ඉල්ලුමට සැපයුම් දීගත නොහැකිව අසරන වූ මොබිටෙල්

මොබිටෙල් සමාගම දැන් දිග‍ට හරහ‍ට මිල අඩු කරමින් අමුතු අමුතු දීමනා දීගෙන දීගෙන යනව. මම හිතන්නෙ නොවැම්බර් දියහ අලුතින් එනව කියන එකට බයේද මන්ද. මොනව නමුත් මේ දීමනා නිසා ‍අනෙක් ජාලයන්ගේ ඉන්න බොහෝ දෙනා මොබිටෙල් වෙත හැරීමක් මෑතකදි සිදුවෙමින් පැවතුනා. විශේෂයෙන් උපහාර පැකේජය එලිදැක්වීමත් සමග බොහො ‍‍රාජ්‍යය සේවකයන් උපහාර ගත්ත. ඒක නිසා මොබිටෙල් වල මාර පෝලිම. අර කාලෙක ටෙලිකොම් වලට සිම් දුන්න වගේ, පෝලිම. දැන් බොහෝ දෙනා ‍‍රාජ්‍යය සේවකයො හොය හොයා මේ සබදතාවය ලබාගත්ත. මමත් එකක් හොයාගත්ත. මොකද මාස 6 කින්ද කොහෙද තම නමට මේක හරවගන්න පුලුවන්නෙ.

ඒත් මේ සිම් එකේ තිබෙන දීමනා අත්විදින්න සම්පුර්ණයෙන්ම බෑ. හදිස්සියක‍ට ගිණුම පරික්ෂාකරගන්නවත්, ‍පාරිභෝගික සේවයට ගන්නවත් බෑ. හැම වෙලාවෙම නෙට්වර්ක් එක කාර්ය බහුලයි, නැතිනම් සබදතාවය බිද වැටෙනව. අනික් සබදතා වලටත් එමමමයි, විශේෂයෙන් තවත් මොබිටෙල් දුරකථනයක් වෙත ගන්නනම් මාර දුකක් විදින්න වෙනව. අඩුම තරමෙ දෙතුන් වතාවක් උත්සහ කරල තමා ගන්න වෙන්නෙ. පාරිභෝගික සේවයෙත් හෙන වෙලා ඉන්න ඕනෙ. ඉතින් ගිණුම පරික්ෂාකරගන්න බෑ කීවහම?.අන්තිමේට කෙටි පණිවිඩේකින් පරික්ෂාකලේ.

අද මම තව මොබිටෙල් දුරකථනයකට ගන්න පැය බාගයක් විතර ට්‍රයි කලා. බැරිම තැන අල්ල දැම්ම. කෙටි පණිවිඩ සේවයත් එමමයි, සමහර වෙලාවට එක දිගට පණිවිඩ යවන්න බරිවෙන වෙලාවල් අනන්තයි. මේ ක‍ට්ටිය වෙලද දැන්වීම් වලනම් දානව මිස්කෝල් ඇලට් තියන කියල. ඒත් ඒක ගන්න ඒක‍ට්ටියගෙ පාරිභෝගි සේවයට කථාකරල එයාලගෙ ගෑස් බලල. දවස් දෙක තුනක්වත් මතක් කරාම තමා ඇලර්ට් දාන්නෙ. අනෙක් යාලුවොත් කියනව මමත් කථාකලා ඒත් ඇලර්ට් නෑ කියල. බැරිම තැන ඒ නිළධාරියකගේ දෙමාපියන් සිහි කරල අල්ලල දාල.

මෙතරම් පාරිභෝගිකයන් සිටියත් ඒ අනුව මෙයාල‍ට සැපයුම දීගත්තනම් කොච්චර හොන්ද වේවිද?

වදුරාට දැලිපිහිය වන් නොමිලේ ලබාදෙන ඇමතුම්

දැන් බොහෝ ජංගමදුරකථන  සේවා සපයන ආයතන තම ග්‍රාහකයන්ට නොමිලේ ඇමතුම් කාලයක් දිනයකට හෝ මාසෙකට යම් මිනිත්තු ප්‍රමාණය ගණනේ ලබාදීමක් කරනව. ඇත්තෙන්ම එය ‍හොන්ද කාරනයක්. නමුත් මෙම ඇමතුම් ප්‍රමාණයම බොහෝ දෙනා සම්පූර්ණයෙන් භාවිතා කර‍න්නේ නෑ. මේ අතරින් සමහරැන් ඒ ලබාදුන් ඇමතුම් කාලයෙන් හිතෙන හිතෙන අයට අංක හදමින් ඇමතුම් ලබාගන්නා ආකාරය අනන්තවත් ඇති අතර එමෙන්ම තමා දන්නා අයටද හිංසාකාරීලෙස මෙම ඇමතුම් දීම සිදුකරනු ලබනව.

නොමිලේ ලබාදීම් හුරැනැති අපේ උදවිය මේ නොම්ලේ ලබාදීමෙන් උපරීම ප්‍රයෝජන ගන්නයි උත්සහය. හරියට ඇෆ්ගනිස්තාන කාන්තාවන්ගේ නීති ඉවත්කලා ලෙස.

Tigo Incoming Free – පෙරගෙවුම් සබදතාවයේ ලැබෙන ඇමතුම් නොමිලේ

දැන් ටිගෝ ග්‍රාහකයන්ට ලැබෙන ඇමත්‍රම් සියල්ල නොමිලේ පහසුකම කිසිම
අයකිරීමකින් තොරව ලබාදේ. ඒ අනුව ටිගෝ පෙරගෙවුම් සබදතාවෙත අන් සියලු ජාල
වලින් ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන් නොමිලේ වන අතර ඒ සදහා කිසිදු මාසික හෝ
දෛනික අයකිරීමක් සිදු නොකරන අතර කිසිම අවම භාවිතා කිරීමක් හෝ කොන්දේසියක්
නැත.

Dialog My M10 – ස්ථාවර දුරකථන 5 දක්වා වැඩි කරයි

දැන් අලුතින් හදුන්වා දුන් ඩයලොග් බ්ලාස්‍ටර් පැකේජයත් සමග මයි 10 පහසුකමටත් නව දීමනා දී තිබේ. ඒ මෙතෙක් පැවති උපරිම ස්ථාවර අංක 2, අංක 5 දක්වා වැඩිකර ඇති අතර එම ස්ථාවර අංක සදහා ගන්නා ඇමතුම් වල මිල රැ 1/- දකාවා අඩුකර ඇත. මයි 10 ඩයලොග් අංක සදහා ගන්නා ඇමතුම් මිල ශත 50 කි. මේ සියල්ල සදහා මාසික ගාස්තු නැත. පැකේජ ගාස්තු පමනි

CPUZ – පරිගණකයේ සියලු වතගොත ලබාදෙයි

මෙය ස්ථාපනය කිරිමකින් ‍‍‍‍තොරව ධාවනය කල හැකි කුඩා මෘදුකාංගයකි. මෙමය ධාවනය කිරීමෙන් තම පරිගණකයේ සියලු වතගොත ලබාගත හැකිය. මවු පුවරැවේ නිශ්වපාදන වර්ගයේ සිට සියල්ම වේගයන් හා අනෙකුත් සැකසුම් ලබාගත හැකිය.

Processor, Ram ආ‍දී අනෙකුත් උපාංග වලත් තොරතුරැ ලබාදෙන මෙම මෘදුකාංගය වින්ඩෝස් ඕනෑම පද්ධතියක ස්තාපනයෙන් තොරව ධාවනය කල හැකිය.

නොමිලේ බාගැනීසට – http://www.cpuid.com/cpuz.php

Cheap Massage Sending Method – ලාබ ක්‍රමයට දිග කෙටිපණිවිඩ යැවීමේ ක්‍රමයක්

සාමාන්‍යයෙන් කෙටිපණිවිඩයක් යැවීමේදී එය‍ට ශත 25 සිට රැ 2 දක්වා මුදලක් අය වුවත් එයින් යැවිය හැක්කේ අකුරැ 160 ක් පමණි. නමුත් තම දුරකථනය MMS හා Email හෝ Java සදහා අනුකූලතාවයක් දක්වන්නේනම් ලේසියෙන් මේකටයුත්ත කරගත හැකිය.

මෙහිදී අසීමත අකුරැ ප්‍රමාණයක් ඩයලොග් දුරකථනයකින්නම් ශත 30 සිට ශත 80 දක්වා මුදලකට යැවිය හැක. අනෙක් ජාලයන් GPRS සම්බන්ධ වීමට රැ 2.61 ක මුදලක් අයකරනු ලබයි.

කියවීමට මොබිටෙල් හෝ ‍ටිගෝ දුරකථන‍යකින්නම් නොමිලේද, ඩයලොග් දුරකථනයකින්නම් උපරැම ශත 30කටද කියවිය හැකිය.

යැවීම –

මෙය පරිගනකයෙන් ඊමේලි පණිවිඩයක් ලෙස හෝ නැතිනම් දුරකථනයේ ඇති Mail Box, Email යන අංගයේ සැකසීම් කිරීමෙන් Pop3 ‍හෝ Imap හරහා ඊමේලි පණිවිඩයක් ලෙස අනෙක් දුරකථනයට යැවිය හැකිය. Mail Box, Email හි සැකසුම් සකසාගැනීමෙන් අනතුරැව කෙ‍ටිපණිවිඩයක් ආකාරයටම යැවිය හැකිය.

යැවිය යුතු ලිපිණ –

ඩයලොග් - 94 <දුරකථන අංකය> @mms.dialog.lk Eg- 94771122113@mms.dialog.lk

මොබිටෙල් 94 <දුරකථන අංකය> @mms.mobitel.lk Eg – 94719169516@mms.mobitel.lk

ටිගෝ 94 <දුරකථන අංකය> @mms.tigo.lk Eg – 94725516696@mms.tigo.lk

ලබාගැනීම

මෙම පණිවිඩය යැවීමෙන් පසු තම දුරකථනයට කෙටි පණිවිඩයක් ආකාරයෙන්ම සුලු මොහොතක් ඇතුලත එම පණිවිඩය බාගත කිරීමෙන් කියවිය හැකිය. මේ සදහා මොබිටෙල් හා ටිගෝ කිසිදු අයකිරීමක් නොකරන අතර ඩයලොග් පමණක් උපරැම ශත 30 ක් පමණ අයකරයි.

මෙම පණිවිඩ සදහා වෙනත් රෑප හෝ ඇමුනුත් ඇතනම් මිලගනන් එම ඇමුණුම් වල ඉඩ අනුව වෙනස් වේ.

එමෙන්ම පණිවිඩ යැවීමට Mail Box, Email පහසුකම නැතිනම් Gmail හි මොබයිල් මෘදුකාංගය බාගැනීමෙන් එය හරහාද යැවිය හැකිය. එහිදී මොබිටෙල් ‍හෝ ටිගෝනම් පණිවිඩය කොපි කරගෙන හෝ සිටීම හොන්දය. නැතිනම් නැවත නැවත GPRS සම්බන්ධ වීමේදී ඒ සදහා රැ 2.61 බැගින් අයකෙරේ. නමුත් ඩයලොග් වල මෙම සබදතාගාස්තු නැත.

Mail Box, Email හා සැකසුම් සකසා ගැනීමට Gmail හෝ POP3, IMAP සහය දක්වන ඊමේ‍ල් සේවා සපයන්නෙක්ගේ POP3 හෝ IMAP සක්‍රිය කිරීම අවශ්‍යය වන අතර එහි සැකසුමු සකසා ගැනීමට POP3 හෝ IMAP සකසුම් සකසන අයුරැ කියවා බලන්න.

කෙටිපණිවිඩ ලැබීමේදී මොබිටෙල් හෝ ටිගෝ හි APN (Access Point Name) නාමය MMS සදහා දෙන නාමය විය යුතුය. නැතිනම් නියවන විටත් අයකෙරේ.

My Phone Explorer මගින් දුරකථනය හැසිරවීම පහසු කරයි

මේක කුඩ මෘදුකාංගයක්. හැබැයි වැඩ ගොඩයි. සාමන්‍යයෙන් තම ජංගම දුරකථනය සමග ලැබෙන මෘදුකාංගයට වඩා වැඩි යමක් කරගැනීමට නමි හොන්දම මෘදුකාංගය මයි ෆෝන් එක්ප්ලෝරා. එහි විශේෂාංග රැසකි. තම සෝනි එරික්සන් දුරකථනය USB හරහා Phone Mode හෝ Bluetooth නැතිනම් IR හරහා තම පරිගණකයට සම්බන්ධකර මෘදුකාංගයේ ඇති Search Device ක්ලික් කල පසු තම දුරකථනය පහසුවෙන් හදුනාගන්නා අතර ඉන්පසු එහි ඇති සිටලු දේ මෘදුකාංගය මගින් බාගත කරගනු ලබයි.

ඒ අතර දුරකථන නාමාවලිය, කෙටිපණිවිඩ, කැලැන්ඩරය වේ. මෙසේ බාගතකරගනු ලබන තොරතුරැ පහසුවෙන් සොයාගත හැකි පරිදි වර්ග කරනු ලබන අතර, ඒවා වෙනස් කිරීමට මෙන්ම නව ඒවා එක් කිරීමටද මෙමගින් හැකියාව ඇත.

එලාම් තිබීමට, ෆයිල් කොපි කිරීමට මෙන්ම දුරකථනයේ මතකයන් වෙන වෙනම දැනගැනීමට, සිග්නල් තත්වය බැලීම මෙන්ම කෙටිපණිවිඩ යැවීමටද හැකියාව ඇත. මෘදුකාංගය Tray එකට හෝ Minimize කර ඇති විටද ලැ‍බෙන කෙටිපණිවිඩ පවා බැලුනයක ආකාරයට පෙන්නුමු කරයි. එමෙන්ම ඇමතුම් ගැනීමට, එන ඇමතුම් වල‍ට ප්‍රතිචාර දීමට, මෙන්ම දුරකථකනයේ යතුරැපුවරැව පරිගණකයෙන් පාලනය‍ට මෙමගින් මනාව අවස්තාව සලසා දෙයි.

දුරකථනය කලමනාකරනයට පමනක් නොව පරිගණකය හරහා දුරකථනය පරිහරනයටද මෙය හොන්ද මෙවලමකි.

බාගැනීමට – http://www.fjsoft.at/en/downloads.php

‍SLT Home vs Busness ටෙලිකොම් හෝම් හා බිස්නස් අන්තර්ජාල සේවා වේග වෙනස

මෙහි ටෙලිකොම් හි හෝම් අන්තර්ජාල සබදතාවය හා බිස්නස් සබදතාවය අතර වේගයන්ගේ සැසදීමක් ඇති අතර මුල් ප්‍රස්තාරය බාගත කිරීමේ වේගය වේ. එය සබදතා වේගය හි ප්‍රතිශතයක් ලෙස දක්වා ඇත. ‍

12මෙහි සේවා සපයන්නාගේ ඩොමේන පරිශීලනයේදී බාගත වේගය ප්‍රකාශිත වේගයට ආසන්න අගයක් ගත්තත් අනෙක් ඩොමේන එනම් දේශිය හා විදේශීය පරිශීලනයේදී බාගත වේගය නියමිත වේගයට ආසන්න වේගයක්වත් ලබානොදේ. එහෙත් ප්‍රතිශතයක් වශයෙන් හෝම් පැකේජය හොන්ද වේගයක් ලබාදේ.13

එය දෙනව ප්‍රස්ථාරයෙන් මනාව පැහැදිලි වේ. එනම් බිස්නස් පැකේජයේ 2MB වේගය උවත් එය ‍දේශීය හා විදේශිය ඩොමේන පරිශීලනයේදී බාගත වේගය 512Kbps‍ට වඩා අඩු අගයකට පැමිනේ. එය ප්‍රකාශිත අගයට වඩා 75%ටත් වඩා අඩුවේගයකි. නමුත් 512kbps සබදතාවයේ එම අඩු‍වීම එතරම් වැඩිප්‍රතිශතයක් නොගන්නා අතර එම සබදතා දෙකම විශේෂයෙන් අන්තර්ජාතික ඩොමේන පරිශීලනයේදී බාගත වේගය ආසන්න වශයෙන් එකම වේගයක් ලබාගනී. එනම් බිස්නස් පැකේජයත් හෝම් පැකේජයේ වේගයටම පැමිනේ.

තෙවන ප්‍රස්තාරය උඩුගතකිරීමේ වේගයන් ප්‍රකාශිත අගයේ ප්‍රතිශතයක් ලෙස දැක්වේ.14

මෙහිදී සේවා සපයන්නාගේ හා දේශිය ඩොමේනයන් හා උඩුගත කිරීමේදී ‍ප්‍රකාශිත අගයට ආසන්න අගයන් ලබාදේ. නමුත් අන්තර්ජාතික ඩොමේන හා උඩුගත කිරීමේදී හෝම් පැකේජය ප්‍රකාශිත අගයට ආසන්න අගයක් ලබාදුන්නත් බිස්නස් පැකේජය ආසන්න වශයෙන් 50%ට ‍වඩා අඩුවේ. එනම් හොම් පැකේජය නියමිත අගයන් ආසන්න වශයෙන් හෝ ලබාදේ.

මේ අනුව සැසදීමේදී හෝම් පැකේජය ප්‍රකාශිත වේගය මෙන්ම හොන්ද වේගයක් ලබාදේ. නමුත් බිස්නස් පැකේජය අන්තර්ජාතික ඩොමේන පරිශීලනයේදී ආසන්න වශයෙන් හොම් පැකේජයේ වේගයනගේ ගානට අඩුවේ

යතුර –

ISP – සේවා සපයන්නාගේ ‍ඩොමේනයන්

L – දේශීය ඩොමේනයන්

INT – අන්තරජාතික (විදේශීය) ඩොමේනයන්

WD – සතියේ දින

WE – සති අන්තයේ දින

New Version of My Phone Book – මයි ෆෝන් බුක් අලුත් වෙයි

තම සබදතා ක්‍රමයත්ව හැසිරවීමට මා විසින් නිශ්පාදිත මයි ෆෝන්බුක් මෘදුකාංයේ නව සංස්කරනය දැන් එලිදක්වා තිබේ. පෙර සංස්කරනය වි‍න‍්ඩෝස් විස්‍ටා සමග හොදින් සහය නොදැක්වුවත් මෙය හොදින් සහය දක්වයි. එමෙන්‍ම කන්ටැක්‍ට් මැනේජර්, ඉම්පෝට් හා එක්ස්පෝට් නව උපාංග සමග නොමිලේ ලබාදෙන මෙම මෘදුකාංගය www.mypb.co.cc වෙතින් බාගත හැකිය