ඔන්න හෙට ඡන්දය නිසා කොළඹ ඉදන් කුරුණෑගල එන්න කියල මමයි අකලංකයි, ධනුෂාන් මලයයි ආව. (මගේ දෙවැනි ඡන්දෙ උනාට මාගේ නිගමන අනුව දාන්න කෙනෙක් නැ). කොටුවට එද්දි 4ට විතර. හම්බඋනේ කැන්ඩි කොච්චිය 4.35. දුරකථනයෙ බැටරි මදි නිසා නවත්වන තැන් බලන්න හම්බඋනේ නැ. ඇහුව දුම්රිය ස්ථානයෙ කෙනෙක්ගෙන් (ටිකට් දෙන නිළධාරියාගෙන්) .” ආ.. ගම්පහ නවත්වනව” කීව. මොකද මලය බහින්නෙ ගම්පහින්.
පොර කාල පොරකාල නැග්ග. මට විතරයි ඉදගන්න හම්බ උනේ. කොහොම හරි ගම්පහට ආව.. ඒත් මේක ගම්පහ නැවැත්තුවෙ නෑ. ජංගම දුරකථනයෙන් බැලුව කාල සටහන් (slr.malindaprasad.com). මේක ගම්පහ නවත්වන්නෙ නෑනෙ. වටේ පිටේ අයගෙන් ඇහුවහම කීවෙ කෙලින්ම නවත්වන්නෙ අලව්වෙලු. මල කෙලියයි. මොනව කරන්නද. අලව්වෙන් බැහැල මලයව වෙන කෝච්චියකට දානව කියල ඉදිදි. ඔන්න දාරලුව ස්ථානය පහුවෙලා මීටර 800ක් විතර ගියහම දුම්රිය නැවැත්තුව. අහල පහල ඉන්න අය කීව ටික දුරනෙ බැහැල යන්න කියල. මලයව තනියම යවලත් බැරි නිසා අපිත් බැහැල රේල් පාර දිගේ එනකොට.. කට්ටිය ” මල්ලි චේන් එක ඇද්ද නේද..” කියල කෑගහනව ඇහුන. කොච්චියෙත් ඇහෙන හෝන් එක අමුතුයි. එන පොට හොද නෑ කියල තේරුනෑ. ඒ එක්කමට ඉස්සරහට ගාඩ් හම්බ උනා. මෑන් ගත් කටටම “මෙහෙම කරන එක හොදාදා” කියල හැදුව. ඇග බේරගන්නත් එපැයි. අපි ඇද්ද චේන් එකක් නෑනෙ. “අපිනෙවේ ඇද්දෙ කීව”. එතකොටම කොච්චිය ඉන්න අය කීව චේන් එක ඇද්දෙ මේ පෙට්ටියෙ නෙවේ. ඔය මල්ලිල මේ පෙට්ටියෙන් බැස්සෙ කියල. එයාල නෙවේ ඇද්දෙ කියල.
ඇගට ලේ ටිකක් ඉනුව. ඒ එක්කම ගාඩ් කෙනෙක් කීව ඒකෙ නෙවේ ඇදල තියෙන් කියල. දැන් ඇද්ද කෙනා හොයනව. අපිට කලින් බැස්ස කෙනෙක් පාර ඈත යනව දැක්ක. කට්ටිය එයා පිට දාල අපිව ශේප් කලා. “දැන් මල්ලිල යන්න. නැත්තම් ඔයාලටත් අවුලක්” කිව. අපි ඇග බේරන් ශේප් වෙලා ආව. ඒ එද්දි සීන් එක දන්නෙ නැති අය කෑගහනව. පරක්කු වෙනව කියල.
ඒ අස්සෙ ගාඩ් චේන් එක ඇද්ද එක හරිගස්සන්න දන්නෙ නෑ. හිටපු මිනිස්සු ඒකත් ඒ අයට කියල දීල හදාගෙන ගියා. අපිත් අග බේරගත්ත. අපි දාරලුව දුම්රිය ස්ථානය පැත්තට පයින් ඇවිදන් ආව. මීටර 800 ක් විතර තියනවනෙ. ඔන්න එහෙම එද්දි වටේ පිටේ අය අහනව, “මල්ලි කෝච්චියට කවුරුහරි යට උනාද කියල” ඒවගෙනුත් ශේප්වෙලා දුම්රිය ස්ථානය හරියට එද්දි අර අපිට කලින් චේන් එක ඇදල බැහැල ආව මෑන් හම්බ උනා. මෑන් දන්නෙ නෑ වගේ අපෙන් අහනව “මොකද මල්ලි කොච්චිය නැවැත්තුවෙ කියල” මෑන්ට කියල වැඩක් නෑනෙ. අපි දුම්රිය ස්ථානයට ඇවිත් ගම්පහට යන්න කොච්චි ඇහුවහම අපේ වෙලාවට 5.30 දුම්රියත් කැඩිල. ඊලග එක 6.30ට.
“අයියෙ ගම්පහට පයින් යනවනම් කොච්චර දුරද”, “මල්ලි විනාඩි 20 යි ” , දුම්රිය ස්ථානයෙන් දුර ඇහුවහම උත්තර දුන්න හැටි. මොනව කරන්ද පයින් යන්න විනාඩි 20යි කීව නිසා ඇද්ද තියල පයින්. තනි වෙල් යායා. පයින් යනව යනව ඉවරයක් නෑ. තුන්දෙනා නිසා කථා කර කර ආව. හැබැයි පැයබාගෙකට වැඩිය ගියා. (ගෙදර ආවහමයි දන්නෙ දාරලුව ඉදන් ගම්පහට 2.4km කියල). ඔක්කොම කිලෝමීටර තුනටත් වැඩී. ලැපත් එල්ලන්.
ගම්පහට ආව ගමන් ඔන්න දාරලුව පැත්තෙ ඉදන් පෙට්ටි දෙකේ දුම්රියක් ආව. කට කපල. අර දුම්රිය නැති නිසා දාපු එකක් වෙන්න ඇති. ආව ගමන් මලය ගත්ත කූල් වතුර එක ඇද්ද. කූල් කීවට ගත්යක් නෑ. ඒකේ කූල් එක වැඩී. කැට ගැහිල. ඒක නිසා තිබ්බ තිබහට බොන්න බෑ. ඒ එක්කම නුවර යන සීඝ්‍රගාමී දුම්රියක් ආව. දුවල ගිහින් නැග්ග ඒකට
ඒකෙ හිටගෙන ආවට හිරවෙන්න සෙනගක් හිටියෙ නෑ. කොයින් කොයින් හරි ටික දුරක් එද්දි ඔන්න අමුතුම ඩයල් එකක් මම ඉස්සරහට ආව. ඉදන් හිටිය අක්ක කෙනෙක් ශීට් එකත් දුන්න. මුලින් හිතුවෙ අර අක්ක බහින නිසා මෙයා ආව කියල. පස්සෙ වටේ ඉන්න අය වතුර බෝතලයක් එයාට දුන්න. වැඩිය වයස නෑ. 25ක විතර කොල්ලෙක්. කථා කලේ නෑ. අතින් වතුර එපා කීව. මෑන් කථා නෑ.
ඒ එක්කම මට මෑන් ඉස්සරහ ඉදගන්න හම්බ උනා. ටිකෙන් ටික මිනිහ ගැහෙනව. ඇස් ගැහෙනව. අත් ගැහෙනව. ගොත ගැහෙනව. ඒත් කථා නෑ. අපිටත් බයයි. වටේ පිටේ ඉන්න අයත් විස්තර ඇහුවට මුකුත් කියන්නෙ නෑ. එකපාරට වටේ හිමීන් බලාගෙන යනව. ඒත් එක දියහකට ඇස් නාබිගත උනා කියල හිතන්න බෑ. (සමහර විට පේන්නෙ නැතිව යනව ඇති). මුලින් මම හිතුවෙ මොකක් හරි මත්ද්‍රව්‍ය නිසා වෙන අවුලක් කියල. මෑන්ගෙ අතේ තිබ්බ බෑග් එකත් වැටුනට ගානක් නෑ. ඔරලෝසුව ගැලඋනා. ලග හිටියෙ කෙනෙක් හා මම එකතුවෙලා ඒක ආයෙ අතේ බැන්ද. ඒ එකක්ම මායම් වෙලා වගේ අත දිගඇරල හයියෙන් ගැහෙන්න ගත්ත. අපි පොඩි අය නිසා ලොකු අයට වැඩේ බාර දීල අපි නැගිට්ට. ඒ එක්කෙනාට අපස්මාරය (Fit) එක හැදිලලු. ඒ වගේ කෙනෙක් ගාව අතේ යකට පොල්ලක් තියෙන්න ඕනෙලු. ඒත් මෙයාගාව නෑ. මෙයාට කොච්චියෙ බාර් එකක් අල්ල ගන්න දිල බංකුවෙ දිගාකරල අල්ල ගත්ත. ටිකකින් හරි. ඒත් සිහිය නෑ වගේ. දාඩිය දාල. අපිටත් හෙන දුකයි. කට්ටිය වතුර ටිකක් ගහන්න හදදිද් ඇස් ඇරල එපා බව හැගෙවුව. තාම කථා බෑ. මේ ලෙඩේ හැදුනහම දිව කොට වෙනවලු.
දැන් මෙයා බහින්නෙ කොහෙන්ද හොයාගන්න විදිහක් නෑ. පහුවෙලා ගියොත් පවුනෙ. වෙලාවට අතින් වැටුන බෑග් එක මීරිගම රෙදි කඩයකින් ගත්ත බෑග් එකක්. ඒ පාර කට්ටිය හිතුව මීරිගම වෙන්න ඇති කියල. ඒත් දුම්රිය මීරිගමට එද්දිත් එයා පුටුවෙ නිදි. පණක් නෑ වැඩිය. කට්ටිය කථා කලාට උත්තර දීගන්න බෑ. බහින්නෙ කොහෙන්ද කියන්න බෑ.
කොහොම හරි මීරීගමින් කියල දැනගෙන බැස්සුව. අපිත් කරකවල අතඇරිය වගේ. ඒ දුම්රියෙන් පොල්ගහවෙලින් බැහැල ආයෙ ඊලගට කුරුණෑගල එන දුම්රියෙ ගෙදර ආව. මොනව උනත් එයාගෙ මොනවත් නැති උනේ නෑ. කට්ටිය ඒව ආරක්ෂා කරල දුන්න. උදව් කලා.
මේ වගේ හොද කට්ටියත් අපි අතරෙ ඉන්න එක කෙච්චර දෙයක්ද.
hmmm math darulewee edan pain gamphata awith thiynwaa bng
sira story akakda banz ela ela mokak unath mehema minissuth apa athara innava