හුග දවසක් ගෙදර ඉදන් වැඩ නිසා ජංගම දුරකථනයෙ තියන සංඥා ගැටලුව තදින් තියනව නිවසෙ ඉද්දි. නිතර 4G නොලැබෙන නිසාත් සංඥා මදිකම නිසාත් ඇමතුම් වලට බාධා වැඩි. නමත් VoWiFi ආව දවස් වල ඉදන් සංඥා ගැටලුවට මේක හොද විසදුමක් උනා. දුරකථන ඇමතුම් වල ටවර් එක වෙනුවට වයිෆයි ජාලය භාවිතා කරල ඇමතුම් ගන්න නිසා ගැටලුවක් නැතිව වැඩ ටික කරගන්න පුලුවන් උනා.


ගෙදර වෙනමම WiFi AP ගහල තිබ්බත් සමහර ස්ථාන වලට හරියට WiFi සංඥා නොලැබෙන නිසා. එ අවස්ථා වල ඇමතුමේ ඉද්දි එම ස්ථානයක් හසු උවහොත් VoWiFi ඇමතුම විසංදි වෙනව. සමහර අවස්ථා වල මට විසංදි උනත් අනිත් පාර්ශවයට විසන්දි වෙන්නෙ නැ. ඒ වගේමයි ඇමතුමේ ඉද්දි WiFi ගැටලුවක් නිසා ඇමතුම සාමාන්‍යය ටවර් එකට මාරු වෙන්නනම් අනිවාර්යෙන් 4G තියෙන්න ඔ්නෙ. ඒත් ගෙදර හැමතැනටම 4G නෑ. එතකොට නිකම්ම ඇමතුම විසන්දි වෙනව.
වසරකට වැඩි කාලයක් මේ තත්වය උඩ ඇමතුම් ගැටගහ ගත්තත්, ලගදි 4G repeater එකක් ජාලය මගින් ගෙදර සවි කරල තට්ටු දෙකේම ඇන්ටනා සවි කලා. එමගින් හොද සංඥා ග්‍රහණයක් ලැබුනත් මාසයකට විදුලිබිල යුනිට් 21ක් විතර යනව. ඒක නිසා පොඩි ගැටලුවක් නැතිවම නෙවෙයි
රිපීටරය පැත්තකින් තිබ්බොත්, සංඥා ගැටලු තියන හුගක් අයට ලේසියෙන් ඇමතුම් ගැටලුව විසදගන්න පුලුවන් විසදුමක් තමා මේ VoWiFi. නමුත් ඒකට හොද WiFi AP එකක් තියනවනම් හොදයි. ඒ වගේමයි Fiber වගේ අන්තර්ජාල සම්බන්ධතාවයක් තියන එක ඉතා වැදගත්. මේ වසර දෙකකට වැඩි කාලයෙම SLT Fiber හා Dialog 4G වලින් VoWiFi භාවිතා කලා. ඒත් 4G රව්ටරයෙන් යද්දි ඇමතුම් වලට බාධා හුගක් තියනව .
මේ දවස්වල 4G වේගය 1Mbps වත් නැති නිසා ඇමතුම් කොහෝමවත් ගන්න බැ 4G එකෙන්. ඒකයි Fiber එකක් තියන එක වටිනව කියන්නෙ.
සිංග්නල් ගැටලුවට අමතරව හැමදාම කියන කවදාවත් විදෙන්නෙ නැති ටවර් ලෝඩ් ගැටලුව නිසා ඇමතුම් වලට සිදුවන බාධා වලටත් මේක හොද විසදුමක්

මේ පහසුකම අපි භාවිතා කලාට ගෙදරට එන අයට සංඥා ගැටලුව තියනව. ඒකට අර වගේ Repeater හරි Pico cell එකක් නැතිනම්, ගෙදර WiFi එකේ Guest Network එකක් හදල, Authentication නැතිව VoWiFi විතරක් වැඩ කරන්න දාන්න පුලුවන්. මම ඒ වැඩේ කරල බැලුව. සාර්ථකයි

මුලින්ම පොඩි වෙහෙසක් දරල ඩයලොග් වල VoWiFi IP එක හොයන් ඒකට Whitelist කරන එයකි කලේ. එවිට අදාල WiFi එකට සම්බන්ධ වෙන අයට Portal Password නැතිව ඇන්තර්ජාලයට යන්න බැ. ඒත් VoWiFi වැඩ කරනව. අන්තර්ජාල සේවාව අවශ්‍යයනම් ඒ අයට Portal Password/Pin ලබාදිය යුතුයි.

(WiFi Portal/Guest network එක වෙනම මිලදිගන්නා WiFi AP වල එන පහසුකමක් වන අතර, එමගින් ගෙදරට එන අය ස්වයංක්‍රියව අපගේ ජාලයට එක්වෙන එක වලක්වන්නත්, නිවසේ උපාංග වලට Access නැතිව Issolate කරල තියාගන්නත් පුලුවන් )

Dialog VoWiFi working sign
Portal password එක නැති අවස්තාවල අන්තර්ජාලය නැතිබව දුරකථනය පැවසුවත් VoWiFi ගැටලුවක් නැතිව වැඩ කරයි.
Guest portal එකට සම්බන්ධ වු විට Password/pin කිසිවන් ඇතුලත් නොකර Cancel කල හැකි අතර, ඒවිට දුරකථනයෙන් එම WiFi හි දිගටම සිටිය යුතුද යන්න අසයි, එයට Use Without Internet යන්න ලබා දෙන්න

Dialog VoWiFi IP : 122.255.0.80

Dialog VoWiFi Ports : 500, 4500

WiFi AP Configuration

තව දෙයක්, දැනට ලංකාවෙ VoWiFi දෙන්නෙ ඩයලොග් ජාලය විතරයි. ඒ වගේම ඒකට ජංගම දුරකථන වල මෘදුකාංග සංස්කරනයක් එන්න ඔ්නෙ. ඒ තියන දුරකථන වල විතරයි මේ සේවාව වැඩ කරන්නෙ
VoWiFi / VoLTE ගැන කලින් ලියපු පෝස්ට් එක

https://blog.malindaprasad.com/2018/10/16/enable-dialog-sri-lanka-volte-on-oneplus-6-qualcomm-phones-without-root/

නිවසේ ඇති WiFi AP එක

https://www.tp-link.com/us/business-networking/omada-sdn-access-point/eap245/

මේකෙ IP‌ හෝ වෙනත් වෙනස්කම් හරි අත්දැකීම් හරි තියනවනම් පහත කොමෙන්ට් එකක් විදිහට අනිත් අයටත් දැනගන්න එකතු කරන්න

Allow only VoWiFi in home guest wifi network for poor cellular reception

Leave a Reply

Your email address will not be published. Required fields are marked *