Browsing Posts tagged Mobitel

ඩයලොග් සමාගම ලයිෆ්ටයිම් ඩිස්කවුන්ට් සේවාව‍ දෙන්නෙ ගෙවීමකට, ඒත් මොබිටෙල් දැන් නිකම්ම් ගාස්තු අඩු කරල. ඒ කියන්නෙ දෙවන විනාඩියෙ ඉදන් තමා මේ නව ගාස්තු වලංගු වෙන්නෙ.
මොබිටෙල් අංක වලට -

පලමු විනාඩිය රු 2/-

දෙවන විනාඩිය – රු 1.25

දෙවන විනාඩියෙ ඉදන් – ශත 50යි

කෙටිපණිවිඩ – ශත 50යි

මයි බෙස්ට් ‍ෆ්‍රෙන්ඩ්  සදහා

පලමු විනාඩිය රු 1/-

දෙවන විනාඩිය – ශත 75

දෙවන විනාඩියෙ ඉදන් – ශත 50යි

කෙටිපණිවිඩ ශත 25යි
මොබිටෙල් නොවන අංක සදහා

පලමු විනාඩිය රු 2.50

දෙවන විනාඩිය – රු 2.25

දෙවන විනාඩියෙ ඉදන් – රු 2/-

වැදගත් නම්බර තියන අය‍ට විතරයි මේ දීමනාව

මේ දවස් වල විභාග වැඩ නිසා බ්‍ලොග් ලියන්නවත් බැරි උනා. ඒත් මේකනම් ලියන්නම ඕනෙ… මොබිටෙල් වල දැන් කාර්යබහුලත්වය එන්න එන්නම වැඩිවෙලා. සමහර වෙලාවට ඇලර්ට් විතරයි. ඒත් දැන් ඇලර්ට් එන්නෙත් නෑ. ඇමතුම් එන්නෙත් නෑ. ඉතින් ඇමතුම් ගන්න අයගෙන් දෝ‍සෙ. නගරය මධ්‍යයේ හිටියත් තත්වය මෙසේමයි. මොකද නගරෙ ඉන්න අයටත් ඇමතුම් ගන්න බොහෝ වෙලාවට දෙතුන් පාරක් ‍උත්සහ කරන්න ඕනෙ.
පලවෙනි පාර ප්‍රතිචාරයක් නෑ කියන. මේ මොනව ‍උනත් දැන් මෙයාල මේකට විසදුම් දීගෙන යනව වගේ. මීට මාස දෙක තුනකට කලින් අපේ ගෙදර ඉදන්
කිලෝමීටර එකහමාරක විතර දුරින් කුලුනග් ගැහැව. දැන් මේ ලගම කුලුණක් ගහනව. ඒක ඉස්සෙල්ලාම දැක්ක ගමන් මට මාර සතුටු. දැන් අන්තර්ජාලෙ යන්න, 3G ඇමතුම් ගන්න දුක්විදින්න ඕනෙ නෑ. මොකද නව කුලුනට ගෙදර ඉදන් මීටර 200ක් විතර තියෙන්නෙ. මෙහෙම කරන එකනම් හොදා. හැබැයි මේ කුලුණ හරියන්න තව මාසයක් දෙකක් යයි. ආරන්චියෙ හැටියට මේ ගමන් මේ අවට තව කුලුණු කීපයක් ඉදි කරනවලු. ඉතින් ඒකෙන් මොබි‍ටෙල් වල කාර්යබහුලත්වය මග හරෙයි බොහෝදුරට. කරදරයක් නැතිව ඇමතුම ගන්න පුලුවන් වෙයි.ඒත් මෙයාල ‍කාර්ය බහුලත්වය හා දුර්වල සං‍ඥා ප්‍රදේශවලට හොද ආරවනයක් දෙනකොට ඩය‍ලොග් එතනමයි. මොකද මම මුලින්ම ගත්තෙ ඩයලොග් එකක්. මේ හරියෙ බොහෝ අයට ඩයලොග් තිබ්බෙ.ඒ අය හුගක් අය මම දැනුවත්වම ඩයලොග් එකට කථාකරගන්නවත් සිග්නලු නෑ කියල පැමි‍ණිලි කරල තියනව. මම කීපාරක් කරාද කියල මතක නෑ. ඒ හැම පාරම කියන්නෙ ඉස්සරහට දියුනු කරද්දි ඔය ප්‍රදේශයත් ආවරණය කරන්නම් කියල
ඒ වෙද්දි ක‍ථා කරගත හැකි තත්වයෙන් මොබිටෙල් සිග්නල් තිබ්බ. දැන් ඒකත් වැඩි කරනව කියන්නෙ… කාටද සතුටු….

දැන් HSDPA භාවිතා කරන හුගක් අය ගන්නෙ මොබිටෙල් අන්තර්ජාල සබදතානෙ. ඒ හොද වේගය නිසානෙ. ඒක නිසා අපි බලමු මේ සබදතාවල මිල ගණන් හා වාසි අවාසි. ඒ කියන්නෙ පෙරගෙවුම් අන්තර්ජාල සබදතාවයද වාසි, පසුගෙවුම් සබදතාවයද කියල

මෙහි පෙරගෙවුම් සබදතාවය ලෙස රු 50 තේරීමද

පසුගෙවුම් සබදතාවය ලෙස Zoom890 තොරාගන්නා ලදී

පෙර ගෙවුම් පසු ගෙවුම්
තැන්පතු නැත රු 1500/-
සබදතා ගාස්තුව රු 500 /- රු 500/-
මාසික ගාසුතුව * රු 1500/- (දිනකට රු 50/- ලෙස) රු 890/-
එම මුදලට නොමිලේ ලැබෙන
දත්ත 3GB (දිනකට 100MB ලෙස) 2GB
කෙටිපණිවිඩ 3000  M2M (දිනකට 100 බැගින්) -
වීඩියෝ ඇමතුම් 3000  M2M (දිනකට 100 බැගින්) -
අමතර  දත්ත භාවිතය (1MB) රු 10/- ශත 50
නොමිලේ ලැබෙන සේවාවන්ගේ වටිනාකම ** 1500 + 2250 + 6000

රු 9750/-

රු 1000/-
වේගය 1mbps 1mbps
වෙනත් පැකේජ වෙත මාරුවීමට අයකිරීම නැත රු 100/-

*මාසික ගාස්තුව ගණනයේදී පෙරගෙවුම් සබදතාවයේ දිනපතා රු 50 ක් දැමිය යුතු නිසා මාසික ගාස්තුව රු 1500 ලෙස ගැණුනි.

**වටිනාකම සෙවීමේදී, දත්ත සදහා මෙගාබයිටය ශත 50 ලෙස ගන්නා ලදී , ඇමතුම් විනාඩිය රු 2/- වශයෙන් හා කෙටිපණිවිඩ ශත 75 ලෙස ගැනුනි


පෙර ගෙවුම් පසු ගෙවුම්
ඇමතුම් ලබාගැනීමේ හා ලැබීමේ හැකියාව ඇත නැත
කෙටිපණිවිඩ යැවීමේ හැකියාව ඇත නැත
කෙටිපණීවිඩ ගෙන්වාගැනීමේ හැකියාව ඇත ඇත
දෛනික සීමාවක් ඇත නැත
දෛනිකව සක්‍රිය කිරීමක් ඇත නැත
අවශ්‍යය විට පමණක් ලබාගැනීමට හැකිවීම ඇත නැත
  • පෙරගෙවුම් සිම්පතක් ඇත්නම් එය භාවිතා කල හැකිය. මොබිටෙල් ශාඛාවල මිලට වඩා බොහෝ අඩුවෙන් පිටතින් සිම්පත මිලදීගත හැකිය
  • පෙරගෙවුම් සබදතවයේ අනවශ්‍යය දින වල මුදල් නොදමා සිටීමෙන් මාසික ගාස්තුව හා අනෙකුත් නොමිලේ ලැබෙන දීමනා එදිනට නවතාගත හැකිය
  • පෙරගෙවුම් සබදතාවයේ  දෛනිකව හිමිවන දත්ත ප්‍රමාණය මදියැයි හැගේනම් තවත් දත්ත ප්‍රමාණයක් මෙගාබයිටය ශත 50 ක් වන පරිදි ලබාගත හැකිය (ලබාගත් දත්තයන් අවසන්වන තුරු සිටිය යුතු නැත). රු 25 තේරීම උවද ලබාගත හැකිය.
  • පෙරගෙවුම් සබදතාවයේ දිනට හිමිවන දත්ත ප්‍රමාණය එම දිනයේම ඉවර කල යුතුය. ඉදිරියට ගෙනයා නොහැකිය.
  • පසුගෙවුම් සබදතාවයේ දෛනිකව නියමිත දත්ත ප්‍රමාණයක් නැත. එක් දිනක කුඩා ප්‍රමාණයකුත් අනෙක් දිනක විශාල ප්‍රමාණයකුත් වශයෙන් විවිධාකාරයෙන් භාවිතා කල හැකිය. නොමිලේ ලැබෙන දත්ත ප්‍රමාණය මාසයටම වලංගුය
  • පෙරගෙවුම් සබදතා‍වයේ අතේ ඇති මුදල අනුව වියදම පාලනය කල හැකිය. නමුත් පසුගෙවුම් සබදතාවයේ අනිවාර්ය ගාස්තුවක් මාසිකව භාවිතා කලත් නොකලත් ගෙවිය යුතුය.
  • පෙරගෙවුම් සබදතාවයේ නොමිලේ ලැබෙන දත්ත ප්‍රමාණය ඉක්මවා යෑමට පෙර නැවත දත්ත ලබා නොගතහොත් මෙගාබයිටයකට රු 10/- බැගින් අය වේ. එහෙත් පසුගෙවුම් සබදතාවයේ සීමාව ඉක්මවා ගියත් මෙගාබයිටය ශත 50කි

දැන් හිතෙනවද මොකක්ද වාසි කියල? මටනම් හිතෙන්නෙ පෙරගෙවුම් එක වාසිදායකයි.

වෙනත් පැකේජ

පෙරගෙවුම්

  • රු 25/- තේරීම මාසිකව

රු 750/- (දෛනිකව රු 25 බැගින්)

මෙගාබයිට් 50 ක දත්ත පමණි.

මොඩමයක් භාවිතා කරයිනම් වෙනත් දුරකථනයකින් සක්‍රිය කිරීම කල හැකිය.

වේගය 1mbps

පසුගෙවුම්

  • Zoom490

මාසික ගාස්තුව රු 490/-

නොමිලේ දත්ත 750MB

වේගය 1mbps

  • Zoom2490

මාසික ගාස්තුව රු 2490/-

නොමිලේ දත්ත 7GB

වේගය 3.6mbps/1.98mbps

මේ දවස්වල මට ‍මොබිටෙල් එපා වෙලා ඩන්නෙ. ඒත් පාසැල් වැඩ හා වැස්ස‍ට තෙමිල අම්බාන‍ට උණ හැදුන නිසා අන්තර්ජාලෙ පැත්තෙ ගියෙ නෑ.එක පාරක් තෙමිලනම් කමක් නෑ…
දැන් මොබිටෙල් එකත් ලංකාබෙල් වලටත් වඩා අන්ත විදිහට පිරිහිරා. මේ දවස්වල මේ හරියෙනම් එන ‍ඇමතුමක් ගන්න තියා ඇමතුමක රුදී ඉන්නවත් බෑ එක දිගට. දැන් එක දවසක දෙකක ඉදන් නෙවේ, මාසයක දෙකක විතර ඉදන් මේ ලෙඩේ. දැන් එන්නෙ ඇමතුම්‍ නෙවේ ඇලර්ට්. මම යාලුවෙ දෙතුන්දෙනෙකු‍‍ගෙත් බැලුව. මේ තත්වයමයි. අපි ඇමතුමක් ගත්තහම කියන්නෙ ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කියලයි. ඒත් ඒ දුරකථනය හොදින් සංග්නල් ඇතුව සක්‍රියවයි ඒ මොහොතෙ තියෙන්නෙ. දෙතුන් පාරත් උත්සහ කරන්න ඕනි ඇමතුමක් ගන්න. ඒ වගේමයි ම‍ගෙ මොබිටෙල් එකටත් ඇමතුම් වලට වඩා එන්නෙ ඇලර්ට්. මෙහෙම කොහොම කොහොම හරි ගන්න ඇමතුමත් සමහර වෙලාවට රින්ග් දෙක තුනකින් විසන්ධි වෙනව. යාලුවෙ කායනව ඇයි ක‍ට් කරන්නෙ අහනව. අමුතුම ජාලයක්. අපිට නෙඑන ඇමතුම් වල ඇලර්ට් එක එදාම එනවනම් කමක් නෑ. බොහෝ ඒව එන්නෙ සමහර වෙලාවට දිනය දෙක ගිහින්. මම මෙහෙම සැක හිතුන වෙලාවට කරන්නෙ කාර්ය බහුල වෙලාවටත් මිස්කෝල් ඇලර්ට් අංකයට ඇමතුම් යොමු කරල මගෙ අංකයටම ඇමතුමක් ගන්න එක. එතකොට දවස දෙක මග හැරැන ඇලර්ට් එනව එකදිගට.
අන්තර්ජලයෙත් වෙනසක් නෑ. සමහර වෙලාවට අන්තර්ජාලය හා සම්බන්ධ කරන්න හෙන ගේමක් දෙන්න වෙනව. විනාඩි හතර පහ නැවත නැවත ඩයල් කරන්න සිදුවෙනව. හැබැයි මේ නැවත නැවත ඩයල් කිරීම දුරකථන වලනම් අඩුයි. දෙතුන් පාරක් උත්සහ කලාම සම්බන්ධ වෙනව. ඒත් මොඩමයෙන් යද්දි හෙන ගේමක් දෙන්න ඕනි.
ඒ අයට කීවහම කියනව අපි ඒක අදාල අංශයට යොමු කලා. හොයල බලන්නම් කියල. අනේ…. මෙහෙමත් ඇමතුම්. දැන් උපහාර එකෙන් ගන්න හා එන ඇමතුම් හුගක්ම උපහාර වලින් එන ඇමතුම් අතර මගදි විසන්ධි වෙනව. එක දිගට කථාකරන්න බෑ. කෙටිපණිවිඩත් එහෙමයි. ඒව සමහර වෙලාවට යන්නෙ නෑ. යවන ඒවා අදාල දුරකථනයට හරියට යන්නෙ නෑ. ගිය ඒවට රි‍පෝට් එක හරියට එන්නෙ නෑ. අනික යවන කෙටිපණිවිඩත් හෙන වෙලාවක් යනව යන්න. ඒත් ටිගෝවල එහෙමනම් යවපු ගමන් ගියා ගියල වැටෙනව. මේක මහ විකාරයකි. මිල අඩුවට දුන්නට ‍සේවාව හොද වෙන්න ඕනි. ඒ මදිවට උපහාරෙන් ලංකාබෙල් එකකට ගන්නව කියන්නෙ….. අප්පා…. ඒකට වෙනමම පන්තියකට යන්න ඕනි. මොකද කවදාවත් දෙතුන් පාර උත්සහ කරන්නෙ නැතිව ලංකා‍බෙල් එකකටනම් ගන්න බෑ. ජාලය කාර්යබහුලයි කියනව. සමහර වෙලාවට විනාඩි 10, 15 උත්සහ කලත් ගන්න බෑ. මමනම් හිතන්නෙ මේවා ලංකාබෙල්ලගෙ අවුලක් කියල. මොකද ලංකා බෙල් එකෙන් එයාලගෙ පාරිභෝගික සේවයට ගන්නත් හෙන ගේමක් දෙන්න එපෑ.

ඇතුතට මෙහෙම එක පැත්තකින් හෝ ගාල මිල අඩු කර කර… නොමිලේ දිදි… යනකොට අනිත් පැත්තෙන් සේවාවෙ ‍ගුනාත්මක භාවය නැතිවෙනවනම් වැඩක් නෑනෙ.

මොබිටෙල් පසුගෙවුම් අන්තර්ජාල‍ තියන අයට තම දත්ත භාවිතය ගැන පරික්ෂා කරගන්න mobitel.lk හි ගිණුමක් මගින් හැකියාව තිබෙනව. ඒත් හදිසි අවස්ථාවලටත් අන්තර්ජාල‍ය නොමැතිව අපගේ පරිභෝජනය ගැන දැනගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ.

මීට මාස කීපයකට පෙර හදුන්වා දුන් මොබිටෙල් ස්වයං සේවා මෙනුවෙන් මේ පරික්ෂාව කරගන්න පුලුවන්. ඒ ‍මෙනුව තම සිම් පතෙන් සිම් පතට වෙනස් වෙනව. ඒ කියන්නෙ අපේ දත්ත සිම්පත දමා #888# ඇමතීමෙන් මෙම සේවාව ලබාගත හැකි. අනෙක් සාමාන්‍යය සබදතාවල ගිණුම, බිල්පත්, අවසාන ගෙවීම්, හා සේවා සක්‍රිය කිරී‍ම් වගේ බොහෝදේ මෙමගින් සිදුකරගත හැකියි.

අපගේ භාවිතය දැනගැනීම‍ට එම මෙනුවේ 1. My Package > 1. Billing Information > 1. This Month Usage මගින් අප‍ගේ ඉතිරිව ඇති දත්ත හා වැඩි භාවිතය දැනගත හැකිය.

දැන් හුගක් අය ඩයලොග් මොබයිල් අන්තරජාලෙ හොද නෑ කියල දොස්කියනව. ඒ වගේමයි මොබිටෙල් එකට ගුණ කියනව. ඒත් ලර්න්ඒශියා අඩවියෙ කට්ටිය කරපු වේග හා අනෙකුත් ගුණාංග පරික්ෂාවේදී එයාට මීට වෙනස් දෙයක් දැකගන්න ලැ‍බිල ති‍යනව. ඒ හැමෝම කියන එකට ව‍ඩා වෙනස් දෙයක් දැකගන්න හම්බෙලා තියනව. හැබැයි මෙයාල මේ පරික්ෂන කලේ කොලඹ. ඒ වගේමයි දෝසෙ දාන අය හුගක් ඉන්නෙ කොලඹ. ඒ කියන ඩයලොග් සබදතාවල අනෙක්වට වඩා වැඩි විශේෂත්වයක් තිබිල තියනව.

ඒවගේමයි පරික්ෂා කරල තියෙන්නෙ මොබිටෙල් Zoom 890 හා ඩයලොග් රු 2990/- ට ලබාදෙන අසීමිත සබදතාවයේ හා ඩයලොග් මගින් මාසික රු 1000/- ට ලබාදෙන සීමිත පරිභෝජනය තියන (මොබිටෙල් වගේ ) පැකේජයකයි.

එහිදී ඩයලොග් සබදතා අනෙක් සබදතාවලට වඩා වේගයෙන් ඉදිරියෙන් ඉදල ති‍යනව. ඒ වගේම තමා ඩයලොග් එකෙත් අසීමිත භාවිතය තියන පැකේජයට වඩා සීමිත පරිභෝජනය තියන පැකේජය වැඩි වේගයක් පෙන්නුම් කලා.මොබිටෙල් හිටියෙ මේ දෙකටම පහලින්. හැබැයි මේ හැම සබදතාවයකම ප්‍රකාශිත වේගය 1mbps වෙනව.

Sri Lanka ISP Download speed test
මේ ඉහලික් තියෙන්නෙ එම සේවා සපයන්නාගේ සර්වරයේ සි‍ට හා යාහූ වෙතින් බාගත කිරීමේදී ලැබෙන වේගයයි.

එහිදී සේවාදායක‍යාගේ සර්වරයකින් ගොනුවක් බාගත කිරී‍මේදී හොන්ද වේගයක් ඩයලොග් හි සබදතා දෙකටම ලැබෙනව. මොබිටෙල් දෙකටම වඩා පහලින්. ඒ වගේමයි අන්තර්ජාතික සර්වරයකින් ඒ කියන්නෙ යාහූවගේ සේවාදායකයකින් බාගත කිරීමේදී ඩයලොග් හි සීමිත භාවිත පැකේජය පමණයි ඉදිරියෙන් ඉන්නෙ. සීමිත භාවිත පැකේජය මොබිටෙල්ට වඩා පහලින්.මොබිටෙල් ඩයලොග් හි සබදතා දෙක මැද. මම හිතන්නෙ බනින හුගක් අය බයින්නෙ අසීමිත භාවිතයෙ මේ කියන ගැටලුව නිසා වෙන්න ඹ්නි. ඒත් මොබිටෙල් සීමිත භාවිත පැකේජයක් මේ වගේ ඩයලොග් හි සීමිත භාවිත පැකේජයක‍‍ට සංසන්දනව කලානම් මොකද?මොබිටෙල් සමාගම අසීමිත භාවිත පැකේජ නොදෙන්නෙ මේ හේතුව නිසා වෙන්න ඇති. මොකද එයාලගෙත් මේ වගේ එකක්කො වේගය බැස්මක් සිදුවෙයි කියල වෙන්න ඇති. ‍දැන් ටෙලිකොම් සමාගම උනත් 1600/- ට දෙන්නෙ 512 වේගයක් තියන එකක්නෙ.

හැබැයි පින්ග යැවීමේදීත් මොබිටෙල් ඩයලොග්ට වඩා වැඩි. ‍

Broadband test in Sri Lanka, Ping

නමුත් Packet Loss හා Jitter when Ping යන ගුනාංග වලින් මොබිටෙල් ඉදිරියෙන් ඉන්නව.

මේ පරික්ෂණ කරල තියෙන්නෙ කොලඹ ආසන්නයෙ. AT-Tester (www.broadbandasia.info) කියන ටූලය භාවිතයෙන්. ඒ වගේමයි පිට පලාත්වල ‍මේ සමාන අගයන් නොඑන්න පුලුවන්.

සම්පූර්ණ විස්තරය

මේ සුභ ආරන්චිය මොබිටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයන්ටයි. මට  මේ කථාව මුලින්ම කීයෙ හර්ෂණ අයිය. දැන් මොබිටෙල් ආයෙ මිලගනන් අඩුකරල. පසුගිය දෙසැම්බර් මාසෙත් එයාල මිල අඩුකලා. දැන් ආයෙ අඩුකරල. ඒ ඇමතුම් ගාස්ත වගේම කෙටිපණිවිඩ ගාස්තු සමගින්
මේ අනුව මෙයාලගෙ ලැබෙන ඇමතුම් සියල්ල නොමිලේ වෙනව. ඊට අමතරව ලබාගන්නා ඇමතුම් පහත පරිදි තමා හදුන්වල දීල තියෙන්නෙ
මොබිටෙල් වෙත ලබාගන්නා හඩ හා වීඩියෝ ඇමතුම් රු 2/-යි

අනෙක් ජාලයන්ට ලබාගන්නා හඩ හා වීඩියෝ ඇමතුම් රු 2.50/-
මොබිටෙල් වෙත කෙටිපණිවිඩ ශත 75යි

අනෙක් ජාලයන්ට කෙටිපණිවිඩ රු 1යි.

MMS මොබිටෙල් වෙත රු 2/-යි

MMS අනෙක් ජාලයන්ට රු 5/-යි

මේ අනුව තමා අඩු‍කරල තියෙන්නෙ. මීට අමතරව පැරණි පාරිභෝගිකයන්ට පෙර ලබාදුන 10% හා 20% ය‍ට්ටම් ඉහත ඇමතුම් වල ලබාදෙනව. ඒ කියන්නෙ පලමු අවුරුද්දෙන් පසු 10% හා දෙවන අවුරුද්දෙන් පසු 20% ක් ව‍ශයෙන්.

ඒ කියන්නෙ රු 2.50 අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම පලමු වසරින් පසු 2.25ක් ලෙසත් දෙවන අවුරුද්දින් පසු රු2/- ලෙසත් රු 2/- වන මොබිටෙල් වෙත ගන්නා ඇමතුම්  ඇමතුම පලමු වසරින් පසු 1.80 ක් ලෙසත් දෙවන අවුරුද්දින් පසු රු1.60 ලෙසත් වෙනස් වෙනව.  මොබිටෙල් වෙත කෙටිපණිවිඩ ත් මොබිටෙල් වෙත ශත 68 හා ශත 60 ලෙසත් අනෙක් ජාලයන්ට කෙටිපණිවිඩ ශත 90 හා ශත 80 ලෙසත් පලමු හා දෙවන අවුරුදු වලින් පසු මිලගණන් අඩුවෙනව.

හැබැයි විදේශිය කෙටිපණිවිඩ, MMS, හා මැන්ගෝ ෆ්‍රෙන්ඩ් හා මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ් සදහා මිලගනන් අඩුකරල නෑ. GPRS ත් පැරණි මිලගණන්මයි  ඒවාට වසරින් වසර වට්ටම් හිමිවන්නෙත් නෑ.

මැන්ගෝ ෆ්‍රෙන්ඩ් හා මයි බෙස්ට් සදහා ඇමකුමක් රු1/- ක් හා කෙටිපණිවිඩ ශත 50 කි

මෙය සක්‍රිය කිරීමට #111# මගින් සිදුකල හැකිය.

වැඩි විස්තර http://www.mobitel.lk/prepaid/tariff.html

Mobitel reduced there rates again within 4 month. New Rates are Below

Outgoing  – M2M       – Rs1/-

Outgoing – M2O       – Rs 2.50

SMS – M2M      – 75cents

SMS – M2O      – Rs 1/-

*SMS – International – Rs 5/-

MMS – M2M   – Rs 2/-

MMS  -  M2O -  Rs 5/-

*MMS International – Rs 10/-

Mango Friend and My Best Friend

*SMS - 50 cents

*Call    – Rs 1/-

All Calls and SMS with out * marks have discount for year basis. after First Year you can get 10% discount and after 2nd year you can get 20% Discout
Mobitel reduced there rates again within 4 month. New Rates are Below
Outgoing – M2M – Rs1/-
Outgoing – M2O – Rs 2.50

SMS – M2M – 75cents
SMS – M2O – Rs 1/-
*SMS – International – Rs 5/-

MMS – M2M – Rs 2/-
MMS – M2O – Rs 5/-
*MMS International – Rs 10/-

Mango Friend and My Best Friend
*SMS – 50 cents
*Call – Rs 1/-

All Calls and SMS with out * marks have discount for year basis. after First Year you can get 10% discount and after 2nd year you can get 20% Discount

For More Vistit – http://www.mobitel.lk/prepaid/tariff.html

you can change new package by dialing #111#

දැන් මොබිටෙල්ගෙ අන්තරජාල ඉල්ලුම වැඩිවෙලා. රු 5490/- ට ඩයලොග්ල මොඩම් දුන්න කාලෙ  හුගක් අය මොඩම් අරන් ඒක අන්ලොක් කරල. කුරුණෑගල ඩයලොග් අන්තර්ජාල වේගය හොන්දනැති නිසා ඒ අය දැන් මොබිටෙල් වලට මාරැ වෙලා. ඒකෙන් හරි මොකෙන් හරි මොබිටෙල් අයගෙ පාරිභෝගිකයන් වැඩිවීම නිසා විශේෂයෙන් කුරුණැගල හෙන ටවර් තද බදයක් ඇතිවෙනව. මොකත කුරුණෑගල HSDPA කුලුණු තියෙන්නේ නගරෙ විතරයි. ඒක නිසා කුරුණෑගල නගරාසන්නෙ හා කුරුණෑගලින් සිග්නල් යන අය හරමෝම සම්බන්ධ කෙරෙන්නෙ කුරුණෑගල හරහා.
දැන් ඩයලොග්ලගෙ කුරුණෑගල 3G ආවරණය වැඩි ඈතකට නෑ. ඒත් මොබිටෙල්ල‍ගෙ තියනව. එයාලගෙ හුගක් ටවර් 3G. ඒ වගේමයි අපි මොන ටවර් එකෙන් සම්බන්ධ උනත් අපිට  HSDPA සිග්නල් පොඩ්ඩක් හරි එනවනම් මෙයාල ඒ ටවර් එකට සම්බන්ධ කරවනව. දැන් මම කුරුණෑගල ඉදන් 4-5km දුරින් ඉන්න නිසා මට සිග්නල් එන්නෙ මේ අවටින්. හැබැයි කුරුණෑගලිනුත් ඉදල හිටල එනව. නමුත් මම අන්තර්ජාලෙ හා සම්බන්ධ උනහම මෙයාල මාව කුරුණෑගල හරහා තමයි සම්බන්ධ කරන්නෙ. මොකද මේ හරියෙ HSDPA තියෙන්නෙ කුරුණෑගල විතරනෙ.
ඉතින් මේවගේ හේතුනිසා මෙහෙ හෙන තදබදේ. සමහර වෙලාවට WCDMA/HSDPA මගින් සම්බන්ධ වේන්න බෑ. එතකොට EDGE තෝරල තමා යන්න වෙන්නෙ. මම හිතන්නෙ ඒ තදබදේ වැඩි උනහම.
නමුත් අපිට දැනි මොබිටෙල්ල සාර්ථක පිලිතුරක් දෙන්නයි යන්නෙ. මෙයාල කුරුණෑගල අන්තර්ජාල සේවාව වර්ධනය කරනවලු. දැන් නගරින් බාහිරවත් HSDPA කුලුණු ඉදිවෙමින් පවතිනව. ඒවගේමයි මෙයාල කුරුණෑගල වෙනමම අන්තර්ජාල සම්බන්ධ අංශයක් පිහිටුවන්නයි යන්නෙ. ඉතින් මේව නිසා හොන්ද සේවාවක් ලැබෙයි කියල හිතනව. දැනටත් අනිත් HSDPA සේවාවන්ට වඩා හොන්ද සේවාවක් මෙයාල සපයනව. ඉතින් මේක වර්ධනව වෙන එක ගැන හරිම සතුටුයි.

Now Mobitel ready for improve their HSDPA service around the Kurunegala. At this days  Mobitel HSDPA network are very busy. so their network traffics jam occur most times.

As answer for this problem, they build new HSDPA towers and Departments in Kurunegala for serve good service to customers. After they complete this project. we can get good service for our internet

Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda's Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions