Browsing Posts in Common

මේ ලගදි අප්පච්චිගෙ ෆයිල් අදිද්දි පරණ මුදල් කොල වගයක් හම්බඋනා. හුගදෙනෙක් මේව දැකල නෑ. මම දැකල තිබ්බෙත් නෑ ඒ වෙද්දි. ඒක නිසා අනිත් අයට බලාගන්න එකක් දාන්න හිතුන.

(New Currency Note – http://blog.malindaprasad.com/2011/01/28/new-currency-note/)

One Rupee Back

One Rupee Back

One Rupee

One Rupee

One Rupee Back

One Rupee Back

One Rupee

One Rupee

Two Rupee -1

Two Rupee -1

Two Rupee - 2

Two Rupee - 2

Two Rupee 3

Two Rupee 3

Two Rupee 3 Back

Two Rupee 3 Back

Two Rupee 3 - Back

Two Rupee 3 - Back

Five Rupee

Five Rupee

Five Rupee back

Five Rupee back

25 Cents

25 Cents

25 Cents Back

25 Cents Back

Rupee 50

Rupee 50

Rupee 50 Back

Rupee 50 Back

Rupee 100

Rupee 100

Rupee 100 - 2

Rupee 100 - 2

Rupee 100 -3

Rupee 100 -3

(FullQuality Images - https://picasaweb.google.com/malinda555/OldMoney)

දහයේ ගුණාකාර වලින් කියවෙන දේවල්, ඒව උච්චාරනය කරන ආකාරය සංහලෙන් හා ඉංග්‍රිසියෙන් ඇතුලත් කරල පොඩි වගුවක් හැදුව.
Number Chart

ලොකු කරල බලන්න පින්තූරය මත ක්ලික් කරන්න

අලුත් මුදල් නෝට්ටු වල නියම පින්තූර වගයක් සමන් රත්නායක මහතා Buzz කර තිබුනා. ඒව අන් අයටත් බලාගන්න එක්ක


රුපියල් 20
20


20


රුපියල් 50
50


50


රු 100
100


100


රු 500

500


500


රු 1000
1000


1000


රු 5000


5000

Cplus සගරාව සඳහා සැකසු ලිපියක්

අපි සාමාන්‍යයෙන් අපගේ රේඩියෝවෙන් කරන්නෙ සින්දු අහන එක. එනම් චැනලයකට සවන්දෙන එකයි. මෙසේ රේඩියෝවේ චැනල මාරුකිරීමක සිදුකරන්නේ අපගේ මතකයෙන්, නැතිනම් ස්කෑන් කිරීමක් මගින් තෝරාගත් සංඛ්‍යාතයන් වලටයි.

අලුතින් එන රේඩියෝ, දුරකථන හා සංගීත උපංග වල මෙම චැනල සේව් කර තබාගැනීමේ හැකියාවක් තියනව. අපට එම ලැයිස්තුවෙන් එම චැනල තෝරාගැනීමේ හැකියාව තිබෙනව.

එමෙන්ම Nokia දුරකථන සමඟ එන Visual Radio මගින් අප ප්‍රදේශයේ රේඩියෝ චැනලයන් ලැයිස්තුවත් ඒවාගේ සංඛ්‍යාතත් අන්තර්ජාලය හරහා සොයාගත හැකි.

එහෙත් මේ සියලලටම වඩා වෙනස් ක්‍රමයක් අපගේ රටෙත් දැනටත් භාවිතා වෙනව.  එමගින් අප තෝරාගත් චැනයේ නම හා දැනට ධාවනය වන වැඩසටහන හෝ සිංදුව ගැන තම තිරයේ බලාගැනීමේ පහසුව ඇත‍‍. ඒ තාක්ෂණයට කියන්නෙ RDS (Radio Data System)‍. යුරෝප‍යේ මුලින්ම භාවිතා කල මෙම තාක්ෂණය පසුව අන්තර්ජාතික පිලිගත් සම්මතයක් වූ අතර දැනට ලංකාවේත් සීමිත නාලිකා කීපයක් මෙම තාක්ෂණය භාවිතා කරනව. බොහෝ දෙනා ජංගම දුරකථනයක් ගන්න කලින් එම දුරකථනයේ විවිධ පහසුකම් ගැන සොයා බලනව. එවිට බොහෝ දුරකථන සමග ඇති RDS කියන පහසුකම ගැන නිකමට සොයාබැලුවාද. මෙය බොහෝ දුරට ඇත්තේ පිලිගත් ප්‍රමිතියක් යටතේ ඇති ජංගම දුරකථන සමගය. ඊට  අමතරව සමහර iPod මාදිලි වලත් සිංදු අසන්න යොදාගන්නා අතේගෙනයාහැකි උපකරණ වලත් බහුලව ඇති අතර කළාතුරකින් නිවාස වල ඇති ශබ්ධ පද්ධති හා වාහන වලත් මෙම තාක්ෂණය දක්නට ලැබෙනව.

මෙම තාක්ෂණය හරහා FM ශබ්ධ තරංග වලට අමතරව කුඩා දත්ත ප්‍රමාණයක් විකාශණය කරනු ලබනව. මෙම දත්ත වල රේඩියෝ චැනලයේ නම, දැනට විකාශය වන සිංදුව ආදී විවිධ තොරතුරු ඇතුලත් විය හැකි.  සමහර රටවල මේ හරහා මාර්ග තදබදය ගැන තොරතුරු විකාශය කිරීමටත් යොදාගන්නව. නමුතු අපගේ රටේ එවන් සේවාවක් නැතිමුත් මෙම සේවාව මගින් රේඩියෝ චැනලයේ නම පමණක් විකාශය කරන අතර  එයද සමහර චැනල වල පමණත් සිදුවේ. ඒ සදහා චැනලයේ ඇති විකාශණ යන්ත්‍ර වල සහය දැක්වීමකුත් අවශ්‍යය වන හෙයින් අලුතින් ඇරබූ නෙත් එෆ්එම් වැනි චැනලයන් සසුර කිරීමෙන් මෙය බලාගත හැකිය. මෙම දත්තයන් නිවැරදිව ග්‍රහණය වීමටනම් එම චැනලයේ RDS සක්‍රිය බව අපගේ රේඩියෝවෙන් ග්‍රහණය කරගත යුතුයි. මෙය ප්‍රදේශය හා සංඥාවල ප්‍රබල තාවය මත ‍වෙනස් විය හැකිය

Cplus සගරාව සඳහා සැකසු ලිපියක්

මේදවස්වල කාළගුණය ටිකක් අමුතු නිසා අකුණු ඇතිවීම් බහුලව සෑම ප්‍රදේශයකම පාහේ දක්නට ලැබෙනව. විදුලි උපකරණ විනාශ වීම් වලට අමතරව මිනිසුන්ටත් විවිධ අනතුරු මෙම අකුණු නිසා ඇතිවෙනව.

මුලින්ම බලමු මොකක්ද‍මේ අකුණ කියන්නෙ කියල. අකුණු ඇතිවෙන්නෙ බොහෝ වෙලාවට වර්ෂාවත් සමගයි. මෙසේ අකුණු වැසි කාලවලට බහුල වීමට ප්‍රධානම හේතුව වන්නේ වැසි වලාකුලු. සාමාන්‍යය වලාකුලු මෙන්ම වැසි වලාකුලුත් ආරෝපණය වීමක් සිදුවෙනව. වලාකුලු වල ඇතිවල ආරෝපණ නිතරම උත්සහ කරන්නේ එම ආරෝපණ නිදහස් කර උදාසීන වීමටයි. ඒ සඳහා ඇති හොඳම ක්‍රමය පෘතිවිය හා භූගත කිරීමයි. නමුත් වැහි වලාකුලේ විශේෂත්වය එම වලාකුලු අනෙක්වට වඩා බරින් වැඩි නිසා පොලවට ආසන්නයේ ගමන් කිරීමයි. එවිට අනෙක් වලාකුලු වලට වඩා වැහි වලාකුලු මගින් වැහි දිනයන්ට අකුණු බහුල වෙනව. මෙම වලාකුලු වල ඇතිවන ආරෝපණ නිතරම නිදහස් කිරීමට උත්සහ කරන නිසා ඒව නිතරම සොයමින් ඉන්නෙ පෘතිවියට ලගම මාර්ගයකි. ඒ අනුව තමා උස් ස්ථාන වලට අකුණු බහුලව වැදීමේ අවධානම වැඩි. උස් ස්ථානයක් නොවුනත් යම් තැනි තලාවක අප හිටගෙන සිටියහොත් එම ස්ථානය අනුව තැනිතලාවට වඩා අප උස් නිසා අප හරහා අකුනේ ඇති ආරෝපණ ධාරාව භූගත වීමට උත්සහ කරනව. එම ආරෝපණ ප්‍රමාණය ඉතා වීශාල නිසාත්, අප මෙන්ම වාතය හරහා ගමන් කිරීමේදී ඇති භාධකය නිසා ඇතිවන තාපය හේතුවෙන් අපගේ සිරුර අක්‍රිය වෙන අතර සිරුරේ ජයලද වාශ්පවීමකට ලක්වෙනව.

මෙසේ අකුණු ගැසීමේදී එම අකුණ අපට නොවැදුනත් ඒ අවට අප සිටියහොත් එම නිසා අපටද යම් යම් අනතුරු සිදුවිය හැකි. බහුලව අසා ඇති අකුණක් ගැසුවහොත් හරක් මැරෙන බව. ඇත්තෙන්ම හරක්ට අකුනෙන් ඇති බලපෑමත් අපට ඇති බලපෑමමත් ලොකු වෙනසක් නෑ. නමුත් හරකාගේ සිරුරේ ස්වභාවය අනුවයි එම බලපෑම තීරණය වන්නෙ.

උදාහරණයක් වශයෙන් හරකෙක් සිටන ප්‍රදේශයේ ගසකට අකුණක් ගැසුවහොත් එම ගස හරහා එකවරම විශාල වෝල්ටීය ගමන් කරන නිසා ගස ඉතා ඉහල විභවයක් ලෙස ක්‍රියාකරයි. එසේම අවට ඇති වස්තූන්ගේ වෝල්ටීයතාවයක් නැති නිසා ඒව හා ගස අතර විශාල විභව අන්තර වෙනසක් ඇතිවෙනව. වස්තුව හා ගස අතර දුර  ඒකක 10 ක් යැයි සිතුවහොත් එම සෑම ඒකකයකම අකුනේ විභව අන්තරය මෙන් 10න් පංගවක විභව අන්තර වෙනසක් ඇතිවේ. හරකුන්ගේ කකුල් අතර සැලකිය යුතු දරක් පවතින නිසා (රෑපය අනුවනම් ඒකක් 3ක්) එම දුර අතරෙත් විභව අන්තර වෙනසක් ඇතිවෙනව. එම නිසා එක් කකුලකින් අනෙක් කකුලට ඇග හරහා විශාල විදුලි ධාරාවක් ගමන්කිරීමෙන් හරකුන් මියයනවව. මෙම සිද්ධියම මිනිසුන්ටද විය හැකි. අකුණු ගසන අවස්ථාවේ අප ඒ අවට සිටියහොත් අපටද අකුණු සැර අවදානමක් ඇත. අප එලිමහනක සිටින්නේනම් හැකි සෑම විටම ‍උසින් අඩුම ස්ථානයට දිවයායුතු අතර වැඩි ආරක්ෂාවයි සිතමින් විශාල ගස් යටට යාම අවධානම වැඩිකරගැනීමකි. සාමාන්‍යය ආකාරයෙන් සිටි‍මේදී අපගේ කකුල් දෙක අතරද යම් පරතරයක් ඇති නිසා අසලකට අකුණක් ගැසුවහොත් අගේ කකුල් දෙක අතරද විභව අන්තර වෙනසක් ඇතිවී ශරීරය හරහා ධාරවක් ගමන් කරයි. නමුත් කකුල්දෙක ලංව තබාගැනීමෙන් මෙහි බලපෑම අවමකරගත හැකිය. නැතිනම් වකුටු වී නිදාගත යුතුය.

ඒ ආකාරයෙක් අප ආරක්ෂා උවත් සාමාන්‍යයෙන් අධීක අකුණු ගසන දිනයන්ට බොහෝ නිවෙස්වල අවට අකුණු ගැසීමකින් තොරව උපකරණ වලටද හානි පමුණුවයි. මෙයට හේතුව අපගේ විදුලි සැපයුම් පද්ධිතියයි. සාමාන්‍යයෙන් අප රටේ විදුලිය කණූ මගින් සපයන බැවින් මෙම විදුලි රුහැන් වලට අකුණු ආරක්ෂණ යොදා තිබුණත් මෙම තත්වය ඇතිවේ. එය සිදුවන්නේ මෙම විදුලිරුහැන් විශාල සංවෘත්ත පද්ධතියක් වීම නිසාය. එනම් සෑම තැනකම විදුලි කම්බි තිබේ.  යම් ප්‍රදේශයකට අකුණක් ගැසුවහොත් ඒ නිසා ඇතිවන අධික චුම්භක ක්ෂේත්‍රය නිසා ටර්බයිනයක මෙන්  මෙම් රුහැන් තුල අධිධාරා ඇතිවේ. මෙම ධාරා නිසා නිවෙස්වල විදුලි උපකරණ වලට හානි පැමිනේ. අප ප්‍රධාන ස්විචය වසා තැබුවත් සමහර අවස්ථාවල උපකරණ දැවී යන අවස්ථා ඇත. එනම් එසේ ඇතිවන විශාල ධාරා අපගේ ස්විචයක් හරහා ගමන් කිරීමේදි එම ස්විචය වසා තැබුවත් එය එම විදුලි ධාරාවට සාපේක්ෂව බාධාවක් නොවීමයි. හරියට ඉහල ආකාසයේ සිට අකුණක් භූගත වන්නේ අධික විදුලි ධාරාව නිසාය. මෙම විදුලිය එතරම් විශාල නොවුවත් ස්විචයන් තුලත් එම තත්වයම ඇතිවේ. මේ නිසා අකුණු ගසන අවස්ථාවන් වල විදුලි උපකරණ පේණු වලින් ගලවා තැබීම වැදගත්. නමුත් අවශ්‍යය තාවය අනුව අකුණු ගසන අවස්ථාවල ලැප්ටො‍ප් පරිගණකයක් වැනි ප්‍රධාන විදුලියෙන් ක්‍රියා නොකරන ඒ හා සම්බන්ධ නොවන උපකරණ භාවිතය සාමාන්‍යය පරිගණක භාවිතයට වඩා ආරක්ෂාකාරීය. Ups වැනි උපකරණයකින් සැ‍ටලයි‍‍ට් වැනි රෑපවාහිනි බැලීම, විදුලි බුබුලු දැල්වීම සාමාන්‍යය ක්‍රමයට වඩා බොහෝ සෙයින් ආරක්ෂා සහිතය. (ප්‍රධාන විදුලි සැපයුමෙන් විසන්දි කර)

එසේම අප බොහෝ අවස්ථාවන්ගේදී අන්තර්ජාලය භාවිතා කරනවානම් රුහැන් අන්තර්ජාල සම්බන්ධතාවලට වඩා රුහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවයක් පරිගණකයේ ආරක්ෂාවට හේතුවකි. විදුලි සැපයුම හැරුණු විට අකුණු සැර නිසා හානි පැමිනෙන ප්‍රධානම සාධකය දුරකථන රුහැනයි. අප රුහැන් අන්තර්ජාල සම්බන්ධතාවයක් භාවිතා කරනවානම් WiFi වැනි තාක්ෂණයක් භාවිතාකිරීමෙන් පරිගණකය ආරක්ෂාකරගත හැකිය.එහිදී අකුනු සැරක් ඇතිඋවහොත් විනාශ වන්නේ රවුටරයයි. නමුත් සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිතව තිබුණත් අභ්‍යන්තර මොඩමයක් මගින් අන්තර්ජාලය හා සම්බනධවන පරිගණකයකට දුරකථන වයරය හා සම්බන්ධව තිබුනහොත් එම පරිගණකයේ මව්පුවරුව පවා විනාෂ විය හැකිය.

එසේම අකුණු ගසක අවස්ථාවන් වලදී ඇතිවන හදිසි අවශ්‍යයතාවයන්ට ඇමතුම් ගනීමට අවශ්‍යය උවහොත් රුහැන් සම්බන්ධ දුරකථන නොමැතිව ජංගම හෝ CDMA දුරකථන භාවිතය අවධානම අඩුකරගැනීමකි.

අප නිවෙස් වල ඇන්ටනා සවිකිරීමේදීත් සැලකිලිමත් විය යුතුය. සැටලයිට් සම්බන්ධතාවල මෙම ගැටලුව නොමැති උවත් අනෙක් බොහෝ සාමාන්‍යය ඇන්ටනා වල මෙම ගැටලුව ඇත. සමහරුන් ඇන්ටනාව අකුණු සන්නායකයක් සේ සිතා සවිකලත් එය ඉතා භයානක ක්‍රියාවකි. අකුණු සන්නායකයකින් අහසේ ආරෝපන උදාසීන කරන අතර එවැනි විශාල ආරෝපණ ප්‍රමාණයක් එකවර ගමන්කල හැකිසේ එම සන්නායක සාදා ඇත‍. නමුත් එම සන්නායට දරාගත නොහැකි ආරෝපණ ප්‍රමාණයක් වලාකුලේ තිබුණහොත් අනෙක් ස්ථානයන්ට වඩා පහසුවෙන් එම අකුණු සන්නායකයට අකුණු සැර වදී. එම තත්වයම ඇන්ටනා බටයටත් ඇතිවේ. එයට අකුණු සන්නායකටය තරම්වත් ආරෝපණ ප්‍රමාණයක් හැසිරිවිය නොහැකි නිසා අන් ස්ථානයන්ට වඩා පහසුවෙන් ඇන්ටනාවට අකුණු සැර වදී. නමුත් අප ඇන්ටනාව පොලවට වඩා අඩි කීපයක් උසින් සවිකල‍හොත් එනම් පොලව හා සම්බන්ධ නොවන සේ සවිකලහොත් මෙම අවධානම අඩු වේ. නැතිනම් ඇන්ටනාවද පොලව සේ ක්‍රියාකර අකුණ එය වෙත අද්ද‍වාගනී.

අලුතෙන් පත්වූ උසස් අධ්‍යාපන ඇමති තුමා උසස් අධ්‍යපනය වෙනුවෙන් වැදගත් තීරණයක් පසුගිය කාලයේ ගනු ලැබුව. ඒ අප රටෙත් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමයි. එමෙත් මෙයට විශේෂයෙන් වෛද්‍යවරු මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් විරෝධය දක්වමින් මේ දින වල බොහෝ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නව.

මේ අය දැනට උසස් අධ්‍යාපනය ලබමින් හෝ ලැබූ අය. තමන්ගේ අනාගතය සාදාගත් අය. ඒ අය තමන්ගේම බාල සහෝදර සහෝදරියන් ඉදිරියේ පන්ති වලදී වැඳ ඉල්ලාසිටින්නේ තමන් වෙනුවෙන් උද්ගෝශණ කරන ලෙසත්ය. එහෙත් ඔවුන් එම උද්ගෝශණ වලට එන්නේ නැත. ඔවුන් ඔවුනගේ වැඩවලය. මේසේ ඔවුන් අපව උද්ගෝශණයන්ට පොලබවන්නේ අපගේම අනාගතයට විරුද්ධවය.‍ නමුත් මේ අයට පන්තිවල කථාකිරීමටවත් සමහර ගුරුවරු ඉඩ දන්නේ නැ. ඒ අපගැන සිතාය. එවන් ගුරුවරුන්ගේ ක්‍රියාව අගය කල යුතුය. උදාහරණයක් විදිහට අපගේ පන්තියක් ගතහොත් සමාන්‍යයෙන් මෙම පන්තියක ලමුන් 3000-5000 ක් සිටිනලෙස සිතමු. මේ අයගෙන් කී‍ දෙනෙක්ට රජයේ විශ්ව විද්‍යාල වලට යා හැකිද? බැරි උන අය කරන්නේ මොනවද මේවා මේ අය සිතලා නැතුවයි අපිට කථාකරන්න එන්නෙ. සාමාන්‍යයෙන් උසස්පෙල S සාමාර්ථ 3ක් ලබාගත් සිසුවෙක් උසස් අධ්‍යපණයට සුදුද්සෙක් ලෙස සැලකුවත් අපගේ රටේ ඇති අවාසනාව මේ සඳහා ඉඩ හා සම්පත්ය. එම නිසා වැඩිම ලකුණු ලබාගන්නා අය මෙම විශ්ව විද්‍යාල වරම් ලබයි. එවිට අනෙක් අය බලන් සිටිය යුතුද? එය‍ට රජයේ සම්පත් නැතිනම් හොදම ක්‍රමය පෞද්ගලිත විශ්ව විද්‍යාල ආරම්භ කිරීමයි. ඉතින් අපගේ අනාගතය වෙනුවෙන් විරුද්ධව අප නැගී සිටිය යුතු නැත. අපට රජයේ විශ්ව විද්‍යාල වරම් නැතිඋවහොත් තව මාර්ගයක් තෝරාගැනීමට ඇති බැවිනි.

එමෙන්ම මෙම වෛද්‍යවරුන් බියව සිටින්නේ තමන්ගේ ප්‍රදේශයට තවත් වෛද්‍ය වරයෙකු පැමිණේයැයි බියෙන් මිස වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය ගැන නොවේ. මේ අය ලාංකීය වෛද්‍ය වෘත්‍තියේ ගුණාත්මක භාවය ගැන සිතනවානම් ඇයි තම රජාකාරී වෙලාවෙත් මේ අය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වල සල්ලි හම්බකරන්න වෙහෙසෙන්නෙ?. උදේ 8 ට එන්න ඕනෙ එක එන්නෙ කීයටද? යන්නෙ කීයටද? දවල් වි‍වේකය පුද්ගලික රෝහලේ  කොච්චර වෙලා ගන්නවද?    ‍මෙහෙමද ගුණාත්මක  භාවය වැඩිකරන්නෙ. ඔවුන් අධ්‍යපණයට වෙහෙසූ ආකාරය බලන විට මේ ආකාරයෙන් මුදල් හම්බකල යුතුය‍. පහසුකම් ලැබිය යුතුය. එසේම හදිස්සි අවස්ථා වලදී  පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානත් ප්‍රයෝජනවත් වේ. මේ සියලල්ම නියමාකාරයෙන් කිරීමේ හැකියාව ඔවුන්ට ඇත. නමුත් ඔවුන් මුලු තැන දෙන්නෙ තම රජකාරියට නොව මුදල් හම්බ කිරීමටය. අප රටේ බොහෝ විට රජයේ රෝහල් වල පොලිම්වල සිට බෙහෙත් ගන්න එන්නේ දුප්පත් අයය. මේ අය කථාකරන්නෙ මෙම අධ්‍යාපණයෙන් දුප්පතුන්ගේ අධ්‍යාපන අයිතීන් නැතිවෙනව.. දුප්පතා මහන්සි වී ලබාගත් තැන නැතිවෙනව කියයා. එහෙත් මේ රෝහල‍ට බෙහෙත් ගන්න එන දුප්පතා ගැන සිදුවාද මේ අය. එසේ සිතනවානම් මුලින් හරියට රාජකාරීය කර ඒ අයට වෙදකම් කල යුතුය. අඩුම තරමින් දුප්පත් කෙනෙක් වෙනුවෙන් සැත්කමකට මේ සා මුදලක් සොයන්න එන්න.. නැතිනම් ගෙඩගන්න අමාරුයි කියනවා මිසක් ‍තමන්ගේ ගානින් කීප දෙනෙකුට හෝ සහනයක් දීමට මොවුන් සිතනවාද…. සල්ලි නැතිනම් ලෙඩාට සොරි.  සැම විටම මුදල් මත්තෙ නැහෙමින් දුප්පතුන්ට වඩා සල්ලි ගැන සිතන මේ අය මොකද මේ එකපාරම වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවයත් දුප්පත් අය ගැනත් සිතන්නෙ? එලියෙන් දුප්පත් කමයි, ගුණාත්මක භාවයයි දාගෙන මේ අය මේ අයගෙ මඩිය තදකරගන්න හදපු ක්‍රමයක් මිස වෙන මොකක්ද. මේක අත්මාර්ථමී කම නොවේද? නමුත් මේසේ නොකරන ඉතා ගුණ යහපත් දොස්තර මහතායයි කිය හැකි අයද නැතිවාම නොවේ. ඒත් මේ කෑ ගහන අයගෙන් බහුතරය ඒසේ නොවන අයය. ඇත්තෙන්ම මේ අයත් දැන් ව්‍යාපාරයක් කරගෙන යයි‍. මාලු මුදලාලි “කෙලවල්ලා 400 යි.. සාලයා 200යි “ කියා කෑ ගසයි. ඒ අතර  “ …. ‍දොස්තර මහතා …. කාමරයේ. එයාගෙ ගාන රු 750යි‍. එයා හොද ඇගේ අමාරුවට” මේක දැන් සේවාවක් නොව ව්‍යාපාරයක් කරගත් අයද ඇතිබව මෙවන් නිවේදන වලින් සිහිනොවන්නේ කාටද? මාලු මුදලාලි මාලු විකුණයි. දොස්තර වෙදකම විකුණයි. හොද මාලු සල්ලි ඇති අයට. පොඩි මාලු නැති අයට. දුප්පතුන් ගැන සිතන අය කර ඇත්තේ මේකම නොවේද? ඒ අය කවුද කැමති තම ව්‍යාපාරයට තවත් කෙනෙක් බාධා එල්ල කරනවාට. ඒ වගේම මේ අය කියන මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් එන අය කෑගහන අය තරම් සුදුසුකම් ලත් අය නොවේ. එහෙත් ඒ ගැටලුව ඔවුන්ට ඇති එයින් වැඩේ වැදගත්කම මොකක්ද? ‍මේ අයට වඩා අලුත් අය හොදයිනම් ලෙඩ්ඩු ඒ අය ගාව යයි. නැතිනම් මේ අය ගාවට එයි. ඒක සමාජය විසින්ම විසදයි. එවිට ඒ විශ්ව විද්‍යාල වල ඉල්ලුම අඩුවෙයි. අනික විදේශ විශ්ව විද්‍යාල සුදුසුකම් නැති අයට තම නමින් සහතික දීල තමන්ගේ නම බාල කරගන්න කැමති වෙයිද?  මේ අය බය  මේවට නොවේ අලුතින් එන එය මේ අයට වඩා හොදවෙයි කියල. රෝගීන් මේ අයට වඩා හොද අයගෙන් බෙහෙත් ගනී කියලයි.

ඒවා එසේ තිබියදී මේවා ගැන ලියන සමහර සහෝදරයයි කියාගත් අය කියන්නේ මේවාට මුදල් දී ගිය විට පාඩම් කර මහන්සී වී ඉගනගත් අයට ඇති වටිනාකම මොකක්ද යන්නය. එමෙන්ම ඒ අය පිලිගන්නා සත්‍යයක් වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් දෙන අධ්‍යාපනය රජයේ ඒව‍ට වඩා හොද බැවින් එය අසාධාරන නිසා නැවැත්විය යුතු බවය. එහෙත් තවකෙක් අධ්‍යාපනය ලබනවාට ඇයි මේතරම් අකමැති. ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල උසස්පෙල කරන සියලුදෙනාට ඇතුලුවිය හැකි පරිදි ඉඩ ඇතිනම් මෙසේ කීවාට කම් නැත. බොහෝ දෙනා දන්නා දෙයක් නම් ලංකාවේ හොදම විශ්ව විද්‍යාලය වන මොරටුව විශ්ව විද්‍යාලයත් දැනට ලෝක ශ්‍රේණිගත කිරීම් වල 2500ට ත් වඩා පහලින් ඇති බව. මේ මීට වසර කීපයක‍ට පෙර හොදව විශ්ව විද්‍යාලයකි. එයට ද හේතුව මේවාගේ සම්පත් සීමා වීමයි. සමහර සිලබස් පරණ වීමයි. ඒවා නව තාක්ෂණය හා මුසුව නිතර නිතර අලුත් නොවීමයි. එහෙත් පෞද්ගලික විශ්ව විද්‍යාල වල එම තත්වය නැත. විදේශ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් මේවා කරගෙන යන නිසා ඔවු‍න්නේ නිතර නිතර අලුත්වන පාඨමාලා මෙන්ම සිලබස්ද  අප රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට හිමිමේ‍. එය තරගයකි. තරගයෙන් ප්‍රතිලාබ අපගේ සිසුන්ටය. හරියට ජංගම දුරකථන තරගයෙන් ගාණ අඩු වෙන්නෙ  සේවාව හොද වෙන්නෙ පාරිභෝගිකයට වැගේ‍.  එමෙන්ම ඒ ඒ ක්ශේත්‍රයන්ට ප්‍ර‍වීන විදේශ දේශකයන්ගෙන් ඉගනීමේ වරද අප සිසුන්ට හිමිවේ. මේ අය විරුද්ද මේකටය. මේ ලගදි පුවත්පතක ගිය ලිපයක් කියවූ මට සම්පූර්ණයෙන් වැටහුනේ මේ ලියන කෙනා කොච්චර ආත්මාර්තකාමීද කියයි.

විදේශ විශ්ව විද්‍යාල තමන්ගේ නමින් සහතිකයක් එම පිලිගත් ගුණාත්මක භාවයෙන් පහල අයට අපරටේ වගේ විවිද අයගේ ඕනෑ එපාකම් වලට දෙන්නේ නැත. ඔවුන් නිතරම බලන්නේ ඔවුන්ගේ නාමයේ කීර්තියයි. ඔවුන්ගේ නම ඇති විශ්ව විද්‍යාලයකින් සුදුසුකම් අඩු කිසිම කෙනෙක් එලියට එනවාට ඔවුන් කැමති නැත. එමෙන්ම මේ ලෝක ‍ශ්‍රේණිගත වල අප පහලට යන්නත් විදේශ විශ්ව විද්‍යාල ඉහලට එන්නත් අර අය කියන හේතුම තිබිය හැකිය. සිලබස්… සම්පත්.. දේශකමඩුල්ල… ඒවාගේ ගුණාත්මක භායයයි. ඉතින් ඒවා අපේ අයට හම්බෙනවාට ඇයි මේතරම් විරුද්ද? එයින් අපගේ ර‍ටින් විදේශ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගිලිහී යන සම්පත් මෙන්ම අපේ වැඩි පරිසකට මීට වඩා උසස් අධ්‍යාපනයක් ලැබීමේ වරම් හිමිවේ. රජයේ විශ්ව විද්‍යාල වල ඉඩ මදිවෙන අය‍ට අධ්‍යාපන වරම් හිමිවේ.

එමෙන්ම අප රටේ බොහෝ දෙනා දන්නේ මෙන්ම අප රටේ ලබාදෙන්නේ BSc, MSc වැනි උපාදිය. එහෙත් මෙම් නව විශ්ව විද්‍යාලවලින් දෙන උපාධි අප අසා නැතිවාට BSc, MSc උපාධි වලට වඩා පිලිගන්නා උපාදිද ඒවාට සමාන පිලිගැනීමක් ඇති උපාදිද ඇත. ඒව අප රටේ අය අසා නැති නිසා මේවා වැඩක් නැති උපාදි කියා මේ අය කෑගසයි. තවද මේවාගේ අපේ වගේ ප්‍රශ්ණ ඇසුවහොත්, ගුරුවරයා කෝප කලොත් අසමත් කරන රටාවක්ද නැති ව පෞද්ගලික විශ්ව විද්‍යාල දැන් බහුලය.

තවද මේ කියන ආකාරට අපේ රටේ විශ්ව විද්‍යාලවලින් එන මේ අය අනෙක් හැමෝම ඇයි තමන්ට ‍හොද කල නොහැකි රෝගීන් විදේශයන්ට යවන්නෙ. ඒ ඒ එට වල අධ්‍යාපණයට පින්සිදුවන්න අපට වඩා උගත් අය ඒ ර‍ට වල සිටීමයි. එය අධ්‍යාපනය නිසා සිදුවූවක්. එම අධ්‍යාපනව අප රටේ අයත් ලැබු‍වහොත් යම් වරදක් ති‍බේද

තවද කිව යුතු යමක් ඇත. මේ කෑගහන අයත් පිලිගන්න එක් සත්‍යයක් නම් රජයේ ඒවාට වඩා මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපණයේ ගුණාත්මක භාවය වැඩි. නමුත් ඒවාට දුප්පත් මහන්සිවෙන කෙනාට ඇතුලු විය නොහැකිය යන්නය (නමුත් මේ අයට මල් කඩන්න දුරකථන බිල බදින්න, කාඩ් දාන්න සල්ලි ඇත. ඒවා විශ්ව විද්‍යාල වලට එන බිල්පත් තොගයෙන් දැකගත හැකිය). එහෙත් මෙම විශ්ව විද්‍යාල වල බොහෝ ප්‍රමාණයක් ශිෂ්වත්ව පිරිණමයි. මේ අයට ඕනෙනම් පොඩ්ඩක් මහන්සි වෙලා මේ සම්පූර්ණ නොමිලේ ශිෂ්වත්වයකට උවත් උරුමකම් කිව හැකිය. නැතුව අනිත් අයට වල කැපීමවත්, ආත්මාර්ථකාමී තුලින් තමන් මෙන්ම තම රටටද ඇතිවෙන යහපතක් නැත.

ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.
මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.
Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.
100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි

http://si.openoffice.org/marathon10apr.html

පරිගණක ඉංජිනේරුවකු, විද්‍යා ලේඛකයකු හා ශ්‍රී ලංකාවේ පළමු හා වැඩිම අලෙවියක් වූ පරිගණක සඟරාවේ කතුවරයා හැටියට එක් යුගයක ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය ගැන මම බහුලව ලියා ඇත්තෙමි. එහෙත් පසුගිය වසර පහ හයක කාලය තුළ මම ඕනෑකමින්ම මේ විෂය සම්බන්ධව විවේචනාත්මකව යමක් ජන මාධ්‍යයකට නොලීමි. හේතුව කෙටිකලකට හෝ මාද ඊ-ශ්‍රී ලංකා (e-Sri Lanka) වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ව්‍යාපෘතියේ කොටස්කරුවකු වීමයි. (මේ සම්බන්ධය වසර පහකට පමණ පෙරය.) ඒ නිසා ඒ ගැන නරකක් තියා හොඳක් පවා, මගේ මතයක් සේ ජන මාධ්‍යයකට ලිවීම මා අනුදත් මාධ්‍යවේදයට පටහැනි බැවින් මම නිහඬ වීමි.

ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු (Electronic government මෙහි ‘රාජ්‍ය’ යන යෙදුම යොදා නැත්තේ සිතාමතාය. රාජ්‍ය ලෙස පරිවර්තනය වන්නේ state යන යෙදුම බැවිනි.) හා ආණ්ඩු ප්‍රතිනිර්මාණය (Re-engineering Government ) පිළිබඳ දැක්ම පිළිබඳව කතා කිරීමේදී ප්‍රධාන වූ පුද්ගලයන් දෙදෙනෙක් වෙති. දැනට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ආණ්ඩු ප්‍රතිනිර්මාණය පිළිබඳ අධ්‍යක්ෂක වසන්ත දේශප්‍රියයි. මේ දෙදෙනාම දීර්ඝ කාලයක් ආණ්ඩුවේ පරිපාලන සේවයේ නිරතවූ පළපුරුදු නිලධරයන්ය. එසේම ඔවුන් රටට සේවය කිරීමේ පැහැදිළි උවමනාවක් හෙවත් ‘උණක්’ ඇති, නම්‍යශීලී, හැමවිටම අනුන්ට කන්දෙන නිලධරයන් බවටද සැක නැත. පුරවැසියකු හැටියට ආණ්ඩුවේ සේවාවන් ලබා ගැනීමේදී මට මුහුණ දෙන්නට සිදුවූ යම් යම් මෙහෙයුම් ගැටළු (Operational issues) පිළිබඳව පුද්ගලිකව මා නැඟූ අඳෝනා වලට කන් දීමට පමණක් නොව මගේ නිරීක්ෂණ මත ගත යුතු ක්‍රියා මාර්ග ගත් බවද මෙහිදී සඳහන් කරන්නේ කෘතඥපූර්වකවය.

එහෙත් අවාසනාවකට මෙන් ආණ්ඩු සේවයේ ඔවුන් ලද දීර්ඝකාලීන අත්දැකීම් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පුළුල් කිරීමට මෙන්ම එය සීමා වීමටද හේතුවී ඇත්තේය. ආණ්ඩුවේ නිලධර දැක්ම අනිවාර්යයෙන්ම පුරවැසි අවශ්‍යතා සමඟ සම්පාත විය යුතු නොවේ. සමහරවිට මේ දෙක අතර විශාල හිඩැසක් තිබිය හැකිය. පුරවැසියකු හැටියට මගේ පුද්ගලික අත්දැකීම් ආශ්‍රයෙන් මේ ලුහුඬුතා විශ්ලේෂණය කිරීම මේ ලිපියේ අරමුණයි. මෙහෙයුම් ගැටළු නොව ඊට ඉහළ තලයක දැක්ම ගැන කතාකරන හෙයින් එය රටේ අනෙකුත් පුරවැසියන් සමඟ බෙදාහදා ගැනීමේ අවශ්‍යතාවය මම දකිමි. මේ නිර්මාණාත්මක විවේචනයට මා යම් දවසක මේ වැඩ සටහනේම කොටස්කරුවකු වී සිටීම බාධාවක් සේ මම නොදකිමි.

ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන ආරම්භ වන්නේ එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ උත්ප්‍රේරණයෙන් ලෝක බැංකු ව්‍යාපෘතියක් සේ 2002දීය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය මත ආණ්ඩු සේවා ප්‍රතිනිර්මාණය කිරීම තුළින් වඩා පහසු, ඉක්මන් සේවාවන් පුරවසියාට ලබා දීම තුළින් පුරවැසියා සවිබල ගැන්වීම මෙහි එක් සංරචකයක ප්‍රධාන අරමුණ වේ. මගේ මතකය නිවැරදිනම් සම්පූර්ණ ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන සඳහා වෙන් කරන ලද ලෝක බැංකු ණය මුදල ඩොලර් මිලියන 50 (රුපියල් කෝටි 500) වන අතර ඉන් ඩොලර් මිලියන 11ක් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංරචකය සඳහාය. පසුව ආණ්ඩුවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනාදිය සම්බන්ධ කරන දීප ව්‍යාප්ත පරිගණක ජාලයක් ගොඩ නැඟීම සඳහා තවත් ඩොලර් මිලියන 15ක කොරියානු ආධාරයක් ලැබේ.

ඊ-ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කරන ලද පළමු කාර්යයක් වන්නේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ආණ්ඩු සේවාවන් හඳුනා ගැනීම සඳහා වන උපදේශක ව්‍යාපෘතියකි. අද පවා ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම බොහෝ දුරට ගොඩ නැඟී ඇත්තේ (සුළු වෙනස් කිරීම් කිහිපයක් සහිතව) රනිල් වික්‍රමසිංහ යුගයේ ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතියේ උපදෙස් අනුවය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩුකිරීම පිළිබඳ මගේ අත්දැකීම් වලට අනුව, මේ ව්‍යාපෘතිය සිදුකරන ලද ආකාරයේ මූලික ලුහුඬුතාවක් මම දකිමි. මතකය නිවැරදි නම්, රුපියල් මිලියන විස්සක වියදමින් කරන ලද මෙහි එක් ප්‍රධාන භූමිකාවක් සම්පූර්ණයෙන් අමතකකොට දමා තිබේ. ඒ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ක්‍රමයක අවසාන ප්‍රතිලාභියා විය යුතු පුරවැසියාය. මේ උපදේශක කණ්ඩායම මොනම අවස්ථාවකවත් පුරවැසි අදහස් ලබා නොගනී. අනෙක් අතට එය දිගින් දිගටම අවධානය යොමු කරන්නේ නිලධර අදහස් කෙරෙහිය. මේ නිසා පුරවැසියා වෙනුවට නිලධරයා සවිබල ගැන්වෙන දැක්මක් නිර්මාණය වේ. මේ දැක්ම අනුව ගොඩ නැඟෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව නිලධරයකුට ජීවිතය බෙහෙවින් සැපපහසු එකක් කරයි. එහි වරදක් නැත. නමුත් අනෙක් අතට නිලධරයාට තම ජීවිතය සුව පහසු කර ගැනීමට අවකාශය ලැබෙන්නේ පුරවැසියා මත පටවන ලද අමතර බරක් නිසා නම් එය අපේ අවධානයට බඳුන් විය යුතුය.

පුරවැසියකු හැටියට මගේ පුද්ගලික අත්දැකීමක් ආශ්‍රයෙන් මෙය පැහැදිළි කරනු කැමැත්තෙමි.

මාස කිහිපයකට පෙර මගේ රිය පැදවීමේ බලපත්‍රය නැතිවේ. අවාසනාවකට මා මෙහි ඡායා පිටපතක් තබාගෙන නොමැත. අවශ්‍යතාවයක් නොවූ නිසා අංකයවත් අන් තැනෙක ලියා නැත. මේ මගේ වරදය. මේ සුළු වරද නිසා මට මුහුණ දීමට වන්නේ අතිශයින් දීර්ඝවූත්, කරදරකාරීවූත් ක්‍රියා දාමයකටය.

මා ගත යුතු ක්‍රියා මාර්ගය දැනගැනීම පිණිස ඉන්ටනෙට් හි පිහිට පතමි. ශ්‍රී ලංකාවේ සමහර රාජ්‍ය දෙපාර්තමේන්තු මේ සම්බන්ධව ප්‍රශංසා කටයුතු තරමේ ප්‍රගතියක් ලබා ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එක් උදාහරණයකි. ගමන් බලපත්‍රයක් හෝ වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් නිවැරදිව භාශාත්‍රයෙන්ම ලබාදීමට පමණක් නොව අවශ්‍ය ෆෝර්ම බාගත කිරීමටද පහසුකම් සපයා ඇත. මේ නිසා එක් යුගයක අප්‍රසන්න අත්දැකීමක්ව තිබුණු ගමන්බලපත්‍රයක් ලබා ගැනීම දැන් ලෙහෙසියෙන් කළ හැකි කටයුත්තක් බවට පත්ව ඇත. මම මින් පෙර මේ සේවාවේ වාසිය ලබාගත් සන්තුෂ්ටිමත් පාරිභෝගිකයෙක්මි. ඒ පිළිබඳව මගේ ස්තූතිය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවය කළ දුරදක්නා නිලධරයන් වෙත පුද කිරීමට කමැත්තෙමි. (ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ දැවැන්ත පරිවර්තනයට බඳුන් වන්නේ, ඊ-ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භයටත් මත්තෙන් නන්දසේන බඹරවානගේ ආගමන හා විගමන කොමසාරිස් වූ අවදියේය සිතමි.)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවද මේ පහසුකම මෑතක සිට සපයතත් ඒ ඉතා පසුගාමී ආකාරයෙනි. කොටින්ම සැහැල්ලු වාහන සඳහා රියැදුරු බලපත්‍රය නැතිවූ කෙනකු එය ලබා ගන්නා ආකාරය මේ වෙබ් අඩවියේ කිසිම තැනක සඳහන් නොවේ. සේවාවක් හැටියට මෙහි තවත් ලුහුඬුතා ගණනාවක් පසුව සාකච්ඡා කරමි.

මම 1919 වලට කතාකර උපදෙස් පතමි. 1919 දුරකථන සේවා සැපයුම ඊ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සාර්ථකම ඉලෙක්ට්‍රොනික ආණ්ඩු වැඩසටහනය සිතමි. මේ නිසා කාර්යාල ගානේ රස්තියාදු නොවී, අනවශ්‍ය පුද්ගලයන්ට කතා කිරීමට කාලය නාස්ති නොකර අවශ්‍ය තොරතුරු සපයා ගැන්මේ හැකියාව ලැබේ. නමුත් එය පවා සමස්ත ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණයක් වත් පුරවැසියා සවිබලගැන්වීමක් වත් නොවේ. ඉතාම සුළු කටයුත්තටත් ෆොර්ම ගණනාවක් අපේක්ෂා කිරීම මඟින් පුරවැසියා පෙළන ක්‍රියාවලිය 1919 නිසා නැතිවී නොමැත. සිදුවී ඇත්තේ පුරවැසියාට සිදුවන ක්‍රියාවලිය පිළිබඳ වඩා හොඳ වැටහීමක් ලැබීම පමණකි. මම මේ වැටහීම ලබමි. වේරහැරට යන්නට මට උපදෙස් ලැබේ.

උදෑසනක වේරහැරට යන මා දකින්නේ අනපේක්ෂිත දර්ශනයකි. කාර්යාලය ඉදිරිපස ඉතා දිගු පෝලිමකි. මම 8.00ට ඊට එක්වෙමි. 8.30ට කාර්යාලය තුළට පිරිස ඇතුළු කිරීම ආරම්භ වේ. මට ඊට අවකාශ ලැබෙන්නේ 10.00ටය. මේ සේවාව සපයන වේලාව නොවේ. ඊට තව පැයක් වත් ඇත. මේ ඉඳගන්නට පුටුවක් ලැබීමේ වේලාවය. ඊට පෙර සිටිය යුතු වන්නේ සිටගෙනය.

මෙය පුදුමයක් නොවේ. රියැදුරු බලපතක් ලබා ගැනීමට මුළු ලංකාවේම සෙනඟ වේරහැරට පැමිණිය යුතුය. අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට ආදී දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණියෝ මා සමඟ පෝලිම් ගත වී හිඳිති. මා ඉදිරිපස ඉන්නා බස් රියැදුරා බලපත්‍රය අළුත්කර ගැනීමේ කටයුත්ත සඳහා දින කිහිපයක වැටුප අහිමි වීම ගැන මැසිවිලි නඟයි. “දවසට රුපියල් හයසීයක් නැතිවෙනව මහත්තය. ඒක අපට අමාරුයි. එක දවසක් මෙඩිකල් ගන්න ගියා. අද දවසම මේකට යනව.” ගමන් බලපත්‍රයක්වත් ප්‍රාදේශීය මට්ටමින් නිකුත්නොකළ හැක්කේ නම් ඩොලර් මිලියන පහළොවක මුදලක් දීපව්‍යාප්ත රාජ්‍ය පරිගණක ජාලයක් සඳහා වියදම් කිරීම මොන අපරාධයක් දැයි මට සිතෙයි. මෙරට වැඩ කරන ජනතාව ගැන බැලුවොත් මේ බස් රියැදුරාද රුපියල් 400 කින් පමණ ඊට දායක වී ඇත. (මේ මුදල ඇත්තටම ගෙවනු ඇත්තේ ඔහුගේ දරුවන්ය.) මේ රුපියල් 400 වෙනුවෙන් වත් කුරුණෑගල සිට දින කිහිපයක් කොළඹ නොපැමිණ මේ කටයුත්ත කර ගැනීමට පහසුකම් සපයා දීමට අපි අපොහොසත් වී ඇත්තෙමුද?

මා කවුන්ටරයක් ඉදිරිපිටට කැඳෙවෙන්නේ එකොළහත් පසු වූවායින් පසුවය. මේ පැයකට වැඩි කාලය තුළ මම තවත් බොහෝ දෑ නිරීක්ෂණය කරමි. මෙහි සියළු කටයුතු, ශාලාවෙන් ශාලාවට යායුතු යැයි කෙරෙන පොදු නිවේදන කටයුතු ඇතුළුව කෙරෙන්නේ සිංහලෙන් පමණකි. මේ සේවාව ලබා ගැනීමට පැමිණෙන්නේ සිංහලයන් පමණක් මෙනි.

මගේ ප්‍රශ්නය ආරම්භ වන්නේ කවුන්ටරයට පැමිණි තැන් පටන්ය. මගේ කලින් බලපත්‍රය 1994 නිකුත් කළ එකකි. මවෙත දැනුම්දෙනු ලබන්නේ රියැදුරු බලපත්‍ර පරිගණකාශ්‍රිතව නිකුත් කිරීම ආරම්භ වූයේ 1997 පටන් බවත් ඉන්පෙර කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි බවත්ය. මෙය සත්‍ය තත්ත්වයයි මම නොසිතමි. මගේ කලින් රියැදුරු බලපත්‍රය පරිගණකයකින් නිකුත්කළ එකකි. එසේනම් එහි තොරතුරු කොතැනක හෝ පරිගණකයක තිබිය යුතුය. එසේ නොමැතිනම් විය හැකි එකම දෙය මේ තොරතුරු වර්තමාන පද්ධතියට ඇතුළු කිරීමට පියවර ගෙන නොතිබීමය. දරන්නට වන වියදම සලකා එවැන්නක් නොකිරීම සාධාරණීකරණය කරන්නට හැකි මුත් එසේ නොකිරීමෙන් අපහසුවට ලක්වන පුරවැසියන්ට කවර හෝ විසඳුමක් තිබිය යුතුය. නැතිවූ බලපත්‍රයේ අංකය මතක නැතිවූ පළියට අළුතින් බලපත්‍රයක් ලබාගන්නට කීම සාධාරණ විසඳුමක් නොවේ. විශෙෂයෙන්ම දැවැන්ත ආණ්ඩු ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින රටක.

මේ ගැටළුව දැන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් තිලක් කොල්ලුරේ වෙතද, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් බී. විජේරත්න වෙතද ගෙනගොස් ඇත්තෙමි. ඔවුන් සුහදශීලී නිලධරයන්ය. නමුත් මේ සුහදශීලී නිලධරයන්ට පවා මීට දශක ගණනකට පෙර සිටින්නට ඇති සුහදශීලී නොවන නිලධරයන් දෙන පිළිතුරුමය දෙන්නට ඇත්තේ. “මේකට මොකුත් කරන්න බෑ!” මේ උත්තරයෙන් පුරවැසියා වන මම නැවත පළමුවන කොටුවට එමි.

මෝටර් ප්‍රවාහන කොමසාරිස් බී. විජේරත්න ගෙන් මම ඉල්ලීම් දෙකක් කළෙමි.

1. මගේ නැතිවී ඇති 1994දී නිකුත් කළ රියැදුරු බලපත්‍රයේ අංකය සොයා දෙන්න. (ඉතිරි සියළු කටයුතු පෝලිමේ සිට, අනෙකුත් හැම දෙනකුම සේ මට කර ගත හැකිය.)

2. එය කළ නොහැකි නම් කරුණාකර මට ඉක්මනින් අළුත් රියැදුරු බලපත්‍රයක් ගැනීමට සහාය වන්න. මම පසුගිය වසර 15ක කාලයක් තුළ රිය පදවා ඇත්තෙමි. මම රිය පැදවීමට නවකයකු නොවෙමි. එනිසා නවකයකු සඳහා වන මාස තුනක කාල සීමාව මා වෙනුවෙන් අඩු කරන්න.

මේ ඉල්ලීම් දෙකටම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් බී. විජේරත්නගේ ප්‍රතිචාරය “කණගාටුයි, කළ නොහැකිය” යන්නය.

මට අළුතින් රියැදුරු බලපත්‍රයක් සඳහා අ‍යැදුම්කළ හැකිය. එය ලොකු ගැටළුවක් නොවේ. නමුත් ගැටළුව 1994දී ඉතාම ලෙහෙසියෙන් කළ මේ කාර්යය දැන් ඊට වඩා බෙහෙවින් සංකීර්ණ එකක් වී තිබීමය. 1994 දී රියැදුරු බලපත්‍රයක් ගැනීමට මට ගත වූයේ එක දිනකි. මා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගමන් කළේ එක් වරකි. අද, රථ වාහන පැදවීමේ පහළොස් අවුරුදු අත්දැකීම් ඇතිවත් මේ කටයුත්ත සඳහාම මා මාස තුනකට වැඩි කාලයක් බලා සිටිය යුතුය. අඩු තරමින් තුන් වරක් (වෛද්‍ය පරීක්ෂණය සඳහා ගතවන දිනය හැරුණු විට ) වේරහැරට යා යුතුය. මෙය වෙහෙසකර කටයුත්තකි. ‘ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව’ මගේ කාලය ඉතිරි කරනවා වෙනුවට නාස්ති කරයි. වැඩ පහසු කරනවා වෙනුවට සංකීර්ණ කරයි. ඉක්මණින් සේවා සපයනවා වෙනුවට වැඩ වවාගෙන කලින් එක දවසින් කළ කටයුත්ත සඳහා මාස තුනක් ගනී.

මෙය නිලධරයන්ගේ වරදක් සේ නොව ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පිළිබඳ වැරදක් සේය මා දකින්නේ. දැනට රියැදුරු බලපත් නිකුත් කිරීම සඳහා ඇති ක්‍රියාවලිය නිලධරයන්ට ඉතා පහසුය. ඔවුන්ගේ පැත්තෙන් එය ක්‍රමාණුකූලය. කිසිම ප්‍රශ්නයක් නැත. සියළු ප්‍රශ්න ඇතිවන්නේ පුරවැසියන්ටය. පුරවැසියන් මුහුණ දෙන ගැටළු සඳහා මේ ක්‍රමය සැකසී නැත.

මෙය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පහත පැණෙන දැක්මෙන් හා මෙහෙවර ප්‍රකාශයෙන් පවා පැහැදිළිය.

දැක්ම: විශිෂ්ඨ මෝටර් වාහන නියාමනයෙන් ඉහල මහජන ප්‍රසාදය

මෙහෙවර ප්‍රකාශය: අභිප්‍රේරණය වූ සේවක සමූහයේ සාමූහික ප්‍රයත්නය හා නවීන තාක්‍ෂණය යොදා ගනිමින් මෝටර් වාහන පනත හා අනෙකුත් නීති රෙගුලාසි ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ඉහල මහජන ප්‍රසාදයක් උදෙසා කැපවීම

පුරවැසියා කේන්ද්‍රගත දැක්මක් හා මෙහෙවර ප්‍රකාශයක මූලිකත්වය ගන්නේ නියාමනය වත්, පනත් හෝ නීති රෙගුලාසිවත් නොව පුරවැසි සේවාය. පනත් හෝ නීති රෙගුලාසි නොවේ, පුරවැසියාට වැදගත් වන්නේ. ඒවා අවැදගත් යැයි මින් නොකියැවේ. ඒ සියල්ලක්ම පසුබිමෙහි ක්‍රියාත්මක විය යුතුය. නමුත් නවීන තාක්ෂණය හෝ පනත් හෝ රෙගුලාසි පුරවැසියා වෙනුවෙන් සේවයක් ඉටු නොකරන්නේ නම් ඒ සියල්ල නාරාහේන්පිට කුණු ඇළට විසිකර දමා පරණ පුරුදු ක්‍රමය ඇති කිරීම වඩා යහපත්ය.

-සැකසීම
චානුක වත්තේගම

පසුගියදා පවත්වන ලද ජනාධිපතිවරණය හා සම්බන්ධ එක් සුවිශේෂී සිදුවීමක් වූයේ ඉන් දෙවන ස්ථානයට පත් ජනරාල් සරත් ෆොන්සේකාට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පවා අහිමි වීමයි. ඔහුගේ නම ඡන්දදායකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී නැත්තේ යම් ‘තාක්ෂණික දෝෂයක්’ (technical error) නිසා බව කියැවිණි.

මෙහි පසුබිම මම නොදනිමි. එහෙත් මේ සිද්ධිය ඉතා වැදගත් කාරණයක් හෙළි කරයි. එනම් අපේ රටේ ඡන්ද දායක ලැයිස්තුවල මේ රටේ අවශ්‍ය වයස සම්පූර්ණ කළ පුරවැසියන් යම් පිරිසකගේ නම් නොමැති බවය. වෙනත් විදියකින් කිව්වොත් ‘තාක්ෂණික හේතූන්’ නිසා තම නම ඡන්ද දායක ලැයිස්තුවට ඇතුළුකොට නොගැනීමට ලැබීමෙන් යම් පිරිසකට සිය මූලික අයිතියක් වන ඡන්ද බලය පවා අහිමි වන බවය. සංඛ්‍යාත්මකව මේ පිරිස කෙතෙක් විශාල දැයි මම නොදනිමි. එහෙත් ජනරාල් ෆොන්සේකා මුහුණ පෑ අවස්ථාව කලාතුරෙකින් කෙනකු මුහුණ දෙන අහඹු සිද්ධියක් විය නොහැකිය.

ඡන්ද ලැයිස්තුවල හා සැබෑව අතර ඇති පරස්පරය නිසා අවුල් ඇතිවූ මුල් අවස්ථාව මෙය නොවේ. 2006 දී කොළඹ නගරසභා මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ප්‍රතික්ෂේප වූයේ එහි එක් අපේක්ෂකයකුගේ නම ඡන්ද දායක ලැයිස්තුවේ නැති නිසාය. එහෙත් ඒ අපේක්ෂකයා දහ අට වන විය සපිරූ තරුණයෙකි. මෙහිදීද සිදුව ඇත්තේ ලැයිස්තු සෑදීමේ ඇති අකාර්යක්ෂමතාව විසින් සැබැවින්ම ඡන්ද අයිතිය ලැබිය යුත්තකුට එය ලබා නොදීම තුළ ඇතිවූ ව්‍යාකූල තත්ත්වයයි.

එසේම ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුළදී මේ සම්බන්ධව ඇති වූ කතා බහේදී පැහැදිළි වූයේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් අදාළ මැතිවරණය සඳහා භාවිතා කරන ලද්දේ අඩු තරමින් වසරකට වත් ඉහත පිළියෙළ කරන ලද ලැයිස්තුවක් බවය. එවැන්නක් කෙතෙක් සම්පූර්ණ විය හැකිද? අදාළ වසර තුළ දහ අටවන විය සම්පූර්ණ කරන තරුණ තරුණියක් කිසිවකුගේ නම් ඊට ඇතුළත් නොවේ. එසේම එම වසර තුළ මියයන හෝ විදේශ ගතවන (එනිසා ඉවත් කළ යුතු ) පිරිසගේ නම් ඊට ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ අනෙකුත් සංඛ්‍යාලේඛන හා සන්සන්දනය කොට බැලීමෙන් මේ තුන් පිරිස ලක්ෂ හතක් පමණ වේ යැයි උපකල්පනය කළ හැකිය.

මීට අමතරව තවත් කාරණාවක් මේ ලැයිස්තුව අසම්පූර්ණ කරයි. ඒ එකම පුද්ගලයාගේ නම තැන් දෙකක ලියා පදිංචි වී තිබීම නිසාය. දත්ත පරිගණක ගත කොට තිබියදීත් මෙසේ වන්නේ කෙසේද මම නොදනිමි. අද කෙසේවෙතත් එක් යුගයක මෙරට එකම හැඳුනුම්පත් අංකය ඇති කිහිපදෙනකු සිටි බව නම් මම වෘත්තීය අත්දැකීමෙන් දනිමි.

මේ සියල්ලෙන් බැස ගත හැකි නිගමන කිහිපයක් වේ. එනම් හුදෙක් ඡන්ද ලැයිස්තු පිළියෙළ කිරීමේ ක්‍රමයේ ඇති දෝෂයන් හා අකාර්යක්ෂමතාව නිසාම ඡන්ද බලය හිමිවිය යුතු යම් පිරිසකට එය හිමි නොවන බවය. අනෙක් අතට ඡන්ද බලය හිමි නොවිය යුතු පිරිසකගේ නම් ඊට ඇතුළු වීමෙන් යම් මට්ටමක ඡන්ද දූෂණවලට මඟ පාදන බවය.

අවාසනාවන්තම කාරණාව මේ රටේ තොරතුරු තාක්ෂණය මේතරම් ඉහළින් භාවිතා වන්නේය කියන යුගයක මෙවැනි දේ සිදු වීමයි.

රාජ්‍ය අංශය තුළ තොරතුරු තාක්ෂණය භාවිතාව ගැන කතා කිරීමේදී ඒ සම්බන්ධව කේන්ද්‍රීය වගකීම් හිමි තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) කාර්යභාරය සාකච්ඡාවට ලක්වීම නොවැළක්විය හැකිය. තම ආයතන තුළ කටයුතු පරිගණකකරණය කිරීම ඒ ඒ රාජ්‍ය ආයතනයේ වගකීම මුත් සමස්ත රාජ්‍ය අංශය ඒ මට්ටමට ඔසවා තබන දැක්ම තීරණය කිරීම එම ආයතනයේ වගකීම නිසාය.

ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු හා ආණ්ඩු ප්‍රතිනිර්මාණය (Re-engineering Government) පිළිබඳ දැක්ම පිළිබඳව කතා කිරීමේදී ප්‍රධාන වූ පුද්ගලයන් දෙදෙනෙක් වෙති. දැනට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ආණ්ඩු ප්‍රතිනිර්මාණය පිළිබඳ අධ්‍යක්ෂක වසන්ත දේශප්‍රියයි. මේ දෙදෙනාම දීර්ඝ කාලයක් ආණ්ඩුවේ පරිපාලන සේවයේ නිරතවූ පළපුරුදු නිලධරයන්ය. එසේම දැනට ජනාධිපති ලේකම්වරයා පරිපාලන සේවයේ උසස් නිලධරයකු හැටියට පූර්ව-පරිගණක යුගයන්හීදී පවා රජයේ ආයතන වල කටයුතු පුරවැසියන්ට පහසුවෙන් කරගත හැකිවනසේ කරන ලද ප්‍රගතිශීලී වෙනස්කම් රාශියකට මුල් වූවෙකි. (උදා: දශක කිහිපයකට ඉහත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියා පිළිවෙල ප්‍රතිනිර්මාණය කිරීම) ඔවුන් රටට සේවය කිරීමේ පැහැදිළි උවමනාවක් හෙවත් ‘උණක්’ ඇති, නම්‍යශීලී, හැමවිටම අනුන්ට කන්දෙන නිලධරයන් බවටද සැක නැත. මේ දෙදෙනා සමඟම මම රාජකාරි කොට ඇත්තෙමි. පුරවැසියකු හැටියට ආණ්ඩුවේ සේවාවන් ලබා ගැනීමේදී මට මුහුණ දෙන්නට සිදුවූ යම් යම් මෙහෙයුම් ගැටළු (Operational issues) පිළිබඳව පුද්ගලිකව මා නැඟූ අඳෝනා වලට කන් දීමට පමණක් නොව මගේ නිරීක්ෂණ මත ගත යුතු ක්‍රියා මාර්ග ගත් බවද මෙහිදී සඳහන් කරන්නේ කෘතඥපූර්වකවය.

එහෙත් අවාසනාවකට මෙන් ආණ්ඩු සේවයේ ඔවුන් ලද දීර්ඝකාලීන අත්දැකීම් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පුළුල් කිරීමට මෙන්ම එය සීමා වීමටද හේතුවී ඇත්තේය. ආණ්ඩුවේ නිලධර දැක්ම අනිවාර්යයෙන්ම පුරවැසි අවශ්‍යතා සමඟ සම්පාත විය යුතු නොවේ. සමහරවිට මේ දෙක අතර විශාල හිඩැසක් තිබිය හැකිය. පුරවැසියකු හැටියට රාජ්‍ය පාලනය කිරීමේ ක්‍රියාවලියන්ට තොරතුරු තාක්ෂණය නිසිසේ බද්ධ නොවීමෙන් විශ්ලේෂණය කිරීම මේ ලිපියේ අරමුණයි. මෙහෙයුම් ගැටළු නොව ඊට ඉහළ තලයක දැක්ම ගැන කතාකරන හෙයින් එය රටේ අනෙකුත් පුරවැසියන් සමඟ බෙදාහදා ගැනීමේ අවශ්‍යතාවය මම දකිමි. මේ නිර්මාණාත්මක විවේචනයට මා යම් දවසක මේ වැඩ සටහනේම කොටස්කරුවකු වී සිටීම බාධාවක් සේ මම නොදකිමි.

ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන ආරම්භ වන්නේ එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ උත්ප්‍රේරණයෙන් ලෝක බැංකු ව්‍යාපෘතියක් සේ 2002දීය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය මත ආණ්ඩු සේවා ප්‍රතිනිර්මාණය කිරීම තුළින් වඩා පහසු, ඉක්මන් සේවාවන් පුරවසියාට ලබා දීම තුළින් පුරවැසියා සවිබල ගැන්වීම මෙහි එක් සංරචකයක ප්‍රධාන අරමුණ වේ. මගේ මතකය නිවැරදිනම් සම්පූර්ණ ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන සඳහා වෙන් කරන ලද ලෝක බැංකු ණය මුදල ඩොලර් මිලියන 50 (රුපියල් කෝටි 500) වන අතර ඉන් ඩොලර් මිලියන 11ක් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංරචකය සඳහාය. පසුව ආණ්ඩුවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනාදිය සම්බන්ධ කරන දීප ව්‍යාප්ත පරිගණක ජාලයක් ගොඩ නැඟීම සඳහා තවත් ඩොලර් මිලියන 15ක කොරියානු ආධාරයක් ලැබේ.

ඊ-ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කරන ලද පළමු කාර්යයක් වන්නේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ආණ්ඩු සේවාවන් හඳුනා ගැනීම සඳහා වන උපදේශක ව්‍යාපෘතියකි. අද පවා ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම බොහෝ දුරට ගොඩ නැඟී ඇත්තේ (සුළු වෙනස් කිරීම් කිහිපයක් සහිතව) රනිල් වික්‍රමසිංහ යුගයේ ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතියේ උපදෙස් අනුවය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩුකිරීම පිළිබඳ මගේ අත්දැකීම් වලට අනුව, මේ ව්‍යාපෘතිය සිදුකරන ලද ආකාරයේ මූලික ලුහුඬුතාවක් මම දකිමි. මතකය නිවැරදි නම්, රුපියල් මිලියන විස්සක වියදමින් කරන ලද මෙහි එක් ප්‍රධාන භූමිකාවක් සම්පූර්ණයෙන් අමතකකොට දමා තිබේ. ඒ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ක්‍රමයක අවසාන ප්‍රතිලාභියා විය යුතු පුරවැසියාය. මේ උපදේශක කණ්ඩායම මොනම අවස්ථාවකවත් පුරවැසි අදහස් ලබා නොගනී. අනෙක් අතට එය දිගින් දිගටම අවධානය යොමු කරන්නේ නිලධර අදහස් කෙරෙහිය. මේ නිසා පුරවැසියා වෙනුවට නිලධරයා සවිබල ගැන්වෙන දැක්මක් නිර්මාණය වේ. මේ දැක්ම අනුව ගොඩ නැඟෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව නිලධරයකුට ජීවිතය බෙහෙවින් සැපපහසු එකක් කරයි. එහි වරදක් නැත. නමුත් අනෙක් අතට නිලධරයාට තම ජීවිතය සුව පහසු කර ගැනීමට අවකාශය ලැබෙන්නේ පුරවැසියා මත පටවන ලද අමතර බරක් නිසා නම් එය අපේ අවධානයට බඳුන් විය යුතුය.

ඡන්ද ලැයිස්තු සකස් කිරීමේදී සිදුවන ව්‍යාකූල තත්වයන්ටද මෙය අදාළය. කොයිතරම් පරිගණක සන්නිවේදන තාක්ෂණය භාවිතාකළද තවමත් ඡන්ද ලැයිස්තු පිළියෙළ කිරීමේ කාර්යය වන්නේ නිලධරයාට පහසු විදියටය. නැතිව පුරවැසියාට ඕනෑ ආකාරයට නොවේ.

ඡන්ද හිමියන්ගේ නාම ලේඛනය තවමත් ග්‍රාම නිලධාරින් හරහා ලබා ගැනෙන්නේ පුරවැසියන් සපයා දෙන දත්ත මත පදනම්වය. මේ ක්‍රමය යටත්විජිත යුගයේ සිටම පැහැදිළිව වෙනස් වී නැතැයි සිතමි. මේ දත්තයන්ගේ සම්භවය පුරවැසියා වන නිසා ඒ සැකසීමේදී වන වැරදි වලින් නිලධරයන්ට අත සෝදා ගැනීමට හැකිය. උදාහරණයක් හැටියට වැරදීමකින් යම් ඡන්දදායකයකුගේ නම ඇතුළත් කිරීම මඟ හැරුනොත් එය යළි ඇතුළත් කිරීමක් සිදු නොවේ. (ස්ථාන දෙකක වසන්නන් සම්බන්ධයෙන් මෙය සුලබව සිදු විය හැකි වරදකි.) එසේම පදිංචිය මාරු කිරීමේදී නව පදිංචි ස්ථානයට අදාළ ග්‍රාම නිලධරයා අතින් පෝර්මයක් නොලැබුණේ නම්ද ඡන්ද ලැයිස්තුවට නම ඇතුළත් නොවීමේ ඉඩක් පවතී. අතරමැදි ක්‍රියාවලියේ වැරදි කා අතින් සිදුවුවද අවසානයේ සියළු වැරදිවල පව් ගෙවීමට සිදුවන්නේ පුරවැසියාටය. නිලධරයෝ ඒ සම්බන්ධව කිසිම වගකීමක් නොගනිති.

මෙහිදී අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය මේ පරිගණක යුගයේ පවා මේ කාර්යය වඩා කාර්යක්ෂ්ම ලෙස, පුරවැසියාට වඩා ඵලදායක ලෙස සිදුකළ නොහැකිද යන්නය. කළ හැක්කේ කෙසේද කියා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අදහස් නොකළත් අනිවාර්යයෙන්ම මෙය පරිගණක සන්නිවේදන තාක්ෂණය භාවිතා කොට ඉතා පහසුවෙන් කළ හැකි බව පමණක් කිව යුතුය. ලෝකයේ වෙනත් බොහෝ රටවලින් ඒ සඳහා උදාහරණ සැපයිය හැකිය.

2010 නොව 2005 ජනාධිපතිවරණයට නිකුත්කළ මහින්ද චින්තන වැඩ පිළිවෙලෙහි තොරතුරු තාක්ෂණය රාජ්‍ය පාලනය ක්‍රමවත් කිරීමට යොදා ගැනීම ගැන මෙසේ සඳහන් වේ.
විදුලි සංදේශ සේවා සහ තොරතුරු සන්නිවේදන සේවා දිවයින පුරා ප්‍රචලිත කිරීමට අවශ්‍ය වන දීප ව්‍යාප්ත යටිතල පහසුකම් ජාලයක් ඇරඹීමට කටයුතු සලසනු ඇත.
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණය උපයෝගීකර ගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ව්‍යුහය මඟින් සපයනු ලබන සේවාවන් කාර්යක්ෂම අයුරින් හා කඩිනමින් ජනතාවට ලබා දීමට අවශ්‍ය පහසුකම් යොදනු ඇත.
කාලයක් තිස්සේ අඩුවක්ව පවතින සංඛ්‍යාන දත්ත පද්ධති, හදිසි ආපදා සේවා පද්ධති, හා භූ විෂමතා සේවා පද්ධති ගොඩ නැඟීම සඳහා නොපමාව ක්‍රියා කරමි.
මින් සමහරක් සාර්ථකව ඉටුවී ඇත. විශේෂයෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලද ඇතුළත්ව රාජ්‍ය ආයතන ගණනකට පරිගණක හා සන්නිවේදන උපකරණ සපයා තිබේ. සන්නිවේදන ජාලද ගොඩ නැඟී ඇත. නමුත් මේ පද්ධති කිසිවක් තවම පුරවැසියා වෙනුවෙන් සේවය කරන බවක් නොපෙනේ. මේ පද්ධතීන් පුරවැසියා වෙනුවෙන් සේවය කරන්නේ නම් මෙවැනි සරල වැරදි සිදු විය නොහැකිය. තාක්ෂණය හා පුරවැසියා අතර යා කළ නොහැකි පරතරයක් ඇති බව පමණි අපට පෙනෙන්නේ.

මෙය ඉටු නොවීමේ ප්‍රධාන ගැටළුව සේ මා දකින්නේ තාක්ෂණය නොමැති වීමවත් (නැතොත් ඒ සඳහා මුදල් නොමැති වීමවත්) තෝරාගනු ලැබූ තාක්ෂණයේ ඇති වරදක් වත් නොව මේ විසඳුම් තුළින් තවමත් පුරවැසියා සවිබල නොගැන්වීමය. ඊට අවශ්‍ය වන්නේ අළුතින් පරිගණකකරණයක් නොව ක්‍රියාවලිය වෙනස් කිරීමකි. (Process change) නිලධරයා සවිබල ගැන්වීම යහපති. එහෙත් ඒ සිදුකිරීමේ මූලික අරමුණ විය යුත්තේ පුරවැසියාට අවශ්‍ය සේවාවන් ලබා දීම පිණිසය. මෙහිදී කේන්ද්‍ර විය යුත්තේ නිලධරයා නොව පුරවැසියාය. පද්ධති සකස් විය යුත්තේ නිලධරයන්ට නිදහසට කාරණා ඉදිරිපත් කිරීම පහසු කිරීමට නොව පුරවැසියාට අවශ්‍ය සේවාවන් සැපයීම පිණිසය. එසේ නැතිව නිලධරයා පමණක් සවිබල ගැන්වෙන දැක්මක් තුළින් සිදුවනු ඇත්තේ කොටිතරම් පරිගණක භාවිතාවන පරිසරයක් තුළ වුවද පුරවැසියාට ඉන් ප්‍රතිලාභයක් අත් නොවීමයි.

සැකසීම
චානුක වත්තේගම

12414040159QAJ1l

දැන් හැමෝම දුරකථන භාවිතා කරනව. ඒ කියන්නෙ ජංගම දුරකථන. මේවා භාවිතා කරද්දි තමන් ගැනත් හිතුවාද. සමහරු කියනව ඉස්සර දුරකථන වගේ දැන් ඒවගෙන් ඇගට අවුලක් නෑ කියල. ඒක යම්තාක් දුරට ඇත්ත සම්මත තත්ව යටතේ. නමුත් සාමාන්‍ය භාවිතයේදී කොහෙමද අපේ ඇගට මේක බලපාන්නෙ. සාමාන්‍යයෙන් SAR කියන තත්ව සහතිකය හැම දුරකථනයත් සමගම (නියම සමාගම් වලින් හදන) එනවනෙ. ඒත් මේක භාවිතයේදී වෙනස් වෙනව කියල දන්නවද. මේ ගැන කීර්ති සර් අපිව දැනුවත් කලාළ මට හිතුන අනිත් අයටත් ඒ ගැන කියන්න. හරි මුල ඉදන් පටන් ගම්මුකො

ඉස්සර දුරකථන ඒ කියන්නෙ GSM තාක්ෂණය එන්න පෙර අපේ රටේ භාවිතා කලේ ඇනලොග් දුරකථන. ඒ කියන්නෙ ඒව භාවිතා වෙන්නෙ UHF හා VHF කියන තරංග. මේවාගෙන් ඇගට කියන්න තරම් හානියක් නෑ. ඒත් මේ දුරකථනයකින් ඇමතුමක් ගැනීමේදී එය ඉතා ප්‍රබල සංඥාවක් නිකුත් කරනව. ඒ කුලුණක් අල්ලා ගැනීමට. ඒ ඇනලොග් දරකථන වල ලගම සංඥා එන කුලුණ හදුනාගැනීමේ පහසුකම (අපේ දුකථන වල සංඥා එන කුලුනේ නම වැටෙන්නෙ) නැති නිසා බොහෝ දුරයන සංඥා නිකුත් කරලයි කුල්ණක් අල්ල ගන්නෙ. දැන් වගේ ඉස්සර එක කුලණකට බොහෝ ග්‍රාහකයින් සංඛ්‍යාවක් දැරීමට නොහැකිවීමත් එක හේතුවක්.

ඒත් දැන් තියන් GSM හා ඉන් පසු ආපු දුරකථන වල මේ අවුල නෑ. එයා නිතරම කුඩා සංඥා නිකුත් කරල ලගම ඇති කුලුණ හදුනගන්නවනෙ. හැබැයි එහෙම නිකුත් කලානම් මෙලහකට අපි නෑ. ඒත් මෙම සේවාව තිබ්යි කියල අපි ආරක්ෂිත නෑ. ඉස්සර ඒවා VHF නිසා අවුලක් නෑ. ඒත් දැන් ඒවා භාවිතා කරන්නෙ මයික්‍රෝ වේවි දන්නව ඇතිනෙ මයික්‍රෝ වේව් අවන් ගැන. ඒ ආසන්න සංඛ්‍යාතයක් තමා ජංගම දුරකථන වල භාවිතා වෙන්නෙ. ඒත් මේවගෙ ප්‍රබලත්වය ඉතා අඩුයි. ඒක නිසා මිනිස් සිරුරට ලොකු හානියක් නැ.

ඒත් සාමාන්‍යයෙන් තියෙද්දි හානිය අවමයි. හැබැයි මේව යම් යම් අවස්ථාවලදි ප්‍රබලත්වය යම්තාක් දුරට වැඩි කරනව. වැඩි පුරම එහෙම වෙන්නෙ ඇමතුමක් ගනිද්දි. ඒ කියන්නෙ ගන්න හැම වෙලේම නෙවේ. Calling කියන වෙලාවෙ. දැන් දුරකථන වල මේක හදුනගන්න පුලුවන් ලේසියෙන්. ඇමතුමක් ගද්දි Calling කියල වැටිල සම්බන්ධ උනහම වෙනස් වෙනව. ඒ කියන්නෙ අපි ඇමතුමක් ගන්න හදද්දි දුරකථනය ජාලය සමග සම්බන්ධ වෙන වෙලාව. රින්ග් යන්න කලින්. ‍‍මේ වෙලාවට මෙයාට පුලුවන් උපරිම ශක්තිය යොදනව ජාලයේ කොනක එල්ලෙන්න. බොහෝ අපේ අය කරන්නෙ Dial කී එක ඔබපු ගමන් කනේ තියා ගන්නව. ඒක අති භයානකයි. මොකද උපරිම ප්‍රබලත්වයෙන් සංඥා නිකුත් වෙද්දි කනේ තිබ්බහම. හරියට මොලේ ගලවල මයික්‍රෝ වේව් අවන් එකකට දුම්ම වගේ තමා. ඒකට හොදම පිලිම අදාල පාර්ෂවය උස්සනකම් කනේ දුරින් තියාගන්න එක. අතේ වගේ. හැකිනම් හලෝ කියනකම් ලවුඩ්ස්පීකර් යොදාගෙන තියාගන්න. ඉස්සුවහම කනේ තියාගන්න. ඒක තමා හොදම ක්‍රමය. නැතිනම් හෙඩ්සෙට්.

මේ විදිහට සංඥා ප්‍රබලත්වය වැඩි කරන අවස්ථාවක් තමා තමා ඉන්න තැන සංඥා අඩුයි නම් දුරකථනය උපරිම ප්‍රබලත්වය භාවිතා කරනව හොද ඇමතුමක් ලබාදීමට. හරියට දුර ඉද්දි ඇහෙන්නෙ නැති උනහම අපි කෑ ගහන්නෙ. ඒ ව‍ගේ. අනිත් ප්‍රධාන අවස්ථාව තමා බැටරිය බැහැපු අවස්ථාවල.

ප්‍රධාන වශයෙන් මේවාගේ අවස්ථාවල උපරිම සංඥා භාවිතා කරනව. හැබැයි SAR තත්වය යටතේ නිපදවන භාණ්ඩවල උපරිම සංඥා ප්‍රබලත්වය 2watt විතර. ඒ සාමාන්‍යයෙන් භාවිතා වෙන්නෙ 0.002watt විතර. ඒත් අරවගේ අවස්ථාවල මේක වැඩි වෙනව. ඒ වොට් 2 ඇති ඒක දිගට හානියක් කරන්න. Microwave Oven වල මේකෙ ප්‍රබලත්වය 2000watt ට ආසන්නයි. ඒත් මේකෙන් දිගටම මෙහෙම වෙදිදි එකපාර අවන් කලා වගේ නෙවේ හරියට ටික ටික අවන් එකෙන් මොලේ පුච්චනව වගේ තමා. මොකද මුලදි අපිට තේරෙන්නෙ නෑ මේ‍ක. අපි අව්ව දිහා බලන්න හොද නෑ කීවට බැලුවට අවුක් නෑනෙ. ඒ මුල් අවස්ථාවලදී. එහෙම එක දිගට බලද්දි ටික ටික ඇහේ ස්නායු පිච්චිලා පස්සෙ හුගක් කල් ගියහමයි තේරෙන්නෙ. මේ විදිහට සංඥා බලපාද ඒකෙදිත් දකුණු පැත්තෙ කනෙන් තියන් භාවිතා කිරීම ‍හොදනෑ. මොකද දකුණු මොලේ වම් මොලේට වඩා සංවේදී.හ ඒක නිසා සිදුවෙන හානිය වැඩී සාමාන්‍යය වෙලාට ඇමතුමේ ඉද්දිත් හැකි තරම් වම් කන භාවිතා කරනවම් හොදා.

ඒ වගේම තමා ඔය ව්‍යාපාර කරන අය විශේෂයෙන් මල් කඩන අය පැය ගන්න දුරකථනයේ එල්ලිලා ඉන්නව. අලෙවි ප්‍රවර්ධක වරු හෙල්මට් එක ඇතුලේ දුරකථනය දාගෙන යනව. හිතාගන්නකො බලපෑම. මේවට තමා ලූප්සෙට්, හෙඩ්සෙට් තියෙන්නෙ. ඒකෙන් දුරකථනය මොලයෙන් ඇත් කරල තියාගන්න පුලුවන්නෙ. ‍

සාමාන්‍යයෙන් Microwave අවන් වල 2450Mhz ට ආසන්න සංඛ්‍යාතයක් භාවිතා වෙනව. ඒ වගේම තමා අපේ දුරකථන වලත් 900Mhz සිට 2100Mhz දක්වා භාවිතා වෙනව. ඒත් 900 ත් 2450 ත් හානියෙ ලොකු වෙනසක් නෑ. දුරකථන හදන සමාගම් එක එක ඒව කියන. ඒත් අපි ගැන හිතන්න ඕනෙ අපිනෙ. SAR කියන තත්ව සහතිකයෙන් යම්තාක් දුරට ප්‍රබලත්වය සීමාකලත් ඒක යම්තාක් දුරට හෝ තියනවනෙ. විශේෂයෙන් එකපාර සිම් දෙකක් භාවිතා කරද්දි… හිතාගන්‍නකො. මොකද ඉක්මනට මොලේ පුච්චගන්න හදන්නෙ. දැන් ඔය ප්‍රමිතියක් නැතිව එන චීන දුරකථන නියමිත සමාගම් වලින් නෙවේනෙ හදන්නෙ. ඉතින් මේවගෙ මේ තත්ව සහතිකය තියනවද? සමහරු සිග්නල් වැඩි දුරකථන, ඩුවල් සිම් හොයන්ව… හිතල බලන්න කොහොමද කියල.

ඒක නිසා හැකිතරම් ස්ථාවර දුරකථන භාවිතා කරන්න. නැතිනම් හෙඩ්සෙට් වගේ ඒව භාවිතා කරන්න. දුරකථනයක් ඇගේ රදවාගැනීමේදිත් යට සාක්කුව හොද නෑ. මගෙ මතය හැටිය‍ටනම් උඩ සාක්කුවක් හෝ පිටුපස් සාක්කුවයි හොදම.