Browsing Posts in All

ගූගල් වල තිබ්බ ගූගල් වෙයිස් කියන සේවාවෙන් දැන් ජාත්‍යන්තර ඇමතුම් ගැනීමේ හැකියාව තියනව. මේකෙන් දැනට දේශීය ජාල වලින් දෙන ගාස්තු වලට වඩා අඩුවට විදේශීය ඇමතුම් ගන්න පුලුවන්. ස්කයිප් වලට ත් වඩා අඩුයි. ඒ වගේම තමා සමහර රටවලට නොමිලේ ඇමතුම් දෙනව කියල දාල තියනේනෙ.

අපි ඇමතුම් ගන්න විතරක් නෙවේ, සමහර රටවලින් අපේ රටට ඇමතුම් ගද්දි අපි ගන්නවට වඩා වැඩි මුදලක් ඒ රටවලින් අයකරනව. ඒත් ගූගල් වලින් මේ අයට දේශීය ජාලවලට ගන්න පුලුවන්. අඩුවට

ඇමතුම් ගාස්තු විස්තරය https://www.google.com/voice/rates

හැබැයි මේ අයගෙ අයකිරීම් විනාඩියට

බොහෝ දෙනා ADSL ගන්නව.  නග‍රයෙන් පිට සමහරුන‍්ට අන්තර්ජාල සේවය පිස්සු කෙලින් ගන්නව. ඒ දුර නිසා. විශේෂයෙන් නිතර නිතර සම්බන්ධාවය විසන්ධි වෙනව.  ඒ වගේම විවිධ පිටු ලෝඩ් වෙන්නෙ නැති වෙනව. මේකට බොහෝවිට හේතුව ADSL  සිග්නල් වල දුර්වලතාවය. රුහැන් දුරවැඩි වෙද්දි මේ සංඥා දුර්වල වෙනව. සමහර -රැහැන් වල 4-5Km පැන්න ගමන් අවුල් එනව. සමහර ඒවගෙ  7-8 Km වගේ කිසි ලෙඩක් නැතිව වැඩ. ඒ රුහැ‍න් අලුත් ඒවගෙ. පරණ සමහර රැහැන් ලෙඩ. මේ විවිධ හේතු නිසා තමන්ට ලැබෙන ADSL සංඥාවල දරුවල වෙනව

මේ ගැන ටෙලිකොම් එකට කීවොත් ඇවිත් බලල රවුටරය පිට ලෙඩේ දානව. එතකොට අපි දැනගන්න ඕනෙ රවුටරය මාරුකලා, ටෙලිකොම් රවුටරයක් දැම්ම, ඒත් එහෙමයි කියන්න (දැම්මෙ නැතත් ;)  ) එතකො‍ට ඒ අය පොඩ්ඩක් හොයල බලනව. මගෙ අවුල ඇවිත් බලන්න කීප සැරයක් කීප දෙනෙක් ආව. හුගක් අය කොල්ලො. ඒ අය කීවහම අවුල තේරුම් ගන්නව. හැබැයි ආව වයසක අයනම් අපි පිට වරද දාන්නමයි හදන්නෙ.  ඊට පස්සෙ ලූප් එකත් මාරු කලා. ඒ හදල දවසයි දෙකයි, ලෙඩේ එනව. ඒත් හදපු දවසෙ දෙකේනම් නියමෙට වැඩ. මම රවුටර කීපයක් දාල බැලුව. එක එක රවු‍ටර වලට විවිධ ලෙඩ‍.

ඒ රවුටරවලට මුහුණදිය හැකි අවම සංඥා ප්‍රමාණයක් තියනව. ඊට වඩා දුර්වල සංඥා එද්දි එක එක ලෙඩ දෙනව. හොද රවුටරයක් දැ‍මීමෙන් ඒ අවුල අඩු වෙනව.

ටෙලිකොම් අය සංඥාවල තත්වය ප්‍රධාන වශයෙන් බලන්නෙ  SNR Margin කියන එකෙන්‍. හොද සම්බන්ධතාවයක ලැබෙන SNR තත්වය හුගක් වැඩි. මගෙ යාලුවෙක්ගෙ 30ට ආසන්නයි.

මගේ හිටපු ගමන් මේක 2.5-6 ටත් බහිනව. ඒත් මේ අය හදපු දවස් වල 14-15 අතර තිබ්බ. දැන් අඩු වෙලා. සාමාන්‍යය 8-10 ක් ගානට බැහැල.

මම මුලින්ම දැම්මෙ D-Link (india) රවුටරයක්. ඒක ජරාවක්. 15 ට අඩු  උන ගමන් පිස්සු කෙලිනව. ඒ පාර Comtrend (ටෙලිකොම් දුන්න එක) එක දැම්ම. ඒක වැඩ. හැබැයි සම්බන්ධ වෙන්න වෙලා යනව. DLink එකට වඩා හොදා. හිටි ගමන් සම්බන්ධ වෙන්නෙ නෑ. ඒත් සම්බන්ධ උනොත් වැඩ. මේක කරන්න බැරි නිසා Belkin එකක් හා Qwest එකක් දාල බැලුව. ලැබෙන SNR Margin එක 6 ට බැස්සත් අවුලක් නැතිව වැඩ. ලගදි Linksys හම්බෙනව. දාල බලන්න ඕනෙ

බොහෝ අයට මේ ලෙඩ ඇති. මුලින්ම SNR තත්වය පරික්ෂා කරගන්න. ඒකට රවු‍ටරයට ලොග් වෙලා ADSL Stat වල විස්තරය ඇති‍.

මේක අඩුනම් පුලුවන්නම් ටෙලිකොම් එකට කියල ලූප් එක මාරු කරගන්න‍. විකල්පයක් දාගන්න. නැතිනම් හොද රවුටරයක් දාල බලන්න‍‍. මේක ටෙලිකොම් එකේ ලෙඩක් වගේම අපේ රවුටරයෙත් අවුලක් නිසා වෙන්නෙ. හොද රවුටරයක් දැම්මොත් ටෙලිකොම් අවුල තිබ්බත් බොහෝ වෙලාවට වැඩ. නිකන් ටෙලිකොම් අයට බැනල වැඩක් නෑ. සමහර වෙලාවට රවුටරය අවුල් කියල ඒක කඩේට ගිහින් දුන්නහම ඒ අය ඒ අයගෙ එකට ගහයි. ඒව ‍ටවුන් නිසා හොදට වැඩ. වරද තියෙන්නෙ රවුටරය තෝරාගැනීමෙ

සමහර වෙලාවට ටෙලිකොම් අය කරනව රවුටරයෙ සෙටින්ස් වල වෙනස්කම් වගයක්. ඒ ADSL සම්බන්ධතාවය සාමාන්‍යයෙන් තියෙන්නෙ ADSL2+ කියන එකේ. ඒකෙන් අයින් කරල් G.dmt වගේ පරණ ක්‍රමයකට දානව, නැතිනම් අනිත් ඒව අයින් කරනව. එ‍තකොට යම්තාක් ලෙඩේ සමනය වෙනව. ඒක කරන්නෙ Wan settings වලින්. එතකොට බොහෝ වෙලාවට ADSL සම්බන්ධතා උපරිම වේගය 512/128 ම හම්බෙනව නිවාස සම්බන්ධතාවල. නැතිනම් මෙහෙම උපරිමවේගයක් එන්නෙ නෑනෙ. මීට අඩු වේගයකින්නෙ සම්බන්ධ වෙන්නෙ. හැබැයි ප්‍රායෝගිකව ඩවුන්ලෝඩ් වලදි වේගය වෙනද වගේමයි. පෙන්වන එක විතරයි

දැන් ටික දවසකට කලින් TRC එකෙන් ස්ථාවර ගාස්තු ක්‍රමයක් ප්‍රකාශයට පත්කලා. මෙතෙක් කලා ආයතන තරගයට තම තමන්ගේ ඇමතුම් ගාස්තු අඩු කලා. ඒත් මේ නීතියෙන් එහෙම කරන්න බෑ. තම ජාලය තුල රුපියලට හා අනෙක් ජාල වලට රුපියල් 2 අවම ගාස්තු ප්‍රකාශ කලේ. මේ ක්‍රමය ප්‍රකාශ කරද්දි TRC එක කීවෙ මේ සංනිවේදන ආයතන වල කඩාවැඩීම නවත්වන් මෙහෙම දෙනව කිලය. ඒත් ඒ ආයතන අතින් කාගෙන අඩු කරන්නෙ නෑනෙ. ආයතන කීපයක් ඇරෙන්න අනිත් ආයතන වල ලාබය අඩු උනාට කඩාවැටෙන්න තරම් අවලක් වෙලා නෑලු. අනික මේක ආණ්ඩුවමයි මුලින්ම පටන් ගත්තෙ. මොබිටෙල් එකෙන් උපහාර දීල. දැන් එයාලම ඒක නවත්වනව. බොහෝ දෙනා කියන්නෙ මේක ආණ්ඩුව බදු වැඩි කරගන්න ගත්ත ක්‍රමයක් කියල. මොකද දුරකථන ගාස්තු අඩු උනහම ආණ්ඩුවට ලැබෙන බදු මුදලත් අඩුවෙනව. ඒ වගේම තමා ඇමතුම් ගාස්තු වැඩි උනහම ගන්න ඇමතුම් ගනනත් අඩු වෙනව.

ඇමතුම් ගාස්තු එහෙම උනාට TRC එක අනෙක් සේවා වලට අවදානය ගිහින් නෑ. විශේෂයෙන් බොහෝ දෙනා ඇමතුම් වගේම කෙටිපණිටිඩත් අන්තර්ජාල සේවාත් හරි හරියට භාවිතා කරන. දැන් ඇමතුම් ගාස්තු අඩු කරන්න බැරි නිසා අනෙක් සේවා වල ගාස්තු අඩු කරන්න පටන් අරන්.

‍ඩයලොග් වල My10 වලට කෙටිණිවිඩ ගාස්තු ශත 50 සිට ශත 25 දක්වා අඩු කරල. ඒ වගේම තමා ඩයලොග් පෙරගෙවුම් වල රු 100 රීලෝඩ් එකට ශත 25 ට ජාලය තුප කෙටිපණීවඩ දෙනව.

මොබිටෙල් සමාගමත් ශත 25 ට තිබ්බ කෙටිපණිවිඩ ගාස්තු ජාලය තුල ශත 10 දක්වා පහත දාල. ඒ වගේමයි GPRS 5KB වලට ශත 1යි.

හැබැයි මේ අඩු කිරීම් වලංගු වෙන්න නව පැකේජයට මාරුවෙන්න වෙනව. එහෙම උනොත් ඉස්සර තිබ්බ, My Best Friend, Any8, Abacus වගේ සේවා මොබිටෙල් වල නැති වෙනව. ඩයලොග් වල විනාඩි 1000 අහිමි වෙනව. ඒත් ඩයලොග් පෙරගෙවුම් වල පැකේජ වෙනසක් ඕනෙ නෑ

එක එක කාලෙට එක එක OS පිස්සු හැදෙනව. මට මේ ලගදි පරණ ලැප්ටොප් එකක් හම්බඋනා. ඒක ගලවල මොකක් හරි හදන්න හිතන් ඒකට හරියන සැහැල්ලු OS එකක් හොය හොයා ඉද්දි හම්බඋනා Android, මේක ජංගම දුරකථන වලට එන පද්ධතියක්. ඒත් දැන් මේක විවිධ සංස්කරන එන නිසා Eeepc වලට ලේසියෙන් දාන්න පුලුවන්. ඒක නිසා මුලින්ම Virtual Box එකට දාල බැලුව. නියමෙට වැඩ. අන්තර්ජාලයත් වැඩ. පින්තූර ස්ලයිඩ් එකක් දාන්න, මේල් බලන්න මරු.  තව එක එක ඒව කරල බලන්න ඒනෙ අර ලැප් එකටම දාල
මේක හුගක් ස්පීඩ්. හැබැයි විවිධ අංග ක්‍රියාත්මක වෙන්‍නෙ නෑ. ඒ වගේමයි මේකෙ විවිධ සංස්කරන තියනව
මේ‍ දෙකෙන් දෙවෙනි එක පරිගණක සඳහාම හදපු සංස්කරනයක් නිසා දක්වන සහය වැඩි

එක එක කාලෙට එක එක OS පිස්සු හැදෙනව. මට මේ ලගදි පරණ ලැප්ටොප් එකක් හම්බඋනා. ඒක ගලවල මොකක් හරි හදන්න හිතන් ඒකට හරියන සැහැල්ලු OS එකක් හොය හොයා ඉද්දි හම්බඋනා Android, මේක ජංගම දුරකථන වලට එන පද්ධතියක්. ඒත් දැන් මේක විවිධ සංස්කරන එන නිසා Eeepc වලට ලේසියෙන් දාන්න පුලුවන්. ඒක නිසා මුලින්ම Virtual Box එකට දාල බැලුව. නියමෙට වැඩ. අන්තර්ජාලයත් වැඩ. පින්තූර ස්ලයිඩ් එකක් දාන්න, මේල් බලන්න මරු.  තව එක එක ඒව කරල බලන්න ඒනෙ අර ලැප් එකටම දාල
මේක හුගක් ස්පීඩ්. හැබැයි විවිධ අංග ක්‍රියාත්මක වෙන්‍නෙ නෑ. ඒ වගේමයි මේකෙ විවිධ සංස්කරන තියනව
Live Android -http://code.google.com/p/live-android/
Android X86 – http://www.androidx86.org/
මේ‍ දෙකෙන් දෙවෙනි එක පරිගණක සඳහාම හදපු සංස්කරනයක් නිසා දක්වන සහය වැඩි

මේක පෙන් එකකට, හාඩ් එකකට ඉස්තාපනය කරන්න හරි දාන්න හරි පුලුවන්


මීට දින කීපයකට කලින් TRC  එකේ මැදිහත්වීමෙන් දුරකථන ගාස්තු සංශෝධනයක් කලා. ඒක සමහරුන්ට හොදයි. සමහරුන්ට නරකයි. ඒ වගේමයි ලගදි තව ක්‍රියාමාර්ගයක් අරන් තියනව. අන්තර්ජාලය සම්බන්ධව. ඒ අන්තර්ජාල සම්බන්ධතා වල සමහර පෝට් බ්ලොක් කරන්න හා ‍විවිධ සේවා සඳහා සීමා පැණවීමට. ඒ අපේ සමහරු අන්තර්ජාලය හරහා ජාත්‍යන්තර ඇමතුම් දුරකථන සමාගම් වලට හොරෙන් රට තුලට ගෙන්නවීමට පිලියමක් වශයෙනුයි.

එනම් සාමාන්‍යයෙන් අප රටට වෙනත් රටක‍ට ඇමතුමක් නියමාකාරයෙන් පැමිණීමේදී එය අප වෙත ලගාවන්නේ දේශීය ඇමතුම් සමාගමක් හරහායි. එහිදි අප රටට ඇමතුම එවන සමාගම දේශීය සමාගමට යම් මුදලක් ගෙවිය යුතුයි. එම මුදලින් කොටසක් රජයට බදු වශයෙන් හිමිවෙනව. ඒක නිසා තමයි ලංකාබෙල් ලැබෙන ඇමතුම් වලටත් ගෙවන්නෙ.

ඒත් හොර පාරෙන් ඇමතුම් එද්දි එහෙම වෙන්නෙ නෑ. කෙලින්ම අන්තර්ජාලය හරහා ඇමතුම ලංකාවේ පරිගණකයක‍ට (එම පහසුකම දෙන) පැමිණ එය හරහා දේශීය දුරකථනයකට ලගාවෙයි. එවිට එම පහසුකම දෙන පුද්ගලයා යම් ගාණවක් ගත්තද රජයේ බදුමුදල අහිමි වේ.

මෙයට විකල්පයක් වශයෙන් තමා මේ පිලියම අරන් තියෙන්නෙ. ඒත් මේක බලපාන්නෙ 1mbps ට වඩා වැඩි වේගයක් තියන සම්බන්ධතා වලට. ඒත් අපේ නිවෙස් වල /ඒව‍ට බලපෑමක් නෑ. ඒ වගේමයි මගේ මතය හැටිය‍ට මේ 1mbps කියන්නෙ උඩුගත වේගය. මෙකද මේ නීතිය ජූලි  15 සිට ක්‍රියාත්මක වෙනව කීවට 512 kbps උඩුගත වේගයක් තියන සම්බන්ධතා වල බොහෝ Voipe සේවා වැඩ.

ඒවගේමයි මෙ සේවා සීමාකලත් අවශ්‍යනම් නියමිත ආකාරයට ඉල්ලීමක් කලොත් ඒ සීමාකරපු සම්බන්ධතා ලබාගන්න පුලුවන්. හරියට ඉස්සර ලේසර් ප්‍රින්ටර් ගන්න බලපත්‍රයක් ඕනෙ වගේ. හැබැයි මේ ‍ගැන දැනට ටෙලිකොම් එකේ බොහෝ අයට නිවැරදිව තහවුරු කරන්න නොහැකි. ඒත් අනෙක් සාමාන්‍යය සම්බන්ධතා වලටත් මේක එනවනම් ඒගැන දැනුවත් කරයි. ඒ වගේම සේව සපයන ආයතන වලට  ස්කයිප් නැති කලොත් බොහෝ අන්තර්ජාල පාරිභෝගිකයින් නැතිවෙයි

Techkatha සහ රිවිර පුවත්පත ආශ්‍රයෙන්

ඩයලොග් බ්ලාස්ටර් හා මොබිටෙල් උපහාර නැවැත්වීමෙන් පස්සෙ මොබිටෙල් වලටනම් පැකේජ අවුලක් නෑ. එයාලගෙ තව ගොඩක් පැකේජ වර්ග තියනව. ඒත් ඩයලොග් වල එහෙමයි කියල පැ‍කේජයක් තිබ්බෙ නෑ. Lite 100 ඇරෙන්න. ඒක නිසා වෙන්න ඕනෙ නව පැකේජයක් එලියට දාල. මටනම් මේක බ්ලාස්ටර් එකට වඩා වාසි. මොකද මේකෙ අනෙක් ජාල වලටත් නොමිටෙල් ඇමතුම් හා කෙටිපණිවිඩ තියනව. මෙහෙම පැකේජයක් එනකම් තමා බලන් හිටියෙ. මේකෙ ඩේටානම් නොමිලේ නෑ. ඒත් රු 50/- ක හරි රු 99/- ට හරි පොඩි ඩේටා ප්ලෑන් එකක් දාගත්තනම් ගොඩ

My10 ගාත්තු වල කෙටිපණිටිඩ සදහා ගාස්තුත් ශත 25 දක්වා අඩු කරල. මේක අලුත් පැකේජයටත් නොමිලේ ලබාදෙනවලු

My 10 ගාස්තු

http://www.dialog.lk/demo/my10/

නව පැකේජයේ ගාස්තු

http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/350/detail/

Update

ඩයලොග් CDMA සදහා දුන්න බ්ලාස්ටර් එකත් නවත්වල. අලුත් පැකේජ දෙකක් දාල තියෙන්නෙ

http://www.dialog.lk/personal/fixed-line/rate-plans/postpaid/postpaid/detail/

http://www.dialog.lk/personal/fixed-line/rate-plans/prepaid/prepaid/detail/

Update 2

ආයෙත් තව පැකේජ 3ක් හදුන්වල දීල.

http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/500-package/

http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/1000-package/

http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/1000-d2d-package/

මොබිටෙල් මේ දවස්වල එන්න එන්නම අල වෙ‍වී තිබ්බ නිසා වෙන්න ඕනෙ ඒ අය ඒ අයගෙ පද්ධතිය අප්ග්‍රේඩ් කරල. මීට දින දෙක තුනකට කලින් තමා මේක කරල තියෙන්නෙ. ඒත් මම ඉන්න හරියටනම් එච්චරම හොදක් පේන්න නෑ. කීප සැරයක් මොබිටෙල් එකෙන් කථාකරල දැන් යාවත්කාලීන කලා, හරිද අහනව. ඒත් මමට වෙනසක් නෑ. රෑට නිතරම විසන්ධි වෙනව. දැන් මොබිටෙල් වැඩි භාවිතයන් නැති නිසා අවුලක් නෑ. හැබැයි තව මාස දෙකක් ඇතුලත තව යාවත්කාලීන කිරීමක් එනවලු. එතකොටවත් හරි‍ගියොත් ගොඩ

දැන් බොහෝ දෙනෙක් කථාවෙන එකක් තමා උපහාර හා බ්ලාස්ටර් පැකේජ නවත්වන එක ගැන. මේ ගැන මොබිටෙල් ආයතනයනම් නිල වශයෙන් ප්‍රකාශ කරල. මේ 14 වෙනිදායින් පසුව නැවත අලුත් උපහාර හෝ අක්‍රිය වෙච්ච උපහාර ලබානෙගත හැකි බව. සමහර විට උපහාර විසන්ධි ‍වුන අය නැවත ලබාගනී කියල මේහෙම කලාද දන්නෙ නෑ. හැබැයි ඩයලොග් එකෙන්නම් සද්දයක් නෑ තාම.

ඒත් මේ එක දිගට දුරකථන ගාස්තු අඩුකිරීම නිමා බොහෝ ආයතන වල අර්බුද තියනව කියල TRC එක ඒකට පියවර ගන්න යනවලු. ආයතන කඩාවැටීම නවත්වන්න. ඒ වගේම ස්ථාවර දුරකථන ගාස්තු සංශෝධනයකුත් ලගදිම එයි වගේ. නිල ‍නොව ආරන්චියක් යනව, හැම ඇමතුමෙන්ම රු 2/- ගානෙ ආරම්භක ගාස්තුවක් ගන්න යන කථාවක්. ඒත් ඒ ගැනනම් දන්නෙ නෑ

මම හිතන්වෙ TRC එක මේ තරගය අඩු කරන්න වගේ යන්නෙ. ඒකෙන් පාඩුවනම් ඔය තරගය නිසා ලාබ ලබන පාරිභෝගිකයන්ට. ඒත් අනවහ්‍යය තරගයක් නිසා ආයතන කඩාවැටීමන් උනත් පාඩු අපිට. රේස් එකෙන් එක්කෙනෙක් අයින් උනොත් උනුසුම අඩුවෙනව. TRC එක මේ තරගය අඩුකරන්න හදනව වගේම මේ සේවා වල ගුණාත්මක භාවය මනින්නත් යම් පියවරක් ගත්තොත් හොදයි වගේ. අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල මේ හැම එකේම. සමහර ජාල හැම වෙලේම කාර්ය බහුලයි, සමහර ඒවගෙ නිතර නිතර බිදවැටීම්, සම්බන්ධ වෙන්න බෑ, අන්තර්ජාලය ‍‍හොදටම ස්ලෝ. මේ අය කියන්නෙ 3.6, 7.2 කියල, ඒත් ඒ වේගය තියා ඒකෙන් බාගයක්වත් එන්නෙ නෑ. මොබිටෙල් මේදවස් වල යක්කු ගස් නගින වෙලාවට නම් 1.8 mbps විතර එනව. ඒත් අපිත් රෑ නිදිමරන්න ඕනෙ. නැතිනම් මේ අයට දෙන්න පුලුවන් අවම අගය ගැන ප්‍රචාරය ගෙනියන්න ඕනෙ.

කුරුණෑගලත් සමහරු ඉන්නව 14.4mbps ඩොන්ගල් හොයන් එන අය. තව සමහරු 3.6 ඒව එපා, 7.2 ඩොන්ගල් එකක් දෙන්න. මොබිටෙල් එකේ 7.2 දෙනව, දැන් ඒ අය 28.8 ත් දෙන්න යන්නෙ කියනව. ප්‍රචාරය නියමට ගෙනියව. ඒත් ගුණාත්මක භාවය ගන්න දෙයක් නෑ.

Update

බ්ලාස්ටර් එකත් නවත්වනව 14න් පස්සෙ. ඉන්පසු අලුත් පැකේජ එයි. ඒත් මොබිටෙල් නොමිලේ කථාකාලයක් දෙන අනෙක් පැකේජ නවත්වන්නෙවත් නෑ වගේ

බොහෝ‍ දෙනෙක්ට තියන ගැටලුවක් තමා වෙබ්කෑම් එක. සමහරු මොගාපික්සල් ගණම් වල කැමරා හොයනව, හොයල අරගෙනත් යනව. ඒත් ටික දවසකින් අහපහු එනව වීඩියෝ කොලිටි නෑ කියල. මේක සාමාන්‍යය දෙයක්. ඒත් මේකට හේතුව බොහෝ දුරට කැමරා‍ව නෙවේ.

නියමාකාරයෙන් පෙනිය යුතු අයුරු

නියමාකාරයෙන් පෙනිය යුතු අයුරු

වේගය අඩු නිසා පෙනෙන අයුරු

වේගය අඩු නිසා පෙනෙන අයුරු (මෙහි ගුණාත්මක භාවය වේගය අනුව අඩුවැඩි විය හැක)

මේ විදිහට ගේන අය හුගක්දෙනෙක් කියන්නෙ අපිට අපේ වීඩියෝ එක හොදට පේනව, ඒත් අනිත් පැත්තෙ ඉන්න එක්කෙනාට අපිව පේන්නෙ බොද වෙලා. ඒත් ඒ කෙනාව අපිට හොදට පේනව.  මේකට හේතුව කැමරාව නෙවේ. සාමාන්‍යය වෙලද පොලේ ඇති කැමරා ‍වලින් අපිට අපගේ පරිගණකයේ පේන විදිහටම ඒ අයට යන්නෙ නෑ. ඒක‍ට හේතුව තමා අපගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය. මේ ගැටලුව හුගක් තියෙන්නෙ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා (ටෙලිකොම් ADSL, Dialog WiMax, Lankabell WiMax)  භාවිතා කරන අයට. ඒක‍ට හේතුව මේ සම්බන්ධතා වල( සාමාන්‍යය ගෙදරට දෙන සම්බන්ධතාවයක) උඩුගත කිරීමේ උපරිම වේගය 128kbps වෙනව. මේ වේගයෙන් තමා අපගේ කටහඩත්, වීඩියෝත් අනෙක් කෙනාට යන්නෙ. ඒත් සාමාන්‍යය වීඩියෝ එකක් යන්න ගුණාත්මක භාවයෙන් යන්න මේ වේගය මදි. ඒත් ඒ අයගෙ වීඩියෝ අපිට හොදට එනව. මේ කථා කරන අ‍යගෙන් බොහෝ දෙනා ඉන්නෙ විදේශ රටවල. ඒ රටවල බොහෝ සම්බන්ධතාවල උඩුගත කිරීමේ වේගය හොද මට්ටමක තියනව (සමහර රටවල අපේ තරම්වත් නෑ), ඒක නිසා එයාලගෙ වීඩියෝ හොද ගුණාත්මක භාවයෙන් උඩුගත වෙලා අපගේ පරිගණකයට අප යවනවාට වඩා හොද ගුණාත්මක භායකින් අපිට ලැ‍බෙනව. මොකද අපගේ බාගත කිරීමේ වේගය 512kbps නිසා

සරලව කිව්වොත් අපි අනෙක් පාර්ශවයේ Download හා Upload Speed එක 512kbps ට වඩා වැඩි සිතමු
ඒත් අපේ

Download – 512kbps
Upload – 128kbps
අපි යවන්නෙ 128kbps ගුණාත්මක භාවයෙන් යුතු වීඩියෝ. ඒ අය අපිට එවන්නෙ 512kbps ගුණාත්මක භාවයෙන් යුතු වීඩියෝ (වීඩියෝ හා හඬ එකතුව)

එතකොට වෙනස වටහාගන්න පුලුවන්නෙ. මේකට කැමරාවට බැනල වැඩක් නෑ. කැමරවෙ preview එකෙන් අපිට හොදට පේනවනම් අවුල තියෙන්නෙ අන්තර්ජාල සම්බන්ධතාවයෙ. සාමාන්‍යයෙන් ටෙලිකොම් වල 128kbps කීව‍ට සමහරුන්ට ලැබෙන්නෙ 110kbps ට ආසන්න වේගයක්. ඒකෙ‍නුත් මුලු වේගයම ස්කයිප් භාවිතා කරන්නෙ නෑ. භාගත කිරීමේ වේගයත් ඒ වගේමයි. මේ වෙලාවට වෙන ටොරන්ට් වගේ යනවනම් තවත් අඩුයි.
නමුත් කැමරාවෙ ගුළණාත්මක භාවයත් යම්තාක් දුරට බල නොපානව නෙවේ. ඒත් අපේ සම්බන්ධතා අනුව වැඩිපුර බලපාන්නෙ අන්තර්ජාල වේගය. අපි වැඩිපුර හිතන්න ඕනෙ ඒ ගැනයි. අපි කැමරාවට හොද ආලෝක කරනයක් ඇතිව මුහුණ දෙනවනම්, Preview එක හරියට එනවනම් ඒච්චරයි. ඒත් තව දෙයක්, සාමාන්‍යය එක එක නම් ගහල එන ලෝකල් කැමරා වලට වඩා ලැප්ටොප් වල එන ඒව, නියම නම් වලින් එන කැමරාවල Preview එකෙත් යම් හොද ගුණාත්මකභායක් තියනව, ලෝකල් ඒව‍ට වඩා.

කැමරාව ගුණ සැකනම් Manycam වැනි නොමිලේ ලබාදෙන මෘදුකාංගය් ආධාරයෙන් කැමරාව වෙනුවට Video එකක් දාල අනෙක් කෙනාට ඇමතුමක් අරන් පරික්ෂා කරල බලල තේරුම් ගන්න පුලුවන්‍

සාමාන්‍යයෙන් ස්ථාවර සම්බන්ධතාව වල එහෙම උනාට හැමදාම බයින මොබිටෙල් වල මේකෙ අනිත් පැත්ත.‍ මොබිටෙල් එකේ භාගත කිරීමේ වේගය බොහෝ වෙලාවට අඩු උනාට හොද උඩුගත කිරීමේ වේගයක් ලැබෙනව. සාමාන්‍යයෙන් 350Kbps ට ආසන්නව එනව. එතකොට ඒ අයට අපගේ හොද ‍වීඩියෝ එකක් බලාගන්න පුලුවන්. ඒත් බොහෝ වෙලාවට අපිට බලන්න වෙන්නෙ කැඩි කැඩි, නැතිනම් බොද වෙලා. සමහර වෙලා‍වඩ හඩත් කැඩෙනව. හැබැයි ඩයාලොග් HSDPA වල මේ ‍දෙකම යම්තාක් දුරට සමබරයි. ඒත් HSDPA සම්බන්ධතා ADSL තරම් ස්ථායි නැ. වේගය නිතරම වෙනස් වෙනව.

අපිට සාමාන්‍යයෙන් ගෙවල් වලට දෙන සම්බන්ධතා වල ‍වේගය 128kbps, නමුත් ටෙලිකොම් වල 2Mbps/512kbps සම්බන්ධතාවයනුත් තියනව. ඒක රු 6000කට ආසන්නයි. ඩයලොග් වල 1mbps දක්වා උඩුගත් වේගයක් ලබාගන්න පුලුවන්. ඒක‍ට මාසිකව රු 12500කට වැඩි මුදලක් ගෙවන්න වෙනව.

දැනට අලුතින් එන Skype සංස්කරන HD (High Definitions)  වීඩියෝ ඇමතුම් සඳහා සහය දක්වනව. ඒ කියන්නෙ ඉතා ඉහල ගුණාත්මක භායකින් යුතුව අපිට වීඩියෝ ඇමතුම් ගන්න පුලුවන්. ඒකට අපිට 1Mbps ට වඩා Upload/Download වේගයක් ඇති අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන්න ඕනෙ. ඊට අමතරව HD වෙබ්කෑම් එකක් අවශ්‍යයි. අපගේ පරිගණකයත් හොද වේගයක් තිබිය යුතු අතර හොදින්ම නැරබීමටනම් HD සහය දක්වන මොනිටරයක් අවශ්‍යය වෙනව.

HD Camera

HD Web Camera

HD Webcam

HD Web Camera

Skype ‍HD ගැන – http://blogs.skype.com/en/2010/01/hd_video_calls.html
HD Webcam – http://www.skype.com/go/shop.accessories.front?cm_mmc=socialm|skypeblogs-_-global|intl|en-_-bigblog-_-hd
තමන්ගේ වේගය පරික්ෂා කරගන්න Speedtest – www.speedtest.net
Manycam මෘදුකාංගය – www.manycam.com

අලුතෙන් පත්වූ උසස් අධ්‍යාපන ඇමති තුමා උසස් අධ්‍යපනය වෙනුවෙන් වැදගත් තීරණයක් පසුගිය කාලයේ ගනු ලැබුව. ඒ අප රටෙත් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමයි. එමෙත් මෙයට විශේෂයෙන් වෛද්‍යවරු මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් විරෝධය දක්වමින් මේ දින වල බොහෝ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නව.

මේ අය දැනට උසස් අධ්‍යාපනය ලබමින් හෝ ලැබූ අය. තමන්ගේ අනාගතය සාදාගත් අය. ඒ අය තමන්ගේම බාල සහෝදර සහෝදරියන් ඉදිරියේ පන්ති වලදී වැඳ ඉල්ලාසිටින්නේ තමන් වෙනුවෙන් උද්ගෝශණ කරන ලෙසත්ය. එහෙත් ඔවුන් එම උද්ගෝශණ වලට එන්නේ නැත. ඔවුන් ඔවුනගේ වැඩවලය. මේසේ ඔවුන් අපව උද්ගෝශණයන්ට පොලබවන්නේ අපගේම අනාගතයට විරුද්ධවය.‍ නමුත් මේ අයට පන්තිවල කථාකිරීමටවත් සමහර ගුරුවරු ඉඩ දන්නේ නැ. ඒ අපගැන සිතාය. එවන් ගුරුවරුන්ගේ ක්‍රියාව අගය කල යුතුය. උදාහරණයක් විදිහට අපගේ පන්තියක් ගතහොත් සමාන්‍යයෙන් මෙම පන්තියක ලමුන් 3000-5000 ක් සිටිනලෙස සිතමු. මේ අයගෙන් කී‍ දෙනෙක්ට රජයේ විශ්ව විද්‍යාල වලට යා හැකිද? බැරි උන අය කරන්නේ මොනවද මේවා මේ අය සිතලා නැතුවයි අපිට කථාකරන්න එන්නෙ. සාමාන්‍යයෙන් උසස්පෙල S සාමාර්ථ 3ක් ලබාගත් සිසුවෙක් උසස් අධ්‍යපණයට සුදුද්සෙක් ලෙස සැලකුවත් අපගේ රටේ ඇති අවාසනාව මේ සඳහා ඉඩ හා සම්පත්ය. එම නිසා වැඩිම ලකුණු ලබාගන්නා අය මෙම විශ්ව විද්‍යාල වරම් ලබයි. එවිට අනෙක් අය බලන් සිටිය යුතුද? එය‍ට රජයේ සම්පත් නැතිනම් හොදම ක්‍රමය පෞද්ගලිත විශ්ව විද්‍යාල ආරම්භ කිරීමයි. ඉතින් අපගේ අනාගතය වෙනුවෙන් විරුද්ධව අප නැගී සිටිය යුතු නැත. අපට රජයේ විශ්ව විද්‍යාල වරම් නැතිඋවහොත් තව මාර්ගයක් තෝරාගැනීමට ඇති බැවිනි.

එමෙන්ම මෙම වෛද්‍යවරුන් බියව සිටින්නේ තමන්ගේ ප්‍රදේශයට තවත් වෛද්‍ය වරයෙකු පැමිණේයැයි බියෙන් මිස වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය ගැන නොවේ. මේ අය ලාංකීය වෛද්‍ය වෘත්‍තියේ ගුණාත්මක භාවය ගැන සිතනවානම් ඇයි තම රජාකාරී වෙලාවෙත් මේ අය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වල සල්ලි හම්බකරන්න වෙහෙසෙන්නෙ?. උදේ 8 ට එන්න ඕනෙ එක එන්නෙ කීයටද? යන්නෙ කීයටද? දවල් වි‍වේකය පුද්ගලික රෝහලේ  කොච්චර වෙලා ගන්නවද?    ‍මෙහෙමද ගුණාත්මක  භාවය වැඩිකරන්නෙ. ඔවුන් අධ්‍යපණයට වෙහෙසූ ආකාරය බලන විට මේ ආකාරයෙන් මුදල් හම්බකල යුතුය‍. පහසුකම් ලැබිය යුතුය. එසේම හදිස්සි අවස්ථා වලදී  පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානත් ප්‍රයෝජනවත් වේ. මේ සියලල්ම නියමාකාරයෙන් කිරීමේ හැකියාව ඔවුන්ට ඇත. නමුත් ඔවුන් මුලු තැන දෙන්නෙ තම රජකාරියට නොව මුදල් හම්බ කිරීමටය. අප රටේ බොහෝ විට රජයේ රෝහල් වල පොලිම්වල සිට බෙහෙත් ගන්න එන්නේ දුප්පත් අයය. මේ අය කථාකරන්නෙ මෙම අධ්‍යාපණයෙන් දුප්පතුන්ගේ අධ්‍යාපන අයිතීන් නැතිවෙනව.. දුප්පතා මහන්සි වී ලබාගත් තැන නැතිවෙනව කියයා. එහෙත් මේ රෝහල‍ට බෙහෙත් ගන්න එන දුප්පතා ගැන සිදුවාද මේ අය. එසේ සිතනවානම් මුලින් හරියට රාජකාරීය කර ඒ අයට වෙදකම් කල යුතුය. අඩුම තරමින් දුප්පත් කෙනෙක් වෙනුවෙන් සැත්කමකට මේ සා මුදලක් සොයන්න එන්න.. නැතිනම් ගෙඩගන්න අමාරුයි කියනවා මිසක් ‍තමන්ගේ ගානින් කීප දෙනෙකුට හෝ සහනයක් දීමට මොවුන් සිතනවාද…. සල්ලි නැතිනම් ලෙඩාට සොරි.  සැම විටම මුදල් මත්තෙ නැහෙමින් දුප්පතුන්ට වඩා සල්ලි ගැන සිතන මේ අය මොකද මේ එකපාරම වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවයත් දුප්පත් අය ගැනත් සිතන්නෙ? එලියෙන් දුප්පත් කමයි, ගුණාත්මක භාවයයි දාගෙන මේ අය මේ අයගෙ මඩිය තදකරගන්න හදපු ක්‍රමයක් මිස වෙන මොකක්ද. මේක අත්මාර්ථමී කම නොවේද? නමුත් මේසේ නොකරන ඉතා ගුණ යහපත් දොස්තර මහතායයි කිය හැකි අයද නැතිවාම නොවේ. ඒත් මේ කෑ ගහන අයගෙන් බහුතරය ඒසේ නොවන අයය. ඇත්තෙන්ම මේ අයත් දැන් ව්‍යාපාරයක් කරගෙන යයි‍. මාලු මුදලාලි “කෙලවල්ලා 400 යි.. සාලයා 200යි “ කියා කෑ ගසයි. ඒ අතර  “ …. ‍දොස්තර මහතා …. කාමරයේ. එයාගෙ ගාන රු 750යි‍. එයා හොද ඇගේ අමාරුවට” මේක දැන් සේවාවක් නොව ව්‍යාපාරයක් කරගත් අයද ඇතිබව මෙවන් නිවේදන වලින් සිහිනොවන්නේ කාටද? මාලු මුදලාලි මාලු විකුණයි. දොස්තර වෙදකම විකුණයි. හොද මාලු සල්ලි ඇති අයට. පොඩි මාලු නැති අයට. දුප්පතුන් ගැන සිතන අය කර ඇත්තේ මේකම නොවේද? ඒ අය කවුද කැමති තම ව්‍යාපාරයට තවත් කෙනෙක් බාධා එල්ල කරනවාට. ඒ වගේම මේ අය කියන මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් එන අය කෑගහන අය තරම් සුදුසුකම් ලත් අය නොවේ. එහෙත් ඒ ගැටලුව ඔවුන්ට ඇති එයින් වැඩේ වැදගත්කම මොකක්ද? ‍මේ අයට වඩා අලුත් අය හොදයිනම් ලෙඩ්ඩු ඒ අය ගාව යයි. නැතිනම් මේ අය ගාවට එයි. ඒක සමාජය විසින්ම විසදයි. එවිට ඒ විශ්ව විද්‍යාල වල ඉල්ලුම අඩුවෙයි. අනික විදේශ විශ්ව විද්‍යාල සුදුසුකම් නැති අයට තම නමින් සහතික දීල තමන්ගේ නම බාල කරගන්න කැමති වෙයිද?  මේ අය බය  මේවට නොවේ අලුතින් එන එය මේ අයට වඩා හොදවෙයි කියල. රෝගීන් මේ අයට වඩා හොද අයගෙන් බෙහෙත් ගනී කියලයි.

ඒවා එසේ තිබියදී මේවා ගැන ලියන සමහර සහෝදරයයි කියාගත් අය කියන්නේ මේවාට මුදල් දී ගිය විට පාඩම් කර මහන්සී වී ඉගනගත් අයට ඇති වටිනාකම මොකක්ද යන්නය. එමෙන්ම ඒ අය පිලිගන්නා සත්‍යයක් වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් දෙන අධ්‍යාපනය රජයේ ඒව‍ට වඩා හොද බැවින් එය අසාධාරන නිසා නැවැත්විය යුතු බවය. එහෙත් තවකෙක් අධ්‍යාපනය ලබනවාට ඇයි මේතරම් අකමැති. ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල උසස්පෙල කරන සියලුදෙනාට ඇතුලුවිය හැකි පරිදි ඉඩ ඇතිනම් මෙසේ කීවාට කම් නැත. බොහෝ දෙනා දන්නා දෙයක් නම් ලංකාවේ හොදම විශ්ව විද්‍යාලය වන මොරටුව විශ්ව විද්‍යාලයත් දැනට ලෝක ශ්‍රේණිගත කිරීම් වල 2500ට ත් වඩා පහලින් ඇති බව. මේ මීට වසර කීපයක‍ට පෙර හොදව විශ්ව විද්‍යාලයකි. එයට ද හේතුව මේවාගේ සම්පත් සීමා වීමයි. සමහර සිලබස් පරණ වීමයි. ඒවා නව තාක්ෂණය හා මුසුව නිතර නිතර අලුත් නොවීමයි. එහෙත් පෞද්ගලික විශ්ව විද්‍යාල වල එම තත්වය නැත. විදේශ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් මේවා කරගෙන යන නිසා ඔවු‍න්නේ නිතර නිතර අලුත්වන පාඨමාලා මෙන්ම සිලබස්ද  අප රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට හිමිමේ‍. එය තරගයකි. තරගයෙන් ප්‍රතිලාබ අපගේ සිසුන්ටය. හරියට ජංගම දුරකථන තරගයෙන් ගාණ අඩු වෙන්නෙ  සේවාව හොද වෙන්නෙ පාරිභෝගිකයට වැගේ‍.  එමෙන්ම ඒ ඒ ක්ශේත්‍රයන්ට ප්‍ර‍වීන විදේශ දේශකයන්ගෙන් ඉගනීමේ වරද අප සිසුන්ට හිමිවේ. මේ අය විරුද්ද මේකටය. මේ ලගදි පුවත්පතක ගිය ලිපයක් කියවූ මට සම්පූර්ණයෙන් වැටහුනේ මේ ලියන කෙනා කොච්චර ආත්මාර්තකාමීද කියයි.

විදේශ විශ්ව විද්‍යාල තමන්ගේ නමින් සහතිකයක් එම පිලිගත් ගුණාත්මක භාවයෙන් පහල අයට අපරටේ වගේ විවිද අයගේ ඕනෑ එපාකම් වලට දෙන්නේ නැත. ඔවුන් නිතරම බලන්නේ ඔවුන්ගේ නාමයේ කීර්තියයි. ඔවුන්ගේ නම ඇති විශ්ව විද්‍යාලයකින් සුදුසුකම් අඩු කිසිම කෙනෙක් එලියට එනවාට ඔවුන් කැමති නැත. එමෙන්ම මේ ලෝක ‍ශ්‍රේණිගත වල අප පහලට යන්නත් විදේශ විශ්ව විද්‍යාල ඉහලට එන්නත් අර අය කියන හේතුම තිබිය හැකිය. සිලබස්… සම්පත්.. දේශකමඩුල්ල… ඒවාගේ ගුණාත්මක භායයයි. ඉතින් ඒවා අපේ අයට හම්බෙනවාට ඇයි මේතරම් විරුද්ද? එයින් අපගේ ර‍ටින් විදේශ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගිලිහී යන සම්පත් මෙන්ම අපේ වැඩි පරිසකට මීට වඩා උසස් අධ්‍යාපනයක් ලැබීමේ වරම් හිමිවේ. රජයේ විශ්ව විද්‍යාල වල ඉඩ මදිවෙන අය‍ට අධ්‍යාපන වරම් හිමිවේ.

එමෙන්ම අප රටේ බොහෝ දෙනා දන්නේ මෙන්ම අප රටේ ලබාදෙන්නේ BSc, MSc වැනි උපාදිය. එහෙත් මෙම් නව විශ්ව විද්‍යාලවලින් දෙන උපාධි අප අසා නැතිවාට BSc, MSc උපාධි වලට වඩා පිලිගන්නා උපාදිද ඒවාට සමාන පිලිගැනීමක් ඇති උපාදිද ඇත. ඒව අප රටේ අය අසා නැති නිසා මේවා වැඩක් නැති උපාදි කියා මේ අය කෑගසයි. තවද මේවාගේ අපේ වගේ ප්‍රශ්ණ ඇසුවහොත්, ගුරුවරයා කෝප කලොත් අසමත් කරන රටාවක්ද නැති ව පෞද්ගලික විශ්ව විද්‍යාල දැන් බහුලය.

තවද මේ කියන ආකාරට අපේ රටේ විශ්ව විද්‍යාලවලින් එන මේ අය අනෙක් හැමෝම ඇයි තමන්ට ‍හොද කල නොහැකි රෝගීන් විදේශයන්ට යවන්නෙ. ඒ ඒ එට වල අධ්‍යාපණයට පින්සිදුවන්න අපට වඩා උගත් අය ඒ ර‍ට වල සිටීමයි. එය අධ්‍යාපනය නිසා සිදුවූවක්. එම අධ්‍යාපනව අප රටේ අයත් ලැබු‍වහොත් යම් වරදක් ති‍බේද

තවද කිව යුතු යමක් ඇත. මේ කෑගහන අයත් පිලිගන්න එක් සත්‍යයක් නම් රජයේ ඒවාට වඩා මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපණයේ ගුණාත්මක භාවය වැඩි. නමුත් ඒවාට දුප්පත් මහන්සිවෙන කෙනාට ඇතුලු විය නොහැකිය යන්නය (නමුත් මේ අයට මල් කඩන්න දුරකථන බිල බදින්න, කාඩ් දාන්න සල්ලි ඇත. ඒවා විශ්ව විද්‍යාල වලට එන බිල්පත් තොගයෙන් දැකගත හැකිය). එහෙත් මෙම විශ්ව විද්‍යාල වල බොහෝ ප්‍රමාණයක් ශිෂ්වත්ව පිරිණමයි. මේ අයට ඕනෙනම් පොඩ්ඩක් මහන්සි වෙලා මේ සම්පූර්ණ නොමිලේ ශිෂ්වත්වයකට උවත් උරුමකම් කිව හැකිය. නැතුව අනිත් අයට වල කැපීමවත්, ආත්මාර්ථකාමී තුලින් තමන් මෙන්ම තම රටටද ඇතිවෙන යහපතක් නැත.

හුග කාලෙකින් බ්ලොග් එකක් ලියන්න බැරි උනා. මේකත් හුගදෙනෙකුට වැඩිය වැදගත් නෑ. ඒත් ඕනෙ වෙන අය ඉන්න නිසා ලියන්න හිතුන. සමහරුන්ට තියන ගැටලුවක් තමා තමන්ගෙ අන්තර්ජා භාවිතය බලාගන්නෙ ‍කොහොමද කියල. ඒ‍කියන්නෙ ජංගම දුරකථන ජාල මගින් අන්තර්ජාලය භාවිතා කර අයට තමන්ගෙ සම්බන්ධතාවය පසු‍‍‍ගෙවුම් පෙරගෙවුම් අනුව බලාගන්න විදි විවිදයි. ජාලයෙන් ජාලයත් මේක වෙනස්‍.

මොබිටෙල්

පසුගෙවුම්

භාවිතය බැලීම

කෙටිපණිවිඩ මගින් – “usage”  >> 4567

USSD විධානයකින් – #888#

පෙරගෙවුම්

භාවිතය බැලීම

කෙටිපණිවිඩමගින් –  ”DB” >>  7678

USSD  විධානකින් – *170#

අන්තර්ජාලය හරහා මොබිටෙල් අඩවියේ ලිපාපදින්චිවීමෙන්ද බලාගත හැකිය

සක්‍රිය කිරීම

කෙටිපණිවිඩමගින් –  ”D<Amount>” >>  7678 (රු 25/- Daily Delight සඳහා “D25″, අනෙක්වාට “D50″ හෝ “D75″ වශයෙන්)

USSD  විධානකින් – *071*<Amount>*1# (රු 25/- Daily Delight සඳහා “*071*25*1#”, අනෙක්වාට “*071*50*1#” හෝ “*071*75*1#” වශයෙන්, මෙහිදී අවසාන 1 වෙනුවට 2 යෙදුවහොත් සත්‍රිය හා වලංගු වනුයො රාත්‍රි 12 සිටය)

IVR මගින් නම් 141 අමතා සිදුකල හැකිය

ඩයලොග්

පසුගෙවුම්

භාවිතය බැලීම

කෙටිපණිවිඩ මගින් – “mbb” >>678

අන්තර්ජාලය හරහා Mydialog.dialog.lk හි ලිපාපදින්චි වීමෙන් බලාගත හැකිය

පෙරගෙවුම්

භාවිතය බැලීම

කෙටිපණිවිඩ මගින් – “mbb” >>678

සක්‍රිය කිරීම

කෙටිපණිවිඩ මගින් – “KB <Amount>”  >> 678  (රු 20 මිනිත්තු 30 සඳහා “KB 20″ වශයෙන්)

USSD කේතයන් පරිගණක මගින් යෑවීමට (http://www.nerve.org.za/) MDMA කුඩා මෘදුකාංගය බාගත කරගැනීමෙන් කල හැකිය. එහීදී මොබයිල් පාට්නර් මෘදුකාංගය හා මෙම මෘදුකාංගය එකවර ධාවනය කල නොහැක.

Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda's Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions