Browsing Posts in Lankabell

මීට මාස කීපයකට පෙර TRC එක අපේ අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවය මනින්න වෙනමම ඒකයක් පිහිටෙව්ව. අන්තර්ජාල ග්‍රාහකයින් නිතර නිතර සේවාවේ දෝෂ පෙන්වීම මීට හේතුවක්. මුල් අදියරදී මේ අය ස්ථාවර අන්තර්ජල සේවා විතරයි පරික්ෂා කරල තියෙන්නෙ. අනිත් ජාංගම අන්තර්ජාල සේවා වල ප්‍රථිපල ලබන මාසේ එලියට දායි. මේ ප්‍රථිපල දැනට අපිට සාමාන්‍යය ස්ථාවර සම්බන්ධතා දෙන ටෙලිකොම්, ඩයලොග් හා ලංකාබෙල් වල අරගෙන තියෙන්නෙ. ඒව තමයි මුල් පියවරෙන් පරික්ෂා කරල තියෙන්නෙ. හැබැයි මේකෙ ප්‍රථිපලත් හොද ඒව හම්බෙලා තියනව. සාමාන්‍ය අපි මේ සම්බන්ධතා භාවිතයෙදිත් මේ වේගයන්ට ආසන්න ඒව ලැබෙන්නෙ.
මොනව උනත් මේ වෙග සටහන් දිහා බලලවත් මේ සේවා සපයන ආයතන ඒ ඒ අයගෙ වැදි හදාගන්නවනම් කොච්චර දෙයක්ද

512 සම්බන්ධතා වල

512Kbps Download Speed with UK

512Kbps Download Speed with USA

සේවා සපයන්නා Average RTT
-ms-
මාසික ගාස්තුව රුපියල් මාසික දත්ත ප්‍රමාණය වෙළද ප්‍රචාරය කරන බාගත වේගය ප්‍රචාරය කරන වේගය උදේ 9 සිට රාත්‍රී 12 දක්වා ලැබෙන වග
USA UK 1Mb ගොනුවක් බාගත කිරීමේදී
DIALOG 286 287 1,750 unlimited 512kbps NO
LANKA BELL 344 237 2,000 unlimited 512kbps YES
SLT 246 274 1,600 unlimited 512kbps YES

2Mbps සම්බන්තා වල

2Mbps Download Speed with USA

2Mbps Download Speed with UK

සේවා සපයන්නා Average RTT
-ms-
මාසික ගාස්තුව රුපියල් මාසික දත්ත ප්‍රමාණය වෙළද ප්‍රචාරය කරන බාගත වේගය ප්‍රචාරය කරන වේගය කාර්යබහුල අවස්ථාවල ලැබෙන වග
USA UK 1Mb ගොනුවක් බාගත කිරීමේදී
DIALOG 282 285 5,000 unlimited 2Mbps NO
LANKA BELL 310 332 5,500 unlimited 2Mbps YES
SLT 274 296 5,500 unlimited 2Mbps YES

වැඩි විස්තර හා උපුටා ගැනීම
http://www.trc.gov.lk/about-us/events/168-trcsl-releases-broadband-download-speed-test-results.html

ටිකෙන් ටික අන්තර්ජාල ගුණාත්මක භාවය අඩුවෙන්න ගත්තහම TRC එක අන්තර්ජාල වේගය ගැන නිතර සෙවිල්ලෙන් ඉන්න වෙනමම ඒකකයක් පිහිටෙව්වෙ මීට මාස කීපයකට කලින්. (http://www.trc.gov.lk/about-us/events/151-trcsl-commences-broadband-qos-monitoring.html)   අනෙක් රාජ්‍යය ආයතන වගේ ආරම්භයෙන් නවතින්නෙ නැතිව එම ඒකකය නිතරම මේ ගැන සෙවිල්ලෙන් ඉදල තියෙන්නෙ. ඒ අය lirneasia කලාක් මෙන් දිනයේ සෑම වෙලාවකම බාගත කිරීමේ කරල ඒම වේගයන් සටහන් කරගෙන. හැබැයි lirneasia කලාක් මෙන් නෙවේ, TRC එක US සර්වරයකින් බාගත කිරීමේ වේගය පමණයි නිරීක්ෂණය කරල තියෙන්නෙ. ඒ උදේ 9 ඉදන් රෑ 12 වෙනකම්. මේකෙන් ලැබෙන ප්‍රථිපල මේ අය සේවා සපයන ආයතන සමග සාකච්චාකරල හොද සේවාවක් ප්‍රජාවට සැපයීමට කටයුතු කරගෙන යනවලු. ඒ අනුව සමහර සේවා සපයන ආයතන තම තමන්ගේ වැරදි හදාගෙන. කෙසේ වෙතත් මේ අය මෙම නිරීක්ෂණය ස්ථාවර අන්තර්ජාල සැපයුම් හා ජංගම අන්තර්ජාල සැපයුම් යන දෙවර්ගයෙම වෙන වෙනමම වේගය නිරීක්ෂණය කරගෙන යනවලු. හැබැයි ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල මේ අය පළමු අදිරයේදි නිරීක්ෂණයට යොදාගෙන තියෙන්නෙ අසීමිත අන්තර්ජාල සම්බන්ධතා විතරයි. මේ අය Volume Base අන්තර්ජාල සම්බන්ධතා මේ අදියරේදී යොදාගෙන නෑ. ඒව ඉදිරි පියවරේදී යොදාගන්නවලු.

මෙහෙම පරික්ෂා කරපු අන්තර්ජාල වේගය මේ අය ස්ථාවර සම්බන්ධතා වල මේ මාසයෙත්, ජංගම අන්තර්ජාල සම්බන්ධාතව ජනවාරි මාසයෙත් එලියට දාන්න බලාගෙන ඉන්නෙ. ඒ අනුව හොද ප්‍රථිපලයක් බලාගන්න පුලුවන් උනොත් හොදයි. හැබැයි ජංගම අන්තර්ජාල සම්බන්ධතා වල වේගය එකම තැනක ඉදන් පරික්ෂා කරන එකෙන් වැඩක් ගන්න අමාරුයි. මොකද එම සේවා සපයන ආයතන වලට පුලුවන් ඒ අවට විතරක් ගුණාත්මක භාවය හොද මට්ටමක තියාගන්න. ඒක ගැනත් හිතන්න වෙනව. මොකද ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල වේගය ප්‍ර දේශයෙන් ප්‍රෙද්ශයට වෙනස් වෙනව. ඒක නිසා ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල වේගය මනින්න වෙන  ක්‍රමක් හොයාගන්න වෙයි. නැතිනම් ප්‍රජාවගේ සහය ලබාගන්න ඕනෙ. අනික පළමු පියවරේදි ජංගම අන්තර්ජාල වල හොද ප්‍රථිපලයක් බලන්න බැරිවෙයි. මොකද මේ අය පලමු පියවරේ නිරීක්ෂණය කරල තියෙන්නෙ  Unlimit අන්තර්ජාල සම්බන්ධා විතරයි නිසා. බොහෝ ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල Unlimit බාගත කිරීම් දෙන්නෙ නෑනෙ. එක්කෙ Volume base, නැතිනම් Time Base ඒ දෙකම නැතිනම් FUP.

ආයෙ තව ගැටලුවක් තියෙන්නෙ ටෙලිකොම් එකේ User ලව Black List කරන එක. TRC එකේ සම්බන්ධතාවයත් Black List කරොත් හොද සීන් එකක් බලාගන්න පුලුවන් වෙයි. ඒත් අවුල තියෙන්නෙ ඔහොම ටික ටික බෑවට එහෙම වෙන්නෙ නැති එකයි. ඒ ගැනත් මොනව හරි කරනවනම් ලොකු දෙයක්.

ඒ වගේම වැදගත්ම දේ තමා TRC එක දැනට සැලසුම් කරගෙන යනව දේශීය අන්තර්ජාල වේගයේ අවම වේගය 1Mbps තත්වයක පවත්වගන්න. ඒකනම් ඉතා සුභ ආරංචියක්. හැබැයි මේ වේගය ප්‍රචාරයට විතරක් සීමා නොවේ සත්‍යය වශයෙන්ම ලැබෙනවද නැද්ද යන වගත් ගුණාත්මක භාවය ගැනත් සොයා බලනවනම් ලොකු දෙයක්.  ‍වේගය කියන්නෙ අපේ සම්බන්ධතා වල ගුණාත්මක භාවයේ එක් සාධකයක් පමණක් නිසා අනිත් සාධක ගැන සොයා බලනවනම් හොදයි.

ඒ සඳහා ප්‍රජාවගේ සහය වගේම lirneasia වැනි ආයතන විවිධ ප්‍රෙද්ශ වල සිදුකරන පරීක්ෂණ ප්‍රථිපලත් යොදාගන්නවනම් ලොකු දෙයක්. ඒකෙන් කොළඹට විතරක් සීමා නොවී මේ සේවාව දීප ව්‍යාප්ත වෙනව

“අපේ රටේ යෞවන යෞවනියන් ගාව විශේෂයෙන්ම තියෙන දෙයක් තමයි ජංගම දුරකථනය. නමුත් ඔවුන් බොහෝදෙනකු කියන්නේ SMS එකක් යවන්න වත් මුදල් නැහැයි කියලා. මේ හන්දා රිංග් කට් එකක් (මිස් කෝල් එකක්) දීමෙන් සෑහීමකට පත් වෙන්නයි ඔවුන්ට සිදු වෙලා තියෙන්නෙ”
කලකට ඉහත මෙසේ කීවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. මේ සාමාන්‍ය දකුණු ආසියාතික දේශපාලන නායකයකුගෙන් අප බලාපොරොත්තු වන ආකාරයේම හා රනිල් වික්‍රමසිංහ මහතා නිතරම කරන ‘පස්දුන් කෝරළේ’ හෝ ‘පොළොන්නරු වරාය’ ආකාරයේ මුග්ධ ප්‍රකාශයක් විනා කාරණා දැන කළ එකක් නොවේ.
එක – අපේ රටේ SMS එකක් යැවීමේ වියදම කලාපයේ වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව අඩුය.
දෙක – වියදම් වැඩිය කියා මෙරට යෞවන යෞවනියන් SMS යැවීම නතර කර තිබූ බවක් කිසිම සමීක්ෂණයකින් හෙළිව තිබුණේ නැත. (ඇත්තමට සමීක්ෂණ වලින් හෙළිව තිබුණේ එහි අනෙක් පැත්තය. ලර්න් ඒෂියා ආයතනය විසින් 2008 වසරේදී පවත්වන ලද සමීක්ෂණයකදී හෙළිවූයේ අපේ රටේ අඩුම ආදායාම්ලාභී ස්ථර දෙකෙහි පවා තරුණ තරුණියන්ගෙන් 67%ක් SMS භාවිතා කරන බවයි. දැන් මේ ප්‍රතිශතය මීට වැඩි විය හැකිය.)
තුන – SMS යැවීමේ ගාස්තු වැඩි වීමට හේතු කාරක විය හැකි සමහර බදු හඳුන්වා දෙන ලද්දේද රනිල් වික්‍රමසිංහ මහතා අගැමැති පදවිය දැරූ කාල සීමාව තුළදීය. ජංගම දුරකථන සඳහා වූ විශේෂ බද්ද එවැන්නකි.
එහෙත් මේ මිථ්‍යාව පසුපස පවා එක්තරා මට්ටමක සත්‍යයක් තිබුණේය. ඒ අපේ රටේ විදිලි සංදේශ සේවාවන් පිණිස අයවන බදු සම්බන්ධයෙනි. මෑතක් වනතුරු විවිධ බදු වර්ග හතරක් විදිලි සංදේශ සේවා වෙනුවෙන් අය කරන ලද අතර මේ නිසා දුරකථන භාවිතය වෙනුවෙන් අය කෙරෙන හැම රුපියලක් වෙනුවෙන්ම සත තිස් එකක් බදු ගෙවීමට පාරිභෝගිකයාට සිදුවිය. SMS එකක වියදම රුපියල් 1.31ක් හෝ  2.62ක් වූයේ ඒ අනුවය. මේ සත 31 හෝ 62 බදුය.
මේ ඉතා ඉහළ බදු ප්‍රතිශතයකි. 2006-7 වර්ෂ වලදී GSMA ආයතනය විසින් කරන ලද පර්යේෂණයකට අනුව සියයට තිහකට වඩා වැඩි බද්දක් ජංගම දුරකථන සේවා වලින් අය කරන ලද්දේ ශ්‍රී ලංකාව හැරුණු විට ලෝකයේම එක රටක් පමණෙකි. ඒ තුර්කියයි. උගන්ඩාව, බ්‍රසීලය, ඩොමීනියන් ජනරජය හා සැම්බියාව සියයට තිහට ආසන්නව සිටියහ. මේ අනුව දුරකථන සඳහා අය කරන ලද බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටියේ දෙවැනි තැනය.
මේ බදු ව්‍යුහය (වඩා පැහැදිළිව රූපයේ විස්තර කොට ඇත.) අපූර්ව ආකාරයකට අතීතයට සම්බන්ධ විය. මහාචාර්ය කේ. එම්. ද සිල්වා මහතාට අනුව පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජ දවස වී වගාව සඳහාද වූයේ මෙවැනිම සංකීර්ණ ඉහළ අහයකින් යුතු බද්දකි. වී වගාව අදියර තුනෙකදී බද්දට බඳුන් විය. පළමුව අති බහුතරය රජ වාසලය අයත් කුඹුරු වෙනුවෙන් විශේෂ බද්දක් අය කෙරිණි. දෙවනුව ‘දිය දද’ නමින් ගොවිතැනට භාවිතා කරන ලද ජලය සඳහා බද්දක් විය. තෙවනුව අස්වැන්න නෙළාගත් පසුව අතිරික්ත නිෂ්පාදනය වෙනුවෙන් බද්දක් විය.
එකම කර්මාන්තයක් තෙවරක් බද්දට නතු කරන ලද්දේ කෙසේද? එක්කෝ එය මෙසේ බදු ගැසීමෙන් පසුව පැවැතීමට තරම් ලාභදායී විය යුතුය. නැතිනම් මේ බදු ක්‍රමය මහා හිරිහැරයක් විය යුතුය. සමහට විට මේ දෙකම වන්නට පිළිවන. පරාක්‍රමබාහු යුගයේ බල පැවැත්වූ සමහර බදු ඉවත් කිරීමට ඉන්පසුව රජ පැමිණි නිශ්ශංකමල්ල කටයුතු කර ඇත්තේ එනිසා විය හැකිය.
එකොළොස් වන සියවසෙහි වී වගාවට විසි එක් වන සියවසෙහි සමතුල්‍ය වූයේ විදිලි සංදේශ කර්මාන්තයයි. කර්මාන්තයේ ලාභදායී තත්ත්වය නිරීක්ෂණය කළ විවිධ ආණ්ඩු (පසුව මේ සේවා ගාස්තු විවේචනය කළ රනිල් වික්‍රමසිංහගේද ආණ්ඩුව ඇතුළුව) විවිධ අවස්ථා වලදී, තැලෙන යකඩය දුටු කළ උඩ පැණ පැණ තැළු ආචාරියා පරිද්දෙන්, අළුතින් බදු එක් කළහ. නැතිනම් වලංගු බදු ප්‍රමාණ වැඩි කළහ. බදද 31% තරම් ඉහළ ගියේ ඒ අනුවය.
මින් සමහරක් බදු අර්ථ විරහිත විය. ගාස්තුවෙන් සියයට දෙකක් වූ පරිසර බද්ද එවැන්නකි. මේ බද්ද මුලින්ම අය කිරීම ආරම්භ කරන ලද්දේ භාවිතා කර ඉවත ලන ජංගම දුරකථන පරිසරයට හානි නොවන සේ ප්‍රතිචක්‍රීකරණය කරනු පිණිසය. නමුත් මේ බද්ද අයකොට ගොඩ නඟන්නේය එවකට පරිසර අමාත්‍යවරයා පොරොන්දු වූ ප්‍රතිචක්‍රීකරණ කම්හල කිසිදිනෙක ගොඩ නොනැඟුණේය. දැන් මේ වගකීම දුරකථන ආනයනය කරන සමාගම් වෙතම පවරා දී ඇත්තේය. නමුත් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මේ නොකෙරෙන වෙදකම වෙනුවෙන් ජංගම දුරකථන පරිශීලකයෝ බදු ගෙවූහ.
2010 අයවැය යෝජනා තුළින් මේ සංකීර්ණ බදු ව්‍යුහය වෙනුවට සියයට විස්සක තනි බද්දක් පැනැවීමට කර ඇති යෝජනාව අපේ රටේ දුරකථන බදු සම්බන්ධයෙන් මෙතෙක් ඇතිවූ වැදගත්ම පරිවර්තනයක් සේ ගිණිය හැකිය.
මෙහි ඍජු බලපෑම විදිලි සංදේශ සේවාවන්ගේ වියදම අඩු වීමයි. උදාහරණයක් හැටියට රුපියල් 2.66ක් වූ SMS එකක් වෙනුවෙන් මින්පසු ගෙවිය යුතු වන්නේ රුපියල් 2.40කි. මෙය දුරකථන ගාස්තුවෙන් 8%ක අඩු වීමකි. බදු ප්‍රමාණයෙන් පමණක් නම් 35%ක අඩු වීමකි.
දීර්ඝකාලීන ලෙස මේ නිසා දුරකථන භාවිතා කරන්නන්ට, විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ට වඩා වැඩි සේවාවන් ප්‍රමාණයක් භාවිතයට ඉඩ සැලසේ. මෙය වැදගත් වන්නේ දුරකථනය යනු අද හුදෙක් තවෙකකුට කතා කිරීමට පමණක් භාවිතා කෙරෙන මෙවලමක් නොවන නිසාය. මේ බදු අඩුවීම සියළු විදිලි සංදේශ සේවාවන් සඳහා අදාළය. උදාහරණයක් හැටියට ෆේස් බුක් භාවිතාකරන තරුණ තරුණියන්ගේ ඉන්ටර්නෙට් බිලද මෙනිසා අඩුවේ. ඉදිරියේදී ඇති විය හැකි ජංගම දුරකථන පදනම් කොට ගත් ගෙවීම් ක්‍රම සඳහාද මින් අනුබල ලැබෙතැයි සිතිය හැකිය. පොදුවේ පරිගණක කර්මාන්තයට මේ වෙනස ධනාත්මකව බලපානු ඇත.
මීට අමතරව පොදුවේ පරිගණක කර්මාන්තය සම්බන්ධව මතක ඇති කාලයක කිසිදු අයවැයකින් යෝජනා වී නැති ආකාරයේ ප්‍රශස්ත වෙනස්කම් රාශියක් මෙවර ඉදිරිපත් වී ඇත. ආනයනික පරිගණක මෘදුකාංග සඳහා වැට් බද්ද සේම ජාතිය ගොඩ නැඟීමේ බද්දද ඉවත් කොට තිබේ. මෙය පරිගණක කර්මාන්තයෙහි දීර්ඝකාලීන ඉල්ලීමකට කන් දීමකි. තව වසර කිහිපයකින් අන්තර්ජාතිකව පරිගණක සේවා සැපැයීම තුළින් රුපියල් බිලියන දෙකක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම පිණිස කටයුතු කරන වාතාවරණයක් තුළ මේ අතිශයින් වැදගත් වෙනසක් වේ.
අයවැය යෝජනා වලින් දුරකථන භාවිතා කරන්නට බරක් සේ පෙනුණු එකම යෝජනාව විදේශීය දුරකථන ඇමැතුම් සඳහා වන බද්ද මිනිත්තුවකට (ගාස්තුවට අනනුරූපව) රුපියල් දෙකක් කිරීමය. මීට අතීත කතාවක් ඇත. අනෙකුත් දුරකථන බදු සේම විදේශීය ඇමැතුම් සඳහාද එතෙක් වූයේ ගාස්තුවට අනුපාතික බද්දකි. නමුත් පසුගිය මාස කිහිපය තුළ විදේශීය දුරකථන සංවාද සඳහා වන ගාස්තු විශාල ලෙස පහත වැටුණේය. මේ නිසා ඊට සමානුපාතිකව රජයේ බදු ආදායමද පහත වැටී තිබේ. මේ එය පියවා ගැන්මේ උත්හාසයකි. සමස්තයක් ලෙස විදේශීය දුරකථන භාවිතා කරන්නන් විසින් ගෙවනු ලබන මුදල (බදුද ඇතුළුව) තවමත් මීට මාස කිහිපයකට කලින් තිබූ මිළට අඩුය.
සමස්තයක් ලෙස විදිලි සංදේශ හා පරිගණක ක්ෂේත්‍ර වලට අයවැය යහපත්ය. කෙටිකාලීන නොව දීර්ඝකාලීන ඉලක්ක වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් මෙහි පෙනේ. දශක ගණනාවක් මුළුල්ලේ විවිධ ආණ්ඩු විසින් කරන ලද වැරදි මෙම ඇයවැය මඟින් නිවැරදි කරගැන්මටද රජයට හැකිවී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේම වචන වලින් කිව්වෝත් මේ රිංග් කට් නැති කරන අයවැයකි. යෞවන යෞවනියන්ට දැන් SMS යැවීමට වැඩි ඉඩකඩ ලැබීම ගැන ඔහුද සතුටු විය හැකැයි සිතනු හැකිය.

-චානුක වත්තේගම මහතා විසින් සකසන ලද ලිපියකි

මමත් ලංකාබෙල් අන්තර්ජාල සම්බන්ධතිවයක් හම්බෙනකම් හිටියෙ. ඒත් ඔන්න එක පාරම දෙකක් හම්බුනා. කට්ටිය කීවත් වගේ ඒවගේ වේගයෙ කියන තරම්ම හොදා වගේ. ඒත් අමුතුම කථාව තමා වැස්සත් එකක් ලංකාබෙල්ලගෙ තියන ගනදෙනුව ගැනයි

දෙන්නම යාලුවො. දෙන්නම කීවෙ වේගය අතින් සෑහීමකට පත්වෙනවලු. හැබැයි එක්කෙනෙක් කීවෙ එයා හුගක් බාන්නෙ ෆිල්ම්ලු. ඒවට හොද වේගයක් එනවලු. ඒත් හවස 6 විතර ඉදන් රෑ9 වෙනකම් වගේ හුගක් ස්ලෝ වෙනවලු. මම එහෙ යද්දි යන්තම් වැස්ස. එයා කීව එවෙලෙ අන්තර්ජාලය වැඩ නෑ. එයාල වැස්සට ඕෆ් කරනවලු. එයාල කීවෙ ලංකාබෙල්ල. මම එහෙම අන්තර්ජාලයක් ගැන ඇහුවමයි. වැස්සට ඹ්ෆ් කරන. පොඩි වැස්සක් ආවත් එයාලට අන්තර්ජාලය නෑලු. ලංකාබෙල් එකට කීවම කිව්වලු අකුණු ගහද්දි ටවර් එකට හානි වෙයි කියල ස්වයංක්‍රියවම විසන්ධිකරනවලු. ‍මොකද කුරුණෑගල ලංකාබෙල් කුලුණු තියෙන්නෙ ඇතාගල උඩ නිසා. ඒත් අනිත් කුලුණුත් ඇතාගල උඩ තියනව. ඒව කිසිම එකක් විසන්ධිකරන්නෙ නෑනෙ.

නමුත් වේගය අතින්නම් එයා සෑහීමකට පත්වෙනවලු. මටනම් බලාගන්න බැරිඋනා. අනිත් යාලුවත් ෆිල්ම බාන කෙනෙක්. එයාගෙන්නම් ස්පීඩ් ටෙස්ට් ගත්ත



එයානම් කීවෙ වැස්සට ස්ලෝ වෙනව විතරයි කියල. මොකද සාමාන්‍යයෙන් වේගය 68kbps විතර එනවලු. එයාගෙ තියෙනව කීවෙ 512 සම්බන්ධතාවයක් ඒත් ආව වේගවල් දැක්කහමනම් 512වලට හොදටම ඇති. ස්පීඩ් ටෙස්ට් වල ලංකාවේ සර්වර් එක්ක හොද වේගයක් එනව. ඒත් පිටරට ඒවට එන්නෙ සාමාන්‍යය වේගවල්. නමුත් IDM ව‍ගේ එකකින් බාගත කරද්දි හොද වේගවල් එනව. ඒත් අර වැස්සෙ කථාවනම් හිතාගන්න අමාරුයි. ලංකාබෙල් විතරක් වැස්ස‍ට විසන්ධි වෙන්නෙ මොකද දන්නෙ නෑ. කලින් කුරුණෑගල ඇතාගල උඩ පිලිමයට අකුණු ගැහුව. ඒත් ඔය ‍ටවර් වලට අකුණූගහල ලොකු අලාභයක් උනා කියල අහලනම් නෑ. ඒත් මෙයාල මොන හේතුවකට විසන්ධි කරනවද දන්නෙ නෑ. අකුණු සන්නායක සවිකරල තියෙද්දි. අනික ඇතාගල උඩ තියෙන්නෙ මෙයාලගෙ කුලුණු විතරක් නෙවේනෙ. අනිත් හුගක් ඒවගෙ ප්‍රදාන කුලුණු තියනව.

මුලින් ජංගම දුරකථන ජාල නොමි‍ලේ ඇමතුම් කාලයක් දෙන්න ගත්ත. ඉන්පසු ඩයලොග් CDMA මුලින්ම ස්ථාවර දුරකථන සදහා නොමිලේ ඇමතුම් කාලයක් දුන්න. දැන් ලංකාබෙල් සමාගමත් නොමිලේ ඇමතුම් කාලයක් දෙනව. හැබැයි ඩයලොග් CDMA තරම් විශාල ඇමතුම් කාලයක් නොවුනත් මේකෙන් අනෙක් ජාලයන්ටත් නොමිලේ ඇමතුම් ගත හැකියි.

ඒ අනුව මෙයාල පැකේජ 2ක් හදුන්වා දෙන අතර මුල් පැකේජයේ මිනිත්තු 500 ක් නොමිලේ වන අතර එය ලංකාබෙල් ජාලය තුල මිනිත්තු 400 හා අනෙක් ජාලයන්ට මිනිත්තු 100 වශයෙන් බෙදීයයි. මෙහි මාසික ගාස්තුව රු 399/-කි

සීමාව ඉක්මවුවිට ලංකාබෙල් වෙත මින්ත්තුවකට රු 1/- ද ප්‍රාදේශිය ස්තාවර ජාල වෙත මිනිත්තුවකට රු 3/- ද ජාතික ස්ථාවර ජාල වෙත මිනිත්තුවකට රු 4/-ද ජංගම ජාල වෙත මිනිත්තුවකට රු  3/- බැගින්ද අයවේ. එමෙන්ම මෙම පැකේජයේ නොමිලේ ඇමතුම් කාලය අයත් වන්නේ රාත්‍රි 11 සිට දහවලු 5 දක්වා පමණි.

අනෙක් පැකේජයේ මාසික ගාස්තුව රු 999/- කි. එයට මිනිතුතු 1000/- ක් නොමිලේ ලැබෙන අතර එම කාලය මිනිත්තු 700 ක් ලංකාබෙල් වෙත හා මිනිත්තු 300 ක් අනෙක් ජාල‍යන් වෙත ලෙස භාවිතා කල හැකිය. සීමාව ඉක්ම වු විට  ලංකාබෙල් වෙත මින්ත්තුවකට රු 2/- ද ප්‍රාදේශිය ස්තාවර ජාල වෙත මිනිත්තුවකට රු 2/- ද ජාතික ස්ථාවර ජාල වෙත මිනිත්තුවකට රු 3/-ද ජංගම ජාල වෙත මිනිත්තුවකට රු  3/- බැගින්ද අයවේ.
මෙහි අනෙක් පැකේජයේ මෙන් නොම පැය 24 පුරා මෙම කාලය වලංගු වේ. සියලු පැකේජයන්ගේ අයකිරීම තප්පරයට වේ.