වීසා කටයුත්තක් නිසා ඉතා ඉක්කමනින් USA යන්න උනේ. නමුත් ඉස්සර වගේ යනවට වඩා එන එක ලේසි නෑ කොරෝනා නිසා.  විස්තර හා ක්‍රියාවලිය හොයන් ගිය එක හා ආව එක ගැන අනිත් අයටත් දැනගන්න ලියන්න හිතුන. ලංකාවට එන අයට ප්‍රයෝජනවත් වෙයි කොරෝන තත්වය එක්ක එන්නෙ කොමොමද කියල දැනගන්න

පිටත්වීම

ලංකාවෙන් එලියට යන්න කිසි කරදරයක් නෑ. නමුත් අදාල යන රටේ හා යන ගුවන් සේවයට අදාල කාල රාමුන තුල ලබාගත් PCR පරීක්ෂණයක Positive නොවන ප්‍රතිපලයක් තිබීම අනිවාර්යයි. මම යන්නෙ ඇමරිකාවට නිසා අදාල රටට එන අයට පැය 72න් ඇතුලත ලබාදුන් සාම්පලයක ප්‍රථිපලක් අත්‍යාවශයයි
ලංකාවේ නිළධාරීන් පැවසූ පරිදි පරීක්ෂණයට පසු ලැබෙන Email ප්‍රථිපල වල මුද්‍රිත පිටපතක් උනත් සෑහේ. නැතිනම් කොළඹින් පිට කෙනෙක් කොළමට ගිහින් සාම්පල ලබාදීල නැවත ගන්නත් යන්න වෙනව

මගදි කොහෙදිවත් PCR එක අවශ්‍යය උනේ නෑ. නමුත් බොහෝ ගුවන්තොටුපලවත් වල කැමරා මගින් උෂ්ණත්ව පරීක්ෂණයන් තියනව
(PCR එක ලග තියාගන්න එක ඇගට ගුනයි)

ලංකාවට ඇතුලුවීමට අවසර

යන්න කලින් තිබ්බ ලොකුම හිසරදය මේක, දේශීය ගුවන්බලපත් හිමියන් අනිවාර්යෙන් ලංකාවට එන්න කලින් අවසර ලබාගන්න ඔ්න‌ෙ

 

News Alert
මීට දින කීපයකට කලින් යුධ හමුදාපති තුමා මේ අවශ්‍යය තාවය ඉවත් කලත්, කලින් ලංකාවට එන්න අවසරයක් තියෙන්න ඔ්නෙ. ඒක වෙනත් රටක ඉදන් එනවනම් අදාල රටේ එම්බසියෙන් ගන්න පුලුවන් සමහර රට වල. නැතිනම් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ගන්න ඔ්නෙ. ඒක‌ට ඊමේල් ලිපිණයක් තියනව. කලින් ආව අයගෙ උපදේස් පරිදි සතියක් පුරාවට දිනපතා ඒ ලිපිණයට ඉල්ලීම් කලත් ප්‍රතිපලයක් නැ. ඒ වගේ බොහෝ ඊමේල් ඔවුන්ට ලැබෙනව ඇති

ඉන්පසු අපි විදේශ කටයුතු අමාත්‍යංශය අමතල කාරණාව පැහැදිලි කලා, එම නිළධාරීන්ගේ උපදේස් පරිදි නැවත යොමුකල ඊමේල් පණිවිඩයට පැයක් විතර ඇතුලත අවසර ලැබුණ.

Approval

පිටරටින් පිටත් වෙද්දි

USA වල එයාල ගාව තියන ලිස්ට් එකක් බලනව අපිගාව තියනවද කියල. ඒ ලැයිස්තුවෙ තිබ්බෙ

  • PCR එක,
  • අවසරය,
  • හෝටල් බුකින්
  • තව PCR වගයකට මුදල් ගෙවපුව

නමුත් අවසාන දෙක ගුවන්තොටුපලේදි කරනව කිව්ව පාර යන්න දුන්න. වෙන කොහෙදිවත් විස්තර බැලුවෙ නැ

ලංකාවට එද්දි

අපිට ගුවන් යානයේදි දෙනව පුරවන්න කොලයක්. ඒ කොලයත් අරන් ගුවන්තොටුපල ආගමන විගමන කටයුතු වලට කලින් සෞඛ්‍යය වෛද්‍යය නිළධාරීන් ඉන්න Counter එකකට යන්න ඔ්නෙ. එතනදි අපිට බෙහෙත විදලද කියල අදාල ලියකියවිලි බලනව. බෙහෙත විදල දින ගාන සම්ර්ණයිනම් අපිට Quarantine අවශ්‍යය නෑ කියල සීල් එකකුත්, අනිත් අයට Quarantine අවශ්‍යයයි කියල සීල් එකකුත් ගහනව
ඉන්පසු සුපුරුදු පරිදි ආගමන විගමන කටයුතු වලින්  පසු, තීරුබදු සාප්පු වලින් බඩු ගන්න පුලුවන්. නමුත් ඉස්සර වගේ චොකලට් නම් අඩු නෑ. පට්ට ගනම්. අරක්කු වලටත් ලොකු දීමනා නෑ
ඒවත් අරන් බෑග් ටිකත් අරගෙන, රේගු නිළධාරීන් ඉන්න ප්‍රදේශයෙන් එලියට එන්න ඔ්නෙ

මෙහිදී එන හැමෝගෙම බැග් රේගු නිළධාරීන් විසින් Scan කිරීමකට ලක් කරනව.

එම ප්‍රදේශයෙන් එලියට ආවට පසු, ඉස්සර හිතවතුන්ට ඉන්න තියන ප්‍රදේශයේදී අපි ආව ගුවන් යානව අහල අපිට ටෝකන් එකක් දෙනව හමුදා නිළධාරීන්, ඉන් පසු අපි ගුවන් යානව අනුව පෝලිම් කරනව. එතනදි අවශ්‍යයනම් ATM වලින් මුදල් ගන්න පුපුලුවන්. සිම් අවශ්‍යයනම් සිම් එකක් උනත් ගත්න පහසුම් තියනව

ඉන්පසු පෝලිම පිලිවෙලට එක්කෙනා බැගින් අරන් අහනව අපිට අවශ්‍යය රජයේ නිරෝධානය මධ්‍යස්තානයක්ද, පුද්ගලික හෝලටයක්ද කියල, එ අනුව වෙන් කරනව

බෙහෙත් අරන් නැති අය

රජයේනම්
PCR හා නවාතැන් පහසුකම් නොමිලේ. නමුත් දින 10ක් සිටිය යුතුයි.  තනිව කාමරයක් හමු නොවන මධ්‍යස්ථානයක සිටියොත්, එම එක පිරිසේ කෙනෙකු හෝ PCR Positive උනොත් සියලු දෙනා නැවත දින 14ක් සිටිය යුතුයි.

පුද්ගලිකනම්

PCR එකකට රු 7500 බැගින් දෙකක වියදම අපි දරාගත යුතුයි. ඊට අමතරව හෝටල් වියදම අපි දැරුය යුතුයි. ඒ ඒ ගුවන් යානවට වෙන වෙනම හෝටල් වෙන් කරල සියලු දෙනා එකම හෝටයට දාන්නෙ. හෝටල් තෝරගන්න බෑ.
කාමරයක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් ඉන්න පුලුවන් කැමති ආකාරයට. අපි තනිවනම් එන්නෙ, අපිට ගුවන්යානයේ ආව වෙනත් කෙනෙක් සමග එක කාමරයේ ඉන්නත් පුලුවන් වියදම අඩුකරගන්න.
නමුත් නොදන්න කෙනෙක් එක්ක ඉදල ඒ කෙනා Positive උනොත් නැවත දින 14ක් ඉන්න වෙනව

 

බෙහෙත් අරන් තියන අය

රජයේ නම්
රජය නම්කල මධ්‍යස්තානයකට ගෙනගොස් පැය 24ක් ඇතුලත PCR එකක් කරල එහි ප්‍රතිපල මත ගෙදර යන්න දෙනව. වියදමක් නෑ

හෝටලයකනම්

ඉහත දින 7 නිරෝධායනය වන හෝටලයටම මේ අය ගෙනත් දානව. ප්‍රතිපල එනවකන් දවසක් ඉන්න ඔ්නෙ. දවසක හෝටල් ගාස්තුව වගේම PCR වලට යන ගාස්තු අප විසින් දරිය යුතුයි.

ඉස්සර ගුවන්තොටුපලේදි පලවන PCR එක කරනව කිව්වට දැන් ඒක කරන්නෙ නැ. ඒ අය හෝටලයට ගෙනත් දාල පැය ගානක් ගියාට පස්සෙ තමා PCR එක කරන්නෙ. එහිදී දවසක් නිරෝධායනව වන අයත් ඒ හෝටලයටමයි එක්කන් එන්නෙ. අපේ ගුවන් යානයේ සියලු දෙනා සීගිරි හෝටලය හා සීගිරි විලේජ් හෝටයට එක්කන් ආව.

දවසක් නිර‌ෝදායනය වෙන අය දුර හෝටල් වලට දාන එකනම් අපරාදයක්.
එන්න යන කාලයයි, ඒ අය දවසක් ඉදල ගෙදරට ගමන්කරන ක්‍රමය හදාගන්න එකයි වෙනමම ව්‍යාපෘතියක්. නමුත් අදාල රජයේ නිවේදනයේ තිබ්බෙ ගුවන්තොටුපල අවට හෝටල් වලට දානව කියල. ඒත් ඒකනම් උනේ නෑ

හෝටලය බලා ගමන

පාන්දර 1.30  විතර එලියට ආව අපිට වතුර බෝතල් දීල, ගුවන් බලපත්‍රයේ Scan කොපියක් අරන් බස් වලට දැම්ම. එහිදී සමහර බස්වලනම් දුරස්ථභාවයක් තිබ්බෙ නැ. ඒ වෙනුවෙන් බස්වල සමහර අය කතාකරත් එක්ක, නමුත් හමුදානිළධාරීන්ගේ හිටිය අය තීරන ගත හැකි අය නොවන නිසා කට්ටිය කට වහන් හිටිය.

බස් එකේ පැය දෙකකට වඩා කට්ටිය  තිබ්බ ගමන් නොකර, බස් ටික පිරෙනකන්. සියලු බස් වලට ආරක්ෂාව දෙන්න තියෙන්නෙ එක වාහනයක් නිසා සියලු බස් පිරුනම යන කතාවක් තමා කිව්වෙ
කොහොම හරි එලිවෙන්න ටිකකට කලින් අපි ගුවන්තොටුපලින් බස්වල පිටත් උනා.

කලින් තිබ්බෙ නැති හදිස්සියක් දැන් බස් එලවන් යන අයටයි, ඉදිරියෙන් ආරක්ෂාව දෙන වාහනයටයි තියනව. කොච්චර ඉඩ තිබ්බත් යන්නෙම පාර මැද. ඉරි, කහ ඉරි අදාලම නැ. වංගු කෙලින් කරනව. ලේසියකට වාහනයකට මේ වාහන පහු කරන්න දෙන්නෙ නැ පාර මැද. ඉදිරියෙන් එන ඒවත් කානුවට දාල බේරෙන්නෙ. ඉතාම අනතුරුදායක ලෙස යන්නෙ

කොහොම හරි උදේ 6ට විතර සීගිරි හෝටලයට ආව. ඒකෙ සියලු දෙනාට ඉඩ මදි නිසා අවසාන බස්එක දැම්ම සීගිරි විලේජ් හෝටලයට. ඒ අපි

හෝටල් කටයුතු

එතන ඉදන් හමුදා නිළධාරීන්ගේ හා හෝටල් කාර්යමණ්ඩලයේ සේවාව හරිම හොද. සුහදශීලී. බෑග් ටික එලියට අරන් සැනිටයිසර් ගැහුව. සපත්තු අඩියටත් ගැහුව

ඉන්පසු අපේ මාස් විසික්කරල, අලුත් මාස්ක් දුන්න. ඉන්පසු අපේ විස්තර අරන් අපිට අයකිරීම් හා නීති ගැන විනාඩි දෙක තුනක දේශනයක් දුන්න. ඒ අතර වතුර හා සිසිල් බීම පැකට් අපිට දුන්න.

එහිදි කිව්ව දෙයක් තමා, අපිට කාමරයේ වැරෙන්ඩා එකෙන් එලියට එන්න බැරි බවත් කාමරයේ හා වැරෙන්ඩා එකට අපගේ ගමන් සීමා විය යුතු බවත්ය. එමෙන්ම අනිත් කාමර වල අය සමග කතාකිරීම, හමුවීම සපුරා තහනම් බවත්ය

QC (5)
කමාරයේ වැරන්ඩා එකට පේන දේවල්

QC (14)
ඒ වගේම දින 7 කිව්වට 7ත්වන දිනයේ ලබාගන්න PCR ප්‍රතිපල  ලැබෙන වෙලාව අනුව දින 8 ක් 8.5 ක් ඉන්න වෙන අවස්ථාද තියන බවත් දිනකට හෝටල් ගාස්තුව රුපියල් 12000/- ක් බවත් කිව්ව

එන්න කලින් Covid මධ්‍යස්ථානයෙන් කල විමසුමකදී පැවසුවේ තරු තුන හෝටල් වල ගාන රු 10,000 ත්, තරු 4 හෝටල් රු 12,000 ත් තරු 5 හෝටල් රු 15000ත් වන බවය. නමුත් මේක තරු 3 වෙලා 12ක් කිව්ව. පසුව සොයා බැලීමකදී දැනගන්න ලැබුනෙ PCR හා බස්ගාස්තු ඇතුලත්ව මේ ගාන තීරණය කර ඇති බවත්, ඉස්සර 12500 ක්ව තිබු ගාන දන් 12000 ක් කර ඇති බවත්ය
අපි නොගෙව්වට බස් එක හෝටලයෙන් පුද්ගලයෙක්ගෙන් රු 7500ක් අය කරන බව නිල නොවන ලෙස දැනගන්න ලැබුනෙ

හෝටලයේ දින 7

ඉන්පසු අපේ බෑග් හෝටල් සේවක මහතුන් විසින් කාමර වලට අරන් යන අතර,  එතැන් පටන් දින 7ක් කාමරයේ. අපේ වෙලාවට අපිට කාමර හෝලටයක් නොව  කබානා ආකාරයේ කාමර තිබෙන හොද ගස්කොල, පොකුණු තියන ප්‍රදේශයක තියන හෝටලයක් ලැබුන එක මාරම වාසනාවක්. කිවවත් මූනට හමු නොවන පරිදි කාමරය ඉදිරියෙ තියන පොකුණට යන්න, වදුරන්ට කෑම දෙන්න ගැටලුවක් තිබුනෙ නැ . කාමර වලත් හොදට ඉඩ තියනව.

QC (1)

QC (3)

QC (9)

QC (13)

QC (15)

තව දෙයක්, කට්ටිය කිව්ව වගේ කෑම වල ගැටලුවක් තිබ්බෙ නැ. කෑම ඇත්තටම හොදා. Buffet නොවුනත් කප් වල දාල හොද රස කෑම එකක්, තේ වෙලාවන් වල කන්න Snack එවනව. දින 7ට විවිධාකාර මෙනූ තිබ්බ. අපි මස්මාලු කන්නෙ නැත්තම්, හෝ හෝටලය දෙන දේශීය කෑම කැමති නැත්තම් ඉල්ලීමක් කලොත් බටහිරි කෑම හා එලවලු කෑම එවන්න පුලුවන් කියල දැනුම්දීල තිබ්බ

QC (11)
කෑම එවන අසුරන

QC (2)

QC (4)

 

QC (7)

QC (8)

QC (10)

QC (12)
අවස්ථා දෙකකදි මගෙ කාමරයෙ වායුසමීකරණයෙ ගැටලුවක් ආව. කිව්ව පමාවට ඇවිත් හදල දුන්න. තේ බොන්න අවශ්‍යය කිරි, තේ බෑග් හා පාණීය ජල බෝතල් ඇතිවෙන්න දුන්න. සේවක මණ්ඩලය හරිම සුහද ශීලි.

අපි කාමර වලට යද්දි උදේ 8 විතර වෙන්න ඇති. ඉන්පසු වොෂ් එකක් දාගෙන ලැබුන උදේ ආහාරය ගත්තට පස්සෙ, PCR වලට රෝහලින් ඇවිත් කිව්ව. අපි ගිහින් සල්ලි ගෙවල, සාම්පල ලබාදුන්න. මීට පෙර අවස්තා දෙකකදි නවලෝක රෝහලින් පරික්ෂාකිරීම් කරගෙන තියනව. කිසිම ගැටලුවක් හෝ අමාරුවක් උනේ නැ. නමුත් මෙතන සාම්පල ලබාගැනීම ඉතාම අපහසුයි. සියලු දෙනාටම වේදනකාරී අත්දැකීමක්

ඉන්පසු හෝටලයේ කාර්යමණ්ඩලය කාමර වලට ආව, ඇවිත් දින 7කට ගෙවීම ලබාගත්ත

උදේ කෑම 7.30 ට විතර එනව. පලතුරු බීම එකක් හෝ කොළකැද එකක් සමග. ඊට අමතරව උදේ තේ එකට බනිසයක් ආප්පයක් වගේ දෙයක් ගෙනත් දෙනව. දවල්ට 12.30ට විතර කෑම බැග්  අරන් එනව. ඒ දවල් තේ එකට කේක් කෑල්ලක් හෝ බනිස් ගෙඩියක් එක්ක. සවස 7.30ට විතර රාත්‍රි කෑම

QC (6)

QCCC (2)
මේ කෑම ගෙන අවස්තා සියල්ලගේ වතුර, තේ වලට අවශ්‍යය දේවල් ලබාගන්න පුලුවන්. ඊට අමතරව දිනකට දෙවරක් කුණු එකතුකරන්න එනව
දිනකට දෙවරක් අපගේ උෂ්ණත්වය පරික්ෂා කරන්න එනව. සමහර දින වල එක පාරයි.

ටවල් දෙක දින දෙකටම එකපාරයි දෙන්නෙ. ෂැම්පු, සබන්, දත්බුරුසු මදිනම් ඉල්ලන්න පුලුවන්
දින 7ටම කාමර සේවාවක් නැ. අපි අතු ගාගෙන පිලිවෙලට ඉන්න වෙනව. රෙදි හෝදගන්න සබන් කුඩු හා බේසමක් තියනව. අපි හෝදන් වහලයට, හෝ හැගර් වල දාල එලියෙ වත්තෙ එල්ලන්න ඔ්නෙ

QCCC (1)

 

නිර‌ෝධායනය අවසන් කිරීම

6 වන දිනය වන බ්‍රහස්පතින්ද අපි මතක් කිරීම් කීපයක් කලා සිකුරාදා උදේම නවලෝක රෝහලින් ගෙනත් දෙන්න කියල. මාගේ මිතුරන් කීපදෙනෙකුත් උදව් කලා වැඩේ ගොඩ දාගන්න (නම් දාන එක එයාලට හරිනෑ)

සිකුරාද උදේ කිව්වට 2ට විතර ආවෙ. අපේ විතරක් නෙවේ, තව මධ්‍යස්තාන 5ක විතර සාම්පල අරන් යන්නෙ. එයාල පොරොන්දු උනේ පසුවදා 12ට විතර ප්‍රතිපල ලබාදෙන බවයි
අපගේ රාත්‍රි 7 සිකුරාදා රාත්‍රියෙන් අවසන් නිසා හෝටලයයේ කාර්යමණ්ඩයල සෙනසුරාදා උදේ ආහාර හා දිවා ආහාර ඇනවුම් ගැන විමසුව, එක වෙලකට රු 1000ක් යන බවත් පැවසු අතර, අපගේ කැමැත්ත මත ලබාගත හැකි උනා
කෙසේ හෝ ප්‍රතිපල ලැබෙන විට සවස 4 විතර වෙලා තිබ්බ. එවෙලෙම හමුදා නිළධාරින් ඇවිත් අපි සියලුදෙනාට ගෙදර යාහැකි බවත්, සියලු දෙනාම Negative බවත් පැසුවා

කුරුණෑගලට සීගිරිය වැඩි දුරක් නැති නිසා මට වාහනය ගෙන්ව ගන්න එක අමාරු වැඩක් නෙවේ. නමුත් ගාල්ල මාතර, යාපනය අයට හරි වෙලාවක් නොමැති කම නිසා ගමනාගමන පහසුකම්  සලසා ගැනීම් වලදී ඉතා අපහසුතාවයට පත්වෙනව

එම දැනුම් දීමෙන් පසු එන වාහන පිලිවෙලට අපේ බෑග් අරන් ගිහින් වාහන වලට දාන අතර, අපට අවශ්‍යය ලියකියවිලි සියල්ල හා සහතික පත් එවෙලේම අදාල නිලධාරීන් අපට ලබාදුන්න. කලින් අය සහතික ප්‍රමාද වනව කිව්වට, අපේ නිරෝධායන සහතික කලින්ම මේ අය ගෙන්වගෙන. දිනය දාල දෙන්න තිබ්බෙ

අපි හෝටලයෙන් යනවිට 5ත් පහු වෙලා, නමුත් අපෙන් ආහාර වේල් දෙකට පමණයි අයකලේ. ඒ වගේ නම්‍යයශීලිත්වයක් තිබ්බ එකනම් ලොකු දෙයක්.

ගෙදර ඇවිත් දින 7ක් නිරෝධායනය වෙන්න ඔ්නෙ කිව්වට ඒක ලොකුවට බලන්නෙ නැ. PCR තුනකුත් කරල, ගුවන් යානයෙ කිසිවෙන් රෝගී නැති නිසා ලොකු බයක් තිබ්බෙ නැ. නමුත් PHI මහතා කිව්වෙ ගෙදර බෝඩ් මොනවත් දාන්නෙ නැ. ගෙදර අයට එයාලගෙ වැඩ කරන් යන්න කියන්න. මට වෙනම ඉන්න කියල.

COVID return process to Sri Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *