Browsing Posts in Telecommunication

මොබිටෙල් වේගය

මොබිටෙල් වේගය

දැන් මොබිටෙල් එපාම උන තැන අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධිකරල දැම්ම (කලින් මොබිටෙල් ගැන ලියපු ලිපි ලිපිය අවසානයේ) . ඒත් වෙන විකල්පයක් අවශ්‍යය නිසා තිබ්බ ඩයලොග් සිම් එකකට රීලෝඩ් එකක් දාල ගත්ත චෙක්කරල බලන්න ‍ඩයලොග්. වෙනදා 3G සිග්නල් පෙන්නන්නෙ නැති උනාට අද මෙන්න ‍එකපාර මොඩම් එකෙ නිල්පාට ලයි‍ට් එක පත්තු උනා. සිගනල් 1ක් විතර යන්තම් එනව 3G.

සංඥා අඩුවිට වේගය

දැන් 3G ත් තියන නිසා අන්තර්ජාල සම්බන්ධතාවය සක්‍රිය කරල ගත්ත යන්න කියල අන්තර්ජාලයට. ඒපාර එකපාර ‍හොද වේගයක් ඇවිත් ටිකකින ඩවුන්ලෝඩ් නැතිව ගියා.  බලද්දි සිග්නල් අවුලක්. ඒපාර USB වයරයක් අරන් එල්ලුව මොඩම් එක ජනේලයේ. ඒපාරනම් ඉස්සෙල්ලාට වාඩා සංඥා‍ තියනව. ආයෙ බලද්දි ඩයලොග් සයි‍ට්  එකට ගියාට අනිත්ව හිටපු ගමන් තමා ලෝඩ් වෙන්නෙ. කැඩි  කැඩි. වෙනස්කලා DNS ගූගල් වලට.ඒපාර නියමෙට වැඩ කරනව. හොද වේගයක් ආව.

SpeedTest

SpeedTest

ස්පීඩ් ටෙස්ට් දෙකක් දාල තව වෙලා තිබ්බ නිසා දැම්ම තිබ්බ ඩවුන්ලෝඩ් එකක්. ඒකත් හොද වේගයකින් බෑවෙනව. මොබිටෙල්ලගෙ මෙහෙම වේගයකු ඇවිත් තියෙන්නෙ බොහොම ඉස්සර කීප පාරක්.

IDM Download Speed around 258KBps

IDM Download Speed around 134KBps

වේබ් අඩවිත් හොද වේගයකින් ලෝඩ් වෙනව. බැරිම තැන මොබිටෙල් එක විසන්ධි කලාට මම හිතුවෙ වෙන ටෙලිකොම් ඇර වෙන විකල්පයක් නැතිව ඇති කියල. ඒත් දැන් ඩයලොග් තියන නිසා කේස් එකක් නෑ.  ඉස්සසර තිබ්බෙ නැති ටවර් එකකින් දැන් සිග්නල් එ‍න්නෙ. මොබිටෙල්ල ටවර් එකක් ගහල අහන හැමදාම ඉක්මනට ඒකට 3G දෙන්නම් කීවට තාම නෑ. ඒත් ලග පාත තියන ඩයලොග් ඒවගෙ තියනව. ඉස්සර ඒ කියන්නෙ අවුරුද්දකට විතර කලින් කුරුණෑගලික් කිලෝමීටරයක් ගියහම 3G නෑ මේ පැත්ත‍ට. ඒත් දැන් හොදා. ගන්න ඕනෙ ඉක්මනට ඩයලොග්ලගෙ පැකේජ් එකක්. මොබිටෙල්ලට වඩා‍ වේගය හහොද උනාට ගාත් පොඩ්ඩක් වැඩී තමා. මෙහාට එයාටෙල් කොහොමත් නෑනෙ 3G

මෑතකදි සිංහල බ්ලොග්කරුවන් අන්තර්ජාල අවුල් ගැන ලැයවුනු ලිපි

http://blog.malindaprasad.com/2010/01/13/mobitel-hsdpa-like-privet-bus/http://blog.malindaprasad.com/2010/01/13/mobitel-hsdpa-like-privet-bus/http://sinhala.kalingasblog.com/2010/01/10/success-kills-mobitel-hsdpa/http://blog.malinthe.com/2009/12/21/goodbye-mobitel-hello-dialog/http://blog.malinthe.com/2009/11/23/the-fall-of-mobitel/

මේ දවස්වල අපේ අන්තර්ජාලයේ ගුණාත්මක භාවය ගැන විවිධ දොස් අසන්නට ලැබෙනව. ඒත් ඒවාට පිලියම් යෙදුවයි කියලනම් හොයාගන්න අමාරුයි. මීට ටික කලකට පෙර හොදම වේගයක් මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතවල තිබිබ. මේ පිළිබඳව සිංහල බ්ලොග් ලියන්නන් නිතරම කථාකලා.  මීට පෙර කීප වථානකදී මොබිටෙල් සමාගම විශාල වශයෙන් මිල අඩුකලා. ඒ වගේම විවිධ හේතු නිසාත් බොහෝ දෙනා මොබිටෙල් වෙත මාරු උනා.

ඒත් සමගම ජාලයන්ට දරාගත ‍නොහැකි ලෙස ග්‍රහකයින් සංඛාව ඉහල යාමත් නිසා සේවාවේ ගුණාත්මක භාවය බිදවැටුනා. ඒ අයට පැමිණිලි කළාම ‍විවිධ දේ කියල එයාල ඇග බේරගන්නව. ලේසියකට හොයල නිවැරදි කිරීමක් සිදුවන්නේ නෑ. මෙවැනි අත්දැකීම් බොහෝ දෙනාට ඇති. රටේ කෑම බීම අවුලක්නම් ඒ වෙනුවෙන් පාරිභෝගිකයන් කෑ ගසනවා මෙන්ම අන්තර්ජාලයේ අවුලක්නම් අන්තර්ජාලය භාවිතා කරන්නන් වශයෙන් අපි යම්කිසි හඬක් නැගිය යුතුයි. එය අපට තනියම කල නොහැකි. අප තනියම අදාල ආයතන වලට පැමිණිලි කිරීමෙන් පලක් වන්නේ නෑ. ඒකට අන්තර්ජාලය තුල අප හඬක් නැගීම වැදගත්

මෙහිදී අන්තර්ජාලයේ හඬක් නැගීමට බ්ලොග්කරුවන්ට විශාල මෙහෙයක් කල යුතුයි. අපට සැපයෙන අන්තර්ජල සම්බන්ධතා බොහෝමයක නිසි ගණාත්මක භාවයක් නෑ. අප ගෙවන මුදලට සරිලන සේවාවක් එම ආයතන අපට සැපයීම ඔවුන්ගේ යුතුකමක්. එහෙත් අපට අනවශ්‍ය ලෙස මිල අඩුකිරීමෙන් ඔවුන්ට හොද සේවාවක් ලබාදිය නොහැකි. මිල හා සේවාවේ ගුණාත්මක භාවය යන දෙකම එකකට එකක් සම්බන්ධ නිසා. අපට දෙනවයි කියන බොහෝ අන්තර්ජාල සම්බන්ධතාවල කියන්නා වූ ගුණාත්මක භාවයක් නෑ. ගුණාත්මක භාවය කියන්නෙ වේගයම නෙවේනෙ. අනික කියන වේගයවත් මේ දවස් වල නෑනෙ. මෙයට බොහෝ දුරට හේතුව රට තුල එම ආයතන වලට හොද ජාලයක් නොතිබීමයි.

එමෙන්ම මතක ඇති මොබිටෙල් සමාගම 7.2mbps හා 14.4mbps මෙන්ම මේ ලගදි 28.8mbps ක් වැනි ඉහල වේගවක් සහිත ජාලයන් ඔවුන් සතුව ඇතිබවට විවිධ ප්‍රචාර ගෙන ගියා. එහෙත් ඇත්තෙන්ම ඔවුන්ට එවැනි වේගයක් ලබාදිය හැකිද? අපට 3.6 යැයි කියමින් පැකේජයක් ලබාදුන්නත් එහි වේගය 3.6 ක් ලැබේද? අඩුම කරමින් ඉන් 50% ක් වත් ලැබෙන්නේ කොපමණ කළාතුරකින්ද? ‍

මීට පෙර ඩයලොග් සමාගම 7.2mbps වේගයක් සහිත අන්තර්ජාල සේවාවක් පටන්ගත්තත් ඔවුන්ට එම ‍වේගය ලබාදිය නොහැකි නිසා එම වේගය 1mbps දක්වා අඩුකලා. නමුත් එම සම්බන්ධතාවයේ සීමාව ඉක්මවායෑමේදී වේගය අඩුවීම වැලැක්වීම වෙනුවෙන් දිනකට කැමති අය ගෙවන මුදල හිටි හැටියේම රු 100 සි‍ ට රු 250 දක්වා වැඩිකරල.

එයාටෙල් සමාගම අන්තර්ජාල සම්බන්ධතාවන්ගේ සීමාරහිත සම්බන්ධතාවයක් හදුන්වාදුන්නත් එයට මීට කීප දිනකට පෙර 10GB සීමාවක් පනවල

එවැනි මිල වැඩිකිරීම් හා පැකේජ වෙනස් කිරීම් අප පැකේජය ගැනීමේදී අත්සන් තබන ලියවිලි වලට අනුව ආයතනය පැත්තෙනුත් සාධාරනයි. එහෙත් එම පැකේජයන් ගැනීමේදී ඉහල වේගයන් අඩුමිල පවසමින් පාරිභෝගිකයා මුලා කර අවසානයේ එම මිල ගනන් වැඩි කිරීමත් සේවාව කප්පාදු කිරීමත් සාධාරනද

සුභ කාරණයකට ඇත්තේ මීට මාස කීපයකට පෙර අපගේ විදුලි සංදේශන නියාමන කොමිසම විසින් අන්තර්ජාලය ගැන සොයා බැලීමට කමිටුවක් පත්කිරීමය  (කාලිංග අයියගෙ ලිපිය) . විශේෂයෙන් අපට අසල රටවල මෙසේ හිතුමතේ පාරිභෝගිකයා රවටමින් දැන්වීම් දැමීම නීතියෙන් තහනම්ය. එමෙන්ම එම රටවල අන්තර්ජාලය වෙනුවෙන් වෙනමම ගුණාත්මක භාවය පිළිබඳ සීමා ඇත. තම අන්තර්ජාල සම්බන්ධතාවය පවත්වාගත යුත්තේ මෙම අවම සීමාවන්ට වඩා හොද තත්වයේය. එහෙත් ලංකාවේ එවැනි කිසිම සීමාවක් හෝ අවම සේවා ගුණාත්මක භාවයක් නොමැත. පාරි‍භෝගිකයින් යම් වරදක් පෙන්වාදුන් විට විවිධ අය හා අංශ වලට වරද පටවා ඔවුන් බේරෙනව.

ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටලුවක් තමා අන්තර්ජාතික සම්බනධතාවයේ වේගය එනම් International Bandwidth එක. මේක වැඩි නොකර මේ අය සීමාවට වඩා පාරිභෝගිකයින් වැඩිකරමින් යනව. දැනට දේශීය අන්තර්ජාල පාරිභෝගිකයා පිවිසෙන බොහෝ වෙබ්අඩවි අත්තේ දේශීය සර්වර් තුල නොව විදේශයන්ගේය. එම නිසා International Bandwidth අපට වැදගත්‍. ලර්න් ඒෂියා ආයතනයේ අධ්‍යයනනයන්ට අනුව බොහෝ අවස්ථාවල RTT අගය වැඩිම අගයක් ගන්නේ අපගේ සේවාදායකයාත් විදේශයන්ගේ ප්‍රථම සර්වරයත් අතරය. ඒ සම්බන්ධතාවය ‍අපගේ සේවාදායකයන් අපවගේම වෙනත් ආයතන වලින් මිලදිගන්නා සම්බන්ධතාවයක්. අපගේ සේවාදායකයාගේ යුතුකම ඒ වෙනුවෙන් ඔවුන් පැමිණිලි කිරීම. හෝ යම් ක්‍රමයකින් එම සම්බන්ධතාවයේ ගුණාත්මක භාවය වැඩි කිරීම. එහෙත් ඒ වෙනුවෙන් ඔවුන්ට පැවසීවිට ඔවුන් පවසන්නේ ඒක අපේ ලෙඩක් නෙවේ. අන්තර්ජාතික අවුලක්.

මෙනැනි තත්වයක් තුල අප මේ වෙනුවෙන් පෙලගැසීමක් යම් හඬක් නැගීමක් අවශ්‍යයි. මේ වෙනුවෙන් විවිධ පර්යේෂණ කරන හා සේවාවේ ගුණාත්මක භාවය පිලිබද නිතර සෙවිල්ලෙන් සිටින ලර්න් ඒෂියා ආයතනය විශාල මෙහෙයක් මේ වෙනුවෙන් සිදුකරනව. ඔවුන් ‍මීට පෙර කීප අවස්ථාවකදී අපවෙනුවෙන් අදාල ආයතන හා දකුණු ආසියානු නියාමන වරුන් ඉදිරියේ හඩක් නැගීමට සමත්වූවාක් මෙන්මට ඒ වෙනුවෙන් යහපත් ප්‍රථිචාරද හිමිඋවා. අප එක් අයෙක් කෑ ගසනවාට යම් පිරිසක් එකතුවී හඩක් නැගීම සාර්ථකත්වය කරාලගාවීමට හේතුවක්.මෙසේ අපත් ඔවුන් හා එක්වී හඩක් නැගීමට අවශ්‍යයයි. ඒ වෙනුවෙන් අවස්ථාව දීමටත් එම ආයතනය සූදානම්. අප හඬක් නැගුවාට ඒ වෙනුවෙන් යම් සාදක හා දත්තයන් ඉදිරිපත්කල යුතුයි. නිකම්ම කෑගසා වැඩක් නැත. හරියට උසාවියට නඩුවක් දැමීමට සාක්ෂි අවශ්‍යයි මෙන්ම මේ සඳහාද පිලිගත හැකි සාධක අවශ්‍යය වෙනව.

දැනට ලර්න්ඒෂියා ආයතනය එසේ රැස්කල දත්තයන් බොහෝ ප්‍රමාණයක් තිබෙනව. ඒ වෙනුවෙන් ඔවුන් පළමුව පරිගණකයට මෘදුකාංගයකුත් ඉන්පසු ජංගම දුරකථන සඳහා මෘදුකාගයකුත් නිපදවා නොමිලේ බෙදාහැර තිබෙනවා. එමගින් අපට අවශශ්‍ය පරිදි අපගේ අන්තර්ජාලයේ ගුණාත්මක භාවය මැනගත හැකි. මෙහිදී වේගය පමණක් නොව අනෙක් සාධක කීපයක් මැන බැලෙන අතර ඒවා එක් සර්වරයක් සමග පමණක් නොව අපගේ සේවා සපයන්නා, දේශීය සර්වර මෙන්ම අන්තර්ජාතක සර්වර සමගත් වෙන වෙනම වේගයන් හා ‍අනෙකුත් සාධක සොයාබලා වාර්ථා කරීමේ හැකියාවෙන් සමන්විත උසස් තත්වයේ මෘදුකාංගයක්. අප සාමාන්‍යයෙන් ස්පීඩ්ටෙස්ට් අඩවියෙන් වේගය මැන බැලුවහොත් එමගින් මනිනුයේ වේගය පමණි. එයත් එක් සර්වරයක් සමගයි. එහෙත් මෙම මෘදුකාංගය මගින් වෙන වෙනමම සර්වර තනක එනම් ‍තම සේවා සපයන්නා, දේශීය හා විදේශීය සර්වර සමග මැන බලයි. අප‍ට අවශ්‍යය කාලයන්ට ස්වයංක්‍රියව මැනීමට මෙය සැකසීමට හැකිවීමත්  විටින් විට වෙනස්වන තම අන්තර්ජාල ගුණාත්මක භාවය මැනීමට හොද මෙවලමක්.

එමෙන්ම අප විවිධ අය විවිධ ප්රකදේශ වල විවිධ සේවාදායකයන්ගෙන් ගුණාත්මක භාවය පරික්ෂාකරීමෙන් සියලුදෙනාගේ තොරතුරු වලින් යම් නිගමන වලට එලබීමට මෙන්ම හඩක් නැගීමටත් හැකි. හඩක් නැගීමට වඩා අප වැඩක් නැති සේවා දායකයන් අතහැර හොද සේවාවක් සපයන සේවාදායකයෙකුට මාරු‍වීමෙන් මෙන්ම ඒ පිලිබදව අන්තර්ජාලයේ යම් කථාබහක් ඇතිකිරීමෙන් අනෙක් සේවාදායකයන් තම සේවාවේ ගුණාත්මක භාවය වැඩිකිරීමට පෙළඹීම නැවැතිවය නොහැක්කකි

‍මීට දින කීපයකට ඉහතදී ලර්න් ඒෂියා ආයතනය මෙම මෘදුකාංගයේ ජංගම දුරකථන සඳහා වන සංස්කරනය  නිතුත් කිරීමේ උත්සවයේ මේ ඉහත කරුණු බොහෝ දේවල් සාකච්චාවට ගැනුනු අතර එම මෘදුකාංගයේ iPhone හා Anaroide සඳහා නිකුතුවත් ලගදීම සිදුකරන බවයි පැවසුනේ.

ලර්න් ඒෂියා ආයතනය – http://lirneasia.net/

AT Tester හා මෙතෙක් එකතු කල දත්තයන් – http://www.broadbandasia.info/

මෑතකදි සිංහල බ්ලොග්කරුවන් අන්තර්ජාල අවුල් ගැන ලැයවුනු ලිපි

වෙනත් ලිපි ‍තිබේනම්  Comment ලෙස එක්කරන්න

එදින ගත් ඡායාරූප

මීට ටික කලකට පෙර මොබිටෙල් සමාගම විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් නිතුත්කල මොබි‍ටෙල් රු 20 කාඩ්පත් මතක ඇතිනෙ. මේවැනි අඩුමුදලකට ඉස්සෙල්ලාම මොබිටෙල් සමාගම තමා ප්‍රථම වථාවට 20ක් නිකුත් කලේ. ඒක නිසාත් ලේසිය, පහසුව නිසාත් මේ කාඩ්පතට හොද අලෙවියක් තිබ්බ. සාමාන්‍ය‍ය 50,100ට වඩා මෙක ජනප්‍රය උනා. අතේ තියන ගානකට කාඩ් ගන්න පුලුවන්. ඒ වගේම Daily Delight වගේ සේවාවන් ගද්දි ගානට දාගන්න මේක හොද විසදුමක්. අතේ සතේ නැති උනත් 20ක් දාගන්න කාට උනත් පුලුවන්. 50 ක් 100 ක් හොයාගන්නවට වඩා 20ක් හොයාගන්න බැරිකමක් නෑනෙ. ඒ වගේම ඔය මල් කඩද්දි එහෙම රු 10 ක් යවනවට වඩා කාඩ් එකක් යවන එක ලේසිය්. වගේම ලාබයි. මොකද රු 10 ක් ස්මාට් ශෙයා එකෙන් යවද්දි රු 2.62 ක් විතර කැපෙනව. ඒත් කාඩ් එකේ පින් යවද්දි එහෙම වෙන්නෙ නෑනෙ. ශත 32ක් විතරනෙ කැපෙන්නෙ. ඒත් කඩවල අය මේ කාඩ් එකට දක්වන්නෙ අඩු සැලකිලි. බොහෝ කඩවලට 20 කාඩ් ගන්නෙ නෑ. ඒත් සමහර ඒව‍ගෙ තිබයනව. දැන් අවුල මේ කඩවලත් දැන් කාඩ් නෑ. මීට දින කීපයක‍ට කලින් කීව පුතා ආයෙ 20 කාඩ් එන්නෙ නෑ කියල. නමුත් අනෙක් කඩවල තිබ්බ. දැන් ඒ කඩවලත් 20 ඒව නෑ. අහපුවහ කීවෙ ඒවගෙ ලාබය අඩු නිසා ගෙන්වන්නෙ නෑ කියල. ඒකෙන් වෙන්නෙ බොහෝ දෙනා අපහසුතාවයට පත්වන එක. සාමාන්‍යයෙන් රු 100 කාඩ් එකකට රු 4 ක ලාබයක් තිබ්බ. ඒ කියන්නෙ රු 20 ට ඇත්තෙ ශත ගානක්. මොනව උනත් දැන් මේ කාඩ් එක හොයාගන්න නෑ. මොබිටෙල් එකෙන් අහල යාලුවෙක්. එයාල කියල කාඩ් හිගයක් තියනව. ඒක ටික කලකින් හරියයි. අපි අඩුව පුරවන් යනව කියල. මොනව උනත් කඩවල අය කියන්නෙ ආයෙ 20 නෑ කියල.

CPlus සඟරාවේ ජනවාරි කළාපය සඳහා සැකසු පලකල ලිපියකි

ලංකාවෙ පුලුල්පරාස අන්තර්ජාල සපයන මූලික ක්‍රම කීපයක් තියනව. ADSL, WiMax හා HSDPA ඉන් මූලිකයි. මෙහි ADSL හා WiMax ලබා ගත හැක්කේ සීමිත ප්‍රදේශ වලට පමණයි. ඒ වගේම එම සබඳතා ස්ථාවර සබඳතා නිසා ලැප්ටොප් එකක් එකක් වගේ එහෙ මෙහෙ ගෙනියන්න අමාරුයි. WiMax යනු රුහැන් රහිත සබඳතාවයක් උවත් ස්ථාවර සබඳතාවයක් නිසා අදාල සමාගම් වලින්ම අවශ්‍යය විදිහට ස්ථාවරව සවිකර දෙනු ලබනව. ADSL වයර් මගින් නිසා සංඥා ගැටලුවක් නෑ. ඒත් ADSL හා WiMax ලබාගත නොහැකි අය මෙන්ම ලැප්ටොප් එකත් එකක් ඉන්න අය බොහෝ දුරට ගන්නෙ HSDPA සම්බන්ධතා. ඒත් මේවයේ සංඥා හැමතැනටම හොදට නෑ. සමහරුන්ට 3G තිබ්නත් HSDPA නෑ. ඒ වගේම සංඥා දුර්වල උනහම අන්තර්ජාලයෙ විවිධ දෝෂ ඇතිවෙනව. සම්බන්ධ කරගන්නත් අමාරුයි. වේගයත් අඩුයි. මේ සම්බන්ධතාවය අදාල ආයතනයෙන් සවිකරන්නෙ නැ. මොකද පෙන් එක වගේ මොඩම් එක ගැහුව, ගියා. කොහොමත් ADSL හෝ WiMax තරම් HSDPA ස්ථායී නෑ. ඒත් අර සම්බන්ධතා ගන්න බැරි අයත්, හැම තැනම යන අයත් මේ HSDPA ගන්නව. සිග්නල් අඩු උනහම අදාල සමාගම් වලට දෝෂ නගනව. පැමිණිලි කරනව. ඒත් මේ සිග්නල් වැඩි කරගන්න ක්‍රමයක් හිතල බලමු.

සමහර මොඩම් වල භාහිරින් HSDPA ඇන්ටනාවක් සවිකරන්න පුලුවන්. ඒවට කරන්න තියෙන්නෙ ලේසියෙන්ම ඇන්ටනාවක් හදාගන්න හරි, මිලදීගන්න. භාහිර ඇන්ටනාවක් හදන හැටි ඉදිරි කලාපයකදී සාකච්චා කරමු. හුගක් මොඩම් වල භාහිර ඇන්ටනා නැති නිසා අද ඒ සම්බන්ධව සාකචචා කරමු.

භාහිරින් ඇන්ටනා නැති මොඩම් වලට කරන්න තියෙන්නෙ ඇන්ටනාවට මොඩමය සවි කිරීමයි. මේ සඳහා බොහෝ දුරට යොදාගන්නේ ඩිෂ් ඇන්ටනා. ඒව අපට සාදාගැනීමට හො මිලදීගැනීමට හැකි. මිලදී ගන්නා ඇන්ටනා වල නිවැරදි ලෙසම සකසා ඇති නිසා සංඥා ප්‍රබලත්වය ඉතා වැඩී. මේ සඳහා විශාල තැටි අවශ්‍යය නොවේ. සාමාන්‍යයෙන් ඩයලොග් ටීවී සදහා සවිකරන තැටිය ප්‍රමාණවත්. මේවගේ තැටි රු 3500/- ට ආසන්න මුදලක සිට මිලදීගැනීමට හැකි. මෙම තැටිය පමණක් ගෙන එහෙ LMB සවිකරන ස්ථානයට මොඩමය සවිකිරීම ප්‍රමාණවත්. එනම් LMB පිහිටන පරිදිම මොඩමය පිහිටන පරිදි සවිකල යුතුවේ. මෙම තැටිවල සිදුවන්නේ සංඥා නාභාගත කිරීමක් නිසා නිවැරදි නාභිගත වන ස්ථානයේ මොඩමය සවිකල යුතුවේ. එසේ සවිකර කාමරයේ තැබුවත් සංඥා 2-3කින් වත් වැඩිවේ. එමෙන්ම මෙහි තැටිය ඉදිරිපස බාධක අඩුයිනම් තවත් සාර්ථකවේ. එනම් බිත්තියට පුටුපස සිටින සේ තැබීමෙන්. තවත් සංඥා මදිනම් මෙම තැටිය ගෙදරින් එලියය, එනම් සංඥා ලැබෙයි යැයි සිතන කුලුණට මුහුණලා සිටින සේ සවි කිරීමෙන් වඩාත් හොද සංඥා ග්‍රහණය කරගත හැකිවේ. කුලුණ ඇති දිශාව සොයාගත නොහැකිනම් ටික ටික හරව හරවා බලන්න.

මෙම තැටි ගැනීමට අපහසු අයට තැටියක් වගේ එකක් සකසාගැනීමට සිදුවේ. මේ සඳහා විකල්ප ක්‍රම කීපයක් තිබේ. ඉන් එකක් නම් රවුමක කොටසක් ආකාරයට නවාගත් තහඩුවක් හෝ ඊයම් වැනි කොල ඇලවූ කාඩ්බෝඩයක්. මේ සඳහා යකට තහඩුවක් යොදාගන්නේනම් දිලිසෙන මතුපිටක් තිබීම හොද සංඥා ප්‍රබලත්වයකට හේතුවක් වේ. එමෙන්ම යකඩ හෝ ඇලුමේනියම් තහඩු නැතිනම් කාඩ්බෝඩ් වැනි සවිමත් පතුරකට ඊයම් කොලයක් සවිකරගත හැකි.

එයට වඩා හොද ග්‍රාහකත්වයක් ලබාගැනීමටනම් අප‍ට තැටියක් සකසාගත යුතුවේ. ඒ සඳහා රවුම් ප්ලාස්ටික් මැටිකෝප්යක්, දිලිසෙන රවුම් ඩිෂ් වැනි එකක් හෝ යකට දැලෙන් සෑදූ තෙල් පෙරනයක් යොදාගත හැකි. ප්ලාස්ටික් මැටි කෝප්පයකනම් එය ඇතුලට ඊයම් කොල අලවා ගනීම වැදගත්. ඉන්පසු මේ ආකාරය සැකසූ තැටිය හෝ නවාගත් තහඩුවේ මැදින් මොඩමය තබා එහා මෙ‍හා කර හොදින් සංඥා ලැබෙන තැනක් සොයාගතයුතුයි. මෙම මොඩමය සවිකල යුත්තේ නාභියේමත් නොවේ. එ‍සේ සවිකිරීමේදී තැටිය වැසෙන පරිදි විශාල දේ නොයොදා ගත යුතු අතර ඒ සඳහා කම්බියක් වැනි දෙයක් යොදාගැනීම වඩා හොඳය. මෙහිදීත් ඉහත මිලදීගත් තැටිය ස්ථානගත කරන පරිදි කාමරයේ සංඥා මදිනම් එලියේ හෝ ස්ථානගත කරගත හැකි.

එමෙන්ම මෙහි තැටියේ විශාලත්වය වැඩිවන තරමට සංඥා ප්‍රබලත්වය වැඩිවේ. අප සාදාගත් තැටියේ සංඥා නාභාගත වන තැන පිටනුයේ තැටියේ හෝ නැවූ තහඩුවේ මැද සිට ලම්භකව ඇති රේඛාවේය.

තවද මෙම ඇන්‍ටනාව එලිමහනේ සවිකරන්නේනම් දිග USB වයරයක් අවශ්‍යය වේ. එහෙත් මොඩම සඳහා දිග වයර යොදාගැනීම ප්‍රායෝගික නැත. එහිදී හොද ගුණාත්මක භාවයෙන් යුතු වයරක් යොදා ගත යුතුය. වැඩිපුර දිගට යොදාගන්නේන් USB කවුලු දෙකකට ගසා එක් කරන වයරයක්වත් යොදාගතයුතුය.

එම සැකසුම් වල රෑප සටහන්

මෙම ක්‍රමය මගින් Mobitel, Dialog, Airtel වල HSDPA Broadband පාරිභෝගිකයන්ට තම සංඥා ප්‍රබලත්ව වැඩිකරගත හැකි

දැන් මොබිටෙල් ජාලය එන්න එන්නම පිරිහේගෙන යනව. මුලින් හොද සේවාවක් තිබුනත් දැන් එය බිදවැටිල වගේ. මුලින් උපහාර දෙන්න කලික් ජාලය හුගක් හොදට තිබ්බ. උපහාර දුන්න විතරයි ගන්න දෙයක් නැති උනා. ඒත් ටික කාලෙකින් ඒක බොහෝ දුරට සමනය කලාට දැන් ආයෙ එපාම වෙල තියෙන්නෙ. අන්තර්ජාලයත් එහෙමයි. හරියට පුද්ගලික බස්වගේ. පුලුවන් තරමටත්ත වඩා බස් එකට නංව ගන්නව ඉතින් ඉදන් ගිය අය‍ටවත් හරියට යන්න නෑ. ඒ මදිවට තව අය ගන්න කෑ ගහනව. මේ වගේ වැඩක් තමා මම හිතන්නෙ මොබිටෙල්ලට වෙලා තියෙන්නෙ.
හරි මුලින්ම ඇමතුම් ගම්මුකො. දුරකථනය හොදින් වැඩ කලත් සමහර වෙලාවට එන්නෙ ඇලර්ට්. සමහර අවස්ථාවල යාලුවෙක්ගෙ දුරකථනයකින් බැරිම උනහමම මමම මගෙ එකට ගන්න හදල තියනව. ඒත් ප්‍රතිචාරයක් නෑ. දුරකථන මාරුකලත් එමමයි. සමහර විට මොබි‍ටෙල් වලට ඇමතුම් ගන්න බොහෝ අයට පුරුද්දක් ඇති දුරකථනය ප්‍රතිචාරවක් නෑ කීවහම දෙතුන් පාරක් උත්සහ කරන. මොකද එහෙම කියන්නෙ දුරකථනය ඔන් එකේ හොදින් සංඥා තියෙන වෙලාවටත්. ඒක එහෙමයි කියමුකො. 3G තියන දුරකථන සමහර වෙලාවට ජාලයේ ලියාපදින්චි වෙන්නම බැරිවෙනව. මේ ලගදි කීප වාරයක් මේක තදින් තිබ්බ. මොක පැයක් දෙකක් තිබ්බට තේරෙන්නෙ නෑනෙ. 2G දාපුවහම දුරකථනයට හොදට ඇමතුම් එනව. ගන්න පුලුවන්. ඒත් 3G දාපුවහම ගන්නවත් එන්නෙවත් නෑ. ඇලර්ට් විතරයි. මොනව කරන්නද.
ඇමතුම් එහෙමයි කියමුකො, කෙටිපණිවි‍ඩ… ඒක ගැනත් කියන්න දෙයක් නෑ. ඔන්න හදිස්සියට යාලුවෙක්ට පණිවිඩයක් යව්වොත් Sent උනාට Delever වෙන්නෙ නෑ. ඒ කෙටිපණිවිඩයට රිපෝට් එක එනකම් බලන්න ඉන්න ඕනෙ. නැතිනම් ආයෙ යවන්න ඕනෙ එකම එක. අත්තටම කෙටිපණිවිඩ තෝරාගත් අංක වලට ශත 25 යි කීවට මේ විදිහට යවද්දි ශත 50 ටත් වඩා යනව. ඒව ආයෙ ආයෙ යවද්දි. සමහර ඒව Delever වෙනව. ඒත් රිපෝට් එකක් නෑ.
ගිණුමේ මුදල් නැතිව අන්තිම එකේ ඔක්කොම විස්තරය කියල කියල කෙටිපණිවිඩයක් ගැහුවයි කියමුකො….. මටම තමා ඒක කියවන්න වෙන්නෙ. ඒක Delever වෙන්නෙ නෑ… ඒ වෙලාවට මොනව කරන්නද. පාරිභෝගික සේවට ගත්තට වැඩක් නෑ ඒ අය ඇග ‍‍බේරගන්නව. මොනව හරි කියල බේරෙනව. ඇත්තට මේ පාරිභෝගික සේව නිලධාරීන් ඉන්නෙ නමට.
දැන් අන්තර්ජාලය. ඒක ගැනන්ම් බොහෝ දෙනා හොදට දන්නව ඇති. 3.6Mbps කිව්වට අඩුගානෙ 512Kbps වත් නෑ. රෑ එලිවෙන යාමෙට වගේ කලාතුරකින් 2mbps වගේ එනව. දවල්ටනම් 1mbps එනව දකින් හොද වාසනාවක් තියෙන්න ඕනෙ. බොහෝ වෙලාවට සම්බන්ධ වෙන්නෙ නෑ. ඒ කීවේ connect කරන්න බෑ. 3G නෙට්වර්ක් එකේ ලියාපදින්චි වෙන්න බෑ. හොදටම එපාවෙනව. මේවා ගැන පැමිණිලි කලාම හැමදාම වගේ අංකයක් ලියාගන්න දෙනව. ආයෙ ඒ අංකෙ ගැන ඇහුවහම කියන්නෙ ඒක ගැන හොයල කියයි. ‍ඔහොම පැමිණිලි 3-4කි දැම්මහම ඔන්න මොබිටෙල් එකෙන් එක්කෙනෙක් කථාකරල කියනව ජාලයෙ ඉන්න කට්ටිය වැඩි. ඒක හදාගෙන යනව. හැදුවහම හරියයි. ඉතින් මේක දැන් මාස කීපයක ඉදන් හදනව කියල බේරෙනව. හරියට අපේ වරදක් වගේ කියන්නෙ. හිටපු ගමන් බැරිම උනහම ආයෙ ගන්නව.
එතකොට එකපාරක් ඇහුව මොඩම් එක මොකක්ද කියල. මම කීව E1550. ඒ කථාකරපු එක්කෙනා කියන අපේ ඒවට (මොබිටෙල්) ඇරෙන්න අපිට වගකියන් බෑ. මම කීව මම මේ සිම් එක වෙන මගෙ E220 ට දැම්ම. ඒත් ඒ ලෙඩේමයි. හැබැයි මේ දෙකටම වෙන ජාලයක සිම් දැම්මොත් හොදට වැඩ කීව. ඒ පාර කියන ඉන්න හරියට සිග්නල් අඩු ඇති. ඒක නිසා වෙන්න ඕනෙ කීව. මම කීව කුරුණෑගල නගරයෙ ඉදන් බැලුව. කීප පාරක් නගරයෙ ඉදන් 500m තියන යාලුවෙක්ගෙ ගෙදර ඉදන් බැලුවත් බෑ කීව. මොකද යාලුවගෙ ගෙදරට ගෙවල් අසල හා කුරුණෑගල කුලුනු දෙකෙන්ම උපරිම සංඥා ලැබෙනව. ඒපාර අරන් එන්න කීව. මම මොනව කියන්නද.. හරි කියල තිබ්බ. ඔය අතර පාර මොබිටෙල් එකට ගිය පාර අන්තර්ජාලය විකුණන අයියම මුණගැහුන. එයාට කීවහම කියනව අපේ ගෙවල් හරියෙ 3G තියනව. අවුලක් නෑ කියල. අපේ කාර්යාලයට laptop එක ගේන්න. අපි බලමු කීව. මම තේරුම් කරල කීව, මම ස්ථාන, පරිගණක හා මොඩම් මාරැකලා කියල. ඒත් අරන් එන්නලු.
මේ විදිහට බලද්දි හැමතැන ගෙනියන්න ගන්න අන්තර්ජලයක් නෑ වගේ. මොකද ඩයලොග් වල 3G නෑ හැමතැනම. හැමතැනම කීවට කුරුණෑගල ඉදන් 500m වත් නෑ. Airtel කොහොමවත් නෑනෙ 3G. ඉතින් වෙන දෙයක් නැති නිසා මොබිටෙල් වල තාම ඉන්නව.

දැන් My 10, Any 8, Family And Friend, My Best Friend කිය කියා සේවා වලින් විශේෂ මිල අඩු කල ඇමතුම් ‍තෝරාගත් අංක වලට ගන්න පුලුවන්නෙ. ඒත් මේ වගේ සේවාවක් මෙතෙක් කල් ටෙලිකොම් වල තිබ්බෙ නෑනෙ. දැන් ඒ සේවාවත් හදුන්වා දීල. ඒකෙ නම SLT 4 Friends. එම සේවාවෙන් තමන් කැමති අංක හතරකට විශේස ගාස්තු යටතේ ඇමතුම් ගන්න පුලුවන්. මෙම අංක සදහා ටෙලිකොම් අංක දෙකක් හා අනෙක ජාල වල අංක දෙකක් ඇතුලුව අංක 4 ක් දාගන්න පුලුවන්.
එම ටෙලිකොම් අංක වලට උදේ 5 සිට රාත්‍රි 9 දක්වා මිනිත්තුවට රුපියලයි හා රාත්‍රී 9 සිට උදේ 5 වන තුරු ශත 50 යි
අනෙක් ජාල අංක සදහා උදේ 5 සිට රාත්‍රි 9 දක්වා මිනිත්තුවට රුපියල් 2යි හා රාත්‍රී 9 සිට උදේ 5 වන තුරු ශත 50 යි
ඒත් මේ සේවාව ලබාගන්නවනම් මාසිකව රු 50/- ක් ගෙවන්න වෙනව. සක්‍රිය කිරීමේ ගාස්තුව රු 100/- යි. මෙම පහසුකම සියලුම ටෙලිකොම් දුරකථන සඳහා වලංගුයි. හැබැයි සක්‍රිය කිරීමට ටෙලිකොම් කාර්යාලයකට යන්න වෙනව. ‍

මමත් ලංකාබෙල් අන්තර්ජාල සම්බන්ධතිවයක් හම්බෙනකම් හිටියෙ. ඒත් ඔන්න එක පාරම දෙකක් හම්බුනා. කට්ටිය කීවත් වගේ ඒවගේ වේගයෙ කියන තරම්ම හොදා වගේ. ඒත් අමුතුම කථාව තමා වැස්සත් එකක් ලංකාබෙල්ලගෙ තියන ගනදෙනුව ගැනයි

දෙන්නම යාලුවො. දෙන්නම කීවෙ වේගය අතින් සෑහීමකට පත්වෙනවලු. හැබැයි එක්කෙනෙක් කීවෙ එයා හුගක් බාන්නෙ ෆිල්ම්ලු. ඒවට හොද වේගයක් එනවලු. ඒත් හවස 6 විතර ඉදන් රෑ9 වෙනකම් වගේ හුගක් ස්ලෝ වෙනවලු. මම එහෙ යද්දි යන්තම් වැස්ස. එයා කීව එවෙලෙ අන්තර්ජාලය වැඩ නෑ. එයාල වැස්සට ඕෆ් කරනවලු. එයාල කීවෙ ලංකාබෙල්ල. මම එහෙම අන්තර්ජාලයක් ගැන ඇහුවමයි. වැස්සට ඹ්ෆ් කරන. පොඩි වැස්සක් ආවත් එයාලට අන්තර්ජාලය නෑලු. ලංකාබෙල් එකට කීවම කිව්වලු අකුණු ගහද්දි ටවර් එකට හානි වෙයි කියල ස්වයංක්‍රියවම විසන්ධිකරනවලු. ‍මොකද කුරුණෑගල ලංකාබෙල් කුලුණු තියෙන්නෙ ඇතාගල උඩ නිසා. ඒත් අනිත් කුලුණුත් ඇතාගල උඩ තියනව. ඒව කිසිම එකක් විසන්ධිකරන්නෙ නෑනෙ.

නමුත් වේගය අතින්නම් එයා සෑහීමකට පත්වෙනවලු. මටනම් බලාගන්න බැරිඋනා. අනිත් යාලුවත් ෆිල්ම බාන කෙනෙක්. එයාගෙන්නම් ස්පීඩ් ටෙස්ට් ගත්ත



එයානම් කීවෙ වැස්සට ස්ලෝ වෙනව විතරයි කියල. මොකද සාමාන්‍යයෙන් වේගය 68kbps විතර එනවලු. එයාගෙ තියෙනව කීවෙ 512 සම්බන්ධතාවයක් ඒත් ආව වේගවල් දැක්කහමනම් 512වලට හොදටම ඇති. ස්පීඩ් ටෙස්ට් වල ලංකාවේ සර්වර් එක්ක හොද වේගයක් එනව. ඒත් පිටරට ඒවට එන්නෙ සාමාන්‍යය වේගවල්. නමුත් IDM ව‍ගේ එකකින් බාගත කරද්දි හොද වේගවල් එනව. ඒත් අර වැස්සෙ කථාවනම් හිතාගන්න අමාරුයි. ලංකාබෙල් විතරක් වැස්ස‍ට විසන්ධි වෙන්නෙ මොකද දන්නෙ නෑ. කලින් කුරුණෑගල ඇතාගල උඩ පිලිමයට අකුණු ගැහුව. ඒත් ඔය ‍ටවර් වලට අකුණූගහල ලොකු අලාභයක් උනා කියල අහලනම් නෑ. ඒත් මෙයාල මොන හේතුවකට විසන්ධි කරනවද දන්නෙ නෑ. අකුණු සන්නායක සවිකරල තියෙද්දි. අනික ඇතාගල උඩ තියෙන්නෙ මෙයාලගෙ කුලුණු විතරක් නෙවේනෙ. අනිත් හුගක් ඒවගෙ ප්‍රදාන කුලුණු තියනව.

දැන් ටික කාලෙක ඉදන් ටෙලිකොම් අන්තර්ජාලෙ අවුල් තිබ්බට දැන් ඒක ටිකක් දුරට හරි. කුරුණෑගලනම් Exchange එකේ power මදිවීමක්ලු. දැ‍න් මේ ලෙඩේ මොබිටෙල් වලට මාරු වෙලා. අම්බානට අවුල්. සමහර වෙලාවට යන්නම බැරි තත්වයක් එනව. දෙතුන් පාරක් මොබිටෙල් එකට කීව. එයාල කියනව Network Conjunction එකක් නිසාලු. සමහර වෙලාවට යූසර්ල වැඩී උනහමලු. ඒත් මේ අවුල දිගටම තියනව. හිටපු ගමන් සමහර සයිට් ලෝඩ් වෙන්නෙම නෑ. සමහර ඒව නියමෙට වැඩ. සමහර වෙලාවට එක අඩවියකටවතත් යන්න බෑ. ෆේස්බුක් එකේ ‍ගේම් එකක් ගැහැවත් හැම වෙලාවෙම රීලෝඩ් කරන්න කියනව. මම මොඩම් මාරු කරල බැලුව. කුරුණෑගල නගර මධ්‍යයේ ත් බැලුව. ඒත් එකම අවුල. පාරිභෝගික සේවයට කියද්දි E1550 ඩයලොග් එකෙන් ගත්ත කීවොත් ඒ මොඩම් එකේ අවුලක්. අපි ඒවට වගකියන්නෙ නෑ කියනව. මාර කථා. ආයෙත් අරන් E220 කීවහම වැඩ. මොනව උනත් මේ මොඩම් දෙකෙන් එකකටවත් අන්තර්ජාලය හරියට නෑ. ඉස්සරනම් ඩවුන්ලෝඩ් එකක් දැම්මොත් 1mbps ම එනව. දැන් එනෙ නෑ. හිටපු ගමන් 100kbps වත් නෑ. එක දිගට ඩවුන්ලෝඩ් එකක් දැම්මොත් දැන් ඉස්සර වගේ එක දිගටම වේගය ස්ථාවරව නෑ. අඩු වැඩි වෙනව. දැන් ඉතින් මොබිටෙල්ත් එපාවෙනව. මෙහෙම බලන් යද්දි ගන්න ඒව නෑනෙ. හැම එකම අවලු.
ඇත්තටම මේ ලංකාවෙ ගන්න හොද අන්තර්ජාල සේවාවක් ඇත්තෙම නැද්ද. වෙන රට වලනම් මේ අවුල් නෑ. එයාල පැන පැන නිකන් දෙනව. ඒ දෙන්නෙත් පලවෙන් අවුරුද්ද, මාස 6 නොමිලේ. ඒවගෙ ‍වේග ගැනත් කියන්න දෙයක් නෑ. ස්ලෝනම් ස්ලෝ සර්වර් තමා.

.

ඒත් මෙහෙම වේගවල් තියා දෙන එකවත් හරියට දෙන අන්තර්ජාල සම්බන්ධතාවක් නෑනෙ. හැමෝටම ගන්න පුලුවන්.
අපිට ඉතින් ඉවසීමෙන් සැනසීම තමා

මේ දවස්වල මොබිටෙල් කාඩ් හරි ‍රීලෝඩ් හරි දාගන්න ගියොත් බොහෝ කඩවල කියනව ඇති රීලෝඩ් ඉවරයි. කාඩ් නෑ කියල. මේක හැම කඩේම නෑ. මොබිටෙල් ශාඛාවල, ‍ෆුඩ් සිටි වල මේ අවුල නෑ. මේක තියෙන්නෙ බොහෝදුරට සාමාන්‍යය කඩවලයි. ඒකට හේතුව මොබිටෙල් සමාගම රීලෝඩ් හා කාඩ් සඳහා දෙන වට්‍ටම් අඩුකිරීමයි. ඒකට විරුද්ධව අදාල අය වර්ජනය. දැන් කීප දවසක ඉදන් බොහෝ තැන් වල රීලෝඩ් හෝ කාඩ් නෑ. සමහර අංක වලට මොබිටෙල් එකෙන් පණිවිඩත් එවල ෆුඩ්සිටි, එයාලගේ ශාඛාවලින් අදාල ගෙවීම් කරගන්න කියල. කෙසේවෙතත් මම යාලුවො දෙතුන් දෙනෙකුට මොබිටෙල් අඩවියෙන් රීලෝඩ් දැම්ම. අවුලක් නෑ

හුග දවසකින් බ්ලොග් ලියන්න හම්බුනේ නෑ.මේ දවස්වල ටෙලිකොම් එකේ අන්තර්ජාලය මාර අප්සට්. හැම වෙලාවෙම පිස්සු කෙලිනව. ping එකක් දිගටම යවද්දි 5-6 කට සැරයක් Timeout. ආයෙ අපි පිටුවක් ලෝඩ් කරද්දිත් ඒකමයි. වෙනද මෙහෙම නෑ. කාලය වැඩි උවත් Timeout නෑ. මේක ඇනයක්. මේක නිසා අන්තර්ජාලය අවුල් ජාලාවක්. වෙබ් පිටුවක් ලෝඩ් ලොත් අතර මගදි ලෝඩ් උනාට එන්නෙ නෑ. ආයෙ Refresh කරන්න වෙනව. සතියක් විතර එක දිගට තියෙද්දි ටෙලිකොම් එකට කීව. දින දෙක තුනක් ගියත් ආවෙ නෑ. කථාකලාම කියනව අදම එයි. දිනයක් ඇතුලත එයි. ඒත් ආවෙ නෑ. අඩු ගානෙ ඇමතුමක් වත්. වෙනදනම් කීව ගමන් ඇවිත් බලනව. උපරිම දිනයයි. දැන් මේකට සතියක් විතර තාම නෑ. ඒ පාර රවුටරේ මාරු කලා. ස්විච් එක මාරුකලා. ස්පුලිටර් මාරුකලා. ඒත එමමයි. එසේමයි. අපේ විතරද අවුල බලන්න ඇහුව යාලුවො දෙතුන් දෙනෙක්ගෙන්. ඒ අයටත් ඒ විදිහටම අවුල්. එයාල ගනන් අරන් නෑ. දැන් දිගටම අවුල. චැට් එකක මොනව හරි ගැහුවොත් ඒක යන්න දවසක් යනව. ඒ අය හිතල තියෙන්නෙ ඒ අයගෙ අවුලක් කියල. ඒ පාර හුගක් අය ටෙලිකොම් කථාකලේ නෑ. වැඩක් නෑ කියල. මොකද මේ පාර විභාගෙ ඉවර උනාම අපේ හුගක් අය අන්තර්ජාලයට ඉල්ලුව. ඒ අයගෙ ප්‍රොමේෂන් වලදි කියන දවස් 3න් දෙනව කියල. අර අයට සතියක් ගියත් නෙට් නෑ. අහපුවහම කුරුණෑගල පෝට් ඉවරයි, ගෙනාව ගමන් දෙව කියනව. ඒව ගෙනාපුවට පස්සෙ ඉල්ලුම් කල අයටත් ඒ තැටියම දානව. ඒක නිසා හුගක් අය ගනම් ගත්තෙ නෑ. ලෙ‍ඩේ එක දිගට ‍නෙවේ. එනව‍‍. යනව.
ස්පීඩ් පරීක්ෂා කලාට අවුගත් නෑ. හිටපු ගමන් සර්වරය හා සම්බන්ධ විය නොහැකිය කියනව. Ping Test එකේදිත් ඒක. ඒත් Speed test ඒකේදි ටෙස්ට්‍ වෙන්න පටන් ගත්තොත් අවලුක් නෑ. හොද වේගයත් යනව. මම හිතන්නෙ එහෙම වෙනනෙ ‍Timeout වෙන නිසා වෙන්න ඇති. වේගයේ අවුලක් නෑ

Speedtest

Speedtest

SpeedTest

SpeedTest