හැමෝම ඩයලොග් TV එකට බයින හේතුවක් තමා වහින්න ලංවෙද්දි වැඩ නැ කියන එක. අපි ඉන්න ප්‍රදේශය හෝ චැනල්ටික uplink වෙන ස්ථානවලට වැස්ස නිසා බාධා ආවොත් චැනල් ටික වැඩ නැ කියන එක. නමුත් මීට වසර කීපයකට කලින් ඒකට විසදුමක් විදිහට ඩයලොක් ටීවී Hybrid Box එක නිකුත් කලා
ඇවිත් දවස් කීපයක් ඇතුලත අතින් කාල ඒක දාගත්තෙ වහිද්දි ගෙදර අයගෙන් බැනුම් අහන නිසා. දැන් තියන DTV සම්බන්ධතාවයෙ Dish එක ටිකක් පොඩි. ටිකක් ලොකු ඩිෂ් එකක් හරියට සුසර කරල තිබ්බොත් අපි ඉන්න පැත්තට ලොකු වැස්සක් ඇරනේන චැනල් ටික වැඩ. ඒත් සවි කරන අය යන්තම් චැනල් ටික එද්දි ඩිෂ් එක වෙනස් කරන එක නවත්වනව (දැන් එන DTV ටීම් එකේනම් ඩිෂ් එකේ සංඥා බලන්න පුලුවන් ගැජට් එකක් තියනව)


ඒ දාපු DTV Decoder එක පොඩි පොඩි ගැටලු හා ඉදල හිටල IPTV වැඩ නොකලට ඇත්තටම භාවිතා කල හැකි හොද මට්ටමේ තිබ්බ. ඩයලොග් සමාගම හරි විස්තරයක් දන්නෙ නැතිව කරපු වෙනස්කම් නිසා LG/Samsung Smart TV වලට ඒ දවස්වල හරියට ස්මාට් ටීවී පහසුකම් වලට සම්බන්ධ කල නොහැකි උනත් අවුරුදු 5කට වඩා වැඩකලා කියලයි මතක
සැටලයිට් ප්‍රාථමික ප්‍රභවය විදිහට වැඩ කරල, IPTV හා දත්ත සේවා ද්විතික සේවා විදිහට වැඩ කරන නිසා වෙන ගැටලුවක් තිබ්බෙ නැ. රවුටරයක් තිබ්බත් නැතත් වැඩ.

අලුතෙන් Viu Hub 2 කියල මුලින් ටිකක් ලොකු ඩෙකෝඩරයකුත්, පස්සෙ පොඩි එකකුත් ආව. මමත් දාගත්ත තියන අමාරුවට. කලින් එකට වඩා හොද ඇති කියල හිතල. මෙනූ වල කොලිටියනම් හොදා. Android TV නිසාත්, මේකට භාවිතා කරල තියෙන්නෙ වෙනත් රටවලත් භාවිතා කරන ටිකක් බහුලව භාවිතා වෙන ඩෙකෝඩරයක් නිසාත් ඒ තේරීම් හා නිශ්පාදනය හුගක් හොද මට්ටමේ තියනව

නමුත් මේක උඩින් Dialog App එකක් ඔබල අර හොද නිශ්පාදනය අල කරල කිව්වොත් නිවැරදි. මට එහෙම හිතෙන්න හේතු එකෙන් එක කියන්නම්

  1. පුද්ගලිකව මම Satellite TV භාවිතා කරන්නෙ කලින් හිටපු ආයතනය නිසාත්, IPTV සේවා වලට සාපේක්ෂව Satellite ලෙඩ අඩු සේවාවක් නිසාත්. ලෙඩක් ආවොත් ලංකාවටම හරි ගෙදර තියන උපාංග වලට විතරක් නිසා. නමුත් IPTV වල Dependency ගොඩයි. ඒත් මේ ඩෙකෝඩරය On වෙන තැන ඉදන් අන්තර්ජාලය ඔ්නෙ. නැතිව වැඩ නැ. හිතන්න ඩයලොග් අන්තර්ජාල සේවාවෙ තියන හොද වේගයත් එක්ක මේක ඔන් වෙන්න සමහර අවස්ථාවල විනාඩි 5-10 යනව. සමහර වෙලාවට ඔන්වෙන්නෙම නැ. සැටලයිට් receiver එකක් මොකක් නැතත් සැටලයිට් සංඥා තියනවනම් වැඩකල යුතුයි කියලයි මම විශ්වාස කරන්නෙ
  2. Dialog TV ඇප් එක හදල තියෙන්නෙ Android OS/Ecosystem ගැන අදහසක් නැතිව. ඒකයි Android Core features එකක්යි කිසි සම්බන්ධයක් නැතිව වැඩ කරන්නෙ. Google Assistance Android TV වල ආවත් ඒකට චැනල් එකක්වත් මාරු කරන්න බැ.. Program Guide එකත් ඒකට වැඩ නැ. ඒ ඔක්කොම අර උඩින් ඔබපු ඇප් එකේ. ඒක නිසා අර Android Experience එක නැති කරල තියෙන්නෙ. එම නිසා Samsung/LG Smart Remote හෝ HDMI වලින් චැනල් මාරු කරද්දි වැඩ කරන්නෙ සීමිත විදිහකට විතරයි.
  3. දැනට කොච්චර Smart TV එකක් උනත් මුලිකත්වය දෙන්නෙ චැනල් වලට. ඔන් කලාම අන්තිම චැනල්/Input එකට යනව. ඒත් මේක ඔන් කරපු ගමන් Menu එකකට එන්නෙ. ඒකෙ Live TV වලට යන්න බටන් කීපයක් ඔබන්න ඔ්නෙ.
  4. Live TV එකෙන් අයින් වෙලා IP වලට හෝ Rewind/ Catchup වලට මාරු වෙලා වැඩක් කරගන්න මාරම අමාරුයි. අම්මලට තාත්තලට ඒක කරන්න තියා හිතන්නවත් බැ.

ඒ ගැටලු තිබ්බත් අම්මලට දාල දුන්නම වැඩ කරන නිසාත්, Satellite අවුල්නම් data වලින් දුවන නිසාත් භාවිතා කලා.(මාසයකට වැඩි කාලයක ඉදන් OTT කැඩි කැඩි තමා Internet එකෙන් දිව්වෙ ස්ලෝ නිසා )

ආතල් එක දැන් දවස් කීපයක ඉදන්,


දැන් දවස් කීපයකට කලින් ඉදන් පිස්සු කෙලින්න ගත්ත. Satellite Signal තියෙද්දි OTT වලින් යනව, Data අවුල් නිසා OTT කැඩෙනව. මාරම Slow. බලද්දි Update එකක් Download වෙලා අර Play වෙන අතර. තියන අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය තේරුහ් අරන් එක්කො OTT Play වෙද්දි Update නවත්වනව වගේ දේවල්නම් හිතල නැ.

තිබ්බත් හරියට Play නොවෙන නිසා දැම්ම Update එක.


දැන් සනීපයි. ඔන් වෙන්න විනාඩි 10 ක් විතර යනව. මෙනූ එන්නෙ කැඩි කැඩි. කතා කලා හොට් ලයින්. Update එකක් යන නිසා හෙට බලන්න කිව්ව.
පහුවෙනිදා චැනල් මාරු වෙන්නෙ නැ. ඔන් කරපු ගමන් මාරු වෙනව ටික වෙලාවක් . ටිකකින් මාරු වෙන්නෙ නැ. Channel Description Logo මාරු උනත්, වීඩියෝව එකමයි. කතා කරල කිව්ව ඒකත්. අවස්ථා කීපයක් එක එක ඒව කලා. රිසෙට් කලා, ස්කෑන් කලා, ඒත් චැනල් හරියට මාරුවෙන්නෙ නැ. බැරිම තැන කිව්ව ඩිවයිස් එක මාරු කරන්න එවන්නම් කියල.


පැය කීපයක් යද්දි නියෝජිතයෙක් ආව ඩෙකෝඩරයක් අරන්. තිබ්බ එකේම වෙන අලුත් එකක්. ඒක දාල Activation කරද්දි ඒක වැඩ නැලු. දැන් චැනල් මාරු නොවී තිබ්බ එකේ මොනවත් නෑ
අද දවසට දෙපාරක් කතා කරල කිව්ව. තාම එමමයි එසේමයි. මේවගේ සේවා වෙනස්කම් කරද්දි පොඩ්ඩක් හරි ඔන් කරල භාවිතා කරල බලල පාරිභෝගිකයට දානවනම් වටිනව

හොදට තිබ්බ සැටලයිට් රෑපවාහිනියට වෙච්ච දෙයක් :).

ඩයලොග් ViuHub 2 ගැන අත්දැකීම් බෙදාගන්න හිතුන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *