මුලින්ම අපේ හමුදාවට උත්තමාචාරය. මේ ලියන්නෙ නිදහස් රට ඉදන් දැන්. දැන් කාටද ආඩම්බර….
මේක ටිකක් පරණ වෙන්න පුලුවන් ඒත් ලගදි (ඒ කීවෙ මාස දෙක තුනකට කලින්වත්) දැක්කද ගූගල් මැප් ගියෙ නැත්තම් දැන් යන්න. මේච්චර කල් ගූගල් මැප්ස් හා එර්ත් කියන සේවා වල ලංකාව ගැන දුන්නෙ ජන්ද්‍රිකා රූප විතරයි. ඒකෙ ලංකාවෙ පාරවල් දෙක තුනක් දාල තිබ්බත් ඒව හරියට නොවේ තිබ්බෙ.
මම මීට මාස කීපයකට කලින් වෙන රටක සිතියමක් හොයන්න යද්දි ලංකාවෙ විස්තරේ දැක්කෙ. ඒ පාර අද හිතුන දුරකථනයෙත් දැන් යාවත්කාලීන වෙන්න ඕනි. ඒක නිසා දාල බලන්න. මොකද ඉස්සර මේක දුරකථනයට දාල බැලුවෙ ජන්ද්‍රිකා රූප විතරනෙ.
ඒත් දැන් ඒව හදල. හුගක් ප්‍රදේශ වල සිතියම් නියමෙටම හදල. පාරවල් ඇදල, පොඩි පාරවල් පවා. ඒ අතර මං සලකුණු, ඒ කියන්නෙ පාසැල්, හෝටල්, රෝහල්, දුම්රිය මගවල් වගේ බොහෝ දේවල් නිවැරදිව ලකුණු කරල තියනව. මේක දැන් පරිගණකයට අමතරව තම දුරකථනයෙන් බලාගන්න පුලුවන් වීම නිසා දැන් සිතියම් අරන් යන් ඕනි නෑ. මේක Iphone එකට හොදට බලාගන්න පුවන්.හැබැයි GPS තියන දුරකථනයක්නම් නියමෙට වැඩ. Nokia N95 එකටත් සහය දක්වනව GPS සහිතව. අතරමං උනොත් මරු. ඒත් තාම N95 එකකට මම දාල බැලුවෙ නෑ.
ඒ වගේම හැබැයි හැම ස්ථානයක්ම මේකෙ තාම සලකුණුවෙලා නෑ. පාරවල් වල නම් එහෙම. තාම දියුනු කරමින් යන නිසා හොදා. තව දෙයක් තාම මේක දිශා ඒ කියන්නෙ පාර කියන සහය (Direction) ලංකාවෙ නෑ. තවද පාරෙ රෑප ඒ කියන්නෙ street view, traffic සේවා ලංකාවෙ නෑ. ඒක නිසා අපිමයි පාර හොයාගන් වෙන්නෙ.මොනව උනත් පරිගණකයට වඩා දුරකථනයේ තිබීම පහසුවක්.
ජාව සහය දක්වන දුරකථනවලිහා නවීන බොහෝ මාදිලි වලින් මේක වැඩ කරන්න පුලුවන්. ඒ සදහා කරන්න තියෙන්නෙ maps.google.com වෙත දුරකථනයෙන් පිවිසීමයි.
මෙන්න මම ගත්තු රූප වගයක්
ඒ වගේම චන්ද්‍රිකා රෑප සහිතව ගත් සිතියම්
වැඩි විස්තර http://www.google.com/mobile/default/maps.html වෙතින්
හැබැයි මේකට අන්තර්ජාලය අවශ්‍යයි. ඒවට අයවෙනව.









