Browsing Posts in Uncategorized

නව වෙනසකින් යුත් අලුත් අලුත් දේවල් හදුන්වා දෙන ඇපල් සමාගම දැන් iPad නමින් හුරුබුහුටි පරිගණකයක් හදුන්වා දී තිබේ. ඇත්තෙන්ම මෙය අතේ ගෙනයාහැකි පරිගණකයක්. iPhone එකේ මෙන්ම දැකුම්කලු තිරයක් මෙන්ම මල්‍ටි ටච් ස්ක්‍රීන් පහසුකම ඇති මෙය තාම වෙලදපොලට නිකුත් කර නැත.
අගල් 9.7 කින් යුතු කුඩා තිරයකින් සම්න්විත මෙය පොතක් මෙන් අතේ තබා අන්තර්ජාලයේ සැරිසැරීමට… ඊමේල් බැලීමට.. ‍ෆිල්ම් බලන්න.. යූ‍ටුයුබ් බලන්න.. iPhone එකේ වගේ හරව හරව ගේම් ගහන්න්.. තව Apple Application දාන්නත් මේකට පුලුවන්.
පැය 10ක් දක්වා බැටරි කාලයක් ඇති මෙම iPad ය‍ට භාහිරින් වයර් එහිතව කීබෝඩ්, හෙඩ්සෙට් හා විවිධ උපාංග සවිකිරීමේ හැකියාව පවතී. 7.2mbps දක්වා සහය දක්වන 3.5G තාක්ෂණයෙන් හා wi-fi තාක්ෂණයෙන් සමන්විත මෙම අතේගෙනයාහැකි පරිගණකය Apple A4 චිපයක්න් හා 16GB, 32GB, 64GB වලින් කැමති පරිදි තෝරාගත හැකි මෙය අතේ ගෙනයාමට අමතරව විවිධ ආකාරයෙන් භාවිතාකල හැකිය.

වැඩි විස්තර

Google Buzz

මා මෙතෙක් කල් බ්ලොග් ලීවෙ Blogger මගින් ලබාගත් අඩවියක. ඒ malindaprasad.blogspot.com නමින් ඒ වගේම මගේ මුල් අඩවිය  තිබ්බෙ malindaprasad.co.cc නමින්. නමුත් දැන් මම අලුත් අඩවියකට මාරු උනා. ඒ මගේම ඩොමේනයකට.  ඒ ඩොමේනය තමා malindaprasad.com අඩවිය‍ට.

ඒ අනුව මාගේ බ්ලොග් ලිපිනය වනුයේ blog.malindaprasad.com ය. ඒ වගේම මුල් අඩවිය වනුයේ malindaprasad.com ය

හැබියි තාම හදාගෙන යනව. තව දෙයක්, යුනිකේත පරිවර්ථකයත් නව අඩවියට මාරුකලා. ඒ අනුව unicode.malindaprasad.com තමා එහි ලිපිනය වන්නේ.

Google Buzz

අද දින පුවත්පත් දැන්වීම් පලකිරීමත් සමග එයාටෙල්සමාගම නිලවශයෙන් තම සිම් පත් නිකුත්කිරීම අරබා ඇති අතර ඔවුන්ගේ කාරියාලද විවෘතකර ඇත. ඒ අනුව අපට කැමති අංකයක් නොමිලේ ලබාගතහැකි වන අතර ඒ සදහා කල යුත්තේ අපි කැමති අංක 5 ක් සමග අපගේ විස්තර ඇතුලත් ෆෝමරය පුරවා දීම පමණි. ඒ අනුව ඔවුන් ටික දිනකින් අප හට නොමිලේම එම අංක වලින් භාවිතයේ නොමිති එක් අංකයකට සිම් පතක් ලබාදෙනු ලැබේ.

Google Buzz

වර්ඩ්ප්‍රෙස් සදහා භාවිතා Guzel Pro වන පෙන්‍ම මම සිංහලට හැරෙවුව. මෙහි කරන්න තියෙන්නෙ පහත පුරැක බාගෙන එහි පිටපත්ක් පිටපත් කරගෙන GuzelPro ෆෝල්ඩරයේ languages ෆෝල්ඩරයට පිටපත් කර Wordpress සැකසුම් වල Theme Languages වලින් සිංහල තේරීමෙන් මෙම පෙනුම දාගත හැකිය. වැරදි ඇති. තියන ඒව කියන්න. මම හදන්නම්.


මෙතනින් බාගන්න
http://malindahome.googlepages.com/sinhala.txt

Google Buzz


පරණ වසරට සමු‍දීල අදින් ආරම්භ වන නව වසර සාමය සතුට පිරි ජයග්‍රිහී නව වසරක් වේවා!

Google Buzz

දැන් ලංකාවෙත් ප්‍රකාශතන්තු තාක්ෂණය ව්‍යාප්ත වෙන්න පටන් අරන්. හැබැයි පුද්ගලික සමාගමක් තමා මේ වැඩේ මුලින්ම පටන් අරන් තියෙන්නෙ. ඒ මොන සමාගමවත් නෙවෙ. අලුත් අලුත් තාක්ෂණයන් අපට ගෙනෙන ඩයලොග් සමාගමයි. මෙයාල මුලින් සීමිත දුරකට කේබල් ඇදල තිබ්බත් දැන් දීප ව්‍යාප්තව භූගතව සම්භන්ධ කිරීම අරබලයි තියෙන්නෙ. මෙයාල ‍මුලින්ම එයාලගෙ කුලුණු මේ භූගත ප්‍රකාශ තන්තු ජාලය හා සම්බන්ධ කරගෙන වේගවත් අන්තර්ජාල සේවාවක් දෙන්න වගේ හදන්නෙ. එහෙම එකක් අහන්නත් සතුටුයි. එතකොට මෙයාල දීප ව්‍යාප්තව හොන්ද වේගවත් 3G හා HSPA සබදතා දීම අරබයි. ආරන්චියෙ හැ‍ටියට මෙයාල මේකෙන් ව්‍යාපාර හා නිවාස වලටත් සබදතාවය දෙයි වගේ. දැනට ටෙලිකොම් පැරණි වයර් තාක්ෂණය එක්ක දැගලුවත් ඒ කට්ටිය විතරනෙ වයර් ලයින් දුන්නෙ. හැබැයි ඩයලොග් කරලියට ආවහම ඊට වඩා ගුණාත්මක බවින් වැඩි හොන්ද සබදතාවයක් ගන්න අපිට හැකිවෙයි. කොහොමත් මෙයාල මොනව කීවත් ඩයලොග්ලගෙ වැඩවල හොන්ද ගුණාත්මක භාවයක් තියනවනෙ. ඉතින් අලුත් තාක්ෂණයක් එක්ක මෙයාල හොන්ද සෙල්ලමක් දායි වගේ. දැන් තියෙන්න එනකන් බලන් ඉන්න තමා.

හැබැයි ප්‍රකාශ තන්තු මගින් නිවෙස් වලට සබදතාවය දුන්නොත්නම් මරැම තමා. අධිවේගීව අන්තර්ජාලය විතරක් නොවේ අනෙක් සන්නිවේදන මෙන්ම බහුමාධ‍්‍යය වැඩවලටත් එකම සබදතාවයයි. හැබැයි ගාන ගැනනම් තාම මුකුත් කියන්න බෑ. ඒත් මේ ව්‍යා‍පෘතිය දැනටමත් බොහෝදුර අවසන් කියලයි ආරන්චිය. දැනට අපිට තියන හොන්ද තාක්ෂණයක් තමා මේ පුලුල්පරාස සබදතාවයන්. ඒත් මේ ෆයිබර් තාක්ෂණය පාවිච්චිය හා පාලනය‍ට අරතරම් වියදසක් නොයන නිසා අඩුවට දුන්නොත්නම් හොන්දා. ඒත් වේගෙ හා තාක්ෂණය, මූලික වියදම් සලකල සාධාරන මිලක් තීරණය කෙරැවොත්නම් අපි කාටත් මේ සබදතාවයන් ගන්න පුලුවන්. එතකොට ටෙලිකොම් සමාගම ඉන්න තැනට ඉතා ඉක්මනින් ඩයලොග් සබදතාවයන් පත්වේවි. නමුත් ලංකාවෙ අපේ අය මේක කොහොම පිලිගනීද දන්නෙ ‍නෑ.

Google Buzz

පුළුල් පරාස (Broadband) ගැන දනගන්නලර්න් ඒශිආ / සර්වෝදය වැඩ මුළුව

ඔබේ ඉන්ටර්නෙට් සබඳතාවය කෙතරම් වේගවත්ද? ඔබ අපේක්ෂිත වේගය අත් විඳින්නේද?

වසර කිහිපයක සිට කලාපීය පුළුල් පරාස ඉන්ටර්නෙට් සේවාවන් ගැන පර්යේෂණයන්හි නිරතව සිටින ලර්න් ඒශිආ (LIRNEasia) ආයතනය පුළුල් පරාස ඉන්ටර්නෙට් වේගයන් (Broadband speed) නීර්ණය කළ හැකි AT-Tester යෙදුම හඳුන්වා දෙයි.

මෙය නිදහස් මුදුකාංග (Open Source software) උපයෝගී කර ගෙන සකස් කොට ඇත. Spedtest.net හා Speedtest.com බඳු යෙදුම් නොසපයන ආකාරයේ තොරතුරු සපයන්නකි.

ලර්න් ඒශිආ / සර්වෝදය එක්දින වැඩ මුළුව (නොවැම්බර් 25, 2008)

(සහභාගිත්වය අය කිරීමකින් තොරව )

උදෑසන 8.30 සිට 11.30 දක්වා මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයේදී

කොළඹින් බැහැර සිට පැමිනෙන්නන් උදෙසා පෙර දින රැය සර්වෝදය මූලස්ථානයේදී නවාතැන් පහසුකම් සැපයිය හැක.

මීට සහභාගි වීමට නම් ඔබ:

මාස තුනක් වත් පවත්වාගෙන ගිය බ්ලොග් සටහනක හිමිකරුවකු හෝ වසරක වත් පළපුරුද්ද ඇති නැණසල/ටෙලිසෙන්ටර් ක්රියාකරුවකු විය යුතුයි.

වැඩි විස්තර සඳහා දුරකථන අංකයක් සමඟ විමසන්න:

චානුක වත්තේගම chanuka(ඇට්)hotmail.com

Google Buzz

‍මෙතෙක් කල රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට පමණක් සීමා වූ මොබිටෙල් මගින් ලබාදුන් උපහාර පැකේජය දැන් පුජ්‍යය පක්ෂයටත් ලබාදෙන බවයි ආරන්චිය. දැන් හැමතැනම පෝස්ටර් ගහල තියෙන්නෙ මේක මහින්ද චින්තනේ වැඩක් කියලයි. කෙසේවෙතත් මේක නිසා පුජ්‍යය පක්ෂයටත් දැන් ප්‍රතිලාභ අත්විදිය හැකිය

Google Buzz

මුලින්ම මේල් ගිණුමේ සිටම සංවාදයේ යෙදිය හැකි ක්‍රමයක් හදුන්වාදුන් ගූගල් සමාගම දැන් එම ක්‍රමය තවත් දියුන් කරමින් වෙනත් බාහිර මෘදුකාංගයක් රහිතව වෙබ් බ්‍රවුසරයේ සිටම හඩ හා විඩියෝ චැ‍ට් කරන ක්‍රමයක් හදුනවාදී තීබේ.
මේ ක්‍රමයට මුලින්ම http://mail.google.com/videochat මගින් ලබාදෙන ප්ලග්ඉනය ස්ථාපනය කරගච ඉන්පසු තම බ්‍රවුසරය ප්‍රතිපන ගැන්වීමෙන් මෙම සේවාව අත්විදිය හැකි අතර මුලින්ම ගීමේල් සෙටින්ග්ස් හි තම චැට් ‍ටැබයේ තම වෙබ්කෑම් හා සවුන්ඩ් සැකසුම් සැකසීමෙන් පසු චැ‍ට් සේවාව අත්විදිය හැකි අතර ‍වීඩියෝ චැ‍ට් සදහා දෙපාර්ෂවය හෝ අනෙක් පාර්ෂව සියල්ල මෙම ප්ලග්ඉනය ස්ථාපනය කරගතයුතු වෙනව.

Google Buzz

Rockstar Games හි අභිමානවත් නිශ්පාදනයන් වන GRAND THEFT AUTO හි නවතම සංස්කරනය GRAND THEFT AUTO IV නමින් මෙම මස 18 වැනි දින පරිගණක සදහා වන සංස්කරනය නිකුත්වීමට නීයමිතය
වැඩි විස්තර – www.rockstargames.com/iv

Google Buzz
Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda’s Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions