Speed Test of Sri Lanka ISP – ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන්ගේ වේගයන්

LIRNEasia අඩවිය විසින් ලංකාවේ ප්‍රධාන අන්තර්ජාල සේවා සපයන් ආයතනයන් වන ටෙලිකොම් හා ඩයලොග් හි සබදතාවයන්ගේ වේගයන් පරික්ෂාකර ලබාගත් ප්‍රතිපලයන් සැසදීමක් හා ඉන්දියා හා සිංගප්පූරැ සේවා සපයන්නන් හා සැසදීමකක සිංහල සමාලෝචනයක් මෙම ලිපියේ ඇත.

ප්‍රකාශිත ප්‍රධාන සබදතා හා වේගයන් වර්ග

1

ව්‍යාපාරික සබදතාවයන් සේවා සපයන්නාගේ ඩොමේන් පරිශිලනයේදී බාගත කිරීමේ කිරීමේ වේගය

2

· ප්‍රකාශිත වේගයම ‍නොමැති උවත් 75% වට වඩා වැඩි අගයක පවතී.

· සබදතාදෙවර්ගයම සම සම මට්ටමි වල පවතී

ව්‍යාපාරික සබදතාවයන් දේශිය ඩොමේන් පරිශිලනයේදී බාගතකිරීමේ වේගය

3

· ප්‍රකාශිත අගයෙන් 50%කවත් වේගයක් ලබානොදේ.

· ඩය‍ලොග් ට වඩා ටෙලිකොම් සබදතාවය ඉදිරියෙන් සිටී

ව්‍යාපාරික සබදතාවයන් අන්තර්ජාතික අඩවි පරිශිලනයේදී බාගතකිරීමේ වේගය

4

· ප්‍රකාශිත අගයෙන් 25%ක්වත් නොමැත.

· ඩය‍ලොග් ට වඩා ටෙලිකොම් සබදතාවය ඉදිරියෙන් සිටී

ලංකාවේ හා ඉන්දියාවේ සබදතාවයන් සේවා සපයන්නාගේ ඩොමේනය පරිශිලනයේදී බාගතකිරීමේ වේගය

5

· ඉන්දියාවට වඩා ශ්‍රීලංකා‍වේ සේවාසපයන්නන් සුලුවශයෙන් ඉදි‍රියෙන් සිටී

ලංකාවේ හා ඉන්දියාවේ සබදතාවයන් දේශීය ‍ඩොමේන පරිශිලනයේදී බාගතකිරීමේ වේගය

6

· ශ්‍රී ලංකාවට වඩා ඉන්දියා‍ව ඉදිරියෙන් සි‍ටී. නමුත් ලංකාවේ ටෙලිකොම් හි හෝම් පැකේජය ඉන්දීය සබදතා සමග සි‍ටී

ලංකාවේ හා ඉන්දියාවේ සබදතාවයන් අන්තර්ජාතික ‍ඩොමේන පරිශිලනයේදී බාගතකිරීමේ වේගය

7

· ඉන්දීය සබදතා යම්වශයෙන් වර්ධනයක් පෙන්නුම්කරයි.

ලංකාවේ හා සිංගප්පූරැවේ සබදතාවයන් අන්තර්ජාතික ‍ඩොමේන පරිශිලනයේදී බාගතකිරීමේ වේගය

8

· ලංකාවට වඩා සිංගප්පූරැවේ සබදතාවය ඉතා හොන්ද මට්‍ටමක පවතී

ව්‍යාපාරික සබදතාවයන් සේවා සපයන්නාගේ ඩොමේන් පරිශිලනයේදී උඩුගත කිරීමේ වේගය

9

· ප්‍රකාශිත වේගයම ‍නොමැති උවත් 50% වට වඩා වැඩි අගයක පවතී.

· ඩය‍ලොග් ට වඩා ටෙලිකොම් සබදතාවය ඉදිරියෙන් සිටී

ව්‍යාපාරික සබදතාවයන් දේශිය ඩොමේන් පරිශිලනයේදී උඩුගතකිරීමේ වේගය

10

· ප්‍රකාශිත වේගයම ‍නොමැති උවත් 50% වට වඩා වැඩි අගයක පවතී.

· ඩය‍ලොග් ට වඩා ටෙලිකොම් සබදතාවය ඉදිරියෙන් සිටී

ව්‍යාපාරික සබදතාවයන් අන්තර්ජාතික අඩවි පරිශිලනයේදී බාගතකිරීමේ වේගය

11

· ප්‍රකාශිත අගයෙන් 35%ක්වත් නොමැත.

· ඩය‍ලොග් ට වඩා ටෙලිකොම් සබදතාවය ඉදිරියෙන් සිටී

 

තොරතුරැ සදහා අනුග්‍රහය – LIRNEasia 0

Free 1000Minuits In Dialog – ඩයලොග් මාසිකව විනාඩි 1000ක් නොමිලේ

දැන් ඩයලොග් සමාගම මොබිටෙල් උපහාර මෙන් පැකේජයක් හදුන්වා දී තිබේ. ඩයලොග් බ්ලාස්ටර් නමින් හදුන්වන මෙම පැකේජයෙන් මාසිකව ඩයලොග් වෙත මිනිත්තු 1000 ක නොමිලේ ඇමතු‍ම් කාලයක් හිමිවේ. එම සීමාවව ඉක්ම වූවිට ඩයලොග් වෙත ගන්නා ඇමතුම් සදහා විනාඩිය‍ට රැ 2 /- ක් අයකෙරේ. මයි10 නම්බර සදහා විනාඩියක‍ට ශත 50කි
අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම් නොමිලේ නොවන අතර ඒ සදහා විනාඩියට රැ 3/- ක් අයකරයි. එමෙන්ම ඒ සියලු ගාස්තු තප්පරයට අයකිරීමක් සිදුකරන අතර ඩයලොග් අංක සදහා කෙටි පණිවි‍ඩයක් ශත 50 ක් ද ස්ථාවර අංක සදහා කෙටිපණිවිඩයක් රැ1/- ක් ද වේ.
නව සබදතාවයක මිල රැ 1000/- ක් වන අතර දැන‍ට පවතින සබදතාවය නව බ්ලාස්‍ටරැ සබදතාවයට හරවාගැනීම‍ටනම් #678# ට ඇමතුම්ක් ගැනීමෙන් සිදුකල හැකි අතර එසේ පැකේජ ‍මාරැකිරීම‍ට රැ 500/- ක් හා අදාල බදුමුදල අයකෙ‍රේ.
ඉහත මිනිත්තු 1000 ඉක්මවන තෙක් කපල්, ෆැමිලි හා කණ්ඩායම් පැකේජයන් වෙත ගන්නා ඇමතුම්ද නොමිලේ වන අතර එම කාලය ඉක්ම වූවිට අදාල වට්ටම් ගාස්තු හිමිවේ.
මෙහි මොබිටෙල් උපහාර පැකේජයේ තරම් දීමනා නැතත් එව ලබාගත නොහැකි අයට හොන් තේරිමකි.

Dialog Now Per Second Billing – ඩයලොග් පෙරගෙවුම් දැන් තප්පරේට අයකරයි

ඩයලොග් සමාගම ඉන්කම්න් නොමිලේ සේවය ලබාදීමත් සමග පෙරගෙවුම් සබදතාවල ගාස්තු අඩුකර ඇති අතර අයකිරීම තප්පරයට සිදුකරයි. මේ අනුව සියලු ඩයලොග් පෙරගෙවුම් සබදතා වල අයකිරීමට හැරවීමට #668# ට ඇමතුමක් ගැනීමෙන් සක්‍රිය කරගත හැකිය. එමෙන්ම නව ගාස්තු අනුව ඩයලොග් වෙත ගන්නා ඇමතුම් රැ 3 ක් වන අතර අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම් රැ 5/- ක් වේ.

First time in Sri Lanka Incoming Free for Prepaid – ලංකාවේ ප්‍රථම වරට පෙරගෙවුම් සබදතා වල ලැබෙන ඇමතුම් නොමිලේ

ලංකා ජංගම දුරකථන ඉතිහාසයේ ප්‍රථම වරට කිසිදු අයකිරීමකින් තොරව ලැබෙන ඇමතුම් නොමිලේ සේවයක් ‍ඩයලොග් පෙරගෙව්ම් පාරිභෝගිකයන්ට ලබාදේ. මීට පෙර අන් සි‍යලු පෙරගෙවුම් සබදා වල ලැබෙන ඇමතුම් නොමිලේ සේවයක් ලබා‍දී තිබුනත් ඒ සදහා මාසික අවම වැයකිරීමක් හෝ දෛනික ගාස්තුවක් අයකරනු ලැබුවා. නමුත අද දින සිට ආරම්භ වන මෙම සේවාවට එසේ දෛනික ගාස්තුවක් නෑ. ඇතුලත් කරන රීලෝඩ් හෝ රීචාජ් කාඩ්පත් වල මිල අනුව නොමිලේම ලැබෙන ඇමතුම් නොමිලේ වන දින ගනනක් හිමිවේ. එය හිමිවන්නේ රැ 10 කට දිනක් වශයෙනි. ඒ අනුව රැ 100/- ක රීචාජ් කිරීමක් සිදුක‍ලහොත් නොමිලේ ලැබෙන ඇමතුම් දින 10 ක් හිමිවේ. සාමාන්‍යයෙන් මාසිකව රැ 300/- වඩා රිලෝඩ් දමන්නන්ට මෙමගින් සියලු දින ලැබෙන ඇමතුම් නොමිලේ කරගත හැකිය

මේ සදහා කිසිදු සක්‍රිය කිරීමක් අවශ්‍යය නොවන අතර සැප්තැම්බරැ 28 දින ආරම්භයේ පටන් මෙම සේවාව සියලු ඩයලොග් කිට් සබදතාවල ස්වයංක්‍රියව සක්‍රිය වේ.

එම දීමනා නැති අවස්තාවල අවම ලැබෙන ඇමතුම් කාලය විනාඩි දෙක දක්වා දීරග කර ඇත

Google SMS Alert – ගූගල් කැලැන්ඩරය නිසා තවත් අමතවීම් නැත

තම දෛනික වැඩකටයුතු සැකැස්මකට සිදුකිරීමට ගූගල් සමාගම නොමිලේ දෙන තවත් සේවාවකි ගූගල් කැලැන්ඩරය. මෙය තම දෛනික වැඩකටයුතු හා ඉදිරිවැඩකටයුතු අතුලත්කල හැකි අතර එමගින් තම දෛනික හො මාසික නැතිනම් සතියේ වැඩ කටයුතු බලාගත හැකිය. ‍
තවද මෙමගින් එකම වෙලාවේ වැඩ රාශියක්‍ යෙදීම අවම වන අතර තම අවු‍ ිට්ලුක් කැලැන්ඩරයේ ඇති දත්තද මෙයට එක්කල හැකිය. හරිය‍ට ජංගම දුරකථනයේ රිමන්ඩර් වැනිය.
නමුත් මෙහි ඇති විශේෂත්වයනම් තම වැඩ කටයුතු ඊ‍ට තෝරාගත් වෙලාවකට පෙර තම ජංගම දුරකථනයට කෙටිපණිවිඩයකාමගින් ලැබීමට සැලැස්විය හැකි. තම කැලැන්ඩරයේ සෙටින්ග්ස් මගින් මොබල් දුරකථන අංකය ඇතුලත් කල හැකි අතර මේ සදහා දැන‍ට ලංකාවේ ඩ‍යලොග් දුරකථන ජාලය පමණක් අනුකූලතාවය දක්වයි.
තම ජංගම දුරකථන අකංය ඇතුලත් කිරීමේදී ඔවුන් අකංය ස්තිරකරගැනීමට දුරකථනයට කේතයක් එවනු ඇත. එය ලබා‍දීමෙන් සේවාව සක්රිීය කරගත හැකි අතර මේ සදහා තම දුරකථනයෙන් හෝ වෙනයම් කිසිම අයුරකින් මුදල් අයවීමක් සිදුනොවේ.

SLT IPTV දැන් PeoTv නමින් ලබාදේ

‍ලංකා‍‍ව‍‍ට අලුත් අත්දැකීමක් වූ ‍‍‍‍SLT මගින් පරීක්ෂණ මට්ට‍මේ තිබු VOD තාක්ෂනය ඔස්‍‍‍‍සේ  විකාශය වන IPTV ‍‍සේවාව දැන් සිය පාරිබෝගිකයන්‍ට ලබාදෙමින් පවතිනව. මෙම සතියේ පාරිභෝගිකයන්ට ලබාදුන් මෙම සේවාව මගින් දැනට නාලිකා 19 ක් ලබාදෙන අතර ඉන් නාලිකා 5 ක් දේශිය නාලිකා වේ.

image මෙම සේවාව ලබාගැනීම‍ට PSTN සබදතාවක් ලබාගත හැකි එනම් ADSL සේවාව ලබාගත හැකි ප්‍රදේශයක සිටිය යුතුයි. නමුත් ADSL සබදතාවයක් අනිවාර්යම නැත. මෙම සේවාවට ඇල්මක් දක්වන්නේනම් රැ 9950/- ක් ගෙවා සබදතාවය ලබාගත යුතු අතර ඒ සමග ‍රෑපවාහිනිය හා සම්බන්ධ කරන SETUPBOX ය ද නොමිලේ හමුවන අතර ටෙලිකොම් කණ්ඩායමක් පැමින මේ සියලු දේ සකසාදෙනුලබන අතර මේ සදහා මාසිකව රැ 1000/- ක වාරිකයක් අයකරනු ලබයි. මෙහි විශේෂ සේවාවන් හා ‍අමතර නාලිකා ලබාගැනීම‍ට අවශයනම් ඒසදහා වෙනමම මාසික ගාස්තු ‍ගෙවිය යුතුවේ.

එම සේවාවන් වනුයේ

- 40+ Live Channels
- Time-Shift TV
- Channel Memorizing
- Live TV Multi-Audio
- VoD
- Synopsis of Movie and View Trailer
- VoD Break Point Memorizing
- Trick play at different speed
- Channel and VOD Grouping

එමෙන්ම දේශිය නාලිකා ලෙස

Rupavahini Channel Eye ITN Dearana Max TV

නාලිකා ලබාදේ.  නවත්වා ධාවනය කිරීම්, කැමති වැඩසටහන් ඉල්ලීම් වැනි විශේෂ පහසුකම් ඇති මෙම සේවාවේ වැඩි විස්තර www.peotv.com වෙතින් ලබාගත හැකිය.

වෙනත් නාලිකා http://www.peotv.com/channel_lineup.html

Photo Upload via Email – ඊමේල් මගින් ඇල්බමයට ඡායාරෑප එක්කිරීම

ගූගල් පිකාසා වෙබ් ඇල්බමය ඇත්තෙන්ම අපගේ ඡායාරෑප සුරැකීමට මෙන්ම ප්රකචාරයටද හොන්ද සේවාවකි. නොමිලේ ලබාදෙන මෙම සේවාව මගින් ගිගාබයිට් 1 දක්වා ඡායාරෑප ගූගල් ලබාදෙන තම අන්තර්ජාල වෙබ් අවකාශායේ තැනපත් කලහැකි අතර ඒවා ඇල්බම වශයෙන් හා ගූගල් සිතියමේ ස්ථාන වශයෙන් වෙන් වෙන් කිරීමට අවස්ථාව සලසාදෙයි. නමුත් මෙතුවක් කල් මේ සදහා ඡායාරෑප එක්කල හැකි වූවේ ගූගල් පිකාසා මෘදුකාංයෙන් හා එම අඩවියට පිවිසීමෙන් පමණි. නමුත් මෑතක සිට එම සමාගම හදුවාදෙන නව සේවාව මගින් තම ඡායාරෑප ඊමේල් මගින් ඇල්බමය‍ට එක් කිරීමට අවස්ථාව ලබාදේ.
ඒ සදහා මුලින්ම පිකාසා වෙබ් ඇලුබමයේ සෙ‍ටින්ග්ස් වෙත පිවිස එහි ඇති Upload Photos by Email කොටසින් තමන්ටම ආවේනික පිකාසා හි ඊමේලි ලිපිනයක් සකසාගත යුතුයි. ඒ සදහා තම රහස් වචනයක් ඇතුල් කල පසු තම පරිශිලක නාමය හා රහස් වචනය එක්ව තමාගේ පිකාසා ලිපිණය ලබාදේ. නමුත් මෙය ඕනෑම අවස්ථවක වෙනස්කරගත හැකිය.
එම සේවාව සක්රිෙය කරගැනීමෙන් පසු එම ලිපිනයට එවන පින්තූර හා විඩියෝ ඇමුනුම් සහිත ඊමේල් ඇල්බමයට ඇතුලත් කරලනී. මේ නිසා පරිගණකයක් නැතුව හෝ තම ඡා‍යාරෑප හා විඩියෝ ඇල්බමයට එක්කල හැකිය. එය ජංගම දුරකථනයෙන් උවද ගැ‍ටලුවක් නැත. ජංගම දුරකථනයෙන් ලබාගන්නා රෑප හා විඩියෝ එවෙලේම තම ඇල්බමයට මෙම සේවාවෙන් එක්කල හැකිය.
එමෙන්ම තම පවුලේ හෝ මිතුරන් එවන රෑප ස්වයංක්රිහයව මෙම ඇල්බමයට එකතුකරවීමට ඊමේල් වල සෙටින්ග්හි ෆිල්ටර්ස් හරහා එම රෑප ඇල්බමයේ ලිපිණය‍ට යැවිය හැක.

Free SMS – නොමිලේ කෙටිපණිවිඩ සේවයක්

මේක අලුත් පැකේජයක් නෙවේ. දැනට ටිගෝ සමාගම තම පාරිභෝගිකයන්ට නොමිලේ
කෙටිපණිවිඩ සේවයක් ලබාදෙනව. එයට මාසික හෝ දෛනික ගාස්තු නෑ. කරන්න
තියෙන්නෙ ටිගෝ එකෙන් ‍කෙටිපණිවිඩ කීපයක් යැවූ විට ඔවුන් තව මෙපමන පණිවිඩ
සංඛ්‍යාවක් යැවූවිට කෙටිපණිවිඩ නොමිලේ වන බව පවසා කෙටිපණිවිඩයක් එවාවි.
මෙසේ දීමනාව බොහෝ දිනවල හිමිවන අතර එය ලබාගැනීමට කෙටිපණිවිඩ 2 සිට 8
දක්වා කෙටිපණිවිඩ යැවීමට සිදුවුවා. එය දිනය අනුව වෙනස් වේ. සමහර දිනවල
කෙටිපණිවිඩ 2න්ම නොමිලේ වෙන අතර සමහර දිනවල එසේ නොවේ.මෙයට ලාබම ක්‍රමය
මුලින් ටිගෝ වෙත කෙටිපණිවිඩ යැවීමයි. නොමිලේ දීමනාව හිමිවූ වි‍ට ඕනෑම
ජාලයකට නොමිලේ වේ.

විශ්වවිද්‍යාල තුල බොදවන් අනාගත සිහින

ඇත්තෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුස්සෙක් වීම යනු සිසුන්ගේත් දෙමාපියන්ගේත් විශාල සිහිනයකි, බලාපොරොත්තුවකි. එහෙත් දැන් තත්වය වෙනස්ය. අ‍පගේ විශ්වවිද්‍යාල වලට සිසුන් යැවීමට දෙමාපියේ බියවෙති. සිසුන් අකමැතිවෙති.
මීට වසර කීපයකට පෙර රටේ හොදම අධ්‍යාපනය තිබුනේ විශ්විද්‍යාල තුලය. ඉන් බිහිවන්නෝ උගත් බුද්ධිමත් හැදියාවක් ඇති පිරිසක්ය.
නමුත් දැන් ……
මුලින්ම විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ විට එම සිසු සිසුවියන් නවක වදයට ලක්වෙති. මේ නවක වදය ඈත අතීතයේ සිටම පැවතුනත් දැන් එය අතීතයේ දෙන ලද්දේ විනෝදෙනි. ඉන් එම නවක වදයට ලක්වන සිසුන්ටද මානසික‍ හෝ කායික පීඩන නැත. එසේ කරනුයේ එම ප්‍රජාවට ගැලපෙන සේ නවක සිසුන් හැඩගස්සවා ගැනීමටය. එහෙත් දැන් හැඩගස්සවන්නේ සිරැරෙනි. ඒ බයිසිකල් චේන්, පොලු, මුගුරැ වැනි ආයුධ වල උදව්වෙන් මරණය හෝ බාගෙට මරණය අත්කර දෙමිනි.
ඉන්පසු අභ්‍යන්තර ගැටුම්ය. එහිදීත් සිසුන් දිවිදෙති, රෝහල් ගතවෙයි. ඒ අතර තුර පෙලපාලි හා උද්ගොෂණය. මෙම සිසුන්ට ඉගනීමට වඩා විසදීමට ඇත්තේ ලෝක ප්‍රශ්ණය.
මේ ආකාරයෙන් ඉගනීම සීමා වුනු විශ්වවිද්‍යාල ජීවිතය ඇත්‍තෙන්ම අමිහිරි කාලයකි. එම දෙමාපියන්ට දරැවන් යුද්ධයට ඇරියාටත් වඩා නිවසට එනතුරැ හිතේ සතුටක් නැත. එමෙන්ම පාසලෙන් ටිකක් හෝ හැදියාවක් ඇතිව විශ්වවිද්‍යාලය‍ට ඇතුලත්වන සිසුවා ඉන් එලියට එන්නේ කාඩයෙකු ලෙසය. ‍ඔහු මැරයෙකු‍ මෙන් සමානය.
මේ නිසා අද බොහෝ සිසුන් පාසැල් අධ්‍යාපනය අවසන් කර විදේශ ගතවෙයි. නැතිනම් පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙයි. එහෙත් නැතිබැරැ දෙමාපියන්ගේ දරැවන් එම දෙමාපියන්ට මෙම ‍බිල්ලට දීමට අකමැත්තෙන් හෝ සිදුවනු ඇත.

උපහාර පැකේජය ලබා‍ගැනීම

මොබිටෙල් ආයතන මගින් රජයේ සේවකයන්ට ලබාදෙන උපහාර පැකේජය එක් පුද්ගලයෙකුට
එකක් පමණි ලබාගත හැක්කෙ. විශ්‍රාමිකයන්ටත් මෙම පැකේජය ලබාගත හැකි. මේ
සදහා තම සේවා හැදුනුම්පත, ජාතික හැදුනුම්පත, ලිපිණය සනාත කිරීම‍ට බැංකු
පොතක් හෝ මාස තුනක් ඇතුලත බිලක් හා තම වැටුප් වාර්තාවක් (Pay Sheet)
අවශ්‍ය වනව.
මෙම වැ‍ටුප්වාර්ථාව තම වැඩකරන ස්ථානයේ ඉහල නිලධාරියෙක් ලවා සත්‍ය පිටපතක්
ලෙස සනාත කර නිල මුද්‍රාව සහිතව අත්සක්කර සහතික කලයුතුයි.
එමෙන්ම මෙම සියලු ලියකියවිලි අදාල රාජ්‍යය දෙපාර්තමේන්තුව වෙත
යොමුකිරීමක්ද සිදුකරනව.