මේ දවස්වල Solar Inverter එකක් සවි කරන නිසාත් විදුලිය බිදවැටීම් එක දිගට එන නිසාත් යාලුවො හුගදෙනෙක් කතාකරල විස්තර අහන නිසා මේ දවස් වල විදුලි ගැටලුවට කරන්න පුලුවන් දේවල් ටිකක් ලියන්න ගත්තෙ.

මුලින්ම කියන්න ඕනෙ, මේ දවස්වල තනියම ගහන්නෙ විදුලිය බිදවැටීමට ගැටලුවකට වඩා ගෙදර පොඩි සර්වර් ටිකටයි, නෙට්වර්ක්, වයිෆයි හා කැමරා ටිකට තියන UPS එක අලුත් කරනව වෙනුවට සෝලර් ඉන්වර්ටරයක් දාපු එක. ඒ ගැන වෙනම ලියන්නම්

ඉස්සර විදුලිය බිදවැටෙන වෙලාවට ජෙනියක් ගත්තට, තෙල් ගැටලුවත් එක්ක හුගක් අය දැන් සෝලර් වලට යොමු වෙනව. ඒක එක එක විදිහට කරන අය ඉන්නව. කලු කඩ මුදලාලිල වගේම අනිත් අයත උදව් කරන්න හදපු සමූහත් තියනය
මේකෙදි පලවෙනි එක තමා අපි ගෙදරට සෝලර් ගත්ත කියල ගෙදර තියන විදුලි උපකරන වල කිසිම වෙනසක් නොකරන විදිහට වැඩේ කරගන්න පුලුවන්නම් තමා සාර්තක.

සොලර් ක්‍රම දෙකකට ගහනව. එකක් විදුලිය නැති වෙලාවට බැකප් එකක් විදිහට, අනික විදුලි බිල අඩු කරගන්න. ඔය දෙකම එකතු කරල ගහන අයත් ඉන්නව

Grid Tie

හැමෝම දන්න CEB එක්ක සොලර් ගහන ක්‍රමය තමා ලාබදායකම. ඒකෙදි ගෙදර ලෝඩ් එක ගැටලුවක් නැ. අපි හදන ඒකක ගෙදර භාවිතා කරල වැඩි ටික එයාලට දෙනව. රෑට හා අපි එකපාර ලොකු ලෝඩ් ගහද්දි CEB එකෙන් මදි ටික ගන්නව.
ඒකෙ ලොකුම වාසිය බැටරියක් ඕනෙ නැ. බැටරිය වෙනුවට සෝලර් අඩු වැඩි වෙද්දි බැලන්ස් කරන්නෙ ජාතික පද්ධතිය. ඒත් මේක ගහද්දි විදුලිබල මණ්ඩලය හෝ ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් අවසර ගන්න වෙනව. ඒකට එයාල ඔයා ඉන්න ප්‍රදේශයෙ තිය ලෝඩ් එක හා ට්‍රාන්ෆෝමරයට අමතර වෙනත් නිර්නායක සලකල බලල පුලුවන්නම් අවසර දෙනව.

ඒත් එ පද්ධතියෙ ගැටලුව, විදුලිය බිදවැටීමකදි අපට සෝලර් වලින් විදුලිය ගන්න බෑ. ඉන්වර්ටරය ස්වයංක්‍රියම අක්‍රිය වෙනව. ඒකට විකල්පයක් විදිහට අපිට පුලුවන් විදුලිය බිදවැටීමකදි ජාලය සම්පුර්ණ විසන්ධි කරල, ඉන්වර්ටරයෙන් ගෙදරට දෙන්න. මේකට Change over කියන උපරකණයක් සවි කරන්න වෙනව. මේක ස්වයංක්‍රියව හා මැනුවල් කරන විදිහෙ ජාති දෙකක් එනව.

MTS ( Manual Transfer Switch)


ATS (Automatic Transfer Switch)

නමුත් අපිට මෙහෙම දෙන්න හැම ඉන්වර්ටරයෙන්ම බැ. ඒකට සහය තියන ඉන්වර්ටරයක් විය යුතුයි. ඒවගේමයි ඉන්වර්ටරයට ඉර එලිය අඩු වැඩි හා ගෙදර ලෝඩ් අඩු වැඩි වෙද්දි බැලන්ස් කරගන්න බැටැරියක් ඕනෙ. (බැටරිය ගැන යට වෙනමම කතාකරන්නම්)

කාර්යාලයකට වගේනම් දවල්ට විතරක් විදුලිය ඕනෙ තැනක්නම් ලොකු බැටරියකට වඩා ලොකු ලෝඩ් එකක් ගන්න දෙන්න පුලුවන් බැටරියක් දැම්ම ඇති. දවල්ට හිරු එලියත් එන නිසා ගැටලුවක් නැතිව වැඩ කරගන්න ඇති හුගක් වෙලාවට. නමුත් රෑටත් ඕනෙනම් ඒකට භාවිතා වෙන යුනිට් ගාන අනුව බැටරියක් දාගන්න වෙනව

දැනට වසර 3කට වඩා කාලයක් ගෙදර මේ විදිහට භාවිතා වෙනව. ඒකට මම භාවිතා කරල තියෙන්නෙ Renac කියන Hybrid Inverter එක. හා Pylontec කියන ආයතන නිපදවන 2.5kWh LIFEPO4 බැටරිය. මුලින්ම මේ පද්ධතිය දැම්මෙ Peak වෙලාවෙ ජාලයට බරක් නොවී අපට අවශ්‍යය විදුලිය බැටරියෙන් ගෙදරට ගන්න. නමුත් ඒත් එක්කම ඒක විදුලිය බිදවැටුනම භාවිතා කරන්න පුලුවන් විදිහට හදාගත්ත

මේකෙදි ඒ කාලෙ මිලත් එක්ක ලොකු බැටරියක් දාන්න ඕනෙ කමක් තිබ්බෙ නැ. කැපෑසිටිය අඩු එක ලොකු ගැටලුවක් නෙවෙයි. ඒත් මේ බැටරියෙන් අදින්න පුලුවන් උපරිම ඇම්පියර් ගාන 50A,ආයු කාලය ගැන හිතල හොදයි කියන්නෙ 25A. බැටරිය 48V තමා 25A කියන්නෙ ආසන්න 1300W විදුලියක්. දවල්ට සූර්ය බලය තියන නිසා ඒ දෙක එකතු වෙද්දි ඉන්වර්ටරයෙ උපරිම ප්‍රමාණයට යනකන් ගැටලුවක් නැ. ඒත් රෑට විදුලිය බිදවැටුනොත් බැටරිය විතරක් නිසා තප්පර 30 එකපාර ඉල්ලන ඒවට 100A දීල එක දිගට ඉල්ලනවනම් ස්වයංක්‍රියව ඉන්වර්ටය විසන්ධි වෙනව. එවිට ඉන්වර්ටරයෙන් කැන්සල් කිරීමක් හෝ CEB එන්න ඕනෙ වැඩ කරන්න්‍නක්න. මේ හේතුව නිසා තව බැටරියක් එකතුකරන්න හිතිල තියෙන්නෙ. එතකන් බැටරියෙ ධාරාව 35A වගේ කලා

එක පාර දුවන ලෝඩ් එක හැර කැපෑසිටිය ලොකු ගැටලුවක් උනේ නෑ තාම රෑට. AC කීපයක්, TV Fridge දුවලත් පැය 2-3ක් දුවාගන්න පුලුවන්.

හුගක්ම ගැටලුව විදුලිය බිද වැටුන කියල ගෙදර අයට ගානක් නැ. ස්වයංක්‍රියම බැටරියට ගෙදරම මාරු වෙන නිසා. ඒත් ගැටලුව අම්ම මේ විස්තරයක් දන්නෙ නැති නිසා ගෙදර කේතලය, රයිස් ක්‍රකර් එක, ඉන්ඩක්ෂන් එකට ගැහුවොත් බඩු හරි. එතකොට දැනගන්නව විදුලිය නෑ කියල. එතකොට ඒ තුනම එකට ගහන්නෙ නැතිව භාවිතා කරනව.

Off Grid

CEB ගන්න අවසර නැති අය හා තනියම වැඩේ කරගන්න අය ගහන පද්ධතිය තමා මේ දවස්වල හුගක් ප්‍රසිද්ධ. Off Grid ඉන්වර්ටර මේ සදහා භාවිතා වෙන්නෙ. කලින් ක්‍රමයේ වගේ නියාමනයක් නැති නිසා විවිධ ගනම් හා කොලිටි වලට බඩු එනව. ගද්දි හරි එකක් තෝරගන්න එප අපේ අතේ තියෙන්නෙ

ඒකෙන් ප්‍රධාන ඉන්වර්ටර ජාති දෙකක් තියනව. එකක් තමා අඩු Solar PV Voltage වල වැඩ කරන ගානත් ටිකක් අඩු ඉන්වර්ටර. ඒවට අනිවාර්යෙන් බැටරිය ඕනෙ. මේ දවස්වල ප්‍රසිද්ධත් මේ ක්‍රමය. මේකෙදි අඩු වැඩි වෙන ඉර එලිය බැලන්ස් කරල දෙන්නෙ බැටරියෙන්. ඒකයි බැටරියක් අත්‍යාවශ්‍යය. අනිත් ක්‍රමය High Voltage PV ඉන්වර්ටර. මේක විදුලි බිල අඩුකරගන්න භාවිතා කරන ක්‍රමයක්. ඒ වගේම බිදවැටීමකදිත් භාවිතා කරන්න පුලුවන්. මේකෙදි CEB තියන වෙලාවට විතරක් භාවිතා කරනවනම් බැටරියක් දාන එක අනිවාර්ය නැ. CEB එකට විදුලිය දෙන්නෙ නැති උනාට එයාගෙන් මදි ටික අරන් ලෝඩ් එකට දෙනව. ඒ කියන්නෙ විදුලිබිල අඩුයි, මේකට අවශ්‍යයනම් බැටරියක් ගහන්න පුලුවන්. හුගක් හොද බැටරියක්නම් දවල්ට රෝපනය කරල රෑටත් ඒ ශක්තියෙන්මෙ ලෝඩ් එකට දෙන්න පුලුවන්. නැතිනම් බිදවැටීමකදි විතරක් භාවිතා වෙන්නත් හදාගන්න පුලුවන්

පලවන ක්‍රමයෙ හා දෙවන ක්‍රමයෙ CEB නැති වෙලාවට අඩු වෙලාවට ශක්තිය ගන්නත්, වැඩි වෙලාවට ඉතිරිකරන්නත් භාවිතා කරන්නෙ බැටරිය. ඒ වගේමයි මේ දෙකම සෝලර් නැතිව CEB එකෙන් බැටරිය චාජ් කරල ටිකක් ලොකු බැටරියක් දාල විදිලිය බිදවැටීමකදි වැඩ කරන්න හදාගන්න පුලුවන් වගේම TOU බිල් ක්‍රමයට මාරු වෙලා රෑ ගාන අඩු වෙලාවට බැටරිය ජාලයෙන් රෝපනය කරල, ගාන වැඩි වෙලාවට ගෙදරට දෙන්න හදාගන්නත් පුලුවන්

කොච්චර ලොකු බැටරියක් දාන්න ඕනෙද

මම උඩ කියල තිබ්බෙ අපෙ ගෙදර භාවිතා කරන විදිහ හා ඒකෙ තියන ගැටලුව. දවල්ට විතරක් භාවිතා වෙන අයට ලොකු බැටරි ඕනෙ නැ. ඒත් රෑටත් භාවිතා කරන්න ඉන්නවනම් භාවිතා වෙන ඒකක ගාන වගේම උපරිම ලෝඩ් එක බලල බැටරියක් ගන්න වෙන්නෙ. ඒකෙදි අපි ගෙදර දුවන සාමාන්‍යය ලෝඩ් එකක් තියනව. අනිත්ව ඉදල හිටල ගහන උපකරන.

උදාහරණයකට 13000BTU AC එකක් පටන් ගද්දි 800 W වගේ ගත්තට ටිකකින් සාමාන්‍යය 200W ට අඩු විදුලියක් ගන්නෙ. ඒ වගේමයි AC එක ෆෑන් විතරනම් 20W වත් යන්නෙ නැ. ගෙදරක අශ්ව බල බාගය වතුර පොම්පයක් 400 Wට අඩුයි. නමුත් කේතලයක් රයිස් කුකර් එකක් මයික්‍රෝවේව් අවන් එකක් 800-2000W වගේ ගන්නව. ඉන්ඩක්ශන් එකක් 200-2000 W වගේ. කේතලය හැර අවන් එක ඉන්ඩක්ශන් එකේ පවර් එක අපිට පාලනය කරගන්න පුලුවන්
විදුලිය බිදවැටීමකදි අපිට ඒ උපකරන පාලනයක් ඇතිව භාවිතා කරන්න පුලුවන්නම් ඒ ගාන අනුව ගත්තම ඇති. නැතිනම් ගෙදර වයරින් එකේදි අත්‍යාවශ්‍යය උපකරන හා අනිත්ව වෙන් කරල තියනවනම් ඒත් ලේසි. අඩු එකක් ඇති

ඒ දෙකම නැතිම උපරිම භාවිතා කරනවම් හුගක් ගෙවල් වලට හරියන්නෙ 5KW ඉන්වර්ටර හා ඒ ගාන දෙන්න පුලුවන් බැටරියක්.(ගෙදර ලෝඩ් එක බලල තීරණය කරන එකයි හොද) ඒවගෙ හදිසි අවස්ථාවල ටිකක් වැඩි විදුලියක් උනත් පොඩි වෙලාවක් දෙන්න පුලුවන් නිසා මෝටරයක් ස්ටාට් වගේ ඒකවත් ගැලුවක් නැතිව වැඩ

මේ තියෙන්නෙ AC, Induction Cooker, Water Heater, Deep-wel pump වගේ භාවිතා වෙන ගෙදරක භාවිතය හා මේ දවස්වල සෝල වල නිශ්පාදනය. වැඩිම ගෙදර භාවිතය තියන තැනකට මවුස් එක අරන් පින්තුරය ගත්තෙ

මේ තියෙන්නෙ AC කීපයක්, Induction Cooker භාවිතා වන වෙන ගෙදරක භාවිතය. මේකෙ මවුස් එක තියල තියෙන්නෙ වාහන චාජ් කරන්න ගහපු වෙලාවක ගිය උපරිම භාවිතයට

හානිය හා අනිත් ඒව අමතක කලොත් සරලව W ගාන ගන්නෙ V අගය හා ධාරාව (A) වැඩි කරල. අපි 2000W දෙන්න 220 V වල ඇම්පියර 9.1 ක ධාරාවක් ගත්තට, බැටරි එන්නෙ 48V, 24V, 12V ලෙස. මේවගෙදි අර ශක්තිය AC පැත්තෙන් දෙන්න, ඊට වැඩි ධාරාවක් බැටරියෙන් දෙන්න වෙනව

ඒ W අගයම සරල විදිහට පරිවර්ථනය කලොත්, 48V බැටරියෙ ඇම්පියර 42ක් විතර, 24 බැටරියක්නම් 84ක් විතර, 12V බැටරියක්නම් 170ක් විතර. එම හේතුව නිසයි ටිකක් ලොකු V අගයන්ගෙන් තියන බැටරි භවිතා කරන්නෙ. එතකොට පොඩි වයර් භාවිතා කරන්න පුලුවන් වගේම බැටරිය හරහා යන ධාරාවත් සාපේක්ෂව අඩු නිසා බැටරි ආයු කාලයටත් හොදා

බැටරියක් ගද්දි හිතන්න ඕනෙ අනිත් දේ තමා

බැටරි වර්ගය.

ඉස්සර lithium ion බැටරි ආවත් ආරක්ෂාව වගේ හේතු නිසා දැන් හුගක් එන්නෙ LIFEPO4 බැටරි හා ලෙඩ් ඇසිඩ් බැටරි වල විවිධ වර්ගය

LFP (LIFEPO4) බැටරි වල ආයු කාලය හුගක් වැඩි. හුගක් ඒව 80-90% ප්‍රමාණයක් භාවිතා කරත් වසර 10ක්, නැත්තම් වාර 6000ක විතර වගකීමක් දෙනව. නඩත්තුවක් නැ. නමුත් අපිට කෙලින්ම බැටරිය අරන් ඉන්වර්ටරයට ගහන්න බැ. අපි බැටරි පැක් එකක් හදල ඒකට බැටරි පාලන පද්ධතියක් (BMS) දාල ගන්න ඕනෙ. නැතිනම් ඒව දාල හදපු එකක් ගන්න ඕනෙ. ඒව Power wall හෝ මගෙ තියනව වගේ රැක් දාන්න පුලුවන් ඒව එනව

LFP, Lithium Ion වලදි BMS එකක් අනිවාර්යෙන් දාගන්න. ඒක බැටරිවල ආයුකාලයට වගේම අපේ ආරක්ෂාවටත් හොදා. එමගින් චාජ් වෙන ධාරාව හා වෝල්ටීයතාවයන් පාලනය, සෙල් බලන්ස් කරන එක හා ඩිස්චාජ් එක පාලනය කරනව

ඒවගේමයි හුගක් LFP, Lithium බැටරි BMS හා ඉන්වර්ටරය අතර Communication එකක් තියනව. බැටරියට අවශ්‍යය වෝල්ටිය තා, ධාරා, සීමා දන්වන්න ඒක භාවිතා වෙන්නෙ. ඒක සහය තියන බැටරියක් ගන්න අමතක කරන්න එපා

BMS
DIY Battery pack
Power wall


අනිත් ජාතිය තමා විවිධ තාක්ශණික ක්‍රම යටතේ එන Lead Acid බැටරි. වාහන බැටරි වලට දියුනු කරපු සෝලර් වලටම එන බැටරි එනව. වාහන බැටරියකට වඩා චාජ් ඩිස්චාජ් කල හැකි වාර ගාන වැඩි. නමුත් ඒ වාර ගාව 80% ක් වෙනක් භාවිතා කරනවනම් එක ගානක්, 50% නම් තව ගානක්. මේ බැටරි කෙලින්ම ඉන්වර්ටරයට සම්බන්ධ කල හැකි අතර, ලංකාවෙ Browns, DSL වැනි ආයතන වල ගන්න තියනව

අපි බැකප් එකට විතරක් භාවිතා කරනවනම් Cycle count එක ලොකු ගැටලුවක් නැ බැටරියෙ ආයු කාලය බලන්න තියෙන්නෙ. වගකීම ගන්න පුලුවන් ගැටලුවක් ආවොත්. නමුත් දිනපතා භාවිතා කරනවනම් හොදම LFP වගේ Deep cycle බැටරියක් ගන්න වෙනව

පැනල තෝරාගැනීම

පැනල දාද්දි හෙවනැලි අඩු වහලයකට දානවනම් හොද අස්වැන්නක් ගන්න පුලුවන්. ඒ වගේමයි ලංකාවෙ පිහිටීම අනුව දකුණට මුහුණලා දාන එක සාර්තක වැඩි කියල කියනව. පැනල වර්ග තෝරාගද්දිත් පුලුවන්නම් Mono Crystal පැනල ගන්න. හරියට අපි ඉන්න අක්ෂාන්ශ අගයට අනුරෑපව ඇලය සකසන්න

මේවට අමතරව ආරක්ෂාව


SPD
වහලය උඩ හා ප්‍රධාන ජාලය එක්ක සම්පන්ධ වෙන නිසා හොද වර්ගයෙ SPD (Surge protective device) එකක් දාගන්න. මේකෙන් කෙලින්ම අකුණු ගහන ඒවගෙන් ආරක්ෂාවක් නැතත්, අකුනු නිසා නිතර එන අධි වෝල්ටීයතා වලින් උපකරන ආරක්ෂා කරනව. ඒකයි හොද සන්නාමයකින් එකක් දාගන්න කියන්නෙ. ඒ දාද්දි DC පැත්ත (සෝලර් පැනල් වලට) එකකුත්, AC පැත්ත (Grid ) පැත්තට තව එකකුත් දාගන්න

AC SPD
DC SPD

Earth
ගෙදර Earth එක වගේම පැනල් ටිකත් හොදට තැන් දෙක තුනකින් earth කරන්න. මතක තියාගන්න වහලය උඩ තියන සියලු උපකරන වල earth එකට සම්බන්ධ වෙන්න ඕනෙ. හුගක් කරන්නෙ සෝලර් හා වහලය උඩ තියන අනිත් උපකරනත්, SPD ටිකත් එකට සම්බන්ධ earth එකකින් තැන් කීපයකින් earth කරන එක

ඒව එකට සම්බන්ධ නැත්තම් අකුණු අවස්ථාවක වෙන්න පුලුවන් අනතුරු අවධානම වැඩි වෙනව වෙනස් විභව අන්තර නිසා

Wire

විශේෂයෙන් DC ගිනිගන්නා සුලු වැඩි නිසා හරි ගනකම හා ආරක්ෂාව සහිත වයර භාවිතා කරන්න. එවගෙදි වහලය උඩ හිරු එලියට නිරාවරනය වෙන වයර් UV වලට ඔරොත්තු දෙනවද බලන්න

Monitoring

මේව සවි කරද්දි වෙන දේවල් බලාගන්න එක හුගක් වටිනව. අපේ භාවිතය වගේ දේවල්. මම දැනට ඉන්වර්ටරයෙ දත්ත මගෙ සර්වරයට දානව. ඊට අමතරව ගෙදර ප්‍රධාන පුවරු වල හා අවශ්‍යය තැන් වලට Energy meters සවි කරල ඒ දත්තත් එකම සර්වරයට අරන් ගෙදර අනිත් විස්තර එක්ක එක තැනකින් බලාගන්න පුලුවන් chart, realtime data වගේ දේවල් වලට පොඩි පොඩි ඒව හදන් තියනව. ඒවගෙන් ගත්ත චාට් ටිකක් තමා උඩ දාල තියෙන්නෙ. ඒ දත්ත යවද්දි භාවිතා කලේ ESP එකක් හා ඒක භාවිතා කරල Danindu Silva එක්ක ඇදගත්ත PCB එකක්.

SDM230 Energy Meter

මේ වැඩ වලදි තාක්ෂණික සහය දෙන්නෙ ටිරන්ත මිත්‍රය වගේම නර්මදා අක්ක. ඒ වගේම කාලිංග අයිය. සමහර විස්තර හුගක් වෙලාවට එයාලට කරදර කරන දැනගන්නෙ. එ වගේම Off Grid සමුහයක් තියනව. අවශ්‍යය තාක්ෂණික දැනම නොමිලේම ගන්න පුලුවන් වගේම අපිට අශ්‍යය උපකරන ලංකාවෙ ගිනි ගනම් නිසා එයාලගෙ සහයෙන් චීනෙන් ගෙන්ව ගන්න පුලුවන් සේවාවක් කරන් යනව එ සමූහයෙ කට්ටිය

කලින් ලියපු ලිපියක්

https://www.facebook.com/malindaprasad/posts/10223158809895693

Grid Tie/Off-Grid Solar for Power cut

Leave a Reply

Your email address will not be published. Required fields are marked *