අපි බොහෝ දෙනා ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ බොහෝ දුරට නිවසින් බැහැර අවස්ථාවලට සම්බන්ධකම් පවත්වන් විතරමද ඊට වඩා හදිස්සි අවස්ථාවක භාවිතයට ගැනීමට නේද? සමහරුන්නම් දුරනථනයෙන් කරන්නෙ අන්තර්ජාලයට යන එක… සමහරු මල් කැඩීම… මේ හැම අය ගාවම නිතරම සාක්කුවෙ ජංගම දුරකථන තිබෙනව. ඒ සියපු දේ කරත් කාවුරුත් මේක පොදුවේ හදිස්සියට, නිවසින් බැහැර අවස්ථාවල සම්බන්ධකරගන්න භාවිතා කරව. සමහරු නිවසේ සිටියත් ඇමතුම් ගන්නෙ හා එන්නෙ ජංගම දුරකථනයට
හරි හදිස්සි අවස්ථාවක කාට හරි ඇමතුමක් ගන්න ඕනෙ වෙලාවට අපි අහල පහල දුරකථන කුටියක් හෝ දුරකථනයක් හොයන් යනවද.. අපි කරන්නෙ අපගේ දුරකථනයෙන් ඇමතිමක් ගන්න එක. ඒ වගේමයි අනිත් පැත්තත්. කාට හරි හදිස්සියෙ අපිව සම්බන්ධ තරගන්න ඕනෙනම් ඒ අය කරන්නෙ අපගේ දුරකථනයට ගන්න එක. ඒ වගේ හදිස්සි අවස්ථාවට මේ දරකථනයෙන් ඇමතුමක් ගන්නවත් යවන්නවත් බැරිනම් මේකෙන් ඇති වැඩේ මොකක්ද
මෙච්චරකල් මොබිටෙල් වල විවිධ අල තිබිබ. ඇමතුම් එන්නෙ නෑ.. මැසේජ් යන්නෙ නෑ. ඇමතුම් ගන්න බෑ ඒත් මේක වැඩිය ගානක් ගියෙ නෑ. ඒත් මීට දවස් කීපයකට කලින් මට මොබිටෙල් එකට ගිහින් දමල ගහල එන්න තරම් කේන්තිය. මම ඉන්නෙ කුරුණෑගල, ඒත් ගම ගිරිඋල්ල. යම් යම් හදිස්සි අවස්ථාවන් වල ගමේ කට්ටිය කථාතරන විවිධ අවශ්‍යයතාවලට. ඒ අතර මේ ලගදි අයිය කෙනෙත් හදිසි අනතුරකින් රෝහල් ගත කරල එයාල එකකම් රෝහටල යන්න කියන්න කථාකරල තියෙන්නෙ. ඒත් මේ කෙහෙල්මල වැඩකරල නෑ. කීප පාරක් අරන්. පස්සෙ එයාල ගෙදර එනකම් දන්නෙ නෑ. මම ඇහුව ඇමතුමක්වත් දුන්නෙ නැත්තෙ ඇයි කියල. ඒපාර කීව අපි කීප සැරයක් ගන්න හැදුව ගන්න බෑ කියල. මට අඩුගානෙ ඇලර්ට් එකක්වත් ආවෙ නෑ. ඉතින් මෙහෙම දුරකථනද අපි භාවිතා කරන්නෙ. දුරකථනය හොදට වැඩ. ඒත් කෝල් නෑ
ඒ වගේම මේ ලගදි අපේ මලයව හොයන්න ඇමතුමක් ගන්න ඕනෙ වෙලා ගන්නව ගන්නව ජාලය කාර්යභහුලයි… විනාඩි 10 ක් විතර උත්සහ කරල තමා ගත්තෙ. ඉතින් හදිස්සියකට ඇමතුමක් ගන්නවත් ගෙන්න ගන්නවත් බැරි දුරනථනය ජාලයක තමා මම එල්ලිලා ඉන්නෙ. මීට වඩා හදිස්සි අවස්ථාවක කෙනක්ට අපිව සම්බන්ධ කරගන්න උනත්, අපිට කෙනෙක්ව සම්බන්ධ කරගන්න උනත් මේ තත්වයම තාම. අපිට හදිස්සි අනතුරක් හෝ කරදයකදි ඇමතුමක් ගන්න බැයිනම් ඇති වැඩේ මොකක්දි? විනාඩි කීපයක් ඇමතුමට උත්සහ කරද්දි සමහරවිට වෙන්න තියන දේවල් ඔක්කොම වෙලා තියෙයි.
ඒ වගේම තමා කෙටිපණිවිඩත්… ඇමතුම් වගේම තමා. ඒකත් හදිස්සියට භාවිතා කරනවනම් එක පණිවිඩය කීප සැරයක් යවන්න වෙනව. ඒ යැව්වත් යන්නෙ නැති වෙලාවල් ඕනෙ තරම් තියන. ඒ කියන්නෙ අපි හදිස්සියට ටක් ගාල පණිවිඩයක් ගහල ඒ පණිවිඩය Delivered වෙනකම් බලන් හිටියෙ නැත්තම් (බලන් හිටියට Delivered වෙන එකට බලපෑමක් නෑ) පණිවිඩය ගියාද නැද්ද කියල හොයන්න බෑ. ඒ කියන්නෙ අපි යවන පණිවිඩ වලින් 60%කට වඩා එකම පිණිවිඩය කීප පාරක් යවන්න ඕනෙ. සමහර වෙලාවට පණිවිඩ Delivered වෙන්න මිනිත්තු 10කට වඩා ගන්නව. ඒ වගේම තමා අපේ ගිණුමෙ මුදල් නැත්තම් අන්තිම පණිවිඩය කාට හරි ගහණවනම් ඒ ගැන අදහසක් තියාගන්න අමාරුයි. ඒ පණිවිඩය බොහෝ දුරට Sent උනාට Delivered වෙන්නෙ නෑ. ඉතින් හදිස්සියකට වගේම ක්ණික පණිවිඩයක් යවනවනම් ඒ පණිවිඩය යනකම් බලන් ඉන්න ඕනෙ. ගියෙ නැත්තම් ආයෙ ආයෙ යවන්න ඕනෙ. සමහර වෙලාවට රින්ග් දැම්මත් යන්නෙ නෑ. සමහර පණිවිඩ එන්නෙ පැය කීපයක් ප්‍රමාද වෙලා. මේහෙම ගැටලු ඉස්සර තිබ්බෙ නෑ. කෙටිපණිවිඩයක් යැව්වහම අනිත් කෙනාගෙ දුරකථනය වැඩනම් එවෙලෙම යනව. නැතිනම් වැඩ කරන්න ගත්ත ගමන් (On කලාම) යනව. මෙහෙම ලෙඩක් ආවනම් ආවෙ කලාතුරකින්. ඩයාලොග්ලගෙ දෙතුන්පාරක් Massage Que එකක් නිසා පණිවිඩ යන්නෙ නැතුව ගියා. ඒක කීවහම ක්ලියර් කලා. ඒත් මෙහෙම දිනපති හැමවෙලාවෙම අලයක්නම්. ඒ අවුල ආවෙත් මම පණිවිඩ කීපයක් 20-30 ක් එකපාර ගහල. යවපු දුරකථනය Off කරල. ඒකයි. මොබිටෙල්ලගෙ මැසේජ් ඩිලිවර්ඩ් රිපෝට් නැතිවත් සමහර වෙලාවට ඩිලිවර්ඩ් වෙනව. ඒ වගේමයි මේ යන්නෙ නැති ඒවට අපිට ගිණුමට නැවත මුදල් බැරවීමක් වෙන්නෙත් නෑ.
අන්තර්ජාලයත් එහෙම්ම තමා. 3G Only දැම්මොත් ආයෙ කෝල් නෑ. ඇලර්ට් විතරයි බොහෝ වෙලාව. සමහර දවසවල මේක පැය 2-3 කට වඩා තියනව. Dual Mode දැම්මොත් 3G තියන කුලුනක් ආසන්නයට ගියත් එන්නෙත් EDGE සංඥා. ඒ ආවත් ඒවගෙන් අන්තර්ජාලයට යන්න සමහර වෙලාවට කීප පාරක් උත්සහ කරන්න ඕනෙ. අපි පොඩි දෙයක් දුරකථයට බාගත කලත් සමහර වෙලාට කෝල් අතරමගින් කැඩෙනව වගේ ඒකත් නවතිනව.
සාමාන්‍යයෙන් අපගේ දුරකථනය EDGE සංඥා ලැබුණත් ඒක භාවිතා කරන්න පුලුවන්නම් අපට පෙන්වන්නෙ විදිහට. ඒත් බොහෝ වෙලාවට පෙන්වන්නෙ
විදිහට. ඒ කියන්නෙ EDGE තිබ්බට වැඩ කරන්න බෑ කියන එකනෙ. මේ විදිහට බැලුවොත් අපට දුරකථනයෙන් අපිට ඕනෙ වෙලාවට වැඩක් ගන්න බෑ. ජාලයට ඕනෙ වෙලාවටයි අපිට වැඩක් කරගන්න වෙන්නෙ.
ලංකාවෙ අපිටනම් ඩයලොග් තමයි
අපෝ ඔය විකාර මොබිටෙල් ගැනනං කියල වැඩක් නෑ….
මම නං සිම් එක විසිකලා.. හේතුව හදිස්සියෙ අන්තිම බස් එකත් මිස් වෙච්ච නිසා ගෙදරට කෝල් එකක් ගන්න හදනකොට ම්හ් කුරුණෑගල ටවුම මැද සිග්නල් ඔක්කොම වැඩනේ ඒත් නෝ කෝල්…
මම ඒයාටෙල් වලට මාරුවුනා. (ආ ඔය යක්කු ඒයාටෙල් සිම් එකෙන් මොබිටෙල් වලට යන කෝලුත් බ්ලොක් කරලනේ තිබ්බේ දැං ඒකත් හරි)
ඒකනෙ අපි කැපුවත් Dialog
apinam airtel thama
අනෙ මටනම් කිසි කරදරයක් නෙ MOBITEL එකෙන්….
එලටම වෙඩ…
ඔයාගෙ phone එක check කරන්න..
Mobitel is the best network in Sri Lanka…
@kukuu
දුරකථනයේ අවුලක් නෑ. මම දුරකථන කීපයක් භාවිතා කලා. මගෙ විතරක් නෙවේ. මම දන්න මොබිටෙල් භාවිතා කරන හැම කෙනාටම මේ ලෙඩේ තියනව.
ඕක හැමෝටම හැම වෙලාවකම මතුවෙන ගටලුවක් නෙමේ . හැම GSM ටවර් එකකම ලිමිට් එකක් තියෙනවා , අන්න ඒ ලිමිට් එක පන්නපු වෙලවලදි ගන්න calls වලට ටවර් එක හරහා යන්න බෑ , එකයි වෙන්නෙ, මොබිටෙල්ලගෙ කස්ටමර්ස්ලා ලගදී ඉදලා ගොඩක් වැඩි උනා කියලා හැමෝම දන්නවනේ , එකයි ඔය ගැටලුව මතු වෙන්නෙ . ඕක හැම එකටම පොදුයි usersla වැඩි උනාම
මොබිටෙල්..අපෝ කතා කරල වැඩක් නෑ සමහර වෙලාවල් වලට…එපා වෙනවා..
ඒක හරි. ටවර් වලට දරන්න බෑ. ඒත් ඒකට වැරදි අපි නෙවේනේ. එයාලගෙ පාරිභෝගිකයින් වැඩිනම් ඒකට හරියන්න ජාලය යාවත්කාලීන කරන්න ඕනෙ. සීමාවට වඩා කට්ටිය ගන්නවනම් ඒ අය අනුව ජාලය දියුනුකලේ නැත්තම් ඉන්න අයටත් ඉන්න බෑනෙ. දැන් ඩයලොග් වල ඔහොම ගැටලුවක් එන්න ආවෙ බ්ලාස්ටර් පැකේජය දුන්න දවස්වල. එයාල ඒක හැදුව. ඒත් මේ මොබිටෙල් අලය දැන් කොච්චර කල්ද. පාරිභෝගික සේවයට කථාකලාම අපිව වැරදි කාරයො කරල ෂේප් වෙනව. යම් විදිහකට පාරිභෝගිකයො වැඩිවෙන වැඩක් කලානම් ඒ අනුව ජාලයත් දියුනු කරන්න ඕනෙ.
මේ කියල තියෙන විදියට මේක පෙර ගෙවුම් සබඳතාවක් වගේ. පසුගෙවුම් වල තත්වය කොහොමද? (උපහාර නැතිව අනිත් පසුගෙවුම් ගැන)
මම නම් ඩයලොග් බ්ලාස්ටර් වගේම, මොබිටෙල් උපහාරෙකුත් පාවිච්චි කරනවා… 🙂 දැනට නම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ…… 😀 කුරුණෑගල ආව දවස් වලටත් එළටම වැඩ කරනවා……!! 🙂
ඔවු මම පෙරගෙවුම්. පසුගෙවුම් වල උපහාර ඇරෙන්න අනිත් පැකේජ භාවිතා කරන අය හොයාගන්න අමාරුයි. කීප දෙනෙක් ඉන්නව, ඒ අයට කෝල් ගන්නව ඇරෙන්න වෙන දෙයක් තේරෙන්නෙ නෑ. මොබිටෙල් එකේ වැඩ කරන අයනම් පැකේජ තමා. ඒත් ඒ අය වැරදි කියයිද?
ඩයලොග් බ්ලාස්ටර් වල දැනට එහෙම්ම්ක කියල අවුලක් නෑ. උපහාරනම් අවුල් තමා. පැය 24 ම අල නෑ. ඒත් දවසින් වැඩි හරියක් අවුල්
අපේ ගෙදර නම් පාවිච්චි කරන්නේ මොබිටෙල් තමා මට මොබිටෙල් වල පෙන්නන්න බැරි එකම සීන් එක තමා M Tune නිකං ඉඳිද්දි ක්‍රියාත්මක කරන එක ඒ වැරදි ටික හදලා ගත්තනම් මොබිටෙල් ගොඩක් හොඳයි 🙂
අපිනම් ඉතින් ජාලෙට යන්න Airtel තමයී ! සිග්නල් strength නම් උපරීමයී HSDPA 3.6 Mb/s ම හම්බවෙනවා !
සමහර පැති තියනව අපරාදෙ කියන්න බෑ. කිසි අවුලක් නෑ. සමහර ටවර් තියන ඒ ටවර් එක යටට ගියත් ජීවිතේට ඒකෙන් සිග්නල් එන්නෙ නෑ. ඒ තරම්ම ටවර් කාර්ය බහුලයි
මටත් හැම වෙලෙම ඕවගේ වැඩ වෙනවා. දවසක් මම මගේ යාළුවෙකුට හදිසි කෝල් එකක් ගන්න බැලුවා. නමුත් පොන් එක බීසී කියනවා 5 පාරකට වැඩිය උත්සහ කලා හරිගියේ නෑ. පස්සේ මැසෙජ් එකක් යැව්වා. ඒකත් ඩිලිවරි උනේ නෑ. ඒක ඩිලිවරි උනේ මට යාළුවව හම්බ උනහම. ඊට පස්සේ විස්තරය මිනිහට කියලා මම යාළුවා මගේ ලග ඉන්දැද්දි කෝල් එකක් ගත්තා එතකොටත් කියනවා පෝන් එක බීසී කියලා . මට ඒ වෙලාවේ ආපු කේන්තියක් 😛 .පස්සේ ආපහු ටයි කලහම හරි ගියා.
ඒකනම් හරි, මම බොහෝ දවස්වලට ගෙදර එන්න රෑ උනහම බස් එකට නගිද්දි මලයට SMS එකක් ගහනව, දැන් ඩිලිවරි වෙන්නෙ නැති නිසා එකට 3ක් 4ක් ගහනව. සමහර දවස්වලට ගෙදරට යනකම්ම එකක්වත් ඩිලිවරි වෙන්නෙ නෑ. අඩුවට SMS දුන්නට වැඩක් නෑ. එකට 3-4 ක් ගහන්න වෙනව
දැන් තව අවුලක්. යවන කෙටිපණිවිඩ විනාඩි කීපයකින් Sending Failed වෙලා මුදල් නැවත ගිණුමට බැරවෙනව. ඊයෙ ඔහොම වැඩක් උනා. එකම පණීවිඩය කීප පාරක් යවල තමා යවාගත්තෙ. යවන ඒව Fail වෙලා නැවත ගිණුමට මුදල් බැරවෙනව. මම මුලින් හිතුවෙ Validity Period එක අඩුවට දාල කියල. එහෙම උනහම ඒ කාලය තුල නොගිය කෙටිපණිවිඩ වල මුදල් එනව (හැබැයි මොබිටෙල්ලගෙ එහෙම එන්නෙ කෙටිපණිවිඩ 1000කින් එකකට වගේ). ඒත් Validity Period එක Maximum දාල තියෙන්නෙ. අදත් ගැහැව මලයට කෙටිපණිවිඩ එකට 4 ක්. එකක් හරි යයිනෙ කියල. ඒව 4ට ම මුදල් ආපසු ආව මිනිත්තු කීපයකින්. ඒත් එක ඩිලිවරි රිපෝට් එකකුත් ආව පැයකින් විතර. කෙටිපණීවිඩ 4 ක් යැවුවහම 4ම Fail, එතකොට Deliver උනේ මොන එකද දන්නෙ නෑ..
ඔව් ඔව් මටත් ඔවගේ ඒවා වෙලා තියෙනවා.මොනවා කරන්නද Etisalat වත් අපි ගෙන බලයිද දන්නෑ
“ඔබ ගැනමයි” නේ 😛
ම්ම් මට නම් එච්චර ලොකු අවුලක් පේන්නෙ නැ mobitel වල.
සමහර වෙලා වලට පොඩි පොඩි ලෙඩ දානව. එ උනාට වෙන මාරු වෙන්න connection හිතා ගන්න අමාරුයි.Dialog වලින් කතා කරන්න. ගියොත් එහෙම ගෙදරත් උගස් කරන්න වෙනවා. අනික Dialog වල හැම තැනටම 3G නැනෙ. mobitel වලට ගොඩක් තැන් වලට 3G තියෙනවා. Airtel, Hutch, Etisalat ගැනනම් කතා කරල වඩක් නැ.
mama nam mobitel idala aritel walata maru una”eka kochchara simpal plan ekakda???”dan rats godak adui airtel wala……