Browsing Posts published by මාලින්ද ප්‍රසාද්

අපි බොහෝ දෙනා ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ බොහෝ දුරට නිවසින් බැහැර අවස්ථාවලට සම්බන්ධකම් පවත්වන් විතරමද ඊට වඩා හදිස්සි අවස්ථාවක භාවිතයට ගැනීමට නේද? සමහරුන්නම් දුරනථනයෙන් කරන්නෙ අන්තර්ජාලයට යන එක… සමහරු මල් කැඩීම… මේ හැම අය ගාවම නිතරම සාක්කුවෙ ජංගම දුරකථන තිබෙනව. ඒ සියපු දේ කරත් කාවුරුත් මේක පොදුවේ හදිස්සියට, නිවසින් බැහැර අවස්ථාවල සම්බන්ධකරගන්න භාවිතා කරව. සමහරු නිවසේ සිටියත් ඇමතුම් ගන්නෙ හා එන්නෙ ජංගම දුරකථනයට

හරි හදිස්සි අවස්ථාවක කාට හරි ඇමතුමක් ගන්න ඕනෙ වෙලාවට අපි අහල පහල දුරකථන කුටියක් හෝ දුරකථනයක් හොයන් යනවද.. අපි කරන්නෙ අපගේ දුරකථනයෙන් ඇමතිමක් ගන්න එක. ඒ වගේමයි අනිත් පැත්තත්. කාට හරි හදිස්සියෙ අපිව සම්බන්ධ තරගන්න ඕනෙනම් ඒ අය කරන්නෙ අපගේ දුරකථනයට ගන්න එක. ඒ වගේ හදිස්සි අවස්ථාවට මේ දරකථනයෙන් ඇමතුමක් ගන්නවත් යවන්නවත් බැරිනම් මේකෙන් ඇති වැඩේ මොකක්ද

මෙච්චරකල් මොබිටෙල් වල විවිධ අල තිබිබ. ඇමතුම් එන්නෙ නෑ.. මැසේජ් යන්නෙ නෑ‍. ඇමතුම් ගන්න බෑ ඒත් මේක වැඩිය ගානක් ගියෙ නෑ. ඒත් මීට දවස් කීපයකට කලින් මට මොබිටෙල් එකට ගිහින් දමල ගහල එන්න තරම් කේන්තිය. මම ඉන්නෙ කුරුණෑගල, ඒත් ගම ගිරිඋල්ල. යම් යම් හදිස්සි අවස්ථාවන් වල ගමේ කට්ටිය කථාතරන විවිධ අවශ්‍යයතාවලට. ඒ අතර මේ ලගදි අයිය කෙනෙත් හදිසි අනතුරකින් රෝහල් ගත කරල එයාල එකකම් රෝහටල යන්න කියන්න කථාකරල තියෙන්නෙ. ඒත් මේ කෙහෙල්මල වැඩකරල නෑ. කීප පාරක් අරන්. පස්සෙ එයාල ගෙදර එනකම් දන්නෙ නෑ. මම ඇහුව ඇමතුමක්වත් දුන්නෙ නැත්තෙ ඇයි කියල. ඒපාර කීව අපි කීප සැරයක් ගන්න හැදුව ගන්න බෑ කියල. මට අඩුගානෙ ඇලර්ට් එකක්වත් ආවෙ නෑ. ඉතින් මෙහෙම දුරකථනද අපි භාවිතා කරන්නෙ. දුරකථනය හොදට වැඩ. ඒත් කෝල් නෑ

ඒ වගේම මේ ලගදි අපේ මලයව හොයන්න ඇමතුමක් ගන්න ඕනෙ වෙලා ගන්නව ගන්නව ජාලය කාර්යභහුලයි… විනාඩි 10 ක් විතර උත්සහ කරල තමා ගත්තෙ. ඉතින් හදිස්සියකට ඇමතුමක් ගන්නවත් ගෙන්න ගන්නවත් බැරි දුරනථනය ජාලයක තමා මම එල්ලිලා ඉන්නෙ. මීට වඩා හදිස්සි අවස්ථාවක කෙනක්ට අපිව සම්බන්ධ කරගන්න උනත්, අපිට කෙනෙක්ව සම්බන්ධ කරගන්න උනත් මේ තත්වයම තාම. අපිට හදිස්සි අනතුරක් හෝ කරදයකදි ඇමතුමක් ගන්න බැයිනම් ඇති වැඩේ මොකක්දි? විනාඩි කීපයක් ඇමතුමට උත්සහ කරද්දි සමහරවිට වෙන්න තියන දේවල් ඔක්කොම වෙලා තියෙයි.

ඒ වගේම තමා කෙටිපණිවිඩත්… ඇමතුම් වගේම තමා. ඒකත් හදිස්සියට භාවිතා කරනවනම් එක පණිවිඩය කීප සැරයක් යවන්න වෙනව. ඒ යැව්වත් යන්නෙ නැති වෙලාවල් ඕනෙ තරම් තියන. ඒ කියන්නෙ අපි හදිස්සියට ටක් ගාල පණිවිඩයක් ගහල ඒ පණිවිඩය Delivered වෙනකම් බලන් හිටියෙ නැත්තම් (බලන් හිටියට Delivered වෙන එකට බලපෑමක් නෑ) පණිවිඩය ගියාද නැද්ද කියල හොයන්න බෑ. ඒ කියන්නෙ අපි යවන පණිවිඩ වලින් 60%කට වඩා එකම පිණිවිඩය කීප පාරක් යවන්න ඕනෙ. සමහර වෙලාවට පණිවිඩ Deliver‍ed වෙන්න මිනිත්තු 10කට වඩා ගන්නව. ඒ වගේම තමා අපේ ගිණුමෙ මුදල් නැත්තම් අන්තිම පණිවිඩය කාට හරි ගහණවනම් ඒ ගැන අදහසක් තියාගන්න අමාරුයි. ඒ පණිවිඩය බොහෝ දුර‍ට Sent උනාට Delivered වෙන්නෙ නෑ. ඉතින් හදිස්සියකට වගේම ක්ණික පණිවිඩයක් යවනවනම් ඒ පණිවිඩය යනකම් බලන් ඉන්න ඕනෙ. ගියෙ නැත්තම් ආයෙ ආයෙ යවන්න ඕනෙ. සමහර වෙලාවට රින්ග් දැම්මත් යන්නෙ නෑ. සමහර පණිවිඩ එන්නෙ පැය කීපයක් ප්‍රමාද වෙලා. මේහෙම ගැටලු ඉස්සර තිබ්බෙ නෑ. කෙටිපණිවිඩයක් යැව්වහම අනිත් කෙනාගෙ දුරකථනය වැඩනම් එවෙලෙම යනව. නැතිනම් වැඩ කරන්න ගත්ත ගමන් (On කලාම) යනව. මෙහෙම ලෙඩක් ආවනම් ආවෙ කලාතුරකින්. ඩයාලොග්ලගෙ දෙතුන්පාරක් Massage Que එකක් නිසා පණිවිඩ යන්නෙ නැතුව ගියා. ඒක කීවහම ක්ලියර් කලා. ඒත් මෙහෙම දිනපති හැමවෙලාවෙම අලයක්නම්. ඒ අවුල ආවෙත් මම පණිවිඩ කීපයක් 20-30 ක් එකපාර ගහල. යවපු දුරකථනය Off කරල. ඒකයි. ‍මොබිටෙල්ලගෙ මැසේජ් ඩිලිවර්ඩ් රිපෝට් නැතිවත් සමහර වෙලාව‍ට ඩිලිවර්ඩ් වෙනව. ඒ වගේමයි මේ යන්නෙ නැති ඒවට අපිට ගිණුමට නැවත මුදල් බැරවීමක් වෙන්නෙත් නෑ.

අන්තර්ජාලයත් එහෙම්ම තමා. 3G Only දැම්මොත් ආයෙ කෝල් නෑ. ඇලර්ට් විතරයි බොහෝ වෙලාව. සමහර දවසවල මේක පැය 2-3 කට වඩා තියනව. Dual Mode දැම්මොත් 3G තියන කුලුනක් ආසන්නයට ගියත් එන්නෙත් EDGE සංඥා‍. ඒ ආවත් ඒවගෙන් අන්තර්ජාලයට යන්න සමහර වෙලාවට කීප පාරක් උත්සහ කරන්න ඕනෙ. අපි පොඩි දෙයක් දුරකථයට බාගත කලත් සමහර වෙලාට කෝල් අතරමගින් කැඩෙනව වගේ ඒකත් නවතිනව.

සාමාන්‍යයෙන් අපගේ දුරකථනය EDGE සංඥා ලැබුණත් ඒක භාවිතා කරන්න පුලුවන්නම් අපට පෙන්වන්නෙ විදිහට. ඒත් බොහෝ වෙලාවට පෙන්වන්නෙ  විදිහට‍. ඒ කියන්නෙ EDGE තිබ්බට වැඩ කරන්න බෑ කියන එ‍කනෙ. මේ විදිහට බැලුවොත් අපට දුරකථනයෙන් අපිට ඕනෙ වෙලාවට වැඩක් ගන්න බෑ. ජාලයට ඕනෙ වෙලාවටයි අපිට වැඩක් කරගන්න වෙන්නෙ.

Google Buzz

cPlus සගරාව සඳහා සකස්කල ලිපියකි

3D කියන වචනය බොහෝ දෙනාට හුරු පුරුදි වචනයක්. දැන් 3D ‍ෆිල්ම්, ගේම් කීවට කිසිම ලොකු වෙනසක් නෑ. ඒ එම තාක්ණය මදක් පරණ නිසා. අපි එසේ 3D යනුවෙන් හදුන්වනුයේ පරිගණකය මගින් සකසන ත්රි මාණ ෆිල්ම්, ‍ගේම් වලටයි.

ප්‍රථම ත්‍රිමාණ රෑප ලබාගත හැකි ෆුජිෆිල්ම් ආයතන නිශ්පාදිත කැමරාව

එහෙත් අප එම ‍‍ගේම් හෝ ෆිල්ම් බැලීමේදී අපට බැලිය හැකිවන්නේ ද්විමාණව. මක්නිසාද යත් අපගේ පරිගණක තිරය නැතිනම් සිනමා තිරය ද්විමාණ බැවිනි. එහෙත් ඔබට මතක ඇති ජේම්ස් කැමරන් මහත් නිශ්පාදනය කල ඇවටර් චිත්රනපටයට ලොව ප්රීථම ත්රිනමාණ චිත්රතපටයයි නම්කර ඇති බව. එහෙත් මීට පෙර ත්රිකමාණ ෆිල්ම් කොපමණ නිශ්පාදනය කර ඇත්ද.. ඇයි මේක ප්රරථම චිත්ර පටය යැයි නම් කලේ. ඒකට ප්රශධාන හේතුව මෙම චිත්රපපටය ත්රි මාණ සජීවීකරණ වලින් ප්ර්ථම චිත්ර පටය නොව ත්රි මාණව බැලිය හැකි ප්රහථම චිත්රමපටයයි. එනම් සරලව කිවහොත් එම චිත්ර‍පටය ත්රි මාණ පහසුකම් සහිත චිත්ර්පට ශාලාවක බැලුවහොත් එම සිද්ධින් අප ඉදිරිපිට සිදුවන ආකාරයේ ත්රිටමාණය මවාපෑමට හැකියාව තිබීමයි.

ත්‍රිමාණ චිත්‍රපට ශාලාවක ත්‍රිමාණ චිත්‍රපටයක් නරබන අයුරු.

මෙම තාක්ෂණය විවිධ ආයතන විවිධ නම් වලින් හැදින්වුවත් එකම දේ සිදුවෙයි. අපි මුලින්ම මෙම ත්රිශමාණ තාක්ෂය කෙසේ ක්රිධයාකරයිද බලමු.

ඇස මත ත්‍රිමණ රෑපයක් මැවෙන ආකරය

අපගේ ඇස්දෙකක් ඇතිකම නිසා අපට ත්රි්මාණව රූප සිතේමවාගැනීමට හැකියාව ඇත. එනම් අප එකක් වසාගෙන බෝලයක් ඇල්ලීමට තැත්කලහොත් එය අසීරු බව තේරුම් ගත හැක. මෙම ක්රි යාව හොදටම තේරුම් ගැනීම‍ට අදුරු කාමරයක මෙය සිදුකිරීමෙන් පසුබිම එකම නිසා බොහෝ අමාරුවෙයි. එසේ සිදුවන්නේ අපගේ එක ඇසක් වැසීම නිසා එම රූප අපගේ මොලය ග්රිහණය කරගනුයේ ත්රිොමාණව නොව ද්විමාණවය. එහෙත් ආසන්න වශයෙන් ත්රා මණ ගතියක් සිත මවාගත්තත් 100%ක් නිවැරදිව සිත‍තුල මැවිමටනම් ඇස් දෙකෙන්ම් දෘෂ්ථිය අවෂ්ය වේ. අපගේ ඇස් දෙකෙන් කෝණ දෙකකින් අදාල රූපය පෙනෙන නිසා ත්රිවමාණ ගතිය මොලය තුල ඇතිවේ.

කෝණ දෙකකින් වර්ණ දෙකකින් ලැබෙන රෑප උපැස්යුවලින් වර්ණ පෙරා ඇසට ලබාදීම

එහෙත් අප චිත්රඇපට ශාලාවක ‍හෝ නිවසේ චිත්රණපටයක් නැබීමේදී අප තනි ඇසින් බැලුවත් ඇස් දෙකෙන් බැලුවත් එම රූප ‍අපට පෙනෙනුයේ එකම තලයක හා එකම කොණයකින්. එම නිසා එම රූප මොලයේ ද්විමාණව ඇදගනී.

ත්‍රිමාණ රෑප බැලීමට යොදාගන්නා ද්විවර්ණ උපැස්යුවල

එහෙත් මෙම ත්රි මාණ තාක්ෂණයේ‍දී සිදුකරණුයේ කෝණ දෙකකින් හා වර්ණ දෙකකින් තිරය මත රූප ප්රතක්ෂේපණය කර එම රූප වෙන වෙනම ඇස්දෙට ලැබීමට සැලැස්වීමයි. එනම් අප චිත්රයපට ශාලාවක අසුන්ගත්විට අපට දෙපසින් වර්ණ දෙකකින් යුතු චිත්රලපටය තිරයමත දිගහැරේ. එම වර්ණ වෙන්කර හදුනාගැනීමට 3D Visio Glass නමින් හදුන්වන උපැස්යුවල පැලදීමෙන් එක් ඇසකට එක් පසෙකින් ප්ර ක්ෂේපණය කරන රූපත් අනෙක් ඇසට අනෙක් පසින් ප්රඑක්ෂේපණය කරන්නාවූ රූපත් ලබාදේ. ඒ අනුව සිත තුල ත්රිනමණ රූප ඇදගනී.

මෙම උපැස්යුවලෙහි කණ්නාඩි දෙක වර්ණ දෙකකින් යුක්ත වේ. එක වර්ණයක් එක් ඇසකටත් අනෙක අනෙක් ඇසටත් ලබාදේ‍.

එහෙත් මෙම ක්රෙමයේදී වර්ණයන්ගේ තිවුරතාවය මදක් අඩුවන බැවින් මෙම උපැස්යුවල දියුනු කර Polaroid කුම‍යට සැකසූ නව උපැස්යුවලවල් ලබාගත හැකිය. Polaroid Sunglass ඔබ අසාඇති. ලොව ඇති හොදව අවු කණ්ණාඩි වර්ගයක් වන පොලරොයිඩ් කණ්ණාඩිය මගින් ඇසට ලම්බකව ලැබෙන කිරණයන්ගේ එක් තලයක් කපාහැර එක් තලයක් පමණක් ලබාගනී. මෙම ක්ර මය උපයෝගීකර‍ගෙන ත්රිlමාණ රූප ඇසට ලබාදේ. එහිදී වර්ණවල කිසිදු වෙනසක් නිරීක්ෂණය නොවන අතර තිරය නියමාකාරයෙන් මගින් රූප මවාපෑමත් උපැස්යුවල එය ග්ර හණය කරගැනීමත් නිසා අපට ත්රිනමාණව නියමාකාරයෙන් ඇසට ග්රවහණය වේ

පොලරොයිඩ් තාක්ෂණයෙන් රෑප ග්‍රහණය

මෙසේ චිත්රිපට නැරබීම‍ට දැන් චිත්රරප‍ට ශාලාවට යෑමට අවශ්යයය නැත. නිවසේ සිට බැලිය හැකිය. එනම් දැනට Nvidia 3D Vision නමින් හදුන්වන ක්රචමය ලේසියෙන්ම නිවසේ සකසාගත හැකිවේ. ඒ සඳහා ඉහතින් සඳහන් කල උපැස්යුවලක්, Nvidia GeForce 8400 ට වඩා වැඩි කාඩ්පතක් හා 120Hz සහය දක්වන LCD මොනිටරයකි. මේ සඳහා වින්ඩෝස් 7 හෝ විස්ටා අවශ්යචය වේ. ඉන්පසු නව ග්රැ ෆික්ස් ඩ්රසයිවර්ස් බාගත කර ස්ථාපන කරගැනීමෙන් ඔබගේ පරිගණකයත් ත්රි මාණ රූප මැවීමට යොදාගත හැකිවේ.

මෙම ත්රිනමාණ චිත්රසපට ‍හා කුඩා වීඩියෝ Nvidia වැනි අඩවි වලින් බාගත හැකිවේ. එම චිත්රකපට ධාවනයට Nvidia ආයතනය සපයන ප්ලේයරය අත්යාමවශ්යමය වන අතර තමා ස්ථාපන කල ඩ්රේයිවර්ස් වල සැකසුම් කිරීමද අවශ්යරය වේ. සැකසුම් කිරීමට ඩෙස්ක්ටොපය මත Right click කර Nvidia Control panel වෙත පිවිසිය හැකිය. එ‍හි Sterioscopic 3D නමින් කුඩා හා ලේසි සැකසුම් කීපයක් ඇත. එසේ සැකසීමේදී තම කණ්නාඩියේ වර්ණය, පෙනෙන ආකර, අත්හදාබැලීම් හා තමාට nvidia කාඩ්පතක් නැතිනම් IR Emitter මගින් සකසාගන්නා ආකරයත් විස්තරව ඇත. මෙම චිත්රමපට හෝ රූප එම උපැස්යුවලක් රහිතව බැලීමේදී අපට තේරැම් ගැනීමට අපහසු වේ. නමුත් එම උපැස්යුවලින් බැලීමේදී නියමාකාරයෙන් ග්රකහණය වේ‍.

මේ ආකාරයට ෆිල්ම් පමණක් නොව 3D කැමරා මගින් ලබාගන්න ඡායාරූප තම එම ස්ථානයේ සිට නරබන්නාක් සේ බැලිව හැකිවන අතර නව පරිගණක ක්රීනඩා ගේම් වර්ගද ක්රීටඩා භූමියේ සිට ක්රීේඩා කරන්නාක් ක්රී්ඩා කල හැකිය.

නමුත් දැනට මෙම කණ්ණාඩි වර්ගය ලංකාව තුල සොයාගැනීමට අපහසු අතර අන්තර්ජාලයෙන් Nvidia වැනි අඩවි තුලින් මිලදීගත හැකිය. එසේම අපට සාදාගැනීමටද හැකිය. තවද මෙයට හොද ශබ්ධ පද්ධතියක් අවශ්යැය වන අතර අඩුතරමින් 5.1 වත් තිබීම වැදගත්වේ.

උපැස් යුවල රහිතව ත්‍රිමාණ රෑප පෙනෙන අයරු

Google Buzz

කීප දෙනෙක් කියල හා බ්ලොග් එකේ කමෙට් දාල තිබ්බ Google DNS හදන්නෙ කොහොමද කියල. ඒක නිසා හිතුව ඒ ගැන ලියන්න. ඒක හදන ක්‍රම කීපයක් තියනව. ඒ කියන්නෙ ඩයල් අප් වල, රවුටර් වල හා HSDPA මොඩම් වල විවිධ ක්‍රම ති‍යනව එකම සැකසුම වෙනස් කරන්න. එකෙන් එක බලමු. මගේ මතය අනුවනම් කොහොමත් Goole DNS හා Open DNS හි වේගය අපගේ සේවාසපයන්නන්ගේ සැකමුම් වලට වඩා හොදා. සමහර අවස්ථාවල අපගේ DNS සර්වර හරිහැටි ක්‍රියා නොකරන අවස්ථාවලදීත් මෙය භාවිතා කල හැකිය. මාගේ නිරීක්ෂණය අනුවනම් SLT වල DNS වල‍ට වඩා Google වේගවත්.

Google DNS සර්වර ලිපිණ

8.8.8.8

8.8.4.4

Open DNS සර්වර ලිපිණ

208.67.222.222
208.67.220.220

නෙට්වර්ක් එක හා සම්බන්ධ වන සම්බන්ධතාවය සොයාගැනීම

Windows 7 හෝ Vista වල ඔරලෝසුව අසල ඇති නෙ‍ට්වර්ක් හෝ වයර්ලස් අයිකනය ක්ලික් කර Network and Sharing Center වෙත පිවිසෙන්න .

නැතිනම් Control Panel හි Network and Sharing Center ‍(මෙය සමහර විට Network And Internet හි  Network and Sharing Center ‍නමින් ඇත) .

වින්ඩෝස් Xp නම් Control Panel හි Network Connection නමින් ඇක.

එහි තමන් සම්බන්ධ වි ඇති ජාලයන් සම්බන්ධතා නමින් පෙන්වන අතර එම සම්බන්ධතාවන්ගේ අන්තර්ජාලය ඇත්ද නැද්ද යන වගත් පෙන්වයි. එතනින්න තමා අන්තර්ජලය හා සම්බන්ධ වන සම්බන්ධතාවය ක්ලික් කිරීමෙන් Properties වෙත පිවිසිය හැකිය (Vista හා 7 වල පමණි)

නැතිනම්  වම්පස තීරැවේ ඇති  Change Adapter Settings මගින් තමාගේ නෙට්වර්ක් සම්බන්ධතාවයන් බලාගත හැකිය. (Vista හා 7 වල පමණි)

Local Area Network හෝ WiFi මගින් සම්බන්ධ වනවිට

පරිගණකය LAN හෝ Wifi මගින් අන්තර්ජාලය හා සම්බන්ධවෙයිනම් මෙම සැකසුම් කිරීමෙන් DNS සැකසුම් වෙනස් කල හැකිය. නමුත් රවු‍ටරයක් හරහා අන්තර්ජාලයට පිවිසෙන්නේනම් රවුටරයේ සැකසුම් කිරීම මගින් මුලු ජාලයේම DNS වෙනස් කල හැකිය. එහෙත් තම පරිගණකයේ පමණක් කිරීමට අවශ්‍යයනම් සේසේ සිදුකල හැකි අතර තමාට රවුටරයට ඇතුලුවිය නොහැකි අවස්ථාවලදීත් මෙසේ වෙනස්කරගත හැකිය

ඉහත නෙට්වර්ක් එක හා සම්බන්ධ වන සම්බන්ධතාවය තේරීමේදි වයර මගින්නම් Local Area Connection ද WiFi මගින්නම් Wireless Network Connection ද තේරිය යුතුය. එය Network And Charing Center හිදි හෝ Change Adapter Settings (Xp නම් View Network Connection) වෙත පිවිසීමෙන් තෝරාගත හැකිය.

එහි සම්බන්ධතාවය රයිට්ක්ලික් කර Properties වෙත යන්න

එවිට දිස්වන Properties වින්ඩෝවේ Networking ටැබය තුල ඇති ලැයිස්තුවෙන් Internet Protocol Version 4 (TCP/IPv4) තෝරා Properties බටනය ක්ලික් කරන්න

එහි තම පරිගණකය ස්වයංක්‍රියව ජාලයේ IP (DHCP මගින්) ලබාගන්නේනම්  Obtain IP address Automatically යන්න තෝරාඇත. නැතිනම් ඒවා ලබාදීමට සිදුවේ. සාමාන්‍යයෙන් රවුටරයක් IP ලිපිනය ස්වයංක්‍රියව ලබාදෙන නිසා එය Obtain IP address Automatically ලෙස තිබීම ප්‍රමාණවත්. අපට DNS සැකසුම් කිරීමට අවශ්‍යය නිසා පහලින් ඇති කොටසේ Use the Following DNS server address යන්න තෝරන්න. එවිට පහලින් ඇති ටෙක්ට් බොක්ස් සක්‍රිය වනු ඇත. එයට DNS සර්වරයන්ගේ ලිපින ලබාදෙන්න.

ඉන්පසු OK කර එම කවුලු වසාදමන්න.

Dialup හා HSDPA සම්බන්ධතා හා ADSL මොඩම් මගින් සම්බන්ධවන විට

මේ සියලු ක්‍රමයන්ගේ සැකසුම් ඉහත Local Area Network හෝ WiFi මගින් සම්බන්ධ වනවිට හා බොහෝ සෙයින් සමාන වන අතර නමුත් එය පියවරෙන් පියවර පහත දක්වා ඇත.

HSDPA වැනි වෙනත් මෘදුකාංගයක් (Mobile Partner) මගින් සම්බන්ධවන විට මෙම සැකසුම් මෙසේ කලත් නැවත එම මෘදුකාංගය හරහා සම්බන්ධවන විට ඒව එම මෘදුකංගය අනුව සකසාගන්නා නිසා ඔබ මෘදුකංගයෙන් සම්බන්ධ වන්නේනම් එම මෘදුකාංගයේ සැකසුම් කිරීම ප්‍රමාණවත්. නැතිනම් එම මෘදුකාංග තිබුනත් සාමාන්‍යය ක්‍රමයට වින්ඩෝස් මගින් සම්බන්ධ වන්නේනම් ඒ සඳහා මෙම සැකසුම් කිරීම සැහේ.

ඉහත නෙට්වර්ක් එක හා සම්බන්ධ වන සම්බන්ධතාවය සොයාගැනීම ආකාරයට හෝ ශෝට්කට් ඇතිනම් එමගින් හෝ වින්ඩෝස් 7 හි Icontray හි වයර්ලස් අයිකනයෙන් ්හෝ නෙට්වර්ක් අයිකනයෙන් අපගේ සම්බන්ධතාවයේ Properties වෙත පිවිසිය හැකිය.

Vista හා XP වලනම් Start හි Connect to මගිනුත් සම්බන්ධතාවයන්ගේ Properties වෙත පිවිසිය හැකිය.

කෙසේ හෝ එම සම්බන්ධතාවයේ Properties වෙත පිවිසෙන්න

එහි Networking ටැබයේ ඇති ලැයිස්තුවෙන්  Internet Protocol Version 4 (TCP/IPv4) තෝරා Properties බටනය ක්ලික් කරන්න.

සාමාන්‍යයෙන් Dialup හා ADSL, HSDPA සම්බන්ධතාවන්ගේ IP ‍සේවාදායකයා විසින් ලබාදෙන අතර අප DNS සැකසීම ප්‍රමාණවත් වේ. ඒ සැකසීමට Use the following DNS server address ලබාදී පහත කොටු තුල DNS සර්වරයන්ගේ ලිපින ලබාදෙන්න.

HSDPA සම්බන්ධතා සඳහා Mobile Partner මෘදුකාංගයේ සැකසුම්.

මෘදුකාංගය විවෘත කර Tools හි Options වෙත පිවිසෙන්න

වම්පස තිරුවේ Profile Management තෝරා  තමන් සම්බන්ධ වන සම්බන්ධතාවයේ Profile Name තෝරන්න. Profile නැතිනම් එකක් සාදාගන්න.ඉන්සපු EDIT ක්ලික්කර Edit Mode එකට පිවිසෙන්න.

ඉන්පසුව Advanced ක්ලික්කර න්න

පැමිනෙන  වින්ඩෝවේ DNS Settings හි Static බටනය තෝරන්න. ඉන්පසු පහත ටෙක්ට්බොක්ස් වල DNS සර්වර ලබාදෙන්න

Router සඳහා.

අන්තර්ජාලය සඳහා ADSL හෝ WiMax සම්බන්ධතාවයක් භාවිතාකරයිනම් ඒ සඳහා ADSL හෝ DSL රවුටරයේ සැකසුම් කිරීමෙන් මුලුජාලයේම DNS සැකසීම එකවර කල හැකි අතර එවිට ජාලයේ පරිගණක ස්වයංක්‍රියව රවුරයෙන් ලබාගන්නා DNS ලිපිනය (රවුටරටයේ) තිබුනත් රවුටරයේ DNS ‍වෙනස්කල නිසා එම සර්වර හා සම්බන්ධවේ.

විවිධ රවු‍ටරවල විවිධාකාරයෙන් සැකසීම් ඇති අතර ලබාගත් රවු‍ටර කීපයක විස්තර පහත දැක්වේ. සමහර රවුටර වල අන්තර්ජාල සම්බන්ධතාවය සැකසීමේදීම DNS සර්වර ලබාදිය යුතු‍වේ. එසේනම් සැකසීමේදී හෝ එම අන්තර්ජාල සම්බන්ධතාවය Edit කිරීමෙන් DNS මාරුකරගත හැකිය.

සමහර රවුටර වල TCP/IP ය‍ටතේ හෝ DNS Server නමින් වෙනමම සැකසුම් කිරීමට ඇත.

Google DNS Config on Router

Google DNS Config on Router

Google Buzz

LK  ඩොමේන වල ප්‍රධාන ගැටලුවක් තමා DNS සැකසුම් සකස්කිරීම. ඒ කියන්නෙ අපිට DNS වෙනස් කරන්න ඕනෙන්ම ඒ අයට (LK Domain Registrar ට)  කියල දවස් කීපයක් බලන් ඉන්න ඕනෙ. ඒ වගේම  සකසලත් මේක යාවත්කාලීන වෙනන්ත් දවස් කීපයක් යනවනෙ. ඒත් GoDaddy (Total DNS) හා WHM වගේ සේවා භාවිතා කරන අය දන්නව ඇති අපි ඩොමේනයේ සැකසුම් එම ආයතන වල  DNS සර්වරයක් වෙත සැකසුවිට එම සර්වරයෙන් අපිට අපගේ ඩොමේනයේ Zone සැකසුම් මගින් අපට අපගේ ඩොමේනයේ හා සබ් ඩොමේන වල විවිධ සැකසුම් වෙනස් කරන්න පුලුවන්. ඒකියන්නෙ MX, A, CNAME, NS වගේ සැකසුම් කැමති කැමති විදිහට සැකසීමේ හැකියාව තියනව.

ගෝඩැඩී අය මේක එයාලගෙ ඩොමේන වලට නොමිලේ ලබාදෙන සේවයක්වන අතර බොහෝ හෝස්ටින්ග් ආයතන මේකට අයකිරීමක් සිදුකරයි. මෙම සැකමීමේ විශේෂත්වය වන්නේ DNS එනම තිබියදී අපගේ වෙබ් අඩවියේ හෝස්ටින් විවිධ ආයතන හා සර්වර වලට මාරුකර මෙම Zone සැකසුම් මගින් ලේසියෙන් සැකසිය හැකි වීමයි. තවද DNS යාවත්කාලීන වීම‍ට දින කීපයක් ගියත් මෙම සැකසුම් මිනිත්තු කීපයකින් යාවත්කාලීන වීමයි. එවිට අපගේ LK ඩොමේනයේ හෝස්‍ටින්ග් වෙනස් කලත් අපට අවශ්‍යය වෙලාවට අවශ්‍යය විදිහට ඒ අයට දැනුම්දීමකින් තොරව ඉක්මනින් වෙනස්කල හැකි. මෙය ගෝඩැඩී ‍සමාගම ඔවුන්ගෙන් මිලදී නොගත් ඩොමේන සඳහාද නොමිලේ ලබාදෙන අතර එම සේවාව Off DNS නමින් හදුන්වයි. එය සක්‍රිය කිරීමට ‍GoDaddy හි Domain Manager වෙත ගොස්

එහි ඉහල ඇති Tools හි Off-DNS වෙත යන්න.

එහි ඉහල දකුණු පස ඇති Add Off DNS මගින් අපගේ ඩොමේනය මෙම සේවයට ඇතුලත් කරගත හැකි අතර

ඇතුලත් කල ඩොමේනය ක්ලික් කර එහි සැකසුම් Total DNS ආකරයටම සිදුකල හැකි.

අපගේ ‍ඩොමේනයේ DNS සැකසුම් ගොඩැඩී වෙත යොමුකල යුතුයි එය බොහෝ දුරට

mns01.domaincontrol.com

mns02.domaincontrol.com

වෙත යොමුකල යුතු අතර එම DNS සර්වරය අපගේ ඩොමේනය මෙම සේවාවට ඇතුලත් කිරීමේදීත් ඇතුලත් කල පසුත් එම ලැයිස්තුවෙන් බලාගත හැකි.

Google Buzz

මීට කීප වසරකට පෙර සෙල්ටෙල් සමාගම ටිගෝ නමින් නමත් වෙනස්කරා මතක ඇති. ටිගෝ බොනස් දුන්නා, තප්පරයට ගාස්තු ක්‍රමයක් ගෙනාව. ඒත් දැන් Tigo කියන එක Etisalat නමින් වෙනස්වෙලා. රටවල් කීපයක මෙහෙයුම් සිදුකරන etisalat සමාගම දැන් ලංකාවෙ වැඩ පටන් අරන්. පසුගිය වසරේ මැද හරියේ තමා මේ සමාගම 100% ක්  මිලදී අරන් තිබ්බත් දැන් තමා ප්‍රසිද්ධීය දීගෙන වැඩ කරගෙන යන්නෙ. මෙයාල අරාබියෙ එහෙම iPhone 3GS දුරකථනත් දෙනව අඩුව‍ට. අපිටටත් දුන්නොත් හොදා. මොනව උනත් ටිගෝල ඇවිත් මිලගණන් බොහොවෙනසක් කලා, දීමනවා දුන්න. ඒ වගේ මෙයාලත් ලගදිම දෙයි හොද දීමනා වගයක්.

Google Buzz
මොබිටෙල් වේගය

මොබිටෙල් වේගය

දැන් මොබිටෙල් එපාම උන තැන අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධිකරල දැම්ම (කලින් මොබිටෙල් ගැන ලියපු ලිපි ලිපිය අවසානයේ) . ඒත් වෙන විකල්පයක් අවශ්‍යය නිසා තිබ්බ ඩයලොග් සිම් එකකට රීලෝඩ් එකක් දාල ගත්ත චෙක්කරල බලන්න ‍ඩයලොග්. වෙනදා 3G සිග්නල් පෙන්නන්නෙ නැති උනාට අද මෙන්න ‍එකපාර මොඩම් එකෙ නිල්පාට ලයි‍ට් එක පත්තු උනා. සිගනල් 1ක් විතර යන්තම් එනව 3G.

සංඥා අඩුවිට වේගය

දැන් 3G ත් තියන නිසා අන්තර්ජාල සම්බන්ධතාවය සක්‍රිය කරල ගත්ත යන්න කියල අන්තර්ජාලයට. ඒපාර එකපාර ‍හොද වේගයක් ඇවිත් ටිකකින ඩවුන්ලෝඩ් නැතිව ගියා.  බලද්දි සිග්නල් අවුලක්. ඒපාර USB වයරයක් අරන් එල්ලුව මොඩම් එක ජනේලයේ. ඒපාරනම් ඉස්සෙල්ලාට වාඩා සංඥා‍ තියනව. ආයෙ බලද්දි ඩයලොග් සයි‍ට්  එකට ගියාට අනිත්ව හිටපු ගමන් තමා ලෝඩ් වෙන්නෙ. කැඩි  කැඩි. වෙනස්කලා DNS ගූගල් වලට.ඒපාර නියමෙට වැඩ කරනව. හොද වේගයක් ආව.

SpeedTest

SpeedTest

ස්පීඩ් ටෙස්ට් දෙකක් දාල තව වෙලා තිබ්බ නිසා දැම්ම තිබ්බ ඩවුන්ලෝඩ් එකක්. ඒකත් හොද වේගයකින් බෑවෙනව. මොබිටෙල්ලගෙ මෙහෙම වේගයකු ඇවිත් තියෙන්නෙ බොහොම ඉස්සර කීප පාරක්.

IDM Download Speed around 258KBps

IDM Download Speed around 134KBps

වේබ් අඩවිත් හොද වේගයකින් ලෝඩ් වෙනව. බැරිම තැන මොබිටෙල් එක විසන්ධි කලාට මම හිතුවෙ වෙන ටෙලිකොම් ඇර වෙන විකල්පයක් නැතිව ඇති කියල. ඒත් දැන් ඩයලොග් තියන නිසා කේස් එකක් නෑ.  ඉස්සසර තිබ්බෙ නැති ටවර් එකකින් දැන් සිග්නල් එ‍න්නෙ. මොබිටෙල්ල ටවර් එකක් ගහල අහන හැමදාම ඉක්මනට ඒකට 3G දෙන්නම් කීවට තාම නෑ. ඒත් ලග පාත තියන ඩයලොග් ඒවගෙ තියනව. ඉස්සර ඒ කියන්නෙ අවුරුද්දකට විතර කලින් කුරුණෑගලික් කිලෝමීටරයක් ගියහම 3G නෑ මේ පැත්ත‍ට. ඒත් දැන් හොදා. ගන්න ඕනෙ ඉක්මනට ඩයලොග්ලගෙ පැකේජ් එකක්. මොබිටෙල්ලට වඩා‍ වේගය හහොද උනාට ගාත් පොඩ්ඩක් වැඩී තමා. මෙහාට එයාටෙල් කොහොමත් නෑනෙ 3G

මෑතකදි සිංහල බ්ලොග්කරුවන් අන්තර්ජාල අවුල් ගැන ලැයවුනු ලිපි

http://blog.malindaprasad.com/2010/01/13/mobitel-hsdpa-like-privet-bus/http://blog.malindaprasad.com/2010/01/13/mobitel-hsdpa-like-privet-bus/http://sinhala.kalingasblog.com/2010/01/10/success-kills-mobitel-hsdpa/http://blog.malinthe.com/2009/12/21/goodbye-mobitel-hello-dialog/http://blog.malinthe.com/2009/11/23/the-fall-of-mobitel/

Google Buzz

මේ දවස්වල අපේ අන්තර්ජාලයේ ගුණාත්මක භාවය ගැන විවිධ දොස් අසන්නට ලැබෙනව. ඒත් ඒවාට පිලියම් යෙදුවයි කියලනම් හොයාගන්න අමාරුයි. මීට ටික කලකට පෙර හොදම වේගයක් මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතවල තිබිබ. මේ පිළිබඳව සිංහල බ්ලොග් ලියන්නන් නිතරම කථාකලා.  මීට පෙර කීප වථානකදී මොබිටෙල් සමාගම විශාල වශයෙන් මිල අඩුකලා. ඒ වගේම විවිධ හේතු නිසාත් බොහෝ දෙනා මොබිටෙල් වෙත මාරු උනා.

ඒත් සමගම ජාලයන්ට දරාගත ‍නොහැකි ලෙස ග්‍රහකයින් සංඛාව ඉහල යාමත් නිසා සේවාවේ ගුණාත්මක භාවය බිදවැටුනා. ඒ අයට පැමිණිලි කළාම ‍විවිධ දේ කියල එයාල ඇග බේරගන්නව. ලේසියකට හොයල නිවැරදි කිරීමක් සිදුවන්නේ නෑ. මෙවැනි අත්දැකීම් බොහෝ දෙනාට ඇති. රටේ කෑම බීම අවුලක්නම් ඒ වෙනුවෙන් පාරිභෝගිකයන් කෑ ගසනවා මෙන්ම අන්තර්ජාලයේ අවුලක්නම් අන්තර්ජාලය භාවිතා කරන්නන් වශයෙන් අපි යම්කිසි හඬක් නැගිය යුතුයි. එය අපට තනියම කල නොහැකි. අප තනියම අදාල ආයතන වලට පැමිණිලි කිරීමෙන් පලක් වන්නේ නෑ. ඒකට අන්තර්ජාලය තුල අප හඬක් නැගීම වැදගත්

මෙහිදී අන්තර්ජාලයේ හඬක් නැගීමට බ්ලොග්කරුවන්ට විශාල මෙහෙයක් කල යුතුයි. අපට සැපයෙන අන්තර්ජල සම්බන්ධතා බොහෝමයක නිසි ගණාත්මක භාවයක් නෑ. අප ගෙවන මුදලට සරිලන සේවාවක් එම ආයතන අපට සැපයීම ඔවුන්ගේ යුතුකමක්. එහෙත් අපට අනවශ්‍ය ලෙස මිල අඩුකිරීමෙන් ඔවුන්ට හොද සේවාවක් ලබාදිය නොහැකි. මිල හා සේවාවේ ගුණාත්මක භාවය යන දෙකම එකකට එකක් සම්බන්ධ නිසා. අපට දෙනවයි කියන බොහෝ අන්තර්ජාල සම්බන්ධතාවල කියන්නා වූ ගුණාත්මක භාවයක් නෑ. ගුණාත්මක භාවය කියන්නෙ වේගයම නෙවේනෙ. අනික කියන වේගයවත් මේ දවස් වල නෑනෙ. මෙයට බොහෝ දුරට හේතුව රට තුල එම ආයතන වලට හොද ජාලයක් නොතිබීමයි.

එමෙන්ම මතක ඇති මොබිටෙල් සමාගම 7.2mbps හා 14.4mbps මෙන්ම මේ ලගදි 28.8mbps ක් වැනි ඉහල වේගවක් සහිත ජාලයන් ඔවුන් සතුව ඇතිබවට විවිධ ප්‍රචාර ගෙන ගියා. එහෙත් ඇත්තෙන්ම ඔවුන්ට එවැනි වේගයක් ලබාදිය හැකිද? අපට 3.6 යැයි කියමින් පැකේජයක් ලබාදුන්නත් එහි වේගය 3.6 ක් ලැබේද? අඩුම කරමින් ඉන් 50% ක් වත් ලැබෙන්නේ කොපමණ කළාතුරකින්ද? ‍

මීට පෙර ඩයලොග් සමාගම 7.2mbps වේගයක් සහිත අන්තර්ජාල සේවාවක් පටන්ගත්තත් ඔවුන්ට එම ‍වේගය ලබාදිය නොහැකි නිසා එම වේගය 1mbps දක්වා අඩුකලා. නමුත් එම සම්බන්ධතාවයේ සීමාව ඉක්මවායෑමේදී වේගය අඩුවීම වැලැක්වීම වෙනුවෙන් දිනකට කැමති අය ගෙවන මුදල හිටි හැටියේම රු 100 සි‍ ට රු 250 දක්වා වැඩිකරල.

එයාටෙල් සමාගම අන්තර්ජාල සම්බන්ධතාවන්ගේ සීමාරහිත සම්බන්ධතාවයක් හදුන්වාදුන්නත් එයට මීට කීප දිනකට පෙර 10GB සීමාවක් පනවල

එවැනි මිල වැඩිකිරීම් හා පැකේජ වෙනස් කිරීම් අප පැකේජය ගැනීමේදී අත්සන් තබන ලියවිලි වලට අනුව ආයතනය පැත්තෙනුත් සාධාරනයි. එහෙත් එම පැකේජයන් ගැනීමේදී ඉහල වේගයන් අඩුමිල පවසමින් පාරිභෝගිකයා මුලා කර අවසානයේ එම මිල ගනන් වැඩි කිරීමත් සේවාව කප්පාදු කිරීමත් සාධාරනද

සුභ කාරණයකට ඇත්තේ මීට මාස කීපයකට පෙර අපගේ විදුලි සංදේශන නියාමන කොමිසම විසින් අන්තර්ජාලය ගැන සොයා බැලීමට කමිටුවක් පත්කිරීමය  (කාලිංග අයියගෙ ලිපිය) . විශේෂයෙන් අපට අසල රටවල මෙසේ හිතුමතේ පාරිභෝගිකයා රවටමින් දැන්වීම් දැමීම නීතියෙන් තහනම්ය. එමෙන්ම එම රටවල අන්තර්ජාලය වෙනුවෙන් වෙනමම ගුණාත්මක භාවය පිළිබඳ සීමා ඇත. තම අන්තර්ජාල සම්බන්ධතාවය පවත්වාගත යුත්තේ මෙම අවම සීමාවන්ට වඩා හොද තත්වයේය. එහෙත් ලංකාවේ එවැනි කිසිම සීමාවක් හෝ අවම සේවා ගුණාත්මක භාවයක් නොමැත. පාරි‍භෝගිකයින් යම් වරදක් පෙන්වාදුන් විට විවිධ අය හා අංශ වලට වරද පටවා ඔවුන් බේරෙනව.

ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටලුවක් තමා අන්තර්ජාතික සම්බනධතාවයේ වේගය එනම් International Bandwidth එක. මේක වැඩි නොකර මේ අය සීමාවට වඩා පාරිභෝගිකයින් වැඩිකරමින් යනව. දැනට දේශීය අන්තර්ජාල පාරිභෝගිකයා පිවිසෙන බොහෝ වෙබ්අඩවි අත්තේ දේශීය සර්වර් තුල නොව විදේශයන්ගේය. එම නිසා International Bandwidth අපට වැදගත්‍. ලර්න් ඒෂියා ආයතනයේ අධ්‍යයනනයන්ට අනුව බොහෝ අවස්ථාවල RTT අගය වැඩිම අගයක් ගන්නේ අපගේ සේවාදායකයාත් විදේශයන්ගේ ප්‍රථම සර්වරයත් අතරය. ඒ සම්බන්ධතාවය ‍අපගේ සේවාදායකයන් අපවගේම වෙනත් ආයතන වලින් මිලදිගන්නා සම්බන්ධතාවයක්. අපගේ සේවාදායකයාගේ යුතුකම ඒ වෙනුවෙන් ඔවුන් පැමිණිලි කිරීම. හෝ යම් ක්‍රමයකින් එම සම්බන්ධතාවයේ ගුණාත්මක භාවය වැඩි කිරීම. එහෙත් ඒ වෙනුවෙන් ඔවුන්ට පැවසීවිට ඔවුන් පවසන්නේ ඒක අපේ ලෙඩක් නෙවේ. අන්තර්ජාතික අවුලක්.

මෙනැනි තත්වයක් තුල අප මේ වෙනුවෙන් පෙලගැසීමක් යම් හඬක් නැගීමක් අවශ්‍යයි. මේ වෙනුවෙන් විවිධ පර්යේෂණ කරන හා සේවාවේ ගුණාත්මක භාවය පිලිබද නිතර සෙවිල්ලෙන් සිටින ලර්න් ඒෂියා ආයතනය විශාල මෙහෙයක් මේ වෙනුවෙන් සිදුකරනව. ඔවුන් ‍මීට පෙර කීප අවස්ථාවකදී අපවෙනුවෙන් අදාල ආයතන හා දකුණු ආසියානු නියාමන වරුන් ඉදිරියේ හඩක් නැගීමට සමත්වූවාක් මෙන්මට ඒ වෙනුවෙන් යහපත් ප්‍රථිචාරද හිමිඋවා. අප එක් අයෙක් කෑ ගසනවාට යම් පිරිසක් එකතුවී හඩක් නැගීම සාර්ථකත්වය කරාලගාවීමට හේතුවක්.මෙසේ අපත් ඔවුන් හා එක්වී හඩක් නැගීමට අවශ්‍යයයි. ඒ වෙනුවෙන් අවස්ථාව දීමටත් එම ආයතනය සූදානම්. අප හඬක් නැගුවාට ඒ වෙනුවෙන් යම් සාදක හා දත්තයන් ඉදිරිපත්කල යුතුයි. නිකම්ම කෑගසා වැඩක් නැත. හරියට උසාවියට නඩුවක් දැමීමට සාක්ෂි අවශ්‍යයි මෙන්ම මේ සඳහාද පිලිගත හැකි සාධක අවශ්‍යය වෙනව.

දැනට ලර්න්ඒෂියා ආයතනය එසේ රැස්කල දත්තයන් බොහෝ ප්‍රමාණයක් තිබෙනව. ඒ වෙනුවෙන් ඔවුන් පළමුව පරිගණකයට මෘදුකාංගයකුත් ඉන්පසු ජංගම දුරකථන සඳහා මෘදුකාගයකුත් නිපදවා නොමිලේ බෙදාහැර තිබෙනවා. එමගින් අපට අවශශ්‍ය පරිදි අපගේ අන්තර්ජාලයේ ගුණාත්මක භාවය මැනගත හැකි. මෙහිදී වේගය පමණක් නොව අනෙක් සාධක කීපයක් මැන බැලෙන අතර ඒවා එක් සර්වරයක් සමග පමණක් නොව අපගේ සේවා සපයන්නා, දේශීය සර්වර මෙන්ම අන්තර්ජාතක සර්වර සමගත් වෙන වෙනම වේගයන් හා ‍අනෙකුත් සාධක සොයාබලා වාර්ථා කරීමේ හැකියාවෙන් සමන්විත උසස් තත්වයේ මෘදුකාංගයක්. අප සාමාන්‍යයෙන් ස්පීඩ්ටෙස්ට් අඩවියෙන් වේගය මැන බැලුවහොත් එමගින් මනිනුයේ වේගය පමණි. එයත් එක් සර්වරයක් සමගයි. එහෙත් මෙම මෘදුකාංගය මගින් වෙන වෙනමම සර්වර තනක එනම් ‍තම සේවා සපයන්නා, දේශීය හා විදේශීය සර්වර සමග මැන බලයි. අප‍ට අවශ්‍යය කාලයන්ට ස්වයංක්‍රියව මැනීමට මෙය සැකසීමට හැකිවීමත්  විටින් විට වෙනස්වන තම අන්තර්ජාල ගුණාත්මක භාවය මැනීමට හොද මෙවලමක්.

එමෙන්ම අප විවිධ අය විවිධ ප්රකදේශ වල විවිධ සේවාදායකයන්ගෙන් ගුණාත්මක භාවය පරික්ෂාකරීමෙන් සියලුදෙනාගේ තොරතුරු වලින් යම් නිගමන වලට එලබීමට මෙන්ම හඩක් නැගීමටත් හැකි. හඩක් නැගීමට වඩා අප වැඩක් නැති සේවා දායකයන් අතහැර හොද සේවාවක් සපයන සේවාදායකයෙකුට මාරු‍වීමෙන් මෙන්ම ඒ පිලිබදව අන්තර්ජාලයේ යම් කථාබහක් ඇතිකිරීමෙන් අනෙක් සේවාදායකයන් තම සේවාවේ ගුණාත්මක භාවය වැඩිකිරීමට පෙළඹීම නැවැතිවය නොහැක්කකි

‍මීට දින කීපයකට ඉහතදී ලර්න් ඒෂියා ආයතනය මෙම මෘදුකාංගයේ ජංගම දුරකථන සඳහා වන සංස්කරනය  නිතුත් කිරීමේ උත්සවයේ මේ ඉහත කරුණු බොහෝ දේවල් සාකච්චාවට ගැනුනු අතර එම මෘදුකාංගයේ iPhone හා Anaroide සඳහා නිකුතුවත් ලගදීම සිදුකරන බවයි පැවසුනේ.

ලර්න් ඒෂියා ආයතනය – http://lirneasia.net/

AT Tester හා මෙතෙක් එකතු කල දත්තයන් – http://www.broadbandasia.info/

මෑතකදි සිංහල බ්ලොග්කරුවන් අන්තර්ජාල අවුල් ගැන ලැයවුනු ලිපි

වෙනත් ලිපි ‍තිබේනම්  Comment ලෙස එක්කරන්න

එදින ගත් ඡායාරූප
Google Buzz

මුලින්ම ගූගල් මැප් එකේ ලංකාවෙ සැටලයිට් රූප විතරයි තිබ්බෙ. දැන් ටික කලකට පෙර ලංකාවෙ ප්‍රධාන මාර්ග හා ප්‍රධාන නගර වල සිතියම් ගූගල් මැප් එකේ හදාගෙන යන බවක් දැක්ක. ඒත් මේ සිතියම් තිබ්බට අපට අවශ්‍යය මාර්ගය සොයගන්න. එනම් අපිට කුරුණෑගල සිට නුවර යම් ස්ථානයකට මාර්ගය දැනගන්න අවශ්‍යයයැයි කියමු. ඒ ‍සේවාව මෙතෙක් කල් ලංකාව තුල තිබ්බෙ නෑ. ලංකාවෙ අපිට ලංකාවෙ සිතියම් විතරයි බලන්න පුලුවන්. ඒත් දැන් අපිට අවශ්‍යය ස්ථාන දෙක දුන්නහම අදාල මාර්ගය, දුර, දල වශයෙන් වෙලාව, හා හැරෙන්න ඕනෙ යන්න ඕනෙ පාරවල් ගූගල් මැප් එකේ දෙනව. මම හිතන්නෙ මේක දවස් කීපයකට පෙර ඉදන් තියෙන්න ඇති.
ජංගම දුරනථනයෙ Google Map තියනවනම් හදිස්සියට කටිටියගෙන් අහන්න ඕනෙ නෑ, ඒවගේම GPS තියන දුරකථන වලින් වැඩ ගන්න ලේසි වෙයි. හැබැයි තාම Street View කියන සේවාවනම් නෑ. ඒකත් ලගදිම එයි.
මට මේක අද කණාවට හමුඋනේ. කාලිංග අයිය 13 වෙනිද තියන වැඩමුලුව තියන තැන මැප් එක දාල තිබ්බ. ඒකෙ රේණුකා හෝටලයෙ විස්තරය බලද්දි කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ඉදන් මීටර් 800 ක් දුරින් කියල තියනව. එ‍තකොට තමා ‍මේක කරල බලන්න හිතුනෙ.
මේකෙන් කුරුණෑගල ඉදන් උනත් ගන්න පුලුවන් මාර්ග විස්ත‍රය. මම හිතන විදිහට තාම දෙන්නෙ සාමාන්‍යය මාර්ග විස්තරය විතරයි. දුම්රිය මගින් පෙන්වන්නෙ නෑ. බොහෝ දුරට නිවැරදිව විස්තර ‍තියනව. ඕනෙ උනොත් හොයල බලන්න.

මේ ලින්ක් එක මම බලපු විස්තරය
http://maps.google.com/maps?f=q&source=s_q&hl=en&geocode=&q=Renuka+City+hotel,+colombo&sll=37.0625,-95.677068&sspn=54.928982,79.013672&ie=UTF8&hq=Renuka+City+hotel,&hnear=Colombo,+Sri+Lanka&z=14&iwloc=A&cid=13074399835183943025

Google Buzz

පරිගණක ඉංජිනේරුවකු, විද්‍යා ලේඛකයකු හා ශ්‍රී ලංකාවේ පළමු හා වැඩිම අලෙවියක් වූ පරිගණක සඟරාවේ කතුවරයා හැටියට එක් යුගයක ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය ගැන මම බහුලව ලියා ඇත්තෙමි. එහෙත් පසුගිය වසර පහ හයක කාලය තුළ මම ඕනෑකමින්ම මේ විෂය සම්බන්ධව විවේචනාත්මකව යමක් ජන මාධ්‍යයකට නොලීමි. හේතුව කෙටිකලකට හෝ මාද ඊ-ශ්‍රී ලංකා (e-Sri Lanka) වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ව්‍යාපෘතියේ කොටස්කරුවකු වීමයි. (මේ සම්බන්ධය වසර පහකට පමණ පෙරය.) ඒ නිසා ඒ ගැන නරකක් තියා හොඳක් පවා, මගේ මතයක් සේ ජන මාධ්‍යයකට ලිවීම මා අනුදත් මාධ්‍යවේදයට පටහැනි බැවින් මම නිහඬ වීමි.

ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු (Electronic government මෙහි ‘රාජ්‍ය’ යන යෙදුම යොදා නැත්තේ සිතාමතාය. රාජ්‍ය ලෙස පරිවර්තනය වන්නේ state යන යෙදුම බැවිනි.) හා ආණ්ඩු ප්‍රතිනිර්මාණය (Re-engineering Government ) පිළිබඳ දැක්ම පිළිබඳව කතා කිරීමේදී ප්‍රධාන වූ පුද්ගලයන් දෙදෙනෙක් වෙති. දැනට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ආණ්ඩු ප්‍රතිනිර්මාණය පිළිබඳ අධ්‍යක්ෂක වසන්ත දේශප්‍රියයි. මේ දෙදෙනාම දීර්ඝ කාලයක් ආණ්ඩුවේ පරිපාලන සේවයේ නිරතවූ පළපුරුදු නිලධරයන්ය. එසේම ඔවුන් රටට සේවය කිරීමේ පැහැදිළි උවමනාවක් හෙවත් ‘උණක්’ ඇති, නම්‍යශීලී, හැමවිටම අනුන්ට කන්දෙන නිලධරයන් බවටද සැක නැත. පුරවැසියකු හැටියට ආණ්ඩුවේ සේවාවන් ලබා ගැනීමේදී මට මුහුණ දෙන්නට සිදුවූ යම් යම් මෙහෙයුම් ගැටළු (Operational issues) පිළිබඳව පුද්ගලිකව මා නැඟූ අඳෝනා වලට කන් දීමට පමණක් නොව මගේ නිරීක්ෂණ මත ගත යුතු ක්‍රියා මාර්ග ගත් බවද මෙහිදී සඳහන් කරන්නේ කෘතඥපූර්වකවය.

එහෙත් අවාසනාවකට මෙන් ආණ්ඩු සේවයේ ඔවුන් ලද දීර්ඝකාලීන අත්දැකීම් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පුළුල් කිරීමට මෙන්ම එය සීමා වීමටද හේතුවී ඇත්තේය. ආණ්ඩුවේ නිලධර දැක්ම අනිවාර්යයෙන්ම පුරවැසි අවශ්‍යතා සමඟ සම්පාත විය යුතු නොවේ. සමහරවිට මේ දෙක අතර විශාල හිඩැසක් තිබිය හැකිය. පුරවැසියකු හැටියට මගේ පුද්ගලික අත්දැකීම් ආශ්‍රයෙන් මේ ලුහුඬුතා විශ්ලේෂණය කිරීම මේ ලිපියේ අරමුණයි. මෙහෙයුම් ගැටළු නොව ඊට ඉහළ තලයක දැක්ම ගැන කතාකරන හෙයින් එය රටේ අනෙකුත් පුරවැසියන් සමඟ බෙදාහදා ගැනීමේ අවශ්‍යතාවය මම දකිමි. මේ නිර්මාණාත්මක විවේචනයට මා යම් දවසක මේ වැඩ සටහනේම කොටස්කරුවකු වී සිටීම බාධාවක් සේ මම නොදකිමි.

ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන ආරම්භ වන්නේ එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ උත්ප්‍රේරණයෙන් ලෝක බැංකු ව්‍යාපෘතියක් සේ 2002දීය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය මත ආණ්ඩු සේවා ප්‍රතිනිර්මාණය කිරීම තුළින් වඩා පහසු, ඉක්මන් සේවාවන් පුරවසියාට ලබා දීම තුළින් පුරවැසියා සවිබල ගැන්වීම මෙහි එක් සංරචකයක ප්‍රධාන අරමුණ වේ. මගේ මතකය නිවැරදිනම් සම්පූර්ණ ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන සඳහා වෙන් කරන ලද ලෝක බැංකු ණය මුදල ඩොලර් මිලියන 50 (රුපියල් කෝටි 500) වන අතර ඉන් ඩොලර් මිලියන 11ක් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංරචකය සඳහාය. පසුව ආණ්ඩුවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනාදිය සම්බන්ධ කරන දීප ව්‍යාප්ත පරිගණක ජාලයක් ගොඩ නැඟීම සඳහා තවත් ඩොලර් මිලියන 15ක කොරියානු ආධාරයක් ලැබේ.

ඊ-ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කරන ලද පළමු කාර්යයක් වන්නේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ආණ්ඩු සේවාවන් හඳුනා ගැනීම සඳහා වන උපදේශක ව්‍යාපෘතියකි. අද පවා ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම බොහෝ දුරට ගොඩ නැඟී ඇත්තේ (සුළු වෙනස් කිරීම් කිහිපයක් සහිතව) රනිල් වික්‍රමසිංහ යුගයේ ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතියේ උපදෙස් අනුවය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩුකිරීම පිළිබඳ මගේ අත්දැකීම් වලට අනුව, මේ ව්‍යාපෘතිය සිදුකරන ලද ආකාරයේ මූලික ලුහුඬුතාවක් මම දකිමි. මතකය නිවැරදි නම්, රුපියල් මිලියන විස්සක වියදමින් කරන ලද මෙහි එක් ප්‍රධාන භූමිකාවක් සම්පූර්ණයෙන් අමතකකොට දමා තිබේ. ඒ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ක්‍රමයක අවසාන ප්‍රතිලාභියා විය යුතු පුරවැසියාය. මේ උපදේශක කණ්ඩායම මොනම අවස්ථාවකවත් පුරවැසි අදහස් ලබා නොගනී. අනෙක් අතට එය දිගින් දිගටම අවධානය යොමු කරන්නේ නිලධර අදහස් කෙරෙහිය. මේ නිසා පුරවැසියා වෙනුවට නිලධරයා සවිබල ගැන්වෙන දැක්මක් නිර්මාණය වේ. මේ දැක්ම අනුව ගොඩ නැඟෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව නිලධරයකුට ජීවිතය බෙහෙවින් සැපපහසු එකක් කරයි. එහි වරදක් නැත. නමුත් අනෙක් අතට නිලධරයාට තම ජීවිතය සුව පහසු කර ගැනීමට අවකාශය ලැබෙන්නේ පුරවැසියා මත පටවන ලද අමතර බරක් නිසා නම් එය අපේ අවධානයට බඳුන් විය යුතුය.

පුරවැසියකු හැටියට මගේ පුද්ගලික අත්දැකීමක් ආශ්‍රයෙන් මෙය පැහැදිළි කරනු කැමැත්තෙමි.

මාස කිහිපයකට පෙර මගේ රිය පැදවීමේ බලපත්‍රය නැතිවේ. අවාසනාවකට මා මෙහි ඡායා පිටපතක් තබාගෙන නොමැත. අවශ්‍යතාවයක් නොවූ නිසා අංකයවත් අන් තැනෙක ලියා නැත. මේ මගේ වරදය. මේ සුළු වරද නිසා මට මුහුණ දීමට වන්නේ අතිශයින් දීර්ඝවූත්, කරදරකාරීවූත් ක්‍රියා දාමයකටය.

මා ගත යුතු ක්‍රියා මාර්ගය දැනගැනීම පිණිස ඉන්ටනෙට් හි පිහිට පතමි. ශ්‍රී ලංකාවේ සමහර රාජ්‍ය දෙපාර්තමේන්තු මේ සම්බන්ධව ප්‍රශංසා කටයුතු තරමේ ප්‍රගතියක් ලබා ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එක් උදාහරණයකි. ගමන් බලපත්‍රයක් හෝ වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් නිවැරදිව භාශාත්‍රයෙන්ම ලබාදීමට පමණක් නොව අවශ්‍ය ෆෝර්ම බාගත කිරීමටද පහසුකම් සපයා ඇත. මේ නිසා එක් යුගයක අප්‍රසන්න අත්දැකීමක්ව තිබුණු ගමන්බලපත්‍රයක් ලබා ගැනීම දැන් ලෙහෙසියෙන් කළ හැකි කටයුත්තක් බවට පත්ව ඇත. මම මින් පෙර මේ සේවාවේ වාසිය ලබාගත් සන්තුෂ්ටිමත් පාරිභෝගිකයෙක්මි. ඒ පිළිබඳව මගේ ස්තූතිය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවය කළ දුරදක්නා නිලධරයන් වෙත පුද කිරීමට කමැත්තෙමි. (ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ දැවැන්ත පරිවර්තනයට බඳුන් වන්නේ, ඊ-ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භයටත් මත්තෙන් නන්දසේන බඹරවානගේ ආගමන හා විගමන කොමසාරිස් වූ අවදියේය සිතමි.)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවද මේ පහසුකම මෑතක සිට සපයතත් ඒ ඉතා පසුගාමී ආකාරයෙනි. කොටින්ම සැහැල්ලු වාහන සඳහා රියැදුරු බලපත්‍රය නැතිවූ කෙනකු එය ලබා ගන්නා ආකාරය මේ වෙබ් අඩවියේ කිසිම තැනක සඳහන් නොවේ. සේවාවක් හැටියට මෙහි තවත් ලුහුඬුතා ගණනාවක් පසුව සාකච්ඡා කරමි.

මම 1919 වලට කතාකර උපදෙස් පතමි. 1919 දුරකථන සේවා සැපයුම ඊ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සාර්ථකම ඉලෙක්ට්‍රොනික ආණ්ඩු වැඩසටහනය සිතමි. මේ නිසා කාර්යාල ගානේ රස්තියාදු නොවී, අනවශ්‍ය පුද්ගලයන්ට කතා කිරීමට කාලය නාස්ති නොකර අවශ්‍ය තොරතුරු සපයා ගැන්මේ හැකියාව ලැබේ. නමුත් එය පවා සමස්ත ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණයක් වත් පුරවැසියා සවිබලගැන්වීමක් වත් නොවේ. ඉතාම සුළු කටයුත්තටත් ෆොර්ම ගණනාවක් අපේක්ෂා කිරීම මඟින් පුරවැසියා පෙළන ක්‍රියාවලිය 1919 නිසා නැතිවී නොමැත. සිදුවී ඇත්තේ පුරවැසියාට සිදුවන ක්‍රියාවලිය පිළිබඳ වඩා හොඳ වැටහීමක් ලැබීම පමණකි. මම මේ වැටහීම ලබමි. වේරහැරට යන්නට මට උපදෙස් ලැබේ.

උදෑසනක වේරහැරට යන මා දකින්නේ අනපේක්ෂිත දර්ශනයකි. කාර්යාලය ඉදිරිපස ඉතා දිගු පෝලිමකි. මම 8.00ට ඊට එක්වෙමි. 8.30ට කාර්යාලය තුළට පිරිස ඇතුළු කිරීම ආරම්භ වේ. මට ඊට අවකාශ ලැබෙන්නේ 10.00ටය. මේ සේවාව සපයන වේලාව නොවේ. ඊට තව පැයක් වත් ඇත. මේ ඉඳගන්නට පුටුවක් ලැබීමේ වේලාවය. ඊට පෙර සිටිය යුතු වන්නේ සිටගෙනය.

මෙය පුදුමයක් නොවේ. රියැදුරු බලපතක් ලබා ගැනීමට මුළු ලංකාවේම සෙනඟ වේරහැරට පැමිණිය යුතුය. අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට ආදී දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණියෝ මා සමඟ පෝලිම් ගත වී හිඳිති. මා ඉදිරිපස ඉන්නා බස් රියැදුරා බලපත්‍රය අළුත්කර ගැනීමේ කටයුත්ත සඳහා දින කිහිපයක වැටුප අහිමි වීම ගැන මැසිවිලි නඟයි. “දවසට රුපියල් හයසීයක් නැතිවෙනව මහත්තය. ඒක අපට අමාරුයි. එක දවසක් මෙඩිකල් ගන්න ගියා. අද දවසම මේකට යනව.” ගමන් බලපත්‍රයක්වත් ප්‍රාදේශීය මට්ටමින් නිකුත්නොකළ හැක්කේ නම් ඩොලර් මිලියන පහළොවක මුදලක් දීපව්‍යාප්ත රාජ්‍ය පරිගණක ජාලයක් සඳහා වියදම් කිරීම මොන අපරාධයක් දැයි මට සිතෙයි. මෙරට වැඩ කරන ජනතාව ගැන බැලුවොත් මේ බස් රියැදුරාද රුපියල් 400 කින් පමණ ඊට දායක වී ඇත. (මේ මුදල ඇත්තටම ගෙවනු ඇත්තේ ඔහුගේ දරුවන්ය.) මේ රුපියල් 400 වෙනුවෙන් වත් කුරුණෑගල සිට දින කිහිපයක් කොළඹ නොපැමිණ මේ කටයුත්ත කර ගැනීමට පහසුකම් සපයා දීමට අපි අපොහොසත් වී ඇත්තෙමුද?

මා කවුන්ටරයක් ඉදිරිපිටට කැඳෙවෙන්නේ එකොළහත් පසු වූවායින් පසුවය. මේ පැයකට වැඩි කාලය තුළ මම තවත් බොහෝ දෑ නිරීක්ෂණය කරමි. මෙහි සියළු කටයුතු, ශාලාවෙන් ශාලාවට යායුතු යැයි කෙරෙන පොදු නිවේදන කටයුතු ඇතුළුව කෙරෙන්නේ සිංහලෙන් පමණකි. මේ සේවාව ලබා ගැනීමට පැමිණෙන්නේ සිංහලයන් පමණක් මෙනි.

මගේ ප්‍රශ්නය ආරම්භ වන්නේ කවුන්ටරයට පැමිණි තැන් පටන්ය. මගේ කලින් බලපත්‍රය 1994 නිකුත් කළ එකකි. මවෙත දැනුම්දෙනු ලබන්නේ රියැදුරු බලපත්‍ර පරිගණකාශ්‍රිතව නිකුත් කිරීම ආරම්භ වූයේ 1997 පටන් බවත් ඉන්පෙර කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි බවත්ය. මෙය සත්‍ය තත්ත්වයයි මම නොසිතමි. මගේ කලින් රියැදුරු බලපත්‍රය පරිගණකයකින් නිකුත්කළ එකකි. එසේනම් එහි තොරතුරු කොතැනක හෝ පරිගණකයක තිබිය යුතුය. එසේ නොමැතිනම් විය හැකි එකම දෙය මේ තොරතුරු වර්තමාන පද්ධතියට ඇතුළු කිරීමට පියවර ගෙන නොතිබීමය. දරන්නට වන වියදම සලකා එවැන්නක් නොකිරීම සාධාරණීකරණය කරන්නට හැකි මුත් එසේ නොකිරීමෙන් අපහසුවට ලක්වන පුරවැසියන්ට කවර හෝ විසඳුමක් තිබිය යුතුය. නැතිවූ බලපත්‍රයේ අංකය මතක නැතිවූ පළියට අළුතින් බලපත්‍රයක් ලබාගන්නට කීම සාධාරණ විසඳුමක් නොවේ. විශෙෂයෙන්ම දැවැන්ත ආණ්ඩු ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින රටක.

මේ ගැටළුව දැන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් තිලක් කොල්ලුරේ වෙතද, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් බී. විජේරත්න වෙතද ගෙනගොස් ඇත්තෙමි. ඔවුන් සුහදශීලී නිලධරයන්ය. නමුත් මේ සුහදශීලී නිලධරයන්ට පවා මීට දශක ගණනකට පෙර සිටින්නට ඇති සුහදශීලී නොවන නිලධරයන් දෙන පිළිතුරුමය දෙන්නට ඇත්තේ. “මේකට මොකුත් කරන්න බෑ!” මේ උත්තරයෙන් පුරවැසියා වන මම නැවත පළමුවන කොටුවට එමි.

මෝටර් ප්‍රවාහන කොමසාරිස් බී. විජේරත්න ගෙන් මම ඉල්ලීම් දෙකක් කළෙමි.

1. මගේ නැතිවී ඇති 1994දී නිකුත් කළ රියැදුරු බලපත්‍රයේ අංකය සොයා දෙන්න. (ඉතිරි සියළු කටයුතු පෝලිමේ සිට, අනෙකුත් හැම දෙනකුම සේ මට කර ගත හැකිය.)

2. එය කළ නොහැකි නම් කරුණාකර මට ඉක්මනින් අළුත් රියැදුරු බලපත්‍රයක් ගැනීමට සහාය වන්න. මම පසුගිය වසර 15ක කාලයක් තුළ රිය පදවා ඇත්තෙමි. මම රිය පැදවීමට නවකයකු නොවෙමි. එනිසා නවකයකු සඳහා වන මාස තුනක කාල සීමාව මා වෙනුවෙන් අඩු කරන්න.

මේ ඉල්ලීම් දෙකටම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් බී. විජේරත්නගේ ප්‍රතිචාරය “කණගාටුයි, කළ නොහැකිය” යන්නය.

මට අළුතින් රියැදුරු බලපත්‍රයක් සඳහා අ‍යැදුම්කළ හැකිය. එය ලොකු ගැටළුවක් නොවේ. නමුත් ගැටළුව 1994දී ඉතාම ලෙහෙසියෙන් කළ මේ කාර්යය දැන් ඊට වඩා බෙහෙවින් සංකීර්ණ එකක් වී තිබීමය. 1994 දී රියැදුරු බලපත්‍රයක් ගැනීමට මට ගත වූයේ එක දිනකි. මා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගමන් කළේ එක් වරකි. අද, රථ වාහන පැදවීමේ පහළොස් අවුරුදු අත්දැකීම් ඇතිවත් මේ කටයුත්ත සඳහාම මා මාස තුනකට වැඩි කාලයක් බලා සිටිය යුතුය. අඩු තරමින් තුන් වරක් (වෛද්‍ය පරීක්ෂණය සඳහා ගතවන දිනය හැරුණු විට ) වේරහැරට යා යුතුය. මෙය වෙහෙසකර කටයුත්තකි. ‘ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව’ මගේ කාලය ඉතිරි කරනවා වෙනුවට නාස්ති කරයි. වැඩ පහසු කරනවා වෙනුවට සංකීර්ණ කරයි. ඉක්මණින් සේවා සපයනවා වෙනුවට වැඩ වවාගෙන කලින් එක දවසින් කළ කටයුත්ත සඳහා මාස තුනක් ගනී.

මෙය නිලධරයන්ගේ වරදක් සේ නොව ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පිළිබඳ වැරදක් සේය මා දකින්නේ. දැනට රියැදුරු බලපත් නිකුත් කිරීම සඳහා ඇති ක්‍රියාවලිය නිලධරයන්ට ඉතා පහසුය. ඔවුන්ගේ පැත්තෙන් එය ක්‍රමාණුකූලය. කිසිම ප්‍රශ්නයක් නැත. සියළු ප්‍රශ්න ඇතිවන්නේ පුරවැසියන්ටය. පුරවැසියන් මුහුණ දෙන ගැටළු සඳහා මේ ක්‍රමය සැකසී නැත.

මෙය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පහත පැණෙන දැක්මෙන් හා මෙහෙවර ප්‍රකාශයෙන් පවා පැහැදිළිය.

දැක්ම: විශිෂ්ඨ මෝටර් වාහන නියාමනයෙන් ඉහල මහජන ප්‍රසාදය

මෙහෙවර ප්‍රකාශය: අභිප්‍රේරණය වූ සේවක සමූහයේ සාමූහික ප්‍රයත්නය හා නවීන තාක්‍ෂණය යොදා ගනිමින් මෝටර් වාහන පනත හා අනෙකුත් නීති රෙගුලාසි ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ඉහල මහජන ප්‍රසාදයක් උදෙසා කැපවීම

පුරවැසියා කේන්ද්‍රගත දැක්මක් හා මෙහෙවර ප්‍රකාශයක මූලිකත්වය ගන්නේ නියාමනය වත්, පනත් හෝ නීති රෙගුලාසිවත් නොව පුරවැසි සේවාය. පනත් හෝ නීති රෙගුලාසි නොවේ, පුරවැසියාට වැදගත් වන්නේ. ඒවා අවැදගත් යැයි මින් නොකියැවේ. ඒ සියල්ලක්ම පසුබිමෙහි ක්‍රියාත්මක විය යුතුය. නමුත් නවීන තාක්ෂණය හෝ පනත් හෝ රෙගුලාසි පුරවැසියා වෙනුවෙන් සේවයක් ඉටු නොකරන්නේ නම් ඒ සියල්ල නාරාහේන්පිට කුණු ඇළට විසිකර දමා පරණ පුරුදු ක්‍රමය ඇති කිරීම වඩා යහපත්ය.

-සැකසීම
චානුක වත්තේගම

Google Buzz

දේශීය අන්තර්ජාලයේ ගුණාත්මක භාවය වැඩිකිරීම සඳහා ඔබගේ සහයෝගය ලබාදීමට අවස්ථාවක්. අන්තර්ජාලය පිලිබදව විවිධ අධ්‍යනයන් සිදුකරන ලර්න් ඒෂියා ආයතනය ලංකාවේ අන්තර්ජාල සේවා සැපයුම් පිළිබඳව විවිධ පර්යේෂණ සිදුකරමින් එහි ගුණාත්මක භාවිය වැඩිකිරීමේහිලා විශාල සේවයක් සිදුකරන ආයතනයකි. ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ බොහෝ රටවල අධ්‍යනයන් සිදුකරන මෙම ආයතනය වාර්ෂිකව හා අතර මැද එම රටවල අන්තර්ජාල සේවවන් හා එහි ගුණාත්මක භාවයන් පිළිබද වර්ථාවන් නිකුත් කරන අතර එමගින් ලාංකීය අන්තර්ජාල සේව සපයන්නන් මෙන්ම එම රටවල අන්තර්ජාල සේව සපයන්නන් බොහෝ වැදගත් දේ ලබාගෙන තම සේවාවන් වල ගුණාත්මක භාවය වැඩිකර හොඳ සේවාවක් ලබාදීමට උපයෝගීකරගනී.
මීට මාසකීපයක‍ට පෙර ලර්න් ඒෂියා ආයතනය අන්තර්ජාල සේවාවේ ගුණාත්මක භාවය මැනගැනීම උදෙසා AT Tester (http://www.broadbandasia.info/ )නමින් වේගය මැනීමට මෘදුකාගයක් නිකුත්කරන ලද අතර එමගින් අපගේ අන්තර්ජාලයේ වේගයන් හා ගුණාත්මක භාවය විස්තර සහිතව මැනගතහැකිය. එමෙන්ම එම ප්‍රථිපල ආශ්‍රයෙන් ලබාගත් වාර්ථාද එම අඩවියෙන් නොමිලේ ලබාගත හැකිය.
මෙම මෘදුකාංගය මෙතෙක් කල් භාවිතාකල හැකියාව තිබුනේ වින්ඩෝස් පරිගණක සමග පමණි. එහෙන් මෙම මෘදුකාගයේ ජංගම දුරකථන සඳහා නව නිකුතුවක් නිකුත්කිරීමට මෙම ආයතනය සැරසෙයි. ‍එම නිකුත්කිරීමේ උත්සවයට සිංහල බ්ලොග් කරුවන්ට විවෘතව එම ආයතනය ආරාධනා කර සිටින අතර 2010 පෙබරවාරි 13 වැනි සෙනසුරාදා දින උදේ 9.30 සිට 12 දක්වා කොළඹ ගාලුපාරේ රේණුකා හොටලයේදී පැවැත්වේ.
අස්ථාව බිලොග් කරුවන්ට විවෘත ‍හා නොමිලේ උවත් ආසන සීමිතය. වැඩි විස්තර 0777933309 හෝ ranmalee@lirneasia.net මගින් ලබාගත හැකිය.

Google Buzz
Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda’s Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions