Browsing Posts published by මාලින්ද ප්‍රසාද්

හුග දෙනෙක්ට අලුතෙන් Dialog හා මොබිටෙල් දෙන E153 වගේ ඩොන්ගල් අන්ලෝක් කරගනන බැරිව හිටියෙ. ඒකට හරියන්න ඉස්සර හැදුව Huawei Unloack Tool එක හැදුව. කිසි කරදරයක් නැතිව Unloack කරගන්න පුලුවන්

http://huaweitool.malindaprasad.com/

මෘදුකාංගය මගින් කරගන්න පුලුවන්. කලින් එක අප්ඩේට් කලා. අවුල් තියනවන් කියන්න

 

 

 

 

 

 

Etisalat දෙන IDEOS 7 ටැබ්ලට් එකක් හමුබඋනා. පලමු පැය දෙක තුල ටච් එහෙම මරු. මොක ගත්තත් සිංහල දාන්න එපැයි. ඒක නිමා මුලින්ම සිංහල දාන්න ගත්ත. කාලිංග අයියගෙ බ්ලොග් එකේ තියන විදිහට කලා. සිංහල දාන්න කලින් රෑට් කරන්න ඕනෙ. Update කලාම ටච් අවුල හරිගියා. දාන් හුගක්ෙවලා භාවිතා කලත් ටච් අවුලක් නෑ. Gaming වලට මරු. NFS Shift ගහන්න කියාපු Tablet ඒක

Root කරන්න

ඒත් දැන් තියන Super Oneclick කියන සොෆ්ට්වෙයා එකෙන් එක ක්ලික් එකෙන් Root කරගන්න පුලුවන්

මුලින්ම Tablet එකේ USB Debugging ඔන් කරන්න (Settings> Applications > Development ) .

දැන් USB ගහන්න ඩයිවර්ස් ඕනෙනම්

Huawei වෙබ් අඩවියෙන් බාගන්න මෙතනින්

Super One Click Download කරන්න මෙතනින් v 2.1.1 SuperOneClick අඩවියටමගින් බාගෙන

එම මෘදුකාංගයේ root බටය ක්ලික් කරල Root කරන්න.

root උනාද පරික්ෂා කරගන්න Market එකෙන් Root Checker වගේ මෘදුකාංගයකින් කරගන්න පුලුවන් රෑට් කරල ඉවරයි

සිංහල දාන්න

Android 2.2 වල Update කරනවනම් සිංහල දැම්ම දාන්න එපා. වැඩක් නෑ. ඒව නැතිවෙනව. අප්ඩේට් කරල දාන්

සිංහල දාද්දි මුලින්ම Font එක චිප් එකට දාගන්න. USB හරි චිප් එක ගහල හරි චිප් එකේ root එකට (මුලටම ) දාගන්න Font එක කාලිංග අයියගෙ බ්ලොග් එකෙන් Download කරගන්න

SuperBoot කාලිංග අයියගෙ බ්ලොග් එකෙන් බාගන්න. නැතිනම් අන්තර්ජාලෙයන්හරි

ඒ ෆයිප් ඒක C:\superboot ෆෝල්ඩරයේ adb-windows.exe හා අනිත් ෆයිල් එන විදිහට Extract කරගන්න)

දැන් CMD එක අරගෙන මම දාපු superboot ෆෝල්ඩරයට යනන්න

ඒ යන්නෙ Cd/ ගහල C: එකට එන්න

cd superboot කියල ගහල ඒ ෆෝල්ඩරයට යන්න

දැන් adb-windows shell කියල ගහන්න Screen එකේ මැසේජ් ගොඩක් වැටෙයි

අන්තිමට su කියල ගහන්න One Click එකෙන් කලින් root කල නිසා වෙන්න ඕනෙ Screen එකේ Super user ට permission ඉල්ල මැසේජ් එකක් ආවෙ නැ. එහෙම එකක් tablet එකේ ආවොත් ඒක Allow කරන්න (Restart කලොත් Permission ඉල්ලනව)

දැන් ඒ එන Shell එකේ (cmd එකේ shell එක ඕපන් වෙනව) පේලියෙන් පේලියට මේ කෝඩ් දාන්න (කොපි කරල පේස්ට් කරන්න)

mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock4 /system

cd /system/fonts chmod 4755 DroidSansFallback.ttf

dd if=/sdcard2/DroidSansFallback.ttf of=/system/fonts/DroidSansFallback.ttf

reboot

ඒ මේකෙ internal මෙමරියත් SD එකක් විදිහට ගන්න නිසා. මම Font එක කොපි කලේ External ගහපු SD කාරඩ් එකට. ඒක නිසා ඉහත 4 වෙනි පේලියෙ if=/sdcard2 කියල ගැහුවෙ. internal SD එකට Font එක දැම්මොත් if=/sdcard කියල දාන්න(අවසානයට තියන 2 අයින් කරන්න) දැන් සිංහල දාල ඉවරයි

Update වලට කලින්Update එක Official නැති නිසා සැකයක් තියනවන් දැන් තියන OS එකේ බැකප් එකක් ගහගන්න

Backup කරන්න

මුලින්ම Rom Manager කියන මෘදුකාංගය Market එකෙන් දාගන්න Rom Manager

ඒකෙ Backup Current Rom මගින් Backup හදන්න බෑ. මොකද ඒකට clockworkmod Recovery කියන මෘදුකාංගය තියෙන්න ඕනෙ. ස්වයංක්‍රිය ස්ථාපනය වෙන්න හැදුවට ඒක එතනින්න දාන්න බෑ. IDEOS 7 ඒ ලිස්ට් එකේ නෑ. ඒකට මැනුවල් දාන්න වෙන්නෙ

ඒකට ClockWorkMod Recovery මෙතනින් බාගන්න

Debug Mode ඔන් කරපු Android එක USB ගහල මේක Extract කරල මේකෙ තියන bat File එක රන් කරන්න. එයා ස්වයංක්‍රියව දාගනි (Drivers දාල තියෙන්න ඕනෙ) දැන් හරි

දැන් මේක Recovery Mode එකෙන් ඔන් කරන්න ඕනෙ. ඒකට සාමාන්‍යෙයන් කරන්න තියෙන්න ඕෆ් කරල Volume UP + Hangup (Red) + Power බටන් ඔබන එක. ඒත් ඒක වැඩ කලේ නෑ. ඒක නිසා ඉස්සල්ලා දාපු Rom Manager එකෙන් Reboot into Recoveryදෙන්න අර බටන් වලින් Recovery Mode ඒනවනම් Recovery Mode දාන්න අවශ්‍යය නෑ

.

Tablet එක reboot වෙයි

ClockWorkMod Recovery

දැන් රිකවරි එක එයි. එතනින් Backup And Restore> Create Backup මගින් බැකප් එකක් හදාගන්න පුලුවන්. බැකප් එක ඉවර උනහම Reboot කරන්න (මේ අවවසාන පින්තූරය මම ගත්ත එකක් නෙවේ) ඒ බැකප් ටික Internal Memory එකේ හැදෙනව. (clockworkmod\backup\) කොපියක් දාගන්න

Android 2.2.2 වලට Update කරමු

මේක කරන්න මුලින් OS එක බාගන්න ඕනෙ ඒකට මේ දෙකෙන් එකක් බාගන්න

Megaupload.com

Mediafire.com

Extract කරල MD5 CheckSum Calculator වගේ එකක්ට update.app file එක දිල එන MD5කෝඩ් එක 74D031FD717D8BF68956EF3F044C8EEB ද කියල බලාගන්න. නැතිනම් අවුලක් වෙයි

දැන් sd මෙමරි කාඩ් එක හරි Androide එක හරි ගහල memory කාඩ් එක මවුන්ට් කරල, ඒක ඇතුලට අර Extract කරපු dload කියල Folder එක කොපි කරන්න (Internal Memory යට දාන්න එපා.External එකට දාන්න)Memory යට ගිය ගමන් dload ෆෝල්ඩරය, ඒක ඇතුලෙ update.app හා අනිත් ගොනු දෙක තියන විදිහට දාගන්න

  • දැන් Tablet එක ඕෆ් කරල ඔන් කරන්න,
  • Progress bar එකක් පිරිල (ටික වෙලාවක් යනව) OK කියල වැටෙයි. දැන් බැටරිය ගලවන්න
  • ආයෙන් බැටරයි දාල ඔන් කරල Progress bar පිරෙනකම් ඉදල, OK වැටුනවහ බැටරිය ගලවන්න.
  • (එකම වැඩේ දෙපාරක් කරන්න ඕනෙ කියල තියනව. ඒක නිසා දෙපාරක් කලා)
  • දැන් SD කාඩ් එක ගලවල ඔන් කරන්න
  • IDEOS කියල වැටිල ටිකක් වෙලා තියෙයි, Home Screen එකත් ඇවිත් Configure වෙන්න ටිකක් වෙලා යයි.
දැන් අප්ඩේට් කරල ඉවරයි.

චිප් එක ආයෙ දාන්න කලින් අර dload ෆෝල්ඩරය මකල Tablet එකට දාන්න මෙන්න මගෙ එකේ විස්තර

Android 2.2 වලින් ඉහල ඒවට Skype Video කෝල් ආවට මේකෙ ඇමතුමක් ගද්දි Error එකක් ඇවිත් Close උනා. Skype Settings වලින් Video Call Enable කරල බලන්න

Skype Video Call Enable

ආයෙ රෑට් කරල සිංහල දාගන්න

දායෙ රෑට් කරද්දි ඉස්සෙලා රෑට් කරපු SuperOneClickv2.1.1 එකෙන් බෑ. ඒක නිසා පරණ එකෙන් කරගන්න

SuperOneClickv1.7 Download කරගන්න

Font දාද්දි chmod 4755 DroidSansFallback.ttf පියවර වැඩ කරන එකක් නෑ ඒත් අවුලක් නෑ (ඒ පියවර ගැහුවෙ නැතත් ඇවුලක් නෑ)

රීබූටු කලාම වැඩ කරනව සිංහල. ටයිප් කරන්න මම පාවිච්චි කලේ unicode.malindaprasad.com

වෙනද කොළඹ සිට කුරුණෑගලට එන්නෙ බස්එකේ. අපි ටිකක් කලින් එන නිසා කාර්යාල දුම්රිය වගේ නෙවේ අනිත් ඒව. පටන්ගන්නත් ප්‍රමාදයි බොහෝ වෙලාවට. ඒක නිසා බස්එකේ. ඉදගෙන එනව. අද පරක්කු උන නිසා ඒ වෙලාවට කාර්යාල දුම්රියක් තියන නිසා කලින්ම ගියා ටිකට් අරන් දුම්රියස්ථානයට. වෙනද වගේම අදත් ධනුෂාන් මලයත් හිටිය. එයා ගම්පහින් බහින නිසා ටිකට් ගන්න තැනින් අහන්න කීව 6.10 මහව දුම්රිය ගම්පහ නවත්වනද කියල. එතනින් ඔව් කියල තිබ්බ. ඇතුලට එන්න කලින් ජංගම දුරකථනයෙනුත් කාලසටහන බැලුව නිසා බයක් තිබ්බෙ නෑ. ඒත් සැකයක් තිබ්බ. ඇහුව විමසීම් කවුන්ටරයෙන් කෝකටත් තියල. මෑන් කියපි කෙලින්ම දෙමටගොඩින් පස්සෙ නවත්වන්නෙ අලව්වෙ…
ටිකටුත් අරන්. බැලුව දුම්රිය දෙපාර්ථමෙන්තු සයිට් එකේ බැලුව. ඒකෙ තියන විදිහට 6.10 මහව දුම්රිය ගම්පහ නවත්වනව (Schedule)

මේක ලංකාව නිසා ගත්ත කෝල් එකක් කුරුණෑගල දුම්රිය ස්ථානයට, මහව යන 6.10 එක ගම්පහ නවත්වනවද? ඔව්. පවර්සෙට් එකනෙ. ඔෆිස් එක. ඒක නවත්වනව.
ඒත්  අපිට සුවර් නෑ. ගත්ත මහවට. ඒකෙනුත් ඇහුව. ඒ ගත්ත කෙනත් කීවෙ නවත්වනව කියල. ආයෙ මොකටද සැකයක් තියාගෙන්නෙ. නැග්ග. ඉදගන්නත් හම්බුන නිසා ආතල් එකේ ඉදන් ඉද්දි ලග ඉන්න ඔෆිස්යන එක්කෙනෙක්ගෙන් ඇහුව මේක ගම්පහ නවත්වනවද කියල.. මෑන් කියපි නෑ කියල. වටේම අය කීව මේක නවත්වන්නෙ නෑ. එහාපැත්තෙ එකට නගින්න කීව. ඒත් එක්කම නිවේදනය කලා

දෙවෙනි වේදිකාවේ නවත්වා තිබෙන කුරුණෑගල, මහව හන්දිය බලා ධාවනය වන සිඝ්‍රාමී දුම්රිය මරදාන, දෙමටගොඩ, අලව්ව, පොල්ගවෙල හා පොල්ගහවෙල සිට මහව හන්දිය දක්වා සියලුම දුමරිය ස්ථාන වල නවත්වන ලැබේ.

මොනව කරන්නද. එහාපැත්තෙ තිබ්බ පොල්ගහවෙල එකට අර මලය ගොඩ කරල අපි මේකෙම හිටිය. ඒ නිවේදනය කලෙත් එකපාරද මන්ද

එයින් මෙයින් කොහොම හරි දෙමටගොඩට දුම්රිය ආවට පස්සෙ ඔන්නෙ ඒ දුම්රිය ස්ථානයෙන් නිවේදනය කලා

තුන්වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය වේයන්ගොඩ බලා ධාවනය වේ. වේයන්ගොඩ දක්වා සියලුම දුම්රිය ස්ථාන වල නවත්වනු ලැබේ

ඒ කීවෙ අපේ දුම්රිය ගැන. වෙන දුම්රි ඒ වෙලේ දුම්රිය ස්ථානයෙ තිබ්බෙත් නෑ. හිටපු අයට තදවෙලා.

-මල්ලි මෙව්නු ගුලි කෙලලද මන්ද
- ඔවුන්ට පිස්සු මල්ලි..
- ඕක එදත් එහෙමයි

කට්ටියට තදවෙලා…

ඔන්න ආයෙ කීව

තුන්වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය හලාවත බලා පිටත් වේ……….

කට්ටිය හූ කියන්න ගත්ත. නගින් ආව අය මේක හලාවත යන්නෙ නෑ. වේයන්ගොඩ යන්නෙ නෑ. මහව යන එක කියල පෙට්ටිවල ඉන්න අය නැවැත්තුව. වෙන මොනව කරන්නද.

ඒ පාර හරි එක කීව.

තුන්වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය මහව හන්දිය බලා ධාවනය වන සිඝ්‍රාමී දුම්රිය මරදාන, දෙමටගොඩ, අලව්ව, පොල්ගවෙල හා පොල්ගහවෙල සිට මහව හන්දිය දක්වා සියලුම දුමරිය ස්ථාන වල නවත්වන ලැබේ.

ඒ කියලත් ආයෙ වැරදි ඒව කියනව. කටිය හූ කියනව. මේ හවස ගෙදර යන කෙනෙක් ඕකකට නැග්නම් ආයෙ බහින්න වෙන්නෙ අලව්වෙන්
ගමන්කරපු අය මේ නැග්ග අය නැවැත්තුවෙ නැත්තම් සොරිම තමා.
හරියට විස්තරයක් දැනගන්න විදිහක් නෑ. කොටුවෙම දුම්රිය ස්ථානයෙ ටිකට් කවුන්ටර කීපයකින් ඇහුවොත් කියන්නෙ විවිධාකාර ඒව. විමසීක් කවුන්ටරයනම් බොහෝ වෙලාවට නිවැරදි ඒව දෙනව. හැමවෙලේම විමසීම් එකෙන් අහන්න කියලයැ
ඒත් නිවේදනය කරන අය…. සමහර වෙලාවට නිවේදන අහලනෙ නගින්නෙ.

ඉදල හිටල දුම්රියෙ යන අය අද දෙමටගොඩ හිටියනම් මගදි චේන් එක තමා… හැමදාම යන අය ඇරෙන්න මේවගෙ කාලසටහන් දන්නෙ දෙයියොතමා…

මීට මාස කීපයකට කලින් TRC එක මගින් ජංගම දුරකථන හා CDMA ජාල වල පිටතට ලබාගන්නා ඇමතුම් වල ගාස්තු වල අඩුම ගාන තීරණය කලා. ඒ අනුව සමහර සමාගම් තම මිලගනම් අඩුකලා, තව සමාගම් ඇමතුම් ගනම් වැඩි කලා. කලින් දුන්න උපහාර, බ්ලාස්ටර් වගේ පකේජ නැවැත්තුව.

දැන් ඇමතුම් අඩු කරන්න බැරි නිසා හැමෝගෙම ඇමතුම් ගාස්තු එකගනම්. ඒත් තරගය අඩු නැනේ. මේ අය කෙටිපණිවිඩ ගණම් හෝ ගාල අඩු කලා. ඒ දවස්වල තිබ්බ රුපියල, ශත පනහ කෙටිපණිවිඩ දැන් ශත 25 හා ශත 10 උනා. ඒත් එක්කම රු පහට 10ට තිබ්බ මෙගාබයිටය දැන් රුපියල, ශත 50ට බැස්ස. ඇමතුම් මිල වෙනස් නොවුනට අනිත් සේවා වල මිල හෙනට අඩු අනා. ඒකෙන් වාසියත් පාරිභෝගිකයින්ටමයි.

දැන් TRC එක අර දාපු අවම ගාස්තුව ශත 50කින් අඩු කරල. ඒ කියන්නෙ ජාලය තුල ශත 50යි, පිටත ජාල වලට රු 1.50යි. දැන් යන තරගය අනුව මේ විදිහට හැම ජාලයම නැතත් බොහෝ ජාල වල මිල ගණනම් අඩු කරයි

ආයතන වැටෙන එක නවත්වන්න කියල දාපු නිතියෙන් දැන් තිබ්බටත් වඩා ගණම් අඩුවෙයි වගේ. මිලගණම් කීවහට ඒකට ඇමතුම් විතරක් නෙවේනෙ අයිති වෙන්නෙ.

ශ්‍රී ලංකාවට මෙන්ම අපගේ විරෝධාර සෙබලුන්ගේ නාමයට හානි වන අයුරින් ලබාගත් ජයග්‍රහනය විදදරාගත නොහැකිව කොටි හිතවාදින් නිකුත්කල ආන්දෝලනයකට තුඩුදුන් Channel 4 විඩියෝ කතාවෙ ඇත්ත හා ඔවුන් කල බොරුව මෙම ලිපියේ දැක්වේ. එය බොහෝදෙනාට තේරුම් ගැනීමට නොහැකි උවත් මේජර් ජෙනරල් ශවේන්දු සිල්වා මහතා හා අනෙකු අය ඒ වබ හොදින් මීට දින කීපයකට ඉහතදී UN කාර්යාලයේදී ඔව්නට තේරුම්කර දී ඇත‍. මෙම ලිපිය ලබාදුන් නිමල් කලුතොට මහතාට විශේෂ ස්තුතිය

 

Exposing the appalling lies & bias of the Channel 4 film

The Late US President, John.F. Kennedy once said “For the great enemy of truth is very often not the lie-deliberate, contrived and dishonest – but the myth – persistent, persuasive and unrealistic. Mythology distracts us everywhere.”

We consider it our duty to expose the true motives behind all propaganda attempts supportive of the LTTE terrorists. Propaganda or psychological operations when it comes to the strict military terms, is a part and parcel of military strategy. Professional journalism however should be free from such propaganda elements and stick to the details without being biased or trying to hide information from the public.

Hence, following is a detailed report for the discerning public at large and concerned authorities on the fallacy of Channel-4’s ‘investigative reporting’.  It is also a genuine attempt at providing a holistic view on the sate of affairs and identify the challenges that a country has to face when fighting terrorism and conspiracy against Sri Lankan people, plotted by anti-Sri Lankan coalitions.

This is a detailed account exposing the appalling lies, hidden motives of the controversial broadcast outlet and the ‘innocence’ of witnesses.

Exposing the Appalling lies:

Channel 4 seems to have maintained close contacts with LTTE and pro-LTTE elements oversees and to promote their interests through misleading the International Community with doctored evidence and unsubstantiated assertions.  Channel 4 has thus far published more than 30 articles and released 04 videos that result in the promotion of LTTE interests overseas, in the public domain with insufficient attention to verifying their reliability.

During the last stages of the humanitarian operations in Wanni, the LTTE sought assistance of Channel 4 to make a documentary about the situation and a three member team arrived in Sri Lanka in April 2009. They produced a few news items in keeping with LTTE interest until they were deported by the Government of Sri Lanka(“GOSL”) in May 2009 after having identified the ulterior motives and their links to LTTE.  However, even after the deportation of the Channel 4 team, it managed to produce a few documentaries based on false evidence e.g. it showed a photograph of an IDP Centre giving the impression that the Tamils were kept as prisoners similar to Nazi Concentration Camps in Germany. It also stated that they have taken these photographs from a high rise building. However, there are no high rise buildings in the vicinity of IDP Centers!!  Anyone who has been to Jaffna will vouch for the total lack of high rise buildings.

Correspondent expelled from Sri Lanka- click

Due to close relationship between LTTE and Channel 4, a two member team of Channel 4 also visited KP in Malaysia and conducted an interview in July 2009 for the first time after KP went underground in the late 80′s. The programme was made in such a way giving prominence to LTTE and its struggle and also highlighting alleged violations of human rights by GoSL / Security forces in meeting with LTTE interest /agenda. It is also to be noted that the interview was done at a time where KP was issued with a Red Notice by Interpol and only the inner circle of LTTE hierarchy and few others knew whereabouts of KP.

 

http://www.channel4.com/news/exclusive-interview-new-leader-of-the-tamil-tigers

The latest video released by Channel 4 that was screened on the sidelines of the UN Human Rights Council meetings in Geneva last week includes footage from previously released videos. Relying on some loose statements by purported experts appointed initially by Philip Alston, it thus tries to assert that the Government of Sri Lanka is responsible for various killings shown in the video. It also stated that the footage was all obtained from Sri Lanka, while reproducing statements by various individuals to bolster up the authenticity of what is shown.

 

Security Forces provide hope of new life to rescued family members of key LTTE terrorist leaders:

Family of Soosai, the Sea Tiger leader of LTTE and the family of Tamil Chelvam, the Political leader of LTTE were treated humanely thus giving them a hope of a new life by Government Forces.

The forces welcomed all those trying to escape from the LTTE. At sea there were no incidents of firing at escaping boats as strict instructions were given to all personnel not to fire unless they were fired upon. In such a situation, towards the end the families of senior LTTE cadres attempted to escape by boat with many valuables. Some of these were apprehended by the Navy in mid-sea off Mullaitivu and were later provided with all basic facilities in a secure environment and treated humanely. These included the family of Soosai, the Sea Tiger leader of the LTTE, who died in the final stage of the operation, and the family of Tamil Chelvam, the Political leader of the LTTE who had also been active in military operations.

http://www.youtube.com/watch?v=HJsoTH8MKC8

 

All injured civilians were immediately evacuated to medical stations:

Civilian’s crossing over to Government controlled areas were received with open arms and no efforts were made at that stage to distinguish between civilians and LTTE cadres in civilian clothing. Medical teams were deployed to assist the injured persons at the receiving points and they were immediately evacuated to medical stations as required for further treatment. The Security Forces made all efforts at risk to their own lives to save any civilians in danger of drowning while trying to escape through the lagoon.

View ICRC letter of appreciation for rescuing civilians via sea by Navy on 14 February, 2009.
Parents of the LTTE leader Prabakaran were looked after with much care and attention:

When Security Forces identified the parents of the LTTE leader Prabakaran, they evacuated them from the Wanni to a secure area where they were looked after with much care and attention, since at that stage the people in the Wanni were angered against the LTTE and its leadership, anger that extended to this old couple too.

 

 

Government Forces assisted aged people, pregnant women and people with disabilities:

Government Forces as a matter of principle helped aged people, pregnant women and people with various disabilities to remove them from the conflict zone to the nearest welfare centres. Sick and wounded civilians were provided urgent first-aid by the Security Forces, and then evacuated for comprehensive medical treatment to make-shift hospitals established by the Security Forces / Ministry of Health.

 

Rescued Doctors in Wanni exposes LTTE treachery:

Doctors who were intimidated by the LTTE to provide false casualty figures to the International Community were treated humanely and have now returned to service in Wanni.

Dr Vardhan who gave exaggerated casualty figures to the International Media due to pressure on him from the LTTE during the last stages of the conflict was injured on 16 May 2009 due to crossfire. He was rescued by the Security Forces and brought to Colombo and given medical care including surgery. Today all 4 Doctors used by the LTTE to provide false casualty figures to the International Community have returned to Wanni and resumed duties. It should be noted that they were the last to come and the first to go back to resettled areas to continue in service. LTTE lies were exposed following the Interviews conducted with doctors held in Wanni on Doctors who served in non-liberated areas and it was followed up with media briefing held in Colombo on 8 July 2009. .

http://www.defence.lk/new.asp?fname=20090710_10

http://www.defence.lk/new.asp?fname=20090708_10

http://www.lankamission.org/content/view/2420/9/

 

6,130 ex-combatants successfully rehabilitated and reintegrated into civil society:

• 11,600 LTTE cadres have surrendered and 6,130 adults have been already successfully rehabilitated and reintegrated into civilian society including 595 former child soldiers

Approximately 11,600 LTTE cadres surrendered after the completion of the humanitarian operation. If the Channel 4 allegations are correct, these surrenders would have been the first victims of revenge, not the innocent individuals alleged to have been executed by Channel 4. On the contrary, of this figure 6,130 adults have already been successfully rehabilitated and reintegrated into civilian society. This includes 595 youngsters who had been recruited as child soldiers. Others are still undergoing rehabilitation whilst a few will be prosecuted through the legal system for alleged high-level involvements in terrorist activities.

Ex-combatants integrated into civil society through government sponsored rehabilitation programs and vocational training.

 

Attempts to draw parallels with the Nazis in Germany and the war in Vietnam:

Efforts to rouse the International Community include attempting to drawing parallels to Nazi activities in Germany and the American war in Vietnam. This baseless comparison and the situations are entirely different. The government security forces were waging a war with one of the most ruthless terrorist originations in the world that were responsible for killing thousands of innocents civilians during three decades of the conflict and nevertheless the security forces fought this war abiding by the international norms and principals. In fact it was LTTE that assassinated several Tamil politicians including Foreign Minister Lakshman Kadirgamar and former leader of the Opposition Appapillai Amirthalingam.

 

‘Innocence’ of Channel-4 witnesses revealed:

• Profiles of some of the key LTTE activits where Channel 4 attempting to hide their true identity

Unlike a soldier in a uniform, a terrorist has all the liberty to act as an innocent civilian and to plan secretly for the next civilian massacre while enjoying all the protection from the law itself. Thus, the greatest challenge in countering terrorism is to identify the terrorists. They have all the ability to camouflage themselves in the civil society and to get cover from the same civil liberties and laws to avoid them being cracked down. It seems like the wound of terrorism cum extremism suppurate faster and faster, as those so called human rights- activists, champions, worriers, experts, advocates, etc issue more and more warnings, express concerns, and make all other ranting campaigns against nations fighting against terrorism. Sri Lanka is the best place where one can gain knowledge on how the terrorism operates beyond overt aggression; how more subtler forms operations carried out under the veil of most sacrosanct ideals of democracy.

Following are revelations made on individuals misinterpreted by Channel-4, as ‘innocent civilians’ fallen victim during the final days of the humanitarian operation.

Issipriya:

• Channel 4 News revealed that one of the victims was a high profile member of the Tamil Tigers – but claimed she was just a journalist rather than a direct fighter as a result of a heart condition

Issipriya was born in 1982 in Jaffna and was subsequently recruited by the LTTE and underwent military training in the Wanni. She then served in the LTTE Military Wing and subsequently joined the “Voice of Tigers”, the official radio station of the LTTE.

A report submitted to UNESCO by GoSL following the bombing of VOT by SLAF in 2007 made it clear that VOT was the official propaganda radio station of the LTTE. The LTTE cadres who died in the attack were identified as cadres who had also been actively engaged in military operations against the Security Forces.

Issipriya was given the rank of ‘Lt Col’ due to her contribution to the LTTE. She married a Sea Tiger cadre Sri Ram who also died in the final battle in May 2009. Sri Ram was the former LTTE Senior Sea Tiger leader in Trincomalee and took part in most of the operations launched by the LTTE against the Sri Lanka Navy and Merchant Vessels.

The identity card issued by the LTTE to Issipriya, pictured below, in which she was clad in combat attire, further confirms her military involvements with the LTTE.

 

During the final stages of battle, the LTTE used not only all its members to fight against Security Forces irrespective of their fields / employments (political, media, finance etc) but also civilians including elderly people and children who did not have any experience in combat. This is also revealed through many humanitarian agencies that were based in the North during this period.

The LTTE did not care about the health or physical condition of its cadres when it comes to employment in the battlefield, contrary to the Channel 4 claim. It has employed a considerable number of female cadres who are either disabled or suffering from various illnesses to carry out suicide missions against the Sri Lanka Navy and others, as in the attack on Tamil Minister Douglas Devananda. Video evidence of this is available.

Channel 4 itself notes that Issipriya inspired and glorified Black Tiger cadres who carried out suicide missions, making it clear that she played a key role in persuading youngsters to undertake suicide missions, a role that is worse than that of the misguided youngsters who are led to sacrifice themselves.

It is unfortunate that Channel 4, ignoring evidence of her active involvement in terrorist activities and driving youngsters to this, whitewashes her by claiming that she was just a journalist and not engaged in combat operations due to her health conditions.

Ramesh:

 

 

 

 

 

Channel 4 showed a photograph of Ramesh and stated that his wife who is presently residing in overseas identified him. As per records T THURAIRAJASINGHAM alias Ramesh alias Romeo Siera was a senior LTTE military leader who was responsible for many attacks against Government forces. In fact he was responsible for killing 600 unarmed policeman who had surrendered to the LTTE in 1990.Some of his other involvements were as follows;

a. Led the attacks on Elavalai and Sandiveli in 1995.

b. Attack on Kinniady army camp on 22/02/1996.

c. Attack on STF at Vellaveli on 11/03/1996.

d. Attack on Army foot patrol at Karadhikulam on 06/05/1996.

e. Led the attack on Mavadiwembu Army detachment on 21March 2007.

f. Led the counter attack against the security forces attack to liberate Andankulam, Parappakadaththan and Adampan areas in January-April 2008.

g. Led the counter attack against the security forces deployment in Akkarayankulam area in September 2008.

h. Led the counter attack against the security forces attack to liberate Iranamadu area in December 2008.

j. The subject was involved in planning the Jayasikuru operation counter attack in 1997/1998.

k. Planning and execution of massacres and ethnic cleansing of vulnerable Sinhalese villages.

Thamlvany Kumar:

 

• The girl Thamilvany Kumar – bio medical student – who gave an interview on Channel 4 is a UK citizen. She was in the Wanni to the end of operations, was brought safe to the Welfare Centre in Vavuniya, and was permitted to leave after an appeal from the British government.

She is from the TAMIL YOUTH ORGANIZATION of the LTTE and was brought to Sri Lanka by Castro, former head of the LTTE foreign division based in the Wanni. She came from the UK as a volunteer to work with Castro. She spoke as a civilian on Channel 4, but she is nothing of the sort. She worked for the LTTE and was attached to the LTTE medical wing and employed amongst government doctors as an LTTE agent. This is confirmed by the doctors who served at that time in the Wanni. Her claim to have come to the Wanni in 2008 to be with her relations is laughable, as there was conflict at the time and no one without a suspicious ulterior motive would have left immediate family to come into such a situation. The doctor who appears in the channel 4 latest releases along with Thamilvany, exposed the LTTE lies in a subsequent interview.

http://wn.com/ltte_lies_exposed_interview_with_doctors_held_in_wanni_part_11

Brazen contempt of truth and justice:

The Channel 4 movie has been designed to rouse an international audience, and in particular to win over members of the Tamil Diaspora to the LTTE cause. The narrative is one sided with just a few token allegations against the LTTE.

The sequence in which events are presented is intended to suggest the government planned genocide, and this is the thrust of the narrative too. The narrator talks about rape but the video does not at any point show footage to this effect. It is clear that the reporter parrots assertions with no evidence.

Allegations are made of 40,000 killed by the forces, with no evidence to substantiate anything like this number, and no account of those killed by the LTTE either by forced conscription or by way of preventing escape. There is no mention of the manner in which the LTTE used heavy weaponry from amidst civilians and hospitals, to ensure that necessary attempts to silence such guns would lead to civilian casualties.

The narrator gives the impression that the civilians were herded out of their villages only after the battle reached Kilinochchi. In fact the process of taking civilians as human shields began from 2007. All civilians from the Madhu-Vavuniya road northward were asked to vacate their villages and the LTTE took them along with them. No objections were made to this by international agencies working in the Wanni at the time, which had also kept quiet about the LTTE practice of forcibly recruiting at least one person from each family, until this was openly admitted by the Norwegian ambassador after a visit to Kilinochchi.

The allegation that there was deliberate firing on civilians in Puthumathalan is belied by the fact that very few casualties were brought to the army controlled area, when the masses of civilians made their escape. The relatively small number of war wounded amongst those the ICRC evacuated to government hospitals between February and May, with gratitude expressed to the navy for its support in this operation, makes clear that (unless the LTTE deliberately kept wounded behind and sent its own chosen people to safety) casualties amongst civilians were far fewer than is alleged.

Finally, those who enjoyed making lucrative business, routine foreign tours while seeking years of asylum in the Western countries sanitizing a terrorist cause may be extremely disturbed by the revelation made. Channel -4 that gave publicity to this canard is also known to the public for its complicity with the anti Sri Lanka campaign. It has delivered hundreds of similar “explosive” canards before. Yet, all of them “exploded at hand” no sooner than delivered.

It is true that human beings are not perfect and susceptible to “human – mistakes”. But apparently some greedy local politicians seem to have a knack at meddling deliberate propaganda by LTTE remnants for reasons best known to them.

‘Publicity for Vote’ transpires to be the mantra among these politicians and anti-Sri Lankan LTTE cults led by Global Tamil Forum (GTF), British Tamil Forum (BTF), and British Tamils for Conservatives (BTC) and Tamils for Labour Party (TLP) and TGTE. The key activists of these front organisations are the same activists who are largely responsible for the survival of the LTTE for more than three decades that led numerous destructions to the social, economic and political stability of the country. Some segments in international media, Human Rights activists’ and certain NGOs who have been mislead and come under the pay role of LTTE front organisations are continuing with slanderous propaganda intended at hoodwinking the world giving way for anti-Sri Lankan sentiments.

The shams and lies will needless to say reveal themselves in time – the connections to LTTE, the monetary transactions etc will all surface and it is this that will make the ultimate victory the ever greater.

 

The army on Vanni front recovered hundred of photographs, including one showing Fr. Emmanuel sitting next to Castro (2002-2009). During eelam war IV, Castro ran the LTTE procurement operations in the absence of Kumaran Pathmanathan (eka KP). Fr. Emmanuel heads the Global Tamil Forum (GTF). The GTF leader Fr. Emmanuel addresses an LTTE gathering in Germany (2009) Fr Emmanuel, GTF leader addressing the House of Commons on 24 Feb 2010

 

Rudrakumaran with LTTE hierarchy Rudrakumaran addressing TGTE members in New York -2010

 


Picasa SlideshowPicasa Web AlbumsFullscreen

පින්තූර සඳහා – bitly.com/jXE6wa

Skype එක දැන් ටික දවසක ඉදන් ලෙඩ දෙන්න අරන්. මුලින් එක එක අයගෙ කන්ටැක්ස් නැති උනා. ඊට පස්සෙ එයාලගෙ අප්ඩේට් එකක් නිසා ලොග් වෙන්න බැරි ගැටලුවක් ආව. ලොග් වෙන්න බැරි එකට එයාල අප්ඩේට් එකක් නිකුත් කරල තිබ්බ. ඒකට හේතුව XML ගොනුවක්. ඒකට කරන්න තියෙන්නෙ

වින්ඩෝස් නම්

Run එකේ %appdata%\skype ලෙස ටයිප් කරන්න

එතන තියන Shared.xml කියන ගොනුව මකල දාන්න. (සමහර වෙලාවට Hidden Files පේන්න දාන්න වෙනව)

මැක් වල නම්

~/Library/Application Support/Skype පාත් එකට ගිහින් Shared.xml කියන ගොනුව අයින් කරල දාන්න

 

දැන් ස්කයිප් Icon Tray එකෙන් Quite කරල, නැවත රන් කරන්න

 

මීට අමතරව වෙනත් ගැටලුවත් තියනව. රන් කරද්දි Crash වෙන එකක් තියනව. ඒ වගේම සමහර රටවල offline යනව. ජපානෙ එහෙම පෙරේදා දවසම වැඩ නෑ කීව. අදත් හිටපු ගමන් ඒ අය offline යනව, ඇමතුම් විසන්ධි වෙනව.

ඒ වමේගමයි Arabi වල ඉදල කතාකරපු උපුල් කියල බ්ලොග් එක කියනවන කෙනෙක් කීව එයාලගෙත් මේ අවුල තියනව කියල. ඒකට ඒ අය පරණ වෙලුමක් ස්ථාපනය කලාම හොදට වැඩලු

දැන් මේ දේවල් වලට කරන්න තියෙන්නෙ ස්කයිප් එක යාවත්කාලීන කරන එක තමයි. මයික්‍රෝසොෆ්ට් එක දැන් Patch නිකුත් කරයි මේ ගැටලු වලට

ස්කයිප් ගැටලු ගැන හා විස්තර බලාගන්න

http://heartbeat.skype.com

We would proudly like to announce that the Firefox event which was held on 24th May 2011 at our institute was a huge success. There were over 120 students who took part in the occasion. As there were examinations also scheduled to the students during those days, it could have been more if they did not have the examinations. But considerable amount of students managed to participate the event. Some of the lecturers also managed their time to participate the event even if they were busy with the lectures.The event was held in the common room premisses of the institute.

The Dean of the institute Prof. Alfred Perera, the Head of the Department Ms. Naomi Krishnarajah, and the lecturers Ms.Udayangi and Ms. Luxmy Vivekanandhan were also gave their fullest cooperation to make this event a success. The special credits go to Danishka Navin, Kalpa Pethum and Thejo who participated as the resourced persons, and without them this would not have been a success as they were presenting about the launch of the new version.Thejo presented an interesting presentation on the “Mobile Firefox”.

The students who participated in the event were more pleased with the Firefox party pack which was distributed during the refreshments.As the occasion started at 4.30p.m it lasted for one  hour.The time was flexible as there were some students who are coming from the far places and also some had examinations on the following day.But with in that short period of time everything was a success and also we got many good comments from the participants.

Dean Prof. Alfred Perera

Dean Prof. Alfred Perera

Dean Prof. Alfred Perera

Mr Thejo Presenting

Mr Thejo Presenting

IIT Senior Students

IIT Senior Students

Mrs Luxmy and Mr Sriyal (IIT Lectures)

Mrs Luxmy and Mr Sriyal (IIT Lectures)

Other Photos – http://goo.gl/ED1Uu and http://goo.gl/8w0uA

අපි සාමාන්‍යෙයන් අන්තර්ජාලය භාවිතා කරනකොට කෙලින්ම වෙබ් අඩවියේ ලිපිණය ගහල යනව. ඒත් පොඩ්ක් ආරක්ෂාව ගැන හිතුවද
උදාහරණයක් විදිහට හැමෝම පැල්බැදගෙන යන Facebook අඩවිය ගම්මුකො. ඒකෙ අපි සාමාන්‍යෙයන් facebook.com හෝ සමහරු Google වල Facebook ලෙස සටහන් කරල යනව.

අපිව හරි අඩවියට සම්බන්ධ වෙනව. ඒත් අපි මේ විදිහට යද්දි සාමාන්‍යෙයන් යන්නෙ http කියන ක්‍රමයට. ඒ කියන්නෙ http://facebook.com ඒ ක්‍රමයකට අපි වෙබ් පිටුවකට සම්බන්ධ වන විට වෙබ් පිටුව හා අප අතර සිදුවන සියලු තොරතුරු හුවමාරුවීම් (උදා හරිණයක් විදිහට Form එකක් පිරවීම) සුදුවන්නෙ Plain Text ආකාරයටයි. එනම් අප අතර සිටින ඒනෑම කෙනෙක්ට ඒක බලන්න පුලුවන්. උදාහරණයක් විදිහට අපේ අන්තර්ජාල සේවා සැපයුම්කරු. මෙය Facebook මෙන්ම අනිත් අඩවි වලටත් පොදුයි. උදාහරණයක් විදිහට Gmail ගම්මු. ඒකෙදි  උනත් අපි හා සර්වරය අතර හුවමාරුවෙන ඒව අතරමැදියෙක්ට බලන්න පුලුවන්.
ඉස්සර මේක හුගක් ගැටලුවක් උනේ WiFi Hotspot වලින් අපගේ ක්‍රෙඩිට්කාඩ් භාවිතාකිරීමේදී එම Wifi Hostpost එකම මගින් ඒව රදවාතබාගැනීම වගේ දේවල්. ඒත් දැන් අපේ රටෙත් බොහෝදුරට අපි කරන කියන දේවල් ගැන යම් පිරිස් ඇහැගහගෙන ඉන්නෙ කියල අමතක කරන්න එපා
මේක පිලියමක් විදිහට අපිට SSL කියන Secure Socket Layer නැමති ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. ඒකෙන් කරන්නෙ අපගේ වෙබ් බ්‍රව්සරයේ සිට අප සම්බන්ධ වන සර්වය සමග හුවමාරුවන තොරතුරු බ්‍රව්සරයටත් (Client) හා එම සර්වරයටත් පමණක් තේරුම්ගත හැකි ආකරයට Encrypt කර යැවීමයි. එතකොට ඒක වෙන අයට ගන්න ඉතා අමාරුයි.

ඒකට කරන්න තියෙන්නෙ අප සම්බන්ධ වන වෙබ්අඩවියේ ලිපිණය  දිරියෙන් https යෙදුම යෙදීමයි. නැතිනම් http වෙනුවට https යෙදීමයි.
මේසඳහා facebook, Google අඩවි වැනි ප්‍රසිද්ධ අඩවි සහය දක්වනව. හැබැයි හැම අඩවියටම ඒවිදිහට යන්න බෑ. අපි Facebook එකට යනවනම් https://facebook.com ලෙස සටහන් කරල යන්න පුලුවන්
සාමාන්‍යායන් Facebook සෙටින්ග්ස් වලින් සෑම අවස්ථාවකදීම මේ විදිහ https භාවිතා කරන ලෙස සකසන්නත් පුලුවන්

මුලින්ම Account> Account Settings

පහලට යද්දි Account Security ඉදිරියේ ඇති Change ක්ලික් කරන්න

එහි Secure browsing (https) යටතේ ඇති Browse Facebook on a secure connection (https) whenever possible ඉදිරියේ හරි ලකුණ යොදන්න

එහෙම කලාම අපි කොයි විදිහට Facebook කියල ගහල ගියත් එයා HTTPS ක්‍රමයට යවනව

සාමාන්‍යෙයන් facebook බොහෝ හදුනාගත් ඇප්ලිකේෂන් වලට Https සහය ලබාදෙනව. ඒත් එසේ සහය නොදක්වන Application එකක් (ගේම් උනත්) ගද්දි කියනව මේක Https සහය නෑ. http වලට මාරුවෙන්නද කියල. එවැනි වැඩසටහනක් භාවිතා කරනවද කියල දෙපාරක් හිතන එක භාවිතා කරන කෙනාගෙ වැඩක්.

ඒ වගේමයි තමන් ලොග්උන වාර හා උපාංග වල ලැයිස්තුවක් එයට යටන් තියනව. ඒකෙ වැඩක් නැති එකක් තියනවනම් අයින් කරන්න පුලුවන්. ඒ වගේමයි ඒ විදිහට තිබ්බොත් රහස් පදය මාරුකරන්න අමතක කරන්න එපා (ඉහත පින්තූරය බලන්න)

ඒ විදිහට Gmail/Google වලත් තමන් ලොග් උන ඒව බලාගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ Gmail එකට ලොග් වෙලා යටම ගියහම Last Account Activity කියන එක ඉස්සරහ තියන Detail මගින් බලාගන්න පලුවන්. ඒවගේමයි ඒව Sign Out කරන්නත් පුලුවන්. අමතකවෙලා ලොග් වෙලා ආවත් ඒව ලොග්අව්ට් කරවන්න පුලුවන් ලේසියෙන්

ඒ වගේමයි අපි SSL ක්‍රමය භාවිතා කරල අන්තර්ජාලයට පිවිසෙද්දි අපගේ බ්‍රව්සරය ඒ බව පෙන්වනව.

Internet Explorer වල

 

Chrome වල

Firefox වල

එම ලොක් එක/ හෝ SSL මගින් සම්බන්ධ වන බව දැක්වෙන ස්ථානය ක්ලික් කිරීමේන  එම SSL සහතිකයේ විස්තරත් පෙන්වනව.

SSL සහතියකය කියන්නෙ අපිට ඕනෙ කෙනෙක්ට SSL වෙබ් අඩවියක් දාන්න පුලුවන්. ඒත් අපගේ හරි හිමිකාරීත්වය තහවුරු කරල ඒ SSL සහතික දෙන ආයතනයකින් අපි සහතිකයක් ගන්න් ඹ්නෙ. එතකොටයි ඒක valid SSL සහතිකයක් සහිත අඩවියක් වෙන්නෙ. නැතිනම් හැම වෙලේම වෙබ් බ්‍රව්සරය මගින් Notification පෙන්වනව. මෙම අඩවියේ SSL සහතිකය valid එකක් නෙවේ කියල.

උදාහරණයක් විදිහට සිතන්න තමන් යටතේ තියන ජාලයක/ පරිගණකයක DNS වල IP වෙනස් කරල අපිට facebook.com කියල ගහද්දි ලිපිණය ඒ විදිහටම පෙන්වද්දි වෙනත් සර්වයකට යවන්න පුලුවන්. එතකොට facebook.com ලිපිණයෙන්ම අපිට පෙන්වන්නෙ ව්‍යාජ අඩවියක්. ඒත් අර නියම සහතිකය ඒ අඩවියට නැති නිසා අපිට Notification එකක් පෙන්වනව. නමුත් අපි සාමාන්‍යය http ක්‍රමය භාවිතා කලොත් එහෙම notification පෙන්වන්නෙ නෑ. කෙලින්ම යනව. අපි රැවටෙනව
එමෙන්ම දැනට අපගේ සේවා සපයන්නන් තමන්ගේ අන්තර්ජාතික Bandwidth එක ඉතිරිකරගැනීමේ අරමුනින් වෙබ් අඩවි බොහෝමයක් Cache කිරීමට ලක් කරයි. (මේ අතර තුර අපගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණයද නොකරනවා විය නොහැක). මේ නිසා අන්තර්ජාලයේ බොහෝ අඩවි, විශේෂයෙන් Facebook, Youtube වැනි අඩවි වෙනදාට වඩා මන්දගාමී ගතියක් පෙන්වනවා දැක ඇති. ඒ වැඩි වැඩියෙන් Cache කරන්න පටන් ගත්ත නිසා (ඒ සම්බන්ධව කලින් ලියු ලිපියක් Facebook Loading Problem Due to SLT Proxy on Mobitel Internet ) ඒකට පිලියමක් වශයෙනුත් HTTPS භාවිතයෙන් පිවිසිය හැකි. උදාහරණයක් විදිහට http ලෙස හා https ලෙස දෙවිදිහටම youtube එකම වීඩියෝ එක ලෝඩ් කරල බලන්න. වෙනස තේරෙයි (එකක් ලෝඩ් කරල වෙන බ්‍රව්සරයක අනික ලෝඩ් කරන්න හරි Cache පිරිසිදු කරන්න හරි අමතක කරන්න එපා). මේ නිසා හැම අවස්ථාවේම මෙම https යොදාගන්න අමතක කරන්න එපා
සාමාන්‍යය අඩවි මේ සේවාව භාවිතා නොකලාට වැදගත් යයැයි හැගෙන ලංකාවේ අඩවි පවා මෙම සේවාව භාවිතා කරනව (Dialog, BOC, Sapath …)
Paypal වැනි සේවා HTTPS නැතිව බාවිතාකරන්නම බෑ. ඒක හේතුව ඒ හරහා ක්‍රෙඩිට් කාඩ් වැනි දේ වල විස්තර හුවමාරුවෙන නිසායි. ඒ වගේමයි අපි කුමන ක්‍රමය භාවිතා කලත් Facebook, Google  වැනි අඩවි අපගේ login විස්තර යවන්නෙ https මගින්. ඒක ස්වයංක්‍රියව සිදුවන දෙයක්

සාමාන්‍යය විදිහටනම් http වලට වඩා සුලු වශයෙන් https Slow. ඒ අපගේ තොරතුරු Encrypt වීම හා Certificate එක බාගත වීම් වැනි දේවල් නැසා. ඒත් ලංකාවේ ක්‍රමයටනම් ඒකෙ අනිත්පැත්ත. ඒ අර කීව අපේ අයගෙ ඉතිරිකිරීමේ ක්‍රමවේදය නිසා

තව එකක් SSL භාවිතා කරන්නම් අපගේ දිනය හා වෙලාව හරියට තියෙන්න ඕනෙ. මොකද මේ SSL සහතික ටික කාලයකින් Expire වෙනව.  එතකොටත් අර නොටිෆිකේෂන් පෙන්වනව
මේ විදිහට SSL ක්‍රමය HTTP (වෙබ් පිටු) වලට පමණක් නොව FTP, POP, IMAP වැනි ක්‍රම හා අනෙක් බොහෝ අන්තර්ජාලය හරහා සිදුවන සන්නිවේදන ක්‍රම වලට භාවිතා කරනව.
ආරක්ෂාව, පුද්ගලිකත්වය, වේගයට මේ ක්‍රමය භාවිතා කරන එක කෝකටත් හොදා

පින්තූර මත ක්ලික් කරල විශාල කර බලාගත හැකි

වැඩි විස්තර හා පරිශීලනය

http://en.wikipedia.org/wiki/HTTP_Secure

http://en.wikipedia.org/wiki/Secure_Sockets_Layer

Update

If you tag on Facebook without your friend on Photo, One day both you and Friend in trouble

How Protecting our Facebook and Enjoying It Without Trouble to Others or Yourself

කලින් බ්ලෝග් පොස්ට් වල කීවත් වගේ දැන් එන්න එන්නම මොබිටෙල් පට්ටම ස්ලෝ (http://goo.gl/1JCTM). ඒත් වෙන විසදුමක් හරියට තිබ්බෙ නෑ කුරුණැගලට. මම රත්මලානෙ හා කුරුණැගලට දෙකේම ඉන්න නිසා. ගෙදර ආවහම මොබිටෙල් පට්ටම ස්ලෝ. ඒත් හොදට සිග්නල් තියනව. රත්මලානෙ කියන්න අවුලක් නෑ.

දින කීපයක් ඩයලොග් කාඩ් සිම්එකෙන් බැලුව. හොද වේගයක් ආව. ඒත් සිග්නල් නෑ. ඩයලොග් එකේ සම්බන්ධ වෙන වෙලාවට කණුව විතරයි. බාර් නෑ. සිග්නල් වල. අදත් මොබිටෙල් යන්නම බැරිතැන දාල බැලුව. හොද වේගයක් ආව.


ඒත් සිංගන්ල් ගැටලුව තියන නිසා ආයෙත් කථාකලා ඩයලොග් එකේ අංකල් කෙනෙක්ට. කලින් කට්ටිය ටවර් එකට අවුල දැම්මට සතියක් දෙකක් ඇතුලත සුභ ආරංචියක් එන කථාවක් තමා එයා කීවෙ.

ඒක නිසා ලබන සදුදම ඩයාලොග් සිම් එකක් ගන්නව. මේ පැත්තෙ මොබිටෙල් භාවිතා කරන අය වැඩී. ඒක ට අනුව ඒ අය අප්ඩේට් වෙන්නෙ නෑ. මොනව උනත් ඒ අතින් ඩයාලොග් නම් අවුරුදු කීයක් ගිහින් හරි හොද විසදුමක් දෙන්න යනව.

ඩයලොග් ගද්දි ගත්ත මොබිටෙල් ස්පීඩ් ටෙස්ට්

එකම ස්ථානයෙ එකම උපකරණ භාවිතා කරල ගත්තෙ. සිම් එකයි ජාලයයි විතරයි වෙනස්. හැබැයි ඩයලොග් වල සිංගල් තිබ්බෙ නෑ (බාර් නෑ. කණුව විතරයි). ඒත් මොබිටෙල් වල බාර් 2-3 ක් තියනව

මොබිටෙල් ජංගම දුරකථන සිම් එකත් අයිනකලේ මේ ජාලයේ ගැටලුවක් නිසාමයිත දැන් අන්තර්ජාල සේවවාත් අයින් කරනව.

ටෙලිකොම් WiMax ගන්න පුලුවන් උනානම් හොදා. ඒත් ඒක අපි ගන්න ටවර් එකෙන් පිට භාවිතා කරන්න බැයිලු. ඒකයි ගැටලුව. නැතිනම් ලගදිම ඒ අය 10Km දක්වා Dongle වලින් භාවිතා කරන්න පුලුවන් Tower උපකරණ යාවත්කාලීන කරගෙන යනවලු. ඒත් ස්ථාන දෙකක භාවිතා කරන එකයි ගැටලුව. එහෙම උනානම් අනිත් අයට Sorry ම තමා. ඒකට මේ අය කියන්නෙත් TRC එකෙන් ඒ අයයට මොබයයිල් දෙන්න අවසර දෙන්නෙ නෑලු. TRC එක හොද හොයල බලනව වගේම මේ වගේ වැඩක් වෙන්න යද්දිත් හරස් කපන එකයි කැත වැඩේ

Update

කුරුණෑගල නගරය ආසන්නයේ

මොබිටෙල්


ඩයලොග්

ජාලයන් දෙකේම සිග්නල් උපරිම (බාර් 5) ඇති විට

මම HTC Windows දුරකථනයක් ගත්තට මේක T-Mobile ලගෙන් අරන් අන්ලොක් කරපු එකක්. ඒක නිසා GPS වැඩ කලේ නෑ. අන්තිමට Registry ය වෙනස් කිරීමෙන් GPS වැඩ කරන්න හදාගත්ත. මොකද මේ ජගම දුරකථන වලට එන්නෙ A-GPS, ඒක වැඩ කරන විදිහට සාමාන්‍යය GPS Reciever යකට වඩා වෙනස්. සාමාන්‍යය GPS Reciever යක් Sattelite සංඥා ලබාගෙන එමගින්ම එම සැටලයිට් වෙත සංඥා නිකුත්කිරීමේන් තමා ඉන්න තැන හොයාගන්නෙ.

ඒත් ඒවැඩේ ජංගම දුරකථයට කරන්න බෑ. එයාට අපිට වඩා විශාල දුරකින් තියන Satellite වෙත සංඥා නිකුත් කිරීමට විශාල ඇන්ටනාවක්/ඒරියලයක් නෑනෙ. එයාට එන සංඥා ගන්න පුලුවන්. ඒත් සැටලයිට් වෙත යවන්න බෑ. ඒකට තමා මේ A-GPS සර්වර නැතිනම් assist සර්වර තියෙන්නෙ. ජංගම දුරකථනය ලබාගන්නා Sattelite සංඥා මෙයා අපගේ දුරකථනයේ අන්තර්ජාල සේවාව බාවිතා කරල මේ සර්වර වලට දෙනව. එමගින් තමා ඉන්න තැන හොයාගන්නෙ. ඒකට අපගේ ජංගම දුරකතනයට සංඥා ලැබෙන කුලුනේ ස්ථානයක් උපයෝගී කරගන්න. එමගින් අපි ඉන්නා තැන සොයාගතහැකි වේයග වැඩිකරගන්නව. ඉතින් මේ සර්වර හා සම්බන්ධ වෙන්න බැරිඋනොත් හෝ ඒ සම්බන්ධවීමේදී දෝශ ඇතිඋනොත් අපි ඉන්න තැන ඒ කියන්නෙ GPS ලොකේෂන් එක ගනනය කරගන්න බැරිවෙනව. ඒක ඒ ගැටලුව තමා මගේ ජංගම දුරකථනයෙත් තිබ්බෙ

මම මුලින් වෙනස් කරද්දි දැම්මෙ Nokia අයගෙ assist සර්වර. හැමෝම වගේ Nokia භාවිතා කරන නිසා හොදා කියල හිතුන. ඒත් මේකෙන් ස්ථානය ගන්න (GPS Lock) වෙන්න සමහර වෙලාවට විනාඩියක් විතර ගියා. ඒත් මුකුත් නැති එකේ ඒක අවුලකුත් නෑනෙ. ඒක නිසා තියන් හිටිය. දැන් එන්න එන්න මේ වෙලාව වැඩි. GPS සිංග්නල් පෙන්වනව. ඒත් ස්ථානය ගන්නෙ සමහර වෙලාවට විනාඩි 2-3 ක් ගිහින්. සමහර වෙලාවට ඉක්මනට ගන්නව. මම මුලින් හිතුවෙ මගෙ ජංගම දුරකථනයෙ දෝශයක් කියල. පස්සෙ මල්ලි කීව එයාගෙ එකෙත් GPS වැඩ නෑ කියල. එයාගෙ තියෙන්නෙ Nokia 5800 එකක්. මම අරන් මගෙ එකයි ඒකයි දෙකම එකට තියල බැලුව. එයාගෙ ලොකේෂන් එක ගන්නත් හුගක් වෙලා ගියා. එතකොට තමා හිතුනෙ මගෙ විතරක් තියල අවුලක් නෙවේ කියල
හිතුන මේ දුරකථන දෙකේම Assist සර්වර වලට Google ඒව දාල බලන්න. ෂ… ඒ පාර තප්පර 10ක් යන්නත් කලින් GPS Lock වෙනව. මම Ping කරල බලද්දි සාමාන්‍යෙයන් Google සර්වරයට වඩා වැඩි වේලාවක් Nokia වලට යනව. ඒකත් ස්ලෝ වීමට හේතුවක්

මම කරපු සැකසුම් ටික සරලව

Google Server
ServerIP =74.125.77.192
ServerURL = supl.google.com
හෝ = mobile-agps.l.google.com

අනෙකුත් භාවිතා වන සර්වර

Nokia Server
ServerIP = 83.150.75.211
ServerURL = Supl.Nokia.com
හෝ = default.nokia.supl.geodns.fi

Sony Ericsson Server
ServerIP = 212.209.45.84
ServerURL = Supl.sonyericsson.com

HTC හා සමහර සමාගම් භාවිතා කරන සර්වරයක්
ServerURL = geoloc2.sfr.fr
ServerURL = 194.51.71.149

නම්තු මා Mobitel සම්බන්ධතාවයකින් උත්සහ ගත් අවස්තාවේ අවසාන සර්වරය දෙකට සම්බන්ධවීමට නොහැකිවිය
ඒ වගේමයි සමහර සමාගම් මෙම සර්වර ලිපිණ වල IP හැටියට ඔවුන්ගේ Local IP (10.x.x.x හෝ 192.168.x.x) ලබාදේ. ඒව ඇතිවිට GPS වැඩ කරන්නේම නැත

සියලුම සර්වර සඳහා Port එකක් අවශ්‍යය වුවහොත් 7276 ලෙස දෙන්න
ඒ වැඩේ කරන්නෙ මෙහෙමයි.
මුලින්ම Nokia

Menu එකේ Location යන්න

 

ඒකෙ GPS Data

ඒකෙ Option > Positioning Settings යන්න

එහි Positioning Server

Server Address එක සාමාන්‍යෙයන් තියෙන්නෙ supl.nokia.com, ඒක supl.google.com ලෙස වෙනස් කරන්න


මේක ඇත්තම සර්වරය mobile-agps.l.google.com යයි. නමුත් අපේ ලේසයිට Google අය Supl.google.com එක අර නියම සර්වරය Redirect කරනව. මේ දෙකෙන් මොකක් දුන්නත් එකයි. එහෙම නැතිනම් IP එක 74.125.77.192 දෙන්න
දැන් GPS Application වලින් ඉවත් වෙලා නැතව අරගෙන බලන්න. මුල සිට. කොච්චර ඉක්මනට වැඩ කරයිද කියල

Windows Mobile වල (මම මේක කලේ HTC සමාගම නිපදවු Windows Mobile 6.5 දුරකථනයක)
ඒකට විවිධ ක්‍රම තියනව. සරලව කීවොත් කරන්න තියෙන්නෙ Registry ය වෙනස් කරන එකයි. ඒකට ජංගම දුරකථනයට හෝ පරිගණකයට Registryවෙනස් කරන මෘදුකාංගයක් දාගෙන වැඩේ කරන්න පුලුවන්
එහෙම කරනවනම් කරන්න තියෙන්නෙ Registry එකේ HKLM\Software\HTC\SUPL AGPS වෙත ගිහින් එහි

ServerIP =74.125.77.192
ServerURL = mobile-agps.l.google.com
TLSHostName = mobile-agps.l.google.com
ඒව වෙනස් කරන්න. මේකෙදිත් mobile-agps.l.google.com වෙනුවට supl.google.com ලෙස දුන්නත් එකයි

මේ සැකසුම් කරන එක ටිකකි සංකීර්ණයි නොකියා වලට වඩා. ඒකට මම පොඩි CAB File එකක් හැදුව. ඒකෙන් වෙන්නෙ ඉහත සැකසුම් තුන වෙනස් වෙන එක. කරන්න තියෙන්නෙ මේ CAB File එක ජංගම දුරකථනයට දාල විවෘත කරන එක. එතකොට ස්වයංක්‍රියව ස්ථාපනය කරගන්නව
එහෙමත් කරදරයිනම් සේ පහත තියන QCODE එක ජංගම දුරකථනයේ තියන QCODE Reader/i-Nigma වැනි මෘදුකාංගයක් මාර්ගයෙන් කියව ගන්න. ස්වංක්‍රියව ඩවුන්ලෝඩ් වේවි

Download Cab File for Google GPS Server

 

Maemo වල


Settings > Location හි Location Server එක supl.google.com ලෙස වෙනස් කරන්න

 

Iphone වල
Iphone Sytem File browser මෘදුකාංගයක් මාර්ගයෙන් system/etc/gps.conf ගොනුව විවෘත කර SUPL_HOST=supl.google.com ලෙස වෙනස් කරගන්න

නැතිනම් මෙම ලින්කය බාගත කර එම ගොනුව Replace කරන්න

IPhone Browser මෘදුකාංගය මෙතනින් බාගන්න

මේක JailBrake කල දුරකථනයක් අවශ්‍යයි

බොහෝ දුරට IPhone වල එන්නෙ Google සර්වරයි

 

Android ඡංගම දුරකථන සඳහා

මුලින්ම Settings>Location & Security වෙත ගොස්

Enable GPS Satellites ය uncheck කරන්න

 

ඉන්පසු Dialer එක ගෙන *#*#1472365#*#* වන අංකය ටයිප් කර Send කරන්න

Galaxy එකකනම් *#*#3214789650#*#*

ඉන්පසු LBSTestMode මෙනුව විවෘතවේවි

එහි SUPL/CP Settings වෙත යන්න

එහි

SERVER = supl.google.com

PORT = 7276

ලෙස ලබාදෙන්න

ඉන්පසු දුරකථනය Reboot කර

මුලින්ම වෙනස් කල Settings>Location & Security වෙත ගොස්

Enable GPS Satellites ය Check කරන්න කරන්න

 

*මෙම සැකසුම් සිදුකිරීමේදී ඇතිවන දෝශ සම්බන්ධතයෙන් වගකීම ඔබ සතුයි

ඔබගේ ජංගම දුරකථනයේ මෘදුකාංග සංස්කරනය මත මෙහි ඇති සමහර පියවරවල් සුලුවශයෙන් වෙනස් විය හැකිය. එසේ වුවහොත් අනිත් අයගේ දැනගැනීම පිණිස මෙහි Comment ලෙස යොදන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි