Browsing Posts in Common

හැම ‍වි‍ටම ජංගම දුරකථන තාක්ෂනය අලුත් වෙනව ‍ව‍ගේ රජය විටින් විට ජංගම දුරකථන වල‍ට විවිධ නීති ගෙනඑනව. දැන් අලුතින් ගෙනාපු එක තමා අයිතිකාරත්වය ගැන නීතිය. මේකෙ කියන හැටියට අයිතිකාරයට හැරෙන්න එම සිම් පත වෙන කා‍ටවත් තියාගන්න බෑ. ඒ වගේමයි වෙන කාගෙ හරි එකක් පාවිච්චි කරනවනම් ඒක තමුන්ගෙ නම‍ට හරව ගන්න ඕනෙ. දෙමාපියන්ගෙ ඒවනම් ලියුමක් තියාගන්න ඕනෙ. ඒව‍‍ගේම තමා CDMA දුරකථනත් තැනින් තැන ගෙනියන්න බෑ.

මේකෙ ප්‍රායෝගික ගැටලු රැසක් තියනව. මොකද ඔතන තියන ප්‍රධානම ගැටලුව තමා අයිතිකාරත්වය තහවුරැකර ගැනීම. මොකද අ‍පේ රටේ පොලිසියට හැම පරික්ෂාවකදීම අයිතිකාරත්වය පරික්ෂාවට පරිගණකයක් නෑ. ඉතින් ඇමතුමකින් තමා පරික්ෂාකරගන්න වෙන්නෙ. මේ දෙකේදීම සේවා සපය ආයතන මෙතෙක් කල් ආරක්ෂාකාරීව තියන් හිටිය පාරිභෝගික දත්තයන් එලිය‍ට දැමීමක් සිදුවෙනව. මොකද මෙච්චර කාලෙකට කාගෙ හරි නම්බරයක විස්තර ඉල්ලුවට දෙන්නෙ නෑ. නීතීඥයෙක් ඉල්ලුවත් උසාවි නියෝගයක් උඩ උසාවියෙදි විතරයි ඕව දෙන්නෙ. නමුත් මේ නීතිය ආවහම ඕනෙ කෙනෙක්ට ඇමතුමකින් අයිතිකාරත්වය නැත්නම් නම්බරේ ලිපිනය ගන්න පුලුවන්. එතකොට පෞද්ගලිකත්වයක් නෑ. ව්‍යාපාරිකයන්‍ට, විතරක් නෙවේ. පවුල් වලටත් අවුල. නම්බරේ හොයාගත්තහම ඕනෙ කෙනෙක්ගෙ විස්තර ගන්න පුලුවන්. ඇමතුමක් නැතිව ඕකට පද්ධතියක් හැදුවත් ඒක පොලිසියෙ හැමෝටම නැතත් නිළධාරීන්‍ට දෙන්න වෙනව. ඒ කියන්නෙ අන්තර්ජාලෙ දැම්ම වගේ තමා.

මේකෙ තියන තව අවුලක් තමා රජයෙන් කියනව මේවගේ අයිතිය තම නමට හරවගන්න කියල. ඉතින් මේ වෙනකම් ඔය ආර්මි එකට දුන්න, පොලිසි වලට දුන්න පැකේජ් ‍එහෙම වෙන කාටවත් හරව ගන්න බෑ. නමුත් මේ නීතියට අනුව ඒක ඕනෙ කෙනෙක්‍ට හරව ගන්න පුලුවන්.

මේ හේතු නිසා මේකෙ ප්‍රයෝගික ගැටලු ගොඩයි. හරිය‍ට ක්‍රමයක් හදනකම් වෙන නම්බරයක්, නැත්තම් තමුන්ගෙ නමට ලියාපදින්චි කලේ කියල ශේප් වෙන්න පුලුවන්. අනික අපේ නිලධාරී ගොඩකට පරිගණක දැනුම තියා ජංගම දුරකථනයක කෙ‍ටි පණිවිඩයක් කියවගන්න බෑ. ඉතින් කොහොමද මෙහෙම වැඩක් කරන්නෙ. මේක නිකන් පාසල් වලට GIT දැම්ම වගේ වැඩක්. හරියන්න ගොඩක් කල් යයි. මේකෙන් හැබැයි පෞද්ගකත්වයට හා පෞද්ගල්ක ආරක්ෂාවට ගැ‍ටලුවක් එනව.


තායිලන්තය වෙලද නගරයක් උනත් අපි පාසලේ ග්ලෝබ් වැඩස‍ටහන ය‍ටතේ තවත් මිතුරන් හතරදෙනෙක් සමග තායිලංත‍යට ගියා පසුගිය අවුරැද්දේ අවසාන හරියෙ. එහෙ මෙහෙට වඩ කොහොමත් දියුනුයි තමා. බැංකොක් වල ප්ර ධාන ප්රපවාහන මාධ්යසයක් තමා ස්කයි ‍ට්රේොන් එක. එකට කියන්නෙ BTS කියල. සම්පූර්න පරිගණක ගත ජාලයකින් මෙහෙයවන්නෙ. මම ඒ ගැන පස්සෙ කියන්නම්. මේ ට්රේේන් එකේ එහෙ අය අපිව එක්කන් ගියා පන්තිප් ප්ලාසා කියල ‍‍ශොපින්ග් කම්ප්ලෙක්ස් එකක‍ට. ඒකෙ ති‍යෙන්නෙ පරිගණක හා අශ්රි ත ඒවම විතරයි. ගානත් හුගක් අඩුයි. ඇතුලු උනහම බිම ඉදන් බඩු. බඩු වගේමයි මාර සෙනග. අපි යද්දි සේල්. ඒක නිසා එච්පී ලගේ ප්රාලමොෂන්. එක කඩේක හිතට ඇල්ලුවෙ නැත්තම් අනිකෙ. ඔක්කොම අලුත් ගැජ‍ට්. ලැප්ටොප් එහෙ හැම තැනම. ඕනෙ බඩුවක් හොයා ගන්න පුලුවන්. අනික මෙහා‍ට එන්න හිතලවත් නැති ඒව එහෙ නිශ්පාදක සමාගමම විකුනනව. මම හිතන්නෙ මේකෙ කඩ දාහක‍ට වඩා. අනික එහෙ අයත් එක්ක ටිකක් කථා කලාම එක‍ට එකක් අඩු කරල හොදම එකක් ගන්න පුලුවන්. ඒ පැත්තෙ ගියොත් ගිහින්ම බලන්න.

මගේ ADSL එක මේ දවස් වල නැති නිසා මම සුපුරැදු පරිදි ලංකාබෙල් සීඩී එම් ඒ එකෙන් යන්න ගත්ත. අපෝ…. මාර මන්දගාමී. ඒ මදිව‍ට හැම වෙලාවෙම කොම්පුයු‍ටරේ කනෙක්ෂන් එක එහෙම්මම තියෙද්දි ෆෝන් එකේ ඩිස්කැනෙක්ට්ම විවී, කනෙක්ට්ව වෙනව. එහෙම උනහම ආයෙ අපි ඩිස්කනෙක්ටද කරල කනෙක්ට්ක කරනකන් කනෙක්ෂන් එකෙන් දත්ත යැවෙන්නෙවත් එන්නෙවත් නෑ. මේක මටනම් හිතෙන්නෙ ලංකාබෙල්ලගෙ හොර වැඩක්. මොකද රෑට ශත 10 යි කීවට මේ ඩිස්කනෙක්ට් වෙලා කනෙක්ට්හවෙන හැම පාර‍ටම රැ 2.95 (3.50) ට ආසන්න ගානක් කැපෙනව. ඉතින් ශත දහයක් යද්දි 3.50 ඒව හෙන ගොඩක් කැපිල. මේව බිල‍ට එන්නෙත් නෑ. අනික මෙයාල ඇමතුම් ශත 10 හෝ 20 කීව‍ට ඊ‍ට අමතරව හැම ඇමතුමටම රැ 3.50 ක‍වට ආසන්න ගානක් ගන්නව. දවල්ටල සාමාන්ය0ය ඇමතුම් විනාඩියක‍ට රැ7.00 ක‍ටත් වඩා යනව. වැ‍ට් නැතිව. ඉතින් මීට වඩා ලාබයි මොබයිල් එකෙන් ගන්න එක. අයකිරීම තප්පරේට උනාට මුලින් හෙන ගානක් කපනව. ‍කෙටි ඇමතුම් එහෙම ගන්නම හොදනෑ. ඒ මදිවට ඉනතරනෙට් මාර ස්ලෝ. ඉක්මනටම ලෝඩ් වෙන ගූගල් ගද්දි හිතෙනව ඇමරිකාව‍ට බස්එකේ යන්න. මෙයාලගෙ කස්ටමර් කෙයා එකත් චාටර්. මම අවුරැදු 3 කට වඩ ලංකාබෙල් එක්ක ඉදලත් කිසිම‍ හොදක් නෑ. අනික මම එක පාරක් බෙල් ‍‍ටියුන් දාගන් ඒ ක‍ට්ටියට දිනකට තුන්පාර ගානෙ සති දෙක තුනක්ම කෝල් කරල තමා ඇක්ටි්වු කරගත්තෙ.
මම නම් කියන්නෙ ලංකාබෙල් ගන්න කවුරැහරි ඉන්නවනම් අපරාදෙ තමා කියන්න තියෙන්නෙ. මම මුලින් මේ බ්ලොග් එකෙන්ම ලංකාබෙල් ගැන ලීව‍ට දැන් මටම එපා උනා.

ඇත්තමයි ‍මේ දවස් ම‍ට හරිම සතුටුයි. සදුද මම මගෙ මේල් චෙක් කරද්දි මගෙ ‍බ්ලොග් එකට දාපු අදහස් comment ගොඩක් තිබ්බ. ඉතින් මෙහෙම අදස් ලියද්දි බ්ලොග් ලියන්‍ට තවත් ආසයි. අළුත් අදහසි, වැරදි, නිවැරදි කිරීම් ඕනෙ දෙයක් ලිව්වට අවුලක් නෑ. අද ම‍ගෙ එක බ්ලොග් සෙවුමට දාල කියලයි ආරංචිය.

Citizens are advised to be vigilant of unattended parcels bags and electronic items. Call 118 or 119 to report suspicious items.
This is a public safety message

Intel® Core™2 Extreme
Extreme exhilaration. Extreme enjoyment.
Whether it’s gaming, digital photography, or video editing, today’s high-impact entertainment demands breakthrough technology. Now with a new version based on Intel’s cutting edge 45nm technology utilizing hafnium-infused circuitry to deliver even greater performance and power efficiency.