Browsing Posts in Common

avuruduඔබ සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

අද අපේ පාසලේ සමස්ථ ලංකා බෞද්ධ පාසැල් එමුතුවේ හතරව්‍න එකමුතුව පැවැත්වුවා. ඒකට ආගමික ක‍ටයුතු අමාත්‍යාංශයේ ජනාධිපති උපදේෂක අශෝක මැනික්ගොඩ මැතිතුමා විශේෂ ‍දේශණයක් කලා. මාගේ හැගීමනම් මේ කථාව හැම කෙනෙක්ම අහන්න ඕනි කියලයි

ඒ ක මෙතනින් බාගන්න. මෙතන පෙන්නපු ජායාරූප හා හඩ පටය තියනව

click here

මීට දින කීපයක සිට මාගේ සේවාදායකය මාරුකිරිම නිසා ඇතිවු දෝෂ නිසාත් DNS දත්ත යාවත්කාලීන වීමේ ගැටලු නිසාත් මාගේ අඩවිය බොහෝ දෙනාට පරිශීලනයට නොහැකිවිය. මේ නිසා සිදුවු දෝෂ ගැන මාගේ කණගාටුව. මෙය සමහර රට වල මෙන්ම සමහර සේවා දායකයන්ගේ පමණක් දෝෂ සහගත වුනු අතර මෙම දෝෂ දැන් නිරාකරනයවී ඇතැයි මා සිතමි.
මෙම දෝෂ හටගත් මොහොතේ සිට මා හට උදවුකල හර්ෂණ අයිය, චානුක වත්තේගම මහතා, සමන් මහතා ඇතුලු නන් අයුරින් උදව්කල සියලු දෙනාට මා ස්තුතිවන අතර එම දෝෂ ගැන බ්ලොග් කියවන්නන් දැනුවත් කල චරිත අයියටත් මගේ ස්තුතිය (මෙතනින් බලන්න)

ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පුවත්පත් හරහා පල කර තිබු ලංකාවේ කෙටි දුරකතන අංක පිලිබද විස්තරය.

110
හදිසි ගිනිනිවීම හා හදිසි අනතුරැ ගිලන්රථ සේවා සදහා

ගිනි නිවීම් සේවා – කොළඹ සහ මහනුවර
ගිලන්රථ සේවා – කොළඹ කුරැණෑගල හා ගාල්ල මහනගර සභා බල ප්‍රදේශ

114
යුධ හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය

කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් පිලිබද තොරතුරැ ලබාදීම

115
කොළඹ නගර සභා මෙහෙයුම් ඒකකය

කොළඹ මහනගර සභා ප්‍රදේශයේ කැලිකසල සහ ඒ හා සම්බන්ධ තොරතුරැ ගැනීම

116
ගුවන් හමුදා ඇමතුම් ඒකකය

සැක සහිත ගුවන් යානා පිලිබදව තොරතුරැ ලබාදීම

118
ජාතික ආරක්ෂාව පිලිබද මෙහෙයුම් මධ්‍යස්ථානය

ජාතික ආරක්ෂාව පිලිබද තොරතුරැ

119
පොලිස් හදිසි සේවා

හසිදි මහජන පැමිණිලි

*ඉහත අංක සදහා ඇමතුම් ගාස්තු නිදහස් වේ

1900
විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව

විදුලි සංදේශන සේවාවන් පිලිබද පැමිණිලි

1912
සංචාරක කටයුතු අමාත්‍යංශය

සංචාරක පැමිණිලි

1919
රාජ්‍යය තොරතුරැ කේන්ද්‍රය

රාජ්‍යය ආයතන පිලිබද තොරතුරැ

1920
කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය

කෘෂිකර්මාන්තය ආශ්‍රිත තොරතුරැ විමසීම

1929
ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය

ළමා අපයෝජන හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම

1939
ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය

ජල සම්පාදනයට අදාල ගැ‍ටලු විසදීම

1954
අල්ලස් හෝ දූෂණ චොදනා විමර්ෂණ කොමිෂන් සභාව

අල්ලස් හා දූෂණ පිළිබද පැමිණිලි

1973
ශ්‍රී ලංකා ගුවන් සේවය

ගුවන් සේවාවන් පිළිබද තොරතුරැ ලබාගැනීම

1991
පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය

පරිසර හා ස්වාභාවික සම්පත් ආශ්‍රිත පැමිණිලි

*1929 අංකය සදහා ඇමතුම් ගාස්තු නිදහස්වේ

දැන් පුලුල්පරාස සබතාවල මිලගණන් සීග්‍රයෙන් අඩුකර ඇත. අඩුකිරීමෙහි ලා මුල්තැන ගන්නෙ ජංගම පුලුල් පරාස සේවා සපයන්නන්ය. ඔවුන් තම ඇමතුම් ගාස්තු මෙන්ම GPRS ගාස්තුද අඩුකර ඇත. ඒ අනුව උපරිම පසුගෙවුම් හිමියන්‍ට මෙගාබයිටයක් ශත 50 බැගින් ලබාගත හැකිය. එමෙන්ම 1Mbps ක වේගයක්ද ලබාගත හැකිය.

එසේ බලන විට මොබිටෙල් සමාගම ලබාදෙන Zoom 490 පැකේජය මිලදීගන්නෙකුට මෙගාබයිට් 750 ක නොමිලේ සැරිසැරීමේ භාවිතයක් හිමිවේ. ඔවුට ගිගාබයිට 1Mbps ක සැරිසැරීමකට වැයවන්නෙ 490+125=615/- කි. එමෙන්ම Zoom 890 පැකේජ හිමියෙකුට ගිගාබයිට් 2ක් සදහාම වැයවන්නේ රැ 890/- ක් පමණි. එසේම ඔවුන් ලබාගන්නා අමතර මෙගාබයිටයකට ශත 50ක් මෙන්ම එය අයකරනුයේද මෙගාබයිට් 10 කාණ්ඩ වශයෙනි. එනම් රු 5/- බැගිනි

නමුත් මුලින්ම අඩුමුදලට පුලුල් පරාස ලබාදුන් ටෙලිකොම් ආයතනයේ මිලගනන් මෙයට වඩ දැන් වැඩිවී ඇත. මුලින් අඩුවට තිබුනද අනෙක් සේවාසපයන්නන් මිලගනන් පහත දැමීම නිසා ටෙලිකොම් මිලගනන් වැඩිව පෙනේ. ඉන් විශේෂයෙන්ම අසාධාරණය වන්නෙ මාසික ගාස්තුව රු 1000/- ගෙවන ටෙලිකොම් පුලුල්පරාස පාරිභෝගිකයන්ටය. ඔන්ට ගුණාත්මක සේවාවක් ලැබුනද රු 1000/- ට ඔන්ට නොමිලේ ලබාගත හැක්කේ 1GB ක භාවිතයක් පමණි. එය ඉක්මවන විට මෙගාබයිටයට රු 1/- බැගින් අයකරන අතර ඒ අයකිරීමද සිදුකරන්නේ මෙගාබයි‍ට් 250 ක කාණ්ඩ වශයෙනි. එනම් රු 250/- බැගිනි.

එමෙන්ම ටෙලිකොම් භාවිතා කරන්නන්ට ඇති අනෙක් අවාසියනම් වේගයයි. ඔන්ට උපරිමය 512 Kbps ක වේගයක් ලබාගත හැකි උවත් මොබිටෙල් පාරිභෝගිකයන්ට 1024 Kbps ක වේගයක් ලබාගත හැකිය. මේ අතරින් මොබිටෙල් පාරිභෝගිකයාට අවාසි නැතුතාම නොවේ. ටෙලිකොම් නිවාස සදහා දෙන පැකේජය හා සැසදීමේදී මොබිටෙල් පාරිභෝගියන්ට භාවිතා කිරීමේ සීමා තිබේ. එමෙන්ම මෙම වේගයන් ලබාගැනීමට හොද ආවරන කලාපයක මෙන්ම 3 කලාපයක සිටිය යුතුය. නැතිනම් හොන්ද ගුනාත්මක සේවාවක් ලබාගත නොහැකිය.

එහෙත් ටෙලිකොම් පාරිභෝගිකයන්ට එම ගැටලු නැත. ඔවුන්ට දිනයේ ඕනෑම වේලාවක ආසන්න වශයෙන් පැකේජ වේගයම ලැබේ. බිද වැ‍ටීම් අවමය. එමෙන්ම භාවිතා කිරීමේ සීමා නැත. එසේම මොබිටෙල් පාරිභෝගියන්ගෙන් අයකරන බදුමුදල ටෙලිකොම් මෙන් ආසන්න වශයෙන් 190%කි. එනම් ටෙලිකොම් සමාගම තම පාරිභෝගිකයාගෙන් 15% කට ආසන්න බදු මුදලක් අයකරන විට මොබිටෙල් සමාගම ආසන්න වශයෙන් 28%කට වැඩි බදුමුදලක් අයකරයි.

මේ ආකාරයෙන් ඇමතුම් හා අන්තර්ජාල සේවාවන්ගේ මිල විශාල වශයෙන් අඩු උවත් ටෙලිකොම් සමාගම තම ඇමතුම් මිල හො අන්තර්ජාල මිල ගනන් අඩුකර නැත. ඒ අනුව මීට වසර කීපයකට පෙර පැවත් තත්වයක් එනම් ජංගම දුරකථන මිලට වඩා ස්ථාවර දුරකථන මිල අඩුවීම යන සංකල්පය බිදීයන අතර ජංගම දුරකථන සේවා සපයන්නන් තම මිලගනන් අඩුකීරමින් තම තාක්ෂණය නිතර ඉහල දමමින් සිටී. නමුත් ටෙලිකොම් සමාගම පෙර පැවති මිලගණන් සමග බලාසිටි. එහෙත් ඔවුන් අන්තර්ජාතික ඇමතුම් ගාස්තුනම් අඩුකර ඇත

ඇත්තෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුස්සෙක් වීම යනු සිසුන්ගේත් දෙමාපියන්ගේත් විශාල සිහිනයකි, බලාපොරොත්තුවකි. එහෙත් දැන් තත්වය වෙනස්ය. අ‍පගේ විශ්වවිද්‍යාල වලට සිසුන් යැවීමට දෙමාපියේ බියවෙති. සිසුන් අකමැතිවෙති.
මීට වසර කීපයකට පෙර රටේ හොදම අධ්‍යාපනය තිබුනේ විශ්විද්‍යාල තුලය. ඉන් බිහිවන්නෝ උගත් බුද්ධිමත් හැදියාවක් ඇති පිරිසක්ය.
නමුත් දැන් ……
මුලින්ම විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ විට එම සිසු සිසුවියන් නවක වදයට ලක්වෙති. මේ නවක වදය ඈත අතීතයේ සිටම පැවතුනත් දැන් එය අතීතයේ දෙන ලද්දේ විනෝදෙනි. ඉන් එම නවක වදයට ලක්වන සිසුන්ටද මානසික‍ හෝ කායික පීඩන නැත. එසේ කරනුයේ එම ප්‍රජාවට ගැලපෙන සේ නවක සිසුන් හැඩගස්සවා ගැනීමටය. එහෙත් දැන් හැඩගස්සවන්නේ සිරැරෙනි. ඒ බයිසිකල් චේන්, පොලු, මුගුරැ වැනි ආයුධ වල උදව්වෙන් මරණය හෝ බාගෙට මරණය අත්කර දෙමිනි.
ඉන්පසු අභ්‍යන්තර ගැටුම්ය. එහිදීත් සිසුන් දිවිදෙති, රෝහල් ගතවෙයි. ඒ අතර තුර පෙලපාලි හා උද්ගොෂණය. මෙම සිසුන්ට ඉගනීමට වඩා විසදීමට ඇත්තේ ලෝක ප්‍රශ්ණය.
මේ ආකාරයෙන් ඉගනීම සීමා වුනු විශ්වවිද්‍යාල ජීවිතය ඇත්‍තෙන්ම අමිහිරි කාලයකි. එම දෙමාපියන්ට දරැවන් යුද්ධයට ඇරියාටත් වඩා නිවසට එනතුරැ හිතේ සතුටක් නැත. එමෙන්ම පාසලෙන් ටිකක් හෝ හැදියාවක් ඇතිව විශ්වවිද්‍යාලය‍ට ඇතුලත්වන සිසුවා ඉන් එලියට එන්නේ කාඩයෙකු ලෙසය. ‍ඔහු මැරයෙකු‍ මෙන් සමානය.
මේ නිසා අද බොහෝ සිසුන් පාසැල් අධ්‍යාපනය අවසන් කර විදේශ ගතවෙයි. නැතිනම් පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙයි. එහෙත් නැතිබැරැ දෙමාපියන්ගේ දරැවන් එම දෙමාපියන්ට මෙම ‍බිල්ලට දීමට අකමැත්තෙන් හෝ සිදුවනු ඇත.

දැන් ‍බොහෝ දෙනෙක් රන් දෙපැයට බොහෝ සේ දෝශාරෝපනය කරයි, එය නරබන්නන්ටද එ‍සේමය. ඇත්තෙන්ම එය විය යුතු දෙයක්. එහෙත් එම රන්දෙපැය නිසා ඇග බේරාගෙන තම අවශ්‍යයතාවයන් ඉටුකරගන්නා තව ප්‍රධාන එවැනිම නා‍ට්‍යය මාලාවකි. ඒ ස්වාධීන රෑපවාහිනිය හරහා විකාශය වන බ‍ට්ටී හා පබා නට්‍යය වේ. මේ නාට්‍යය මාලාවට රන් දෙපැය මෙන් නම් නැත. එහෙත් එහිත් රන්දෙපැයෙත් වැඩි වෙනසක් නැත.
එකම ආකාරයේ බොලද රසාස්වාදයක් උදෙසා නිර්මිත මෙම නාට්‍යය මාලාවෙන් අපේ බොහෝ දෙනා හොදට ගොනාට ඇදගෙන තිබේ. නමුත් රන්දෙපැයෙන් ගොන් රැල බේරාගැනීමට තැත් කලත් මෙම නාලිකාවේ නාට්‍යය ගැන කථාකිරීමක් නැත.
එකම දේ දිග් කර දිග් කර පෙන්වන මෙම නාට්‍ය වලට අපේ ජනතාව කොතරම් ‍ගොනාට ඇදත කියතොත් බොහෝවිට එම නාලිකාවේ වැඩිම මිල වෙලද දැන්වීම ප්‍රචාරය වන්නේ එම කාලය තුලය. ඇත්තෙන්ම මෙම කාලය තුල වෙලද දැන්වීම් මිස නාට්‍යය පෙන්වීමක් නැත. එක නාට්‍යයක් විනාඩි 40 ක් ලෙස ගතහොත් ඇත්තෙන්ම නාට්‍යය විකාශය වන්නේ විනාඩි 16.5 කට ආසන්න කාලයකි. එයිනුත් විනාඩි එක හමාරක් පසුගිය සතිය වෙනුවෙනි. ඉතින් එමනිසා නාට්‍ය විකාශය වන්නේ විනාඩි 15 කට ආසන්න කාලයකි. ඉතිරි විනාඩි 20 කටත් වැඩි කාලයක් වෙලදදැන්වීම් වලින් ආයතන ගිණුම් පුරවා ගනී.
‍එමෙන්ම මෙම ඇබ්බැහි වීම තුල අපි අපේම කාලයට, ජීවිතයට අමතරව මුදල් නාස්තියකි. මන්ද යත් මෙම නාට්‍යය මාලාවේ තප්පර 15ක වෙලද දැන්වීමකට දලවශයෙන් රැපියල් ලක්ෂයක් අයකරයි. තප්පර 30 ට රැපියල් ලක්ෂ දෙක හමාරකි. මේ ආකාරයට රැපවාහිනි ආයතන මුදල් ගරන අතරේ එසේ වෙලද දැන්වීම් ලබාදෙන වෙලද ආයතනත් ඒ වෙනුවෙන් විශාල මුදලක් වැයකරයි. දැනගත් ආකාරයට හෝර්ලික්ස් ආයතනය වෙලද දැන්වීම් වෙනුවෙන් දිනකට වැය කරන මුදල දල වශයෙන් රැපියල් මිලියන 15 කට වැඩිය.
නමුත් මේ ආයතන මෙසේ වැය කරන මුදලින් එම කිරිපිටි පැකට් එක රැ 10 කින් හෝ අඩුකර වෙලද පොලට නිකුත් කලේනම් එය වෙලද දැන්වීමට වඩා කොතරම් හිතකරද. නමුත් අපේ අය ඇදගෙන ඇති ආකාරයට එසේ නොකරයි. එමෙන්ම මෙම වෙලද දැන්වීම් මිල ඉහල දැමූ විට කිරිපිටි මිලත් ඉහල නගී.
මේවා අපි අපිම දාගන්නා තොප්පි ‍නොවේද?

- ගැරැවරයෙකුගේ දේශණයක් ඇසුරෙනි

කොමියුනිකේෂන් එකකට, නැතිනම් වෙලද ආයතනයක විකිණීම සදහා කාඩ්පත් මිලදීගණු ලබන්නෙ එම ප්‍රදේශයට පැමිනෙන වෙලද නියෝජිතයාගෙනි.‍ ‍එසේ කාඩ්පත් දැමීමට සියලු සන්නිවේදන සමාගම්වල නියෝජිතයන් පැමිනීම සාමාන්‍යය දෙයක් උනත් දැන් ‍ටිගෝ අලෙවි නියෝජිතයාගේ බෑගය‍ට අලුත් උපාංගයක් එක්වී තිබේ.

මීට පෙර සාර්ථකව ඔවුන් මෙය භාවිතා නොකලත් දැන් එම බෑගයේ පාම්ටොප් පරිගණකයක් හා මුද්‍රණ යන්ත්‍රයත් ඇතුලත්ය. කාඩ් මිලදීගැනීමේදී හා රීලෝඩ් මිලදීගැනීමේදී ඔවුන් සියලු විස්තර සපිරි මුද්‍රිත බිල්පතක් නිකුත් කරයි.

වෙලද ආයතන සදහා තම නිශ්පාදන දැමීමට විවිධ නිලධාරීන් පැමිණියත් ඒ අතරින් මා දුටු මෙවැනි තාක්ෂණයක් භාවිතා කරන පළමු නිලධාරියා මෙම ‍ටිගෝ ආයතනයේ නිලධාරියා වේ.

දැනට දැනුවත්ව සීමිත බැංකු නිලධාරීන් පිරිසක් පමණක් භාවිතා කරන පාම්‍ ටොප් තාක්ෂණය‍ මේ ආකාරයෙන් ප්‍රචලිතව යාම සතුටට කරුණකි. එහෙත් තවම අනෙක් හැකියාව ඇති සමාගම් හට මෙවැනි තාක්ෂණයක් භාවිතාකිරීමට පෙලභීනැත.

මෙවැනි තාක්ෂණයක් නිසා මෙම කාඩ්පත් මගින් සිදුවන අපහසුතා බොහොමයක් පහසුවෙන් නිරාකරණයට හැකියාව ඇත.

දැන් දැන් රජය හැම එකටම බදු අයකරමින් සිටී. එහි අලුත්ම බද්ද තමා ජංගමදුරකථන සදහා පාරිසරික බද්ද. මීට මාස කීපයක‍ට පෙරත් රජය බදු වැඩි කල අතර 15% ‍වැ‍ට් බද්ද සමග අයකල 2.5% ක ජංගම දුරකථන සදහා වූ බද්ද 10% දක්වා වැඩිකර සී.ඩී.එම්.ඒ සදහාද පනවනු ලැබුවා. දැන් එම බදුවලට තවත් 2.5% ක බද්දක් පරිසර බද්ද නමින් ඇතුලත් කර ඇත. මේ නිසා දැන් මුලු බදු 30%ක් හෝ ඊට වැඩිවනු ඇත.

රජය පවසන පරිදි මේ බද්ද අයකරනුයේ අප භාවිතාකරන ජංගම දුරකථන ඉවතලූපසු ප්‍රතිචක්‍රීකරනයටය. එහෙත් ජංගම දුරකථනයක් භාවිතාකර ඉවතලනවිට එයින් තවත් ජංගම දුරකථනයක් ගන්නා තරමට රජය‍ට මෙම ක්‍රමයෙන් බදු එකතුකල හැක. එහෙත් මෙවැනි ක්‍රමයක් වැඩක් නැත. මන්ද ඩයලොග් ආවතනය දැන‍ටමත් ‍මෙම ක්‍රමය හදුන්වා දී ඇති අතර ඒ පාරිභෝගිකයාගෙන් මුදල් එකතු කර නෙ‍වේ, පාරිභෝගිකයාට මුදල් ගෙවාය. ඩයලොග් ආයතනයට ගෙනවිත් දෙන ඕ‍නෑම දුරකථනයක් හා බැ‍ටරි සදහා ඔවුන් ගෙවීමක් සිදුකරයි. ඉතින් මෙහෙම එකේ ඇයි පාරිභෝගිකයා‍‍ගෙන් මුදල් අයකරන්නෙ. අනික ඔය ක්‍රමය මගින් බදු අය කරනවා පමණි. එම දුරකථන නිසි ලෙස එකතුකරන්නේද නැත. ඉතින් කුනුභාජනය‍ට දමන දුරකථන රජය කෙසේද ප්‍රතිචක්‍රීය කරන්නෙ. ‍පොලිත්න්වත් හරිහැ‍ටි ප්‍රතිචක්‍රිය කරගත නොහැකි රජයක් ජංගම දුරකථන කෙසේ ප්‍රතිචක්‍රිය කරයිද?

අනෙක ඊට පෙර ප්‍රතිචක්‍රියකරනයට වෙනත් දේවල් නැද්ද? වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග ඇත. ඒවාද ප්‍රතිචක්‍රිය කලයුතුය. එහෙත් ඒ සදහා බදු අයකිරීමට රජයට ක්‍රමයක් නැත. ‍රේගුවෙන් අයනරන බද්ද සෑම උපාංගයටම අයකරයි. එයිනුත් පැරනි උපාංග වල‍ට බදු අඩුය. ඉතින් බොහෝදෙනා පැරණි උපාංගම ගෙන ඒ. ඉය දියුනු වන රටකට හොන්දද? එමගින් ඇතිවන කුණු‍ගොඩත් ඉවත්කල යුත්තේ රජයම නොවේද? සාමාන්‍යයෙන් බොහෝ රටවල සන්නිවේදන සේවා සදහා බදු නැත. උදාහරනයක් තායිලන්තය. එහි ඇමතුමක් බාත් 1යි කීවොත් බාත් 1ම තමා. නමුත් අපේ 1.30යි. එමෙන්ම එහි බොහෝ දේවලට බදු අඩුය, බොහෝ ඒවාට නැත. එම නිසා අලුත් අලුත් දේ ‍වලින් ඒ රටවල් දියුනු වන විට අපේ රටවල් කුණුගොඩවල් වලින් ස්වයංපෝෂිත වේ.

රජය ඉතින් හැමදාම අලුත් නීති ගේනවනෙ. මේක අලුත් නීතියක් ගැනයි. මේ නීතියෙන් කාට‍ත් යහපතක්. මේ නීතිය ය‍ටතේ ලංකාව තුල අසබ්‍යය අඩවි වලට යාම තහනම් වනවා. මේ නීතිය මගින් දැනටමත් අන්තර්ජාල සපයන ආයතන වල‍ට නියෝග කර ඇති පරිදි තම සේවාව පෙරනය කිරිමට නියමිතයි. මේක නිසා අයාලේ යන හුගක් අය ආරක්ෂා වේවි.

මොකද දැනට නෙට් කැෆේ වල ළමයි හුගක් කරන්නේ කොල්ලො කෙල්ලො පොදිය පිටින් ඇවිත් අසබ්ය අඩවි බලන එක. ඒ අය අන්තර්ජාලෙ වෙන වැඩක‍ට ඇති වැඩක් නොදන්න තරම්. මේ නීතිය අනිත් අය‍‍ට කෙසේ වෙතත් ඒ පිරිසට හා නෙට්කැෆේ පවත්වන්  යන අයට විශාල බලපෑමක් ඇති කරයි. මොකද ඒ අය‍ට මේ අසබි දේවල් නැතිනම් අන්තර්ජාලයෙන් වැඩක් නැතිතරම්.

හැබැයි මේ නීතියෙ සාර්ථකත්වය රදාපවතින‍්නේ ඒ නීතියට සේවා සපයන්නන් දක්වන ප්‍රතිචාර හා යොදාගන්නා  තාක්ෂණය මතයි. මොකද ටැමිල්නෙට් එක මීට වසර කීපයකට පෙර ලාංකිකයන්ට තහනම් උනත් ලාංකිකයි කියන එකම සන්නිවේදන සමාගමේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට මේක බලපෑවෙ නෑ. මොකද සාමාන්‍යය පරිදිම ඔවුන්‍ට මේ අඩවියට පිවිසිය හැකි අද‍ටත්.

එමෙන්ම අනෙකුත් සේවාසපයන්නන්ගෙන් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්‍ට වෙනත් ක්‍රම මගින් පහසුවෙන් මෙවැනි අඩවි පිරික්සිය හැකිය. එමෙන්ම මෙසේ අඩවි අවහිර කල ප්‍රධාන ජාලය වන්නේ පාසල් ජාලයයි. මෙහිද අසබ්‍ය‍යයි කියනා අඩවි අවහිර කර ඇත. නමුත් ‍එයද සාර්ථක ක්‍රමයක් නොවේ. එම ‍පෙරහනද බිදගෙන යාම සිසුන්‍ට සාමාන්‍යය දෙයකි. එහෙත් එය අදාල ගුරැවරයාට එය බැරිය. නමුත් මෙසේ අඩවි අවහිර කිරීමේදී ප්‍රයෝජනවත් අඩවිද අවහිර කරයි. සමහර ගූගල් හා යාහූ අඩවි ( නමුත් වීඩියේ සෙවුම හා පින්තූර සෙවුම අවහිර නැත) ද අවහිර කරයි.

මේ නිසා මෙයට යම් සාර්ථක පිලියම්ක් යෙදීම කාගේත් යහපතට හොදය. හරියට අසබි අඩවි නාමාවලියක් වැනි. එසේ නැතුව දැන‍ට ඇති අසැබි සියල්ල අවහිර නොකරන ප්‍රයෝජනවත් අඩවිත් අවහිර කරන ක්‍රම යෙදීම අපගේ අනාගත තොරතුරැ තාක්ෂණ දියුනුවට විශාල බාධාවකි. එය හරියට අපේ රටේ මෘදුකාංග වලට කලා වැනිය. නීතිය ‍හොන්ද උනත් එහි ගැලපීම, යොදාගැනීම හා ක්‍රියාකරවන ක්‍රමය මත එහි සාර්ථකත්වය රදාපවති.

කෙසේවෙතත් මෙවැනි නීති අපේ රටට අනාගතයේත් අවශ්‍යයය. නැතිනම් ප්‍රතමික අංශයෙන් පටන් හැමෝම මෙම ජරාවට ඇබ්බැහි වනු ඇත.