Browsing Posts published by මාලින්ද ප්‍රසාද්

ඩයලොග් සමාගම ඉන්කම්න් නොමිලේ සේවය ලබාදීමත් සමග පෙරගෙවුම් සබදතාවල ගාස්තු අඩුකර ඇති අතර අයකිරීම තප්පරයට සිදුකරයි. මේ අනුව සියලු ඩයලොග් පෙරගෙවුම් සබදතා වල අයකිරීමට හැරවීමට #668# ට ඇමතුමක් ගැනීමෙන් සක්‍රිය කරගත හැකිය. එමෙන්ම නව ගාස්තු අනුව ඩයලොග් වෙත ගන්නා ඇමතුම් රැ 3 ක් වන අතර අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම් රැ 5/- ක් වේ.

ලංකා ජංගම දුරකථන ඉතිහාසයේ ප්‍රථම වරට කිසිදු අයකිරීමකින් තොරව ලැබෙන ඇමතුම් නොමිලේ සේවයක් ‍ඩයලොග් පෙරගෙව්ම් පාරිභෝගිකයන්ට ලබාදේ. මීට පෙර අන් සි‍යලු පෙරගෙවුම් සබදා වල ලැබෙන ඇමතුම් නොමිලේ සේවයක් ලබා‍දී තිබුනත් ඒ සදහා මාසික අවම වැයකිරීමක් හෝ දෛනික ගාස්තුවක් අයකරනු ලැබුවා. නමුත අද දින සිට ආරම්භ වන මෙම සේවාවට එසේ දෛනික ගාස්තුවක් නෑ. ඇතුලත් කරන රීලෝඩ් හෝ රීචාජ් කාඩ්පත් වල මිල අනුව නොමිලේම ලැබෙන ඇමතුම් නොමිලේ වන දින ගනනක් හිමිවේ. එය හිමිවන්නේ රැ 10 කට දිනක් වශයෙනි. ඒ අනුව රැ 100/- ක රීචාජ් කිරීමක් සිදුක‍ලහොත් නොමිලේ ලැබෙන ඇමතුම් දින 10 ක් හිමිවේ. සාමාන්‍යයෙන් මාසිකව රැ 300/- වඩා රිලෝඩ් දමන්නන්ට මෙමගින් සියලු දින ලැබෙන ඇමතුම් නොමිලේ කරගත හැකිය

මේ සදහා කිසිදු සක්‍රිය කිරීමක් අවශ්‍යය නොවන අතර සැප්තැම්බරැ 28 දින ආරම්භයේ පටන් මෙම සේවාව සියලු ඩයලොග් කිට් සබදතාවල ස්වයංක්‍රියව සක්‍රිය වේ.

එම දීමනා නැති අවස්තාවල අවම ලැබෙන ඇමතුම් කාලය විනාඩි දෙක දක්වා දීරග කර ඇත

තම දෛනික වැඩකටයුතු සැකැස්මකට සිදුකිරීමට ගූගල් සමාගම නොමිලේ දෙන තවත් සේවාවකි ගූගල් කැලැන්ඩරය. මෙය තම දෛනික වැඩකටයුතු හා ඉදිරිවැඩකටයුතු අතුලත්කල හැකි අතර එමගින් තම දෛනික හො මාසික නැතිනම් සතියේ වැඩ කටයුතු බලාගත හැකිය. ‍
තවද මෙමගින් එකම වෙලාවේ වැඩ රාශියක්‍ යෙදීම අවම වන අතර තම අවු‍ ිට්ලුක් කැලැන්ඩරයේ ඇති දත්තද මෙයට එක්කල හැකිය. හරිය‍ට ජංගම දුරකථනයේ රිමන්ඩර් වැනිය.
නමුත් මෙහි ඇති විශේෂත්වයනම් තම වැඩ කටයුතු ඊ‍ට තෝරාගත් වෙලාවකට පෙර තම ජංගම දුරකථනයට කෙටිපණිවිඩයකාමගින් ලැබීමට සැලැස්විය හැකි. තම කැලැන්ඩරයේ සෙටින්ග්ස් මගින් මොබල් දුරකථන අංකය ඇතුලත් කල හැකි අතර මේ සදහා දැන‍ට ලංකාවේ ඩ‍යලොග් දුරකථන ජාලය පමණක් අනුකූලතාවය දක්වයි.
තම ජංගම දුරකථන අකංය ඇතුලත් කිරීමේදී ඔවුන් අකංය ස්තිරකරගැනීමට දුරකථනයට කේතයක් එවනු ඇත. එය ලබා‍දීමෙන් සේවාව සක්රිීය කරගත හැකි අතර මේ සදහා තම දුරකථනයෙන් හෝ වෙනයම් කිසිම අයුරකින් මුදල් අයවීමක් සිදුනොවේ.

‍ලංකා‍‍ව‍‍ට අලුත් අත්දැකීමක් වූ ‍‍‍‍SLT මගින් පරීක්ෂණ මට්ට‍මේ තිබු VOD තාක්ෂනය ඔස්‍‍‍‍සේ  විකාශය වන IPTV ‍‍සේවාව දැන් සිය පාරිබෝගිකයන්‍ට ලබාදෙමින් පවතිනව. මෙම සතියේ පාරිභෝගිකයන්ට ලබාදුන් මෙම සේවාව මගින් දැනට නාලිකා 19 ක් ලබාදෙන අතර ඉන් නාලිකා 5 ක් දේශිය නාලිකා වේ.

image මෙම සේවාව ලබාගැනීම‍ට PSTN සබදතාවක් ලබාගත හැකි එනම් ADSL සේවාව ලබාගත හැකි ප්‍රදේශයක සිටිය යුතුයි. නමුත් ADSL සබදතාවයක් අනිවාර්යම නැත. මෙම සේවාවට ඇල්මක් දක්වන්නේනම් රැ 9950/- ක් ගෙවා සබදතාවය ලබාගත යුතු අතර ඒ සමග ‍රෑපවාහිනිය හා සම්බන්ධ කරන SETUPBOX ය ද නොමිලේ හමුවන අතර ටෙලිකොම් කණ්ඩායමක් පැමින මේ සියලු දේ සකසාදෙනුලබන අතර මේ සදහා මාසිකව රැ 1000/- ක වාරිකයක් අයකරනු ලබයි. මෙහි විශේෂ සේවාවන් හා ‍අමතර නාලිකා ලබාගැනීම‍ට අවශයනම් ඒසදහා වෙනමම මාසික ගාස්තු ‍ගෙවිය යුතුවේ.

එම සේවාවන් වනුයේ

- 40+ Live Channels
- Time-Shift TV
- Channel Memorizing
- Live TV Multi-Audio
- VoD
- Synopsis of Movie and View Trailer
- VoD Break Point Memorizing
- Trick play at different speed
- Channel and VOD Grouping

එමෙන්ම දේශිය නාලිකා ලෙස

Rupavahini Channel Eye ITN Dearana Max TV

නාලිකා ලබාදේ.  නවත්වා ධාවනය කිරීම්, කැමති වැඩසටහන් ඉල්ලීම් වැනි විශේෂ පහසුකම් ඇති මෙම සේවාවේ වැඩි විස්තර www.peotv.com වෙතින් ලබාගත හැකිය.

වෙනත් නාලිකා http://www.peotv.com/channel_lineup.html

ගූගල් පිකාසා වෙබ් ඇල්බමය ඇත්තෙන්ම අපගේ ඡායාරෑප සුරැකීමට මෙන්ම ප්රකචාරයටද හොන්ද සේවාවකි. නොමිලේ ලබාදෙන මෙම සේවාව මගින් ගිගාබයිට් 1 දක්වා ඡායාරෑප ගූගල් ලබාදෙන තම අන්තර්ජාල වෙබ් අවකාශායේ තැනපත් කලහැකි අතර ඒවා ඇල්බම වශයෙන් හා ගූගල් සිතියමේ ස්ථාන වශයෙන් වෙන් වෙන් කිරීමට අවස්ථාව සලසාදෙයි. නමුත් මෙතුවක් කල් මේ සදහා ඡායාරෑප එක්කල හැකි වූවේ ගූගල් පිකාසා මෘදුකාංයෙන් හා එම අඩවියට පිවිසීමෙන් පමණි. නමුත් මෑතක සිට එම සමාගම හදුවාදෙන නව සේවාව මගින් තම ඡායාරෑප ඊමේල් මගින් ඇල්බමය‍ට එක් කිරීමට අවස්ථාව ලබාදේ.
ඒ සදහා මුලින්ම පිකාසා වෙබ් ඇලුබමයේ සෙ‍ටින්ග්ස් වෙත පිවිස එහි ඇති Upload Photos by Email කොටසින් තමන්ටම ආවේනික පිකාසා හි ඊමේලි ලිපිනයක් සකසාගත යුතුයි. ඒ සදහා තම රහස් වචනයක් ඇතුල් කල පසු තම පරිශිලක නාමය හා රහස් වචනය එක්ව තමාගේ පිකාසා ලිපිණය ලබාදේ. නමුත් මෙය ඕනෑම අවස්ථවක වෙනස්කරගත හැකිය.
එම සේවාව සක්රිෙය කරගැනීමෙන් පසු එම ලිපිනයට එවන පින්තූර හා විඩියෝ ඇමුනුම් සහිත ඊමේල් ඇල්බමයට ඇතුලත් කරලනී. මේ නිසා පරිගණකයක් නැතුව හෝ තම ඡා‍යාරෑප හා විඩියෝ ඇල්බමයට එක්කල හැකිය. එය ජංගම දුරකථනයෙන් උවද ගැ‍ටලුවක් නැත. ජංගම දුරකථනයෙන් ලබාගන්නා රෑප හා විඩියෝ එවෙලේම තම ඇල්බමයට මෙම සේවාවෙන් එක්කල හැකිය.
එමෙන්ම තම පවුලේ හෝ මිතුරන් එවන රෑප ස්වයංක්රිහයව මෙම ඇල්බමයට එකතුකරවීමට ඊමේල් වල සෙටින්ග්හි ෆිල්ටර්ස් හරහා එම රෑප ඇල්බමයේ ලිපිණය‍ට යැවිය හැක.

මේක අලුත් පැකේජයක් නෙවේ. දැනට ටිගෝ සමාගම තම පාරිභෝගිකයන්ට නොමිලේ
කෙටිපණිවිඩ සේවයක් ලබාදෙනව. එයට මාසික හෝ දෛනික ගාස්තු නෑ. කරන්න
තියෙන්නෙ ටිගෝ එකෙන් ‍කෙටිපණිවිඩ කීපයක් යැවූ විට ඔවුන් තව මෙපමන පණිවිඩ
සංඛ්‍යාවක් යැවූවිට කෙටිපණිවිඩ නොමිලේ වන බව පවසා කෙටිපණිවිඩයක් එවාවි.
මෙසේ දීමනාව බොහෝ දිනවල හිමිවන අතර එය ලබාගැනීමට කෙටිපණිවිඩ 2 සිට 8
දක්වා කෙටිපණිවිඩ යැවීමට සිදුවුවා. එය දිනය අනුව වෙනස් වේ. සමහර දිනවල
කෙටිපණිවිඩ 2න්ම නොමිලේ වෙන අතර සමහර දිනවල එසේ නොවේ.මෙයට ලාබම ක්‍රමය
මුලින් ටිගෝ වෙත කෙටිපණිවිඩ යැවීමයි. නොමිලේ දීමනාව හිමිවූ වි‍ට ඕනෑම
ජාලයකට නොමිලේ වේ.

ඇත්තෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුස්සෙක් වීම යනු සිසුන්ගේත් දෙමාපියන්ගේත් විශාල සිහිනයකි, බලාපොරොත්තුවකි. එහෙත් දැන් තත්වය වෙනස්ය. අ‍පගේ විශ්වවිද්‍යාල වලට සිසුන් යැවීමට දෙමාපියේ බියවෙති. සිසුන් අකමැතිවෙති.
මීට වසර කීපයකට පෙර රටේ හොදම අධ්‍යාපනය තිබුනේ විශ්විද්‍යාල තුලය. ඉන් බිහිවන්නෝ උගත් බුද්ධිමත් හැදියාවක් ඇති පිරිසක්ය.
නමුත් දැන් ……
මුලින්ම විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ විට එම සිසු සිසුවියන් නවක වදයට ලක්වෙති. මේ නවක වදය ඈත අතීතයේ සිටම පැවතුනත් දැන් එය අතීතයේ දෙන ලද්දේ විනෝදෙනි. ඉන් එම නවක වදයට ලක්වන සිසුන්ටද මානසික‍ හෝ කායික පීඩන නැත. එසේ කරනුයේ එම ප්‍රජාවට ගැලපෙන සේ නවක සිසුන් හැඩගස්සවා ගැනීමටය. එහෙත් දැන් හැඩගස්සවන්නේ සිරැරෙනි. ඒ බයිසිකල් චේන්, පොලු, මුගුරැ වැනි ආයුධ වල උදව්වෙන් මරණය හෝ බාගෙට මරණය අත්කර දෙමිනි.
ඉන්පසු අභ්‍යන්තර ගැටුම්ය. එහිදීත් සිසුන් දිවිදෙති, රෝහල් ගතවෙයි. ඒ අතර තුර පෙලපාලි හා උද්ගොෂණය. මෙම සිසුන්ට ඉගනීමට වඩා විසදීමට ඇත්තේ ලෝක ප්‍රශ්ණය.
මේ ආකාරයෙන් ඉගනීම සීමා වුනු විශ්වවිද්‍යාල ජීවිතය ඇත්‍තෙන්ම අමිහිරි කාලයකි. එම දෙමාපියන්ට දරැවන් යුද්ධයට ඇරියාටත් වඩා නිවසට එනතුරැ හිතේ සතුටක් නැත. එමෙන්ම පාසලෙන් ටිකක් හෝ හැදියාවක් ඇතිව විශ්වවිද්‍යාලය‍ට ඇතුලත්වන සිසුවා ඉන් එලියට එන්නේ කාඩයෙකු ලෙසය. ‍ඔහු මැරයෙකු‍ මෙන් සමානය.
මේ නිසා අද බොහෝ සිසුන් පාසැල් අධ්‍යාපනය අවසන් කර විදේශ ගතවෙයි. නැතිනම් පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙයි. එහෙත් නැතිබැරැ දෙමාපියන්ගේ දරැවන් එම දෙමාපියන්ට මෙම ‍බිල්ලට දීමට අකමැත්තෙන් හෝ සිදුවනු ඇත.

මොබිටෙල් ආයතන මගින් රජයේ සේවකයන්ට ලබාදෙන උපහාර පැකේජය එක් පුද්ගලයෙකුට
එකක් පමණි ලබාගත හැක්කෙ. විශ්‍රාමිකයන්ටත් මෙම පැකේජය ලබාගත හැකි. මේ
සදහා තම සේවා හැදුනුම්පත, ජාතික හැදුනුම්පත, ලිපිණය සනාත කිරීම‍ට බැංකු
පොතක් හෝ මාස තුනක් ඇතුලත බිලක් හා තම වැටුප් වාර්තාවක් (Pay Sheet)
අවශ්‍ය වනව.
මෙම වැ‍ටුප්වාර්ථාව තම වැඩකරන ස්ථානයේ ඉහල නිලධාරියෙක් ලවා සත්‍ය පිටපතක්
ලෙස සනාත කර නිල මුද්‍රාව සහිතව අත්සක්කර සහතික කලයුතුයි.
එමෙන්ම මෙම සියලු ලියකියවිලි අදාල රාජ්‍යය දෙපාර්තමේන්තුව වෙත
යොමුකිරීමක්ද සිදුකරනව.

දැන් ජංගමදුරකථන සේවා සපයන්නන් දිනෙන් දින අලුත් අලුත් දීමනා හදුන්‍වාදීම් අතරේ අලුත්ම හදුන්වාදීම තමා මොබිටෙල් සමාගම රාජ්‍යය සේවකයන්ට හදුන්වාදුන් රාජ්‍යයසේවය පිණිසයි පැකේජය.
මේ පැකේජය ලබාගැනීමට හිමිවිය යුතු එකම සුදුසුකම වනුයේ රාජ්‍යයසේවකයෙක් වීම පමණි. පසුගෙවුම් පැකේජයක් වන මෙම පැකේජයේ මාසික ගාස්තුව රැ 240/- කි. එනම් දිනකට රැ 8/- කි. මෙහි විශේෂත්වය ස්ථාවර අංක හෝ මොබිටෙල් වෙත ගන්නා ඇමතුම් නොමිලේ වීමයි. නොමිලේ කීවට මාසෙකට මිනිත්තු 1000කි පමණි නොමිලේ වන්නෙ.එනම් ආසන්න වශයෙන් දිනකට පැය භාගයකි.
නමුතු මෙම මිනිත්තු 1000ට අයත් වන්නෙ (ලබාගන්නා ඇමතුම් නොමිලේ වන්නෙ) රාත්‍රි 12 සිට සවස 6 වනතුරැ පමණි. සවස 6 සිට රාත්‍රි 12 වනතුරැ ස්ථාවර අංක හෝ මොබිටෙල් ගන්නා ඇමතුම් සදහා මිනිත්තුවකට සත 50කි. එමෙන්ම මෙම මිනිත්තු 1000 ඉක්මවූවිටත් ස්ථාවර අංක හෝ මොබිටෙල් අංකවෙත මිනිත්තුවක් සත 50 කි.
තවද අනෙක් ජාලයන් ( ජංගමදුරකථන) වෙත ගන්නා ඇමතුම් මිනිත්තුව රැ 3/- කි. ලැබෙන ඇමතුම් සියල්ල නොමිලේ වන අතර සබදතා ගාස්තුව රැ 1000/- කි.මොබිටෙල් වෙත කෙටිපණිවිඩයක් සත 25කි

දැන් ‍බොහෝ දෙනෙක් රන් දෙපැයට බොහෝ සේ දෝශාරෝපනය කරයි, එය නරබන්නන්ටද එ‍සේමය. ඇත්තෙන්ම එය විය යුතු දෙයක්. එහෙත් එම රන්දෙපැය නිසා ඇග බේරාගෙන තම අවශ්‍යයතාවයන් ඉටුකරගන්නා තව ප්‍රධාන එවැනිම නා‍ට්‍යය මාලාවකි. ඒ ස්වාධීන රෑපවාහිනිය හරහා විකාශය වන බ‍ට්ටී හා පබා නට්‍යය වේ. මේ නාට්‍යය මාලාවට රන් දෙපැය මෙන් නම් නැත. එහෙත් එහිත් රන්දෙපැයෙත් වැඩි වෙනසක් නැත.
එකම ආකාරයේ බොලද රසාස්වාදයක් උදෙසා නිර්මිත මෙම නාට්‍යය මාලාවෙන් අපේ බොහෝ දෙනා හොදට ගොනාට ඇදගෙන තිබේ. නමුත් රන්දෙපැයෙන් ගොන් රැල බේරාගැනීමට තැත් කලත් මෙම නාලිකාවේ නාට්‍යය ගැන කථාකිරීමක් නැත.
එකම දේ දිග් කර දිග් කර පෙන්වන මෙම නාට්‍ය වලට අපේ ජනතාව කොතරම් ‍ගොනාට ඇදත කියතොත් බොහෝවිට එම නාලිකාවේ වැඩිම මිල වෙලද දැන්වීම ප්‍රචාරය වන්නේ එම කාලය තුලය. ඇත්තෙන්ම මෙම කාලය තුල වෙලද දැන්වීම් මිස නාට්‍යය පෙන්වීමක් නැත. එක නාට්‍යයක් විනාඩි 40 ක් ලෙස ගතහොත් ඇත්තෙන්ම නාට්‍යය විකාශය වන්නේ විනාඩි 16.5 කට ආසන්න කාලයකි. එයිනුත් විනාඩි එක හමාරක් පසුගිය සතිය වෙනුවෙනි. ඉතින් එමනිසා නාට්‍ය විකාශය වන්නේ විනාඩි 15 කට ආසන්න කාලයකි. ඉතිරි විනාඩි 20 කටත් වැඩි කාලයක් වෙලදදැන්වීම් වලින් ආයතන ගිණුම් පුරවා ගනී.
‍එමෙන්ම මෙම ඇබ්බැහි වීම තුල අපි අපේම කාලයට, ජීවිතයට අමතරව මුදල් නාස්තියකි. මන්ද යත් මෙම නාට්‍යය මාලාවේ තප්පර 15ක වෙලද දැන්වීමකට දලවශයෙන් රැපියල් ලක්ෂයක් අයකරයි. තප්පර 30 ට රැපියල් ලක්ෂ දෙක හමාරකි. මේ ආකාරයට රැපවාහිනි ආයතන මුදල් ගරන අතරේ එසේ වෙලද දැන්වීම් ලබාදෙන වෙලද ආයතනත් ඒ වෙනුවෙන් විශාල මුදලක් වැයකරයි. දැනගත් ආකාරයට හෝර්ලික්ස් ආයතනය වෙලද දැන්වීම් වෙනුවෙන් දිනකට වැය කරන මුදල දල වශයෙන් රැපියල් මිලියන 15 කට වැඩිය.
නමුත් මේ ආයතන මෙසේ වැය කරන මුදලින් එම කිරිපිටි පැකට් එක රැ 10 කින් හෝ අඩුකර වෙලද පොලට නිකුත් කලේනම් එය වෙලද දැන්වීමට වඩා කොතරම් හිතකරද. නමුත් අපේ අය ඇදගෙන ඇති ආකාරයට එසේ නොකරයි. එමෙන්ම මෙම වෙලද දැන්වීම් මිල ඉහල දැමූ විට කිරිපිටි මිලත් ඉහල නගී.
මේවා අපි අපිම දාගන්නා තොප්පි ‍නොවේද?

- ගැරැවරයෙකුගේ දේශණයක් ඇසුරෙනි