මේක ටෙලිකොම් වෙතින් අන්තර්ජාලය ලබාගැනීමට නොහැකි වූවන්ට සුභ ආරංචියක්. ඩයලොග් සමාගමේ බෝඩ්බෑන්ඩ් සබදතාවය දැන් රැ 2250/- ක මාසික ගාස්තුවකට ලබාදෙනව.
සැප්තැම්බර් 15 වෙනිදගෙන් අවසන්වන මෙම දීමනාව යටතේ 512 Kbps ඩවුන්ලෝඩ් හා 128kbps අප්ලෝඩ් වේගයක් ඇති පුලුල්පරාස අන්තර්ජාල සේවාවක් ලබාගතහැකි. මෙහි විශේෂත්වයනම් සබදතාගාස්තුව රැ 3000/- ක් වීමයි. වයිමැස්ක් තාක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම සේවාවට දුරකථන හෝ මොඩම් අවශ්‍යය නැත. එහෙත් බොහෝවිට සන්නිවේදන කුලුණ හා නිවසේ සවිකරණ රිසිවරය මුහුණට මුහුණලා, එනම් බාධා රහිතව තිබිය යුතුයි.
එහෙත් මෙහි මාසික ගාස්තුව රැ 2250/ක් කීවට ඒ සදහා බදු මුදලක් අයවේ. එය 30 %ක් නම් අමතර 675 ක්,28%ක් නම් 630 ක්ද අයවේ. එහෙත් ටෙලිකොම් සමාගමේනම් මේ සදහා අමතර ගෙවිය යුත්තේ 15% ක බදු පමණි. ඒ රැ 337.50 කි
No one has commented yet.











Comments
Leave a comment Trackback