Category Archives: Telecommunication

Airtel ඇයි තාම ප්‍රමාද

අද එයාටෙල් නිලවශයෙන් සේවාව අරබනව කීවනෙ. ඒත් මේ වෙනකොටත් අනෙක් සේවා සපයන්නන්ගෙන් එයාටෙල් පා‍රිභෝගික සේවාවටවත් ගන්න බෑ. හැබැයි දැන් නිවල තිබ්බ කුලුනු හුගක් ආරම්භ කරල. ඒ වගේමයි වෙබ් අඩවිය. ඒත් කිසිම පැකේජ හෝ ගනම් හිලව් ගැන විස්තරයක් මෙයාලගෙ වෙබ්අඩවියේ නෑ. සමහර ඒව ඉන්දියන් කෑලි.
හැබැයි මේතරම් අදින එකනම් හොන්ද නෑ. මොකද අද එනව කීවනම් අදම එන්න ඕනි. අඩුගානෙ විස්තරේවත් වෙබ් අඩවියෙ තියෙන්න ඕනි. ඒව තාම දාල නෑ.

AIRTEL Starting their service in Sri Lanka

දැන් හැමොම එයාටෙල් එනකම් බලන් ඉන්නව. සමහරැ මේ ගැන එක එක කථා කියනව. නමුත් මේකට්ටිය දැන් ලංකාවෙ වැඩවල අන්ත්ම හරියෙ වගේ ඉන්නෙ. මොකද දැන් බොහෝ නගර වල එයාටෙල් සදහා සංඥා ලැබෙන අතර ඒ බොහෝ සංඥා 3G සංඥා වීම වශේෂය. හැබැයි තාම කුරැණෑගල දියහනම් සංඥා ලැබෙන්නෙ නෑ. ඒත් මුල් අදියරෙදිම මෙයාල බොහෝ නගර ප්‍රමාණයක් ආවරණයකරයි වගේ පේන්නෙ.
දැන මේකට්ටිය කොමියුනිකෙෂන් වලට තම පුවරැ සවිකිරීම හා සිම් ලබාදීම ආරම්භ කරල තියෙන්නෙ. එහිදී ඒකට්ටිය වැඩි අවධානයක් යොමු කරන්නෙ මෙතෙක් අනෙක් සන්නිවේදන ආයතන වල ලියාපදින්චි නොවු කොමියුනිකේෂන් තමා. මොකද ඒ මුලු වෙලද සැලම එයටෙල් කරන්න පුලුවන්නෙ. මේ විදිහට දැන් බොහෝ දෙනෙක් මෙයාලගෙ නිකුත්වන දිනය, පැකේජ ගැන විස්තර දන්නව ඇති. දන්න කෙනෙක් ඉන්නවනම් අපිට කියන්න.මෙයාලගෙ ලංකාවෙ 3G ආවරණය හොන්ද උනොත් නම් හොන්දා.
මේක නිසා වෙන්න ඇති ඩයලොග්ල තමන්ගෙ ආකේඩ් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි කරමින් ඉන්නෙ. එයාටෙල්ලත් ඔෆිස් දාල බෝඩ්

Mobitel HSPA මිලගණන් අඩුකරයි

මුලින්ම මොබිටෙල් ඩේලි ඩෙලයිට් නමින් පෙරගෙවුම් සබදතා සේවයක් හදුන්වා දුන් අතර එහි මෙගාබයිටයක් ශත 50 ක්‍ ලෙස මිලකර තිබුනි. නමුත් මේ සමගම මොබිටෙල් පසුගෙවුම් සබදතා හිමියන්ට අසාධාරණයක් කසිදුවූ අතර ඔවු‍න්ගේ මිලගණන් අනුව මෙගාබයිටයක් රු 1/- ක් ලෙස මිල විය. සාමාන්‍යයෙන් පසුගෙවුම් සබදතා වල මිල පෙරගෙවුම් සබදතාවල මිලට වඩා අඩු උවත් මෙහිදී එහි අනෙක් දෙය සිදුවිය. එහෙත් ඒ සමගම මොවුන්ගේ ස්මාට් පෙරගෙවුම් සබදතාවයන්ගේ GPRS ගාස්තුව කිලොබයිටයට ශතයක් ලෙස 50%කින් අඩුකරන ලදී.

ඒ සමගම සසුගෙවුම් සබදතා හිමියන්ටද සාධාරණයක් ඉ‍ටුකරමින් ඔවුන්ගේ මිලගණන්ද අඩුකර ඇත. ඒ අනුව ඔවුන්ගේ මෙගාබයි‍ටයට ශත 50 වන පරිදි මෙගාබයි‍ට් 10 කොටසකට රු 5/- බැගින් අයකරයි

ඒ අනුව ඔවුන්ගේ පැකේජයන්ගේ මාසික ගාස්තුව හා නොමිලේ ලැබෙන භාවිතාකිරීමේ සීමාවන් හා වේගයන් වෙනස් කර ඇත

ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ පැකේජ 3කි. ඉන් අඩුම මාසික ගාසුතුව ඇත්තේ Zoom490 පැකේජයේය. එහි මාසික ගාස්තුව රු 490/- කි. එම මාසික ගාස්තුව‍ට 750MB ක නොමිලේ භාවිතා කලහැකි අතර උඩුගත කිරීමේ හා බාගත කිරීමේ වේගය 1Mbps කි.

අනෙක් පැකේජය 890 වේ. මෙහි මාසික ගාස්තුව රු 890/- ය‍ටතේ 2GB ක නොමිලේ භාවිතයක් හා 1Mbps ක උඩුගත කිරීමේ හා බාගත කිරීමේ වේගයක් හිමිවේ. අනෙක් පැකේජයනම් 2490 වේ. මෙහි මාසික ගාස්තුව රු 2490/- කි. ඒ යටතේ මාසිකව 7 GB ක නොමිලේ භාවිතයක් හිමිවන අතර බාගත කිරීමේ වේගය 3.6Mbps වන අතර උඩුගත කිරීමේ වේගය 1.98Mbps වේ.

සියලුම පැකේජයන් තමා‍ට නොමිලේ ලැබෙන සීමාව ඉක්මවු විට මෙගාබයිටය‍ට ශත 50 බැගින් වන පරිදි මෙගාබයිටි 10 කොටස් වලට අයකිරීම සිදුකරයි.

කෙසේ වෙතත් නව පැකේජයන්ගේ මීට පෙර තිබු 7.2Mbps ක වේගයන් ලබාදෙන පැකේජය ගැන කිස්ම සදහනක් නොමැත.

වින්ඩෝස් ස්ථාපකය වෙනස් කරමු – Customize Windows Installer

මේ ලිපියෙන් කියන්නෙ තමාගේ සැකසුම් හා විස්තර ඇතුලත් වින්ඩෝස් තැටියක් සාදාගන්නා ආකාරයයි. සාමාන්‍යයෙන් අපේ බොහෝ දෙනා තාම ජනෙල්මත යැපෙන්නන්නෙ. ඒත් මේ අයගෙන් බොහෝදෙනා (හැමදෙනාම වගේ) නියම මුදල බිල්ගේට්ස් මාමට දීල ගන්න තැටිවලින් නෙවේනෙ දාගන්නෙ. කොහෙන් හරි පිටපත් කරගන්නා ව්‍යාජ්‍යය තැටියක්න්නෙ. ඉතින් මෙහෙම හරි අව්‍යාජ තැටියකින් වින්ඩෝස් දාද්දි හරි අපිට උත්තර ගොඩක් ඒ සීඩී එකට දෙන්න වෙනව.

ඉන්ස්ටෝලරය පිලිගැනීමේ සිට තම ගිවිසුම, සීඩී කී, රට, ‍ජාලගත සැකසුම්, භාෂා, ර‍ට මුදල් වර්ග, පරිශීලකයන් ආදී සැකසුම් රාශියක් පිලිබදව විස්තර අපෙන් අහනව. නමුත් ඒසියල්ල පෙර ඇතුලත්කර ඉතා සීමත විමසීම් වලින් යුත් වින්ඩෝස් ස්ථාපන තැටියක් දැන් සාදාගත හැකිය. මේ සදහා අවශ්‍යය වන්නෙ nlite කියන මෘදුකාංගය පමණයි. එය nliteos.com අඩවියෙන් ලබාගත හැකිය.

ඒ කුඩා මෘදුකාංගය දැමීමෙන් පසු අපගේ වෙනස් නොකල සීඩී තැටිය කොපිකරගන්නා අතර වින්ඩෝස් වල දැන‍ට ඇති උපාංග ඉවත් කර නව මෘදුකාංග හා ඩ්‍රයිවර්ස් මෙන්ම වෙනස් උපාංග, තීම් ද දමා තම අවශ්‍යය විස්තර ඇතුලත් කර සීඩී කී, නම් ගම්, වෙනත් සැකසුම් ඇතුලත් කර තැටිය සකසාගත හැකිය. මෙහිදී වැදගත් ‍වන්නේ මේ මාර්ගයෙන් අපට අවශ්‍යය මෘදුකාංග මේ තැටියට ඇතුලත් කරගත හැකි අතර වින්ඩෝස් ස්ථාපනය අවසානයේ ඒ සියල්ල ස්වයංක්‍රියව ස්ථාපනය වේ.

මෙහිදී nliteos.com අඩවිය බොහෝ මෘදුකාංග වල ස්වංක්‍රිය ස්තාපක add one ලෙස ලබාදෙන අතර තමාටද එහි ස්ක්‍රිප්ට් එක කියවීමෙන් හෝ ස්වයංක්‍රිය ස්ක්‍රිප්ට් රයිටර් මෘදුකාංගයකින් තමාගේ මෘදුකාංගද ස්වයංක්‍රිය ස්තාපක ලෙස සාදා මෙම තැටිය‍ට ඇතුලත් කරගතහැකිය.

දැනට මෙය බොහෝ සෙයින් එක්ස්පී වෙත සහය දැක්වුවත් නව සංස්කරනය විස්‍ටා වෙතද සහය දක්වයි. එමෙන්ම මෙයට genuine crack එකක් ඇතුලත් කිරීමෙන් තම ව්‍යාජය වින්ඩෝස් සංස්කරනය වින්ඩෝස් නීත්‍යායානුකූල සංස්කරනයක් බවට පත්කගහැකි අතර එමගින් වින්ඩෝස් අප්ඩේට්ද ලබාගත හැකිය.

Mobitel New Prepaid Call Rates

දැන් මොබිටෙල් තම ඇමතුම් ගාස්තු අඩුකර නව පෙරගෙවුම් පැකේජයක් හදුන්වාදෙයි. මේ අනුව පෙර පැකේජයේ ගාස්තු වලින් අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම් මිල රැ 4/- දක්වා අඩුකර ඇති අතර ස්තාවර හා විදේශ දුරකථන වලින් ලැබෙන ඇමතුම් නොමිලේ වේ. නමුත් දේශීය අනෙක් ජංගමදුරකථන වලින් ලැබෙන ඇමතුම් සදහා දෙවන මිනිත්තුවෙන් පසුව රැ 2/- බැගින් අයකරයි. කෙටිපණිවිඩ ගාස්තු වෙනසුකර නැති අතර GPRS ගාස්තු කිලෝබයිටයක් ශතය‍ට එනම් මීට පෙර රැ 20/-ට තිබූ මෙගාබයිටය දැන් රැ10/- දක්වා අඩුකර ඇත.
මෙම පැකේජට සියලුම පෙරගෙවුම් පාරිභෝගියන්ට මාරැවිය හැකි අතර ඒ සදහා #111# ඇමතිය හැකිය
නමුත් තාම තප්පරයට අයකිරීමක් සිදු නොකරන අතර මෙම සදහා කිසිදු අයවීමක් සිදු නොවේ.

හවුලේ භාවිතා වන Dialog Mobile Broadband අන්තර්ජාලය

මේ දවස්වල විභාගෙ වැඩ නිසා ටික දවසකින් බ්ලොග් එක ලියන්නත් බැරැවුනා. මේ ලගද මගෙ යාලුවෙක් ඩය‍ලොග් මොබයිල් අන්තර්ජාල සබදතාවයක් ලබාගත්ත. Dialog unlimited Mobile Broadband කියන සබදතාවයයි ලබාගත්තෙ. මේකෙ වේගය 7.2 Mbps එනව කීව‍ට එයාල දෙන මොඩම් එක‍ටවත් ඒතරම් වේගයක් එන්නෙ නෑ. හැබැයි 512Kbps වලට වඩානම් එනව. ආරන්චියෙ හැටියටනම් කොලඹට වේගෙ මීට ටිකක් වැඩියිලු. මොනව කීවත් මේකෙ ප්‍රශ්ණ ගොඩයි.

විශේෂයෙන්මෙ මේ සබදතා හිමියන්ට rapidshare.com අඩවියෙන් බාගතකිරීම් කිරීමේදී ගැටලු ගොඩක් එනව. මේ අඩවියෙන් මොනව හරි බාගත කිරීමේදී අපේ පරිගණකයෙත් නොවන IP ලිපිණයක්න් දැනට මා බාගත කිරීම් කරන බවත් එම නිසා එය ඉවරවන තුරැ ඉන්නා ලෙසත් පවසනව. නැතිනම් දිනයේ සීමාව ඉක්මවා ඇති බව පවසනවා. ඒවගේම් elakiri වගේ අඩවියකින් සින්දුවක් වගේ බාද්දිත් හෙන වෙලා බලන් ඉන්න වෙනව. ඒකෙත් කියන්නෙ ඉස්සෙල්ලා කථාවමයි. අපි සිදුකරන බාගතකිරීම අවසන් වනතුරැ රැදීසිටින්න කියනව. ඒක මහ කැත වැඩක්නෙ. මොකද ටෙලිකොම්ලගෙ සබදතාවයන් නෙට්වර්ක් කරල ඩවුන්ලෝඩ් කලත් මේවගේ ගැටලුවක්නම් ඇවිත් නෑ. ඒත් මේක මල ඇනයක්. මුකුත් බාගන්න බෑ

සාමාන්‍යයෙන් වේගය විචල්‍යය උවත් EDGE ඇති කුලුණකදී 300Kbps ක‍ට ආසන්න වේගයක් ලබාගන්න පුලුවන්. අපි කුරැණෑගල නගරය ආසන්නයේ ඉන්දලත් වැඩිපුරම සිග්නල් එන්නෙ වෙන කුලුණකින්. ඒකෙ 3G නෑ. ඒක නිසා EDGE වලින් එනෙ වේගය එන්නෙ. ඒක නිසා මොඩම් එකෙන් ගියත් එකයි ‍අපේ ෆෝන් එකේ මොඩම් එකෙන් ගියත් එකයි.

ඒත් එකම වේගෙ එකම දිගට එන්නෙ නෑ. හිටිගම්න් අඩ්වෙනව. සමහර වෙලාවට GPRS වල‍ට වැටෙනව. එතකොට වේගෙ ගැනනම් කියන්න දෙයක් නෑ. හැබැයි වෙබ් බ්‍රව්සරේන් අන්තර්ජාලය සැරිසැරීමේදීත් හොන්ද වේගයක්‍ එනව. අඩවිය හා රැදීමට සුලුවේලාවක් (ගනන් ගත නොහැකි තරම්) ගත්තත් පිටුව ඩවුන්ලෝඩ් වෙන්න ගත්තහම ටක් ගාල බාගත වෙනව. හැබැයි GPRS හරි සිග්නල් අඩු ප්‍රදේශයක ඉදන් මේක පාවිච්චි කරද්දි වහක්. කෙසේවෙතත් ගෙදරක භාවිතයටනම් මේක ඇති. සිගනල් තියනවනම්. පවසන වේගයම ආවෙ නැතත්.

තව දෙයක් අමතක උනා. මේක මම මුලින් හිතන් හිටියෙ කොපි ගහල මාත් යාලුවත් එක්කම භාවිතා කරන්න. ඒත් ඒ වැඩේ හරියන්නෙ නෑ. මෙයාල දෙන්නෙ 3G සිම් එකක්. ඒක ‍සුපර් සිම් එකට කොපිකරන්න බෑ. කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න.

Free GPRS – නොමිලේ දෙන GPRS සැරිසැරීම

දැනට මොබි‍ටෙල් සමාගම GPRS සදහා වෙනමම පසුගෙව්ම් සිම්පතක් නිකුත් කරන අතර එහි මාසික ගාස්තුව රැ400 ක්ද මෙගාබයිට් එකක් රැ1/- ක් ද වේ. නමුත් පසුගෙව්ම් සබදතා වල මෙගාබයිට් 1, රැ 20/- ක් පමණ වේ. නමුත් මොබිටෙල් හි පසුගෙවුම් සබදතා සදහාත් එවන්ම මිල අඩුකිරීමක් ලබාදී තිබේ.

එය නොමිලේ ලබාදෙන අතර ඒ සදහා විශේෂ සබදතාවයක් මිලදීගැනීමටම අවශ්‍යය නොවේ. සාමාන්‍යය ස්මාට් පෙරගෙව්ම් සබදතාවයම මෙයට භාවිතාකල හැකි අතැර එම නොමිලේ ලබාදෙන මෙගාබයි‍ට් 200 ලබා ගැනීමටනම් මෙම එක මාසෙක කාලයක් තුල ( 1 වෙනි දින සිට 31 දක්වා) තම සබදතාවයෙන් මෙගාබයි‍ට් 20 ක් භාවිතා කිරීමක් එනම් රැ 400/- ක භාවිතා කිරිමක් අවශ්‍යය වේ. ඉන් පසු ඊලග මස මෙගාබයිට් 200 ක් නොමිලේ හිමිවේ. මෙය පසුගෙව්ම් සබදතා වලට අකමැති අයට හොන්ද විසදුමකි. මේ සදහාGPRS, 3G, HSPA යන තමා සිටින කලාපයේ ඇති සබදතාවයක් භාවිතාකල හැකිය

මොබිටෙල් මගින් නීති අනතුරේ දැමීම

දැන් මොබිටෙල් මගින් ලබා දෙන උපහාර පැකේජය නොගන්නා කෙනෙක් නැති තරම්. මේ දවස් වල තාම මොබිටෙල් කාර්යාල වල මාර සෙනග. මෙහෙම පැකේජ තියන එකනම් හොන්දා. ඒත් එමගින් නිසි ලෙස තම යුතුකම වගකීම ඉටු නොවන්නේනම් කුමක් කරන්නද?

මීට මාසෙකට පෙර ගත්ත මොබිටෙල් සිම් එකවත් තාම අයිතිකරැගේ නමට ලියාපදින්චි කරල නෑ. හිමිකාරත්වය පරික්ෂා කලාම නැවත ලියාපදින්‍චි කරන්න කියනව. මෙයාලට මෙචිචර පාරි‍බොගිකයො ඉදලත් ඒ අය ගානට සැපයුම දීගන්න බැරිකම මෙයින් පෙනී නොයයිද? රටේ ආරක්ෂාවට කියල ගෙනාපු මේ නීතියට මේ නිසා බලපෑමකි වෙනවනම් ඒක කොච්චර නරකද?

මෙයාල අපිට හිමිකාරත්වය තහවුරැ කිරීමට දෙන කාඩ්පතේවත් තම නම, ජාතික හැදුනුම්පත් අංකය නෑ. ඒක ගෙදර ඇවිත් අපිම ලියාගන්න ඕනෙ. ඉතින් මේ සිම් පතින් ඕනෙම කෙනෙක්ට තම නම ඒ කාඩ්පතේ ලියන් භාවිතා කරන්න පුලුවනි.

Work With My Friends or IM in Mobile phone

තම දුරකථනයේ මැසේජ් වල මේල් බොක්ස් මෙන්ම මයි ෆ්‍රෙන්ඩ් නැතිනම් IM නමින් මෙනුවක් තිබුනාට බොහෝ දුර‍ට ඒ සමග ‍මීට පෙරවැඩ කර නැතිව ඇති. නැතිනම් එමගින් සිදුවනදේ බොහෝ දුර‍ට නොදන්නවා ඇති. මෙම මෙනුව ඇත්තේ Instant Massage  හෙවත් චැට් සේවාව සදහාය. එම සේවය භාවිතාකිරීමට ප්‍රථම ඒ සදහා නොමිලේ සේවය සපයන අඩවියක ලියාපදින්චි විය යුතුවේ. ඒ සදහා Yamigo.com වැනි අඩවියක ලියා පදින්චි වී අනතුරැව තම දුරකථනයේ සැකසුම් සිදුකල යුතු වේ.

ඒ  සදහා

User name- තම ලියාපදින්‍චි නාමය

Password – තම ලියාපදින්චි වු රහස් පදය

Server – http://www.yamigo.com/wv/control

ලෙස සකසීමෙන් පසු මෙම සේවය පවත්වාගත හැකි අතර තම සේවා සපයන්නා ඩයලොග්නම් ලාබ දායක වේ. නැතිව සෑම සම්බන්ධ වාරයකටම රැ 2/- බැගන් අය වුවහොත් එය ගැටලුසහගත තත්යක් ඇති කරාවි.

සම්බන්ධ වීමෙන් පසු තම නාමය ආදිය සාදා මාර්ගගත මිතුරන් සමග සංවාදයේ යෙදිය හැකිය. මේ සදහා GPRS ගාස්තු පමණක් අයවේ.

ස්ථාවර දුරකථන මිල අඩුවෙයිද?

ඉස්සරනම් ජංගම දුරකථනයකින් ඇමතුමක් ගන්නවට වඩා හැම වෙලාවෙම බලන්නෙ ස්ථාවර දුරකථනයකින් ගන්නයි. ඒත් දැන් තත්වය‍ බොහෝ වෙනස්. දැන් ජංගම දුරකතන ඇමතුම් ගාස්තු දාගෙන අඩු කරගෙන යනව. බොහෝවිට මේ හේතුව නිසා දැන් ජංගම දුරකථනය, ස්ථාවර දුරකතනයට වඩා භාවිතා කරන අය අනන්තවත් ඇති.

ඒත් මේ යන විදි හට ස්ථවර දුරකථන සේවා සපයන්නනුත් තම ඇමතුම් අඩු කලොත් කොහොමද? ඒත් ඒගැනනම් තාම ආරංචියක් නෑ. මොනව උනත් ලගදි ටෙලිකොම් අඩු කලා කීවට ආරමුභක ගාස්තු දාපු නිසා අඩුකිරීමක් උනේ නෑ වගේ. අනික ස්ථාවර දුරකථන වල ටෙලිකොම් ඇරෙන්න අනිත්වගෙ බද්ධත් 100%ට ආසන්න වෙන්නම වැඩිනෙ. ඉතින් ටෙලිකොම් අඩුකරන එක තමා ඇගට දැනෙන්නෙ.

අනික මගෙ නිගමනය‍ට අනුවනම් අපේ ප්‍රමුක පෙලේ වයර් රහිත ස්ථාවර දුරකථන සපයන්නන්ගෙ සේවාවත් හොන්ද නෑ. ඇමතුම් බොහෝ වෙලාවට ගන්න අමාරැයි. ලයින් බිසී. මේ අතින් ගත්තහම ටෙලිකොම් වයර් සබදතා මරැ. ඒකෙ මාසිකව නොමිලේ කථා කාලයකුතු හම්බෙන නිසා.