මම HTC Windows දුරකථනයක් ගත්තට මේක T-Mobile ලගෙන් අරන් අන්ලොක් කරපු එකක්. ඒක නිසා GPS වැඩ කලේ නෑ. අන්තිමට Registry ය වෙනස් කිරීමෙන් GPS වැඩ කරන්න හදාගත්ත. මොකද මේ ජගම දුරකථන වලට එන්නෙ A-GPS, ඒක වැඩ කරන විදිහට සාමාන්‍යය GPS Reciever යකට වඩා වෙනස්. සාමාන්‍යය GPS Reciever යක් Sattelite සංඥා ලබාගෙන එමගින්ම එම සැටලයිට් වෙත සංඥා නිකුත්කිරීමේන් තමා ඉන්න තැන හොයාගන්නෙ.
ඒත් ඒවැඩේ ජංගම දුරකථයට කරන්න බෑ. එයාට අපිට වඩා විශාල දුරකින් තියන Satellite වෙත සංඥා නිකුත් කිරීමට විශාල ඇන්ටනාවක්/ඒරියලයක් නෑනෙ. එයාට එන සංඥා ගන්න පුලුවන්. ඒත් සැටලයිට් වෙත යවන්න බෑ. ඒකට තමා මේ A-GPS සර්වර නැතිනම් assist සර්වර තියෙන්නෙ. ජංගම දුරකථනය ලබාගන්නා Sattelite සංඥා මෙයා අපගේ දුරකථනයේ අන්තර්ජාල සේවාව බාවිතා කරල මේ සර්වර වලට දෙනව. එමගින් තමා ඉන්න තැන හොයාගන්නෙ. ඒකට අපගේ ජංගම දුරකතනයට සංඥා ලැබෙන කුලුනේ ස්ථානයක් උපයෝගී කරගන්න. එමගින් අපි ඉන්නා තැන සොයාගතහැකි වේයග වැඩිකරගන්නව. ඉතින් මේ සර්වර හා සම්බන්ධ වෙන්න බැරිඋනොත් හෝ ඒ සම්බන්ධවීමේදී දෝශ ඇතිඋනොත් අපි ඉන්න තැන ඒ කියන්නෙ GPS ලොකේෂන් එක ගනනය කරගන්න බැරිවෙනව. ඒක ඒ ගැටලුව තමා මගේ ජංගම දුරකථනයෙත් තිබ්බෙ
මම මුලින් වෙනස් කරද්දි දැම්මෙ Nokia අයගෙ assist සර්වර. හැමෝම වගේ Nokia භාවිතා කරන නිසා හොදා කියල හිතුන. ඒත් මේකෙන් ස්ථානය ගන්න (GPS Lock) වෙන්න සමහර වෙලාවට විනාඩියක් විතර ගියා. ඒත් මුකුත් නැති එකේ ඒක අවුලකුත් නෑනෙ. ඒක නිසා තියන් හිටිය. දැන් එන්න එන්න මේ වෙලාව වැඩි. GPS සිංග්නල් පෙන්වනව. ඒත් ස්ථානය ගන්නෙ සමහර වෙලාවට විනාඩි 2-3 ක් ගිහින්. සමහර වෙලාවට ඉක්මනට ගන්නව. මම මුලින් හිතුවෙ මගෙ ජංගම දුරකථනයෙ දෝශයක් කියල. පස්සෙ මල්ලි කීව එයාගෙ එකෙත් GPS වැඩ නෑ කියල. එයාගෙ තියෙන්නෙ Nokia 5800 එකක්. මම අරන් මගෙ එකයි ඒකයි දෙකම එකට තියල බැලුව. එයාගෙ ලොකේෂන් එක ගන්නත් හුගක් වෙලා ගියා. එතකොට තමා හිතුනෙ මගෙ විතරක් තියල අවුලක් නෙවේ කියල
හිතුන මේ දුරකථන දෙකේම Assist සර්වර වලට Google ඒව දාල බලන්න. ෂ… ඒ පාර තප්පර 10ක් යන්නත් කලින් GPS Lock වෙනව. මම Ping කරල බලද්දි සාමාන්‍යෙයන් Google සර්වරයට වඩා වැඩි වේලාවක් Nokia වලට යනව. ඒකත් ස්ලෝ වීමට හේතුවක්
මම කරපු සැකසුම් ටික සරලව
Google Server
ServerIP =74.125.77.192
ServerURL = supl.google.com
හෝ = mobile-agps.l.google.com
අනෙකුත් භාවිතා වන සර්වර
Nokia Server
ServerIP = 83.150.75.211
ServerURL = Supl.Nokia.com
හෝ = default.nokia.supl.geodns.fi
Sony Ericsson Server
ServerIP = 212.209.45.84
ServerURL = Supl.sonyericsson.com
HTC හා සමහර සමාගම් භාවිතා කරන සර්වරයක්
ServerURL = geoloc2.sfr.fr
ServerURL = 194.51.71.149
නම්තු මා Mobitel සම්බන්ධතාවයකින් උත්සහ ගත් අවස්තාවේ අවසාන සර්වරය දෙකට සම්බන්ධවීමට නොහැකිවිය
ඒ වගේමයි සමහර සමාගම් මෙම සර්වර ලිපිණ වල IP හැටියට ඔවුන්ගේ Local IP (10.x.x.x හෝ 192.168.x.x) ලබාදේ. ඒව ඇතිවිට GPS වැඩ කරන්නේම නැත
සියලුම සර්වර සඳහා Port එකක් අවශ්‍යය වුවහොත් 7276 ලෙස දෙන්න
ඒ වැඩේ කරන්නෙ මෙහෙමයි.
මුලින්ම Nokia
Menu එකේ Location යන්න

ඒකෙ GPS Data

ඒකෙ Option > Positioning Settings යන්න

එහි Positioning Server

Server Address එක සාමාන්‍යෙයන් තියෙන්නෙ supl.nokia.com, ඒක supl.google.com ලෙස වෙනස් කරන්න

මේක ඇත්තම සර්වරය mobile-agps.l.google.com යයි. නමුත් අපේ ලේසයිට Google අය Supl.google.com එක අර නියම සර්වරය Redirect කරනව. මේ දෙකෙන් මොකක් දුන්නත් එකයි. එහෙම නැතිනම් IP එක 74.125.77.192 දෙන්න
දැන් GPS Application වලින් ඉවත් වෙලා නැතව අරගෙන බලන්න. මුල සිට. කොච්චර ඉක්මනට වැඩ කරයිද කියල
Windows Mobile වල (මම මේක කලේ HTC සමාගම නිපදවු Windows Mobile 6.5 දුරකථනයක)
ඒකට විවිධ ක්‍රම තියනව. සරලව කීවොත් කරන්න තියෙන්නෙ Registry ය වෙනස් කරන එකයි. ඒකට ජංගම දුරකථනයට හෝ පරිගණකයට Registryවෙනස් කරන මෘදුකාංගයක් දාගෙන වැඩේ කරන්න පුලුවන්
එහෙම කරනවනම් කරන්න තියෙන්නෙ Registry එකේ HKLM\Software\HTC\SUPL AGPS වෙත ගිහින් එහි
ServerIP =74.125.77.192
ServerURL = mobile-agps.l.google.com
TLSHostName = mobile-agps.l.google.com
ඒව වෙනස් කරන්න. මේකෙදිත් mobile-agps.l.google.com වෙනුවට supl.google.com ලෙස දුන්නත් එකයි
මේ සැකසුම් කරන එක ටිකකි සංකීර්ණයි නොකියා වලට වඩා. ඒකට මම පොඩි CAB File එකක් හැදුව. ඒකෙන් වෙන්නෙ ඉහත සැකසුම් තුන වෙනස් වෙන එක. කරන්න තියෙන්නෙ මේ CAB File එක ජංගම දුරකථනයට දාල විවෘත කරන එක. එතකොට ස්වයංක්‍රියව ස්ථාපනය කරගන්නව
එහෙමත් කරදරයිනම් සේ පහත තියන QCODE එක ජංගම දුරකථනයේ තියන QCODE Reader/i-Nigma වැනි මෘදුකාංගයක් මාර්ගයෙන් කියව ගන්න. ස්වංක්‍රියව ඩවුන්ලෝඩ් වේවි

Download Cab File for Google GPS Server
Maemo වල
Settings > Location හි Location Server එක supl.google.com ලෙස වෙනස් කරන්න

Iphone වල
Iphone Sytem File browser මෘදුකාංගයක් මාර්ගයෙන් system/etc/gps.conf ගොනුව විවෘත කර SUPL_HOST=supl.google.com ලෙස වෙනස් කරගන්න
නැතිනම් මෙම ලින්කය බාගත කර එම ගොනුව Replace කරන්න
IPhone Browser මෘදුකාංගය මෙතනින් බාගන්න
මේක JailBrake කල දුරකථනයක් අවශ්‍යයි
බොහෝ දුරට IPhone වල එන්නෙ Google සර්වරයි
Android ඡංගම දුරකථන සඳහා
මුලින්ම Settings>Location & Security වෙත ගොස්
Enable GPS Satellites ය uncheck කරන්න

ඉන්පසු Dialer එක ගෙන *#*#1472365#*#* වන අංකය ටයිප් කර Send කරන්න
Galaxy එකකනම් *#*#3214789650#*#*

ඉන්පසු LBSTestMode මෙනුව විවෘතවේවි
එහි SUPL/CP Settings වෙත යන්න
එහි
SERVER = supl.google.com
PORT = 7276
ලෙස ලබාදෙන්න
ඉන්පසු දුරකථනය Reboot කර
මුලින්ම වෙනස් කල Settings>Location & Security වෙත ගොස්
Enable GPS Satellites ය Check කරන්න කරන්න
*මෙම සැකසුම් සිදුකිරීමේදී ඇතිවන දෝශ සම්බන්ධතයෙන් වගකීම ඔබ සතුයි
ඔබගේ ජංගම දුරකථනයේ මෘදුකාංග සංස්කරනය මත මෙහි ඇති සමහර පියවරවල් සුලුවශයෙන් වෙනස් විය හැකිය. එසේ වුවහොත් අනිත් අයගේ දැනගැනීම පිණිස මෙහි Comment ලෙස යොදන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි