12414040159QAJ1l

දැන් හැමෝම දුරකථන භාවිතා කරනව. ඒ කියන්නෙ ජංගම දුරකථන. මේවා භාවිතා කරද්දි තමන් ගැනත් හිතුවාද. සමහරු කියනව ඉස්සර දුරකථන වගේ දැන් ඒවගෙන් ඇගට අවුලක් නෑ කියල. ඒක යම්තාක් දුරට ඇත්ත සම්මත තත්ව යටතේ. නමුත් සාමාන්‍ය භාවිතයේදී කොහෙමද අපේ ඇගට මේක බලපාන්නෙ. සාමාන්‍යයෙන් SAR කියන තත්ව සහතිකය හැම දුරකථනයත් සමගම (නියම සමාගම් වලින් හදන) එනවනෙ. ඒත් මේක භාවිතයේදී වෙනස් වෙනව කියල දන්නවද. මේ ගැන කීර්ති සර් අපිව දැනුවත් කලාළ මට හිතුන අනිත් අයටත් ඒ ගැන කියන්න. හරි මුල ඉදන් පටන් ගම්මුකො

ඉස්සර දුරකථන ඒ කියන්නෙ GSM තාක්ෂණය එන්න පෙර අපේ රටේ භාවිතා කලේ ඇනලොග් දුරකථන. ඒ කියන්නෙ ඒව භාවිතා වෙන්නෙ UHF හා VHF කියන තරංග. මේවාගෙන් ඇගට කියන්න තරම් හානියක් නෑ. ඒත් මේ දුරකථනයකින් ඇමතුමක් ගැනීමේදී එය ඉතා ප්‍රබල සංඥාවක් නිකුත් කරනව. ඒ කුලුණක් අල්ලා ගැනීමට. ඒ ඇනලොග් දරකථන වල ලගම සංඥා එන කුලුණ හදුනාගැනීමේ පහසුකම (අපේ දුකථන වල සංඥා එන කුලුනේ නම වැටෙන්නෙ) නැති නිසා බොහෝ දුරයන සංඥා නිකුත් කරලයි කුල්ණක් අල්ල ගන්නෙ. දැන් වගේ ඉස්සර එක කුලණකට බොහෝ ග්‍රාහකයින් සංඛ්‍යාවක් දැරීමට නොහැකිවීමත් එක හේතුවක්.

ඒත් දැන් තියන් GSM හා ඉන් පසු ආපු දුරකථන වල මේ අවුල නෑ. එයා නිතරම කුඩා සංඥා නිකුත් කරල ලගම ඇති කුලුණ හදුනගන්නවනෙ. හැබැයි එහෙම නිකුත් කලානම් මෙලහකට අපි නෑ. ඒත් මෙම සේවාව තිබ්යි කියල අපි ආරක්ෂිත නෑ. ඉස්සර ඒවා VHF නිසා අවුලක් නෑ. ඒත් දැන් ඒවා භාවිතා කරන්නෙ මයික්‍රෝ වේවි දන්නව ඇතිනෙ මයික්‍රෝ වේව් අවන් ගැන. ඒ ආසන්න සංඛ්‍යාතයක් තමා ජංගම දුරකථන වල භාවිතා වෙන්නෙ. ඒත් මේවගෙ ප්‍රබලත්වය ඉතා අඩුයි. ඒක නිසා මිනිස් සිරුරට ලොකු හානියක් නැ.

ඒත් සාමාන්‍යයෙන් තියෙද්දි හානිය අවමයි. හැබැයි මේව යම් යම් අවස්ථාවලදි ප්‍රබලත්වය යම්තාක් දුරට වැඩි කරනව. වැඩි පුරම එහෙම වෙන්නෙ ඇමතුමක් ගනිද්දි. ඒ කියන්නෙ ගන්න හැම වෙලේම නෙවේ. Calling කියන වෙලාවෙ. දැන් දුරකථන වල මේක හදුනගන්න පුලුවන් ලේසියෙන්. ඇමතුමක් ගද්දි Calling කියල වැටිල සම්බන්ධ උනහම වෙනස් වෙනව. ඒ කියන්නෙ අපි ඇමතුමක් ගන්න හදද්දි දුරකථනය ජාලය සමග සම්බන්ධ වෙන වෙලාව. රින්ග් යන්න කලින්. ‍‍මේ වෙලාවට මෙයාට පුලුවන් උපරිම ශක්තිය යොදනව ජාලයේ කොනක එල්ලෙන්න. බොහෝ අපේ අය කරන්නෙ Dial කී එක ඔබපු ගමන් කනේ තියා ගන්නව. ඒක අති භයානකයි. මොකද උපරිම ප්‍රබලත්වයෙන් සංඥා නිකුත් වෙද්දි කනේ තිබ්බහම. හරියට මොලේ ගලවල මයික්‍රෝ වේව් අවන් එකකට දුම්ම වගේ තමා. ඒකට හොදම පිලිම අදාල පාර්ෂවය උස්සනකම් කනේ දුරින් තියාගන්න එක. අතේ වගේ. හැකිනම් හලෝ කියනකම් ලවුඩ්ස්පීකර් යොදාගෙන තියාගන්න. ඉස්සුවහම කනේ තියාගන්න. ඒක තමා හොදම ක්‍රමය. නැතිනම් හෙඩ්සෙට්.

මේ විදිහට සංඥා ප්‍රබලත්වය වැඩි කරන අවස්ථාවක් තමා තමා ඉන්න තැන සංඥා අඩුයි නම් දුරකථනය උපරිම ප්‍රබලත්වය භාවිතා කරනව හොද ඇමතුමක් ලබාදීමට. හරියට දුර ඉද්දි ඇහෙන්නෙ නැති උනහම අපි කෑ ගහන්නෙ. ඒ ව‍ගේ. අනිත් ප්‍රධාන අවස්ථාව තමා බැටරිය බැහැපු අවස්ථාවල.

ප්‍රධාන වශයෙන් මේවාගේ අවස්ථාවල උපරිම සංඥා භාවිතා කරනව. හැබැයි SAR තත්වය යටතේ නිපදවන භාණ්ඩවල උපරිම සංඥා ප්‍රබලත්වය 2watt විතර. ඒ සාමාන්‍යයෙන් භාවිතා වෙන්නෙ 0.002watt විතර. ඒත් අරවගේ අවස්ථාවල මේක වැඩි වෙනව. ඒ වොට් 2 ඇති ඒක දිගට හානියක් කරන්න. Microwave Oven වල මේකෙ ප්‍රබලත්වය 2000watt ට ආසන්නයි. ඒත් මේකෙන් දිගටම මෙහෙම වෙදිදි එකපාර අවන් කලා වගේ නෙවේ හරියට ටික ටික අවන් එකෙන් මොලේ පුච්චනව වගේ තමා. මොකද මුලදි අපිට තේරෙන්නෙ නෑ මේ‍ක. අපි අව්ව දිහා බලන්න හොද නෑ කීවට බැලුවට අවුක් නෑනෙ. ඒ මුල් අවස්ථාවලදී. එහෙම එක දිගට බලද්දි ටික ටික ඇහේ ස්නායු පිච්චිලා පස්සෙ හුගක් කල් ගියහමයි තේරෙන්නෙ. මේ විදිහට සංඥා බලපාද ඒකෙදිත් දකුණු පැත්තෙ කනෙන් තියන් භාවිතා කිරීම ‍හොදනෑ. මොකද දකුණු මොලේ වම් මොලේට වඩා සංවේදී.හ ඒක නිසා සිදුවෙන හානිය වැඩී සාමාන්‍යය වෙලාට ඇමතුමේ ඉද්දිත් හැකි තරම් වම් කන භාවිතා කරනවම් හොදා.

ඒ වගේම තමා ඔය ව්‍යාපාර කරන අය විශේෂයෙන් මල් කඩන අය පැය ගන්න දුරකථනයේ එල්ලිලා ඉන්නව. අලෙවි ප්‍රවර්ධක වරු හෙල්මට් එක ඇතුලේ දුරකථනය දාගෙන යනව. හිතාගන්නකො බලපෑම. මේවට තමා ලූප්සෙට්, හෙඩ්සෙට් තියෙන්නෙ. ඒකෙන් දුරකථනය මොලයෙන් ඇත් කරල තියාගන්න පුලුවන්නෙ. ‍

සාමාන්‍යයෙන් Microwave අවන් වල 2450Mhz ට ආසන්න සංඛ්‍යාතයක් භාවිතා වෙනව. ඒ වගේම තමා අපේ දුරකථන වලත් 900Mhz සිට 2100Mhz දක්වා භාවිතා වෙනව. ඒත් 900 ත් 2450 ත් හානියෙ ලොකු වෙනසක් නෑ. දුරකථන හදන සමාගම් එක එක ඒව කියන. ඒත් අපි ගැන හිතන්න ඕනෙ අපිනෙ. SAR කියන තත්ව සහතිකයෙන් යම්තාක් දුරට ප්‍රබලත්වය සීමාකලත් ඒක යම්තාක් දුරට හෝ තියනවනෙ. විශේෂයෙන් එකපාර සිම් දෙකක් භාවිතා කරද්දි… හිතාගන්‍නකො. මොකද ඉක්මනට මොලේ පුච්චගන්න හදන්නෙ. දැන් ඔය ප්‍රමිතියක් නැතිව එන චීන දුරකථන නියමිත සමාගම් වලින් නෙවේනෙ හදන්නෙ. ඉතින් මේවගෙ මේ තත්ව සහතිකය තියනවද? සමහරු සිග්නල් වැඩි දුරකථන, ඩුවල් සිම් හොයන්ව… හිතල බලන්න කොහොමද කියල.

ඒක නිසා හැකිතරම් ස්ථාවර දුරකථන භාවිතා කරන්න. නැතිනම් හෙඩ්සෙට් වගේ ඒව භාවිතා කරන්න. දුරකථනයක් ඇගේ රදවාගැනීමේදිත් යට සාක්කුව හොද නෑ. මගෙ මතය හැටිය‍ටනම් උඩ සාක්කුවක් හෝ පිටුපස් සාක්කුවයි හොදම.

ජංගම දුරකථන භාවිතයට පෙර මේවාත් සිතුවාද? – Did you have think your health before using mobile

14 thoughts on “ජංගම දුරකථන භාවිතයට පෙර මේවාත් සිතුවාද? – Did you have think your health before using mobile

  • November 28, 2009 at 8:31 pm
    Permalink

    පිටුපස සාක්කුවේ දාගෙන හිටියොත් නං ඒක උඩ වාඩි වෙලා ෆෝන් එක චප්ප කර ගැනිල්ලක් තමා !
    අර ඉනේ බඳින පොකට් එක හොඳයි නේද? (හැබැයි වැටුනත් දැනෙන්නෑ..)

    මම දැක්ක දවසක් Youtube video එකක් අපේ දර්ශන මල්ලි ෆේස්බුක් එකට දාලා තියෙනව, ඉරිඟු ඇටයක් වටේට 4 පැත්තෙන් ෆෝන් 4ක් තියල එක සැරේ රිං කලාම තත්පර 5න් විතර ඉරිඟු ඇටේ පොප් කෝන් එකක් වෙනවා ! එච්චර ප්‍රබල micro wave නිකුත් වෙනවනම් ඉතින් සොරිම තමා.

    Reply
  • November 28, 2009 at 9:27 pm
    Permalink

    මමත් කෝල් එකට උත්තර දෙනකම් අතේ තියාගෙන තමා ඉන්නේ….. 😀 නැත්නම් ඉක්මනටම සොරි.LK වෙයි….. 😛

    Reply
  • November 28, 2009 at 11:22 pm
    Permalink

    හිතල බලල ඇමතුම් ගත්තොත් පරිහරණය කලෝත් අවුලක් නෑ

    Reply
  • November 29, 2009 at 5:25 am
    Permalink

    එල ලිපිය, ගොඩක් අය ෆෝන් පාවිච්චි කලාට ඕව ගැන හරියට දන්නෙ නෑ!

    Reply
  • November 30, 2009 at 2:11 am
    Permalink

    මමත් අනිත් පෑත්තෙන් උස්සනකම් ෆෝන් එක අතේ තමා තියාගෙන ඉන්නෙ. කතා කරනකොට කණ මාරු කරනව, ඒකත් කරන්නෙ වමට වෑඩිපුර. handsfree නම් නෑ, දුක තමා.
    මේ ලිපිය හුඟක් ප්‍රයෝජනවත්.

    Reply
  • December 2, 2009 at 9:24 pm
    Permalink

    හොඳ ලිපියක්. දවසපුරා මල් කඩන කස්ටිය‍ට දෙවිපිහිටයි. :D. CDMA මොබයිල් ෆෝන් වල ඔය අවුල නැද්ද?

    Reply
  • December 3, 2009 at 12:58 am
    Permalink

    කාලීන මාතෘකාවක්, ලියපු දේ ඉතා වටිනවා. මොන තාක්ෂණය උනත් හොයල බලලා අවශ්‍ය වෙලවට පාවිච්චි කරන ඕනා. ඒ නිසාම මෙ ලිපියෙ තියෙන සමහර දෙවල් ගැන වැඩිපුර පැහැදිලි කෙලොත් හොදයි කියලා හිතුනා.

    “ඉස්සර ඒවා VHF නිසා අවුලක් නෑ. ඒත් දැන් ඒවා භාවිතා කරන්නෙ මයික්‍රෝ වේවි.”
    ඉස්සර ඒවා – 900MHz band ( AMPS, DAMPS, TACS A/B)
    ඒත් දැන් ඒවා – GSM 900MHz, GSM dual band – 1800 MHz, 3G/HSDPA – 2100MHz band.

    “ඒ ඇනලොග් දරකථන වල ලගම සංඥා එන කුලුණ හදුනාගැනීමේ පහසුකම (අපේ දුකථන වල සංඥා එන කුලුනේ නම වැටෙන්නෙ) නැති නිසා..”
    මගේ දැනුමේ හැටියට නම් කුලුනේ නම සහ ලගම සංඥා එන කුලුණ අතර සම්බන්දයක් නැහැ. කොහොමත් ප්‍රබලම සංඥා ලැබෙන කුලුන එක්ක තමයි ගනු දෙනු කරන්නෙ. ( නමෙන් නෙවෙයි ලගම කුලුන තොරගන්නේ).

    “ඒ කියන්නෙ අපි ඇමතුමක් ගන්න හදද්දි දුරකථනය ජාලය සමග සම්බන්ධ වෙන වෙලාව. රින්ග් යන්න කලින්. ‍‍මේ වෙලාවට මෙයාට පුලුවන් උපරිම ශක්තිය යොදනව ජාලයේ කොනක එල්ලෙන්න.”
    මේ අවස්ථා වලදී කොනක එල්ලෙන්න අවශ්‍යතාවයක් නැහැ. අදාල ජාලයේ නම පෙන්වනවනම් දැනටමත් ජාලයේ එල්ලිලා ඉවරයි. මේ වෙලා වෙලාවෙ උපරිම බලයක් යොදවන්නෙත් නැහැ. කුලුණ න් ලැබෙන සංඥාවේ ප්‍රබලතවය අනුව තමඉ පලමු සංඥා නිකුත් කරන්නේ.

    “අනිත් ප්‍රධාන අවස්ථාව තමා බැටරිය බැහැපු අවස්ථාවල.”
    මේ වෙලා වෙලාවෙ උපරිම බලයක් යොදවන්නෙ නැහැ. බැටරිය ඉතුරු කරගන්න මේ වෙලාවෙදි පුලුවන් තරම් අඩුවෙන් තමයි බලය පාවිච්චි කරන්නේ.

    “උපරිම සංඥා ප්‍රබලත්වය 2watt විතර. ඒ සාමාන්‍යයෙන් භාවිතා වෙන්නෙ 0.002watt විතර..”
    GSM – 900MHz band – 2W, 1800MHz band – 1W,
    3G/HSDPA – 2100MHz band 0.25W
    අවමය තමයි 0.002W (2mW) මගේ නිරීක්ෂණය අනුව සාමාන්‍ය 0.02W (20mW) වගේ.

    “විශේෂයෙන් එකපාර සිම් දෙකක් භාවිතා කරද්දි…“
    සිම් දෙකක් භාවිතා කරද්දි 2W + 2W = 4W වෙන්නෙ නැහැ. වෙන්නෙ, දිනකට ඔබ මෙම සංඥා වලට නිරාවරනය වෙන කාලය වැඩි වීමයි. ඔබ ඇමතුමක් ගත්තත් නැතත් දුරකතනය පැය කීපයකට වරක් අදාල ජාලය සමග සම්බන්ද වෙනවා. ඉතින් මේ සම්බන්ද වීම සිම් දෙක සදහා වෙන වෙනම කරන්නට වෙන නිසා තමඉ වැඩිපුර කලයක් සංඥා වලට නිරාවරනය වෙන්නෙ.

    හෙඩ්සෙට් ගැනත් මතයක් තියෙනෙවා, ඒවා ඇන්ටෙනා වගෙ ක්‍රියාකිරීම නිසා සංඥා කෙලින්ම කන් බෙරයටම යොමු වෙනව කියලා. සාමාන්‍ය විදිහට ෆොන් එක කනෙ තියගතම හිස් කබල හරහා තමඉ වෙලට යන්න වෙන්නෙ. එත් භාවිත කලහම කන් බෙරය හරහා පහසුවෙන්ම මොලයට බලපනවා කියලා. එත් මේකෙ ඇත්ත නැත්ත මම හරියට දන්නෙ නැහැ.

    Reply
  • December 3, 2009 at 4:33 am
    Permalink

    @සදීප
    ස්තූතියි විස්තර වලට. කුලුණ තෝරාගැනීමනම් හරි. මම එතන හරියට විස්තර කරල නෑ. ඒ වගේම ප්‍රබල කුලුනේ ග්‍රාහකයින් වැඩිනම් වෙන එකකට මාරුවෙනව.

    අපි හැම වෙලාවෙම ජාලයේ එල්ලිලා ඉන්නෙ නෑ. විටින් විට සිග්නල් යවල බලාගන්නව ඇරෙන්න. ඒ යවන්නෙ ඉතා කුඩා සංඥාවක්. ඒත් ඇමතුමග් ගද්දි ඒ වගේ සංඥා එක දිගට යවනව. හොදම උදාහරනය මොබිටෙල් එකේ නම් ගිණුම පරික්ෂා කරන්න සාමාන්‍යය වෙලාවටයි, ඇමතුමක ඉද්දි ඒක එහෙමම්මම තියෙද්දි ඇමතුමක් අරන් බලන්න. කිසිම වෙලාවක් යන්නෙ නැතුව සම්බන්ධ වේවි. සාමාන්‍යය අවස්ථා වලදි වෙලාව යන්නෙ ජාලයට සම්බන්ධ වෙන්න. ඒ කියන්නෙ දුරකථනයෙ GPRS තිබ්බට හැමවෙලාවෙම සම්බන්ධ වෙලා නෑනෙ. ඉල්ලන වෙලාවට සම්බන්ධ වෙනව. සමහර වෙලාවට GPSRS මෙන්ම ඇමතුම ගන්න බැරුව ඇමතුම විසන්ධි වෙන්නෙ (Network Busy) එන්නෙත් එල්ලෙන්න බැරි උනාම.
    ඔය සිග්නල් යවන වෙලාවල් යම් තාක් දුරට බලාගන්න පුලුවන් දුරකථනය ලගින් පොඩි වැඩකරන ස්පීකරයක් තිබ්බොත්. නැතිනම් අර ස්ටිකරයකින්

    බැටරියෙ කථාව පොඩ්ඩක් හොයල බලන්න. මට කීවෙ Dr ( electric and electronic Engineer) කෙනෙක්. ඒත් ‍මට මෙන්න කියල දක්වන් සාධක නෑ. හමු උනොත් දෙන්නම්. අපි බැටරි බැහැපුවහම වැඩිය භාවිතා වෙන්නෙ නෑ කීවට එහෙමලු වෙන්නෙ.

    DualSim එකේදි දෙගුණයක්ම වැඩිවෙන්නෙ නෑ. ඒත් අනිත්වට වඩා හුගක් වැඩී. ඒ කියන්නෙ එක ලග දුරකථන දෙකක් තියන් ඉන්නව වගේ කීවොත් නිවැරදි වෙන්න ඕනෙ. මොකද ඒ දෙකම එකපාර වෙන වෙනම ජාල හා සම්බන්ධ වෙනව.

    Reply
  • December 4, 2009 at 6:04 am
    Permalink

    @මලින්ද

    “ඒ වගේම ප්‍රබල කුලුනේ ග්‍රාහකයින් වැඩිනම් වෙන එකකට මාරුවෙනව”
    නැහැ. එතකොට තමයි ඇමතුමක් ගන්න හදන කොට Network Busy කියන්නෙ.

    “අපි හැම වෙලාවෙම ජාලයේ එල්ලිලා ඉන්නෙ නෑ.”
    මම අදහස් කෙලේ ෆොන් එක Netork එකත් එක්ක ගනු දෙනු සදහා සූදනම් බව පමනයි(phone is already registered with the network/cell). ෆොන් එක නිරතුරුවම සංඥා නිකුත් කරන බව නොවේ. වැරදි අවභෝධයක් උනා නම් සමාවන්න.

    “විටින් විට සිග්නල් යවල බලාගන්නව ඇරෙන්න.”
    නැහැ, ෆොන් එක Network එකෙ තත්වය බලගන්නෙ Network එකෙන් ලැබෙන සංඥා ග්‍රහනය කිරීමෙන් පමනයි. හරියටම කිව්වොත් පොදු පාලක නාලිකවට (common control channel – ccch) සවන් දීමෙන්. ෆොනෙ එක මෙය තත්පරයට වාර 2 සිට තත්පර 4 ට වාරයක් පමන දක්වා කරනවා. ෆොන් එක සංඥා නිකුත් කරන්නෙ
    1. තමන් සම්බන්ද වී ඇති කුලුන මාරු කිරීමට – මෙය අවශ්‍යතව අනුව ඕනෑම වෙලවක කරන්න පුලුවන්. ( hand-off + location update)
    2. තමන් සම්බන්ද වී ඇති කුලුන සමග සම්බන්දතවය අලුත් කිරීමට (location update)- මෙය පැයකට වරක් පමන සිට පැය 6කට වරක් පමන වෙන්නවා. “

    “ඒ යවන්නෙ ඉතා කුඩා සංඥාවක්. ඒත් ඇමතුමග් ගද්දි ඒ වගේ සංඥා එක දිගට යවනව.”
    hand-off / location update සදහා සහ ඇමතුමක් ලබාගන්නා විට යවන සංඥා වල ප්‍රබලතාවයේ නම් වෙනසක් නැහැ. නමුත්, hand-off / location update සදහා කරන සංඥා හුවමරුවට ගතවන කාලය ඇමතුමක් සම්බන්දකර ගැනීමට කරන සංඥා හුවමරුවට ගතවන කාලය ට වඩා අඩුයි.

    “ඇමතුමක ඉද්දි ඒක එහෙමම්මම තියෙද්දි ඇමතුමක් අරන් බලන්න. කිසිම වෙලාවක් යන්නෙ නැතුව සම්බන්ධ වේවි.”
    මේ වෙලවෙදි සිද්වන ක්‍රියාවලිය, ඇමතුමක් මුලින්ම ගන්න වෙලාවට සිද්වන ක්‍රියාවලියට වඩා වෙනස්. ඒනිසා එක සංඥා ප්‍රබලතාවයට අදාල නැහැ වගේ.

    “ඒ කියන්නෙ දුරකථනයෙ GPRS තිබ්බට හැමවෙලාවෙම සම්බන්ධ වෙලා නෑනෙ. ඉල්ලන වෙලාවට සම්බන්ධ වෙනව. සමහර වෙලාවට GPSRS මෙන්ම ඇමතුම ගන්න බැරුව ඇමතුම විසන්ධි වෙන්නෙ (Network Busy) එන්නෙත් එල්ලෙන්න බැරි උනාම.”
    GPRS ගැන වෙනත් අවස්ථාවක කත කරමු. Network busy එන්නෙ, ඔබෙ ඇමතුම ගෙන යාම සදහා වාහක නාලිකාවක් (traffic – channel) ලබා දීමට නොහැකි උන නිසයි. (එල්ලෙන්න බැරි උනා – යනුවෙන් අදහස් කලෙ මෙය නම්, මත් එකගයි.) මෙ චැනල් ඉල්ලීමට යවන සංඥා වේ ප්‍රබලතාවය විශේෂ වැඩියක් නම් නැහැ. හයියෙන් කෑගැහුව කියලා network එක බයවෙලා චැනල් දෙන්නෙ නැහැ.

    “ඔය සිග්නල් යවන වෙලාවල් යම් තාක් දුරට බලාගන්න පුලුවන් දුරකථනය ලගින් පොඩි වැඩකරන ස්පීකරයක් තිබ්බොත්. නැතිනම් අර ස්ටිකරයකින්”
    හරියට හරි. එත් මෙ ස්ටිකරයෙන් සමහරුන් කියන පරිදි අපට සංඥා වලින් ඇතිවන බලපෑම නම් අඩු වෙන්නෙ නැහැ.

    බැටරිය අඩුවෙලාවට වැඩි ප්‍රබලතවයකින් සංඥා පිටකරන්න අවශ්‍යතාවයක් හෝ හේතුවක් මට නම් පෙන්නෙ නැහැ. පුලුවන් නම් අහලා බලලා මටත් කියන්න.
    සාමාන්‍ය ෆොන් වල පාවිච්චි කරන Li-Ion බැටරි විසර්ජනය වනකොට ධාරිතවෙන් 20% පමන වන තුරු 3.6V – 3.5V පමන රදවා ගත්තද, ඉතිරිය විසර්ජනය වන විට එම වොල්ටීයතවය ශීග්‍රයෙන් පහල බහිනවා. මේක බැටරියේ ලාක්ෂනිකයක් මිස ෆොන් එක වැඩි ක්ෂමතවයක් ලබාගන්නා නිසා සිදුවෙන දෙයක් නෙවේ. බැටරියට හානි සිදුවීම වැලක්වීමට ෆොනෙ එක ඇමතුමක යෙදී නැතිවිට 3.2V දී පමන ක්‍රිය විරහිත වන අතර, ඇමතුමක යෙදී සිටි නම් 3.0V පමන වනතුරු සිටියි.

    “DualSim එකේදි දෙගුණයක්ම වැඩිවෙන්නෙ නෑ. ඒත් අනිත්වට වඩා හුගක් වැඩී. ඒ කියන්නෙ එක ලග දුරකථන දෙකක් තියන් ඉන්නව වගේ කීවොත් නිවැරදි වෙන්න ඕනෙ. මොකද ඒ දෙකම එකපාර වෙන වෙනම ජාල හා සම්බන්ධ වෙනව”
    Dual Sim Phone වල transmitter, receiver දෙක බැගින් නැහැ. තියෙන්නෙ එක transmitterක් සහ receiverක් පමනයි. සිම් දෙක අතරේ මෙවා මාරුවෙන් මාරුවට පවිච්චි කරනවා. ඒ නිසා සංඥා ප්‍රබලතාවයෙ වෙනසක් නැහැ. සංඥා වලට නිරාවරනය වෙන කාලය දෙගුන වීම තමයි වෙන්නෙ.

    මම ඉහත පලකල අදහස් මගින් විද්‍යුත් චුම්භක තරංගයන් ගෙන් වන අහිතකර බලපෑම් කිසිසෙත් අවතක්සෙරු කරන්නේ නැහැ. දුරකතනයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කිරීමට ගත් උත්සාහයක් විතරයි.

    Reply
  • December 4, 2009 at 7:36 am
    Permalink

    watina kiyana article ekak.

    Reply
  • December 4, 2009 at 8:39 pm
    Permalink

    බොහොම ස්තුතියි. Comment එක ලිපියක් වගේ.

    Reply
  • December 6, 2009 at 10:56 am
    Permalink

    වැදගත් කතා බහක්..

    Reply
  • May 29, 2012 at 3:52 am
    Permalink

    This constantly amazes me exactly how weblog owners for example yourself can uncover the time and also the commitment to maintain on composing amazing weblog posts. Your internet site isexcellent and 1 of my own ought to read blogs. I basically want to thank you. 469074

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *