Browsing Posts in Mobitel

මේක මොබිටෙල් හා එයාටෙල් ගැනයි. මම භාවිතා කරන්නෙ මොබිටෙල් අන්තර්ජාල සබදතාවයක්නෙ. අලුතෙන් ලැප්ටෙප් එකත් හම්බුන නිසා මාම කීව කිරිඅම්මත් එකක් Skype ‍එකෙන් වීඩියෝ ඇමතුමක් ගන්න ඕනෙ කියල. ගමට ඉතින් මොන අන්තර්ජාලෙද. ඒක නිසා මම ලැප්ටොප් එකයි, මොඩම් එකයි ඔක්කොම අරන් ගියා ගමේ. ගම කීවට පුංචිලගෙ ගෙදර. තියෙන්නෙ කොටදෙනි‍යාවෙ. ගිරිඋල්ල ආසන්නයෙ. එහෙ ගිහින් ගහල බලපු පාර බලාපොරොත්තු උන විදිහටම 3G තිබ්බ.  හැබැයි අන්තර්ජාලය හා සම්බන්ධ උනහමයි ‍දැක්කෙ එහාට HSDPA ත් තියනව. මට මාර සතුටුයි.
ඒත් අන්තර්ජාලය මාර ස්ලෝ. බලද්දි සිග්නල් ලාවට. ඒත් ඒ ගනම් තියෙද්දි වෙනදට ගෙදරදි හොද වේගයක් ඒ කියන්නෙ 1Mbps ම ඇවිත් තියනව. ඒත් එහෙ නෑ. අනිතිමට ගෙදරවගේම USB වරය දෙකක් ගහල දැම්ම එලියට. ඒපාර මෙන්න සිගනල් 1-2 අතර දෝලනව වෙනව. වැඩේ ගොඩ තමා කියල ආයෙත් සම්බන්ධ කලා. කෝ නැනේ‍ වේගය. උපරිම Download වේගය 10 Kbit/s ‍වගේ යන්නෙ. ඒකෙන් මොනව කරන්නද. දෙතුන් පාරක් ට්‍රයි කලා. නෑ… දැන් මටත් වහ නෝන්ඩිය. එතකොට තමා මතක් උනේ යාලුවෙක් Airtel අන්තර්ජාල සබදතාවයක් අරන් මේ දවස්වප භාවිතා කරන්නෙ නැති නිසාත්, අපේ‍ ගෙදරට සිග්නල් බලන්නත් එකක් දුන්න. ඒක තාම පර්ස් එකේ.
ඒකට අපේ ගෙදරට සිග්නල් තිබ්බෙ නෑ හරිය‍ට. ඒත් යාලුවෙක්ගෙ ගෙදර ගහපුවහම හොද වේගයක්. ඒ කියන්නෙ මෙහාට 3G නැති නිසා Edge වලින් 236 ට ආසන්න වෙන්නම ආව.
මම කලේ මොබිටෙල් එක අයින් කරල දැම්ම ඒ සිම් එක. ෂ….. ඒක නියමෙට වැඩ. වීඩියෝ ඇමතුම්ත් ලොකු අවුලක් තිබ්බෙ නෑ. බාගත කිරීමට වඩා උඩුගත කිරීමේ වේගය හුගක් ආව.මට මතක විදිහට 150kbps (හරියටම නෙවේ) වගේ ආව. හැබැයි ඇමතුමේදි බාගත කිරීමේ වේගය ආවෙ 100kbps ට වඩා අඩුවෙන්. එහාටත් 3G නෑනෙ. ඒත් ඇමතුමට බාධාවක් නෑ. අපිට‍ පෙනෙන රූප වල ගුණාත්මක භාවයනම් අඩුයි. ඒත් නරකම නෑ. එයාලටනම් හොදට ආවලු. මේ ඇමතුම යන අතරෙ ගත්ත මොබිටෙල් එකට. මගෙ සම්බන්ධතාවය මොබිටෙල්නෙ. අනික මොබිටෙල් වල උඩුගත කිරීමේ වේගය වැඩි නිසා වීඩියෝ ඇමතුම් හොද ගුණාත්මක භාවයක් තියනව. මොබිටෙල් එකට ගත්තහම අපරාදෙ කියන්න බෑ ටක් ගාල ගත්ත. අවුල කීවහම අදාල අන්ශයට දාන්නම් කීව. ලයින් එකේ හිටිය. අදාල අංශයෙන් එක්කෙනෙක් සම්බන්ධ උනහම ගැටලුව කීව. එතකොටම මෙන්න ඇමතුම විසන්ධි උනා.
මට ආව තරහ… ඊට පස්සෙ ගත්ත ආයෙත්. අරන් විස්තරෙයි කලින් උන එකයි කීවහම, එයා මාව කොහාටවත් දැම්මෙ නෑ. කලේ වෙනද වගේ පැමිණිල්ලක් දැමීම විතරයි. මොනව කරන්නද. පැමිණීල්ල දාල එයාටෙල් එකෙන්ම ගිය. කලිනුත් මෙහෙම පැමිණිලි දැම්මට, එයාල අපිට කථාකරනව කීවට, තාමනම් කථාකරල නෑ. මේකටවත් ගනීද දන්නෙ නෑ. කොහොම හරි මොබිටෙල් HSDPA වෙනුවට Airtel EDGE වලින් අග බේරගත්ත.

මම මොබිටෙල් එකෙන් ස්පීඩ් ටෙස්ට් කරන්න හැදුවට සයිට් එකටවත් යන්ට වේගයක් නෑ. එයාටෙල් එකේ වේගවල් මෙන්න. මීට වඩා උඩුගත කිරීමේ වේගයක් ආව ඇමතුමේදී.

මොබිටෙල් Mobitel 3G Daily Delight එකේ අපි රු 25 ක් හෝ 50 දැම්මහම ඒක වලංගු වෙන්නෙ පැය 24 යි. ඒත් ඒ කාලය අපිට දික් කරගන්න පුලුවන්. කරන්න කියල විශේෂ දෙයක් නෑ. අපි 50 ක් දාන්න ඕනෙනම්, කරන්න තියෙන්නෙ 25 ඒව දෙකක් දාන එකයි 50 දෙකක් උනත් කම්ක නෑ. එකපාර දෙකක් දැම්මට අවුලක් නෑ. වලංගු කාලය එතකොට දින 2යි. හැබැයි නොමිලේ හමුවන දත්ත ප්‍රමාණය  ඉවර උනොත් වලංගු කාලය ඉවර වෙනව. අපි අද රු 25 ක් දාල ‍දත්ත ඉවර නොකර හා කාලය ඉක්ව යාමට පෙර තව 25 ක් දැම්මොත් දැනට ති‍බෙන වලංගු කාලයට පැය 24 ක් එකතු වීමයි වෙන්නෙ. එම දෙවනුව සක්‍රිය කරපු වෙලාවෙ ඉදන් පැය 24 ක් නෙවේ. මේ විදිහට වලංගු කාලය වැඩි කරගත්තහම පැකේජයක් වගේ භාවිතා කරන්න පුලුවන්. දිනකට නියමිත ප්‍රමාණයක් දත්ත භාවිතා කල යුතු නෑ.  කරල බලන්න. හැබැයි ගිනු‍මෙ සල්ලි ඉවර උනොත් මේ වලංගු කාලව නැති‍ වෙයි

ඩයලොග් සමාගම ලයිෆ්ටයිම් ඩිස්කවුන්ට් සේවාව‍ දෙන්නෙ ගෙවීමකට, ඒත් මොබිටෙල් දැන් නිකම්ම් ගාස්තු අඩු කරල. ඒ කියන්නෙ දෙවන විනාඩියෙ ඉදන් තමා මේ නව ගාස්තු වලංගු වෙන්නෙ.
මොබිටෙල් අංක වලට -

පලමු විනාඩිය රු 2/-

දෙවන විනාඩිය – රු 1.25

දෙවන විනාඩියෙ ඉදන් – ශත 50යි

කෙටිපණිවිඩ – ශත 50යි

මයි බෙස්ට් ‍ෆ්‍රෙන්ඩ්  සදහා

පලමු විනාඩිය රු 1/-

දෙවන විනාඩිය – ශත 75

දෙවන විනාඩියෙ ඉදන් – ශත 50යි

කෙටිපණිවිඩ ශත 25යි
මොබිටෙල් නොවන අංක සදහා

පලමු විනාඩිය රු 2.50

දෙවන විනාඩිය – රු 2.25

දෙවන විනාඩියෙ ඉදන් – රු 2/-

වැදගත් නම්බර තියන අය‍ට විතරයි මේ දීමනාව

මොබිටෙල් ඩබල් m පැකැකේජ වල ‍නොමිලේ ඇමතුම් හා දත්ත පැකේජයන් දුන්න වගේ දැන් 300 පැකේජ වලටත් නොමිලේ දීල තියෙන්නෙ. දැන් අනිත්වට‍ත් නොමිලේ දීල තියනව. මේකෙ විශේෂය තියෙන්නෙ රු 500 පැකේජයට එකම සිම් එකේ දෙවන සම්බන්ධතාවය විදිහට අපිට අන්තර්ජාල සබදතාවයක් දාගැනීමට ඇති හැකියාවයි. කලි‍න් මේ සේවාව දුන්නෙ ඩයලොග් විතරනෙ. එයාලගෙ අන්තර්ජාල සේවාවට හඩ සබදතාවයක් සක්‍රිය කිරීමත් හඩ සබදතාවලට දත්ත ඇතුලත් කිගැනීමත් තිබ්බෙ. තව රූ 11 ඉදක් උදේ 6 වෙනකනුත් වි‍ශේෂ ඇමත්ම් ගාස්තු වගේම නොමිලේ ලැබෙන දත්ත වලට අමතරව ඇමතුම් කාලයක් 500 පැකේජයට ලැබෙනව. හැබැයි මේවගේ My Best Friend, Any8 වල ඇමතුම් ගාස්තු වල වැඩි වෙනසක් නෑ. 500 එකේනම් ඇමතුම් ගාස්තු එකමයි.

Package Name Active F SRIL
Subscription Rs. 300.00 Rs. 500.00
Free Bundle
M2M – Video 300 Mins 500 Mins
M2M – Voice N/A 500 Mins
Data 300 MB 500 MB
Call Charges
All Incoming Calls Free Free
M2 Others – Peak – Outgoing 2.00 2.00
- O/Peak – Outgoing 2.00 2.00
M2M – Peak – Outgoing 1.50 1.00
- O/Peak – Outgoing 1.50 1.00
Late Night Special:
To any number (11.00 p.m to 6.00 a.m) 1.50 1.00
SMS – M2M 75 Cents 75 Cents
- M2 Other Local Numbers 1.00 1.00
- M2 International Numbers 5.00 5.00
MMS – M2M 2.00 2.00
- M2 Other Local Numbers 5.00 5.00
- M2 International Numbers 10.00 10.00
GPRS/EDGE/HSPA 1 Cent/KB 1 Cent/KB
My Best Friend Free Free
Friends & Family Free Free
Any8 Free Free
Detailed Bill Free Free
Associated Broad Band Sub Line N/A 1

මේ දවස් වල විභාග වැඩ නිසා බ්‍ලොග් ලියන්නවත් බැරි උනා. ඒත් මේකනම් ලියන්නම ඕනෙ… මොබිටෙල් වල දැන් කාර්යබහුලත්වය එන්න එන්නම වැඩිවෙලා. සමහර වෙලාවට ඇලර්ට් විතරයි. ඒත් දැන් ඇලර්ට් එන්නෙත් නෑ. ඇමතුම් එන්නෙත් නෑ. ඉතින් ඇමතුම් ගන්න අයගෙන් දෝ‍සෙ. නගරය මධ්‍යයේ හිටියත් තත්වය මෙසේමයි. මොකද නගරෙ ඉන්න අයටත් ඇමතුම් ගන්න බොහෝ වෙලාවට දෙතුන් පාරක් ‍උත්සහ කරන්න ඕනෙ.
පලවෙනි පාර ප්‍රතිචාරයක් නෑ කියන. මේ මොනව ‍උනත් දැන් මෙයාල මේකට විසදුම් දීගෙන යනව වගේ. මීට මාස දෙක තුනකට කලින් අපේ ගෙදර ඉදන්
කිලෝමීටර එකහමාරක විතර දුරින් කුලුනග් ගැහැව. දැන් මේ ලගම කුලුණක් ගහනව. ඒක ඉස්සෙල්ලාම දැක්ක ගමන් මට මාර සතුටු. දැන් අන්තර්ජාලෙ යන්න, 3G ඇමතුම් ගන්න දුක්විදින්න ඕනෙ නෑ. මොකද නව කුලුනට ගෙදර ඉදන් මීටර 200ක් විතර තියෙන්නෙ. මෙහෙම කරන එකනම් හොදා. හැබැයි මේ කුලුණ හරියන්න තව මාසයක් දෙකක් යයි. ආරන්චියෙ හැටියට මේ ගමන් මේ අවට තව කුලුණු කීපයක් ඉදි කරනවලු. ඉතින් ඒකෙන් මොබි‍ටෙල් වල කාර්යබහුලත්වය මග හරෙයි බොහෝදුරට. කරදරයක් නැතිව ඇමතුම ගන්න පුලුවන් වෙයි.ඒත් මෙයාල ‍කාර්ය බහුලත්වය හා දුර්වල සං‍ඥා ප්‍රදේශවලට හොද ආරවනයක් දෙනකොට ඩය‍ලොග් එතනමයි. මොකද මම මුලින්ම ගත්තෙ ඩයලොග් එකක්. මේ හරියෙ බොහෝ අයට ඩයලොග් තිබ්බෙ.ඒ අය හුගක් අය මම දැනුවත්වම ඩයලොග් එකට කථාකරගන්නවත් සිග්නලු නෑ කියල පැමි‍ණිලි කරල තියනව. මම කීපාරක් කරාද කියල මතක නෑ. ඒ හැම පාරම කියන්නෙ ඉස්සරහට දියුනු කරද්දි ඔය ප්‍රදේශයත් ආවරණය කරන්නම් කියල
ඒ වෙද්දි ක‍ථා කරගත හැකි තත්වයෙන් මොබිටෙල් සිග්නල් තිබ්බ. දැන් ඒකත් වැඩි කරනව කියන්නෙ… කාටද සතුටු….

දැන් HSDPA භාවිතා කරන හුගක් අය ගන්නෙ මොබිටෙල් අන්තර්ජාල සබදතානෙ. ඒ හොද වේගය නිසානෙ. ඒක නිසා අපි බලමු මේ සබදතාවල මිල ගණන් හා වාසි අවාසි. ඒ කියන්නෙ පෙරගෙවුම් අන්තර්ජාල සබදතාවයද වාසි, පසුගෙවුම් සබදතාවයද කියල

මෙහි පෙරගෙවුම් සබදතාවය ලෙස රු 50 තේරීමද

පසුගෙවුම් සබදතාවය ලෙස Zoom890 තොරාගන්නා ලදී

පෙර ගෙවුම් පසු ගෙවුම්
තැන්පතු නැත රු 1500/-
සබදතා ගාස්තුව රු 500 /- රු 500/-
මාසික ගාසුතුව * රු 1500/- (දිනකට රු 50/- ලෙස) රු 890/-
එම මුදලට නොමිලේ ලැබෙන
දත්ත 3GB (දිනකට 100MB ලෙස) 2GB
කෙටිපණිවිඩ 3000  M2M (දිනකට 100 බැගින්) -
වීඩියෝ ඇමතුම් 3000  M2M (දිනකට 100 බැගින්) -
අමතර  දත්ත භාවිතය (1MB) රු 10/- ශත 50
නොමිලේ ලැබෙන සේවාවන්ගේ වටිනාකම ** 1500 + 2250 + 6000

රු 9750/-

රු 1000/-
වේගය 1mbps 1mbps
වෙනත් පැකේජ වෙත මාරුවීමට අයකිරීම නැත රු 100/-

*මාසික ගාස්තුව ගණනයේදී පෙරගෙවුම් සබදතාවයේ දිනපතා රු 50 ක් දැමිය යුතු නිසා මාසික ගාස්තුව රු 1500 ලෙස ගැණුනි.

**වටිනාකම සෙවීමේදී, දත්ත සදහා මෙගාබයිටය ශත 50 ලෙස ගන්නා ලදී , ඇමතුම් විනාඩිය රු 2/- වශයෙන් හා කෙටිපණිවිඩ ශත 75 ලෙස ගැනුනි


පෙර ගෙවුම් පසු ගෙවුම්
ඇමතුම් ලබාගැනීමේ හා ලැබීමේ හැකියාව ඇත නැත
කෙටිපණිවිඩ යැවීමේ හැකියාව ඇත නැත
කෙටිපණීවිඩ ගෙන්වාගැනීමේ හැකියාව ඇත ඇත
දෛනික සීමාවක් ඇත නැත
දෛනිකව සක්‍රිය කිරීමක් ඇත නැත
අවශ්‍යය විට පමණක් ලබාගැනීමට හැකිවීම ඇත නැත
  • පෙරගෙවුම් සිම්පතක් ඇත්නම් එය භාවිතා කල හැකිය. මොබිටෙල් ශාඛාවල මිලට වඩා බොහෝ අඩුවෙන් පිටතින් සිම්පත මිලදීගත හැකිය
  • පෙරගෙවුම් සබදතවයේ අනවශ්‍යය දින වල මුදල් නොදමා සිටීමෙන් මාසික ගාස්තුව හා අනෙකුත් නොමිලේ ලැබෙන දීමනා එදිනට නවතාගත හැකිය
  • පෙරගෙවුම් සබදතාවයේ  දෛනිකව හිමිවන දත්ත ප්‍රමාණය මදියැයි හැගේනම් තවත් දත්ත ප්‍රමාණයක් මෙගාබයිටය ශත 50 ක් වන පරිදි ලබාගත හැකිය (ලබාගත් දත්තයන් අවසන්වන තුරු සිටිය යුතු නැත). රු 25 තේරීම උවද ලබාගත හැකිය.
  • පෙරගෙවුම් සබදතාවයේ දිනට හිමිවන දත්ත ප්‍රමාණය එම දිනයේම ඉවර කල යුතුය. ඉදිරියට ගෙනයා නොහැකිය.
  • පසුගෙවුම් සබදතාවයේ දෛනිකව නියමිත දත්ත ප්‍රමාණයක් නැත. එක් දිනක කුඩා ප්‍රමාණයකුත් අනෙක් දිනක විශාල ප්‍රමාණයකුත් වශයෙන් විවිධාකාරයෙන් භාවිතා කල හැකිය. නොමිලේ ලැබෙන දත්ත ප්‍රමාණය මාසයටම වලංගුය
  • පෙරගෙවුම් සබදතා‍වයේ අතේ ඇති මුදල අනුව වියදම පාලනය කල හැකිය. නමුත් පසුගෙවුම් සබදතාවයේ අනිවාර්ය ගාස්තුවක් මාසිකව භාවිතා කලත් නොකලත් ගෙවිය යුතුය.
  • පෙරගෙවුම් සබදතාවයේ නොමිලේ ලැබෙන දත්ත ප්‍රමාණය ඉක්මවා යෑමට පෙර නැවත දත්ත ලබා නොගතහොත් මෙගාබයිටයකට රු 10/- බැගින් අය වේ. එහෙත් පසුගෙවුම් සබදතාවයේ සීමාව ඉක්මවා ගියත් මෙගාබයිටය ශත 50කි

දැන් හිතෙනවද මොකක්ද වාසි කියල? මටනම් හිතෙන්නෙ පෙරගෙවුම් එක වාසිදායකයි.

වෙනත් පැකේජ

පෙරගෙවුම්

  • රු 25/- තේරීම මාසිකව

රු 750/- (දෛනිකව රු 25 බැගින්)

මෙගාබයිට් 50 ක දත්ත පමණි.

මොඩමයක් භාවිතා කරයිනම් වෙනත් දුරකථනයකින් සක්‍රිය කිරීම කල හැකිය.

වේගය 1mbps

පසුගෙවුම්

  • Zoom490

මාසික ගාස්තුව රු 490/-

නොමිලේ දත්ත 750MB

වේගය 1mbps

  • Zoom2490

මාසික ගාස්තුව රු 2490/-

නොමිලේ දත්ත 7GB

වේගය 3.6mbps/1.98mbps

FaceBook එකේ ඇලර්ට් කෙටිපණිවිඩ මගින් ලබාදෙන සේවාව බැලූ බැල්මට නොමිලේ දෙන සේවාවක් වගේ පෙනුනට මුලින් කෙටිපණීවිඩ එවල සක්‍රිය උනා කියමුකො. ඒත් යවන ඒවට කැපෙනවනෙ. ඒකත් ගැටලුවක් නෑ කියමුකො. යුවුවොත් විතරනෙ කැපෙන්නෙ. ඒත් අවුල තියෙන්නෙ සැමදාම මෙසේ නිකන් ඇලර්ට් ලබාගත නොහැකි වීමයි. ඒ කියන්නෙ මාසෙකට සැරයක්වත් අපි ඒ එන ඇලර්ට් එකකට අතින් කාගෙන උත්තර නොබැන්දොත්, ඒ කියන්නෙ කීයක්වත් වැය නොකලොත් ස්වයංක්‍රියව එම සේවාව විසන්ධි වෙනව. ඒබව පැය 48කට කලින් ඒ අය දුනුම් දෙනව. ඒකට පිලිතුරු නොබැන්දොත් ආයෙ සක්‍රිය කරගන්න වෙනව.

මම අද හුග දවස් කීපයකින් නිදහසේ අන්තර්ජාලෙ  සැරිසැරැව. ඒ පාර මේ ඩයලොග් හා මොබිටෙල් අයගෙ අඩවි වල දාල තියන Facebook එක ගැන කියෙව්ව. ඒකෙ හැටියට facebook වැඩ අපේ දුරකථනයෙන් කරගන්න පුලුවන්. SMS හා MMS මගින්. මමත් ලියාපදින්චි උනා මගේ මොබි‍ටෙල් එකෙන්. සුපුන් මලයට කියල මැසේජ් එකක් දාගෙන පරික්ෂා කලා. වැඩ කරනව. ඒ වගේමයි අපිට එන පණිවිඩ වල‍ට දුරකථනයෙන්ම පිලිතුරැ යවන්නත් පුලුවන්. මොබිටෙල් වලනම් යවන කෙටිපණිවිඩයක‍ට රු 2/- හා අදාල බදු මුදලත් අයවෙනව. ලැබෙන ඒව නොමිලේ.

හැම වෙලාවෙම ෆේස්බුක් ඉන්න අයට මරු

මොබිටෙල් පසුගෙවුම් අන්තර්ජාල‍ තියන අයට තම දත්ත භාවිතය ගැන පරික්ෂා කරගන්න mobitel.lk හි ගිණුමක් මගින් හැකියාව තිබෙනව. ඒත් හදිසි අවස්ථාවලටත් අන්තර්ජාල‍ය නොමැතිව අපගේ පරිභෝජනය ගැන දැනගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ.

මීට මාස කීපයකට පෙර හදුන්වා දුන් මොබිටෙල් ස්වයං සේවා මෙනුවෙන් මේ පරික්ෂාව කරගන්න පුලුවන්. ඒ ‍මෙනුව තම සිම් පතෙන් සිම් පතට වෙනස් වෙනව. ඒ කියන්නෙ අපේ දත්ත සිම්පත දමා #888# ඇමතීමෙන් මෙම සේවාව ලබාගත හැකි. අනෙක් සාමාන්‍යය සබදතාවල ගිණුම, බිල්පත්, අවසාන ගෙවීම්, හා සේවා සක්‍රිය කිරී‍ම් වගේ බොහෝදේ මෙමගින් සිදුකරගත හැකියි.

අපගේ භාවිතය දැනගැනීම‍ට එම මෙනුවේ 1. My Package > 1. Billing Information > 1. This Month Usage මගින් අප‍ගේ ඉතිරිව ඇති දත්ත හා වැඩි භාවිතය දැනගත හැකිය.

දැන් හුගක් අය ඩයලොග් මොබයිල් අන්තරජාලෙ හොද නෑ කියල දොස්කියනව. ඒ වගේමයි මොබිටෙල් එකට ගුණ කියනව. ඒත් ලර්න්ඒශියා අඩවියෙ කට්ටිය කරපු වේග හා අනෙකුත් ගුණාංග පරික්ෂාවේදී එයාට මීට වෙනස් දෙයක් දැකගන්න ලැ‍බිල ති‍යනව. ඒ හැමෝම කියන එකට ව‍ඩා වෙනස් දෙයක් දැකගන්න හම්බෙලා තියනව. හැබැයි මෙයාල මේ පරික්ෂන කලේ කොලඹ. ඒ වගේමයි දෝසෙ දාන අය හුගක් ඉන්නෙ කොලඹ. ඒ කියන ඩයලොග් සබදතාවල අනෙක්වට වඩා වැඩි විශේෂත්වයක් තිබිල තියනව.

ඒවගේමයි පරික්ෂා කරල තියෙන්නෙ මොබිටෙල් Zoom 890 හා ඩයලොග් රු 2990/- ට ලබාදෙන අසීමිත සබදතාවයේ හා ඩයලොග් මගින් මාසික රු 1000/- ට ලබාදෙන සීමිත පරිභෝජනය තියන (මොබිටෙල් වගේ ) පැකේජයකයි.

එහිදී ඩයලොග් සබදතා අනෙක් සබදතාවලට වඩා වේගයෙන් ඉදිරියෙන් ඉදල ති‍යනව. ඒ වගේම තමා ඩයලොග් එකෙත් අසීමිත භාවිතය තියන පැකේජයට වඩා සීමිත පරිභෝජනය තියන පැකේජය වැඩි වේගයක් පෙන්නුම් කලා.මොබිටෙල් හිටියෙ මේ දෙකටම පහලින්. හැබැයි මේ හැම සබදතාවයකම ප්‍රකාශිත වේගය 1mbps වෙනව.

Sri Lanka ISP Download speed test
මේ ඉහලික් තියෙන්නෙ එම සේවා සපයන්නාගේ සර්වරයේ සි‍ට හා යාහූ වෙතින් බාගත කිරීමේදී ලැබෙන වේගයයි.

එහිදී සේවාදායක‍යාගේ සර්වරයකින් ගොනුවක් බාගත කිරී‍මේදී හොන්ද වේගයක් ඩයලොග් හි සබදතා දෙකටම ලැබෙනව. මොබිටෙල් දෙකටම වඩා පහලින්. ඒ වගේමයි අන්තර්ජාතික සර්වරයකින් ඒ කියන්නෙ යාහූවගේ සේවාදායකයකින් බාගත කිරීමේදී ඩයලොග් හි සීමිත භාවිත පැකේජය පමණයි ඉදිරියෙන් ඉන්නෙ. සීමිත භාවිත පැකේජය මොබිටෙල්ට වඩා පහලින්.මොබිටෙල් ඩයලොග් හි සබදතා දෙක මැද. මම හිතන්නෙ බනින හුගක් අය බයින්නෙ අසීමිත භාවිතයෙ මේ කියන ගැටලුව නිසා වෙන්න ඹ්නි. ඒත් මොබිටෙල් සීමිත භාවිත පැකේජයක් මේ වගේ ඩයලොග් හි සීමිත භාවිත පැකේජයක‍‍ට සංසන්දනව කලානම් මොකද?මොබිටෙල් සමාගම අසීමිත භාවිත පැකේජ නොදෙන්නෙ මේ හේතුව නිසා වෙන්න ඇති. මොකද එයාලගෙත් මේ වගේ එකක්කො වේගය බැස්මක් සිදුවෙයි කියල වෙන්න ඇති. ‍දැන් ටෙලිකොම් සමාගම උනත් 1600/- ට දෙන්නෙ 512 වේගයක් තියන එකක්නෙ.

හැබැයි පින්ග යැවීමේදීත් මොබිටෙල් ඩයලොග්ට වඩා වැඩි. ‍

Broadband test in Sri Lanka, Ping

නමුත් Packet Loss හා Jitter when Ping යන ගුනාංග වලින් මොබිටෙල් ඉදිරියෙන් ඉන්නව.

මේ පරික්ෂණ කරල තියෙන්නෙ කොලඹ ආසන්නයෙ. AT-Tester (www.broadbandasia.info) කියන ටූලය භාවිතයෙන්. ඒ වගේමයි පිට පලාත්වල ‍මේ සමාන අගයන් නොඑන්න පුලුවන්.

සම්පූර්ණ විස්තරය