කලින් HSPA සම්බන්ධතා වල ගැටලු කීපයක් ගැන කථා කලා. සමහර ඒව විසදගන්න ආකාරය ගැනත්
Boost HSDPA & WiFi Signal – HSDPA හා WiFi සිග්නල් වැඩිකරමු
Think Before Migrate HSDPA to HSPA | Low Signal, Dongle Disconnect and Make Call from Dongle
ඒත් මේ වගේ වැඩ කරද්දි ගැටලු තියනව. විශේෂයෙන් ගෙයක් ඇතුලෙ වගේනම් ඇන්ටනාවක් හරි කචල්. අනික ලැප්ටොප් එකක් භාවිතා කරනවනම් එකමතැන ඉන්න වෙනව. යන්න එන්න බෑ. සිග්නල් අඩුම වෙලා තියෙද්දි වයර් එක දික් කරල යද්දි හොදට පවර් ඕනෙ. ඒවගේම හැමවෙලේම එකම වගේ සිග්නල් නෑනෙ
USB Extension වැඩෙත් එහෙමයි. ඒත් මේකට හොද විසදුමි කීපයක් හම්බඋනා.
එකක් තමා 3G – WiFi Router
ඉස්සර මේව හුගක් ගනම් උනාට දැන් අඩුයි. Ebay එකේ වගේම prolink එකේ තිබ්බත් ඒවගෙ මිල, විවිධ කාරනා නිසා ගන්න බැරිඋනා. ඒත් මේලගදි Nex එකට ගිය වෙලාවක ඒකෙ තිබ්බ 3G – Wifi රවුටර්. මිලත් රු 6000ක් ආසන්න කීව නිසා අරන් ආව
වර්ගය Tp-link. මේකට ඩොන්ගල් එක ගහල සිග්නල් තියන තැනකින් සෙට් කලානම් හොදට WiFi වලින් යන්න පුලුවන්. දැන් කිසි කරදරයක් නෑ. අනික මේකෙ OS එකේ හුගක් feature තියනව. Firmware Updare කරල ඩොන්ගල් හුගක් සහය දක්වන්න හදාගන්න පුලුවන්. ඒවගේමයි Local Wireless Network එක 300Mbps වැඩ කරන්න (ඒත් මගෙ ලැප උපරිම 154 ද කොහෙද)
මමත් උඩතට්ටුවෙ සෙට් කලා.
Wifi සාමාන්‍යය කලින් භාවිතා කරපුවට වඩා හුගක් ප්‍රබලයි. සිග්නල් අවුලක් තියනවනම් අරන් බලන්න. ගෙදර උඩකින් හරි, හොදට සිග්නල් තියන තැනකින් තියන්න. (අහල පහල ගෙදරකින් උනත් අවුලක් නෑ. )
Wifi ත් ගේ ඇතුලෙ තිබ්බත් මීටර 50 ට වඩා වැඩ කරනව
අහල පහලකින් තියනවනම් passwordවෙනස් කරල, WPS Disable කරල තියන්න අමතක කරන්න එපා
අනිත් විසදුම තමා Android දුරකථන වල Hotspot කියන පහසුකම.
මම කලින් ලිව්ව වගේ Etisalat Huawei Ideos 7 එක 2.2 වලට Update කලාම (මෙතනින් කියවන්න) මේ Feature එක තිබ්බ. මම හිතන්නෙ Androide 2.2 වලින් උඩ ඒවගෙ තියනව. ඒකෙන් 3G අන්තර්ජාල සම්බන්ධතාවය Wifi හරහා Share කරගන්න පුලුවන්
මේ Galaxy එකක ඕෂධ මල්ලි ගත්ත Screen Shot
Settings >Wireless and Network

Mobile AP

ඒකෙ Mobile AP Settings වලින් Ape SSID හා Password එක දෙන්න පුලුවන්

ඉන්පසු Enable AP දෙන්න පුලුවන් (කලින් Wifi Network එකකට සම්බන්ධ වෙලා ඉන්නවනම් Disconnect කරන්නද අහනව)
ඊට පස්සෙ ලැප්ටොප් හරි Wireless කාඩ් එකක් තියන PC එකකින් හරි වෙන මර්ගයකින් ඒ Wireless එක භාවිතා කරල යන්න පුලුවන්

Enable AP කරපුවහම Password එක හා අනිත් විස්තර පෙන්වනව.
ඒ වගේ පොඩි සැකමුම් වගයකින් Phone එක Accesspoint එකක් කරගන්න පුලුවන්. Huawei එනම් ටිකක් රත් වෙනව. ඒත් හොද වේගයක් ආව. මේ වැඩේ කරල සිග්නල් එන තැනකින් Phone එක තියල Wifi වලින් නිදහසේ යන්න පුලුවන්
Android වලට අමතරව මේ පහසුකම අනිත් ඒවටත් තියනව. මෘදුකාං මගින් කරගන්න පුලුවන්. Windows Mobile 6.5 වල කරල තියනව. Iphone වලත් පුලුවන්. හැබැයි පෙරනිමියෙන් OS එක සමග එන්නෙ නෑ











































