මෙතෙක් කල රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට පමණක් සීමා වූ මොබිටෙල් මගින් ලබාදුන් උපහාර පැකේජය දැන් පුජ්‍යය පක්ෂයටත් ලබාදෙන බවයි ආරන්චිය. දැන් හැමතැනම පෝස්ටර් ගහල තියෙන්නෙ මේක මහින්ද චින්තනේ වැඩක් කියලයි. කෙසේවෙතත් මේක නිසා පුජ්‍යය පක්ෂයටත් දැන් ප්‍රතිලාභ අත්විදිය හැකිය
Gmail Video and Voice chat via Web Browser
මුලින්ම මේල් ගිණුමේ සිටම සංවාදයේ යෙදිය හැකි ක්‍රමයක් හදුන්වාදුන් ගූගල් සමාගම දැන් එම ක්‍රමය තවත් දියුන් කරමින් වෙනත් බාහිර මෘදුකාංගයක් රහිතව වෙබ් බ්‍රවුසරයේ සිටම හඩ හා විඩියෝ චැට් කරන ක්‍රමයක් හදුනවාදී තීබේ.
මේ ක්‍රමයට මුලින්ම http://mail.google.com/videochat මගින් ලබාදෙන ප්ලග්ඉනය ස්ථාපනය කරගච ඉන්පසු තම බ්‍රවුසරය ප්‍රතිපන ගැන්වීමෙන් මෙම සේවාව අත්විදිය හැකි අතර මුලින්ම ගීමේල් සෙටින්ග්ස් හි තම චැට් ටැබයේ තම වෙබ්කෑම් හා සවුන්ඩ් සැකසුම් සැකසීමෙන් පසු චැට් සේවාව අත්විදිය හැකි අතර වීඩියෝ චැට් සදහා දෙපාර්ෂවය හෝ අනෙක් පාර්ෂව සියල්ල මෙම ප්ලග්ඉනය ස්ථාපනය කරගතයුතු වෙනව.
Free GPRS – නොමිලේ දෙන GPRS සැරිසැරීම
දැනට මොබිටෙල් සමාගම GPRS සදහා වෙනමම පසුගෙව්ම් සිම්පතක් නිකුත් කරන අතර එහි මාසික ගාස්තුව රැ400 ක්ද මෙගාබයිට් එකක් රැ1/- ක් ද වේ. නමුත් පසුගෙව්ම් සබදතා වල මෙගාබයිට් 1, රැ 20/- ක් පමණ වේ. නමුත් මොබිටෙල් හි පසුගෙවුම් සබදතා සදහාත් එවන්ම මිල අඩුකිරීමක් ලබාදී තිබේ.
එය නොමිලේ ලබාදෙන අතර ඒ සදහා විශේෂ සබදතාවයක් මිලදීගැනීමටම අවශ්‍යය නොවේ. සාමාන්‍යය ස්මාට් පෙරගෙව්ම් සබදතාවයම මෙයට භාවිතාකල හැකි අතැර එම නොමිලේ ලබාදෙන මෙගාබයිට් 200 ලබා ගැනීමටනම් මෙම එක මාසෙක කාලයක් තුල ( 1 වෙනි දින සිට 31 දක්වා) තම සබදතාවයෙන් මෙගාබයිට් 20 ක් භාවිතා කිරීමක් එනම් රැ 400/- ක භාවිතා කිරිමක් අවශ්‍යය වේ. ඉන් පසු ඊලග මස මෙගාබයිට් 200 ක් නොමිලේ හිමිවේ. මෙය පසුගෙව්ම් සබදතා වලට අකමැති අයට හොන්ද විසදුමකි. මේ සදහාGPRS, 3G, HSPA යන තමා සිටින කලාපයේ ඇති සබදතාවයක් භාවිතාකල හැකිය
GTA IV නිකුත්වෙයි
Rockstar Games හි අභිමානවත් නිශ්පාදනයන් වන GRAND THEFT AUTO හි නවතම සංස්කරනය GRAND THEFT AUTO IV නමින් මෙම මස 18 වැනි දින පරිගණක සදහා වන සංස්කරනය නිකුත්වීමට නීයමිතය
වැඩි විස්තර – www.rockstargames.com/iv
මොබිටෙල් සමාගම තම කෙටිපණිවිඩ ගාසුතු ඉහල දමයි.
දැන් සමහර සමාගම් ලැබෙන ජාත්‍යන්තර ඇමතුම් වලටත් ගෙවුවත් මෙතෙක් කල් දිගට හරහට ඇමතුම් ගාස්තු අඩුකරමින් සිටි මොබිටෙල් සමාගම හිටි හැටියේම තම ජාත්‍යන්තර කෙටිපණිවිඩ ගාස්තු ඉහල දමා ඇත. මීට පෙර තිබූ රැ 2/- ක කෙටිපණිවිඩ ගාස්තුව දැන් රැ 5/- දක්වා ඉහල දමා ඇති අතර ඒ නව ගාස්තු මෙම මස පලමු දින සිට ක්‍රියාත්මක වේ.දේශිය ග්‍රාහකයන්ට වැඩි බලපෑමක් නැතත් ජාත්‍යන්තර කෙටිපණිවිඩ යවන්නනට මෙය පාඩුවකි
මොබිටෙල් මගින් නීති අනතුරේ දැමීම
දැන් මොබිටෙල් මගින් ලබා දෙන උපහාර පැකේජය නොගන්නා කෙනෙක් නැති තරම්. මේ දවස් වල තාම මොබිටෙල් කාර්යාල වල මාර සෙනග. මෙහෙම පැකේජ තියන එකනම් හොන්දා. ඒත් එමගින් නිසි ලෙස තම යුතුකම වගකීම ඉටු නොවන්නේනම් කුමක් කරන්නද?
මීට මාසෙකට පෙර ගත්ත මොබිටෙල් සිම් එකවත් තාම අයිතිකරැගේ නමට ලියාපදින්චි කරල නෑ. හිමිකාරත්වය පරික්ෂා කලාම නැවත ලියාපදින්‍චි කරන්න කියනව. මෙයාලට මෙචිචර පාරිබොගිකයො ඉදලත් ඒ අය ගානට සැපයුම දීගන්න බැරිකම මෙයින් පෙනී නොයයිද? රටේ ආරක්ෂාවට කියල ගෙනාපු මේ නීතියට මේ නිසා බලපෑමකි වෙනවනම් ඒක කොච්චර නරකද?
මෙයාල අපිට හිමිකාරත්වය තහවුරැ කිරීමට දෙන කාඩ්පතේවත් තම නම, ජාතික හැදුනුම්පත් අංකය නෑ. ඒක ගෙදර ඇවිත් අපිම ලියාගන්න ඕනෙ. ඉතින් මේ සිම් පතින් ඕනෙම කෙනෙක්ට තම නම ඒ කාඩ්පතේ ලියන් භාවිතා කරන්න පුලුවනි.
Work With My Friends or IM in Mobile phone
තම දුරකථනයේ මැසේජ් වල මේල් බොක්ස් මෙන්ම මයි ෆ්‍රෙන්ඩ් නැතිනම් IM නමින් මෙනුවක් තිබුනාට බොහෝ දුරට ඒ සමග මීට පෙරවැඩ කර නැතිව ඇති. නැතිනම් එමගින් සිදුවනදේ බොහෝ දුරට නොදන්නවා ඇති. මෙම මෙනුව ඇත්තේ Instant Massage හෙවත් චැට් සේවාව සදහාය. එම සේවය භාවිතාකිරීමට ප්‍රථම ඒ සදහා නොමිලේ සේවය සපයන අඩවියක ලියාපදින්චි විය යුතුවේ. ඒ සදහා Yamigo.com වැනි අඩවියක ලියා පදින්චි වී අනතුරැව තම දුරකථනයේ සැකසුම් සිදුකල යුතු වේ.
ඒ සදහා
User name- තම ලියාපදින්‍චි නාමය
Password – තම ලියාපදින්චි වු රහස් පදය
Server – http://www.yamigo.com/wv/control
ලෙස සකසීමෙන් පසු මෙම සේවය පවත්වාගත හැකි අතර තම සේවා සපයන්නා ඩයලොග්නම් ලාබ දායක වේ. නැතිව සෑම සම්බන්ධ වාරයකටම රැ 2/- බැගන් අය වුවහොත් එය ගැටලුසහගත තත්යක් ඇති කරාවි.
සම්බන්ධ වීමෙන් පසු තම නාමය ආදිය සාදා මාර්ගගත මිතුරන් සමග සංවාදයේ යෙදිය හැකිය. මේ සදහා GPRS ගාස්තු පමණක් අයවේ.
ස්ථාවර දුරකථන මිල අඩුවෙයිද?
ඉස්සරනම් ජංගම දුරකථනයකින් ඇමතුමක් ගන්නවට වඩා හැම වෙලාවෙම බලන්නෙ ස්ථාවර දුරකථනයකින් ගන්නයි. ඒත් දැන් තත්වය බොහෝ වෙනස්. දැන් ජංගම දුරකතන ඇමතුම් ගාස්තු දාගෙන අඩු කරගෙන යනව. බොහෝවිට මේ හේතුව නිසා දැන් ජංගම දුරකථනය, ස්ථාවර දුරකතනයට වඩා භාවිතා කරන අය අනන්තවත් ඇති.
ඒත් මේ යන විදි හට ස්ථවර දුරකථන සේවා සපයන්නනුත් තම ඇමතුම් අඩු කලොත් කොහොමද? ඒත් ඒගැනනම් තාම ආරංචියක් නෑ. මොනව උනත් ලගදි ටෙලිකොම් අඩු කලා කීවට ආරමුභක ගාස්තු දාපු නිසා අඩුකිරීමක් උනේ නෑ වගේ. අනික ස්ථාවර දුරකථන වල ටෙලිකොම් ඇරෙන්න අනිත්වගෙ බද්ධත් 100%ට ආසන්න වෙන්නම වැඩිනෙ. ඉතින් ටෙලිකොම් අඩුකරන එක තමා ඇගට දැනෙන්නෙ.
අනික මගෙ නිගමනයට අනුවනම් අපේ ප්‍රමුක පෙලේ වයර් රහිත ස්ථාවර දුරකථන සපයන්නන්ගෙ සේවාවත් හොන්ද නෑ. ඇමතුම් බොහෝ වෙලාවට ගන්න අමාරැයි. ලයින් බිසී. මේ අතින් ගත්තහම ටෙලිකොම් වයර් සබදතා මරැ. ඒකෙ මාසිකව නොමිලේ කථා කාලයකුතු හම්බෙන නිසා.
Lanka Bell තම පාරිභෝගිකයා සූරාකෑම
ඇත්තෙන්ම දේශීය සමාගමක් කීවට ලංකාබෙල් නම් වැඩක්ම නෑ. මම හිතන්නෙ දැනට වැඩිම ඇමතුම් ගාස්තු ඇත්තෙ මේගොල්ලන්ගෙ. ඇමතුමක් ගත්ත ගමන් රැ 3.39/- ක් කපලයි වැඩේ පටන් ගන්නෙ. අන්තර්ජාල පහසුකමත් එමමයි.
අපේ ගෙදර ලංකාබෙල් එකේ කෝල් ගන්න බෑ. එන්නෙ නෑ කියල කීවහම ඇවිත් ඇන්ටනාවක් ගැහුවා. ඒක තමා එයාල wireless කියන්නෙ. අපේ එක දැන් හෙල්ලුම් less තමා. මෙයාලගෙ හැමදේම less තමා.
ලංකාබෙල් එක කාමරේ තිබිල ගෙදර අලුත් වැඩියා කටයුතු වලදි ඒකෙ ඇන්ටනා වයර් ගලවල වෙන තැනකට ගත්ත. අන්තර්ජාලෙ යන්නබැරි තරම් මන්දගාමී නිසා මෙයාගෙ පාරිභෝගික සේවයට ගන්න හැදුව. කොහෙද…. ඒකටවත් ගන්න බෑ. ලයින් එක බිදවැටෙනව. සිග්නල් යනව එනව. අන්තිමේට වෙන දුරකථනයකින් ගත්ත. ඒපාර හරි. අපරාදෙ කියන්න බෑ පහුවෙනිදම කට්ටිය ආව. ඇවිත් අන්ටනාවෙ වයර් ගලවපු නිසා මුකුත් කරන්න බෑ, කාර්යාලයට ඇවිත් ගානක් බැදල කියන්න කීව. මේක මාර ලෝකයක්. අර වයර් ඇදල දෙන ටෙලිකොම් වලවත් මෙහෙම කරදර නෑ. ඕනෙ තැනකට ගන්න පුලුවන්.
අන්තිමේට මේව ගත්ත අපි තමා වැරදි. මේ දුරකථන සම්බන්ධතාවය නවත්වනවනම් අපි 14000/- ගානක් දීල ගත්ත දුරකථනය මෙයාලට බාරදෙන්න ඕනෙලු. කීයක්වත් ඩිපොසිට්වත් දෙන්නෙ නෑලු. 14000/-ම වතුරෙලු. මාර වැඩනෙ. අනෙක් සේවාසපයන්නන්ගෙනම් මොහම නෑ
Nokia Securiry Code Reset කිරිමට පහසු මගක්
තමා සතුව ඇති නොකියා දුරකථනයේ සිකියුරැටි කෝඩ් එක නොදන්නවානම්, බොහෝවිට නව සිම් පතක් ඇතුල් කිරීමේදී හෝ කීපෑඩ් ලොක් එක ඉවත් කිරීමේදී සිකියුරැටි කෝඩයක් ඉල්ලනවා ඇති. ඒ සදහා තමා දමා ඇති කෝඩය අමතක වෙලානම් හෝ තමා නොදන්නා
කෝඩයක් දමා ඇතිනම් එය ඉවත් කිරීමට බොහෝ දුරට නැවත මෘදුකාංග ස්ථාපනය කලයුත්වේ. නමුත් සිම් වල PUK වැනි දුරකථන වල MASTER CODE එක ඇතුලත් කිරීමෙන් තමාට නව කෝඩ් එකක් දමාගත හැකිවේ. මේ සදහා පහත අඩවියට ගොස් තම දුරකථනයේ IMEI කෝඩ් එක ( බැටරිය දමන තැන සිටිකරයේ හෝ දුරකථනයේ #06# ඩයල් කිරිමෙන්) ඇතුලත් කර එහි මාස්ටර් කෝඩ් එක ලබාගත හැකිවේ.