අපි බොහෝ දෙනා ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ බොහෝ දුරට නිවසින් බැහැර අවස්ථාවලට සම්බන්ධකම් පවත්වන් විතරමද ඊට වඩා හදිස්සි අවස්ථාවක භාවිතයට ගැනීමට නේද? සමහරුන්නම් දුරනථනයෙන් කරන්නෙ අන්තර්ජාලයට යන එක… සමහරු මල් කැඩීම… මේ හැම අය ගාවම නිතරම සාක්කුවෙ ජංගම දුරකථන තිබෙනව. ඒ සියපු දේ කරත් කාවුරුත් මේක පොදුවේ හදිස්සියට, නිවසින් බැහැර අවස්ථාවල සම්බන්ධකරගන්න භාවිතා කරව. සමහරු නිවසේ සිටියත් ඇමතුම් ගන්නෙ හා එන්නෙ ජංගම දුරකථනයට
හරි හදිස්සි අවස්ථාවක කාට හරි ඇමතුමක් ගන්න ඕනෙ වෙලාවට අපි අහල පහල දුරකථන කුටියක් හෝ දුරකථනයක් හොයන් යනවද.. අපි කරන්නෙ අපගේ දුරකථනයෙන් ඇමතිමක් ගන්න එක. ඒ වගේමයි අනිත් පැත්තත්. කාට හරි හදිස්සියෙ අපිව සම්බන්ධ තරගන්න ඕනෙනම් ඒ අය කරන්නෙ අපගේ දුරකථනයට ගන්න එක. ඒ වගේ හදිස්සි අවස්ථාවට මේ දරකථනයෙන් ඇමතුමක් ගන්නවත් යවන්නවත් බැරිනම් මේකෙන් ඇති වැඩේ මොකක්ද
මෙච්චරකල් මොබිටෙල් වල විවිධ අල තිබිබ. ඇමතුම් එන්නෙ නෑ.. මැසේජ් යන්නෙ නෑ. ඇමතුම් ගන්න බෑ ඒත් මේක වැඩිය ගානක් ගියෙ නෑ. ඒත් මීට දවස් කීපයකට කලින් මට මොබිටෙල් එකට ගිහින් දමල ගහල එන්න තරම් කේන්තිය. මම ඉන්නෙ කුරුණෑගල, ඒත් ගම ගිරිඋල්ල. යම් යම් හදිස්සි අවස්ථාවන් වල ගමේ කට්ටිය කථාතරන විවිධ අවශ්‍යයතාවලට. ඒ අතර මේ ලගදි අයිය කෙනෙත් හදිසි අනතුරකින් රෝහල් ගත කරල එයාල එකකම් රෝහටල යන්න කියන්න කථාකරල තියෙන්නෙ. ඒත් මේ කෙහෙල්මල වැඩකරල නෑ. කීප පාරක් අරන්. පස්සෙ එයාල ගෙදර එනකම් දන්නෙ නෑ. මම ඇහුව ඇමතුමක්වත් දුන්නෙ නැත්තෙ ඇයි කියල. ඒපාර කීව අපි කීප සැරයක් ගන්න හැදුව ගන්න බෑ කියල. මට අඩුගානෙ ඇලර්ට් එකක්වත් ආවෙ නෑ. ඉතින් මෙහෙම දුරකථනද අපි භාවිතා කරන්නෙ. දුරකථනය හොදට වැඩ. ඒත් කෝල් නෑ
ඒ වගේම මේ ලගදි අපේ මලයව හොයන්න ඇමතුමක් ගන්න ඕනෙ වෙලා ගන්නව ගන්නව ජාලය කාර්යභහුලයි… විනාඩි 10 ක් විතර උත්සහ කරල තමා ගත්තෙ. ඉතින් හදිස්සියකට ඇමතුමක් ගන්නවත් ගෙන්න ගන්නවත් බැරි දුරනථනය ජාලයක තමා මම එල්ලිලා ඉන්නෙ. මීට වඩා හදිස්සි අවස්ථාවක කෙනක්ට අපිව සම්බන්ධ කරගන්න උනත්, අපිට කෙනෙක්ව සම්බන්ධ කරගන්න උනත් මේ තත්වයම තාම. අපිට හදිස්සි අනතුරක් හෝ කරදයකදි ඇමතුමක් ගන්න බැයිනම් ඇති වැඩේ මොකක්දි? විනාඩි කීපයක් ඇමතුමට උත්සහ කරද්දි සමහරවිට වෙන්න තියන දේවල් ඔක්කොම වෙලා තියෙයි.
ඒ වගේම තමා කෙටිපණිවිඩත්… ඇමතුම් වගේම තමා. ඒකත් හදිස්සියට භාවිතා කරනවනම් එක පණිවිඩය කීප සැරයක් යවන්න වෙනව. ඒ යැව්වත් යන්නෙ නැති වෙලාවල් ඕනෙ තරම් තියන. ඒ කියන්නෙ අපි හදිස්සියට ටක් ගාල පණිවිඩයක් ගහල ඒ පණිවිඩය Delivered වෙනකම් බලන් හිටියෙ නැත්තම් (බලන් හිටියට Delivered වෙන එකට බලපෑමක් නෑ) පණිවිඩය ගියාද නැද්ද කියල හොයන්න බෑ. ඒ කියන්නෙ අපි යවන පණිවිඩ වලින් 60%කට වඩා එකම පිණිවිඩය කීප පාරක් යවන්න ඕනෙ. සමහර වෙලාවට පණිවිඩ Delivered වෙන්න මිනිත්තු 10කට වඩා ගන්නව. ඒ වගේම තමා අපේ ගිණුමෙ මුදල් නැත්තම් අන්තිම පණිවිඩය කාට හරි ගහණවනම් ඒ ගැන අදහසක් තියාගන්න අමාරුයි. ඒ පණිවිඩය බොහෝ දුරට Sent උනාට Delivered වෙන්නෙ නෑ. ඉතින් හදිස්සියකට වගේම ක්ණික පණිවිඩයක් යවනවනම් ඒ පණිවිඩය යනකම් බලන් ඉන්න ඕනෙ. ගියෙ නැත්තම් ආයෙ ආයෙ යවන්න ඕනෙ. සමහර වෙලාවට රින්ග් දැම්මත් යන්නෙ නෑ. සමහර පණිවිඩ එන්නෙ පැය කීපයක් ප්‍රමාද වෙලා. මේහෙම ගැටලු ඉස්සර තිබ්බෙ නෑ. කෙටිපණිවිඩයක් යැව්වහම අනිත් කෙනාගෙ දුරකථනය වැඩනම් එවෙලෙම යනව. නැතිනම් වැඩ කරන්න ගත්ත ගමන් (On කලාම) යනව. මෙහෙම ලෙඩක් ආවනම් ආවෙ කලාතුරකින්. ඩයාලොග්ලගෙ දෙතුන්පාරක් Massage Que එකක් නිසා පණිවිඩ යන්නෙ නැතුව ගියා. ඒක කීවහම ක්ලියර් කලා. ඒත් මෙහෙම දිනපති හැමවෙලාවෙම අලයක්නම්. ඒ අවුල ආවෙත් මම පණිවිඩ කීපයක් 20-30 ක් එකපාර ගහල. යවපු දුරකථනය Off කරල. ඒකයි. මොබිටෙල්ලගෙ මැසේජ් ඩිලිවර්ඩ් රිපෝට් නැතිවත් සමහර වෙලාවට ඩිලිවර්ඩ් වෙනව. ඒ වගේමයි මේ යන්නෙ නැති ඒවට අපිට ගිණුමට නැවත මුදල් බැරවීමක් වෙන්නෙත් නෑ.
අන්තර්ජාලයත් එහෙම්ම තමා. 3G Only දැම්මොත් ආයෙ කෝල් නෑ. ඇලර්ට් විතරයි බොහෝ වෙලාව. සමහර දවසවල මේක පැය 2-3 කට වඩා තියනව. Dual Mode දැම්මොත් 3G තියන කුලුනක් ආසන්නයට ගියත් එන්නෙත් EDGE සංඥා. ඒ ආවත් ඒවගෙන් අන්තර්ජාලයට යන්න සමහර වෙලාවට කීප පාරක් උත්සහ කරන්න ඕනෙ. අපි පොඩි දෙයක් දුරකථයට බාගත කලත් සමහර වෙලාට කෝල් අතරමගින් කැඩෙනව වගේ ඒකත් නවතිනව.
සාමාන්‍යයෙන් අපගේ දුරකථනය EDGE සංඥා ලැබුණත් ඒක භාවිතා කරන්න පුලුවන්නම් අපට පෙන්වන්නෙ
විදිහට. ඒත් බොහෝ වෙලාවට පෙන්වන්නෙ
විදිහට. ඒ කියන්නෙ EDGE තිබ්බට වැඩ කරන්න බෑ කියන එකනෙ. මේ විදිහට බැලුවොත් අපට දුරකථනයෙන් අපිට ඕනෙ වෙලාවට වැඩක් ගන්න බෑ. ජාලයට ඕනෙ වෙලාවටයි අපිට වැඩක් කරගන්න වෙන්නෙ.







.




