Browsing Posts in Sinhala Unicode


මේක සිංහල ෆයර්ෆොක්ස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්, ඊට වඩා ඩනිෂ්ක අයිය‍ට. ඒ වගේම මෙ‍ච්ච‍ර කල් ගෙන ගිය නිවැරදිකිරීම් වල ප්‍රතිපලයක්. ඩයලොග් සමාගම නිකුත්කරන Zero77 සගරාවේ අගෝස්තු නිකුවේ, එනම් අගෝස්තු 3 දින නිකුත් වීමට නියමිත නිකුතුවේ සිංහල ෆයර්ෆොක්ස් ගැන් විස්තරයක් ඇතුලත්. මට හිතෙනිනෙ ඒකෙනම් හරි. පින්තූරය‍ට යටින් ඒක සිංහලට සංර්ධනය කලේ ධනිෂ්ක අයිය කියලත් තියනව. වැඩිවිස්තර සගරාවෙන්ම බලාගන්න. මම හිතනව මේකෙ විස්තර හරි කියල

හැමදාම වෙන රටක හදපු අඩවියකින් වැඩ ගන්නව, වරණා කිරීම වෙනුවට දැන් අ‍පේ අඩවි ගැන කථාකිරීමට කාලය පැමිණ ඇත. මේ විස්ථරයත් එවන් අපටම ආවේනික අඩවියක් ගැනයි. මේක 99% ක්ම සිංහල යුනිකේත භාවිතාකර සකසන ලැබු අඩවියක් වන අතර මෙමගින් නොමිලේ සේවා හා පහසුකම් රැසක් සපයනව.

මේ අඩවියට විශේෂයෙන් සිංහල යුනිකේත භාවිතාකල හැකි ඕනෑම කෙනෙක්ට නොමිලේ ඇතුලුවෙන්න පුලුවන්.

ඉන්පසු මෙහි තමන්ගේ ලිපි පලකරගැනීම‍ට, තමන්ගේ නමින් ජීමේල් පහසුකම් වලින් යුත් ඊමේල් ලිපිනයක්, තමන්ටම බ්ලොග් අඩවියක් ලැබෙන අතර මෙහි ෆෝරමයේ හා සමූහයට ඇතුලත් වීමෙන් තමන්ගේ තාක්ෂණික ගැ‍ටලු විසදීමට මෙන්ම විනෝදයක් ලැබීම‍ටද හැකියාව ඇත. නිකුත් කර සතියක්වත්නැති මේ අඩවිය සිංහල අප වෙනුවෙන්ම සෑදූ අඩවියකි.

www.yuthmax.com

මේක දැනට අපේ පාසල් වල කෙරෙන තත්වය ගැනයි. GIT කියල විෂයක් හදුන්වා දුන්නෙ වැඩි ඈතක නොවේ. ඒකට අවශ්‍යය පරිගණක විද්‍යාගාරත් පාසල් බොහෝමයක් තුල ලක්ෂ ගණනක් වියදමින් හැදුවේත් ඒත් එක්කමනෙ. ඒ ඔක්කොම තියෙද්දි කෙරෙන්නෙ නැති එකයි අවුල. මොකද අපේ පාසලේත් ඕව ඔය විදිහටම තිබ්බ. උසස් පෙල පන්ත් පටන් ගද්දි අපිට GIT කාලච්ඡේදෙකුත් තිබ්බ. අපි ඒකෙ GIT ගියත් ඒකෙ හිටිය ගුරැතුමා අන්තර් ජාලෙමයි. ගැලවෙන්නෙ නෑ. ළමයි හැමදාම ගේම් ගහන්ව. අනිත් ඒවට නෙ‍ට් දාල නෑ. වැඩිම 3-4 කට විතරයි. මෙහෙම ටික කාලයක් අපේ පන්තිය ගියත් අනිත් පන්ති  යන්නෙ නෑ. එක්කො ඒවගෙ අනිත්ව උගන්වනව. අන්තිමේට අපේ එකටත් ඔය ටිකම උනා. ඒත අපේ ළමයිගේ හා සර්ලගෙ වැඩ නිසා ආයෙත් GITආව. මෙහෙම අවුරැද්දක් විතර ගිය. ‍‍දෙවෙනි අවුරැද්දෙ අලුත් සර් කෙනෙක් ඇවිත්. ඒත් එයාට තියරි ‍පොඩ්ඩක් දැනගත්තට ප්‍රැක්ටිකල්නම් 0යි. ඒ දන්න තියරිත් කියාගන්න තේරෙන්නෙ නෑ. අපිට මෙයා මාසයක් විතර කලා. ඒත් වැඩේ සාර්ථක නෑ. ‍මෙයා මුකුත් දන්නෙ නැති නිසා ළමයි සර්ව අන්දනව. උගන්වන්නෙ ළමයිගෙන් අහන්. ළමයි ඉතින් සර්ගෙ හැටි දැනගෙන බොරැ කියනව. ඉත්න් මෙහෙම ළමයි ඉගන් ගන්න කැමති නෑනෙ. මේ සර් සිලබස් එක හොයාගන්නත් මාසයක් විතර ගියා. මගෙනම් මතය දැන් ඉන්න ළමයි සර්ලට වඩා දන්නවත හුගක් ප්‍රැක්ටිකල්. ඉතින් ඉපදුන දවසෙ ඉදන් පරිගනකෙ ඉන්න ඒ අයට උගන්වන්න අර වලේ විද්‍යාව වගේ කරපු සර් කෙනෙක්ට මාසෙක විතර පුහුණුවක් දීල දැම්මහම හරිද? මේක මීට වඩා ප්‍රායෝගික වෙන්න ඕනෙ. අනික සර්ල පරිගණකය‍ට හරි බයයි. හිතල කරන්න ‍දන්නෙම නෑ. ‍පොතෙන් පිට යන්නෙත් නෑත මෙහෙම අය කොහොමද ළමයෙක් අහන් ඒකට හැරි උත්තර දෙන්නෙ.

ඒ මොනව උන්ත අලුත් දෙයක් ඉගන ගන්න පුලුවන් වෙයි කියල අපේ ළමයි ගියා. සමහර අය පරිගණක දැකපු අය විතරයි. විශේෂයෙන් ඒ අය‍ට වගේම අපිටත් ලොකු ඕනෙ කමක් තිබ්බ මේක විෂයක් හැ‍ටිය‍ට කරන්ත. ඒක ‍නිසා පාසල් ප්‍රජාවෙන් කොච්චර බලපෑම් ආවත් අපි සර්ල දිරි ගන්නව ගන්නව ගියා. මම හිතන්නෙ එහෙම ගිය එකම උසස් පෙල පන්තිය අපේ පන්තිය. මොකද අනිත් පන්ති වල අය‍ට මුලදිම මේක එපා වෙලා, නිරස වෙලා.

අන්තිමේ‍ට අපි‍ට කරන්න (සර්ට උගන්නමින ඉගන ගන්න)  මාස 1-2 ක්වත් බැරි උනා. අපේ කාලසටහනෙන් GIT අයින් කළා. ඇතමයි රජය වියදම් කරන්නෙ මේකටද? ඇයි මේක හරිය‍ට කරන්න බැරි. අපේ වගෙත් දිවයිනෙ ප්‍රධාන පාසලක ඔහොමන්ම් අනිත්වගෙ කොහොම ඇත්ද? මේකට මොනව හරි කරන්න පුලුවන් අය නැද්ද? අපේ සර්ලට මේක දිය කරල පොවන්නවත් බැයිද?

මේක සංහල පාවිච්චි කරන අපිටම හදපු එකක්. මේක මම හොයාගත්තෙ කාලිංග අයියගෙ බ්ලොග් එකෙන්. මේ ගැන වැඩි ප්‍රචාරයක් දැක්කෙ නැති නිසා මට හිතුන ලියන්න. මේක අපි ගිනි නරියගෙන් අන්තර්ජාලෙ සැරිසරද්දි අපි‍ට නොයෙක් නොදන්න සුද්දගෙ භාෂාවෙන් වචන හම්බෙනව. මේකෙන් කරන්නෙ ඒ වචන ලගට මූසිකය ගෙනිච්චහම ඒවගෙ ‍තේරැම වැටෙන එකක්.

මට හිතෙන විදිහට මෙකෙ ගිනිනරිය 3 හි ලිපිනය මේක

https://addons.mozilla.org/en-US/firefox/addon/6422

ඒත් හුගක් අය බාගෙන තියෙන්නෙ මේ ලින්ක් එකෙන්. ඒකට හේතුවක් තමා ‍මේක ගිනිනරිය 2 ‍ට ආව එක.

https://addons.mozilla.org/en-US/firefox/addon/7846

සිංහල වින්ඩෝස් මගින් ඔබ‍ෙග් පරිගණකයේ ‍ෙෆාල්ඩර් හා ෆයිල් වල නම් ආදී සියලු දේ ඉංග්‍රීසි ආකාර‍ය‍ටම පරිශීලනය කරන්න. එහිදී ෆොන්ට්ස් වෙනස් කිරීමක් අවශ්‍යය නෙ‍ාවේ‍. වින්ඩෝස් විස්ටා හි මෙම සිංහල භාෂාව අනතර්ගත‍ව නිපද‍‍වා ඇති අතර එක්ස්පී වල‍ට ‍එය අලුතින් ස්ථ‍ාපනය කලයුතු වේ. ඒ සදහා අවශ්‍යය ලින්ක් මෙම ලිපිය අවසානේ ඇත.
එමෙන්ම අන්තර්ජාලයේ සිංහල අඩවි වල සැරැසැරීමට Google.lk වැනි අඩවි වල සිංහලෙන් සෙවීම් කල හැකි අත්ර google.lk වල සිංහල තෝරා ඇත්නම් අනෙකුත් ‍විස්තරද සිංහලෙන් ඇත. තවද දැනට විකීපී‍ඩියා විශ්වකෝෂයද සිංහලෙන් දියුනු වෙමින් පවතී. එහි බොහෝ ලිපි සිංහලෙන් ඇත. ගූගල් සමූහ වලද සිංහල යුනිකොඩ් ඇත
එමෙන්ම සංහල නොකියා ජංගම දුරකථ වලද සිංහල යුනිකොඩ් ඇති නිසා එම දුරකථන වලට ඊමේල් යැවීම, SMS යැවීම ද සිදුක‍ල හැක.
මේ සියලු දේ විදීමට සිංහල වින්ඩෝස් අවශ‍්‍ය‍ය.එමෙන්ම වින්ඩෝස් විස්ටා හා එක්ස්පී වල හරියාකාරව සිංහල ටයිප් කිරීම‍ටනම් සිංහල යුනිකොඩ් සමග එන sinhala Kit ස්ථාපනය කර ධ‍ාවනය කල යුතුය. එමගින් ටයිප් කිරීමේදී ඇතිවන අකුරැ ගැලපීමේ දෝශ නිවැරදි කරයි.
සිංහල යුනිකොඩ් හරියාකාරව ස්ථාපනය කරන අයුරැ රෑප සහිතව දක්වා ඇත. මෙම භාෂා මාරැ කිරීමට කෙටි මං shortcut key යෙදීම ටයිප්කිරීම පහසු කරයි.

සිංහල යුනිකොඩ් බාගත කිරීමට http://www.mrt.ac.lk/sinhala/SinhalaXP1.0.zip පිවිසෙන්න.

සින්හලෙන් බ්ලොග් ලියන්ට, සර්ච් කරන්ට, ඊ මේල් ගහන්ට කෑමති අයට ලේසියෙන් ටයිප් කරපුව සින්හලට හරව ගන්ට ලේසිම විදිය

http://unicode.malindaprasad.com


There is have to Convert english word to sinhala Unicode. You can type in english. then its view in sinhala as image

http://unicode.malindaprasad.co.cc/

Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda's Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions