Browsing Posts in Commen

පරිගණක ඉංජිනේරුවකු, විද්‍යා ලේඛකයකු හා ශ්‍රී ලංකාවේ පළමු හා වැඩිම අලෙවියක් වූ පරිගණක සඟරාවේ කතුවරයා හැටියට එක් යුගයක ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය ගැන මම බහුලව ලියා ඇත්තෙමි. එහෙත් පසුගිය වසර පහ හයක කාලය තුළ මම ඕනෑකමින්ම මේ විෂය සම්බන්ධව විවේචනාත්මකව යමක් ජන මාධ්‍යයකට නොලීමි. හේතුව කෙටිකලකට හෝ මාද ඊ-ශ්‍රී ලංකා (e-Sri Lanka) වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ව්‍යාපෘතියේ කොටස්කරුවකු වීමයි. (මේ සම්බන්ධය වසර පහකට පමණ පෙරය.) ඒ නිසා ඒ ගැන නරකක් තියා හොඳක් පවා, මගේ මතයක් සේ ජන මාධ්‍යයකට ලිවීම මා අනුදත් මාධ්‍යවේදයට පටහැනි බැවින් මම නිහඬ වීමි.

ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු (Electronic government මෙහි ‘රාජ්‍ය’ යන යෙදුම යොදා නැත්තේ සිතාමතාය. රාජ්‍ය ලෙස පරිවර්තනය වන්නේ state යන යෙදුම බැවිනි.) හා ආණ්ඩු ප්‍රතිනිර්මාණය (Re-engineering Government ) පිළිබඳ දැක්ම පිළිබඳව කතා කිරීමේදී ප්‍රධාන වූ පුද්ගලයන් දෙදෙනෙක් වෙති. දැනට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ආණ්ඩු ප්‍රතිනිර්මාණය පිළිබඳ අධ්‍යක්ෂක වසන්ත දේශප්‍රියයි. මේ දෙදෙනාම දීර්ඝ කාලයක් ආණ්ඩුවේ පරිපාලන සේවයේ නිරතවූ පළපුරුදු නිලධරයන්ය. එසේම ඔවුන් රටට සේවය කිරීමේ පැහැදිළි උවමනාවක් හෙවත් ‘උණක්’ ඇති, නම්‍යශීලී, හැමවිටම අනුන්ට කන්දෙන නිලධරයන් බවටද සැක නැත. පුරවැසියකු හැටියට ආණ්ඩුවේ සේවාවන් ලබා ගැනීමේදී මට මුහුණ දෙන්නට සිදුවූ යම් යම් මෙහෙයුම් ගැටළු (Operational issues) පිළිබඳව පුද්ගලිකව මා නැඟූ අඳෝනා වලට කන් දීමට පමණක් නොව මගේ නිරීක්ෂණ මත ගත යුතු ක්‍රියා මාර්ග ගත් බවද මෙහිදී සඳහන් කරන්නේ කෘතඥපූර්වකවය.

එහෙත් අවාසනාවකට මෙන් ආණ්ඩු සේවයේ ඔවුන් ලද දීර්ඝකාලීන අත්දැකීම් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පුළුල් කිරීමට මෙන්ම එය සීමා වීමටද හේතුවී ඇත්තේය. ආණ්ඩුවේ නිලධර දැක්ම අනිවාර්යයෙන්ම පුරවැසි අවශ්‍යතා සමඟ සම්පාත විය යුතු නොවේ. සමහරවිට මේ දෙක අතර විශාල හිඩැසක් තිබිය හැකිය. පුරවැසියකු හැටියට මගේ පුද්ගලික අත්දැකීම් ආශ්‍රයෙන් මේ ලුහුඬුතා විශ්ලේෂණය කිරීම මේ ලිපියේ අරමුණයි. මෙහෙයුම් ගැටළු නොව ඊට ඉහළ තලයක දැක්ම ගැන කතාකරන හෙයින් එය රටේ අනෙකුත් පුරවැසියන් සමඟ බෙදාහදා ගැනීමේ අවශ්‍යතාවය මම දකිමි. මේ නිර්මාණාත්මක විවේචනයට මා යම් දවසක මේ වැඩ සටහනේම කොටස්කරුවකු වී සිටීම බාධාවක් සේ මම නොදකිමි.

ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන ආරම්භ වන්නේ එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ උත්ප්‍රේරණයෙන් ලෝක බැංකු ව්‍යාපෘතියක් සේ 2002දීය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය මත ආණ්ඩු සේවා ප්‍රතිනිර්මාණය කිරීම තුළින් වඩා පහසු, ඉක්මන් සේවාවන් පුරවසියාට ලබා දීම තුළින් පුරවැසියා සවිබල ගැන්වීම මෙහි එක් සංරචකයක ප්‍රධාන අරමුණ වේ. මගේ මතකය නිවැරදිනම් සම්පූර්ණ ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන සඳහා වෙන් කරන ලද ලෝක බැංකු ණය මුදල ඩොලර් මිලියන 50 (රුපියල් කෝටි 500) වන අතර ඉන් ඩොලර් මිලියන 11ක් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංරචකය සඳහාය. පසුව ආණ්ඩුවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනාදිය සම්බන්ධ කරන දීප ව්‍යාප්ත පරිගණක ජාලයක් ගොඩ නැඟීම සඳහා තවත් ඩොලර් මිලියන 15ක කොරියානු ආධාරයක් ලැබේ.

ඊ-ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කරන ලද පළමු කාර්යයක් වන්නේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ආණ්ඩු සේවාවන් හඳුනා ගැනීම සඳහා වන උපදේශක ව්‍යාපෘතියකි. අද පවා ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම බොහෝ දුරට ගොඩ නැඟී ඇත්තේ (සුළු වෙනස් කිරීම් කිහිපයක් සහිතව) රනිල් වික්‍රමසිංහ යුගයේ ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතියේ උපදෙස් අනුවය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩුකිරීම පිළිබඳ මගේ අත්දැකීම් වලට අනුව, මේ ව්‍යාපෘතිය සිදුකරන ලද ආකාරයේ මූලික ලුහුඬුතාවක් මම දකිමි. මතකය නිවැරදි නම්, රුපියල් මිලියන විස්සක වියදමින් කරන ලද මෙහි එක් ප්‍රධාන භූමිකාවක් සම්පූර්ණයෙන් අමතකකොට දමා තිබේ. ඒ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ක්‍රමයක අවසාන ප්‍රතිලාභියා විය යුතු පුරවැසියාය. මේ උපදේශක කණ්ඩායම මොනම අවස්ථාවකවත් පුරවැසි අදහස් ලබා නොගනී. අනෙක් අතට එය දිගින් දිගටම අවධානය යොමු කරන්නේ නිලධර අදහස් කෙරෙහිය. මේ නිසා පුරවැසියා වෙනුවට නිලධරයා සවිබල ගැන්වෙන දැක්මක් නිර්මාණය වේ. මේ දැක්ම අනුව ගොඩ නැඟෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව නිලධරයකුට ජීවිතය බෙහෙවින් සැපපහසු එකක් කරයි. එහි වරදක් නැත. නමුත් අනෙක් අතට නිලධරයාට තම ජීවිතය සුව පහසු කර ගැනීමට අවකාශය ලැබෙන්නේ පුරවැසියා මත පටවන ලද අමතර බරක් නිසා නම් එය අපේ අවධානයට බඳුන් විය යුතුය.

පුරවැසියකු හැටියට මගේ පුද්ගලික අත්දැකීමක් ආශ්‍රයෙන් මෙය පැහැදිළි කරනු කැමැත්තෙමි.

මාස කිහිපයකට පෙර මගේ රිය පැදවීමේ බලපත්‍රය නැතිවේ. අවාසනාවකට මා මෙහි ඡායා පිටපතක් තබාගෙන නොමැත. අවශ්‍යතාවයක් නොවූ නිසා අංකයවත් අන් තැනෙක ලියා නැත. මේ මගේ වරදය. මේ සුළු වරද නිසා මට මුහුණ දීමට වන්නේ අතිශයින් දීර්ඝවූත්, කරදරකාරීවූත් ක්‍රියා දාමයකටය.

මා ගත යුතු ක්‍රියා මාර්ගය දැනගැනීම පිණිස ඉන්ටනෙට් හි පිහිට පතමි. ශ්‍රී ලංකාවේ සමහර රාජ්‍ය දෙපාර්තමේන්තු මේ සම්බන්ධව ප්‍රශංසා කටයුතු තරමේ ප්‍රගතියක් ලබා ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එක් උදාහරණයකි. ගමන් බලපත්‍රයක් හෝ වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් නිවැරදිව භාශාත්‍රයෙන්ම ලබාදීමට පමණක් නොව අවශ්‍ය ෆෝර්ම බාගත කිරීමටද පහසුකම් සපයා ඇත. මේ නිසා එක් යුගයක අප්‍රසන්න අත්දැකීමක්ව තිබුණු ගමන්බලපත්‍රයක් ලබා ගැනීම දැන් ලෙහෙසියෙන් කළ හැකි කටයුත්තක් බවට පත්ව ඇත. මම මින් පෙර මේ සේවාවේ වාසිය ලබාගත් සන්තුෂ්ටිමත් පාරිභෝගිකයෙක්මි. ඒ පිළිබඳව මගේ ස්තූතිය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවය කළ දුරදක්නා නිලධරයන් වෙත පුද කිරීමට කමැත්තෙමි. (ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ දැවැන්ත පරිවර්තනයට බඳුන් වන්නේ, ඊ-ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භයටත් මත්තෙන් නන්දසේන බඹරවානගේ ආගමන හා විගමන කොමසාරිස් වූ අවදියේය සිතමි.)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවද මේ පහසුකම මෑතක සිට සපයතත් ඒ ඉතා පසුගාමී ආකාරයෙනි. කොටින්ම සැහැල්ලු වාහන සඳහා රියැදුරු බලපත්‍රය නැතිවූ කෙනකු එය ලබා ගන්නා ආකාරය මේ වෙබ් අඩවියේ කිසිම තැනක සඳහන් නොවේ. සේවාවක් හැටියට මෙහි තවත් ලුහුඬුතා ගණනාවක් පසුව සාකච්ඡා කරමි.

මම 1919 වලට කතාකර උපදෙස් පතමි. 1919 දුරකථන සේවා සැපයුම ඊ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සාර්ථකම ඉලෙක්ට්‍රොනික ආණ්ඩු වැඩසටහනය සිතමි. මේ නිසා කාර්යාල ගානේ රස්තියාදු නොවී, අනවශ්‍ය පුද්ගලයන්ට කතා කිරීමට කාලය නාස්ති නොකර අවශ්‍ය තොරතුරු සපයා ගැන්මේ හැකියාව ලැබේ. නමුත් එය පවා සමස්ත ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණයක් වත් පුරවැසියා සවිබලගැන්වීමක් වත් නොවේ. ඉතාම සුළු කටයුත්තටත් ෆොර්ම ගණනාවක් අපේක්ෂා කිරීම මඟින් පුරවැසියා පෙළන ක්‍රියාවලිය 1919 නිසා නැතිවී නොමැත. සිදුවී ඇත්තේ පුරවැසියාට සිදුවන ක්‍රියාවලිය පිළිබඳ වඩා හොඳ වැටහීමක් ලැබීම පමණකි. මම මේ වැටහීම ලබමි. වේරහැරට යන්නට මට උපදෙස් ලැබේ.

උදෑසනක වේරහැරට යන මා දකින්නේ අනපේක්ෂිත දර්ශනයකි. කාර්යාලය ඉදිරිපස ඉතා දිගු පෝලිමකි. මම 8.00ට ඊට එක්වෙමි. 8.30ට කාර්යාලය තුළට පිරිස ඇතුළු කිරීම ආරම්භ වේ. මට ඊට අවකාශ ලැබෙන්නේ 10.00ටය. මේ සේවාව සපයන වේලාව නොවේ. ඊට තව පැයක් වත් ඇත. මේ ඉඳගන්නට පුටුවක් ලැබීමේ වේලාවය. ඊට පෙර සිටිය යුතු වන්නේ සිටගෙනය.

මෙය පුදුමයක් නොවේ. රියැදුරු බලපතක් ලබා ගැනීමට මුළු ලංකාවේම සෙනඟ වේරහැරට පැමිණිය යුතුය. අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට ආදී දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණියෝ මා සමඟ පෝලිම් ගත වී හිඳිති. මා ඉදිරිපස ඉන්නා බස් රියැදුරා බලපත්‍රය අළුත්කර ගැනීමේ කටයුත්ත සඳහා දින කිහිපයක වැටුප අහිමි වීම ගැන මැසිවිලි නඟයි. “දවසට රුපියල් හයසීයක් නැතිවෙනව මහත්තය. ඒක අපට අමාරුයි. එක දවසක් මෙඩිකල් ගන්න ගියා. අද දවසම මේකට යනව.” ගමන් බලපත්‍රයක්වත් ප්‍රාදේශීය මට්ටමින් නිකුත්නොකළ හැක්කේ නම් ඩොලර් මිලියන පහළොවක මුදලක් දීපව්‍යාප්ත රාජ්‍ය පරිගණක ජාලයක් සඳහා වියදම් කිරීම මොන අපරාධයක් දැයි මට සිතෙයි. මෙරට වැඩ කරන ජනතාව ගැන බැලුවොත් මේ බස් රියැදුරාද රුපියල් 400 කින් පමණ ඊට දායක වී ඇත. (මේ මුදල ඇත්තටම ගෙවනු ඇත්තේ ඔහුගේ දරුවන්ය.) මේ රුපියල් 400 වෙනුවෙන් වත් කුරුණෑගල සිට දින කිහිපයක් කොළඹ නොපැමිණ මේ කටයුත්ත කර ගැනීමට පහසුකම් සපයා දීමට අපි අපොහොසත් වී ඇත්තෙමුද?

මා කවුන්ටරයක් ඉදිරිපිටට කැඳෙවෙන්නේ එකොළහත් පසු වූවායින් පසුවය. මේ පැයකට වැඩි කාලය තුළ මම තවත් බොහෝ දෑ නිරීක්ෂණය කරමි. මෙහි සියළු කටයුතු, ශාලාවෙන් ශාලාවට යායුතු යැයි කෙරෙන පොදු නිවේදන කටයුතු ඇතුළුව කෙරෙන්නේ සිංහලෙන් පමණකි. මේ සේවාව ලබා ගැනීමට පැමිණෙන්නේ සිංහලයන් පමණක් මෙනි.

මගේ ප්‍රශ්නය ආරම්භ වන්නේ කවුන්ටරයට පැමිණි තැන් පටන්ය. මගේ කලින් බලපත්‍රය 1994 නිකුත් කළ එකකි. මවෙත දැනුම්දෙනු ලබන්නේ රියැදුරු බලපත්‍ර පරිගණකාශ්‍රිතව නිකුත් කිරීම ආරම්භ වූයේ 1997 පටන් බවත් ඉන්පෙර කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි බවත්ය. මෙය සත්‍ය තත්ත්වයයි මම නොසිතමි. මගේ කලින් රියැදුරු බලපත්‍රය පරිගණකයකින් නිකුත්කළ එකකි. එසේනම් එහි තොරතුරු කොතැනක හෝ පරිගණකයක තිබිය යුතුය. එසේ නොමැතිනම් විය හැකි එකම දෙය මේ තොරතුරු වර්තමාන පද්ධතියට ඇතුළු කිරීමට පියවර ගෙන නොතිබීමය. දරන්නට වන වියදම සලකා එවැන්නක් නොකිරීම සාධාරණීකරණය කරන්නට හැකි මුත් එසේ නොකිරීමෙන් අපහසුවට ලක්වන පුරවැසියන්ට කවර හෝ විසඳුමක් තිබිය යුතුය. නැතිවූ බලපත්‍රයේ අංකය මතක නැතිවූ පළියට අළුතින් බලපත්‍රයක් ලබාගන්නට කීම සාධාරණ විසඳුමක් නොවේ. විශෙෂයෙන්ම දැවැන්ත ආණ්ඩු ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින රටක.

මේ ගැටළුව දැන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් තිලක් කොල්ලුරේ වෙතද, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් බී. විජේරත්න වෙතද ගෙනගොස් ඇත්තෙමි. ඔවුන් සුහදශීලී නිලධරයන්ය. නමුත් මේ සුහදශීලී නිලධරයන්ට පවා මීට දශක ගණනකට පෙර සිටින්නට ඇති සුහදශීලී නොවන නිලධරයන් දෙන පිළිතුරුමය දෙන්නට ඇත්තේ. “මේකට මොකුත් කරන්න බෑ!” මේ උත්තරයෙන් පුරවැසියා වන මම නැවත පළමුවන කොටුවට එමි.

මෝටර් ප්‍රවාහන කොමසාරිස් බී. විජේරත්න ගෙන් මම ඉල්ලීම් දෙකක් කළෙමි.

1. මගේ නැතිවී ඇති 1994දී නිකුත් කළ රියැදුරු බලපත්‍රයේ අංකය සොයා දෙන්න. (ඉතිරි සියළු කටයුතු පෝලිමේ සිට, අනෙකුත් හැම දෙනකුම සේ මට කර ගත හැකිය.)

2. එය කළ නොහැකි නම් කරුණාකර මට ඉක්මනින් අළුත් රියැදුරු බලපත්‍රයක් ගැනීමට සහාය වන්න. මම පසුගිය වසර 15ක කාලයක් තුළ රිය පදවා ඇත්තෙමි. මම රිය පැදවීමට නවකයකු නොවෙමි. එනිසා නවකයකු සඳහා වන මාස තුනක කාල සීමාව මා වෙනුවෙන් අඩු කරන්න.

මේ ඉල්ලීම් දෙකටම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් බී. විජේරත්නගේ ප්‍රතිචාරය “කණගාටුයි, කළ නොහැකිය” යන්නය.

මට අළුතින් රියැදුරු බලපත්‍රයක් සඳහා අ‍යැදුම්කළ හැකිය. එය ලොකු ගැටළුවක් නොවේ. නමුත් ගැටළුව 1994දී ඉතාම ලෙහෙසියෙන් කළ මේ කාර්යය දැන් ඊට වඩා බෙහෙවින් සංකීර්ණ එකක් වී තිබීමය. 1994 දී රියැදුරු බලපත්‍රයක් ගැනීමට මට ගත වූයේ එක දිනකි. මා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගමන් කළේ එක් වරකි. අද, රථ වාහන පැදවීමේ පහළොස් අවුරුදු අත්දැකීම් ඇතිවත් මේ කටයුත්ත සඳහාම මා මාස තුනකට වැඩි කාලයක් බලා සිටිය යුතුය. අඩු තරමින් තුන් වරක් (වෛද්‍ය පරීක්ෂණය සඳහා ගතවන දිනය හැරුණු විට ) වේරහැරට යා යුතුය. මෙය වෙහෙසකර කටයුත්තකි. ‘ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව’ මගේ කාලය ඉතිරි කරනවා වෙනුවට නාස්ති කරයි. වැඩ පහසු කරනවා වෙනුවට සංකීර්ණ කරයි. ඉක්මණින් සේවා සපයනවා වෙනුවට වැඩ වවාගෙන කලින් එක දවසින් කළ කටයුත්ත සඳහා මාස තුනක් ගනී.

මෙය නිලධරයන්ගේ වරදක් සේ නොව ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පිළිබඳ වැරදක් සේය මා දකින්නේ. දැනට රියැදුරු බලපත් නිකුත් කිරීම සඳහා ඇති ක්‍රියාවලිය නිලධරයන්ට ඉතා පහසුය. ඔවුන්ගේ පැත්තෙන් එය ක්‍රමාණුකූලය. කිසිම ප්‍රශ්නයක් නැත. සියළු ප්‍රශ්න ඇතිවන්නේ පුරවැසියන්ටය. පුරවැසියන් මුහුණ දෙන ගැටළු සඳහා මේ ක්‍රමය සැකසී නැත.

මෙය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පහත පැණෙන දැක්මෙන් හා මෙහෙවර ප්‍රකාශයෙන් පවා පැහැදිළිය.

දැක්ම: විශිෂ්ඨ මෝටර් වාහන නියාමනයෙන් ඉහල මහජන ප්‍රසාදය

මෙහෙවර ප්‍රකාශය: අභිප්‍රේරණය වූ සේවක සමූහයේ සාමූහික ප්‍රයත්නය හා නවීන තාක්‍ෂණය යොදා ගනිමින් මෝටර් වාහන පනත හා අනෙකුත් නීති රෙගුලාසි ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ඉහල මහජන ප්‍රසාදයක් උදෙසා කැපවීම

පුරවැසියා කේන්ද්‍රගත දැක්මක් හා මෙහෙවර ප්‍රකාශයක මූලිකත්වය ගන්නේ නියාමනය වත්, පනත් හෝ නීති රෙගුලාසිවත් නොව පුරවැසි සේවාය. පනත් හෝ නීති රෙගුලාසි නොවේ, පුරවැසියාට වැදගත් වන්නේ. ඒවා අවැදගත් යැයි මින් නොකියැවේ. ඒ සියල්ලක්ම පසුබිමෙහි ක්‍රියාත්මක විය යුතුය. නමුත් නවීන තාක්ෂණය හෝ පනත් හෝ රෙගුලාසි පුරවැසියා වෙනුවෙන් සේවයක් ඉටු නොකරන්නේ නම් ඒ සියල්ල නාරාහේන්පිට කුණු ඇළට විසිකර දමා පරණ පුරුදු ක්‍රමය ඇති කිරීම වඩා යහපත්ය.

-සැකසීම
චානුක වත්තේගම

Google Buzz

පසුගියදා පවත්වන ලද ජනාධිපතිවරණය හා සම්බන්ධ එක් සුවිශේෂී සිදුවීමක් වූයේ ඉන් දෙවන ස්ථානයට පත් ජනරාල් සරත් ෆොන්සේකාට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පවා අහිමි වීමයි. ඔහුගේ නම ඡන්දදායකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී නැත්තේ යම් ‘තාක්ෂණික දෝෂයක්’ (technical error) නිසා බව කියැවිණි.

මෙහි පසුබිම මම නොදනිමි. එහෙත් මේ සිද්ධිය ඉතා වැදගත් කාරණයක් හෙළි කරයි. එනම් අපේ රටේ ඡන්ද දායක ලැයිස්තුවල මේ රටේ අවශ්‍ය වයස සම්පූර්ණ කළ පුරවැසියන් යම් පිරිසකගේ නම් නොමැති බවය. වෙනත් විදියකින් කිව්වොත් ‘තාක්ෂණික හේතූන්’ නිසා තම නම ඡන්ද දායක ලැයිස්තුවට ඇතුළුකොට නොගැනීමට ලැබීමෙන් යම් පිරිසකට සිය මූලික අයිතියක් වන ඡන්ද බලය පවා අහිමි වන බවය. සංඛ්‍යාත්මකව මේ පිරිස කෙතෙක් විශාල දැයි මම නොදනිමි. එහෙත් ජනරාල් ෆොන්සේකා මුහුණ පෑ අවස්ථාව කලාතුරෙකින් කෙනකු මුහුණ දෙන අහඹු සිද්ධියක් විය නොහැකිය.

ඡන්ද ලැයිස්තුවල හා සැබෑව අතර ඇති පරස්පරය නිසා අවුල් ඇතිවූ මුල් අවස්ථාව මෙය නොවේ. 2006 දී කොළඹ නගරසභා මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ප්‍රතික්ෂේප වූයේ එහි එක් අපේක්ෂකයකුගේ නම ඡන්ද දායක ලැයිස්තුවේ නැති නිසාය. එහෙත් ඒ අපේක්ෂකයා දහ අට වන විය සපිරූ තරුණයෙකි. මෙහිදීද සිදුව ඇත්තේ ලැයිස්තු සෑදීමේ ඇති අකාර්යක්ෂමතාව විසින් සැබැවින්ම ඡන්ද අයිතිය ලැබිය යුත්තකුට එය ලබා නොදීම තුළ ඇතිවූ ව්‍යාකූල තත්ත්වයයි.

එසේම ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුළදී මේ සම්බන්ධව ඇති වූ කතා බහේදී පැහැදිළි වූයේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් අදාළ මැතිවරණය සඳහා භාවිතා කරන ලද්දේ අඩු තරමින් වසරකට වත් ඉහත පිළියෙළ කරන ලද ලැයිස්තුවක් බවය. එවැන්නක් කෙතෙක් සම්පූර්ණ විය හැකිද? අදාළ වසර තුළ දහ අටවන විය සම්පූර්ණ කරන තරුණ තරුණියක් කිසිවකුගේ නම් ඊට ඇතුළත් නොවේ. එසේම එම වසර තුළ මියයන හෝ විදේශ ගතවන (එනිසා ඉවත් කළ යුතු ) පිරිසගේ නම් ඊට ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ අනෙකුත් සංඛ්‍යාලේඛන හා සන්සන්දනය කොට බැලීමෙන් මේ තුන් පිරිස ලක්ෂ හතක් පමණ වේ යැයි උපකල්පනය කළ හැකිය.

මීට අමතරව තවත් කාරණාවක් මේ ලැයිස්තුව අසම්පූර්ණ කරයි. ඒ එකම පුද්ගලයාගේ නම තැන් දෙකක ලියා පදිංචි වී තිබීම නිසාය. දත්ත පරිගණක ගත කොට තිබියදීත් මෙසේ වන්නේ කෙසේද මම නොදනිමි. අද කෙසේවෙතත් එක් යුගයක මෙරට එකම හැඳුනුම්පත් අංකය ඇති කිහිපදෙනකු සිටි බව නම් මම වෘත්තීය අත්දැකීමෙන් දනිමි.

මේ සියල්ලෙන් බැස ගත හැකි නිගමන කිහිපයක් වේ. එනම් හුදෙක් ඡන්ද ලැයිස්තු පිළියෙළ කිරීමේ ක්‍රමයේ ඇති දෝෂයන් හා අකාර්යක්ෂමතාව නිසාම ඡන්ද බලය හිමිවිය යුතු යම් පිරිසකට එය හිමි නොවන බවය. අනෙක් අතට ඡන්ද බලය හිමි නොවිය යුතු පිරිසකගේ නම් ඊට ඇතුළු වීමෙන් යම් මට්ටමක ඡන්ද දූෂණවලට මඟ පාදන බවය.

අවාසනාවන්තම කාරණාව මේ රටේ තොරතුරු තාක්ෂණය මේතරම් ඉහළින් භාවිතා වන්නේය කියන යුගයක මෙවැනි දේ සිදු වීමයි.

රාජ්‍ය අංශය තුළ තොරතුරු තාක්ෂණය භාවිතාව ගැන කතා කිරීමේදී ඒ සම්බන්ධව කේන්ද්‍රීය වගකීම් හිමි තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) කාර්යභාරය සාකච්ඡාවට ලක්වීම නොවැළක්විය හැකිය. තම ආයතන තුළ කටයුතු පරිගණකකරණය කිරීම ඒ ඒ රාජ්‍ය ආයතනයේ වගකීම මුත් සමස්ත රාජ්‍ය අංශය ඒ මට්ටමට ඔසවා තබන දැක්ම තීරණය කිරීම එම ආයතනයේ වගකීම නිසාය.

ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු හා ආණ්ඩු ප්‍රතිනිර්මාණය (Re-engineering Government) පිළිබඳ දැක්ම පිළිබඳව කතා කිරීමේදී ප්‍රධාන වූ පුද්ගලයන් දෙදෙනෙක් වෙති. දැනට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ආණ්ඩු ප්‍රතිනිර්මාණය පිළිබඳ අධ්‍යක්ෂක වසන්ත දේශප්‍රියයි. මේ දෙදෙනාම දීර්ඝ කාලයක් ආණ්ඩුවේ පරිපාලන සේවයේ නිරතවූ පළපුරුදු නිලධරයන්ය. එසේම දැනට ජනාධිපති ලේකම්වරයා පරිපාලන සේවයේ උසස් නිලධරයකු හැටියට පූර්ව-පරිගණක යුගයන්හීදී පවා රජයේ ආයතන වල කටයුතු පුරවැසියන්ට පහසුවෙන් කරගත හැකිවනසේ කරන ලද ප්‍රගතිශීලී වෙනස්කම් රාශියකට මුල් වූවෙකි. (උදා: දශක කිහිපයකට ඉහත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියා පිළිවෙල ප්‍රතිනිර්මාණය කිරීම) ඔවුන් රටට සේවය කිරීමේ පැහැදිළි උවමනාවක් හෙවත් ‘උණක්’ ඇති, නම්‍යශීලී, හැමවිටම අනුන්ට කන්දෙන නිලධරයන් බවටද සැක නැත. මේ දෙදෙනා සමඟම මම රාජකාරි කොට ඇත්තෙමි. පුරවැසියකු හැටියට ආණ්ඩුවේ සේවාවන් ලබා ගැනීමේදී මට මුහුණ දෙන්නට සිදුවූ යම් යම් මෙහෙයුම් ගැටළු (Operational issues) පිළිබඳව පුද්ගලිකව මා නැඟූ අඳෝනා වලට කන් දීමට පමණක් නොව මගේ නිරීක්ෂණ මත ගත යුතු ක්‍රියා මාර්ග ගත් බවද මෙහිදී සඳහන් කරන්නේ කෘතඥපූර්වකවය.

එහෙත් අවාසනාවකට මෙන් ආණ්ඩු සේවයේ ඔවුන් ලද දීර්ඝකාලීන අත්දැකීම් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පුළුල් කිරීමට මෙන්ම එය සීමා වීමටද හේතුවී ඇත්තේය. ආණ්ඩුවේ නිලධර දැක්ම අනිවාර්යයෙන්ම පුරවැසි අවශ්‍යතා සමඟ සම්පාත විය යුතු නොවේ. සමහරවිට මේ දෙක අතර විශාල හිඩැසක් තිබිය හැකිය. පුරවැසියකු හැටියට රාජ්‍ය පාලනය කිරීමේ ක්‍රියාවලියන්ට තොරතුරු තාක්ෂණය නිසිසේ බද්ධ නොවීමෙන් විශ්ලේෂණය කිරීම මේ ලිපියේ අරමුණයි. මෙහෙයුම් ගැටළු නොව ඊට ඉහළ තලයක දැක්ම ගැන කතාකරන හෙයින් එය රටේ අනෙකුත් පුරවැසියන් සමඟ බෙදාහදා ගැනීමේ අවශ්‍යතාවය මම දකිමි. මේ නිර්මාණාත්මක විවේචනයට මා යම් දවසක මේ වැඩ සටහනේම කොටස්කරුවකු වී සිටීම බාධාවක් සේ මම නොදකිමි.

ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන ආරම්භ වන්නේ එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ උත්ප්‍රේරණයෙන් ලෝක බැංකු ව්‍යාපෘතියක් සේ 2002දීය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය මත ආණ්ඩු සේවා ප්‍රතිනිර්මාණය කිරීම තුළින් වඩා පහසු, ඉක්මන් සේවාවන් පුරවසියාට ලබා දීම තුළින් පුරවැසියා සවිබල ගැන්වීම මෙහි එක් සංරචකයක ප්‍රධාන අරමුණ වේ. මගේ මතකය නිවැරදිනම් සම්පූර්ණ ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන සඳහා වෙන් කරන ලද ලෝක බැංකු ණය මුදල ඩොලර් මිලියන 50 (රුපියල් කෝටි 500) වන අතර ඉන් ඩොලර් මිලියන 11ක් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංරචකය සඳහාය. පසුව ආණ්ඩුවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනාදිය සම්බන්ධ කරන දීප ව්‍යාප්ත පරිගණක ජාලයක් ගොඩ නැඟීම සඳහා තවත් ඩොලර් මිලියන 15ක කොරියානු ආධාරයක් ලැබේ.

ඊ-ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කරන ලද පළමු කාර්යයක් වන්නේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ආණ්ඩු සේවාවන් හඳුනා ගැනීම සඳහා වන උපදේශක ව්‍යාපෘතියකි. අද පවා ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම බොහෝ දුරට ගොඩ නැඟී ඇත්තේ (සුළු වෙනස් කිරීම් කිහිපයක් සහිතව) රනිල් වික්‍රමසිංහ යුගයේ ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතියේ උපදෙස් අනුවය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩුකිරීම පිළිබඳ මගේ අත්දැකීම් වලට අනුව, මේ ව්‍යාපෘතිය සිදුකරන ලද ආකාරයේ මූලික ලුහුඬුතාවක් මම දකිමි. මතකය නිවැරදි නම්, රුපියල් මිලියන විස්සක වියදමින් කරන ලද මෙහි එක් ප්‍රධාන භූමිකාවක් සම්පූර්ණයෙන් අමතකකොට දමා තිබේ. ඒ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ක්‍රමයක අවසාන ප්‍රතිලාභියා විය යුතු පුරවැසියාය. මේ උපදේශක කණ්ඩායම මොනම අවස්ථාවකවත් පුරවැසි අදහස් ලබා නොගනී. අනෙක් අතට එය දිගින් දිගටම අවධානය යොමු කරන්නේ නිලධර අදහස් කෙරෙහිය. මේ නිසා පුරවැසියා වෙනුවට නිලධරයා සවිබල ගැන්වෙන දැක්මක් නිර්මාණය වේ. මේ දැක්ම අනුව ගොඩ නැඟෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව නිලධරයකුට ජීවිතය බෙහෙවින් සැපපහසු එකක් කරයි. එහි වරදක් නැත. නමුත් අනෙක් අතට නිලධරයාට තම ජීවිතය සුව පහසු කර ගැනීමට අවකාශය ලැබෙන්නේ පුරවැසියා මත පටවන ලද අමතර බරක් නිසා නම් එය අපේ අවධානයට බඳුන් විය යුතුය.

ඡන්ද ලැයිස්තු සකස් කිරීමේදී සිදුවන ව්‍යාකූල තත්වයන්ටද මෙය අදාළය. කොයිතරම් පරිගණක සන්නිවේදන තාක්ෂණය භාවිතාකළද තවමත් ඡන්ද ලැයිස්තු පිළියෙළ කිරීමේ කාර්යය වන්නේ නිලධරයාට පහසු විදියටය. නැතිව පුරවැසියාට ඕනෑ ආකාරයට නොවේ.

ඡන්ද හිමියන්ගේ නාම ලේඛනය තවමත් ග්‍රාම නිලධාරින් හරහා ලබා ගැනෙන්නේ පුරවැසියන් සපයා දෙන දත්ත මත පදනම්වය. මේ ක්‍රමය යටත්විජිත යුගයේ සිටම පැහැදිළිව වෙනස් වී නැතැයි සිතමි. මේ දත්තයන්ගේ සම්භවය පුරවැසියා වන නිසා ඒ සැකසීමේදී වන වැරදි වලින් නිලධරයන්ට අත සෝදා ගැනීමට හැකිය. උදාහරණයක් හැටියට වැරදීමකින් යම් ඡන්දදායකයකුගේ නම ඇතුළත් කිරීම මඟ හැරුනොත් එය යළි ඇතුළත් කිරීමක් සිදු නොවේ. (ස්ථාන දෙකක වසන්නන් සම්බන්ධයෙන් මෙය සුලබව සිදු විය හැකි වරදකි.) එසේම පදිංචිය මාරු කිරීමේදී නව පදිංචි ස්ථානයට අදාළ ග්‍රාම නිලධරයා අතින් පෝර්මයක් නොලැබුණේ නම්ද ඡන්ද ලැයිස්තුවට නම ඇතුළත් නොවීමේ ඉඩක් පවතී. අතරමැදි ක්‍රියාවලියේ වැරදි කා අතින් සිදුවුවද අවසානයේ සියළු වැරදිවල පව් ගෙවීමට සිදුවන්නේ පුරවැසියාටය. නිලධරයෝ ඒ සම්බන්ධව කිසිම වගකීමක් නොගනිති.

මෙහිදී අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය මේ පරිගණක යුගයේ පවා මේ කාර්යය වඩා කාර්යක්ෂ්ම ලෙස, පුරවැසියාට වඩා ඵලදායක ලෙස සිදුකළ නොහැකිද යන්නය. කළ හැක්කේ කෙසේද කියා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අදහස් නොකළත් අනිවාර්යයෙන්ම මෙය පරිගණක සන්නිවේදන තාක්ෂණය භාවිතා කොට ඉතා පහසුවෙන් කළ හැකි බව පමණක් කිව යුතුය. ලෝකයේ වෙනත් බොහෝ රටවලින් ඒ සඳහා උදාහරණ සැපයිය හැකිය.

2010 නොව 2005 ජනාධිපතිවරණයට නිකුත්කළ මහින්ද චින්තන වැඩ පිළිවෙලෙහි තොරතුරු තාක්ෂණය රාජ්‍ය පාලනය ක්‍රමවත් කිරීමට යොදා ගැනීම ගැන මෙසේ සඳහන් වේ.
විදුලි සංදේශ සේවා සහ තොරතුරු සන්නිවේදන සේවා දිවයින පුරා ප්‍රචලිත කිරීමට අවශ්‍ය වන දීප ව්‍යාප්ත යටිතල පහසුකම් ජාලයක් ඇරඹීමට කටයුතු සලසනු ඇත.
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණය උපයෝගීකර ගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ව්‍යුහය මඟින් සපයනු ලබන සේවාවන් කාර්යක්ෂම අයුරින් හා කඩිනමින් ජනතාවට ලබා දීමට අවශ්‍ය පහසුකම් යොදනු ඇත.
කාලයක් තිස්සේ අඩුවක්ව පවතින සංඛ්‍යාන දත්ත පද්ධති, හදිසි ආපදා සේවා පද්ධති, හා භූ විෂමතා සේවා පද්ධති ගොඩ නැඟීම සඳහා නොපමාව ක්‍රියා කරමි.
මින් සමහරක් සාර්ථකව ඉටුවී ඇත. විශේෂයෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලද ඇතුළත්ව රාජ්‍ය ආයතන ගණනකට පරිගණක හා සන්නිවේදන උපකරණ සපයා තිබේ. සන්නිවේදන ජාලද ගොඩ නැඟී ඇත. නමුත් මේ පද්ධති කිසිවක් තවම පුරවැසියා වෙනුවෙන් සේවය කරන බවක් නොපෙනේ. මේ පද්ධතීන් පුරවැසියා වෙනුවෙන් සේවය කරන්නේ නම් මෙවැනි සරල වැරදි සිදු විය නොහැකිය. තාක්ෂණය හා පුරවැසියා අතර යා කළ නොහැකි පරතරයක් ඇති බව පමණි අපට පෙනෙන්නේ.

මෙය ඉටු නොවීමේ ප්‍රධාන ගැටළුව සේ මා දකින්නේ තාක්ෂණය නොමැති වීමවත් (නැතොත් ඒ සඳහා මුදල් නොමැති වීමවත්) තෝරාගනු ලැබූ තාක්ෂණයේ ඇති වරදක් වත් නොව මේ විසඳුම් තුළින් තවමත් පුරවැසියා සවිබල නොගැන්වීමය. ඊට අවශ්‍ය වන්නේ අළුතින් පරිගණකකරණයක් නොව ක්‍රියාවලිය වෙනස් කිරීමකි. (Process change) නිලධරයා සවිබල ගැන්වීම යහපති. එහෙත් ඒ සිදුකිරීමේ මූලික අරමුණ විය යුත්තේ පුරවැසියාට අවශ්‍ය සේවාවන් ලබා දීම පිණිසය. මෙහිදී කේන්ද්‍ර විය යුත්තේ නිලධරයා නොව පුරවැසියාය. පද්ධති සකස් විය යුත්තේ නිලධරයන්ට නිදහසට කාරණා ඉදිරිපත් කිරීම පහසු කිරීමට නොව පුරවැසියාට අවශ්‍ය සේවාවන් සැපයීම පිණිසය. එසේ නැතිව නිලධරයා පමණක් සවිබල ගැන්වෙන දැක්මක් තුළින් සිදුවනු ඇත්තේ කොටිතරම් පරිගණක භාවිතාවන පරිසරයක් තුළ වුවද පුරවැසියාට ඉන් ප්‍රතිලාභයක් අත් නොවීමයි.

සැකසීම
චානුක වත්තේගම

Google Buzz

12414040159QAJ1l

දැන් හැමෝම දුරකථන භාවිතා කරනව. ඒ කියන්නෙ ජංගම දුරකථන. මේවා භාවිතා කරද්දි තමන් ගැනත් හිතුවාද. සමහරු කියනව ඉස්සර දුරකථන වගේ දැන් ඒවගෙන් ඇගට අවුලක් නෑ කියල. ඒක යම්තාක් දුරට ඇත්ත සම්මත තත්ව යටතේ. නමුත් සාමාන්‍ය භාවිතයේදී කොහෙමද අපේ ඇගට මේක බලපාන්නෙ. සාමාන්‍යයෙන් SAR කියන තත්ව සහතිකය හැම දුරකථනයත් සමගම (නියම සමාගම් වලින් හදන) එනවනෙ. ඒත් මේක භාවිතයේදී වෙනස් වෙනව කියල දන්නවද. මේ ගැන කීර්ති සර් අපිව දැනුවත් කලාළ මට හිතුන අනිත් අයටත් ඒ ගැන කියන්න. හරි මුල ඉදන් පටන් ගම්මුකො

ඉස්සර දුරකථන ඒ කියන්නෙ GSM තාක්ෂණය එන්න පෙර අපේ රටේ භාවිතා කලේ ඇනලොග් දුරකථන. ඒ කියන්නෙ ඒව භාවිතා වෙන්නෙ UHF හා VHF කියන තරංග. මේවාගෙන් ඇගට කියන්න තරම් හානියක් නෑ. ඒත් මේ දුරකථනයකින් ඇමතුමක් ගැනීමේදී එය ඉතා ප්‍රබල සංඥාවක් නිකුත් කරනව. ඒ කුලුණක් අල්ලා ගැනීමට. ඒ ඇනලොග් දරකථන වල ලගම සංඥා එන කුලුණ හදුනාගැනීමේ පහසුකම (අපේ දුකථන වල සංඥා එන කුලුනේ නම වැටෙන්නෙ) නැති නිසා බොහෝ දුරයන සංඥා නිකුත් කරලයි කුල්ණක් අල්ල ගන්නෙ. දැන් වගේ ඉස්සර එක කුලණකට බොහෝ ග්‍රාහකයින් සංඛ්‍යාවක් දැරීමට නොහැකිවීමත් එක හේතුවක්.

ඒත් දැන් තියන් GSM හා ඉන් පසු ආපු දුරකථන වල මේ අවුල නෑ. එයා නිතරම කුඩා සංඥා නිකුත් කරල ලගම ඇති කුලුණ හදුනගන්නවනෙ. හැබැයි එහෙම නිකුත් කලානම් මෙලහකට අපි නෑ. ඒත් මෙම සේවාව තිබ්යි කියල අපි ආරක්ෂිත නෑ. ඉස්සර ඒවා VHF නිසා අවුලක් නෑ. ඒත් දැන් ඒවා භාවිතා කරන්නෙ මයික්‍රෝ වේවි දන්නව ඇතිනෙ මයික්‍රෝ වේව් අවන් ගැන. ඒ ආසන්න සංඛ්‍යාතයක් තමා ජංගම දුරකථන වල භාවිතා වෙන්නෙ. ඒත් මේවගෙ ප්‍රබලත්වය ඉතා අඩුයි. ඒක නිසා මිනිස් සිරුරට ලොකු හානියක් නැ.

ඒත් සාමාන්‍යයෙන් තියෙද්දි හානිය අවමයි. හැබැයි මේව යම් යම් අවස්ථාවලදි ප්‍රබලත්වය යම්තාක් දුරට වැඩි කරනව. වැඩි පුරම එහෙම වෙන්නෙ ඇමතුමක් ගනිද්දි. ඒ කියන්නෙ ගන්න හැම වෙලේම නෙවේ. Calling කියන වෙලාවෙ. දැන් දුරකථන වල මේක හදුනගන්න පුලුවන් ලේසියෙන්. ඇමතුමක් ගද්දි Calling කියල වැටිල සම්බන්ධ උනහම වෙනස් වෙනව. ඒ කියන්නෙ අපි ඇමතුමක් ගන්න හදද්දි දුරකථනය ජාලය සමග සම්බන්ධ වෙන වෙලාව. රින්ග් යන්න කලින්. ‍‍මේ වෙලාවට මෙයාට පුලුවන් උපරිම ශක්තිය යොදනව ජාලයේ කොනක එල්ලෙන්න. බොහෝ අපේ අය කරන්නෙ Dial කී එක ඔබපු ගමන් කනේ තියා ගන්නව. ඒක අති භයානකයි. මොකද උපරිම ප්‍රබලත්වයෙන් සංඥා නිකුත් වෙද්දි කනේ තිබ්බහම. හරියට මොලේ ගලවල මයික්‍රෝ වේව් අවන් එකකට දුම්ම වගේ තමා. ඒකට හොදම පිලිම අදාල පාර්ෂවය උස්සනකම් කනේ දුරින් තියාගන්න එක. අතේ වගේ. හැකිනම් හලෝ කියනකම් ලවුඩ්ස්පීකර් යොදාගෙන තියාගන්න. ඉස්සුවහම කනේ තියාගන්න. ඒක තමා හොදම ක්‍රමය. නැතිනම් හෙඩ්සෙට්.

මේ විදිහට සංඥා ප්‍රබලත්වය වැඩි කරන අවස්ථාවක් තමා තමා ඉන්න තැන සංඥා අඩුයි නම් දුරකථනය උපරිම ප්‍රබලත්වය භාවිතා කරනව හොද ඇමතුමක් ලබාදීමට. හරියට දුර ඉද්දි ඇහෙන්නෙ නැති උනහම අපි කෑ ගහන්නෙ. ඒ ව‍ගේ. අනිත් ප්‍රධාන අවස්ථාව තමා බැටරිය බැහැපු අවස්ථාවල.

ප්‍රධාන වශයෙන් මේවාගේ අවස්ථාවල උපරිම සංඥා භාවිතා කරනව. හැබැයි SAR තත්වය යටතේ නිපදවන භාණ්ඩවල උපරිම සංඥා ප්‍රබලත්වය 2watt විතර. ඒ සාමාන්‍යයෙන් භාවිතා වෙන්නෙ 0.002watt විතර. ඒත් අරවගේ අවස්ථාවල මේක වැඩි වෙනව. ඒ වොට් 2 ඇති ඒක දිගට හානියක් කරන්න. Microwave Oven වල මේකෙ ප්‍රබලත්වය 2000watt ට ආසන්නයි. ඒත් මේකෙන් දිගටම මෙහෙම වෙදිදි එකපාර අවන් කලා වගේ නෙවේ හරියට ටික ටික අවන් එකෙන් මොලේ පුච්චනව වගේ තමා. මොකද මුලදි අපිට තේරෙන්නෙ නෑ මේ‍ක. අපි අව්ව දිහා බලන්න හොද නෑ කීවට බැලුවට අවුක් නෑනෙ. ඒ මුල් අවස්ථාවලදී. එහෙම එක දිගට බලද්දි ටික ටික ඇහේ ස්නායු පිච්චිලා පස්සෙ හුගක් කල් ගියහමයි තේරෙන්නෙ. මේ විදිහට සංඥා බලපාද ඒකෙදිත් දකුණු පැත්තෙ කනෙන් තියන් භාවිතා කිරීම ‍හොදනෑ. මොකද දකුණු මොලේ වම් මොලේට වඩා සංවේදී.හ ඒක නිසා සිදුවෙන හානිය වැඩී සාමාන්‍යය වෙලාට ඇමතුමේ ඉද්දිත් හැකි තරම් වම් කන භාවිතා කරනවම් හොදා.

ඒ වගේම තමා ඔය ව්‍යාපාර කරන අය විශේෂයෙන් මල් කඩන අය පැය ගන්න දුරකථනයේ එල්ලිලා ඉන්නව. අලෙවි ප්‍රවර්ධක වරු හෙල්මට් එක ඇතුලේ දුරකථනය දාගෙන යනව. හිතාගන්නකො බලපෑම. මේවට තමා ලූප්සෙට්, හෙඩ්සෙට් තියෙන්නෙ. ඒකෙන් දුරකථනය මොලයෙන් ඇත් කරල තියාගන්න පුලුවන්නෙ. ‍

සාමාන්‍යයෙන් Microwave අවන් වල 2450Mhz ට ආසන්න සංඛ්‍යාතයක් භාවිතා වෙනව. ඒ වගේම තමා අපේ දුරකථන වලත් 900Mhz සිට 2100Mhz දක්වා භාවිතා වෙනව. ඒත් 900 ත් 2450 ත් හානියෙ ලොකු වෙනසක් නෑ. දුරකථන හදන සමාගම් එක එක ඒව කියන. ඒත් අපි ගැන හිතන්න ඕනෙ අපිනෙ. SAR කියන තත්ව සහතිකයෙන් යම්තාක් දුරට ප්‍රබලත්වය සීමාකලත් ඒක යම්තාක් දුරට හෝ තියනවනෙ. විශේෂයෙන් එකපාර සිම් දෙකක් භාවිතා කරද්දි… හිතාගන්‍නකො. මොකද ඉක්මනට මොලේ පුච්චගන්න හදන්නෙ. දැන් ඔය ප්‍රමිතියක් නැතිව එන චීන දුරකථන නියමිත සමාගම් වලින් නෙවේනෙ හදන්නෙ. ඉතින් මේවගෙ මේ තත්ව සහතිකය තියනවද? සමහරු සිග්නල් වැඩි දුරකථන, ඩුවල් සිම් හොයන්ව… හිතල බලන්න කොහොමද කියල.

ඒක නිසා හැකිතරම් ස්ථාවර දුරකථන භාවිතා කරන්න. නැතිනම් හෙඩ්සෙට් වගේ ඒව භාවිතා කරන්න. දුරකථනයක් ඇගේ රදවාගැනීමේදිත් යට සාක්කුව හොද නෑ. මගෙ මතය හැටිය‍ටනම් උඩ සාක්කුවක් හෝ පිටුපස් සාක්කුවයි හොදම.

Google Buzz

avuruduඔබ සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

Google Buzz

අද අපේ පාසලේ සමස්ථ ලංකා බෞද්ධ පාසැල් එමුතුවේ හතරව්‍න එකමුතුව පැවැත්වුවා. ඒකට ආගමික ක‍ටයුතු අමාත්‍යාංශයේ ජනාධිපති උපදේෂක අශෝක මැනික්ගොඩ මැතිතුමා විශේෂ ‍දේශණයක් කලා. මාගේ හැගීමනම් මේ කථාව හැම කෙනෙක්ම අහන්න ඕනි කියලයි

ඒ ක මෙතනින් බාගන්න. මෙතන පෙන්නපු ජායාරූප හා හඩ පටය තියනව

click here

Google Buzz

මීට දින කීපයක සිට මාගේ සේවාදායකය මාරුකිරිම නිසා ඇතිවු දෝෂ නිසාත් DNS දත්ත යාවත්කාලීන වීමේ ගැටලු නිසාත් මාගේ අඩවිය බොහෝ දෙනාට පරිශීලනයට නොහැකිවිය. මේ නිසා සිදුවු දෝෂ ගැන මාගේ කණගාටුව. මෙය සමහර රට වල මෙන්ම සමහර සේවා දායකයන්ගේ පමණක් දෝෂ සහගත වුනු අතර මෙම දෝෂ දැන් නිරාකරනයවී ඇතැයි මා සිතමි.
මෙම දෝෂ හටගත් මොහොතේ සිට මා හට උදවුකල හර්ෂණ අයිය, චානුක වත්තේගම මහතා, සමන් මහතා ඇතුලු නන් අයුරින් උදව්කල සියලු දෙනාට මා ස්තුතිවන අතර එම දෝෂ ගැන බ්ලොග් කියවන්නන් දැනුවත් කල චරිත අයියටත් මගේ ස්තුතිය (මෙතනින් බලන්න)

Google Buzz

ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පුවත්පත් හරහා පල කර තිබු ලංකාවේ කෙටි දුරකතන අංක පිලිබද විස්තරය.

110
හදිසි ගිනිනිවීම හා හදිසි අනතුරැ ගිලන්රථ සේවා සදහා

ගිනි නිවීම් සේවා – කොළඹ සහ මහනුවර
ගිලන්රථ සේවා – කොළඹ කුරැණෑගල හා ගාල්ල මහනගර සභා බල ප්‍රදේශ

114
යුධ හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය

කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් පිලිබද තොරතුරැ ලබාදීම

115
කොළඹ නගර සභා මෙහෙයුම් ඒකකය

කොළඹ මහනගර සභා ප්‍රදේශයේ කැලිකසල සහ ඒ හා සම්බන්ධ තොරතුරැ ගැනීම

116
ගුවන් හමුදා ඇමතුම් ඒකකය

සැක සහිත ගුවන් යානා පිලිබදව තොරතුරැ ලබාදීම

118
ජාතික ආරක්ෂාව පිලිබද මෙහෙයුම් මධ්‍යස්ථානය

ජාතික ආරක්ෂාව පිලිබද තොරතුරැ

119
පොලිස් හදිසි සේවා

හසිදි මහජන පැමිණිලි

*ඉහත අංක සදහා ඇමතුම් ගාස්තු නිදහස් වේ

1900
විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව

විදුලි සංදේශන සේවාවන් පිලිබද පැමිණිලි

1912
සංචාරක කටයුතු අමාත්‍යංශය

සංචාරක පැමිණිලි

1919
රාජ්‍යය තොරතුරැ කේන්ද්‍රය

රාජ්‍යය ආයතන පිලිබද තොරතුරැ

1920
කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය

කෘෂිකර්මාන්තය ආශ්‍රිත තොරතුරැ විමසීම

1929
ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය

ළමා අපයෝජන හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම

1939
ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය

ජල සම්පාදනයට අදාල ගැ‍ටලු විසදීම

1954
අල්ලස් හෝ දූෂණ චොදනා විමර්ෂණ කොමිෂන් සභාව

අල්ලස් හා දූෂණ පිළිබද පැමිණිලි

1973
ශ්‍රී ලංකා ගුවන් සේවය

ගුවන් සේවාවන් පිළිබද තොරතුරැ ලබාගැනීම

1991
පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය

පරිසර හා ස්වාභාවික සම්පත් ආශ්‍රිත පැමිණිලි

*1929 අංකය සදහා ඇමතුම් ගාස්තු නිදහස්වේ

Google Buzz

දැන් පුලුල්පරාස සබතාවල මිලගණන් සීග්‍රයෙන් අඩුකර ඇත. අඩුකිරීමෙහි ලා මුල්තැන ගන්නෙ ජංගම පුලුල් පරාස සේවා සපයන්නන්ය. ඔවුන් තම ඇමතුම් ගාස්තු මෙන්ම GPRS ගාස්තුද අඩුකර ඇත. ඒ අනුව උපරිම පසුගෙවුම් හිමියන්‍ට මෙගාබයිටයක් ශත 50 බැගින් ලබාගත හැකිය. එමෙන්ම 1Mbps ක වේගයක්ද ලබාගත හැකිය.

එසේ බලන විට මොබිටෙල් සමාගම ලබාදෙන Zoom 490 පැකේජය මිලදීගන්නෙකුට මෙගාබයිට් 750 ක නොමිලේ සැරිසැරීමේ භාවිතයක් හිමිවේ. ඔවුට ගිගාබයිට 1Mbps ක සැරිසැරීමකට වැයවන්නෙ 490+125=615/- කි. එමෙන්ම Zoom 890 පැකේජ හිමියෙකුට ගිගාබයිට් 2ක් සදහාම වැයවන්නේ රැ 890/- ක් පමණි. එසේම ඔවුන් ලබාගන්නා අමතර මෙගාබයිටයකට ශත 50ක් මෙන්ම එය අයකරනුයේද මෙගාබයිට් 10 කාණ්ඩ වශයෙනි. එනම් රු 5/- බැගිනි

නමුත් මුලින්ම අඩුමුදලට පුලුල් පරාස ලබාදුන් ටෙලිකොම් ආයතනයේ මිලගනන් මෙයට වඩ දැන් වැඩිවී ඇත. මුලින් අඩුවට තිබුනද අනෙක් සේවාසපයන්නන් මිලගනන් පහත දැමීම නිසා ටෙලිකොම් මිලගනන් වැඩිව පෙනේ. ඉන් විශේෂයෙන්ම අසාධාරණය වන්නෙ මාසික ගාස්තුව රු 1000/- ගෙවන ටෙලිකොම් පුලුල්පරාස පාරිභෝගිකයන්ටය. ඔන්ට ගුණාත්මක සේවාවක් ලැබුනද රු 1000/- ට ඔන්ට නොමිලේ ලබාගත හැක්කේ 1GB ක භාවිතයක් පමණි. එය ඉක්මවන විට මෙගාබයිටයට රු 1/- බැගින් අයකරන අතර ඒ අයකිරීමද සිදුකරන්නේ මෙගාබයි‍ට් 250 ක කාණ්ඩ වශයෙනි. එනම් රු 250/- බැගිනි.

එමෙන්ම ටෙලිකොම් භාවිතා කරන්නන්ට ඇති අනෙක් අවාසියනම් වේගයයි. ඔන්ට උපරිමය 512 Kbps ක වේගයක් ලබාගත හැකි උවත් මොබිටෙල් පාරිභෝගිකයන්ට 1024 Kbps ක වේගයක් ලබාගත හැකිය. මේ අතරින් මොබිටෙල් පාරිභෝගිකයාට අවාසි නැතුතාම නොවේ. ටෙලිකොම් නිවාස සදහා දෙන පැකේජය හා සැසදීමේදී මොබිටෙල් පාරිභෝගියන්ට භාවිතා කිරීමේ සීමා තිබේ. එමෙන්ම මෙම වේගයන් ලබාගැනීමට හොද ආවරන කලාපයක මෙන්ම 3 කලාපයක සිටිය යුතුය. නැතිනම් හොන්ද ගුනාත්මක සේවාවක් ලබාගත නොහැකිය.

එහෙත් ටෙලිකොම් පාරිභෝගිකයන්ට එම ගැටලු නැත. ඔවුන්ට දිනයේ ඕනෑම වේලාවක ආසන්න වශයෙන් පැකේජ වේගයම ලැබේ. බිද වැ‍ටීම් අවමය. එමෙන්ම භාවිතා කිරීමේ සීමා නැත. එසේම මොබිටෙල් පාරිභෝගියන්ගෙන් අයකරන බදුමුදල ටෙලිකොම් මෙන් ආසන්න වශයෙන් 190%කි. එනම් ටෙලිකොම් සමාගම තම පාරිභෝගිකයාගෙන් 15% කට ආසන්න බදු මුදලක් අයකරන විට මොබිටෙල් සමාගම ආසන්න වශයෙන් 28%කට වැඩි බදුමුදලක් අයකරයි.

මේ ආකාරයෙන් ඇමතුම් හා අන්තර්ජාල සේවාවන්ගේ මිල විශාල වශයෙන් අඩු උවත් ටෙලිකොම් සමාගම තම ඇමතුම් මිල හො අන්තර්ජාල මිල ගනන් අඩුකර නැත. ඒ අනුව මීට වසර කීපයකට පෙර පැවත් තත්වයක් එනම් ජංගම දුරකථන මිලට වඩා ස්ථාවර දුරකථන මිල අඩුවීම යන සංකල්පය බිදීයන අතර ජංගම දුරකථන සේවා සපයන්නන් තම මිලගනන් අඩුකීරමින් තම තාක්ෂණය නිතර ඉහල දමමින් සිටී. නමුත් ටෙලිකොම් සමාගම පෙර පැවති මිලගණන් සමග බලාසිටි. එහෙත් ඔවුන් අන්තර්ජාතික ඇමතුම් ගාස්තුනම් අඩුකර ඇත

Google Buzz

ඇත්තෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුස්සෙක් වීම යනු සිසුන්ගේත් දෙමාපියන්ගේත් විශාල සිහිනයකි, බලාපොරොත්තුවකි. එහෙත් දැන් තත්වය වෙනස්ය. අ‍පගේ විශ්වවිද්‍යාල වලට සිසුන් යැවීමට දෙමාපියේ බියවෙති. සිසුන් අකමැතිවෙති.
මීට වසර කීපයකට පෙර රටේ හොදම අධ්‍යාපනය තිබුනේ විශ්විද්‍යාල තුලය. ඉන් බිහිවන්නෝ උගත් බුද්ධිමත් හැදියාවක් ඇති පිරිසක්ය.
නමුත් දැන් ……
මුලින්ම විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ විට එම සිසු සිසුවියන් නවක වදයට ලක්වෙති. මේ නවක වදය ඈත අතීතයේ සිටම පැවතුනත් දැන් එය අතීතයේ දෙන ලද්දේ විනෝදෙනි. ඉන් එම නවක වදයට ලක්වන සිසුන්ටද මානසික‍ හෝ කායික පීඩන නැත. එසේ කරනුයේ එම ප්‍රජාවට ගැලපෙන සේ නවක සිසුන් හැඩගස්සවා ගැනීමටය. එහෙත් දැන් හැඩගස්සවන්නේ සිරැරෙනි. ඒ බයිසිකල් චේන්, පොලු, මුගුරැ වැනි ආයුධ වල උදව්වෙන් මරණය හෝ බාගෙට මරණය අත්කර දෙමිනි.
ඉන්පසු අභ්‍යන්තර ගැටුම්ය. එහිදීත් සිසුන් දිවිදෙති, රෝහල් ගතවෙයි. ඒ අතර තුර පෙලපාලි හා උද්ගොෂණය. මෙම සිසුන්ට ඉගනීමට වඩා විසදීමට ඇත්තේ ලෝක ප්‍රශ්ණය.
මේ ආකාරයෙන් ඉගනීම සීමා වුනු විශ්වවිද්‍යාල ජීවිතය ඇත්‍තෙන්ම අමිහිරි කාලයකි. එම දෙමාපියන්ට දරැවන් යුද්ධයට ඇරියාටත් වඩා නිවසට එනතුරැ හිතේ සතුටක් නැත. එමෙන්ම පාසලෙන් ටිකක් හෝ හැදියාවක් ඇතිව විශ්වවිද්‍යාලය‍ට ඇතුලත්වන සිසුවා ඉන් එලියට එන්නේ කාඩයෙකු ලෙසය. ‍ඔහු මැරයෙකු‍ මෙන් සමානය.
මේ නිසා අද බොහෝ සිසුන් පාසැල් අධ්‍යාපනය අවසන් කර විදේශ ගතවෙයි. නැතිනම් පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙයි. එහෙත් නැතිබැරැ දෙමාපියන්ගේ දරැවන් එම දෙමාපියන්ට මෙම ‍බිල්ලට දීමට අකමැත්තෙන් හෝ සිදුවනු ඇත.

Google Buzz

දැන් ‍බොහෝ දෙනෙක් රන් දෙපැයට බොහෝ සේ දෝශාරෝපනය කරයි, එය නරබන්නන්ටද එ‍සේමය. ඇත්තෙන්ම එය විය යුතු දෙයක්. එහෙත් එම රන්දෙපැය නිසා ඇග බේරාගෙන තම අවශ්‍යයතාවයන් ඉටුකරගන්නා තව ප්‍රධාන එවැනිම නා‍ට්‍යය මාලාවකි. ඒ ස්වාධීන රෑපවාහිනිය හරහා විකාශය වන බ‍ට්ටී හා පබා නට්‍යය වේ. මේ නාට්‍යය මාලාවට රන් දෙපැය මෙන් නම් නැත. එහෙත් එහිත් රන්දෙපැයෙත් වැඩි වෙනසක් නැත.
එකම ආකාරයේ බොලද රසාස්වාදයක් උදෙසා නිර්මිත මෙම නාට්‍යය මාලාවෙන් අපේ බොහෝ දෙනා හොදට ගොනාට ඇදගෙන තිබේ. නමුත් රන්දෙපැයෙන් ගොන් රැල බේරාගැනීමට තැත් කලත් මෙම නාලිකාවේ නාට්‍යය ගැන කථාකිරීමක් නැත.
එකම දේ දිග් කර දිග් කර පෙන්වන මෙම නාට්‍ය වලට අපේ ජනතාව කොතරම් ‍ගොනාට ඇදත කියතොත් බොහෝවිට එම නාලිකාවේ වැඩිම මිල වෙලද දැන්වීම ප්‍රචාරය වන්නේ එම කාලය තුලය. ඇත්තෙන්ම මෙම කාලය තුල වෙලද දැන්වීම් මිස නාට්‍යය පෙන්වීමක් නැත. එක නාට්‍යයක් විනාඩි 40 ක් ලෙස ගතහොත් ඇත්තෙන්ම නාට්‍යය විකාශය වන්නේ විනාඩි 16.5 කට ආසන්න කාලයකි. එයිනුත් විනාඩි එක හමාරක් පසුගිය සතිය වෙනුවෙනි. ඉතින් එමනිසා නාට්‍ය විකාශය වන්නේ විනාඩි 15 කට ආසන්න කාලයකි. ඉතිරි විනාඩි 20 කටත් වැඩි කාලයක් වෙලදදැන්වීම් වලින් ආයතන ගිණුම් පුරවා ගනී.
‍එමෙන්ම මෙම ඇබ්බැහි වීම තුල අපි අපේම කාලයට, ජීවිතයට අමතරව මුදල් නාස්තියකි. මන්ද යත් මෙම නාට්‍යය මාලාවේ තප්පර 15ක වෙලද දැන්වීමකට දලවශයෙන් රැපියල් ලක්ෂයක් අයකරයි. තප්පර 30 ට රැපියල් ලක්ෂ දෙක හමාරකි. මේ ආකාරයට රැපවාහිනි ආයතන මුදල් ගරන අතරේ එසේ වෙලද දැන්වීම් ලබාදෙන වෙලද ආයතනත් ඒ වෙනුවෙන් විශාල මුදලක් වැයකරයි. දැනගත් ආකාරයට හෝර්ලික්ස් ආයතනය වෙලද දැන්වීම් වෙනුවෙන් දිනකට වැය කරන මුදල දල වශයෙන් රැපියල් මිලියන 15 කට වැඩිය.
නමුත් මේ ආයතන මෙසේ වැය කරන මුදලින් එම කිරිපිටි පැකට් එක රැ 10 කින් හෝ අඩුකර වෙලද පොලට නිකුත් කලේනම් එය වෙලද දැන්වීමට වඩා කොතරම් හිතකරද. නමුත් අපේ අය ඇදගෙන ඇති ආකාරයට එසේ නොකරයි. එමෙන්ම මෙම වෙලද දැන්වීම් මිල ඉහල දැමූ විට කිරිපිටි මිලත් ඉහල නගී.
මේවා අපි අපිම දාගන්නා තොප්පි ‍නොවේද?

- ගැරැවරයෙකුගේ දේශණයක් ඇසුරෙනි

Google Buzz
Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda’s Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions