Browsing Posts in Telecommunication

ටෙලිකොම් එකෙත් දැන් ඉන්ටර්නෙට් හුගක් අවුල්. ඒ අය අලුත් පරණ භේදයක් නැතිව FUP දානව. ඩයලොග් වල අලුතෙන් දෙන හැම Fixed Broadband එකටම FUP. බලන් යද්දි FUP නැත්තෙ Lankabell, suntel හා ඩයලොග් රැ 20/- හෝ රු 50 පැකේජ වලට විතරයි. අනිත්ව ඔක්කොම සීමා සහිතයි (ඩයලොග් ඒවත් විනාඩි ගානට සීමා කලාට ඒ වෙලාවෙ Data Unlimit)
මුලින්ම සම්බන්ධතා 110 සිට දැන් අනිත් අයටත් FUP දාන්න පටන් අරන්. ඒ දවස්වල ටෙලිකොම් කියපු විදිහට ඔය ලිමිටඩ් පැකේජ හදුන්වාදෙන්න කලින් ඒ අය 110 දෙනෙක් සීම කලා
http://blog.malindaprasad.com/2010/09/05/slt-adsl-fup-block-hevy-downloading-connection/

ඉන්පසුව මේ ලිමිටඩ් අන්තර්ජාල සම්බන්ධතා හදුන්වා දීල තියෙන්නෙ. මුලින්ම ඔය 110 ට මගෙ යාලුවෙකුත් ඇතුලත් උන නිසා අපි ටෙලිකොම් කළමනාකරුවෙක්ව හම්බෙන්න ගියා. ඒ පාර එය Mobile Broadband හා Fixed Broadband සමානයි කියල හිතන් ඔය ඩයලොග් වලත් දෙන්නෙ. 2GB වලින් පස්සෙ FUP එකක් කියනව.

එහෙම කරල මේ අය අනිත් පැකේජ වලටත් මේ අවුල දාන්න පටන් ගත්ත
http://blog.malindaprasad.com/2011/01/20/with-qos-slt-apply-fup-for-old-packages/
මේ අයගෙ වේග සීමා කිරීම කියල කරන්නෙ මේ වැඩිපුර බාන අයව අරන් වෙනමම Pool එකකට දාල සීමා සහිත Bandwidth එකක් ඒ අය වෙනුවෙන් වෙන් කරන එක. එතකොට හැමෝම බාන අය නිසා හැමෝටම ස්ලෝ
ඒක නිසා මගේ යාලුවෙක් ඉන්නව තාම ටොරන්ට් විතරයි බාන්නෙ. එයාට වෙන වැඩක් කරගන්න බෑ.
මෙහෙම කලාට අවුලක් නෑ. ඒත් ඒව ගැන පැහැදිලිව පාරිභෝගිකයන්ට කියන්න ඒනෙ. මුල් දවස්වල පූජා උමාෂංකර් නිමානොවන අසීමි චාරිකාවක් කියල යද්දි ඔය සීමා කථාවක් කීවද. අසීමත අන්තර්ජාල සේවා කියල කිව්වෙ. ඒත් දැන්.. ඒ හැමෝටම කිසිම දැනුම් දීමකින් තොරව මෙහෙම කරල.

මේ ගැන කාලිංග අයියත් හොද ලිපියක් ලියල තියනව
sinhala.kalingasblog.com/2011/12/02/slt-adsl-sucks/

ඇත්තටම TRC එක කියන විදිහට මේ අය පරණ පැකේජ බ්ලොක් කරන්න කිසිම අයිතියක් නෑ. අලුත් අයව විතරයි FUP දාල පාලනය කරන්න අයිතිය තියෙන්නෙ. ඒත් ඒ නීති මායිමකට නොගෙන මේ අය හොදට කට්ටිය FUP දාල ස්ලෝ කරනව.
අපිත් බ්ලොක් කරා කිය කිය ඉන්නෙ නැතිව හැම වෙලේම මේ අයට පැමිණිලි කරන්න ඕනෙ. නැත්තම් අපි ඒ අය කරන වැඩේ අනුමත කලා වෙනව. හැම වෙලේම පැමිණිලි කර කර කරදර කලාම තමා ටිකක් හරි ඒ අය පිලියමක් හොයන්න උනන්දු වෙන්නෙ.
මොකද දැන් දෙන පැකේජ වල FUP කථා තිබ්බට ඉස්සර දුන්න එක පැකේජයකවත් FUP කථාවක් තිබ්බෙ නෑ

මගෙ යාලුවෙක්ගෙ ගෙදරට මේ අවුල ආව. දන්නෙ නෑ වගේ SLT එකට කීවහම අද හදන්නම්, හෙට හදන්නම් කියනව. ආයෙ ආයෙ කථා කලාම අලුතෙන් පැමිණිලි ගොණු කරනව. විසදුමක් දෙන්නෙ නෑ. කියන්නෙත් නැ. ඉතින් පැරණි පැමිනිල්ලම ආයෙ දාන්නම් කියනව. ඒ කිවට ඒව ආයෙ දානවද දන්නෙ නෑ.

දැන් සති කීපයක්. පැමිණිලි වලට කිසිම පිලිතුරක් හම්බඋනේ නෑ. අපි ඒ යාලුවගේ Usage එක බලද්දි ඒකෙ සම්බන්ධ උන පෝට් එක එක ඒව තියනව. හරි ඒව සාමාන්‍යය භාවිතා වෙන පෝට්නම් යාලුවෙක් පාස්වර්ඩ් එක උස්සල කියල හිතාගන්න පුලුවන්. ඒත් මේ අතරෙ Gigabit Ethernet කියන පෝට් එකකුත් තියනව. අපි කොහොමද Gigabit Ethernet භාවිතා කරන්නෙ ????

මේකට තනි තනියම පැමිණිලි කරනවට අමතරව සමූහයක් විදිහට පැමිණිලි කරන්න වැඩක් පටන්ගත්තෙ කාලිංග අයියගෙ මූලිකත්වයෙන්. මේ SLT FUP ගැටලුව තියන අය goo.gl/88Jjv ලිපිණයට තමන්ගෙ විතර ලබාදීමෙන් ලබන සදුදා (26-12-2011) දින ජනාධිපති කාර්යාලය, TRC හා SLT වෙත සමූහයක් විදිහට ඉදිරිපත් කරන්න බලාපොරෙත්තු වෙන ලියුමට ඇතුලත් කරගන්න පුලුවන්. ඒකට වැඩි පිරිසකගෙ විස්තර ඇතුලත් වෙනව කියන්නෙ සාර්ථකත්වයක් ගන්න අවස්ථාව හුගක් වැඩි. ඒක නිසා මේ ගැටලුව නිරාකරනය කරගන්න ඔබ සැමගේ උදව්ව අපේක්ෂා කරනව.
*මේ ෆෝමරයට ලබාදෙන විස්තර බෙදාගනු ලබන්නේ TRC, SLT හා ජනාදිපති කාර්‍යාලය සමග පමණයි.

ඒ ගැටලුව දැන් අවුරැද්දක් විතර උනාට තාම පිලියකම් නැති ගැටලුවක්නෙ. ඒත් මේ FUP දාද්දි Web Surfing වලට අඩු වේගයකුත් Torrent වගේ ඒවට වැඩි වේගයකුත් එන්නෙ කොහොමද? මටනම් හිතෙන්නෙ Torrent එකෙන් එක ෆයිල් එක බාන්න ඒක කෑලි කඩල එක එක Connection වෙන වෙනම හදල Request යවන නිසා ඒව හොදින් බෑවෙනව කියල. හරියට වෙබ් පිටුවක ලිපිණය ගහල Enter කල විටම ටිකක් ලෝඩ් වෙලා අනිත් ටික නවතිනව වගේ.

මේකට පොඩි විසදුමක් හම්බ උනා. ඒක කලාම පැහැදිලි වෙනසක් මගේ සම්බන්ධතාවයෙ තිබ්බ. මගේ මේ දවස් වල Dialog හුක් අල. ඒත් ඒ වැඩේ කලාම වේගය ටිකක් වැඩි උනා. මේ ක්‍රමය මම හොයාගත්තෙ Techකතා වලින් (ධනුෂ්ක තමා දාල තිබ්බෙ). මමත් කරල බැලුව‍
මේකෙන් කරන්නෙ MTU Value එක වෙනස් කරන එක

මුලින්ම අපිට හරියන MTU Value එක හොයාගන්න ඕනෙ. මේක වින්ඩෝස් වල පෙරනිමියෙන් එන්නෙ 1500. ඒත් අපිට හරියන එක බලාගන්න ඕනෙ. ඒකට ping tool එක භාවිතා කරනව.එ
cmd එක ගන්න Start එකේ Search වන තැන Cmd කියල ගහල එන cmd කියල application එක Right ක්ලික් කරල Run as Administrator දෙන්න ඕනෙ (Windows 7/Vista). Adminstrator ඕනෙ Settings වෙනස් කරනවනම් විතරයි

දැන් CMD එකේ

ping google.com -f -l 1500

කියල ගහන්න
උත්තරය

Packet needs to be fragmented but DF set.

වගේ එකක් ඒවි. ඒ කියන්නෙ byte 1500 ක් එකවර යවන්න බෑ කියන එක. ටිකෙන් ටික අඩු කර කර උත්තරයක් එන තුරු කරන්න. එක වර 5ක් 10 ක් අඩු කලාට අවුලක් නෑ. මට එක පාරක් 1465 ලෙසත් ඊගාව පාර 1435 ලෙසත් දෙකක් ආව

උත්තරය සාමාන්‍යෙයන්

Reply from 209.85.175.147: bytes=64 (sent 1430) time=302ms TTL=249

මේවගේ අංක වෙනස් වෙන්න පුලුවන්. ඒත් උත්තරයක් එන අගය ගන්න. හැබැයි 1400ට වඩා අඩු කරන්න එපා.

දැන් හරි අගය සොයාගත්ත. මගේ 1430. දැන් මේක සෙට් කරන්න ඕනෙ.

Windows වල

දැන් command Prompt ඒකෙ මේ Command එක ගහල තියන Network Card ටික බලාගන්න

netsh interface ipv4 show subinterfaces

නැතිනම්

netsh interface show interface

එතකොට‍ මේ වගේ පිලිතුරක් එයි

මම අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්නෙ Wifi වලින් නිසා මට අදාල වෙන්නෙ Wireless Network Connection කියන සම්බන්ධතාවය. LAN වලින් සම්බන්ධ වෙනවනම් Local Area Connection එක. Dongle එකකින්නම් Huawei Mobile Connect වගේ එකක්
මේක කොපි කරගන්න. දැන්

ආයෙත්

netsh interface ipv4 set subinterface “Wireless Network Connection” mtu=1435 store=persistent

කියල ගහන්න

මම මේකෙ 1435 කියල ගත්තෙ මට හරියන වැලුයු එක. Wireless Network Connection කියන්නෙ මම සම්බන්ධ වෙන සම්බන්ධතාවය (උඩ පියවරෙන් ගත්ත එක)
දැන් ස්පීඩ් එක පොඩ්ඩක් බලන්න

Router එකේ
මේ සැකසුම router එකෙත් කරන්න පුලුවන්
Router එකේ සම්බන්ධතාවය හදන තැන තියනව MTU අගය දෙන්නෙ

3G Router එකක


DSL Router එකක


DSL Router එකක්


ADSL Router

මමනම් කියන්නෙ රටුටරයක් හරහා සම්බන්ධ වෙනවනම් රවුටරයෙ හදන එක තමා හොදම. ඒත් මේ දෙකේම හැදුවත් අවුලක් නෑ

මම මේ විදිහට MTU අගය 1500 හා 1435 දාල තියෙද්දි පැහැදිලි වෙනසක් ආව මගේ. විශේෂයෙන් Upload වල. මගේ Dialog Broadband. ඒ වගේමයි මම SLT ADSL FUP දාපු සිකුරුගෙ එකේ කරල බැලුව. වෙනසක් තියනව. හැබැයි මගේනම් මේ අගය නිතරම වෙනස් උනා. මතක තියාගන්න හැමවෙලේම මේක හරියන්නෙ නෑ. ඒත් මට 80%ක් විතර හරිගියා. හරි MTU අගය සොයාගද්දි හැම වාරයෙම Reply එන හැරිම එක හොයාගන්න


මේ විදිහට කරල බලන්න පිලියමක් තියනවද කියල. මේක ටිකක් තේර්ම් ගන්න අමාරුනම් Speed Guide වෙතින් මේක කරගන්න Gui එකක් සහිත පොඩි ටූලයක් බාගන්න පුලුවන්

මේ ගැටලුව ගැන කලින් ලියපු ලිපි.
http://blog.malindaprasad.com/2010/09/08/slt-open-small-amount-speed-tap-for-blocked-users-going-to-make-new-package-for-hevy-dowwnloading/

http://blog.malindaprasad.com/2010/09/09/slt-megaline-sms-new-adsl-package-with-fup/

http://blog.malindaprasad.com/2010/09/05/slt-adsl-fup-block-hevy-downloading-connection/

Gmail Lab සේවාවක් වන SMS Chat සේවාවෙන් ලංකාවෙ Dialog වගේම Mobitel ජාල වලට නොමිලේ කෙටිපණිවිඩ යවන්නත් උත්තර ගන්නත් පුලුවන්.
කරන්න තියෙන්නෙ Gmail Lab වෙතින් SMS Chat එක Enable කරගන්න එක
ඒකට Gmail එකේ උඩ තියන දැති රෝදය (Option) ක්ලික් කරල Labs වෙත යන්න

* නැතිනම් Gmail Settins වල Labs ටැබ් එකට


ඒකෙ පල්ලෙහාට යද්දි තියන SMS (text messaging) in Chat කියන සේවාව Enable කරල Save කරන්න

දැන් පැත්තෙන් එයි Send SMS කියල Widget එකක් එයි Chat එකට උඩින්

*මේකට Chat එකට Signin වෙලා ඉන්න ඕනෙ

ඉතන ඕනෙ කෙනාගෙ නම්බරය ගහන්න 07xxxxxxx

මේකට දැනට සහය දක්වන්නෙ මොබිටෙල් හා ඩයලොග් විතරයි
නම්බරය ගහල Enter කලාම ලංකාවෙ Gmail ගිනුමක්නම් රට Srilanka කියල තේරිලා තියෙයි, නැතිනම් තෝරන්න.
කැමති නමක් දෙන්න. (Chat එකේ පෙන්වන්න)
දැන් සේව් කලාම Chat එක පැත්තෙන් එයි එතන ඕනෙ එකක් ගහල යවන්න පුලුවන්

 

මුලින්ම කෙටිපණිවිඩ 50ක් හම්බෙනව. යවන එක පණිවියට එක ගානෙ remaining එක අඩුවෙනව

ඔයා යවන කෙනෙක් රිප්ලයි කලාම ඔයාට කෙටිපනිවිඩ 5ක් හම්බෙනව. හැබැයි උපරිම 50යි. ඒකියන්නෙ Remaining එක 48 තියෙද්දි රිප්ලයි එකක් ආවොත් 50 වෙනව
Gmail එකෙන් යවන ඒවට කීයක්වත් කැපෙන්න නෑ
හැබැයි ඔයා යවන ඒවට එවන රිප්ලයි කලොත් ඒවට ඒ නම්බරයෙන් අය වෙනව. සැප්තැම්බර් 30 වෙනකම් ශත 10 ක් හා බදු (ශත 12යි)
එතනින් පස්සෙ ශත 25යි
පාඩුත් නෑ වැඩේ හැමවෙලේම ඔන්ලයින් ඉන්න අයට ලේසි

මම හිතන්නෙ මේ රිප්ලයි එන නම්බරය Skype වගේ අපේ Email එකටම Unique එකක්. ඒක නිසා ඒ ජාලයෙ ඕනෙ කෙනෙක්ට ඒ නම්බරයට රිප්ලයි කරන්න පුලුවන් වෙන්න ඕනෙ. (කරල බලල නෑ)

වැඩිදුර
කැමති User කෙනෙක් Block කරන්න පුලුවන්. ඒ එයා එව්ව නම්බරයට BLOCK කියල රිප්ලයි කරන එක
UNBLOCK කියල ආයෙ ඒ Email එකෙන් එන Chat ගන්න පුලුවන්

මෙම සේවාව නවත්වනනනම් STOP කියල 4664000 ට යවන්න. එතකොට කවුරුවත් එවන Gmail Chat එන්නෙ නෑ
ඒක සේවාව නැවත සක්‍රිය කරන්න RESUME කියල එවන්න තියෙන්නෙ 4664000 ට
ඒ වගේමයි 4664000 ට HELP කියල ගැහුවොත් help එක එනව

4664000 වෙනුවට SMS ආව නම්බරයකට යැව්වත් වැඩ

කලින් HSPA සම්බන්ධතා වල ගැටලු කීපයක් ගැන කථා කලා. සමහර ඒව විසදගන්න ආකාරය ගැනත්
Boost HSDPA & WiFi Signal – HSDPA හා WiFi සිග්නල් වැඩිකරමු

Think Before Migrate HSDPA to HSPA | Low Signal, Dongle Disconnect and Make Call from Dongle

ඒත් මේ වගේ වැඩ කරද්දි ගැටලු තියනව. විශේෂයෙන් ගෙයක් ඇතුලෙ වගේනම් ඇන්ටනාවක් හරි කචල්. අනික ලැප්ටොප් එකක් භාවිතා කරනවනම් එකමතැන ඉන්න වෙනව. යන්න එන්න බෑ. සිග්නල් අඩුම වෙලා තියෙද්දි වයර් එක දික් කරල යද්දි හොදට පවර් ඕනෙ. ඒවගේම හැමවෙලේම එකම වගේ සිග්නල් නෑනෙ

USB Extension වැඩෙත් එහෙමයි. ඒත් මේකට හොද විසදුමි කීපයක් හම්බඋනා.
එකක් තමා 3G – WiFi Router

ඉස්සර මේව හුගක් ගනම් උනාට දැන් අඩුයි. Ebay එකේ වගේම prolink එකේ තිබ්බත් ඒවගෙ මිල, විවිධ කාරනා නිසා ගන්න බැරිඋනා. ඒත් මේලගදි Nex එකට ගිය වෙලාවක ඒකෙ තිබ්බ 3G – Wifi රවුටර්. මිලත් රු 6000ක් ආසන්න කීව නිසා අරන් ආව
වර්ගය Tp-link. මේකට ඩොන්ගල් එක ගහල සිග්නල් තියන තැනකින් සෙට් කලානම් හොදට WiFi වලින් යන්න පුලුවන්. දැන් කිසි කරදරයක් නෑ. අනික මේකෙ OS එකේ හුගක් feature තියනව. Firmware Updare කරල ඩොන්ගල් හුගක් සහය දක්වන්න හදාගන්න පුලුවන්. ඒවගේමයි Local Wireless Network එක 300Mbps වැඩ කරන්න (ඒත් මගෙ ලැප උපරිම 154 ද කොහෙද)

මමත් උඩතට්ටුවෙ සෙට් කලා.
Wifi සාමාන්‍යය කලින් භාවිතා කරපුවට වඩා හුගක් ප්‍රබලයි. සිග්නල් අවුලක් තියනවනම් අරන් බලන්න. ගෙදර උඩකින් හරි, හොදට සිග්නල් තියන තැනකින් තියන්න. (අහල පහල ගෙදරකින් උනත් අවුලක් නෑ. )
Wifi ත් ගේ ඇතුලෙ තිබ්බත් මීටර 50 ට වඩා වැඩ කරනව
අහල පහලකින් තියනවනම් passwordවෙනස් කරල, WPS Disable කරල තියන්න අමතක කරන්න එපා

අනිත් විසදුම තමා Android දුරකථන වල Hotspot කියන පහසුකම.

මම කලින් ලිව්ව වගේ Etisalat Huawei Ideos 7 එක 2.2 වලට Update කලාම (මෙතනින් කියවන්න) මේ Feature එක තිබ්බ. මම හිතන්නෙ Androide 2.2 වලින් උඩ ඒවගෙ තියනව. ඒකෙන් 3G අන්තර්ජාල සම්බන්ධතාවය Wifi හරහා Share කරගන්න පුලුවන්

මේ Galaxy එකක ඕෂධ මල්ලි ගත්ත Screen Shot
Settings >Wireless and Network
Wireless and Network

Mobile AP
Mobile AP

ඒකෙ Mobile AP Settings වලින් Ape SSID හා Password එක දෙන්න පුලුවන්
AP Settings

ඉන්පසු Enable AP දෙන්න පුලුවන් (කලින් Wifi Network එකකට සම්බන්ධ වෙලා ඉන්නවනම් Disconnect කරන්නද අහනව)

ඊට පස්සෙ ලැප්ටොප් හරි Wireless කාඩ් එකක් තියන PC එකකින් හරි වෙන මර්ගයකින් ඒ Wireless එක භාවිතා කරල යන්න පුලුවන්
Laptop Wireless

Enable AP කරපුවහම Password එක හා අනිත් විස්තර පෙන්වනව.

ඒ වගේ පොඩි සැකමුම් වගයකින් Phone එක Accesspoint එකක් කරගන්න පුලුවන්. Huawei එනම් ටිකක් රත් වෙනව. ඒත් හොද වේගයක් ආව. මේ වැඩේ කරල සිග්නල් එන තැනකින් Phone එක තියල Wifi වලින් නිදහසේ යන්න පුලුවන්

Android වලට අමතරව මේ පහසුකම අනිත් ඒවටත් තියනව. මෘදුකාං මගින් කරගන්න පුලුවන්. Windows Mobile 6.5 වල කරල තියනව. Iphone වලත් පුලුවන්. හැබැයි පෙරනිමියෙන් OS එක සමග එන්නෙ නෑ

අපි හුගක් දෙනෙක් අන්තර්ජාල සම්බන්ධතා ගන්නව. එක එක වේග කියල මේ අය විකුණනව. ඒත් පොඩ්ඩක් හිතුවද මේව අපිට හරියනව, අපිට හරියන්නෙම මොන එකද? මේ විකුණන අය කිය ඔක්කොම ඇත්තද කියල

ඉස්සෙල්ලාම අන්තර්ජාලය කියන්නෙ එක තැනක තියන දෙයක් නෙවේ කියල තේරුම් ගන්න ඕනෙ. ඔයා ඒකට සම්බන්ධ උනහම ඔයත් අන්තර්ජාලයෙ කොටසක්. ඔයාටත් පුලුවන් වෙබ් අඩවියක් දාන්න, වෙන සර්වරයක් දාන්න. එතකොට අනිත් අයට පුලුවන් ඔයාගෙ සර්වරයට හරි පරිගණකයට හරි සම්බන්ධ වෙන්න.

බොහෝ දෙනා අපි සාමාන්‍යෙයෙන් අන්තර්ජාලයට යනව කියල කරන්නෙ වෙබ් පිටුවක් බලන එක, ෆේස්බුක් ඊමේල් බලන එක වගේම මොනව හරි ඩවුන්ලෝඩ් කරන එක. මේ අපි යන සයිට්, බලන ඒව, ඩවනුලෝඩ් කරන බහුතරය තියෙන්නෙ අපේ රටේ පරිගණක වල නෙවේ. Facebook කීවොත් ඒව තියෙන්නෙ අපේ රටෙන් එලියෙ (සමහර දේවල් රට ඇතුලෙ සර්වර් වල කැෂ් වෙනව.). Youtube ඒවත් එහෙමයි රටින් පිට (ටෙලිකොම් නම් යූටියුබුත් ලංකාවෙ කැෂ් කරනලු). ඒක නිසා අපි ඉල්ලන බොහෝ සේවා අපිට ලගාවෙන්නෙ වෙනත් රටක ඇති සර්වයක් හරහා. ඒත් අපි www.slt.lk, www.dialog.lk, www.boc.lk වගේ ලංකාවේ ටිකක් ලොකු ආයතන වල අඩවියක් නැතිනම් බොහෝ රජයේ අඩවි වගේ අඩවියකට ගියොත් ඒව අපිට එන්නෙ කෙලින්ම අපේ රටේ තියන සර්වර් වලින්
දැන් ගෙදර ඔයා වෙබ් සර්වරයක් දැම්මොත් ඒකට ලංකාවෙ කෙනෙක් සම්බන්ධ උනොත් එයාට ඕනෙ අන්තර්ගතය බාගත වෙන්නෙ ඔයාගෙ පරිගණකයෙන්. මේ විදිහට තමා අපි ඉල්ලන පිටු හරි ඩවුන්ලෝඩ් හරි අපගේ පරිගණකයට එන්නෙ
අපේ රටේ වෙබ් අඩවි වැඩිපුර නැති නිසා බහුතරය ඔක්කොම විදේශ වල සර්වර වලින් ලබාගන්නා නිසා අපේ රටත් විදේශත් යාකරන සම්බන්ධතාවය ඉතා වැදගත් අපි වගේ රටකට. නමුත් අපි ඇමරිකාව ජපානය වගේ රටක් ගත්තොත් එයාලගෙ තත්වය වෙනස්. ඒ අයගෙ සමහර ගෙවල් වලට තියන අන්තර්ජාල සම්බන්ධතා 100Mbps, 1Gbps ඒ වේගය ඒ අයට දෙන්න පුලුවන්. මොකද ඒ අය වැඩිපුර යන සයිට් වල සර්වර පිහිටල තියෙන්නෙ ඒ රටවලමයි. අපි yahoo.jp ගත්තොත් ඒක තියෙන්නෙ ජපානෙ. yahoo.co.uk ගත්තොත් ඒක තියෙන්නෙ UK වල. ඉතින් ඒ අයට ඒ අයගෙ රටයි අනිත් රටවලුයි සම්බන්ධ කරන සම්බන්ධතා අපිට තරම් වේගයට බලපාන්නෙ නෑ.ඒ අය වැඩිපුර යන ඔක්කොම ඒ රටවල තියෙන්නෙ. අනික ඒක 100Mbps සම්බන්ධතාවයක් සමහර වෙලාවට පිට රටක තියන දෙයක් බාගත කරද්දි ඒ වේගයම එන්නෙ නෑ. ඒත් ඒ ආසන්න වේගයක් එනව. එයාලගෙ පිට රටවලුත් එකක් තියන සම්බන්ධතා හා ඒ රටවල අය පිටරට අඩවි වල භාවිතය ගත්තහම දෙන්න බැරිකමකුත් නැතිව ඇති.

අපේ ඔක්කොම පිටින් ගන්න නිසා මේ විදිහෙ විශාල අංක තියන සම්බන්ධතා දෙන්න අමාරුයි.
හැමෝම කියන විදිහට අපේ වැඩිම අන්තර්ජාතික සම්බන්ධතා වේගය තියන ටෙලිකොම්ලටත් තියෙන් 14.6Gbps වේගයක් (www.sltnet.lk අඩවියේ හැටියට). ** ඒක නිසාලු ඒ අය වැඩිම ලාබයක් ගිය අවුරුද්දෙ ලැබුවෙ
ඒත් ඒ වේගය විවිධ රටවල් අතරෙ බෙදිල තියන නිසා අපි නිතර සම්බන්ද වෙන US, UK රට වලට යන්නෙ මෙයිනුත් කොටසක්
ඉතින් විවිධ නිති දාල, FUP දාල අපිට දෙන වේගය, භාවිතය සීමා කරනව. නැතුව කොහොම මේ වේගය අපේ ඉන්න ග්‍රාහකයින් අතරෙ බෙදන්නෙ. ඔයින් කොටසක් රජයට, අධ්‍යාපන ආයතන වලට, තව කොටසක් VPN, Leased Line වලට, තව කොටසක් සමහර ISP ලට.
වෙබ් පිටුවක් එහෙම ලෝඩ් උනාට අපි Skype කෝල් එකක් ගන්නවනම් ඒක වැඩ කරනේ මෙයිට වඩා වෙනස් විදිහකට. Skype Video/Audio ඇමතුම් කෙලින්ම අපි ගන්න පරිගණකයට Peer to Peer ක්‍රමයට සම්බන්ධ වෙන්නෙ. සමහර වෙලාවට අත්දැකල ඇති එක රටකට Skype ඇමතුමක් ගද්දි හොදට ගන්න පුලුවන්, අනිත රටක ඉන්න කෙනෙක්ට ඒ වෙලේම ගන්න අමාරුයි, කැඩෙනව වගේ ලෙඩ. ඒ වෙන්නෙ ඒ ඒ රට වලට තියන සම්බන්ධතාවය අනුව හා ඒවගේ භාවිතය අනුව.
පරික්ෂා කරල බලන්න ඕනෙනම් එකම LAN හෝ WLAN එකක ඉන්න දෙන්නෙක් Video ඇමතුමක් අරන් බලන්න කොලිටි එක. ඒ කොලිටිය ආවට අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ඒ ඇමතුමට අයවෙන්නෙ නෑ. මොකද ඒකට භාවිතා වෙන්නෙ LAN ජාලය. නමුත් පොඩියට Skype සර්වර් එකක් සම්බන්ධ වෙනව. සම්බන්ධතාවය තියාගන්න
කට්ටිය ඒ රටත් එකක් තියන තියන bandwidth එකට වැඩියෙන් භාවිතාකරනවනම් මේ වගේ අවුල් එනව. ඒත් හැම රටටම එකම bandwidth එකක් නෙවේ නිසාත්, එකම Users ල ප්‍රමාණයක් ඒ ඒ රටවල් එක්ක සම්බන්ධ නොවෙන නි‍සාන් රටින් රටට වෙනස්. ඒ රටවල අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගයත් අපේ වගේ වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවනම් ඒකත් බලපානව. (අපේ වගේම අඩු සම්පත් ගැටලුව තියන රටවලුත් ඔය අතරෙ ඇතිනෙ)

ඒ පිට තත්වෙ. දැන් බලමු රටේ ඇතුලෙ තත්වය කොහොමද කියල
අපේ රටේ නිවාස වලට හා සාමාන්‍යය කාර්යාල වලට අන්තර්ජාල දෙන ක්‍රම තමා Mobile Broadband, Fixed Broadband. මෙයින් Mobile Broadband දෙන්නෙ HSPA/3G/EDGE තාක්ෂණ උපයෝගි කරගෙන. Fixed Broadband දෙන්නෙ Wimax හා ADSL තාක්ෂණය උපයෝගී කරගෙන. SLT WiMax කියන්නෙ mobile Braodband දෙන ක්‍රමයක් උනත් ඒක TRC නීති නිසා ගන්න සම්බන්ධතාවය එක ප්‍රෙද්ශයකට විතරක් සීමා වෙනව (SLT කියන හැටියට). ඒක නිසා ඒ අය දෙන්නෙ ඒක Fixed Braodband විදිහට
Mobitel හා Dialog කෑ ගහපු 4G LTE තාක්ෂණය තාම දෙන්නෙ නෑනෙ. ඒ අය ඒ අයගෙ තත්ව යටතේ, ඒ අයගෙ සර්වරයකින් Speed Test වගේ කරල පෙනුනවට සාමාන්‍යය පරිභෝගිකයන්ට ඒව දෙන්නෙ නැති නිසා ඒ ගැන කථා නොකර ඉමු

දැන් මේ මොන ක්‍ර මේට හරි අන්තර්ජාලය දුන්නත් ඉස්සෙල්ලා කීව වගේ පිටරටත් එකක් සම්බන්ධ කරන සම්බන්ධතාවයේ වේගය හැම සේවා සපයන්නෙකුමට වැදගත්. ඉන්න පාරිභෝගිකයන් ගනන අනුව ඒක වැඩිවෙන්න ඕනෙ. ඒත් අපේ තාම Submarien Landing Station තියෙන් SLT අයට විතරයි. ඒත් SEMEWE 3 හා 4 කියන කේබල් දෙක. (TRC අඩවියට අනුව). ඒත් ලංකාබෙල් අය දාල තියනව ඒ අයට කෙලින්ම සම්බන්ධ වෙන්න පුලුවන් කියල ඒ FLAG කේබලය හරහා. ඉන්දිය Relaiance ජාලය ආධාරයෙන්. ඒ අයගෙ මැප් එකෙත් තියනව ලංකාවත් එක්ක සම්බන්ධ වෙනව කියල
කොහොම හරි මේ සම්බන්ධතා කීපය ආධාරයෙන් තමා අනිත් හැමෝම අන්තර්ජාලයට හා තම තමන්ගේ ජාල වලට පිවිසෙන්නෙ. ඒ මගින් තමන්ගේ ආයතන වලට අරන් තම තමන්ගේ පාරිභෝගිකයන් අතරේ සේවාව ලබාදෙනව
මේ දෙදිද් රට තුල නෙට්වර්ක් එක ගැනත් සැලකිල්ලක් දක්වන්න ඕනෙ. මොකද රට ඇතුලට අන්තර්ජාලය ආවට වැඩක් නෑ. රට ඇතුලෙත් හරියට නැත්තම්. අපේ හුගක් සේවාවල දුර්වල ස්ථානයක් තමා රට තුල නෙට්වර්ක් එක. රට තුල ටෙලිකෝම් සමාගමට Fiber Optic ජාලයක් තියනව. ඒක තමා පොලිස්, අධ්‍යාපන ආයතන භාවිතා කරන්නෙ. ඩයලොග් මේ ෆයිබර් නෙට්වර්ක් එකක් ඇදගෙන යනව. ටෙලිකොම් අරෙන්න අනිත් හැමෝම භාවිතා කරන්නෙ වයර්ලස් ක්‍රම තම තමන්ගේ ස්ථාන හා Tower සම්බන්ධ කරන්නෙ. ටෙලිකොම් ADSL විතරනෙ Tower නැතිව සේවාව දෙන එකම ක්‍රමය.
අනිත් හැමෝම ටවර් භාවිතා කරනව. ඒ ඒ ටවර් සම්බන්ධ වෙන්නෙ වයර්ලස් ක්‍රම මගින්.

ටෙලිකොම් සමාගමේ බොහෝ ප්‍රෙද්ශීය ADSL Switch දක්වාම Fiber Optic සම්බන්ධතාවය ඇවිත් තියනව. එතන ඉදන් Copper කේබලය. ඒක නිසා අපි කෙලින්ම ඒ අයගෙ නෙට්වර්ක් එකට සම්බන්ධ වෙනව.Tower වල වගේ sh‍are වෙන්නෙ නෑ. අපි වෙනුවෙන්ම රැහැනක් යනව. ඒ වගේමයි මේ අය ඔය පාරෙ අයිනෙ තියන Street Box දක්වාම Fiber Optical ඇදල තියෙන්නෙ සමහර ප්‍රෙද්ශ වල. (ඉස්සරහට Fiber to Home වගේ වෘපෘතියන් එනවයි කියන්නෙ). Fiber Optic නිසා සේවාවෙ ගුණාත්මක භාවියත් වැඩි. ඒවගේමයි අපේ ඉදන් ඒ ටෙලිකොම් සර්වර් වෙත යනකම් අපි වෙනුවෙන්ම වෙන්වු බැන්විඩ්ත් එකක් තියන නිසා අතර මද තදබද නෑ.
අනිත් නෙට්වර්ක් ගත්තොත් තත්වය මීව වඩා වෙනස්. ඒ අය ඒ අයගෙ Station සමග කෙලින් සම්බන්ධ කරන්න පුලවන් ටවර් සීමිත ප්‍රමාණයක් විතරක් වයර්/Fiber Optic මගින් සම්බන්ධ කරල අනිත්ව Wireless මගින් සම්බන්ධ කරන්නෙ. මේකෙදි Etisalat සමාගම ටිකක් අලුත් තාක්ෂණයක් භාවිතා කරන අතර අනිත් සමාගම එකම තාක්ෂණයක් භාවිතා කරනව. ඒක නිසා වෙන්න ඕනෙ Etisalat වල Letency එක හුගක් අඩුයි. මෙහෙම වයර්ලස් මගින් සම්බන්ධ වෙද්දි එද ටවර් එකකට එන සම්බන්ධතාවය ඒක හරහා සමබන්ධ වෙන අනිත් ටවර් අතරේ බෙදෙන අතර එම ටවර් වල වේගයද ඒ හරහා සම්බන්ධ වල ටවර් අතරේ බෙදේ. හරියට පිරමීඩයක් වගේ. යට යන්න යන්න බෙදි බෙදි යන්නෙ
මේ විදිහට ඒ ඒ කුලුණු අතර වේගය Share වෙනව. ඒ Bandwidth උපයෝගිකරගෙන තමා Voice හා Data (ඇමතුම්, SMS, අන්තර්ජාලය, ජාල සේව) වගේ සියලු සේව ක්‍රියාත්මක වෙන්නෙ. ඉති මේවිදිහට බෙදිල යද්දි ටවර් වලට ලැබෙන වේගය සීමා වෙනව. ඒ වේගය ඉන්න ග්‍රාහකයින් අතරෙත් බෙදෙද්දි එම කුලුනෙ ඉන්න අයට ලැබෙන වේගය තවත් සීමා වෙනව. හැබැයි හැම වෙලේම එකම ග්‍රාහකයින් පිරිසක් නෑනෙ. එක එක වෙලාවට අඩු වැඩි වෙනව. ඒ අනුව ඒ අයගෙ වේගයනුත් වෙනස් වෙනව
ඒ වගේම තමා සම්බන්ධ වෙන කුලුණ අනුව වේගය වෙනස් වෙනව. මොකද කුලුනෙන් කුලුනට ඉන්න ග්‍රාහකයින්, ඒ කුලුනෙ සම්බන්ධතාවය වගේ කරුනු වෙනස් වෙන නිසා. ඒක ප්‍ර දේශයෙන් ප්‍ර දේශයට වේගය වෙනස් වෙනව
ඒතකොට මොනව මේ 21Mbps, 7.2Mbps කියන්නෙ. ඒ ඇත්තටම Tower වල එක් ඇන්ටනාවකට දැරිය හැකි උපරිම වේගයයි. ඒත් මේ ටවර් වල ඉන්නෙ එක්කෙනෙක් නෙවේනෙ. ඒ ඉන්න අය අතරෙ බෙදෙනව. ඒ වගේමයි ඒ ටවර් 7.2, 21Mbps කීවට ටවර් එක ඒ සමාගමේ ජාලය එක්ක ඉන් අඩකවත් වේගයක් තියන සම්බන්ධතාවයකින්වත් සම්බන්ධ නොවෙන අවස්ථා තියනව. ඒතකොට මේ වේගය ගන්න බෑ. නිකන් බොරුවට අපේ අය වේග හොය හොයා ගියාට වැඩක් නෑ

ඒ වගේම තමා සාමාන්‍යෙයන් HSDPA ඩොන්ගල් එකක උපරිම උඩුගත වේගය 384Kbps (UMTS). නමුත් Download වේගය ඊට වඩා හුගක් වැඩි. ඒත් HSPA ඩොන්ගලයක් ගත්තොත් මේවගේ HSDPA තාක්ෂණයට අමතරව HSUPA කියන තාක්ෂණයත් තියනව. ඒ මගින් ඉස්සෙල්ල තිබ්බ 384Kbps Upload සීමාව ඉවත් වෙලා සමහර ඒවගෙ 2Mbps ත් 5.76Mbps ත් දක්වා යන්න පුලුනවන්. ඒ වගේ Upload Speed එක හුගක් වැදගත් වෙන්නෙ Skype Videoඇමතුම්, File Upload, Streaming වගේ ඒවට.
මොකද අපේ ඩවුන්ලෝඩ් වේගය වැඩි නිසා අනිත් පාර්ෂවයේ රෑප හොදින් පෙනුනට අපෙන් එහාට යන්න Upload Speed එක අඩුනම් ගුණාත්මකභාවය අඩු වෙනව. ඒකට HSUP Dongle එකක් භාවිතා කලානම් හුගක් දුරට ගැටලුව හරියනව් (ඒ ඉන්න පැත්තෙ නෙට්වර්ක් එක හොදානම්). මම මේ වෙනස හොදට දැක්ක. මගෙ HSDPA ඩොන්ගලෙයන් HSPA ඩොන්ගලයට මාරුවෙලා Video ඇමතුමක් ගද්දි හොද කොලිටියක් අනිත් පාර්ශවයට ලැබුනු බව පැහැදිලිව දැකගන්න ලැබුන. ඒත් මේ කොලිටිය Fixed Braodband භාවිතා කරන අයට ලබාගන්න අමාරුයි. සාමාන්‍යෙයන් Home සම්බන්ධතාවයක Upload Speed එක 128Kbps. ටෙලිකොම් අලුත් සම්බන්ධතා මගින් මේ Upload/Download වෙනස හුගක් වැඩි කලා. ඉතින් ඒ අය හොදට අපි ට පෙනුනට අපව බලාගන්න ටිකක් අමාරුවෙයි. නිකන් Camera මරු කලාට වැඩක් වෙන්නෙ නෑ (මේක කියවල බලන්න)

මම උඩ කීව HSPA Dongleහොදයි කියල. ඒත් ඒකට මරුවෙන්න කලින් (Think BeforeMigrate HSDPA to HSPA | Low Signal, Dongle Disconnect and Make Call from Dongle ) කියවන්න

හැබැයි ඔයාල ඉන්න හරියට 3G සිග්නල් නැත්තම් යන්න වෙන්නෙ EDGE තාක්ෂණය උපයෝගි කරගෙන. මේ තාක්ෂණයේ උපරිම බාගත වේගය 236.8Kbps

ඒ විදිහට SLT හා HSPA සම්බන්ධතා දෙද්දි Wimax දෙන්නෙත් ඊට සමාන ක්‍රමයකට. භාවිතා කරන උපකරණ හා තාක්ෂණය වෙනස් HSPA උනාට ටවර් භාවිතා කරල තමා ඒ අයත්Internet දෙන්නෙ

ඉතින් අන්තර්ජාල සේවාවක් ගන්න කලින් තමන් කරන්න යන වැඩ, මුදල්, ඉන්න ප්‍රෙද්ශය වගේ කරුණු ගැන හොදට හිතල බලන්න. මගේ අත්දැකීම අනුවනම් Skype වගේ ඇමතුම් ගන්න SLT Home පැකේජයට වඩා HSPA සම්බන්ධතාවයක් හොදා. හොද upload වේගයක් තියන නිසා. ඒත් අර වගේ Stable නම් නෑ. ඒත් office එකක් වගේ එකකට හොදා Stable සම්බන්ධතාවයක්.

අපි මොබයිල් බ්‍රෝඩ්බැන්ඩ් භාවිතා කරව. එක එක අංක පස්සෙ දුවනව. මේවගේ මට හමුඋන ගැටලු කීපයක් හා විසදුම් සොයාගත්ත ආකාරය ගැනයි මේ සටහන

මම කුරුණෑගල ඉදන් කිලෝමීටර 4 ක් දුරින් ඉන්නෙ. අපේ ගෙදරට Mobitel, Dialog වලින් ටවර් 4-5කට වඩා සිංග්නල් එනව. ඒ නිසා එකකින්වත් හරියට නෑ. මේකට mobitel ගෙවල් හරියෙ කුලුණක් ගැහුව. ඒත් හිතුව තරම් සාර්ථක නෑ. මේ හරියෙ ඉන්න මොබිටෙල් පාරිභෝගිකයින් ගාන වැඩී. ඉන්ටර්නෙට් මාර ස්ලෝ.
ඒක නිමා ඩයලොග් ගත්ත. ඒකෙ සිංගනල් ගෙදරට නැති ගනම්. ජනේලෙක E220 ඩොන්ගල් එක එල්ල තමා යන්නෙ. එතකොට හොදට තියනව. ඒත් මෙහෙ එල්ල යදිද් අපිට ලැබෙන සංග්නල් ඉතා අඩුයි. ඒ නිසා ඩොන්ගල් එක උපරිම ශක්තියක් යොදවල තමා සම්බන්ධ වෙන්නෙ. ඒක නිසා හොද විදුලියක් මේ ඩොන්ගල් එක ගන්නව. හොදට රත් වෙනව.
මේ විදිහට මම HSDPA විතරක් තියන E220 භාවිතා කරද්දි ඒකෙ කේබල් එක කැඩුන. මම වෙන කේබල් එකකින් ගැහුව. රත්මලානෙ ඉද්දි හොදාට වැඩ. ගෙදර ආවම නිතර විසන්ධි වෙනව. ටිකක් පරික්ෂා කරල බලද්දි තමා මීටර් උනේ රත්මලානට වඩා මෙහෙ සිංගනල් අඩු නිසා ගන්න විදුලිය වැඩි. ඒ අලුත් කේබල් එකෙන් ඕනෙ විදුලිය යන්නෙ නෑ ඩොන්ගල් එකට. එහෙම උනහම ඩොන්ගල් එකේ ලයිට් එක ඕෆ් වෙනව. ආයෙ ඒක රීස්ටාට් වෙනව. ඒක නිසා Disconnect වෙල නැවත පරිගණකය හා සම්බන්ධ වෙනව.
ඒකට පිලියමක් ලෙස් හොද වයර් එකක් දාල Laptop එකේ වැඩි විදුලියක් එන E-Sata Port එකට ගැහුව (ඩෙස්ක්ටොප් පරිගණකයකනම් පිටුපස USB හොදා ඉදිරිපසට වඩා). දැන් හොදට වැඩ. මේක කරගන්න අමාරුනම් Y Cable තියනව ගන්න.ඒකෙන් USB පෝට් දෙකක විදුලිය එකතු කරල ඩොන්ගල් එකට දෙන එක කරන්නෙ

ඒ විදිහට භාවිතා කරද්දි මට හෙන කාලෙක ඉදන් හිතේ තිබ්බ HSUPA තාක්ෂණත් භාවිතා කරන්න ඕනෙ කියල හිතුන. ඒ මම ගෙදර ඉද්දි නිතර වීඩියෝ කෝල් ගන්න නිසා හොද කොලිටියක් තියෙන්න ඕනෙ නිසාත්
ඩොන්ගල් කඩ වලින් මේව අහද්දි ඒ අය දන්නෙ 3.6 ද 7.2 ද කියන්න විතරයි. ඩයලොග් එකෙන් ඇහුව. එහාට මෙහාට දාල විස්තර හොයගන්න බැරිඋනා. Etisalat Site එකේ තියන ඩොන්ගල් සමහරක HSUPA තියන නිසා ඇහුව. ඒ අය දන්නෙ නෑ ඒ මොකක්ද කියලවත්. මොනව කරන්නද E173 ගැන හොදට හොයල ගත්ත ඒකක් Etisalat එකෙන්. අරන් අන්ලෝක් කරල දැම්ම Dialog එක. අපරාදෙ කියන්න බෑ. ගෙදරට සිග්නල් නෑ. ඉදල හිටල ගන්නව E220 තරම්ම සිග්නල්. ඒත් ඒකෙන් සම්බන්ද උනාට Upload Download මුකුත් යන්නෙ නෑ

අර E220/E169 HSDPA සමග හොදට වැඩ කලාට මේකට එහෙම වැඩ කරන්නෙ නෑ. ඒක නිසා සිංගනල් අඩු පැති වල ඉන්න අය HSPA ගන්නවට වඩා HSDPA ඩොන්ගලයක් ගන්න එක හොදා. HSDPA පමණක් තියන E1150, e220, E169 හොදට වැඩ කරලා HSUPA තියන E173 වැඩ කලේ නෑ.
මේ වැඩ නැති එක රත්මලානෙදි හොදට වැඩ. Upload එක 1.5Mbps පන්නල එනව


වීඩියෝ කෝල් හොද Quality
අලුත් E173, E153 වගේ ඩොන්ගල් එකක් Wireless Card එකකුත් ස්ථාපනය වෙනව. අර E220 එකට වඩා Detect කරනව එහෙම හොදා. ඒවගේම WiFi වගේ Network එකේ Singnal, නම වගේ විස්තර Wifi වලට යටින් Mobile Bradband පෙන්වනව. ඒකට මම හරි කැමති. mobile Partnet නැතිව සම්බන්ධ වෙන්න පුලුවන්. ඉස්සර වගේ ඉදල හිටල Error එන්නෙ නෑ. Pin එකක් උනත් දාන්න පුලුවන්. APN හදන්නත් පුලුවන් Windows වලින්

Etisalat දෙන Mobile Partner එකත් Dialog දෙන එකත් අලුත්ම Version. Linux වලටත් එකක්මයි එන්නෙ. History හිටන් Save වෙනව. හුගක් හොදා.

හැම විසන්ධි වීමක්ම අවසානයේ Statistics පෙන්වනව

ඒ වගේම incomming Call පෙන්වනව (Dongle එක සහය දක්වන නිසා)

කෝල් ගන්න පුලුවන්


කෝල් අරන් හොදට කථාකරන්න පුලුවන් (ඉස්සර සමහර ඩොන්ගල් වල කෝල් ගත්තට කථාකරන්න බෑ)

Videoකෝල් ගන්නත් පුලුවන්ලු. ඒත් Mobile partner එකෙන් ඒක සක්‍රිය කරගන්න ඕනෙ

වැඩිදුර

Boost HSDPA & WiFi Signal – HSDPA හා WiFi සිග්නල් වැඩිකරමු

මීට මාස කීපයකට කලින් TRC එක මගින් ජංගම දුරකථන හා CDMA ජාල වල පිටතට ලබාගන්නා ඇමතුම් වල ගාස්තු වල අඩුම ගාන තීරණය කලා. ඒ අනුව සමහර සමාගම් තම මිලගනම් අඩුකලා, තව සමාගම් ඇමතුම් ගනම් වැඩි කලා. කලින් දුන්න උපහාර, බ්ලාස්ටර් වගේ පකේජ නැවැත්තුව.

දැන් ඇමතුම් අඩු කරන්න බැරි නිසා හැමෝගෙම ඇමතුම් ගාස්තු එකගනම්. ඒත් තරගය අඩු නැනේ. මේ අය කෙටිපණිවිඩ ගණම් හෝ ගාල අඩු කලා. ඒ දවස්වල තිබ්බ රුපියල, ශත පනහ කෙටිපණිවිඩ දැන් ශත 25 හා ශත 10 උනා. ඒත් එක්කම රු පහට 10ට තිබ්බ මෙගාබයිටය දැන් රුපියල, ශත 50ට බැස්ස. ඇමතුම් මිල වෙනස් නොවුනට අනිත් සේවා වල මිල හෙනට අඩු අනා. ඒකෙන් වාසියත් පාරිභෝගිකයින්ටමයි.

දැන් TRC එක අර දාපු අවම ගාස්තුව ශත 50කින් අඩු කරල. ඒ කියන්නෙ ජාලය තුල ශත 50යි, පිටත ජාල වලට රු 1.50යි. දැන් යන තරගය අනුව මේ විදිහට හැම ජාලයම නැතත් බොහෝ ජාල වල මිල ගණනම් අඩු කරයි

ආයතන වැටෙන එක නවත්වන්න කියල දාපු නිතියෙන් දැන් තිබ්බටත් වඩා ගණම් අඩුවෙයි වගේ. මිලගණම් කීවහට ඒකට ඇමතුම් විතරක් නෙවේනෙ අයිති වෙන්නෙ.

කලින් බ්ලෝග් පොස්ට් වල කීවත් වගේ දැන් එන්න එන්නම මොබිටෙල් පට්ටම ස්ලෝ (http://goo.gl/1JCTM). ඒත් වෙන විසදුමක් හරියට තිබ්බෙ නෑ කුරුණැගලට. මම රත්මලානෙ හා කුරුණැගලට දෙකේම ඉන්න නිසා. ගෙදර ආවහම මොබිටෙල් පට්ටම ස්ලෝ. ඒත් හොදට සිග්නල් තියනව. රත්මලානෙ කියන්න අවුලක් නෑ.

දින කීපයක් ඩයලොග් කාඩ් සිම්එකෙන් බැලුව. හොද වේගයක් ආව. ඒත් සිග්නල් නෑ. ඩයලොග් එකේ සම්බන්ධ වෙන වෙලාවට කණුව විතරයි. බාර් නෑ. සිග්නල් වල. අදත් මොබිටෙල් යන්නම බැරිතැන දාල බැලුව. හොද වේගයක් ආව.


ඒත් සිංගන්ල් ගැටලුව තියන නිසා ආයෙත් කථාකලා ඩයලොග් එකේ අංකල් කෙනෙක්ට. කලින් කට්ටිය ටවර් එකට අවුල දැම්මට සතියක් දෙකක් ඇතුලත සුභ ආරංචියක් එන කථාවක් තමා එයා කීවෙ.

ඒක නිසා ලබන සදුදම ඩයාලොග් සිම් එකක් ගන්නව. මේ පැත්තෙ මොබිටෙල් භාවිතා කරන අය වැඩී. ඒක ට අනුව ඒ අය අප්ඩේට් වෙන්නෙ නෑ. මොනව උනත් ඒ අතින් ඩයාලොග් නම් අවුරුදු කීයක් ගිහින් හරි හොද විසදුමක් දෙන්න යනව.

ඩයලොග් ගද්දි ගත්ත මොබිටෙල් ස්පීඩ් ටෙස්ට්

එකම ස්ථානයෙ එකම උපකරණ භාවිතා කරල ගත්තෙ. සිම් එකයි ජාලයයි විතරයි වෙනස්. හැබැයි ඩයලොග් වල සිංගල් තිබ්බෙ නෑ (බාර් නෑ. කණුව විතරයි). ඒත් මොබිටෙල් වල බාර් 2-3 ක් තියනව

මොබිටෙල් ජංගම දුරකථන සිම් එකත් අයිනකලේ මේ ජාලයේ ගැටලුවක් නිසාමයිත දැන් අන්තර්ජාල සේවවාත් අයින් කරනව.

ටෙලිකොම් WiMax ගන්න පුලුවන් උනානම් හොදා. ඒත් ඒක අපි ගන්න ටවර් එකෙන් පිට භාවිතා කරන්න බැයිලු. ඒකයි ගැටලුව. නැතිනම් ලගදිම ඒ අය 10Km දක්වා Dongle වලින් භාවිතා කරන්න පුලුවන් Tower උපකරණ යාවත්කාලීන කරගෙන යනවලු. ඒත් ස්ථාන දෙකක භාවිතා කරන එකයි ගැටලුව. එහෙම උනානම් අනිත් අයට Sorry ම තමා. ඒකට මේ අය කියන්නෙත් TRC එකෙන් ඒ අයයට මොබයයිල් දෙන්න අවසර දෙන්නෙ නෑලු. TRC එක හොද හොයල බලනව වගේම මේ වගේ වැඩක් වෙන්න යද්දිත් හරස් කපන එකයි කැත වැඩේ

Update

කුරුණෑගල නගරය ආසන්නයේ

මොබිටෙල්


ඩයලොග්

ජාලයන් දෙකේම සිග්නල් උපරිම (බාර් 5) ඇති විට

අද Facebook එකේ පින්තූර වගයක් ලෝඩ් කරන්න හදද්දි අමුතුම අලයක් ආව. ඒ  Cache Proxy නිසා ඇතිඋන ගැටලුවක් නිසා කියලයි හිතෙන්නෙ. ඒ වෙලාවෙ අන්තර්ජාලයෙ ලොකු අවුලක් තිබ්බෙ නෑ. කොහොමත් මොබිටෙල් වල වේගය ගැන අපේ පැත්තෙ කථාකරන්න දෙයක් නෑනෙ. සාමාන්‍යය වේගය තිබ්බ

Mobitel Speed

Mobitel Speed

Mobitel Speed

Mobitel Speed

ඒත් පින්තූර තියා Facebook මුල් පිටුවට යන්නත් බෑ. එකම Error එක. SQUID (http://www.squid-cache.org/) ධාවනය වන සර්වරයක් මගින් තමා දෝෂය දෙන්නෙ. හැබැයි ටික වෙලාවකින් ඒ දෝශය හරිගිය. මම ඒ අවස්ථාවෙ HTTS නෙවේ භාවිතා කලේ. දෝශයෙන් කීවෙ facebook.com හි සබ් ඩොමේනයකට Proxy සර්වයට සම්බන්ධ වීමට නොහැකි බවයි. Time out. ඒ අවස්ථාවෙ අනිත් අඩවි අවුලක් නැතිව වැඩ කලා.


 

Error Massage

Error Massage Chrome

Error Massage

Error Massage Chrome

Update

ආයෙත් ඒ අවුලම එනව. FireFox/IE වලිනුත් Facebook විතරක් ලෝඩ් වෙන්නෙ නෑ. අනිත් අඩවි වැඩ. හිටපු ගමන් හරියනව. ආයෙත් අවුල එනව. උඩ මැසේජ් එක ආවෙ නැතත් සයිට් එක ලෝඩ් වෙන්නෙ නෑ. චැට්ත් අවුල් යනව. https දැම්ම  කියල මටනම් අවුලෙ වෙනසක් නෑ. ඒ වගේමයි ඉදල හිටල වැඩ කරන වෙලාවටත් හොදටම ස්ලෝ. ඒත් FB විතරයි

Error IE

Error IE

Error IE

Error IE

Error FF4

Error FF4

Error Chrome

Error Chrome

 

මේ අයගෙ හිටි හිටි ගමන් එක එක අල. එක පාරක් පැය 4-5 ක් අන්තර්ජාලය යන්නම බෑ. කෝල් කලාම තමා කොළඹින් පිට අලුත්වැඩියාවක් කීවෙ. අඩුම ගානෙ ඔච්චර දේශපාලන හා අනිකුත් වෙලද දැන්වීම් වලට කෙටිපණිවිඩ එවන මොබිටෙල් එකට මේ සම්බන්ධව දැනුවත් කරන්න බෑනෙ.

නැතිනම් Google Apps Status (http://www.google.com/appsstatus#hl=en) වගේ එකක් දැම්මනම් අපිට බලාගන්න පුලුවන් සේවාවෙ තරම. හැම වෙලේම කෝල් කරන්න ඕනෙ නෑනෙ. අනික කොච්චර හොද සේවාවක් ද කියල බලාගන්න පුලුවන්

මොනව උනත් දැන් මොබිටෙල් ජංගම දුරකථන සිම් එක අයින් කලා වගේ අන්තර්ජාල සම්බන්ධතාවයත් අයින් කරන්න තත්වයට ඇවිත් තියෙන්නෙ. ඒකට හේතුව මේක නෙවේ. අන්තර්ජාල සම්බන්ධතාවයේ එක එක අවුල්. වේගය ඕනෙ කිසිම වෙලාවක නෑ. රෑ දෙගොඩ හරියට නම් ඔන්න 2Mbps විතර වේගයක් එනව. අනිත් වෙලාවට පට්ටම ස්ලෝ. රෑට උපරිම 100Kbps. ඔය උඩ තියන වේගයෙන් බලාගන්න පලුවන්.  මේ ගැන කථාකරල කීවහම ඒ අය පැමිනිල්ලක් දැම්ම. මම හිතුවෙ ඒකෙන් වැඩේ වෙනද වගේම හරි කියල. හැබැයි ඒ අය උදේ කථාකලා. විස්තර ඔක්කොම අහගත්ත. හොයල බලනන්ම් කීවෙ. කොච්චර පැමිණිලි දැම්මද. ඒව බලල හැදුවනම් මේ වෙද්දි කොහොම වේගයක් තියෙන්න ඕනෙද?

රත්මලානෙ හා කුරුණෑගල මාරුවෙන් මාරුවට ඉන්න නිසා ADSL  ත් අයින් කලා. මොබිටෙල් අවුල් අවස්ථා වල මම මගේ Dialog Card සිම් එකෙන් දාල බැලුව. හොද වේගයක් ආව. ඒත් අපේ ගෙදරට ඩයලොග්ත් ටවර් 5-6කට වඩා සංඥා එන නිසා එකක්වත් හරියට නෑ. ඒක මගෙ ජංගම දුරකථනයට ඇමතුම් ගන්න අය හොදට දන්නව ඇති. ගෙවල් හරියෙ කුලුණක් ගහන්නත් ගිහින්. කොහෙද. ගමේ එවුන් කචල් එක දාලනෙ. ඒත් සාමාන්‍යය හොද වේගයක් ගෙදරට එනව. ඒක මොබිටෙල් එකට වඩානම් හොදා. තව ටිකක් දවසක් බලල ඩයලොග් එකට මාරුවෙනව

Dialog Prepaid Speed

Dialog Prepaid Speed

 

 

Etisalat සමාගම දැන් බොහෝ ප්‍රෙද්ශ වල 3G සක්‍රිය කරල තියෙන්නෙ. කුරුණෑගලත් 3G තියනව. හැබැයි තාම අන්තර්ජාල සේවාව නිල වශයෙන් දියත්කරල නෑ. වෙබ් අඩවියෙත් නෑ. (හැංගුණ පාත් එකකනම් හදාගෙන යනව) . දැනගන්න හම්බඋන විදිහට මේ අය HSPA+ තාක්ෂණය භාවිතා කරනව. ඒ කියන්නෙ උපරිම 21Mbps Download වේගයක් හා 5.76Mbps Upload වේගයක් ගන්න පුලුවන්.  ඒ උපරිම වේගය. එම වේගය ප්‍රෙද්ශයේ ග්‍රාහකයින්, ටවර් එකේ සම්බන්ධතාවයේ වේගය, අන්තර්ජාති සම්බන්ධතාවයේ සීමා හා අපගේ පරිගණකයේ විවිධ විවිධ නිර්නායක මත වෙනස් වෙන්න පුලුවන්. නමුත් දැනට මේ අය මෙම ටවර් සම්බන්ධ කිරීමට යොදාගන්නෙ ලංකාවෙ අනෙක් ජාල යොදාගන්නවාට වඩා වෙනස් තාක්ෂණයක්ලු. මොකද අනෙක් ජාල වල අන්තර්ජාලය මන්දගාමී වීමට ප්‍රධාන හේතුවක් වන්නෙ ඒ අයගෙ ටවර් සම්බන්ධා වල දුර්වලකම්

 

ඩොන්ගල් වල මිල ගනම් (Dongle Price)

Device

Device Price

කාන්තාවන්ට විශේෂ ඩොන්ගල් මෙන්ම HSPA+ ජාලයක් නිසා 21Mbps දක්වා සහය දක්වන ඩොන්ගල් තියනව කියලයි කියන්නෙ.

පැරණි අප ලබ තියන ඩොන්ගල් එක අරන් ගිහින් එයාලගෙ අලුත් එකකට මාරුකරගන්න පුලුවන්ලු. ඒ වගේම පලවෙනි මාසෙ මාසික ගාස්තුවෙන් නිදහස් කරනවලු

 

පසුගෙවුම් පැකේජ (Postpaid Internet Packages)

Postpaid Packages

Postpaid Packages

පෙරගෙවුම් පැකේජ (Prepaid Internet Packages)

Prepaid Packages

Prepaid Packages

මෙම පැකේජ අවශ්‍යය ඕනෑම වෙලාවක වැඩි පැකේජයකට මාරුවිය හැකිය. නමුත් පහල පැකේජ වලට මාරුවිය නොහැක. රු 300 පැකේජය ගිණුමේ මුදල් තිබේනම් ස්වයංක්‍රියව නැවතත් සක්‍රිය වේ (Auto Renew)

සක්‍රිය කර ගැනීමට (Activating Prepaid Data )

Prepaid Packages Activation Code

Prepaid Packages Activation Code

වැඩිපුර Data ලබාගැනීමට

Prepaid additional quota

Prepaid additional quota

 

එමෙන්ම මාසිකව රු 60කට Web Content Filter එකක් ළමුන්ගේ ආරක්ෂාව සඳහා ලබාදේ

දැනට 3G ආවරණ ප්‍රෙද්ශ

Etisalat 3G Coverage Map

Etisalat 3G Coverage Map

 

කෙළඹ හා ඒ අවට

මීගමුව

කුරුණෑගල

නුවර

බදුල්ල

කලුතර

මතුගම

ගාල්ල

මාතර

හලාවත

හම්බන්තොට

අනුරාධපුර

දඹුල්ල

යාපනය

 

ස.යු – සමාගම සේවාව දියත්කරන විට මෙම විස්තර සුලුවශයෙන් වෙනස්විය හැකිය

වගු විශාල කර බැලීමට ඒ මත ක්ලික් කරන්න

මීට මාස කීපයකට කලින් ටෙලිකොම් අන්තර්ජාල සම්බන්ධතා සමහරකගෙ සේවා විවිධ සීමාකිරීම් වලට ලක් වුනා. මාසික භාවිතය අනුවයි එසේ වුනේ. ඇත්තෙන්ම සීමා කිරීම් කියන්නෙ විඩිපුර භාවිතා කරන අය එකතු කරල වෙනමම Group එකකට දාල 1:20 ට ඒ අයට Bandwidth එක වෙන් කරල. එතකොට හැමෝම වැඩිපුර භාවිතා කරන නිසා හුගක් ස්ලෝ.
ඒත් දැන් එහෙම ගැටලුවක් නෑ. මගේ යාලුවෙක්ගෙ Home සම්බන්ධතාවයටත් ඔය FUP එක බලපෑව නිසා සයිට් එකකට යන්න බෑ. ඩවුන්ලෝඩ් බෑ. ඒත් ටොරන්ට් වැඩ ගින්දර වගේ. ඒක නිසා මිනිහ දාගෙන ටොරන්ට් බානව. තියන තරහටත් එකක් යාලුවන්ගෙ ඒවත් බානව.
කෙසේ වෙතත් අප්‍රේල් පලවෙනිද, අපේ දවසෙ මමත් ගියා මේ යාලුවගෙ ගෙදර. ඉස්සර තිබ්බ අවුල තිබ්බෙ නැ. වෙබ් අඩවි හොදින් ලෝඩ් උනා. ඩවුන්ලෝඩ් හොද වේගයකින් ආව.
ඒත් මෙයා ගිය මාසෙ (මාර්තු) 51GB ට වඩා බාගත කරල තිබ්බ Home සම්බන්ධතාවයකින්. මම SLT අඩවියෙන් තමා භාවිතය පරික්ෂා කලේ. මොනව උනත් එහෙම තත්වයක් උඩ මේ වගේ වේගයක් එනව කියන්නෙ දැන් ඒ අය ගැටලුව නිරාකරනය කරල වගේ. නැත්තම් වැඩිපුර භාවිතා කරන කට්ටිය වැඩි වෙලා. එතකොට ඒ කණ්ඩායමේ පිරිස වැඩි වෙනවනෙ.
මෙනව උනත් දැන්නම් ඉතින් ටෙලිකොම් තමා

මේ පහත වේගයන් තියෙන්නෙ කලින් FUP එක නිසා දුක් විදපු සම්බන්ධතාවයක. 512Kbps Home සම්බන්ධතාවයක්. ඒත් 512Kbps = 64KBps ට වඩා වැඩි වේගයක් එනවම සමහර සර්වර සමග

SLT සර්වර සමග

 

ඉන්දියා සර්වර සමග

US සර්වර සමග

 PingTest

කත්මන්ඩු සර්වරය සමග Line Quality එක B

 

PingTest

 

 

Download

C-Net අඩවියෙන්

 

Youtube

 

SLT අඩවියෙන්