Browsing Posts tagged Airtel

අනේක් ජාලයන් දෙනවට වඩා වෙනස්‍ විදිහට දැන් එයාටෙල් සමාගම අවුරුදු දීමනා දෙන්න පටන් අරන්  මේ අනුව අවුරුදු දිනය එනම් 14 දිනය පුරා එම පාරිභෝගිකයන්ට නොමිලේ කෙටිපණිවිඩ හා ඇමතුම් ලබාගත හැකි. නමුත් ඒ එයාටෙල් ජාලය තුල පමණී. මේ සදහා කරන්න තියෙන්නෙ අප්‍රේල් 13 හෝ ඊට පෙර රු 100 ක රීලෝඩ් එක්ක දැමීම පමණයි. ඒත් අර ශත 49 වගේ මේකත් අතුරුදහන් වෙනවද කියලනම් දන්නෙ නෑ. නමුත් මොබිටෙල් ජාලය නිතරම කාර්ය බහුල නිසා අවුරුදු ලං වෙද්දි ලංකාබෙල් වලට ගන්නව වගේ වෙයිද දන්නෙ නෑ. ඒක නිසා කට්ටියම කථාවෙලා අවුරුදු දවසට විතරක්වත් සිම්පල් ප්ලෑන් එකකට මාරු උනානම් නරකද?

දැන් එයාටෙල් සමාගම තමන්ගේ විශේෂ සේවා හදුන්වාදීමට පටන්ගෙන තිබේ. එනම් විශේෂ ගාස්තු ක්‍රම. මේ අනුව හදුන්වාදුන් ශත 49 ට ඇමතුම් ගතහැකි සේවාව මගින් අප මසකට රු 49/-ක සක්‍රිය කිරීමකින් පසුව එයාටෙල් ජාලය ඇතුලත ශත 49 ට ඇමතුම්ගැනීමට හැකි අතර මෙම සේවාව සක්‍රිය කිරීමක් නොව රීලෝඩ් දමන විට රු 49/- ක රීලෝඩයක් දැමීමෙන් ලබාගත යුතු සේවාවකි. එනම් පාරිභෝගික සේවාව පවසන පරිදි අප රීලෝඩ් දමන විට‌ රු 49/- ක රීලෝඩයක් දැමීමෙන් එම මුදල අපටත් නොකියාම අතුරුදහන් වේ. ඉන්පසු අපගේ මෙම සේවාව දින 30 ක් සක්‍රිය වේ. මෙම රු 49/- යනු සියලු බදු ඇතුලත්වලු.
එම සක්‍රිය කිරීමෙන් පසු එම දින 30 ඇතුලත ශත 49ට ජාලය තුල ඇමතුම් ලපාගත හැකිවේ. මෙම සේවාව ඩයලොග් KIT Double, Any8, My best Friend, My10 වැනි සේවා වලට ආදේශයක් උවත් මොබිටෙල් ජාලයේ ඇත් නිදහස තරම් ලාබදායක නොවේ. එම නිදහස පහසුකමේ සමහර තේරීම් වල ඇමතුම් ශත 49වත් වඩා අඩුවන අතර එම සක්‍රිය කිරීමට කෙටිපණිවිඩද හිමිවේ. එසේ සක්‍රිය කිරීමෙන් එම මුදලට සරිලන ඇමතුම් ලබාගත හැකි උනත් මෙම එයටෙල් සේවාවෙ එම දීමනා නැත. සක්‍රිය මුදලෙන් අපට ඇමතුමු හෝ ඒ වෙනුවෙන් ඇමතුම් ලබාග නොහැකිය. එමෙන්ම මොවුන්ගේ අනෙක් ජාලයන්ගේ තරම් විශේෂ සේවා නැති නමුත් මොවුන් මුලින්ම මෙවැනි පහසුකම් දීම හොද ආරම්භයකි. මන්ද දිනකට නියමිත ඇමතුම් ප්‍රමාණයක් නිශ්චිතව ලබානොගන්නා අයට මෙම සේවාව ඉතාම වටිනා සේාවාවකි

Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda's Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions