වසර ගානකට කලින් අන්තර්ජාලය, ගැටලු හා විවිධ වැඩකටයුතු ගැන බ්ලොග් ලියල කථා කලාට, කාලයත් එක්ක ඒ වෙනුවෙන් තිබ්බ කාලය නැතිව ගියා. නමුත් මේ දවස්වල කට්ටිය ඇදිරිනීතියත් එක්ක ගෙදරට වෙලා ඉන්න නිසා මූණුපොත දෙකක් කර දාන ගැටලු ගැන ‍ලියන්න හිතුන

අපි හැමෝම 4G, ADSL, Fiber කියන තාක්ෂණ ඔස්සේ ගෙවල් හා කාර්යාල වල අන්තර්ජාල පහසුකම සපයාගන්නව.  නමුත් මේ පහසුකම ගෙදරට එන්කන් සිදුවන ක්‍රියාදාමය ගැන හුගදෙනෙක්ට තියන අදහස ඉතා අඩුයි
උදාහරණයක් වශයෙන් ඔයා Facebook අඩවියට යද්දි අදාල අන්තර්ජාල සපයන සමාගම ඔයාව ලංකාවෙන් පිට තියන සර්වර සමග සම්බන්ධ කල යුතුයි. ලංකාවෙ භාවිතා වන හුගක් වෙබ් අඩවි ලංකාව තුල host කරපුව නෙවේ. එම නිසා සියලුම දත්ත ලංකාවට පිටින් ලබාගත යුතුයි

මෙහිදී හදුනාගත් විශේෂ අඩවි (Youtube ඇතුලු ගූගල් සේවා, Facebook, වැඩිහිටියන්ට පමණක් ඇති අඩවි වගේ තෝරාගත් අඩවි) දේශීයව Cache සර්වර යොදා ඒ හරහා ලබාදීම සිදුකරයි. එසේ ලබාදෙන්නේ පින්තූර, වීඩියෝ වැනි දත්තයන්.. අනිකුත් දේවල් වලට පිටරටවල් හා සම්බන්ධවිය යුතුයි
මේ සර්වරය නඩත්තුවට ඒ සමාගම් වලට යම් පිරිවැයක් දරන්න සිදුවෙනව.  ඒකට අන්තර්ජාතික සබ්මැරීන කේබල නඩත්තුවත් ඇතුලත්.  ඒව හොද ගුනාතුමක භාවියකින් පවත්වාගැනීමට හා නිතර නිතර යාවත්කාලීන කිරීමට එම ආයතන කටයුතු කරනව
එම නිසා Unlimited කියන අන්තර්ජාල සේවා පහසුකම ලංකාවට ලබාදෙන්න අමාරුයි. නමුත් කෙනෙකුට කියන්න පුලුවන් අර රටේ දෙනව… මේ රටේ දෙනව කියල.. ඒකට හේතුව ඒ රට අය Access කරන වෙබ් අඩවි වලින් බහුතරය තියෙන්නෙ ඒ රට තුල ඇති Data center වල. එවිට ඒ අයට ඒව රටතුල සංසරණය වන දත්තයක් පමණයි
ඒ තත්වයට ලංකාව තාම ඇවිත් නැ. ඉදිරියෙදි එයි. නමුත් එසේ අසීමිත සේවාවක් දෙනව කියන ඔබ පොඩ්ඩක් හොයල බලන්න ඒ සම්බන්ධතා වල මිලත් අපේ මිලත්

මීට වසර කීපයක පෙර නිවෙස් වලට අන්තර්ජාල සේව දෙන ප්‍රධාන ආයතන දෙකේම Unlimited අන්තර්ජාල පහසුකම ඉතා අඩු මුදලකට තිබ්බ. නමුත් අපේ අයගෙ අසීමිත භාවිතය නිසා සාධාරණව ජාලය භාවිතා කරන අනිත් අයගෙ අන්තර්ජාල අත්දැකීමටත් බාදා එන්න ගත්ත. ඒ වගේම එවකට තිබු රජයට රටේ අන්තර්ජාල සේවාවෙ ගුණාත්මකභාවය වැඩිදියුණු කරන්න ලොකු අවශ්‍යය තාවයක් තිබ්බ. ඒ නිසා  පැකේජ වලට අවසර දෙද්දි ගුණාත්මක භාවයත් නිර්ණායකයක් කරගත්ත.

එම නිසා දත්ත මත FUP එකක් දමනවනම්, ලබාදෙන සම්බන්ධතාවයේ වේගය හා ගුණාත්මක භාවය සීම දමා TRC මගින් එය නිතර නිතර පරික්ෂා කරන්න ගත්ත. ඒ අදාල සමාගම ප්‍රකාශිත වේගයෙන් අඩුම 60% ක වේගයක් පාරිබෝගිකයට ලැබිය යුතුයි යන්නයි (ඒ වේගය ඔබ නිවසේ සිට සේවා ආයතනයටත්, රටින් පිට තෝරාගත් වේගය හොදින් ඇති සර්වර වලටත් තිබිය යුතුයි). අන්තර්ජාල සේවාවක් ගද්දි ඒකට ලැබෙන වේගය බලන්නෙ කීප දෙනයි.. උදාහරණයක් විදිහට හැමෝම බයින ඩයලොග් ආයතනය 4G සම්බන්ධතා සදහා ලබානේනෙ 4Mbps බාගත වේගයක්. නමුත් ජාලයේ තියන Availability මත මේ වේගය 40-50Mbps දක්වා වැඩිවිය හැකි. නමුත් ඒක ලැබුනෙ නැත්තම්ම් අදාල ආයතනයට පැමිණිලි කලොත් සාධාරණ වේගයක් එනකන් ඔවුන් කලහැකි උපරිම දෙයක් කරනව. ඒත් මත තියාගන්න ඔයා අරන් තියෙන්නෙ 4Mbps සම්බන්ධතාවයක්. ඒ ව‍ෙගේමයි SLT ආයතනය රාත්‍රියට ලබාදෙන ඩේට ‍නොමිලේ ලබාදෙන එකක්. ඒක දවල්ට උඩුගතකිරීම්වලට විතරක් එම දත්ත භාවිතයට ඔවුන් ඉඩ ලබාදෙනව. නමුත් ඒක දවල්ට දෙන්න එයාල කොයිම වෙලාවකවත් බැදිල නැ.

මුලින්ම මේ ගනම් වලට ලැබුනෙ මීටත් වඩා අඩු ඩේට ප්‍රමාණයක්. ඒත් දැන් ඒ සම්බාදක ටිකක් ලිහිල් කරල අපිට වැඩි ඩේට ප්‍රමාණයක් ලබාදෙනව. මේ ආයතන සියල්ල ව්‍යාපාරික ආයතන. ඔවුන් අනිවාර්යෙන් ලාබයක් බලාපොරොත්තු වෙනව. එහෙම නැතිව ව්‍යාපාරයක් රදාපවතින්නෙ නැ. ඒ ලාබයෙන් තමා අලුත් තාක්ෂණයන්, වේගය වැඩි කිරීම්, නව පහසුකම් ලබාදෙන ගමන් ගුණාත්මක භාවය වැඩිකරන්නත් කටයුතු කරන්නෙ.

හොදම උදාහරණය, ලංකාවෙ එක් සංන්නිවේදන සමාගමක් ‍ලොකු ලාබ බලාපොරොත්තු වෙන්නෙ නැ. එයාල ලොකු ලොකු තාක්ෂණ ගේන්නෙ නැ. ගුණාත්මක භාවය වේගය ගැන ලොකු ගැටලුවක් හෝ ගැටලු දාන පිරිසක් ඒ සමාගමට නැ. ඉන්න හැමෝම තියන වේගයට ලැබෙන දත්ත ප්‍රමාණය ගැන විතරක් හිතන පාරිභෝගියකන්. එම නිසා එම ආයතනය යාවත්කාලීන කිරීමකදි උනත්, තාක්ෂණය පරණ වෙලා, උපකරණ අඩු උනාට පසුව හෝ වෙනත් ජාල වලින් ඉවත් කලපසු ගෙනවිත් සවිකරල සේවාව හදාගන්න ආයතන තියනව

නමුත් කරට කර තරගයක් දෙන ලංකාවෙ ප්‍රධාන ජාලයන් එහෙම නැ. එයාල ලාබයක් ගන්නව වගේම ලොකු ආයෝජන කරනව ජාලයට.  මටනම් පුද්ගලිකව ජාලයෙ ගුණාත්මකභාවය ඉතා වැදගත්. ඒකට ජාලය වගේම ජාලය හා සම්බන්ධ වෙන රවුටරයෙ ඉදන් හරියට දාගන්න ඕනෙ

දැනට ලංකාවෙ භාවිතා වන 4G/Fiber රවුටර වලින් හොද Huawei (ZTE ත් ගැටලුවක් නැ. නමුත් ජාතියක් ජන්මයක් නැති ඒව දාගන්න එකත් ඔයාට ලැබෙන අත්දැකීම ගැටලු සහගත වෙන්න එක හේතුවක්). එතින්න පස්සෙ තව ඕනෙනම් WiFI AC සහය දක්වන හොද රවුටරයක් සවිකරගන්න පුලුවන්.. මේව කිසි දෙයක් නැතිව ඩේට ගාන විතරක් හිතනවනම් ඒකටම හරියන ජාලයන් තියනව. නමුත් Qualitya ගැන කතාකරන්න අමාරුයි. අඩුවටම ඉල්ලද්දි මේ ආයතනත් පෙලබෙනව ගාන අඩුවට තියන උපකරණ ගෙනත් අඩුවට දෙන්න. ඒකෙන් අවාසිය අපිටමයි.
හොදම උදාහරණය, හැම ජාලයම ජාතියක් ජන්මයක් නැති රවුටර වලට ජාලයෙ නම ගහන් ගේනව, ඒව ලෙඩ ගුහා. ඒ ‍ඔය වගේ සියල්ල නිකන් ඉල්ලන අය නිසයි.

‍නැවත කතාවට එමු
මේ විදිහට වැඩ කරන අන්තර්ජාල, මේ දවස්වල හැමෝම ගෙවල්වල නිසා නිතර භාවිතා කරනව, ඊ‍ට අමතරව  වැඩිපුර  පරිගණක හා උපකරණ ජාලය හා සම්බන්ධ වෙලා තියනව. මේ උපකරණ වල background Update ස්වයංක්‍රියව යනව. අපි වීඩියෝ ඇමතුමක් ගත්තත් සැලකිය යුතු ඩේ‍ටප්‍රමාණයක් යනව. Facebook යටින් තිබ්බත් එක ටැබ් එකකට විශාල දත්ත ප්‍රමාණයක් පැයකට යනව. ජාලයේ වේගය වැඩිනම්, තව කොලිටිය වැඩිවෙලා වැඩි දත්ත ප්‍රමාණයක් යනව. මේක Youtube බලද්දිත් වෙනව. වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තියන එකක Youtube දැම්මොත් තියන උපරිම Quality එකෙන් යනව. ඒ වගේම data ත් යනව
තව ඔබ නොදන්නවා උනාට කාර්යාල වල තියන ජාලයන් වල Update වගේ ඒව එම කාර්යාල ජාලය තුලින්ම install වෙන නිසා අන්තර්ජාලය බාවිතා වෙන්නෙ නැ. සමහර කාර්යාල වල හුගක් වෙබ් අඩවි වහල, සීමා කරල
නමුත් මේ සීමාවන් මොනවත් නැතිව ගෙදර ඉදන් අන්තර්ජාලයට යද්දි, දත්ත හැම එකටම වැය වෙන එක සාධාරණයි.
මේ දවස්වල porn hub  premiumනොමිලේ නිසා ගෙවල් වලට වෙලා ස්වයං නිරෝධායනය වෙද්දි යන්නෙ FullHD/4K වලට යන දත්ත කියලත් අමතක කරන්න එපා

ඒක ගැටලුවක් නම්, මේක ‍හොයා ගන්න Usage meter එකක් දාගන්න. ඊට අමතරව රවුටරයෙත් පෙන්වනව භාවිතා කල දත්ත ප්‍රමාණය. තවද Android හා Windows වල WiFi සම්බන්ධතාවය Metered සම්බන්ධයක් කලානම් හුගක් Update බාගත වෙන එක නවතිනව
එතනිනුත් එහාට ගැටලුව තියනවනම් අදාලසමාගමට හරි විස්තර ඇතිව පැමිණිලි කරල විසදගන්න පුලුවන් . නමුත් ඒකට ඔබ සතුව හරි තාක්ෂණික විස්තරයක් අවශ්‍යයි. හැමෝම කියන නිසා ඩේට වැඩියෙන් යනව කිව්වට තේරුමක් නැ

සාමාන්‍යයෙන් භාවිතය අනුව හා අනාගතය ගැන හිතල සන්නිවේදන ආයතන ඒ ඒ ප්‍රදේශ වල ටවර් හා කේබල් ජාලයන් සැකසීමක් සිදුකරන අතර මෙතෙක් කාලෙක කොළඹ හා ප්‍රධාන නගර ආශ්‍රිතව වැඩි පිරිසක් අන්තර්ජාලය භාවිතාකල අතර, එ් පිට පලාත්වල සිට කොළඹ හා අවටට පැමිණ රැකියා කරන නිසාවෙනි. නමුත් මේ තත්වයක් සමග ඒ සියලු දෙනා නගරයෙන් පිටට ගොස් එක දිගට පිටින් භාවිතා කරන නිසා කිසිම අවස්ථාවක නොසිතු ධාරිතාවක් භාවිතාවේ.  වයර්රහිත සම්බන්ධතානම්, බොහෝ දුරට යද්දි හා ෆයිබර් කේබල ලගාවිය නොහැකි ටවර් හා සම්බන්ධවීමේදි භාවිතා කරන්නේ Microwave සම්බන්ධතා නිසා ඒවාගේ ගැටලුත් හා බාධා ඇතිවීම සාධාරණය.  වයර් සම්බන්ධතාවලත් අන්තර්ජාලය හා රෑපවාහිනී සේවා වැනි සියල්ල භාවිත වන අතර බලාපොරොත්තු නැති ප්‍රදේශ වල ඒ භාවිතය වැඩිවී ඇත. එවැනි  ධාරිතා හා බාධක බොහෝමයක් ඇති  තත්වයක් උඩ මේ ආකාරයෙන් හෝ ජාලයන් පවත්වාගැනීම ඉතාම අගනා කාරණය්වේ

මේ ඇතිවි තිබෙන කොරෝනා ගැටලුව නිසා ප්‍රධාන ජාලයන් සියල්ල අමතර ඩේට අපිට දුන්න, ඒ  ජාලයන් හරිහැටි පවත්වාගෙන ‍අවම සේවක පිරිසකින් කරදරයක් නැතිව අපිට වැඩ ටික කරගන්න අවශ්‍යය කටයුතු මේ ආයතන කරන් යන නිසා. අපිට විතරක් නෙවේ,  බැංකු, ව්‍යාපාර, වෛද්‍යවරු‍න්ගෙ ඉදන්, රටේ සියලු අංශ වගේම ආරක්ෂක අංශවල යම් කොටසක් වෙනකන් සංනිවේදන කටයුතු අඛන්ඩව කරගන්න මේ ජාලයන්ගේ ගුනාත්මක භාවය, අඛන්ඩ සේවාව,  ඉතා වැදගත්

හිතල බලන්න, හදිසි ඇදිරිනීතියක් කිවුව් ගමන් හැමෝම, හැමෝටම ඇමතුම් ගන්නව, ඒ සාමාන්‍යය භාවිතයකට එහා ගිය ලෝඩ් එකක්. කලාතුරකින් භාවිතා කලත් ඒවට හරියන්න අමතර පද්ධති   ඒ ඒ ජාලයන් නඩත්තු කරගෙන අපිට අඛන්ඩ සේවයක් ලබාදෙනව.

ඊට අමතරව දකුණු ආසියාවෙ වගේම ලෝකයේ බොහෝ රටවල් අතරින් GB එකක් අඩුම රටක් තමා ලංකාව, ඒ හොද සේවයක් පවත්වගන්න අතර තුර. විශේෂයෙන් දකුණු ආ‍සියාවෙ අනිත් රට වල අන්තර්ජාල සේවා භාවිතා කරල බලන්න. සිංගපුරුව වගේ කීපයක ඇරෙන්න අපේ ඇත්තටම ජාලයන් මාරම ස්තාවරයි.

ඒ අත්දැකීම් කිසිවක් නැතිව නිකන් ඩේට දෙන්න කියලයි.. වැඩියෙන් කැපෙනව කියල හොද තරගයක් දීගෙන, හොද සේවාවක් දෙන සමාගම්වලට නිකරුනේ බනින එකනම් තේරුමක් නැති වැඩක්. ගැටලු ඇති. ඒව හරි විදිහට කතාකරල විසදගමු

මුලින්ම ලිපියට පහතින් තියන ලින්ක් ටික කියවල බලන්න අන්තර්ජාලය අපිට ලැබෙන ආකාරය, වසර ගණනාවකට කලින් තිබ්බ සම්බන්ධතා, ඒවගෙ ගැටලු  ගැන මීට වසර කීපයකට පෙර ලියපු ලිපි.

Before Get Internet Connection, Think About Your Requirement and Current Situation

Skype video quality drop by our Internet speed, 90% Its not a webcam issue

Lets be together for our internet quality – අපේ අන්තර්ජාලයයේ ගුණාත්මක භාවයට අපි පෙල ගැසෙමු

Mr. Lalith Weeratunga, Secretary to the President of Sri Lanka, gives a lunch to a set of young bloggers and web professionals!

SLT ADSL FUP Block Hevy Downloading Connection

Still No solution for SLT FUP

SLT FUP and Small Solution for Speedup FUP Applied Connection

With QoS, SLT Apply FUP for Old Packages

මේ කිපයක් විතරයි, බ්ලොග් එකේ ලිස්ට් එකෙන් තව ගොඩක් ලිපි ගන්න පුලුවන්

Sri Lanka owned, One of the best telcos in the region and how it works during COVID-19 crisis

Leave a Reply

Your email address will not be published. Required fields are marked *