Browsing Posts in Software

කලින් සංස්කරනයෙ අන්ලොක් කෝඩ් එක හැදුවෙ bb5.at අඩවිය මගින්. නමුත් මෙම සංස්කරණයෙ කෙලින්ම මෘදුකාංගය මගින්ම හදාගන්න පුලුවන්. අන්තර්ජාලය නැතිවම‍. මේකට මුලින්ම ස්තූති වෙන්න ඕනෙ සදීප අයියට. එයා තමා මේකෙ කොඩ්ටික හොයල දුන්නෙ. C# කොඩ් ටික මේල් එකක් එවල තිබ්බ. මම ඒව VB වලට හරවල වැඩේ කරල බැලුව. කොඩ් සමානයි.

ඩවුන්ලෝඩ් කරල දාල බලන්න

කලින් දාපු සයිට් එක සමහර අයට ලෝඩ් වෙන්නෙ නෑ කීව. ඒකත් හැදුව.

Huaweitool.malindaprasad.com (http://sites.google.com/site/huaweiunlocktool/)  මගින් බාගත කරගන්න පුලුවන්


මමත් බොහෝ කාලයක් Huawei Modem අන්ලොක් කරන විදිහ හොය හොයා හිටියෙ. අන්තිමේට සදීප අයිය කිව්ව ක්‍රමයක් (http://sadeepasepala.blogspot.com/2010/03/huawei-hsdpa-usb-unlock.html) ඒක කරල බැලුවහම ලේසි ක්‍රමයක්. ඒත් Hyperterminal එකත් එකක් වැඩ කරන්න සමහරුන්ට පොඩ්ඩක් අමාරු නිසාත් වින්ඩෝස් අලුත් සංස්කරන වල මේක ‍හොයාගන්න නැති නිසාත් හිතුන මේකට මෘදුකාංගයක් හදන්න
මේ දවස්වල බ්ලොග් ලියන්නත් වෙලාවක් තිබ්බෙ නෑ. තිබුණ වෙලාවෙ අර අන්ලොක් කරන එක හැදුව. ඒකෙ අන්ලොක් කෝඩ් එක හදන්නෙ සදීප අයියගෙ බ්ලොග් එකේ තියන bb5.at අඩවියෙන්. මේකෙන් අන්ලොක් කරන එක‍ ලේසි කරල තියෙන්නෙ. ඒ කියන්නෙ මොඩම් එකේ ඩ්‍රයිවර්ස් දාල මෘදුකාංගය ගන්න විතරයි තියෙන්නෙ. ඒකෙන් COM පෝර්ට් එක තේරුවහම මෘදුකංගයෙන් IMEI හා මොඩමයේ විස්තර පෙන්වනව. ඉන්පසු GetUnlock Code මගින් කෝඩය ගෙන එම මෘදුකාංගයෙන්ම එම කෝඩ් එක මොඩම් එකට යව අන්ලොක් කරගන්න පුලුවන්.
ඒවගේම මොඩම් එක අන්ලෙක්ද නැද්ද, තව අන්ලොක් කෝඩ් කී පාරක් ගහන්න පුලුවන් කියලත් බලාගන්න පුලුවන්
තාම පොඩි පොඩි ලෙඩ ඇති. මම ඊයෙ හැදුවෙ. අද මොඩම් දෙකක් අන්ලොක් කරල බැලුව. අවුලක් තිබ්බොත් කියන්න.

ටූලය බාගත කරගැනීමට
http://huaweitool.malindaprasad.com/ වෙත පිවිසෙන්න

යාවත්කාලීන

http://blog.malindaprasad.com/2010/05/24/huawei-unlock-tool-v2-released/

හුග කාලෙකින් තමා මේ බ්ලොග් එක ලියන්නෙ‍. විභාගෙත් ඉවර උනාට මෙලෝ දෙයක් කලේ නෑ. එහෙ මෙහෙ යනව. දැන් මාර නිදහසක්. මේ ලියපු නැති දවස් වල ලියන්නනම් ‍දේවල් ගොඩයි. ඒත් ලියන්ට හම්බුනේ නෑනෙ. හරි ඒව පස්සෙ ලියමුකො.
දැන් ලියන්න හදන්නෙ ටිකක් වෙස් මෘදුකාංගයක් ගැනයි. සාමාන්‍යයෙන් බොහෝ වෙබ් කැමරා එකක් විවිදාකාරයේ මෘදුකාංග හමුවෙනව. ඒත් ඒවාට වඩා ටිකක් වෙනස් ඒ වගේ ස්ලෝ වෙන්නෙ නැති එකක් තමා මේ මෘදුකාංගය. මේකෙන් ආපේ කැමරාව ඇතුව හෝ නැතිව තමාට වර්චුවල් කැමරාවක් හදා ගන්න පුලුවන්.
සයිබර්ලින්ක් යූ කෑම් කියන එක ‍එහෙම මාර විදිහටනෙ ස්ලෝ වෙන්නෙ‍. ඒත් මේකෙ ‍එහෙම නෑ. ඒ වගේම ඊට වඩා හුගක් දේවල් මේකෙන් කරගන්න පුලුවන්. වැදගත්ම දේ තමා මේකෙන් හදන වර්චුවල් කැමරා‍ව, එක පාර මෘදුකාංග කීපයක භාවිතා කරන්න පුලුවන්. ඒ කීවෙ සාමාන්‍යය කැමරාවකින් අපි ස්කයිප් ඇමතුමක් ගන්නවනම් ආයේ ඒ කැමරාව වෙන ඒවාග එප පාර භාවිතා කරන්න බෑනෙ. ඒත් මේකෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්. අපේ කැමරාව මේ මෘදුකාංගය හරහා අරගෙන එක පාර කීප තැනක භාවිතා කරන්න පුලුවන්.
මේකෙන් කරගන්න වැඩ ගොඩක් කරගන්න පුලුන්. අපිට ඕනෙනම් අපේ කැමරාව නැතිව ඒ වෙනුවට පින්තූරයක්, අපේ තියන පොඩි වීඩියෝ ක්ලිප් එකක්, නැතිනම් ෆිල්ම් එකක් උනත් දාගන්න පුලුවන්. අපිට ‍අපේ තියන ෆීල්ම් එකක් වෙනත් එකක්කෙනෙක්ට අන්තර්ජාලය හරහා තෝරගන්න දෙන්න එහෙම මේ ක්රමය මරු. මොකද සම්පූර්ණ ෆිල්ම් එකම බාගන්නවත් උඩුගත කරන්නවත් ඕනෙ නෑ. ඒ වගේම තමා මේකෙන් අපේ කැමරා පාන්තූරයට එකක එක රූප (Avatars) දාගන්න, Effect දනේන පුලුවන්. තව ඕනෙනම් අපේ ඩෙස්ක්ටොප් එකක් උනත් ඒ යට පෙන්වන්න පුලුවන්. මුලු ඩෙස්ක්ටොප් එක නැතුව කොටසක් හරි ඕනෙනම් පුලුවන්.
තව වැදගත් වැඩක් පුලුවන්. අපේ පසුබිම අයින් කරන්න පුලුවන් මේකෙන්. ඒ කියන්නෙ අපි පිටිපස්සෙන් වෙනමම කොල පා‍ට වගේ තිරයක් දාන්න ඕනෙ නෑ. කරන්න තියෙන්නෙ අපි නැතිව අපේ පසු‍බිමේ පින්තූරයක් මෙයාට දෙන එකයි. එතකොට මේකෙන් අපි වෙන පසුබිමක තියාගන්න පුලුවන්. හැබැයි ආලෝකය හරියට තියෙන්න ඕනෙ. තව වැදගත් වැඩ ගොඩක් තියනව. ඒවගේම මේ ක නොමිලේ දෙන මෘදුකාංගයක්. දාල බලන්න.

321

මෘදුකාංගය – ManyCam-  http://www.manycam.com/

අපි හැම තැනම ‍අපේ ලියකියවිලි පෙන් ඩ්‍රයි එකක් හෝ හාඩ් තැ‍ටියකට දාගෙන යාන අයට තම නිවසේ භාවිතා කරන මෘදුකාංගය හැම තැනම භාවිතා කරන්න අවස්ථාව දැන් හිමිව තිබෙනව. මේ අනුව මේ දැන‍ට බොහෝ මෘදුකාංග වල පොටබල් සංස්කරනය දැනට නිකුත්ව තිබෙනව. මේවට සීරියල් ක්රැක් අවශ්‍යය නැති අතර තමන් ගෙනයන පෙන් එකේ දාගෙන යාහැකි අතර අවශ්‍යය පරිගණකයේ ගෙදර ආකාරයකටම වැඩ කටයුතු කලහැකිය.
http://portableapps.com/
http://goleech.org/?s=portable
http://goleech.org/?s=portable+adobe
http://www.4shared.com/network/search.jsp?searchmode=2&searchName=portable

මේක කුඩ මෘදුකාංගයක්. හැබැයි වැඩ ගොඩයි. සාමන්‍යයෙන් තම ජංගම දුරකථනය සමග ලැබෙන මෘදුකාංගයට වඩා වැඩි යමක් කරගැනීමට නමි හොන්දම මෘදුකාංගය මයි ෆෝන් එක්ප්ලෝරා. එහි විශේෂාංග රැසකි. තම සෝනි එරික්සන් දුරකථනය USB හරහා Phone Mode හෝ Bluetooth නැතිනම් IR හරහා තම පරිගණකයට සම්බන්ධකර මෘදුකාංගයේ ඇති Search Device ක්ලික් කල පසු තම දුරකථනය පහසුවෙන් හදුනාගන්නා අතර ඉන්පසු එහි ඇති සිටලු දේ මෘදුකාංගය මගින් බාගත කරගනු ලබයි.

ඒ අතර දුරකථන නාමාවලිය, කෙටිපණිවිඩ, කැලැන්ඩරය වේ. මෙසේ බාගතකරගනු ලබන තොරතුරැ පහසුවෙන් සොයාගත හැකි පරිදි වර්ග කරනු ලබන අතර, ඒවා වෙනස් කිරීමට මෙන්ම නව ඒවා එක් කිරීමටද මෙමගින් හැකියාව ඇත.

එලාම් තිබීමට, ෆයිල් කොපි කිරීමට මෙන්ම දුරකථනයේ මතකයන් වෙන වෙනම දැනගැනීමට, සිග්නල් තත්වය බැලීම මෙන්ම කෙටිපණිවිඩ යැවීමටද හැකියාව ඇත. මෘදුකාංගය Tray එකට හෝ Minimize කර ඇති විටද ලැ‍බෙන කෙටිපණිවිඩ පවා බැලුනයක ආකාරයට පෙන්නුමු කරයි. එමෙන්ම ඇමතුම් ගැනීමට, එන ඇමතුම් වල‍ට ප්‍රතිචාර දීමට, මෙන්ම දුරකථකනයේ යතුරැපුවරැව පරිගණකයෙන් පාලනය‍ට මෙමගින් මනාව අවස්තාව සලසා දෙයි.

දුරකථනය කලමනාකරනයට පමනක් නොව පරිගණකය හරහා දුරකථනය පරිහරනයටද මෙය හොන්ද මෙවලමකි.

බාගැනීමට – http://www.fjsoft.at/en/downloads.php

දැන් ඩයලොග් සමාගම අන්තර්ජාලයේ නොමිලේ දෙන සේවාවන් කොපිකර ඒව සිය පාරිභෝගිකයන්ට ලබා‍දීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටිනව. හැබැයි මුදලට. අවසන් වරට ෆෝන් බැකප් මුදලට දුන්න. දැන් ඩයලොග් මැසෙන්ජර්කියල සේවාවක් පටන් අරන්. කියන්නෙ ලංකාවෙ ප්‍රථම වරට කියල. ඒත් මේ සේවාව මුදල් ගෙවාම ගන්න දෙයක් නෑනෙ. ඒකට ඕනෙ තරම් ක්‍රම හා මෘදුකාංග අන්තර්ජාලෙ තියනව නිකම්.

මෙයාල මේකට ගූගල්ත් ගාවන්. කථාවෙ හැටියට මෙහෙමයි, ලංකාවෙ ප්‍රථම වරට ඕනෙ තරම් මැසේජ් කරන්න දැන් මාසෙකටම රැ 50/= යි කියල කියන්නෙ. ඒකට දෙන්නෙ ෆෝන් එකට දාගන්න මෘදුකාංගයක්. ඒක අන්තර්ජාලෙ හා සම්බන්ධ වී මෙම් මැසෙන්ජර් සේවාව සපයනව. කොටින්ම කියතොත් මේක චැට් කරන මෘදුකාංගයක්. වෙනසකට තියෙන්නෙ ඩයලොග් මැසෙන්ජර් කියල අලුත් සේවාවක් හදුන්වා දෙන එක. හැබැයි 50ට අමතරව අන්තර්ජාල සදහා GPRS ගාස්තු අයකරනව.

ඒත් මේ වෙනුවට ඕනෙ තරම් මෘදුකාංග නොමිලේ තියන්ව. Buddy,bing වගේ ඒව. මේ ජාව මෘදුකාංගයක් බාගත්තහම අප‍ට ගූගල් විතරක් නෙවේ, යාහූ, ලයිව් මැසෙන්ජර්, අයිඑම් වගේ ලෝප්‍රක‍ට මැ‍සෙන්ජර් සේවාවන් හා නොමිලේ එකම ෆෝන් එකෙන් එකවර සම්බන්ධවිය හැකි. bing මෘදුකාංගය ඒ අතර විශේෂයි. මොකද ඒකෙන් චැ‍ට් කරද්දි පැයක් චැ‍ට් කලත් රැ 2 – 5 අතර ගානක් අයවෙන්නෙ. සමහර විට රැපියලක්වත් නෑ. ඒත් මේ දෙන එක කොහොම එකක්ද දන්නෙත් නෑ. දිගට හරහට GPRS භාවිතා කරොත්….. ඉතින් මෙහෙම මුදල් දිදී ගන්නවට වඩා නොමිලේ දෙන ඒවා කොතරම් ලාබදායකද?

ඒත් අපේ සමහරැ මේව දන්නෙ නැතුව දාගන්නවනෙ. හැබැයි ආසාවක් තියනවනම් දාල බලන්න. මොකද මේක සැප්තැම්බර් 15 වෙනකම් නිකම් දෙන්නෙ. ඒත් GPRS  අයවෙයි. මේකට එම මෘදුකාංගය දාගත හැකි දුරකථනයක් අවශ්‍යයි.


මේක සිංහල ෆයර්ෆොක්ස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්, ඊට වඩා ඩනිෂ්ක අයිය‍ට. ඒ වගේම මෙ‍ච්ච‍ර කල් ගෙන ගිය නිවැරදිකිරීම් වල ප්‍රතිපලයක්. ඩයලොග් සමාගම නිකුත්කරන Zero77 සගරාවේ අගෝස්තු නිකුවේ, එනම් අගෝස්තු 3 දින නිකුත් වීමට නියමිත නිකුතුවේ සිංහල ෆයර්ෆොක්ස් ගැන් විස්තරයක් ඇතුලත්. මට හිතෙනිනෙ ඒකෙනම් හරි. පින්තූරය‍ට යටින් ඒක සිංහලට සංර්ධනය කලේ ධනිෂ්ක අයිය කියලත් තියනව. වැඩිවිස්තර සගරාවෙන්ම බලාගන්න. මම හිතනව මේකෙ විස්තර හරි කියල

rss4වස්‍‍ටා සමග නොමිලේ දෙන සයිඩ්බාර් එකේ එක ගැජට් එකක් තියනව rss RSS කියවන්න පුලුවන්. ඒකට බ්ලොග් එකක් හරි වෙනත් අඩවියක හරි RSS ලින්ක් එක දීමෙන් ස්වයංක්‍රියව යාවත්කාලීනයන් දර්ශනය කරගත හැකි අතර අපි ලින්ක් කීපයක් එකතු කලොත් සිංහල ‍බ්ලොගර් සින්ඩිකේටරයේ වගේ අලුත් පිලිවෙල‍ට කියවා ගත හැකි.

මේක‍ට ලින්ක් එකක් කෙලින්ම ඇඩ් කරන්න අමාරැයි. ඒකට කරන්න ඕනෙ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වල්න් අදිල ලින්ක් එක ඕපන් කරන්න. උදාහරනයක් විදිහට මාගෙ බ්ලොග් එකේ තියන අයිකනයෙන් ගන්න පුලුවන්.   ඒත් ‍මේක XML rss4‍ෆෝමැ‍ට් එනෙන් තියෙන්න ඕනෙ. නමුත් ‍ෆිඩ් සමහර ඒවගේ බ්‍රවුසරය‍ට අනුව එම ෆීඩ් එක සෑදීමක් කරනව. එතකොට ෆීඩ් එකේ අයිකන් එහෙම ගොඩයි. එතනින් rssATOM කියන එක ගන්න, එතකොට බ්‍රවුස‍රේ එයාගෙම ෆෝමැට් එකක‍ට ‍ෆිඩ් හදාගන්නව. ඊ‍ට පස්සෙ  උඩ තියනව 1  subscribe කියල, 2ඒකට හරියක් දාන්න. නැත්නම් ක්ලික් කරන්න. එතකො‍ට හරි. හරිගියහම You’ve Successfully Subscribed to this feed වැටෙයි 3 . වෙනසක් කරගන්න ඕනෙනම් ඇඩ්රස් බාර් එක‍ට යටින් තියන තරැව (Bookmark) ගත්තහම එතන තියනව feed කියල. ඒකෙ ඇති subscribe කරපු ‍ෆීඩ්. මේව වෙනස් කරගන්න පුලුවන්4 .

මේකෙ සිංහලත් කිසි අවුලක් නැතුව වැඩ. මරැ. කරල බලන්න

මේක සංහල පාවිච්චි කරන අපිටම හදපු එකක්. මේක මම හොයාගත්තෙ කාලිංග අයියගෙ බ්ලොග් එකෙන්. මේ ගැන වැඩි ප්‍රචාරයක් දැක්කෙ නැති නිසා මට හිතුන ලියන්න. මේක අපි ගිනි නරියගෙන් අන්තර්ජාලෙ සැරිසරද්දි අපි‍ට නොයෙක් නොදන්න සුද්දගෙ භාෂාවෙන් වචන හම්බෙනව. මේකෙන් කරන්නෙ ඒ වචන ලගට මූසිකය ගෙනිච්චහම ඒවගෙ ‍තේරැම වැටෙන එකක්.

මට හිතෙන විදිහට මෙකෙ ගිනිනරිය 3 හි ලිපිනය මේක

https://addons.mozilla.org/en-US/firefox/addon/6422

ඒත් හුගක් අය බාගෙන තියෙන්නෙ මේ ලින්ක් එකෙන්. ඒකට හේතුවක් තමා ‍මේක ගිනිනරිය 2 ‍ට ආව එක.

https://addons.mozilla.org/en-US/firefox/addon/7846

අපේ ලංනාබෙල් එකේ නෙට් ස්ලෝ ඒත් IDM  දාල මොකක් හරි බාද්දි සමහර වෙලාවට 10kbps වෙනකම් නගිනව. ඒත් ඒක ඉක්මනට බහිනව  0kbps හැම වෙලාවෙම වෙනස් විවී, 0-10 අතර තියනව. ඒත් හුග‍ වෙලාව‍ට 0 තමා. ping කලාම 1000ගනන් එන්නෙ. ඉතින් එක ඉවසන්න බැරිම තැන මම ඔපෙරා දැම්ම. ඒකත් එමමයි. අන්තිමේට ස‍ෆාරි දැම්ම. ඒකන්ම් අන්ත්ව‍ට වඩා ‍ටිකක් හොන්දා. මේක ‍ඩයලොග් CDMA වල‍ටත් එහෙමයි. මම හිතන්නෙ සෆාරි CDMA වලට ගහපු එකක්.

Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda's Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions