ලංකාවෙ අන්තර්ජාල භාවිතාකරන ඩයලොග් පාරිභෝගිකයින්‍ට නොමිලේ ලබාදෙන සේවාවකි මයි ඩයලොග්. මෙහි මයි ඩයලොග් කොටස් දෙකකි. අනෙක් ප්‍රධාක අඩවිව තමා mydialog.dialog.lk/my අඩවිය. මෙයට ඉහත අඩවියේ ආකාරයටම ලියාපදිංචි විය හැකි අතර නැතිනම් ඉහත අඩවියේ ලියාපදිංචි වූ යූසර්නේම් යොදාගත හැක. මෙහි වැඩි පහසුකම් ලබාදෙන්නේ පසුගෙවුම් සබදතා වලටය. කිට් සබදතා වලට සුලුපහසුකම් ප්‍රමාණයක් ලබාදේ. පසුගෙවුම් සබදතාවල සවිස්තරාත්මකව මේ මොහොතේ බිල බලාගැනීමට, බිල් ගෙවීමට, ගෙවුම් බලාගැනීමට, සේවා ක්‍රියාත්මක හා ක්‍රයා විරහිත කිරීමට, කණ්ඩායම් sms වල කණ්ඩායම් සැකසීමට, ඇමතුම් ගණන් දැනගැනීම වැනි රාශියක් වැඩ කරගත හැක. තවද මෙම අඩවිය හරහා ගොස් රින්ග්ඉන්ටෝන්, sms ඩයිවර්‍ට් කිරීමට, මිස් කෝල් ඩයිවර්ට් වැනි ඒවා සැකසීම වැනි දේද කල හැක.
තම යූසර්නේම් එකට ඩයලොග් අංක කීපයක් දාගත හැක. නමුත් රින්ග්ඉන්ටෝන්, sms ඩයිවර්‍ට් කිරීමට, මිස් කෝල් ඩයිවර්ට් වැන් ඩවි වලට ලොග් වුනු විට ගන්නේ ඩීෆෝල්‍ට් අංකය පමණි. එම නිසා mydialog.dialog.lk/my වලින් ඩීෆෝල්‍ට් අංකය වෙනස් කර අදාල අඩවියට ලොග් වී අවශ්‍යය සැකසුම් කළ හැක. තවද එක අංකයක් එක ගිණුමකට පමණක් වලංගුවේ.





