අලුත් කරල. ඔෆිස් 2007 වල මුහුනුවර දීල තිබ්බ. ඒ වගේමයි මෙම වර්ඩ්පෑඩ් වල ඔෆිස් 2007 ගොනුත් විවෘත කිරීමේ හැකියාව ඇති අතර මම හිතන්නනෙ ඒ අර ඔෆිස් ෆයිල් ෆෝමැට් එක ප්‍රමිතිකරනය කල නිසා වෙන්න ඇති. හැබැයි ඒක ලොකු දෙයක්. පේන්ට් වලත් වැඩ වැඩි කරල. මුලික වැඩකටයුතු ගොඩක් කරගැනීමේ හැකියාව හෙහි තියනව.
ඒවගේම තමා මේක විස්ටා වලට වඩා හොන්දින් වැඩ කරන්න පුලුවන්. වේගවත්. ඒ වගේමයි ස්‍ටාර්ටප් ලෝගෝ එකෙන් අමුතු ගතියක් දීල තියෙනව. මේක තාම බීටා සංස්කරනයක් උනත් හොන්දින් වැඩකරන්න පුලුවන්. ඒ කියන්නෙ අවසන් සංස්කරනයේ හොන්ද ගතිගුන තියේවි. මේකෙන් පද්ධතිය රේටින්ග් කිරීමෙදිත් විස්ටා වලට ව‍ඩා වැඩි අගයන් පෙන්වනව.
ඒ වගේම තමා අපි භාවිතා කරන හැම මෘදුකාංගයටම වගේ වෙන වෙනමම අතීත මතකයන් තියාගන්නව. සමහර වි‍ට ඒක ටිකක් භයානක වෙන්නත් පුලුවන්. ඒත් ඒක ලේසි
හැබැයි හෙල්ප් හා සපෝට් ගෙනුනම් තාම විස්ටා ඒව. ඒත් තීම් වලට අලුත් මුහුනුවරක් දීල තියනව. හැමවෙලාවෙම මුල්පින්තූරය (වෝල් පේපරය) මාරැවෙනව. කැල්කියුලේටරයටත් අලුත් ගුනාංග එකතුකරල. යුතු මැක්ස් එකේ අයිය ලියාපදින්චියෙන් තොරව දින් 30ට වඩා භාවිතා කරනවලු. ඒත් නිත්‍යානුකූල නොවන පිටපතක් කියනව හැ‍රෙන්ට වෙන ප්‍රතිචාරයක් නැතිලු. ඒක නිසා ක්රැක් එක හමුඋවත් එය දැම්මෙ නෑ. හැබැයි බොහෝ මෘදුකාංග වල බොහෝ සංස්කරන වලට සහය දැක්වීම අඩුයි. විස්‍ටාවල හොන්දින් ධාවනය වන මෘදුකාංගත් හරියට සෙටින්ග්ස් නැතුව ධාවනය වෙන්නෙ නෑ.
හැබැයි සයිඩ්බාර් නැතත්, විස්ටාවල ගැජට් මේකෙ භාවිතා කරන්න පුලුවන්. මේකෙ ඩිරෙක්ට් එක්ස් 11 තියෙන්නෙ. ඒ වගේම ලිනක්ස් වල වගේ ‍මෙමරි ඩයග්නොස්ටික් ටූලයක් මේකෙ දියුනුකරල තියනව. ඒ වගේම තමා විස්ටා වල නැතත් මෙහි ‍පරිගණකය රේටින්ග් කිරීමේදී HD විඩියෝවලට සහයදැක්වීම ගැනත් සොයාබලනව.
සිංහල විස්ටාවලට එන ක්වික් ‍ෆික්ස් දැම්මහම ඇති. හොන්දට වැඩ.
ඒ වගේම වින්ඩෝස් පවර් ෂෙල් කියල අලුත් කමාන්ඩ් ප්‍රොම්ට් එකක් හදල තියනව. පද්ධති පාලකයන්ට. Tablet PC Input Panel යත් විස්ටාවලට වඩා හොන්දින් හදුනාගන්නව.

මමත් මේ මාසෙ ආව GTA IV ගහන්න කියල දින්න ගත්ත. ඒත් කොහෙද…. ඒකෙ ඩීවිඩී දෙක විතරක් ආසන්ව වශයෙන් 14GB තියනව. ස්ථාපණයටත් ඒවගේම ඉඩක් යනව. ඒවගේම GeForce 7900 හරි ATI 1900 වැඩි VGA එකක් ඕනෙ. ඒ වගේම මේකට 2GB මතකයක් හා Intel Core2Duo ප්‍රොසෙසරයක් ඕනෙ. ඒත් මෙයාල ඉල්ලන්නෙ Intel Core2Quard එකක්.

ඒත් මේක ගහන එක කෙසේවෙතත් දාන එක තමා ලොකුම ගේම් එක. ඒකට විස්ටා සර්විස්පැක් 1 හරි වින්ඩෝස් සර්විස් පැක් 3 ඕනි. මම විස්ටා එක අප්ඩේට් කලා ඒත් ඒක සර්විස් පැක් 1 ට අප්ඩේට් වෙන්න හෙන දවසක් යයි වගේ. මොකද තුන් හතර පාරක් අප්ඩේට් ඩවුන්ලෝඩ් කලත් හරිගියෙ නෑ. අන්තිම‍ට මයිකෝසොෆ්ට් අඩවියෙන් සර්විස්පැක් එක බෑව.

ඒක දාලත් ගේම් එක ගහන්න හදද්දි ඩොස් වින්ඩෝව ඇවිත් අයින් වෙනව. අන්තිමේට කොහොම හරි ගේම් ෆෝ වින්ඩෝස් ලයිවු කියන මෘදුකාංගය ස්ථාපනය කල. දැන් අවුලක් නැතිව වැඩ. මේක මහ විකාර හැදෙන ගේම් එකක්. හැමවෙලාවෙම ස්ක්‍රීන් එක කැරකෙනව.


මේක සිංහල ෆයර්ෆොක්ස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්, ඊට වඩා ඩනිෂ්ක අයිය‍ට. ඒ වගේම මෙ‍ච්ච‍ර කල් ගෙන ගිය නිවැරදිකිරීම් වල ප්‍රතිපලයක්. ඩයලොග් සමාගම නිකුත්කරන Zero77 සගරාවේ අගෝස්තු නිකුවේ, එනම් අගෝස්තු 3 දින නිකුත් වීමට නියමිත නිකුතුවේ සිංහල ෆයර්ෆොක්ස් ගැන් විස්තරයක් ඇතුලත්. මට හිතෙනිනෙ ඒකෙනම් හරි. පින්තූරය‍ට යටින් ඒක සිංහලට සංර්ධනය කලේ ධනිෂ්ක අයිය කියලත් තියනව. වැඩිවිස්තර සගරාවෙන්ම බලාගන්න. මම හිතනව මේකෙ විස්තර හරි කියල

Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda's Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions