Browsing Posts in Tricks

මුලින්ම අපේ හමුදාවට උත්තමාචාරය. මේ ලියන්නෙ නිදහස් රට ඉදන් දැන්. දැන් කාටද ආඩම්බර….

මේක ටිකක් පරණ වෙන්න පුලුවන් ඒත් ලගදි (ඒ කීවෙ මාස දෙක තුනක‍ට කලින්වත්) දැක්කද ගූගල් මැප් ගියෙ නැත්තම් දැන් යන්න. මේච්චර කල් ගූගල් මැප්ස් හා එර්ත් කියන සේවා වල ලංකා‍ව ගැන දුන්නෙ ජන්ද්‍රිකා රූප විතරයි. ඒකෙ ලංකාවෙ පාරවල් දෙක තුනක් දාල තිබ්බත් ඒව හරියට නොවේ තිබ්බෙ.

මම මීට මාස කීපයකට කලින් වෙන රටක සිතියමක් හොයන්න යද්දි ලංකාවෙ විස්තරේ දැක්කෙ. ඒ පාර අද හිතුන දුරකථනයෙත් දැන් යාවත්කාලීන වෙන්න ඕනි. ඒක නිසා දාල බලන්න. මොකද ඉස්සර මේක දුරකථනයට දාල බැලුවෙ ජන්ද්‍රිකා රූප විතරනෙ.
ඒත් දැන් ඒව හදල. හුගක් ප්‍රදේශ වල සිතියම් නියමෙටම හදල. පාරවල් ඇදල, පොඩි පාරවල් පවා. ඒ අතර මං සලකුණු, ඒ කියන්නෙ පාසැල්, හෝටල්, රෝහල්, දුම්රිය මගවල් වගේ බොහෝ දේවල් නිවැරදිව ලකුණු කරල තියනව. මේක දැන් පරිගණකයට අමතරව තම දුරකථනයෙන් බලාගන්න පුලුවන් වීම නිසා දැන් සිතියම් අරන් යන් ඕනි නෑ.  මේක Iphone එකට  හොදට බලාගන්න පුවන්.හැබැයි GPS තියන දුරකථනයක්නම් නියමෙට වැඩ. Nokia N95 එක‍ටත් සහය දක්වනව GPS සහිතව. අතරමං උනොත් මරු. ඒත් තාම N95 එකකට මම දාල බැලුවෙ නෑ.

ඒ වගේම හැබැයි හැම ස්ථානයක්ම මේකෙ තාම සලකුණුවෙලා නෑ. පාරවල් වල නම් ‍එහෙම. තාම දියුනු කරමින් යන නිසා ‍හොදා. තව දෙයක් තාම මේක දිශා ඒ කියන්නෙ පාර කියන සහය (Direction) ලංකාවෙ නෑ. තවද පාරෙ රෑප ඒ කියන්නෙ street view, traffic සේවා ලංකාවෙ නෑ. ඒක නිසා අපිමයි පාර හොයාගන් වෙන්නෙ.මොනව උනත් පරිගණකයට වඩා දුරකථනයේ තිබීම පහසුවක්.

ජාව සහය දක්වන දුරකථනවලිහා නවීන බොහෝ මාදිලි වලින් මේක වැඩ කරන්න පුලුවන්. ඒ සදහා කරන්න තියෙන්නෙ maps.google.com වෙත දුරකථනයෙන් පිවිසීමයි.

මෙන්න මම ගත්තු රූප වගයක්

goole maps KurunegalaGoogle Maps Google MapsGoogle Maps3

ඒ වගේම චන්ද්‍රිකා රෑප සහිතව ගත් සිතියම්

google maps 4Google Maps4

වැඩි විස්තර http://www.google.com/mobile/default/maps.html වෙතින්

හැබැයි මේකට අන්තර්ජාලය අවශ්‍යයි. ඒවට අයවෙනව.

Google Buzz

අපේ තියන මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග වල පිටපත් හුගක් ඒව හොර පිටවත්. ඒ කියන්නෙ වින්ඩෝස් හා ඔෆිස් වැනි බොහෝ වැදගත් මෘදුකාංගත්. එම නිසා ඒව හරියාකාරව ක්රැක් කිරීමට ලක් නොකර අන්තර්ජාලය ඔස්සේ යාවත්කාලීන කිරීමට බැහැ. ඒ වගේමයි හොද අන්තර්ජාල සබදතායක් නැතිවත් නිත්‍යානු කූල පිටපතක් තිබ්බත් අමාරු වැඩක්. අනික අන්තර්ජාලය නිවසේ නැති ඇය, HSDPA වැනි සබදතා භාවිතා කරන අයට තම පරිගණකය යාවත්කාලීන කැගැනීමට අපහසුයි. අපි වයිරස් ආරක්ෂක මෘදුකාංග වල නම් යාවත්කාලී කිරීම් වෙනමම බාගත කර ගෙවිත් දමාගන්නව. ඒ වගේ වින්ඩෝස් හා ඹෆිස් සංස්කරන වල යාවත්කාලීන කිරීම් අන්තර්ජාලය ඇති පරිගණකයකින් බාගත කර දමාගත හැකි. එසේම තම කාර්යාලයක වගේනම් මෙය පහසු වේවි. මන්ද, පරිගණක 10 ක් ඇතිනම් යාවත්කාලීන කිරීම් 10 වරක් නොබා එක වරක් පමණක් බාගත කර දමාගත හැකි.
තවද මෙහිදී WGA බාගත නොවෙන නිසා නීත්‍යානු කූල නොවන පිටපතක් උවත් යාවත්කාලීන වීම ගැටලුවක් නොවේ.
මුලුන්ම මේ සදහා අවශ්‍යය කුඩා ටූලය බාගත කරගන්න. (මෙම සබැදුමෙන්). ඉන්පසු තමාට අවශ්‍යය සංස්කරන තොරන්න. ඒ කියන්නෙ වින්ඩෝස් (විස්ට, XP හෝ වෙනත්) සංස්කරනය හා ඔෆිස් සංස්කරනයයි. මෙහිදී ඔෆිස් සංස්කරන කීපයක් හා වින්ඩෝස් සංස්කරන කීපයක් තෝරාගත හැකියි. එමෙන්ම එම සංස්කරන වල තෝරා ගැනීමට භාෂා කීපයකුත් තිබේ. කැමති මෘදුකාංග, සංස්කරන, භාෂා එකක් හෝ කීපයක් තෝරා අවශ්‍යය සැකසුම් දෙන්න. එනම් තමාට Dotnet Frame work බාගත කිරීමට අවශ්‍යයද, Service Pack භාගත කරගත යුතුද යන්න. මේ සදහා සැලකිය යුතු ප්‍රමාණයක් බාගත විය යුතුයි. ඉන්පස් තමාට මෙම සංස්කරන වෙන වෙනම තැටි ගත කරගැනීම‍ට ISO ගොනු ලෙස සැකසිය යුතුද යන වගත් ලබාදෙන්න. ඉන් පසු ආරම්භ කරන්න.

ct-updater

එවිට ඩොස් කවුලුවක් පැමිණ බාගත වේවි. විස්‍ටා වල සමහර වේලාවට දෝස මතුවී නැවත, නැවත උත්සහ කලොත් ප්‍රති පණ ගන්වන්න. මගදි ඇන හිටියහොත් නැවත ඇබන්න. එතැනිස්ට මතු සම්බන්ධ වේවි.

බාගත වී අවසන් ඌ වි‍ට ISO ගොනු ලෙස ලබාදුන්නානම් ISO ෆෝල්‍ඩරයේත් එසේ නොමැතිනම් Client යන ෆෝල්ඩරයේත් යාවත්කාලීන න ගොනු තිබේ. එහි හෝ ISO ගොනුවේ ඇති install Updates යන අයිකනය ධාවනය කිරීමේන් යාවත්කාලීන කරගත හැකි. කරල බලන්න.

බාගත කිරීමට

Google Buzz

හුගක් රටින් එවන පරිගණක, විශේෂයෙන් ලැප්ටොප් වගේ ඒවගෙ තියෙනන්නෙ ඒ රටේ භාෂාව. මේක හුගක්ම තියෙන්නෙ ජපානෙන් එන පරිගණක වල. ඒවගෙ තියෙන්නෙ ජපන්. අපිට නිකන් පුරුද්දෙන් ව‍ගේ කරනව ඇරෙන්න අනිත්ව තේරෙන්නෙ නෑ. ඒ ත් මේක අයින් කරල අපේ තියන ඉංග්‍රීසි එකක් දාන්න පුලුවන්. ඒත් වින්ඩෝස් වගේ භාවිතා කරනවනම් අපි දාන්නෙ හොර ඒව. ඒව හරියට ක්රුක් නොකර අප්ඩේට් කරන් බෑනෙ. අනික පිට රටකට වගේ යද්දි මෙහෙම ක්රුක් කරපු හරි හොර පිටපතක් තියන වින්ඩෝස් අරන් ගිහින් අහුවුනොත් අවුලක්නෙ. අනික ඒ රට වල IP එකෙන් අල්ලනවනේ.
ඉතින් ඇගට ගුණ අර තියන ජපන් හරි වෙන භාෂාවක පිටපත අපිට තේරෙන භාෂාවකට හරව ගන්න එකයි. ඒ කියන්නෙ ඉංග්‍රිසි. වෙන භාෂාවක් තියනවනම් ඊට වඩා තේරෙන, ඒකට උනත් හරව ගන්න බැරිකමක් නෑ. මෙකද මෙහෙම එන ලැප්ටොප් හා පරිගණක සමග නීත්‍යානු කූල පිටපතක් හා තැටි යතුරක් (CD Key) එන නිසා ඒක භාවිතා කිරීම ඇගට ගුණයි. ඒත් අපේ බොහෝ අය කරන්නෙ මේ ජපන් වගේ එකක් හමුඋනහම ඒක කෙලින්ම ෆෝමැට් කරල ‍අපේ හොර කොපියක් දාන එකයි. මොකද ඒකෙ තියන යතුරට සරිලන තැටියක් හොයාගන්න එකත් අමාරු නිසයි.
මෙහෙම හොර කොපි දාන්නෙ නැතිව කරගන්න හරටි බලමු. මෙය විස්ටා හා XP යන පද්ධති දෙකේම කල හැකියි.
මුලින්ම විස්‍ටා. විස්‍ටා Ultimete හෝ Entreprises Primium යන සංස්කරන වලට අපිට අවශ්‍යය භාෂාවේ MUI ය‍ටතේ එන භාෂා පැකේජය ස්ථාපනය කිරීමෙන් හරවා ගත හැකියි.(සබැදුම් පහත දක්වා ඇත). එම ගොනුව ස්ථාපනය කර, Control Panel හි

මගින් භාෂාව වෙනස් කරගත හැකිය. නමුත් විස්ටා අනෙක් සංස්කරන වල මෙම පහසුකම නෑ.එසේ භාෂාව වෙනස් කරගත නොහැකියි. නමුත් නොමිලේ හමුවන බොහෝ තැටි වල තියෙන්නෙ අනෙක් සංස්කරන. ඒකට කරන්න තියෙන්නෙ මෙම Vistalizator කියන කුඩා ටූලය භාවිතා කර එම භාෂා ගොනුව ස්ථාපනය කිරීමයි. පියවර පහත දක්වා ඇත. ඉන්පසු යාවත්කාල ගොනුවක් ඉල්ලයි. එය හැකිනම් සොයා ලබාදෙන්න. නැතිනම් එසේ තිබියදී ප්‍රතිපන ගන්වන්න. දැන් භාෂාව වෙනස් වී ඇත.
දැන් බය නැතිව යාවත්කාලීන කරන්න. වින්ඩෝස් දාන්න අවශ්‍යයනම් එම පරිගණකය හා හමුවන තැටියෙන් දමන්න. පරිගණකයේ ඇති යතුර භාවිතයෙන්. දැල මේ වැඩේ කරන්න.
Xp වෙන දවසක බලමු.

Tool

MUI English Pack

Vista 32 Bit RTM

Vists 32 Bit SP1

සවිස්තරව බලන්න
වෙනත් භාෂා හා සංස්කරන

Google Buzz

දැන් ගූගල් සමාගම අලුත් සේවාවක් අරබල ජංගම දුරකථන සදහා. ඒ අපි ඩයලොග් වලට මුදල් ගෙවන් ලබාගත්ත Phone Backup හෝ O-Syncවැනි අඩවි වලින් ලබාගත් අපගේ දුරකථනයේ ඇතිදත්තයන් බැකප් කිරීමේ සේවාවන් වැනි සේවාවක්. හැබැයි තාම O-Sync හා Dialog Backup තරම් වැඩ නැති උනත් මේක වැදගත් වේවි. මේ හරහා අපගේ දුරකථනයේ ඇති Contact හා Calander හි දත්තයන් Gmail Contact හා Google Calander සමග Syncronization වීමයි. ‍නමුත් මේ සදහා SyncML ඇති අලුත් දුරකථනයන් තිබිය යුතුයි. සමහර පැරණි දුරකථන සහයදක්වන්නෙ නෑ හරියට
මේ සදහා කලයුත්තේ m.google.com වෙත දුරකථනයෙන් පිවිස එමගින් Sync තේරීමයි. තවද දුරකථනයේ සැකසුම් කීපයක් සකසාගැනීමටත් තියනව. ඒ Synchronization සැකසුම් වල

  • සර්වර් ලිපිනය: https://m.google.com/syncml
  • පරිශිලක නාමය: xxxxx@gmail.com
  • අන්තර්ජාල සැකසුම
  • යෙදුම:  ‘Contacts’ පමණි
  • යෙදුම් සැකසුම්: දත්ත ගබඩාවේ නම ‘contacts’ලෙස පමණක් දෙන්න

සකසන්න.

වැඩි විස්තර m.google.com/sync

Google Buzz

rss4වස්‍‍ටා සමග නොමිලේ දෙන සයිඩ්බාර් එකේ එක ගැජට් එකක් තියනව rss RSS කියවන්න පුලුවන්. ඒකට බ්ලොග් එකක් හරි වෙනත් අඩවියක හරි RSS ලින්ක් එක දීමෙන් ස්වයංක්‍රියව යාවත්කාලීනයන් දර්ශනය කරගත හැකි අතර අපි ලින්ක් කීපයක් එකතු කලොත් සිංහල ‍බ්ලොගර් සින්ඩිකේටරයේ වගේ අලුත් පිලිවෙල‍ට කියවා ගත හැකි.

මේක‍ට ලින්ක් එකක් කෙලින්ම ඇඩ් කරන්න අමාරැයි. ඒකට කරන්න ඕනෙ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වල්න් අදිල ලින්ක් එක ඕපන් කරන්න. උදාහරනයක් විදිහට මාගෙ බ්ලොග් එකේ තියන අයිකනයෙන් ගන්න පුලුවන්.   ඒත් ‍මේක XML rss4‍ෆෝමැ‍ට් එනෙන් තියෙන්න ඕනෙ. නමුත් ‍ෆිඩ් සමහර ඒවගේ බ්‍රවුසරය‍ට අනුව එම ෆීඩ් එක සෑදීමක් කරනව. එතකොට ෆීඩ් එකේ අයිකන් එහෙම ගොඩයි. එතනින් rssATOM කියන එක ගන්න, එතකොට බ්‍රවුස‍රේ එයාගෙම ෆෝමැට් එකක‍ට ‍ෆිඩ් හදාගන්නව. ඊ‍ට පස්සෙ  උඩ තියනව 1  subscribe කියල, 2ඒකට හරියක් දාන්න. නැත්නම් ක්ලික් කරන්න. එතකො‍ට හරි. හරිගියහම You’ve Successfully Subscribed to this feed වැටෙයි 3 . වෙනසක් කරගන්න ඕනෙනම් ඇඩ්රස් බාර් එක‍ට යටින් තියන තරැව (Bookmark) ගත්තහම එතන තියනව feed කියල. ඒකෙ ඇති subscribe කරපු ‍ෆීඩ්. මේව වෙනස් කරගන්න පුලුවන්4 .

මේකෙ සිංහලත් කිසි අවුලක් නැතුව වැඩ. මරැ. කරල බලන්න

Google Buzz

ඩයලොග් එකෙන් දෙන මේ හොම් ශූන් කියන සිම් එකෙ අනික් ඩයලොග් ඒව‍ට වඩා වාස් ගොඩයි. මේක කිට් සබදතාවයකට සමාන පෙරගෙවුම් සබදතාවයක්.  මේක ගන්න ඕනෙ හැමවෙලාවෙම එහෙ මෙහෙ යන අය නෙවෙ. හුගක් එකම් ඒරියා එකක ඉන්න කෙනෙක්. නැත්තම් ගෙදර තියන්න. මොකද මේක ගත්ත ඒරියා එකේ කුලුනෙන් සිග්නල් වලින් විතරයි මේ පහසුකම හම්බෙන්නෙ. උදාහරණයකට අපි කුරැණෑගල ඒරියා එකෙ සිම් එකක් ගත්තොත් අපිට කුරැණැගල ටවර් එකෙන් සිග්නල් එනකන් මේ ලබාදෙන පහසුකම් ලැබෙනව. වෙන ටවර් එකක‍ට මාරැ වුනහම සාමාන්‍ය‍ය kit සබදතාවයට මාරැවීමක් වෙනව. මේක වෙන්නෙ ඩුවල් සබ්ස්ක්‍රිප්සන් සේවාව මගින්.  ඒ කියන්නෙ සිම් සාමාන්‍යය සබදතාවයකුයි, ‍හොම් ශූන් සබදතාවයයි දෙකම තියනව. තියන සිග්නල් එන ටවර් එක අනුව ඒක ස්වයංක්‍රීයව මාරැවෙනව. හරියට ඉස්සර දුන්න 3G සිම් එක වගේ. 3G ඒරියා එකෙ ඉද්දි  3G අනිත් වෙලාවට GSM’.

මේකෙ විශේෂ දීමනා අතර වැදගත් දීමනාවක් තමා ලැබෙන ඇමතුම් නොමිලේ වීම. සාමාන්‍යය කි‍ට් සබදතාවයක ඉන්කමින් උපරිම විනාඩි 3යි.  නැත්තම් රැ 6 ගෙවන්න ඕනෙ. මේකෙ දෛනික ගාස්තු මුකුත් නෑ. ඒ වගේම MY10 පහසුකමත් නොමිලේ. ඒ කියන්නෙ රැ 6/= දීමනාව නොමිලේ දෙනව වගෙ වැඩක්. ඊට අමතරව කාර්යබහුල හා ‍කර්යබහුල නොවන වේලාවට ඩයලොග් නොවන දුරකථන වෙත ගන්නා ඇමතුම් සදහා රැ5/= ක් ද ඩයලොග් වෙත ගන්නා ඇමතුමක් රැ 4/= ක්ද වේ. නමුත් සාමාන්‍යය සබදතාවයක කාර්ය බහුල වේලාවට ඩයලොග් නොවන අංකයකට ගන්නා ඇමතුමක් රැ 6/= ක් වන අතර කාර්යබහුල නොවන වේලාවට ගන්නා සියලු ඇමතුම් රැ 7/= ක් වේ. (සතිඅන්තයේ දින හැර). නම්ත් මේ සබදතාවයෙ සදහන් කල පරිදි දීමනා ලැබෙන්න ඒ ටවර් එකේම ඉන්න ඕනෙ.

Google Buzz

අපේ ලංනාබෙල් එකේ නෙට් ස්ලෝ ඒත් IDM  දාල මොකක් හරි බාද්දි සමහර වෙලාවට 10kbps වෙනකම් නගිනව. ඒත් ඒක ඉක්මනට බහිනව  0kbps හැම වෙලාවෙම වෙනස් විවී, 0-10 අතර තියනව. ඒත් හුග‍ වෙලාව‍ට 0 තමා. ping කලාම 1000ගනන් එන්නෙ. ඉතින් එක ඉවසන්න බැරිම තැන මම ඔපෙරා දැම්ම. ඒකත් එමමයි. අන්තිමේට ස‍ෆාරි දැම්ම. ඒකන්ම් අන්ත්ව‍ට වඩා ‍ටිකක් හොන්දා. මේක ‍ඩයලොග් CDMA වල‍ටත් එහෙමයි. මම හිතන්නෙ සෆාරි CDMA වලට ගහපු එකක්.

Google Buzz

ez ඇත්තෙන්ම හදිස්සියක‍ට ඉන්‍ටර්නෙට් එකෙන් හරි රීලෝඩ් එක දාගන්න තියනවනම් කොච්චර දෙයක්ද?. බිලනම් ගෙවන්න පුලුවන්. ඒත් 75% ඉක්මවු පෙරගෙවුම් පාරිභෝගිකයන්‍ට හදිස්සිය‍ට රීලොඩ් දාන්න දැන‍ට දීල තිබ්බෙ  ‍මොබිටෙල් විතරයි. දැන් ඩයලොග්ත් පුලුවන්. මේක ‍ඩයලොග්ල සපයන පහසුකමක් නෙවේ. එයා‍ වෙන අඩවියක් හරහා සපයන පහසුකමක්. ඒකෙ ලියාපදින්චි වෙලා ‍කාර්ඩ් එකෙන් රීලෝඩ් දින්න පුල්වන්. ඒත් අමතර අයවීම් ගැනනම් දන්නනෙ නෑ. මේකෙ එකවුන්‍ට් එක හදන එක හෙන ඇනයක්. මගෙ ලංකාබෙල් එක්ක. ඉත්න් වැඩිවිස්තර කියන්න විදියකි නෑ.

www.ezetop.com

Google Buzz

os2 මේ සටහන ඩයලොග් සමාගම හදුන්වා දුන්නු ‍ෆෝන් බැනප් වෙනුව‍‍ට ගත හැකි නොමිලේ ආදේශනයක්phonebackup ගැනයි. O-Sync කියන අඩවිය ලබාදෙන මෙම පහසුකමට නොමිලේ ලියාපදින්චිවිය හැකි අතර ඉන්පස් ජංගමදුරකථනයේ Synchronization යටතේ සැකසුම් කීපයක් කලයුතු වෙනව. ඒව මෙහි අන්තිමේට තියනව. ඒත් ඒව ඉන්‍ටර්නෙට් සෙටින්ග්ස් ගෙන්නව ගන්නව වගේ නොමිලේම කෙටිපණිවිඩ මාර්ගයෙන් ගෙන්නව ගන්න පුලුවන්. ඊ‍ට පස්සෙ ජංගම දුරකථනයෙ Contact,Calendar, Event, Note, SMS,Bookmark ‍මෙම සර්වරයට බැකප් කරන්න පුලුවන්. ඉන් පසු ඒවා ඉවත්වූ වි‍ට නැවත සර්වරයෙන් මෙම Synchronization හරහාම නැවත ප්‍රතිස්ථාලණය කල හැකි. ඒත් මේකෙ ලෙඩ ටිකක් තියනව. ඒත් ඩලොග් වගේ සල්ලි ගෙවන්න ඕනෙ නෑ. මම මේක කලේ මී‍ට අවුරැද්දකට විතර කලින්

සෝනීඑරික්සන් දුරකථනයකින්. සමහරවිට දැන් ඒව හරි ඇති. os

සෝනීඑරික්සන් සමහර මාදිලි එකක්ක කරනකො‍ට සමහර අංක සහය දක්වන්නෙ නෑ. මගේ කෙ‍ටිපණිවිඩ එහෙම. ඒවගේම කන්‍ටැක්ට් දුරකථනයේ තියෙද්දි Synchronization  කලොත් කන්‍ටැක්‍ට් ඩබල් වෙනව. නැති, අලුත් ඒව හදුනාගැනීමකින් තොරව සර්වරයේ සියලු දත්ත බාගත කිරීම එය‍ට හේතුවයි. මේව සමහර වි‍ට මගේ ජංගමදුරකථනයේ දෝෂ‍ වෙන්න පුලුවන්.

 

පිවිසිලා බලන්න – www.o-sync.com

 

Main Settings

Sync Profile Name – O-Sync

Host Address/Sync. Server – http://sync.o-sync.com

Port – 80

some devices do not have a port setting, you can put "http://sync.o-sync.com:80" at the Host Address/Sync. Server setting.

User Name – <your O-Sync ID>

Password - <your password>

Contacts Synchronization Settings

Remote database – ./contact

Synchronization type – Normal

Calendar Synchronization Settings (for devices with combine event and task database, e.g. Nokia Series 60 device)

Remote database – ./calendar

Synchronization type – Normal

Event Synchronization Settings

Remote database – ./event

Synchronization type – Normal

Task Synchronization Settings

Remote database – ./task

Synchronization type – Normal

Notes Synchronization Settings

Remote database – ./note

Synchronization type – Normal

SMS Synchronization Settings

Remote database – ./sms

Synchronization type – Normal

Bookmark Synchronization Settings

Remote database – ./bookmark

Synchronization type – Normal

Connection Settings

Server version – 1.1

Data bearer  – Internet

Access Point - <an Internet access point you use for web access>

Google Buzz

මොබිටෙල් වෙතින් ලබාදුන් ස්මාට් නිදහස ගැන සමහර වි‍ට කාටත් නොතේරැන දෙයක් ගැන කියන්නයි මේක ලියන්නෙ. මොබිටෙල් දුන්න ස්මා‍ට් නිදහසේ, නිදහසේ සීමා දමා තිබුනා. උදාහරනයක් හැ‍ටිය‍ට රැ 50/= දෛනික ගාස්තු ක්‍රමය ගතහොත් එයට දිනට මිනිත්තු 120 නොමිලේ හිමිවන ලෙස මොබිටෙල් සමාගම කටයුතුකිරීමට සිතුවත් එය එසේ නැත. මොකද දැනගන්න ලැබුන විදිහට මේකෙ විනා‍ඩි 120 න් පසුත් අයවීමක් නෑ. එක සමාගමේ පද්ධති දොෂයක්. නමුත් මේක ඉක්මනට හදයි. දැනගන්න ලැබුන විදිහ‍ට මේ මාසෙ ඉවර වෙන්න කලින් පද්ධතිය සකසනවලු. සමහර වි‍ට අළුත් දේවල් එලියට දැම්මට ඒව නිසි පරිදි ක්‍රයාකරවා නැතිව ඇති. මොනව උනත් ඒකෙන් වාසිය පාරිභෝගිකයන්‍ට. මේක දැනගත්තහම හැබැයි බේරෙන්න හම්බෙන එකක් නෑ. මොකද නිදහස උපරිමයිනෙ…….

Google Buzz
Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda’s Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions