Browsing Posts in Airtel

ටිකෙන් ටික අන්තර්ජාල ගුණාත්මක භාවය අඩුවෙන්න ගත්තහම TRC එක අන්තර්ජාල වේගය ගැන නිතර සෙවිල්ලෙන් ඉන්න වෙනමම ඒකකයක් පිහිටෙව්වෙ මීට මාස කීපයකට කලින්. (http://www.trc.gov.lk/about-us/events/151-trcsl-commences-broadband-qos-monitoring.html)   අනෙක් රාජ්‍යය ආයතන වගේ ආරම්භයෙන් නවතින්නෙ නැතිව එම ඒකකය නිතරම මේ ගැන සෙවිල්ලෙන් ඉදල තියෙන්නෙ. ඒ අය lirneasia කලාක් මෙන් දිනයේ සෑම වෙලාවකම බාගත කිරීමේ කරල ඒම වේගයන් සටහන් කරගෙන. හැබැයි lirneasia කලාක් මෙන් නෙවේ, TRC එක US සර්වරයකින් බාගත කිරීමේ වේගය පමණයි නිරීක්ෂණය කරල තියෙන්නෙ. ඒ උදේ 9 ඉදන් රෑ 12 වෙනකම්. මේකෙන් ලැබෙන ප්‍රථිපල මේ අය සේවා සපයන ආයතන සමග සාකච්චාකරල හොද සේවාවක් ප්‍රජාවට සැපයීමට කටයුතු කරගෙන යනවලු. ඒ අනුව සමහර සේවා සපයන ආයතන තම තමන්ගේ වැරදි හදාගෙන. කෙසේ වෙතත් මේ අය මෙම නිරීක්ෂණය ස්ථාවර අන්තර්ජාල සැපයුම් හා ජංගම අන්තර්ජාල සැපයුම් යන දෙවර්ගයෙම වෙන වෙනමම වේගය නිරීක්ෂණය කරගෙන යනවලු. හැබැයි ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල මේ අය පළමු අදිරයේදි නිරීක්ෂණයට යොදාගෙන තියෙන්නෙ අසීමිත අන්තර්ජාල සම්බන්ධතා විතරයි. මේ අය Volume Base අන්තර්ජාල සම්බන්ධතා මේ අදියරේදී යොදාගෙන නෑ. ඒව ඉදිරි පියවරේදී යොදාගන්නවලු.

මෙහෙම පරික්ෂා කරපු අන්තර්ජාල වේගය මේ අය ස්ථාවර සම්බන්ධතා වල මේ මාසයෙත්, ජංගම අන්තර්ජාල සම්බන්ධාතව ජනවාරි මාසයෙත් එලියට දාන්න බලාගෙන ඉන්නෙ. ඒ අනුව හොද ප්‍රථිපලයක් බලාගන්න පුලුවන් උනොත් හොදයි. හැබැයි ජංගම අන්තර්ජාල සම්බන්ධතා වල වේගය එකම තැනක ඉදන් පරික්ෂා කරන එකෙන් වැඩක් ගන්න අමාරුයි. මොකද එම සේවා සපයන ආයතන වලට පුලුවන් ඒ අවට විතරක් ගුණාත්මක භාවය හොද මට්ටමක තියාගන්න. ඒක ගැනත් හිතන්න වෙනව. මොකද ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල වේගය ප්‍ර දේශයෙන් ප්‍රෙද්ශයට වෙනස් වෙනව. ඒක නිසා ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල වේගය මනින්න වෙන  ක්‍රමක් හොයාගන්න වෙයි. නැතිනම් ප්‍රජාවගේ සහය ලබාගන්න ඕනෙ. අනික පළමු පියවරේදි ජංගම අන්තර්ජාල වල හොද ප්‍රථිපලයක් බලන්න බැරිවෙයි. මොකද මේ අය පලමු පියවරේ නිරීක්ෂණය කරල තියෙන්නෙ  Unlimit අන්තර්ජාල සම්බන්ධා විතරයි නිසා. බොහෝ ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල Unlimit බාගත කිරීම් දෙන්නෙ නෑනෙ. එක්කෙ Volume base, නැතිනම් Time Base ඒ දෙකම නැතිනම් FUP.

ආයෙ තව ගැටලුවක් තියෙන්නෙ ටෙලිකොම් එකේ User ලව Black List කරන එක. TRC එකේ සම්බන්ධතාවයත් Black List කරොත් හොද සීන් එකක් බලාගන්න පුලුවන් වෙයි. ඒත් අවුල තියෙන්නෙ ඔහොම ටික ටික බෑවට එහෙම වෙන්නෙ නැති එකයි. ඒ ගැනත් මොනව හරි කරනවනම් ලොකු දෙයක්.

ඒ වගේම වැදගත්ම දේ තමා TRC එක දැනට සැලසුම් කරගෙන යනව දේශීය අන්තර්ජාල වේගයේ අවම වේගය 1Mbps තත්වයක පවත්වගන්න. ඒකනම් ඉතා සුභ ආරංචියක්. හැබැයි මේ වේගය ප්‍රචාරයට විතරක් සීමා නොවේ සත්‍යය වශයෙන්ම ලැබෙනවද නැද්ද යන වගත් ගුණාත්මක භාවය ගැනත් සොයා බලනවනම් ලොකු දෙයක්.  ‍වේගය කියන්නෙ අපේ සම්බන්ධතා වල ගුණාත්මක භාවයේ එක් සාධකයක් පමණක් නිසා අනිත් සාධක ගැන සොයා බලනවනම් හොදයි.

ඒ සඳහා ප්‍රජාවගේ සහය වගේම lirneasia වැනි ආයතන විවිධ ප්‍රෙද්ශ වල සිදුකරන පරීක්ෂණ ප්‍රථිපලත් යොදාගන්නවනම් ලොකු දෙයක්. ඒකෙන් කොළඹට විතරක් සීමා නොවී මේ සේවාව දීප ව්‍යාප්ත වෙනව

ඔන්න එයාටෙල් එකෙන් අලුත් සිම් එකක් ගත්ත පසුගෙවුම් පැකෙජයක්. රු 299 ට 5GB එකක්. ඒත් දුක කියන්නෙ මේකෙට සිග්නල් ආවට වැඩ කරන්නෙ නෑ.  ඒ පාර ගත්ත පාරිභෝගි සේවයට.
එයාල පොඩ්ඩක් බලල, එයාටෙල් නම්බරය, දෝශ අංකය එහෙම අහල කිව්ව පොඩ්ඩකින් ගන්න සර්, තාම සිස්ටම් අප්ඩේට් එකක් යනවලු. මම ගන්න හැමදාම අප්ඩේට්.
ඊට පස්සෙ මම කීව මම දැනට පෙරගෙව්ම් සම්බන්ධතාවයකින් අන්තර්ජාලයට පිවිසෙනව, ඒකනම් පට්ටම ස්ලෝ, රෑට එහෙම එයාටෙල් සයිට් එකටවත් යන්න බෑ කියල.
ඒ පාර මේ නිළධාරිය කිව්ව සර් පෙරගෙව්ම් වල තියෙන්නෙ 2G සිම් නිසා වේගය අඩුයි කියල.
මම ගත්කටටම කීව එහෙම නෑ. මගෙ HSDPA සම්බන්ධ වෙනව. දැන් ඔය 2G කේ වේගය කීයක් එනවද ඇහුව.
එතකොට සංඛ්‍යාත්මක අගයක් කීවෙ නෑ. අඩු 2G වේගයක් තමාලු එන්නෙ. මෙයා මේක මොන පදනමේ ඉදන් කීවද දන්නෙ නෑ. මාර 2G සම්බන්ධතාවයක්.  ඒත් මට 3Mbps ආව වෙලාවලුත් තියනව (උදේ 3ට විතර http://www.speedtest.net/result/1021164683.png).
මම කීව මට හොද වේගවල් ඇවිත් තියනව, මේක රෑට විතරයි කියල.
ඒකට පිලිතුරක් වශයෙන් මෙයා කීවේ සර් නෙට්වර්ක් එකේ ලෝඩ් එක වැඩී ඇති. මුලින් ඇමතුම් වලට මුල්තැන දිල තමා Data වලට තැන දෙන්නෙ, එහෙම උනහම ස්ලෝ කියල.
මම කීව මේක හැමදාම මෙහෙම තාමා කියල. එතකොට කියනව, සර් පෙරගෙව්ම් වල ඔහොම තමා. හැබැයි ඔබතුමා පසුගෙවුම් Broadband පැකේජයක් ගත්තොත් මේ අවුලක් නෑ, හොදට යන්න පුලුවන් කිවල.
ඒ ගත්ත කියලත් ලොකු වෙනසක් තිබ්බෙ නෑ. රෑ 8ට විතර  150Kbps උපරිම ආවෙ. රෑ 10ට විතරනම් හෙන අමාරුවෙන් Speed Test එකක් ගත්තෙ. හැබැයි සයිට්නම් ලෝඩ් වෙනව. මොකද පෙරගෙවුම් එකේ සයිට් එකක් ලෝඩ් කරගන්න බෑ. Facebook , Google විතරයි. අනිත් එකක්වත් බෑ.  ඒත් මේකෙ එහෙම අවුලක් නෑ. හිමින් හිමින් අමාරුවෙන් ලෝඩ් වෙනව. පෙරගෙව්ම් තරම් නවතින්නෙ නෑ. හැබැයි හැම එකම ලෝඩ් වෙන්නෙත් නෑ. F5 පිහිටෙන් තමා ලෝඩ් කරගන්නෙ
SLT Servers (රෑ 8ට  විතර)
SLT Server රෑ 10 ට විතර
*වෙන Speed Test ගැනීමට නොහැකි විය. ඒ තරම්වත් වේගයක් රෑ 10ට නෑ. කලින් ලංකාවෙ සර්වර් වලට වඩා ඉන්දියාවෙ හොද වේගයක් පෙන්නුවට මේ පාර ඉන්දියාවට ලගාවීමටවත් බැරි උනා
රෑ 8ට විතර
රෑ 10ට විතර
හවස මෙයාලගෙ සිස්ටම් අප්ඩේට් එකක් නිසා මම රෑ වෙලා ගත්ත 555ට, එතකොට ඒ කෙනා දෙමල සිංහලෙන් කථා කලේ. එයා කීවෙ වෙන කථාවක්. සර් මේක පෙරගෙව්ම් පාරිභෝගික සේවය, සර් එයාටෙල් නොවන ජංගම දුරකථනයකින් 075 555555 ට අමතන්නලු. මාර පාරිභෝගික සේවයක්නෙ. පසුගෙවුම් වෙලත් වෙන ජාලයක එකකින් ගන්න ඕනෙ. (toll free නම් කමක් නෑ). ගත්ත වෙන එකකින්. ඒ පාර කිව්ව සර් සම්බන්ධතාවයෙනම් අවුලක් නෑ. Mobile Partner Uninstall කරල අලුතෙන් දාන්න, Profile එක හදද්දි APN එක Airteldata කියල දෙන්න කීව. දැන් තමා ඒක කියන්නෙ. මම කලින් ඇහුව APN එක, මුලින්ම කථා කරපුවහම, මෑන් කීවේ Airtellive කියල. මාර පාරිභෝගික සේවයක්. මම Mobile Partner Uninstall කලේ නෑ. APN වෙනස් කලා. ඒ පාර වැඩ. හැබැයි තාම භාවිතය බලාගන්න දන්නෙ නෑ
මේකේ පාරිභෝගික සේවයත් අන්තිම අන්තයි. එක එක අය කියන්නෙ එක අක ඒව. සමහරු දෙමල සිංහලෙන් කථා කරනව. මරු සේවය. ඉන්දියා නිසා වෙන්න ඇති
තව මරු කථාවක් කීව මේ පලවෙනියෙන් කථා කරපු කෙනා. මම ඇහුව මේකෙන් SMS යවන්න බැයිද කියල (අන්තර්ජාල සම්බන්ධතාවයෙන්). මෙයා කීව සර් ඔය සිම් එක Data විතරයි, ඒක නිසා කෙටිපණිවිඩ බෑ කියල. (එයාටෙල්ලගෙ SMS වැඩ කරන්නෙ Data විදිහට නෙවේ වෙන්න ඇති)
ඒත් මම නිකමට යවල බැලුව. මෙන්න SMS යනව. හැබැයි මේකෙන් ඇමතුම ගන්න බෑ. ඒත් ඩයලොග්, මොබිටෙල් ඒවගෙ පාරිභෝගික සේවය, ගිණුමේ ශේෂය වගේ බලාගන්න පුලුවන්. මේ සිම් එකේ ඒවවත් බෑ.
සේවවනම් කියල වැඩක් නෑ. ගන්න අපිට ගහන්න ඕනෙ

Ping එකත් 900ට වඩා වැඩි රෑ 10ට විතර. 8ට වැති 600ක් විතර. මරු සම්බන්ධතාවය.. මෙහෙම සම්බන්ධතා ඉන්දියාවෙ විකුණන්න බැරි නිසාද දන්නෙ නෑ ලංකාවට විකුණන්නෙ.. එහෙමත් තියන් අපේ අය තමා 7.2Mbps ඩොන්ගල් හොයනවනෙ

හැබැයි ටෙලිකොම් මේ ටිකේ අන්තිම අප්සට් උනාට දැන් දින කීපයක ඉදන් හොද වේගයක් එනව. මෙයාල මොනව හරි කරල වගේ. ඉස්සර මට 400Kbps වලින් උඩ  ආවෙ කලාතුරකින්. ඒත් දැන් එක දිගට එනව

ඉස්සර වේගය (පැරණි ලිපියෙන් http://blog.malindaprasad.com/?p=951 )

දැන්

*Connection 1කින් බාගත කිරීමක්. ඉස්සර Connection 16 ක් යෙදුවත් මේ වේගය ආවෙ නෑ

Update

උදේට 7.30ට වේගය

SLT

*ලංකාවට වඩා ඉන්දියා සර්වර් සමග පරික්ෂා කිරීමේදී හොද උඩුගතකිරීමේ වේගය හා Ping එකක් ලැබුනි

“අපේ රටේ යෞවන යෞවනියන් ගාව විශේෂයෙන්ම තියෙන දෙයක් තමයි ජංගම දුරකථනය. නමුත් ඔවුන් බොහෝදෙනකු කියන්නේ SMS එකක් යවන්න වත් මුදල් නැහැයි කියලා. මේ හන්දා රිංග් කට් එකක් (මිස් කෝල් එකක්) දීමෙන් සෑහීමකට පත් වෙන්නයි ඔවුන්ට සිදු වෙලා තියෙන්නෙ”
කලකට ඉහත මෙසේ කීවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. මේ සාමාන්‍ය දකුණු ආසියාතික දේශපාලන නායකයකුගෙන් අප බලාපොරොත්තු වන ආකාරයේම හා රනිල් වික්‍රමසිංහ මහතා නිතරම කරන ‘පස්දුන් කෝරළේ’ හෝ ‘පොළොන්නරු වරාය’ ආකාරයේ මුග්ධ ප්‍රකාශයක් විනා කාරණා දැන කළ එකක් නොවේ.
එක – අපේ රටේ SMS එකක් යැවීමේ වියදම කලාපයේ වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව අඩුය.
දෙක – වියදම් වැඩිය කියා මෙරට යෞවන යෞවනියන් SMS යැවීම නතර කර තිබූ බවක් කිසිම සමීක්ෂණයකින් හෙළිව තිබුණේ නැත. (ඇත්තමට සමීක්ෂණ වලින් හෙළිව තිබුණේ එහි අනෙක් පැත්තය. ලර්න් ඒෂියා ආයතනය විසින් 2008 වසරේදී පවත්වන ලද සමීක්ෂණයකදී හෙළිවූයේ අපේ රටේ අඩුම ආදායාම්ලාභී ස්ථර දෙකෙහි පවා තරුණ තරුණියන්ගෙන් 67%ක් SMS භාවිතා කරන බවයි. දැන් මේ ප්‍රතිශතය මීට වැඩි විය හැකිය.)
තුන – SMS යැවීමේ ගාස්තු වැඩි වීමට හේතු කාරක විය හැකි සමහර බදු හඳුන්වා දෙන ලද්දේද රනිල් වික්‍රමසිංහ මහතා අගැමැති පදවිය දැරූ කාල සීමාව තුළදීය. ජංගම දුරකථන සඳහා වූ විශේෂ බද්ද එවැන්නකි.
එහෙත් මේ මිථ්‍යාව පසුපස පවා එක්තරා මට්ටමක සත්‍යයක් තිබුණේය. ඒ අපේ රටේ විදිලි සංදේශ සේවාවන් පිණිස අයවන බදු සම්බන්ධයෙනි. මෑතක් වනතුරු විවිධ බදු වර්ග හතරක් විදිලි සංදේශ සේවා වෙනුවෙන් අය කරන ලද අතර මේ නිසා දුරකථන භාවිතය වෙනුවෙන් අය කෙරෙන හැම රුපියලක් වෙනුවෙන්ම සත තිස් එකක් බදු ගෙවීමට පාරිභෝගිකයාට සිදුවිය. SMS එකක වියදම රුපියල් 1.31ක් හෝ  2.62ක් වූයේ ඒ අනුවය. මේ සත 31 හෝ 62 බදුය.
මේ ඉතා ඉහළ බදු ප්‍රතිශතයකි. 2006-7 වර්ෂ වලදී GSMA ආයතනය විසින් කරන ලද පර්යේෂණයකට අනුව සියයට තිහකට වඩා වැඩි බද්දක් ජංගම දුරකථන සේවා වලින් අය කරන ලද්දේ ශ්‍රී ලංකාව හැරුණු විට ලෝකයේම එක රටක් පමණෙකි. ඒ තුර්කියයි. උගන්ඩාව, බ්‍රසීලය, ඩොමීනියන් ජනරජය හා සැම්බියාව සියයට තිහට ආසන්නව සිටියහ. මේ අනුව දුරකථන සඳහා අය කරන ලද බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටියේ දෙවැනි තැනය.
මේ බදු ව්‍යුහය (වඩා පැහැදිළිව රූපයේ විස්තර කොට ඇත.) අපූර්ව ආකාරයකට අතීතයට සම්බන්ධ විය. මහාචාර්ය කේ. එම්. ද සිල්වා මහතාට අනුව පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජ දවස වී වගාව සඳහාද වූයේ මෙවැනිම සංකීර්ණ ඉහළ අහයකින් යුතු බද්දකි. වී වගාව අදියර තුනෙකදී බද්දට බඳුන් විය. පළමුව අති බහුතරය රජ වාසලය අයත් කුඹුරු වෙනුවෙන් විශේෂ බද්දක් අය කෙරිණි. දෙවනුව ‘දිය දද’ නමින් ගොවිතැනට භාවිතා කරන ලද ජලය සඳහා බද්දක් විය. තෙවනුව අස්වැන්න නෙළාගත් පසුව අතිරික්ත නිෂ්පාදනය වෙනුවෙන් බද්දක් විය.
එකම කර්මාන්තයක් තෙවරක් බද්දට නතු කරන ලද්දේ කෙසේද? එක්කෝ එය මෙසේ බදු ගැසීමෙන් පසුව පැවැතීමට තරම් ලාභදායී විය යුතුය. නැතිනම් මේ බදු ක්‍රමය මහා හිරිහැරයක් විය යුතුය. සමහට විට මේ දෙකම වන්නට පිළිවන. පරාක්‍රමබාහු යුගයේ බල පැවැත්වූ සමහර බදු ඉවත් කිරීමට ඉන්පසුව රජ පැමිණි නිශ්ශංකමල්ල කටයුතු කර ඇත්තේ එනිසා විය හැකිය.
එකොළොස් වන සියවසෙහි වී වගාවට විසි එක් වන සියවසෙහි සමතුල්‍ය වූයේ විදිලි සංදේශ කර්මාන්තයයි. කර්මාන්තයේ ලාභදායී තත්ත්වය නිරීක්ෂණය කළ විවිධ ආණ්ඩු (පසුව මේ සේවා ගාස්තු විවේචනය කළ රනිල් වික්‍රමසිංහගේද ආණ්ඩුව ඇතුළුව) විවිධ අවස්ථා වලදී, තැලෙන යකඩය දුටු කළ උඩ පැණ පැණ තැළු ආචාරියා පරිද්දෙන්, අළුතින් බදු එක් කළහ. නැතිනම් වලංගු බදු ප්‍රමාණ වැඩි කළහ. බදද 31% තරම් ඉහළ ගියේ ඒ අනුවය.
මින් සමහරක් බදු අර්ථ විරහිත විය. ගාස්තුවෙන් සියයට දෙකක් වූ පරිසර බද්ද එවැන්නකි. මේ බද්ද මුලින්ම අය කිරීම ආරම්භ කරන ලද්දේ භාවිතා කර ඉවත ලන ජංගම දුරකථන පරිසරයට හානි නොවන සේ ප්‍රතිචක්‍රීකරණය කරනු පිණිසය. නමුත් මේ බද්ද අයකොට ගොඩ නඟන්නේය එවකට පරිසර අමාත්‍යවරයා පොරොන්දු වූ ප්‍රතිචක්‍රීකරණ කම්හල කිසිදිනෙක ගොඩ නොනැඟුණේය. දැන් මේ වගකීම දුරකථන ආනයනය කරන සමාගම් වෙතම පවරා දී ඇත්තේය. නමුත් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මේ නොකෙරෙන වෙදකම වෙනුවෙන් ජංගම දුරකථන පරිශීලකයෝ බදු ගෙවූහ.
2010 අයවැය යෝජනා තුළින් මේ සංකීර්ණ බදු ව්‍යුහය වෙනුවට සියයට විස්සක තනි බද්දක් පැනැවීමට කර ඇති යෝජනාව අපේ රටේ දුරකථන බදු සම්බන්ධයෙන් මෙතෙක් ඇතිවූ වැදගත්ම පරිවර්තනයක් සේ ගිණිය හැකිය.
මෙහි ඍජු බලපෑම විදිලි සංදේශ සේවාවන්ගේ වියදම අඩු වීමයි. උදාහරණයක් හැටියට රුපියල් 2.66ක් වූ SMS එකක් වෙනුවෙන් මින්පසු ගෙවිය යුතු වන්නේ රුපියල් 2.40කි. මෙය දුරකථන ගාස්තුවෙන් 8%ක අඩු වීමකි. බදු ප්‍රමාණයෙන් පමණක් නම් 35%ක අඩු වීමකි.
දීර්ඝකාලීන ලෙස මේ නිසා දුරකථන භාවිතා කරන්නන්ට, විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ට වඩා වැඩි සේවාවන් ප්‍රමාණයක් භාවිතයට ඉඩ සැලසේ. මෙය වැදගත් වන්නේ දුරකථනය යනු අද හුදෙක් තවෙකකුට කතා කිරීමට පමණක් භාවිතා කෙරෙන මෙවලමක් නොවන නිසාය. මේ බදු අඩුවීම සියළු විදිලි සංදේශ සේවාවන් සඳහා අදාළය. උදාහරණයක් හැටියට ෆේස් බුක් භාවිතාකරන තරුණ තරුණියන්ගේ ඉන්ටර්නෙට් බිලද මෙනිසා අඩුවේ. ඉදිරියේදී ඇති විය හැකි ජංගම දුරකථන පදනම් කොට ගත් ගෙවීම් ක්‍රම සඳහාද මින් අනුබල ලැබෙතැයි සිතිය හැකිය. පොදුවේ පරිගණක කර්මාන්තයට මේ වෙනස ධනාත්මකව බලපානු ඇත.
මීට අමතරව පොදුවේ පරිගණක කර්මාන්තය සම්බන්ධව මතක ඇති කාලයක කිසිදු අයවැයකින් යෝජනා වී නැති ආකාරයේ ප්‍රශස්ත වෙනස්කම් රාශියක් මෙවර ඉදිරිපත් වී ඇත. ආනයනික පරිගණක මෘදුකාංග සඳහා වැට් බද්ද සේම ජාතිය ගොඩ නැඟීමේ බද්දද ඉවත් කොට තිබේ. මෙය පරිගණක කර්මාන්තයෙහි දීර්ඝකාලීන ඉල්ලීමකට කන් දීමකි. තව වසර කිහිපයකින් අන්තර්ජාතිකව පරිගණක සේවා සැපැයීම තුළින් රුපියල් බිලියන දෙකක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම පිණිස කටයුතු කරන වාතාවරණයක් තුළ මේ අතිශයින් වැදගත් වෙනසක් වේ.
අයවැය යෝජනා වලින් දුරකථන භාවිතා කරන්නට බරක් සේ පෙනුණු එකම යෝජනාව විදේශීය දුරකථන ඇමැතුම් සඳහා වන බද්ද මිනිත්තුවකට (ගාස්තුවට අනනුරූපව) රුපියල් දෙකක් කිරීමය. මීට අතීත කතාවක් ඇත. අනෙකුත් දුරකථන බදු සේම විදේශීය ඇමැතුම් සඳහාද එතෙක් වූයේ ගාස්තුවට අනුපාතික බද්දකි. නමුත් පසුගිය මාස කිහිපය තුළ විදේශීය දුරකථන සංවාද සඳහා වන ගාස්තු විශාල ලෙස පහත වැටුණේය. මේ නිසා ඊට සමානුපාතිකව රජයේ බදු ආදායමද පහත වැටී තිබේ. මේ එය පියවා ගැන්මේ උත්හාසයකි. සමස්තයක් ලෙස විදේශීය දුරකථන භාවිතා කරන්නන් විසින් ගෙවනු ලබන මුදල (බදුද ඇතුළුව) තවමත් මීට මාස කිහිපයකට කලින් තිබූ මිළට අඩුය.
සමස්තයක් ලෙස විදිලි සංදේශ හා පරිගණක ක්ෂේත්‍ර වලට අයවැය යහපත්ය. කෙටිකාලීන නොව දීර්ඝකාලීන ඉලක්ක වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් මෙහි පෙනේ. දශක ගණනාවක් මුළුල්ලේ විවිධ ආණ්ඩු විසින් කරන ලද වැරදි මෙම ඇයවැය මඟින් නිවැරදි කරගැන්මටද රජයට හැකිවී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේම වචන වලින් කිව්වෝත් මේ රිංග් කට් නැති කරන අයවැයකි. යෞවන යෞවනියන්ට දැන් SMS යැවීමට වැඩි ඉඩකඩ ලැබීම ගැන ඔහුද සතුටු විය හැකැයි සිතනු හැකිය.

-චානුක වත්තේගම මහතා විසින් සකසන ලද ලිපියකි

හුග කාලෙකින් බ්ලොග් එකක් ලීවෙ නෑ. මේකත් හුග දවසක ඉදන් ලියන්නම් කියල හිටියට කොහෙද වෙලාවක් හම්බඋනෙ. ස්පීඩ් ටෙස්ට් එහෙම අරන් තියන් හිටියට ලියන්න බැරි උනා. ඒත් අදනම් කොහොම හරි ලියන්නම් කියල පටන්ගත්තෙ

හුගදෙනෙක් දන්නව ටෙලිකොම් ල වැඩිපුර භාවිතා කරන අය බ්ලොක් කලා කියල. ඒ නිසා පිලියමක් වශයෙන් අලුතින් පැකේජ හදුන්වල දුන්න. හැබැයි පරන ඒවත් තාම තියනව. ඒව එලියට දැම්මෙ හෙන කාලයක් ගිහින්.  ඒ මොනව උනත් දැනට මට දැනුන විදිහට හුගක් අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවය ඉතා අඩු මට්ටමක පවතින්නෙ

මුලින්ම ටෙලිකොම් ගම්මු. මේ අවුල දැන් සති කීපයක ඉදන් තියෙන්න. අද හා ඊයෙ ටෙක් කතා වල හා ටුවිටරයේ දැක්ක විසිහට හුග දෙනෙක්ට තියනව මේ අවුල. බොහෝ දෙනා භාවිතා කරන 512kbps හෝම් සම්බන්ධතාවයෙ තමා මේ අවුල. ඒකට එක හේතුවක් වෙන්න පුලුවන් 1:20 කියන පරිමාණය. අනික මෙයාල ඩවුන්ලෝඩ් කරන අය බ්ලොක් කලාම එයාල කිව්ව විදිහට ඒ අයට තිබ්බ එකම විසදුම හෝම් සම්බන්ධතාවය ( http://blog.malindaprasad.com/2010/09/05/slt-adsl-fup-block-hevy-downloading-connection/  හා http://blog.malindaprasad.com/Catagory/telicomunication/slt/) . ඒක තමා අඩු ගානට අන්ලිමිට් එකක් තිබෙබෙ. ඒ අය මේ පැකේජයට මාරුවෙලා බාන්න පටන් ගත්තහමත් වේ අවුල එනව.  මොකද 1:20 කථාව නිසා. ඒ එන්න එන්නම වැඩිපුර බාන ප්‍රතිශතය හෝම් සම්බන්ධතා ගොඩේ වැඩි වෙද්දි වේගය බෙදෙන නිසා. කොහොම උනත් මෙච්චර කල් හොදට තිබ්බ සම්බන්ධතාවල වේගය හුගක් අඩු වෙලා. බැහැයි ටෙලිකොම් අලුතෙන් හැදපු අඩවියෙ විදිහට Home හා Entree පැකේජ වල 50KBps  එනව කියන්නෙ සම්බන්ධතාවය සාමාන්‍යයි. ඒත් ඒකත් නෑ. අනික මේ අයමයි කියන්නෙ Home පැකේජය 1:20 හා Entree පැකේජය 1:1 ratio එකේ කියල. කොහොමද ඒ දෙකේ වේග එක වෙන්නෙ. 1:1 Entree එකේ දෙනව කියනවනම් ඒ වේගයම එන්න ඕනෙ. අනිත් පැකේජත් අලුත් ඒව 1:1 කියනවනම් ඒ වේගම එන්න එපැයි.   අලුත් අඩවියත් මරු. සමහර ඒවට ලින්ක් කරල නෑ.  ඒ වගේම එයාල කියන විදිහට 4Mbps සම්බන්ධතාවය හොදට වැඩ කියන්නෙත්  3.125Mbps වේගයක් ආවොත්ලු (Screen Shot) (Link) . එතකොට ඇයි මෙයාල මේව බොරු වැඩි වේග කියල විකුණන්නෙ. මෙන්න වේග ප්‍රතිපල.

අපේ ගෙදර (කලින් ඉදන් එච්චර හොදක් තිබ්බෙ නෑ)

මිතුරෙකුගේ නිවසේ

කුරුණෑගල නගරයේ

ඩයලොග් Box Office (4Mbps/1Mbps) වලත් කියන්න තරම් හොදක් නෑ.  (4Mbps කිව්වට ගන්න ගිහම ඕක 4Mbps වල සාමාන්‍ය වේගය 2Mbps වලට බහිනව. ) ඒත් මේකෙ වේගය SpeedTest එකකින් අල්ල ගන්න අමාරුයි. මොකද නෙට් එක කොච්චර ස්ලෝ උනත් මෙයාලගෙ ස්පීඩ් ටෙස්ට් හොදට එනව. ඉස්සරනම් වේගය අඩු උනහම ස්පීඩ් ටෙස්ට් එකත් අඩුයි. සමහර වෙලාවට ඩවුන්ලෝඩ් එකට වඩා අප්ලෝඩ් වැඩි. දැන් එහෙම නෑ ස්පීඩ් ටෙස්ට් හරියට එනව. සමහර වෙලාවට Gmail ලෝඩ් කරගන්න බෑ. හෙනට ස්ලෝ වෙනව. බැහැයි බොහෝ වෙලාවට වෙබ් සර්ෆින්ග් වල වේගයෙ ලොකු වරදක් නැ. හැබැයි ඩවුන්ලෝඩ්නම් අන්තිමයි. සාමහර වෙලාවට ටෙලිකොම් Home පැකේජය තරම්වත් එන්නෙ නෑ. කලාතුරකින් 200-300 KBps යන්නෙ. එහෙම උනාට SpeedTest එකයි වෙබ් සර්ෆින්ග් වලයි ලොකු අවුලක් නෑ. ඒත් සමහර වෙලාවට පන අදිනව. මෙයාල ගෙ  ප්‍රචාරය 4Mbps උනාට දැන් ඒකවත් දැන් නෑ. (ස්පීඩ් ටෙස්ට් මෙහෙම උනාට ඩවුන්ලෝඩ් වල වේගය අන්තිමයි)

එයාටෙල් වල මැදියම් රැයින් පස්සෙ බොහෝ වෙලාවට වේගය මරු. ඩවුන්ලෝඩ් වලට ‍එහෙම  කියල වැඩක් නෑ. 

හැබැයි සාමාන්‍ය යෙන් අන්තර්ජාල යන වෙලාව. ඒ කියන්නෙ හවස 7-11 අතර ගන්න දෙයක් නෑ. වෙබ් පිටුවකට යන්න තියා Speed Test එකක් ගන්න බෑ. පට්ට ස්ලෝ. ඒත් FaceBook වැඩ. Youtube වැඩ. සමහර වෙලාවට කොච්චර Refesh කලත් අනෙක් පිටු ලෝඩ් වෙන්නෙ නෑ.  මම ස්පීඩ් ටෙස්ට් කලාම අමුතුම වේගයක් ආවෙ. ඒ ලංකාවට වඩා ඉන්දියාවට වේගය වැඩි.

ටෙලිකොම් සර්වර් සමග

ඉන්දිය සර්වර් සමග

Ping Test

සාමාන්‍යෙයන් ඩවුන්ලෝඩ් හා Facebook ඇරෙන්න වෙන දෙයයක් එයාටෙල් එකේ රෑට කරන්න අමාරැයි. මම භාවිතා කලේ රත්මලානෙ. හැමෝටම මෙහෙම නැතුව ඇති. ඒත් මේ මට තියන අවුල. හැබැයි ඩයලොග් වල කියන්න තරම් අවුලක් දැක්කෙ නෑ.

මම බොහෝ වෙලාවට දුරකථනයෙන් Dialog වලින් වැඩ කරද්දි අවුලක් ආව අඩුයි. ඒත් ඩේට තියනව කියල එයාටෙල් එක දැම්මහම සමහර අවස්ථා වල යන්න බැරි වෙලා තියනව. මොනව උනත් එයාටෙල් වල පෙරගෙවුම් අන්තර්ජාල ලාබ නිසා භාවිතාකලාට එපාම උනා. දැන් එයාටෙල් රු 25 දැම්මහම රු 25 ට ඇමතුම් හා මෙගාබයිට් 100 ත් දෙන නිසා මරු. ඒත් ගුණාත්මක භාවය තමා අවුල. මට 5GB රු 299 පැකේජයක් හම්බ උනා. ඒකෙ කියල වේගයෙ වෙනසක් අපේක්ෂා කරගන්න අමාරුයි. ඒත් හෙටම ඒක දාල බලනව

මොබිටෙල් ගැන කියන්න දන්නෙ නෑ. මම මොබිටෙල් භාවිතයෙන් ඉවත් උනා.  (http://blog.malindaprasad.com/Catagory/telicomunication/mobitel-mobile/)  හැබැයි ඊට මාසෙකට විතර පස්සෙ මොබිටෙල් එකේ පාරිභෝගික නිළධාරිනියක් කථාකරල මගෙන් ඇහුව කොහොම අන්තර්ජාල තත්වය කියල. මගෙ ඒ වෙනකොට අන්තර්ජාල පැකේජ 2ක් තිබ්බ. ඒක නිසා වෙන්න ඇති. මම කීව තිබ්බ වගේමයි කිය. එයාල කිව්ව අපි අප්ඩේට් එකක් කලා. දැන් අවුල හරි ඇති. ආයෙ අප්ඩේට් එකක් ලබන මාසෙ තියනව. එතකොට අනිත්ව හරියයි කියල. අවුලක් තියනවනම් එයාව අමතන්න කීවෙ. ඒත් මම මේ වෙනකම් මොබිටෙල් භාවිතා කලේ නෑ. මගෙ මිතුරන් කීප දෙනෙක් කීව සමහරුන්ට හොදටම අප්සට, සමහරුන්ට හොදා කියල. ඒත් පරික්ෂා කරල බලන්න බැරි උනා.

මේ හැම එකම මොබයිල් අන්තර්ජාල සම්බන්ධතා නිසා ප්‍ර දේශයෙන් ප්‍ර දේශයට වේගය වෙනස් වෙනව. ඒත් මෙයාල තාම පචාරය අරන් යනව. බොරු වේග කියනව. ඉතින් අපේ සමහරු 3.2 ඩොන්ගල් එපා 7.2  ඕනෙ කියනව.

ඩයලොග් බ්ලාස්ටර් හා මොබිටෙල් උපහාර නැවැත්වීමෙන් පස්සෙ මොබිටෙල් වලටනම් පැකේජ අවුලක් නෑ. එයාලගෙ තව ගොඩක් පැකේජ වර්ග තියනව. ඒත් ඩයලොග් වල එහෙමයි කියල පැ‍කේජයක් තිබ්බෙ නෑ. Lite 100 ඇරෙන්න. ඒක නිසා වෙන්න ඕනෙ නව පැකේජයක් එලියට දාල. මටනම් මේක බ්ලාස්ටර් එකට වඩා වාසි. මොකද මේකෙ අනෙක් ජාල වලටත් නොමිටෙල් ඇමතුම් හා කෙටිපණිවිඩ තියනව. මෙහෙම පැකේජයක් එනකම් තමා බලන් හිටියෙ. මේකෙ ඩේටානම් නොමිලේ නෑ. ඒත් රු 50/- ක හරි රු 99/- ට හරි පොඩි ඩේටා ප්ලෑන් එකක් දාගත්තනම් ගොඩ

My10 ගාත්තු වල කෙටිපණිටිඩ සදහා ගාස්තුත් ශත 25 දක්වා අඩු කරල. මේක අලුත් පැකේජයටත් නොමිලේ ලබාදෙනවලු

My 10 ගාස්තු

http://www.dialog.lk/demo/my10/

නව පැකේජයේ ගාස්තු

http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/350/detail/

Update

ඩයලොග් CDMA සදහා දුන්න බ්ලාස්ටර් එකත් නවත්වල. අලුත් පැකේජ දෙකක් දාල තියෙන්නෙ

http://www.dialog.lk/personal/fixed-line/rate-plans/postpaid/postpaid/detail/

http://www.dialog.lk/personal/fixed-line/rate-plans/prepaid/prepaid/detail/

Update 2

ආයෙත් තව පැකේජ 3ක් හදුන්වල දීල.

http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/500-package/

http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/1000-package/

http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/1000-d2d-package/

මේක මොබිටෙල් හා එයාටෙල් ගැනයි. මම භාවිතා කරන්නෙ මොබිටෙල් අන්තර්ජාල සබදතාවයක්නෙ. අලුතෙන් ලැප්ටෙප් එකත් හම්බුන නිසා මාම කීව කිරිඅම්මත් එකක් Skype ‍එකෙන් වීඩියෝ ඇමතුමක් ගන්න ඕනෙ කියල. ගමට ඉතින් මොන අන්තර්ජාලෙද. ඒක නිසා මම ලැප්ටොප් එකයි, මොඩම් එකයි ඔක්කොම අරන් ගියා ගමේ. ගම කීවට පුංචිලගෙ ගෙදර. තියෙන්නෙ කොටදෙනි‍යාවෙ. ගිරිඋල්ල ආසන්නයෙ. එහෙ ගිහින් ගහල බලපු පාර බලාපොරොත්තු උන විදිහටම 3G තිබ්බ.  හැබැයි අන්තර්ජාලය හා සම්බන්ධ උනහමයි ‍දැක්කෙ එහාට HSDPA ත් තියනව. මට මාර සතුටුයි.
ඒත් අන්තර්ජාලය මාර ස්ලෝ. බලද්දි සිග්නල් ලාවට. ඒත් ඒ ගනම් තියෙද්දි වෙනදට ගෙදරදි හොද වේගයක් ඒ කියන්නෙ 1Mbps ම ඇවිත් තියනව. ඒත් එහෙ නෑ. අනිතිමට ගෙදරවගේම USB වරය දෙකක් ගහල දැම්ම එලියට. ඒපාර මෙන්න සිගනල් 1-2 අතර දෝලනව වෙනව. වැඩේ ගොඩ තමා කියල ආයෙත් සම්බන්ධ කලා. කෝ නැනේ‍ වේගය. උපරිම Download වේගය 10 Kbit/s ‍වගේ යන්නෙ. ඒකෙන් මොනව කරන්නද. දෙතුන් පාරක් ට්‍රයි කලා. නෑ… දැන් මටත් වහ නෝන්ඩිය. එතකොට තමා මතක් උනේ යාලුවෙක් Airtel අන්තර්ජාල සබදතාවයක් අරන් මේ දවස්වප භාවිතා කරන්නෙ නැති නිසාත්, අපේ‍ ගෙදරට සිග්නල් බලන්නත් එකක් දුන්න. ඒක තාම පර්ස් එකේ.
ඒකට අපේ ගෙදරට සිග්නල් තිබ්බෙ නෑ හරිය‍ට. ඒත් යාලුවෙක්ගෙ ගෙදර ගහපුවහම හොද වේගයක්. ඒ කියන්නෙ මෙහාට 3G නැති නිසා Edge වලින් 236 ට ආසන්න වෙන්නම ආව.
මම කලේ මොබිටෙල් එක අයින් කරල දැම්ම ඒ සිම් එක. ෂ….. ඒක නියමෙට වැඩ. වීඩියෝ ඇමතුම්ත් ලොකු අවුලක් තිබ්බෙ නෑ. බාගත කිරීමට වඩා උඩුගත කිරීමේ වේගය හුගක් ආව.මට මතක විදිහට 150kbps (හරියටම නෙවේ) වගේ ආව. හැබැයි ඇමතුමේදි බාගත කිරීමේ වේගය ආවෙ 100kbps ට වඩා අඩුවෙන්. එහාටත් 3G නෑනෙ. ඒත් ඇමතුමට බාධාවක් නෑ. අපිට‍ පෙනෙන රූප වල ගුණාත්මක භාවයනම් අඩුයි. ඒත් නරකම නෑ. එයාලටනම් හොදට ආවලු. මේ ඇමතුම යන අතරෙ ගත්ත මොබිටෙල් එකට. මගෙ සම්බන්ධතාවය මොබිටෙල්නෙ. අනික මොබිටෙල් වල උඩුගත කිරීමේ වේගය වැඩි නිසා වීඩියෝ ඇමතුම් හොද ගුණාත්මක භාවයක් තියනව. මොබිටෙල් එකට ගත්තහම අපරාදෙ කියන්න බෑ ටක් ගාල ගත්ත. අවුල කීවහම අදාල අන්ශයට දාන්නම් කීව. ලයින් එකේ හිටිය. අදාල අංශයෙන් එක්කෙනෙක් සම්බන්ධ උනහම ගැටලුව කීව. එතකොටම මෙන්න ඇමතුම විසන්ධි උනා.
මට ආව තරහ… ඊට පස්සෙ ගත්ත ආයෙත්. අරන් විස්තරෙයි කලින් උන එකයි කීවහම, එයා මාව කොහාටවත් දැම්මෙ නෑ. කලේ වෙනද වගේ පැමිණිල්ලක් දැමීම විතරයි. මොනව කරන්නද. පැමිණීල්ල දාල එයාටෙල් එකෙන්ම ගිය. කලිනුත් මෙහෙම පැමිණිලි දැම්මට, එයාල අපිට කථාකරනව කීවට, තාමනම් කථාකරල නෑ. මේකටවත් ගනීද දන්නෙ නෑ. කොහොම හරි මොබිටෙල් HSDPA වෙනුවට Airtel EDGE වලින් අග බේරගත්ත.

මම මොබිටෙල් එකෙන් ස්පීඩ් ටෙස්ට් කරන්න හැදුවට සයිට් එකටවත් යන්ට වේගයක් නෑ. එයාටෙල් එකේ වේගවල් මෙන්න. මීට වඩා උඩුගත කිරීමේ වේගයක් ආව ඇමතුමේදී.

එයාටෙල් නිකම් යන එන හැමෝටම සිම් දුන්න. සමහර කොමියුනිකේෂන් වල නිකම් දුන්න. තව ඒව මුදල් අරන් දුන්න. එහෙමත් දීගන්න බැරිඋන අය සිම් වලට රීලෝඩ් දාල යාලුවන්ට දුන්න ඇමුතුම් ඇරන් සිම් එක දෙන්න කියල. ඒ එයාල‍ගෙ විකුණුම වැඩි බව පෙන්වන්න ඕනෙ වෙන්න ඕනි. මොකද මටත් යාලුවෙක්ගෙන් (එයාටත් එයාගෙ යාලුවෙක්ගෙ, යාලුවෙක්ගෙ යාලුවෙක් දුන්න ඒව) සිම් කීපයක් හමුඋනා. ඇමතුම් ගන්න. මම ඇමතුම් අරන් නැවත ඒව දුන්න. ඉතින් මෙහෙම කී දෙනෙක්ට‍ නිකන් දෙනව ඇතිද. මට ලග යාලුවෙක්ගෙනුත් නොවේ හම්බුනේ. මේ විදිහට දීල දැන් දානව දින 171 ක් ඇතුලත පාරිභෝගිකයින් මිලියනයයි කියල. ඒත් මේ අතරෙ කී දෙනෙක් ස්ථාවර අයද දන්නෙ නෑ. මොකද මේ ගත්ත අයගෙන් මම දන්න එක්කෙනෙක්වත් එයා‍ටෙල් භාවිතා කරන්නෙ නෑ. හුගක් අය ගත්තෙ ඒ හම්බෙන ගානට ඇමතුම් ගන්න. තව අය මේ සිම් අරන් එක එක අයට හින්සාකාරී ඇමතුම් දෙනව. හදිස්සියක් වෙලා එයාටෙල් එක‍ට අරන් මොනව හරි කීවහම එයාල සිම් එක අපේද කියල තහවුරු කරගන්නෙ අවසානෙ ගත්ත ඇමතුම් වලින්. මොකද පාරිභෝගිකයගෙ විස්ර එයාල ගාව නෑ.මම මගෙ සිම් එකක් නැති උනා. කථා කරල කීවහම මගෙ විස්තර කිව්ව‍ට බෑලු. අංක කියන්නලු.
මේ සිම් දෙන ආයතන කියන්නෙ එක්කෙනෙක්ට සිම් 3යි ගන්න පුලුවන් කියල. ඒත් මම දන්න අයම අරන් තියනව එක තැනකින් 3යි, තව තැනකින් 3යි. අනේ මෙහෙමත් ජාලයක්. අර එක පාරක් මොබිටෙල් එක ටෙලිකොම් බිල් වලට නිකන් සිම් දුන්න වගේ කරන්නද දන්නෙ නෑ යන්නෙ.

දැන් මීට අවුරුද්දකට පෙර අපේ දුරකථන සබදතා හරියාකාරව ලියාපදින්චි කරන්න ඕනි කියල නීතියක් ආවෙනෙ. රටේ තිබුන් ආරක්ෂක තත්වය උඩ. ඒක නිසා මොබිටෙල් ටිගෝ හා හච් තම පාරිභෝගිකයන්ව නැවත ලියාපදින්චි ක‍ලා. ඩයලොග් කලින් හරියට ලියාපදින්චි කල නිසා වෙනස් අය විතරක් ආයෙ ලියාපදින්චි කලා. මේ ලියාපදින්චියෙදි මොබිටෙල් හා ටිගෝ තාවකාලික හැදුනුම්පතක් නිකුත් කලේ. ඒ හරි එක මාස 3ක් ඇතුලත දෙනව කියලනෙ. ඒත් ටිගෝ එකෙන් සමහරැන්ට නව ප්ලාස්‍ටික් කාඩ් එවල තිබ්බනෙ. ඒත් මොබිටෙල් එහෙම නෑ. ටිගෝ එවපු නැති අයයි, මොබිටෙල් අයයි තාම මාස තුනේ තාවකාලික හැදුනුම පතින්.

ඒත් මොබිටෙල් එකේ තිබ්බෙ අමුතුම් ලියාපදින්චි කිරිමක්. සමහර් තාවකාලික හැදුනුම් පත අතේ තියන් ආයේ ආයෙ ලියාපදින්චි කරනව. අයිති කරු කවුරු උනත් කමක් නෑ. තමාගෙ නමට ලියාපදින්චි කරගන්න පුලුවන්. ඒව එහෙමයි කියමුකො.

මම යාලුවෙක් එකක් සිම්පතක් ගන්න ගියහම මීට අවුරුද්දකට විතර කලින් යාලුවට වයස 18 නෑ කියල මගෙ නමට ගත්ත. ඒත් 18 පිරෙන්නත් කලින් ලියාපදින්චි කරන්න පුලුවන් නිසා මමත් එකක්ම ගිහින් මොබිටෙල් එකෙන් ලියාපද්න්චිකලා. එතකොට #132# න් පෙන්නුවෙ එයාලෙ විස්තරේ. ඒත් දැන් මාසෙක විතර ඉද්න් බලද්දි ඒකෙ තියෙන්නෙ ආයෙත් ම‍ගෙ විස්තරේ. හැබැයි එයාගෙ හැදුනුමපත් අංකය. අමුතුම ලියාපදින්චියක්.

ඒ වගේමයි මොබිටෙල් අප්‍රේල් 31ට කලින් ලියාපදින්චි කරන්නකීවනෙ. ඒ වෙනකම් හුගක් උපහාර පැකේජ වල #132# න් පෙන්‍නුවෙ ලියාපදින්චි කරල නෑ කිවලනෙ. ඒත් කාඩ් පතක් හිටන් දීල තිබ්බනෙ. ඒවගෙ දැන් නියම හිමිකාරයගෙ විස්තරේ වැටෙනව. ඒ අය ඒව නිකම්මලියාපදින්චි කරගෙන.

හැබැයි එයාටෙල් වල මේ කිසි දෙයක්  නෑ. දැන් නිකම් සිම් දෙනව රු 51ක රීලෝඩ් එකක්. එහෙම දෙද්දි අපේ අත්සනයි හැදුනුම්පත් පිටපතයි විතරයි ග්නනෙ. අඩු‍ගානෙ ඒ අයදුම් පත පුරුවන්නෙවත් නෑ. හිමිකාරත්වය පිලිබද තහවුරු කරගන්න විදිහකුත් නෑ. පරණ ඒවගෙවත්

අනේක් ජාලයන් දෙනවට වඩා වෙනස්‍ විදිහට දැන් එයාටෙල් සමාගම අවුරුදු දීමනා දෙන්න පටන් අරන්  මේ අනුව අවුරුදු දිනය එනම් 14 දිනය පුරා එම පාරිභෝගිකයන්ට නොමිලේ කෙටිපණිවිඩ හා ඇමතුම් ලබාගත හැකි. නමුත් ඒ එයාටෙල් ජාලය තුල පමණී. මේ සදහා කරන්න තියෙන්නෙ අප්‍රේල් 13 හෝ ඊට පෙර රු 100 ක රීලෝඩ් එක්ක දැමීම පමණයි. ඒත් අර ශත 49 වගේ මේකත් අතුරුදහන් වෙනවද කියලනම් දන්නෙ නෑ. නමුත් මොබිටෙල් ජාලය නිතරම කාර්ය බහුල නිසා අවුරුදු ලං වෙද්දි ලංකාබෙල් වලට ගන්නව වගේ වෙයිද දන්නෙ නෑ. ඒක නිසා කට්ටියම කථාවෙලා අවුරුදු දවසට විතරක්වත් සිම්පල් ප්ලෑන් එකකට මාරු උනානම් නරකද?

දැන් එයාටෙල් සමාගම තමන්ගේ විශේෂ සේවා හදුන්වාදීමට පටන්ගෙන තිබේ. එනම් විශේෂ ගාස්තු ක්‍රම. මේ අනුව හදුන්වාදුන් ශත 49 ට ඇමතුම් ගතහැකි සේවාව මගින් අප මසකට රු 49/-ක සක්‍රිය කිරීමකින් පසුව එයාටෙල් ජාලය ඇතුලත ශත 49 ට ඇමතුම්ගැනීමට හැකි අතර මෙම සේවාව සක්‍රිය කිරීමක් නොව රීලෝඩ් දමන විට රු 49/- ක රීලෝඩයක් දැමීමෙන් ලබාගත යුතු සේවාවකි. එනම් පාරිභෝගික සේවාව පවසන පරිදි අප රීලෝඩ් දමන විට‌ රු 49/- ක රීලෝඩයක් දැමීමෙන් එම මුදල අපටත් නොකියාම අතුරුදහන් වේ. ඉන්පසු අපගේ මෙම සේවාව දින 30 ක් සක්‍රිය වේ. මෙම රු 49/- යනු සියලු බදු ඇතුලත්වලු.
එම සක්‍රිය කිරීමෙන් පසු එම දින 30 ඇතුලත ශත 49ට ජාලය තුල ඇමතුම් ලපාගත හැකිවේ. මෙම සේවාව ඩයලොග් KIT Double, Any8, My best Friend, My10 වැනි සේවා වලට ආදේශයක් උවත් මොබිටෙල් ජාලයේ ඇත් නිදහස තරම් ලාබදායක නොවේ. එම නිදහස පහසුකමේ සමහර තේරීම් වල ඇමතුම් ශත 49වත් වඩා අඩුවන අතර එම සක්‍රිය කිරීමට කෙටිපණිවිඩද හිමිවේ. එසේ සක්‍රිය කිරීමෙන් එම මුදලට සරිලන ඇමතුම් ලබාගත හැකි උනත් මෙම එයටෙල් සේවාවෙ එම දීමනා නැත. සක්‍රිය මුදලෙන් අපට ඇමතුමු හෝ ඒ වෙනුවෙන් ඇමතුම් ලබාග නොහැකිය. එමෙන්ම මොවුන්ගේ අනෙක් ජාලයන්ගේ තරම් විශේෂ සේවා නැති නමුත් මොවුන් මුලින්ම මෙවැනි පහසුකම් දීම හොද ආරම්භයකි. මන්ද දිනකට නියමිත ඇමතුම් ප්‍රමාණයක් නිශ්චිතව ලබානොගන්නා අයට මෙම සේවාව ඉතාම වටිනා සේාවාවකි