Browsing Posts in Site

LK  ඩොමේන වල ප්‍රධාන ගැටලුවක් තමා DNS සැකසුම් සකස්කිරීම. ඒ කියන්නෙ අපිට DNS වෙනස් කරන්න ඕනෙන්ම ඒ අයට (LK Domain Registrar ට)  කියල දවස් කීපයක් බලන් ඉන්න ඕනෙ. ඒ වගේම  සකසලත් මේක යාවත්කාලීන වෙනන්ත් දවස් කීපයක් යනවනෙ. ඒත් GoDaddy (Total DNS) හා WHM වගේ සේවා භාවිතා කරන අය දන්නව ඇති අපි ඩොමේනයේ සැකසුම් එම ආයතන වල  DNS සර්වරයක් වෙත සැකසුවිට එම සර්වරයෙන් අපිට අපගේ ඩොමේනයේ Zone සැකසුම් මගින් අපට අපගේ ඩොමේනයේ හා සබ් ඩොමේන වල විවිධ සැකසුම් වෙනස් කරන්න පුලුවන්. ඒකියන්නෙ MX, A, CNAME, NS වගේ සැකසුම් කැමති කැමති විදිහට සැකසීමේ හැකියාව තියනව.

ගෝඩැඩී අය මේක එයාලගෙ ඩොමේන වලට නොමිලේ ලබාදෙන සේවයක්වන අතර බොහෝ හෝස්ටින්ග් ආයතන මේකට අයකිරීමක් සිදුකරයි. මෙම සැකමීමේ විශේෂත්වය වන්නේ DNS එනම තිබියදී අපගේ වෙබ් අඩවියේ හෝස්ටින් විවිධ ආයතන හා සර්වර වලට මාරුකර මෙම Zone සැකසුම් මගින් ලේසියෙන් සැකසිය හැකි වීමයි. තවද DNS යාවත්කාලීන වීම‍ට දින කීපයක් ගියත් මෙම සැකසුම් මිනිත්තු කීපයකින් යාවත්කාලීන වීමයි. එවිට අපගේ LK ඩොමේනයේ හෝස්‍ටින්ග් වෙනස් කලත් අපට අවශ්‍යය වෙලාවට අවශ්‍යය විදිහට ඒ අයට දැනුම්දීමකින් තොරව ඉක්මනින් වෙනස්කල හැකි. මෙය ගෝඩැඩී ‍සමාගම ඔවුන්ගෙන් මිලදී නොගත් ඩොමේන සඳහාද නොමිලේ ලබාදෙන අතර එම සේවාව Off DNS නමින් හදුන්වයි. එය සක්‍රිය කිරීමට ‍GoDaddy හි Domain Manager වෙත ගොස්

එහි ඉහල ඇති Tools හි Off-DNS වෙත යන්න.

එහි ඉහල දකුණු පස ඇති Add Off DNS මගින් අපගේ ඩොමේනය මෙම සේවයට ඇතුලත් කරගත හැකි අතර

ඇතුලත් කල ඩොමේනය ක්ලික් කර එහි සැකසුම් Total DNS ආකරයටම සිදුකල හැකි.

අපගේ ‍ඩොමේනයේ DNS සැකසුම් ගොඩැඩී වෙත යොමුකල යුතුයි එය බොහෝ දුරට

mns01.domaincontrol.com

mns02.domaincontrol.com

වෙත යොමුකල යුතු අතර එම DNS සර්වරය අපගේ ඩොමේනය මෙම සේවාවට ඇතුලත් කිරීමේදීත් ඇතුලත් කල පසුත් එම ලැයිස්තුවෙන් බලාගත හැකි.

සාමාන්‍යයෙන් අපි අන්තර්ජාලයේ සර්වරයකට ගොනු අපගත කරන්නේ FTP සහයකයක් ආධාරායෙන්. ඒ මෘදුකාංග‍ය අපගේ පරිගණකයට බාගත කරගෙන. ඒ වගේමයි අපගේ වෙබ්සර්වරටක ඇති ගොනු වෙනත් සර්වරයකට ගැනීමටනම් ඒවා බාගත කර අපගත කරන්න සිදිවෙනව. නමුත් මේකට විකල්පය තමා NET2FTP කියන වෙබ් FTP සහයකය. 1මේක අපේ පරිගණකයට බාගත කිරීමක් නෑ. කරන්න තියෙන්න් එම වෙබ් අඩවියට ගොස් අපගේ සර්වරයේ FTP විස්තර ලබාදී ලොග් වීමයි. ඉන්පසු සාමාන්‍යය පරිදි ගොනු අපගත, බාගත කරගත හැකි.2

තවද එම සර්වරයේ ඇති ගොනු වෙනත් සර්වරයකට කෙලින්ම තැන්පත් කල හැකි FTP ආදාරයෙන්. ඒත් එම NET2FTP අඩවියෙන් නොමිලේ මෙම සේවය සැපයුවත් ඔව්න් අපට දිනකට නියමිත Bandthdth එකකට සීම කරනව. මෙහිදී ගැටලුව මතුවන්නෙ විශේෂයෙන් වෙනත් වෙබ්සර්වරයකට ලිපි යැවීමේදීයි.එයට කල හැක්කේ අපගේ වෙබ් සර්වරයට එම FTP ගොනුවෙන් ලොග් වෙලා ඉන්පසු එහි එක් ෆෝල්ඩරයට එම Net2FTP ගොනුව ස්ථාපනය කිරීමයි. 3ඒකට SQL මුකුත් ඕනෙ නෑ. ඉන්පසු ඒ අය දෙන අපටම වෙන්වූ සැබැදුමෙන් එම අප ස්ථාපනය කල NET2FTP installer එකට පිවිසිය හැකි.

ඉන්පසු ඒ ආධාරයෙන් අපගේ අඩවියට අපට‍ අවශ්‍යය ඒ අය දෙන බොහෝ මෘදුකාංග බාගත කරගත හැකි.5 wordpress, Joomla, වගේ බොහෝ නොමිලේ දෙන පැකේජ මෙහි ඇතුලත්. නැතිනම් අපට අප දන්නා ගොනුවේ වෙබ් ලිපියන මෙයට දී එය කෙලින්ම සර්වරයට බාගත කරගත හැකි. මෙහිදී බාගත වනුයේ අපගේ සර්වරයටම නිසා පරිගනකයට බාගත කර අපගත කරනවාට වඩා වැඩි වේගයක් මෙහිදී ලබාගත හැකි. ඒ ආදාරයෙන් NET2FTP පැකේජයත් අපගේ සර්වරයට ස්ථාපනය කර අප‍ට අපගේ අඩවියට ලොග්විය හැකි.
එවිට මෙයට බලපානුයේ අපගේ අඩවි‍යට ඇති Bandwidth එකයි. එමෙන්ම Net2FTP අඩවිය හරහා සිදුකලාට වැඩි වේගයකින් අපගේ සර්වරයෙන් වැඩකල හැකි.61

මෙම Net2FTP සහයකය අපගේ සර්වරයට ස්ථාපනය කර එහි Temp නැමති ‍ෆෝල්ඩරයේ අවසර 777 ලෙස සැකසිය යුතුයි. අප වෙනත් වෙබ් සර්වරයකට ගොනු කෙලින්ම යැවීමේදි එම ගොනු මෙම ෆෝල්ඩරයට තැන්පත් පී නැවත අපගත වේ.

හැබැයි කෙලින්ම සර්වරයකට ලිපි මාරැකිරීම වැනි අන්තර්ජාලය හරහා සිදුවන දේ හැර අපගේ පරිගණකයේ ඇති ගොනුවක් අපගත කිරීමට හදුසි අවස්ථාවකදී මෙය භාවිතා කිරිම හොදයි. මෙයට වඩා අප පරිගණකයේ සිට ගොනු අපගත කිරීමේදී හා බාගතකිරීමේදී  Filezilla වැනි යෙදුම් මගින් වැඩි වේගවක් ලබාගත හැකි.

Net2FTP බාගත කරගැනීමට – http://www.net2ftp.com/download/net2ftp_v0.93.zip

අපි හුගග් දෙනෙක් ගූගල් මැප් ‍එකෙන් කරන්නෙබොහෝ දුරට සැටලයිට් රෑප ගන්න එ‍කනෙ. නැතිනම් සිතියමක් බලාගන්න එක. මොකද දැන් ලංකාවෙත් බොහෝ ප්‍රධාන නගර වල සිතියම් ඇදලනෙ තියෙන්නෙ. ඒත් මේකෙ සේවාව ඊට වඩා පුලුල්. ලංකාවෙ නැතත් වෙන රටවල අපිට ගමනක් යන මාර්ගය, ඒ ගමනට අවශ්‍යය පොදු සේවාවන්ගේ වේලාවන් හා අනෙකුත් විස්තර බලාගන්නත් පුලුවන්නෙ. මම කියන්නෙ ඒගැන නෙවේ. අපි මෙහෙම සිතියමින් හරි සැටලයිට් එකෙන් හරි බලන තැන් වලට අපි ගිහින් බලනව වගේ ඇවිද ඇවිද කැරකි කැරකි බලන්න තියනවනම් කොහොමද? ගූලල් වල මේ සේවාව හුගක් කාලෙක ඉදන් දීපු එකක්. ඒකියන්නෙ අපි මැප් බලද්දි පැත්තෙන් තියන විශාලනය කරන එකට උඩින් මිනිහෙක්ගෙ ලාංජනයක් තියනව දැකල තියනවද? ඒ කියන්නෙ street view කියන සේවාවෙ බටනය7
බො‍හෝ විට මේ බටනය තියෙන්නෙ අක්‍රියව. ඒ කියන්නෙ මේ විදිහට අදුරු වෙලා8

ඒත් ප්‍රධාන නගර වල ඒ සැරිසරද්දි ඒ ලාංජනය සක්‍රිය වෙනව. ඒ කියන්නෙ ඒ ප්‍රදේශය street view සදහා සහය දක්වනවා කියලයි. මේ සේවාවෙන් කරන්නෙ අපි පාරෙ බැහැල බලනව වගේ වට පිට බලන්න හැකිවීම. ඒත් මේ සේවාව තියෙන්නෙ සමහර නගර වල විතරයි. ලංකාවෙනම් නෑ. ඒ සේවාව තියන තැන් බලාගන්න ලේසියි මැප් එක පොඩ්ඩක් පොඩි කලාම ඒ මුලු ප්‍රදේශයේ කොහෙ ‍හරි මේ සේවාව තියනවනම් බටනය සක්‍රිය වෙයි. එතකොට බටනය ඇදන් ආවහම මෙම සේවාව තියන ප්‍රදේශ නිල්පා‍ට වෙනව. 6

එතකොඑ ‍ඒ කොහෙන් හරි තියන්න පුලුවන්. නැතිනම් ඒ නගරයක් ලොකු කරල අවශ්‍යය තැනින් ඒ බටනය ඇදන් ඇවිත් ස්ථාන ගත කලාම අපිට ඒ ස්ථානයේ ඉදන් බලනව වගේ බලන් පුලුවන්.5

අපි කොහෙ හෝ නගරයක ඇවිදල බලන්න ඕනිනම් මේකෙන් බලන්න පුලුවන්. නැතිනම් අපි කොහාට හරි යන මාර්ගයක් හොයාගත්තනම් ඒ කියන්නෙ Direction ගත්තොත් ඒ පාර දිගේ ඇවිදල බලන්නපුලුවන්.

4

මේ ආකිරයට පාර දිගේ යද්දි අපි‍ට උඩ ය‍ට බලන්න, වටේ බලන්න පුලුවන්ත ඒ වගේමයි පාර දිගේ යන්න, හන්දි වලින් හැරෙන්නත් පුලුවන්.

ඒ වගේම ඒ ස්ථාන වල ෆොටෝ ගන්නත් පුලුවන්. ඒ ෆොටෝත් ගුණාත්මක භාවයෙන් නරකම නෑ. කරල බන්න.

මම යද්ද‍ රෙකෝඩ් කරපු එකක් පහත තියනව. බලන්න

‍වීඩියෝව HD බලන්න ආවෙ නැත්තම් වීඩියෝ එක උඩ ක්ලික් කරල  එන කවුලුවෙ HD ඇති

පින්තූර ලොකු මදිනම් ඒව ක්ලික් කරල ලොකු කරලගන්න පුලුවන්.
මෙම සේවය http://maps.google.com/ වලින් ගන්න පුලුවන්

මීට දින කීපයක සිට මාගේ සේවාදායකය මාරුකිරිම නිසා ඇතිවු දෝෂ නිසාත් DNS දත්ත යාවත්කාලීන වීමේ ගැටලු නිසාත් මාගේ අඩවිය බොහෝ දෙනාට පරිශීලනයට නොහැකිවිය. මේ නිසා සිදුවු දෝෂ ගැන මාගේ කණගාටුව. මෙය සමහර රට වල මෙන්ම සමහර සේවා දායකයන්ගේ පමණක් දෝෂ සහගත වුනු අතර මෙම දෝෂ දැන් නිරාකරනයවී ඇතැයි මා සිතමි.
මෙම දෝෂ හටගත් මොහොතේ සිට මා හට උදවුකල හර්ෂණ අයිය, චානුක වත්තේගම මහතා, සමන් මහතා ඇතුලු නන් අයුරින් උදව්කල සියලු දෙනාට මා ස්තුතිවන අතර එම දෝෂ ගැන බ්ලොග් කියවන්නන් දැනුවත් කල චරිත අයියටත් මගේ ස්තුතිය (මෙතනින් බලන්න)

මට මගෙ බ්ලොග් එකට තීම් හොයද්දි Encrypt කරපු තීම් එකක් හම්බුනා. ඒකෙ පාදය එයාල encrypt කරල, අපි වෙනස් කරයි කියල. ඒත් ඒක අපිට ඕනි විදිහට වෙනස් කරගන්න පුලුවන් අපිට
මොහමයි කරන්නෙ

මිල්නම ඒ Encrypt කරපු අකුරු ටික Footer.ini එකෙන් හරි කොහෙන් හරි ‍වෙනත් වෙනස් කලයුතු තැනකින් කොපි කරගන්න

හැබැයි    eval(base64_decode(“ යන කොටසත් “)); කොටසත් අතර අකුරු ටික කොපි කරන් එම

http://www.opinionatedgeek.com/dotnet/tools/Base64Decode/Default.aspx

ඇති පලම් කොටුවට ඇතුලත් කර Decode කර යටින් එන කේත පිටපත් කරගෙන ඒවා ඉහත eval(base64_decode(“ encoded String “));  කොටස මකා ඒ වෙනුවට අර පිටපත් කරගත් කේතයන් දමා Save කර බලන්න. දැන් අවශ්‍යය ආකාරයට වෙනස් කල හැකිය
මේ ආකාරයට base64 හැර අන් ක්‍රම වලට ආරක්ෂා කර ඇත්නම් එම ක්‍රමය ය‍ටතේ ඇති decorder සොයාගතයුතවේ.

/

/

You can edit encrypted(encoded)  theme some time they call as Protected file. but you can edit protected PHP wordpress themes easily.

first you need find encrypted string.

eval(base64_decode(“ encrypted String “)); like this. then copy encrypted String, then goto

http://www.opinionatedgeek.com/dotnet/tools/Base64Decode/Default.aspx

link and  past you copied string. then click “Decode”. then you can replace encoded string from new decoded sting.

When you replacing, you need delete

eval(base64_decode(” encrypted String  “));

full phrase. Then you can edit as you wish

තම දෛනික වැඩකටයුතු සැකැස්මකට සිදුකිරීමට ගූගල් සමාගම නොමිලේ දෙන තවත් සේවාවකි ගූගල් කැලැන්ඩරය. මෙය තම දෛනික වැඩකටයුතු හා ඉදිරිවැඩකටයුතු අතුලත්කල හැකි අතර එමගින් තම දෛනික හො මාසික නැතිනම් සතියේ වැඩ කටයුතු බලාගත හැකිය. ‍
තවද මෙමගින් එකම වෙලාවේ වැඩ රාශියක්‍ යෙදීම අවම වන අතර තම අවු‍ ිට්ලුක් කැලැන්ඩරයේ ඇති දත්තද මෙයට එක්කල හැකිය. හරිය‍ට ජංගම දුරකථනයේ රිමන්ඩර් වැනිය.
නමුත් මෙහි ඇති විශේෂත්වයනම් තම වැඩ කටයුතු ඊ‍ට තෝරාගත් වෙලාවකට පෙර තම ජංගම දුරකථනයට කෙටිපණිවිඩයකාමගින් ලැබීමට සැලැස්විය හැකි. තම කැලැන්ඩරයේ සෙටින්ග්ස් මගින් මොබල් දුරකථන අංකය ඇතුලත් කල හැකි අතර මේ සදහා දැන‍ට ලංකාවේ ඩ‍යලොග් දුරකථන ජාලය පමණක් අනුකූලතාවය දක්වයි.
තම ජංගම දුරකථන අකංය ඇතුලත් කිරීමේදී ඔවුන් අකංය ස්තිරකරගැනීමට දුරකථනයට කේතයක් එවනු ඇත. එය ලබා‍දීමෙන් සේවාව සක්රිීය කරගත හැකි අතර මේ සදහා තම දුරකථනයෙන් හෝ වෙනයම් කිසිම අයුරකින් මුදල් අයවීමක් සිදුනොවේ.

ගූගල් පිකාසා වෙබ් ඇල්බමය ඇත්තෙන්ම අපගේ ඡායාරෑප සුරැකීමට මෙන්ම ප්රකචාරයටද හොන්ද සේවාවකි. නොමිලේ ලබාදෙන මෙම සේවාව මගින් ගිගාබයිට් 1 දක්වා ඡායාරෑප ගූගල් ලබාදෙන තම අන්තර්ජාල වෙබ් අවකාශායේ තැනපත් කලහැකි අතර ඒවා ඇල්බම වශයෙන් හා ගූගල් සිතියමේ ස්ථාන වශයෙන් වෙන් වෙන් කිරීමට අවස්ථාව සලසාදෙයි. නමුත් මෙතුවක් කල් මේ සදහා ඡායාරෑප එක්කල හැකි වූවේ ගූගල් පිකාසා මෘදුකාංයෙන් හා එම අඩවියට පිවිසීමෙන් පමණි. නමුත් මෑතක සිට එම සමාගම හදුවාදෙන නව සේවාව මගින් තම ඡායාරෑප ඊමේල් මගින් ඇල්බමය‍ට එක් කිරීමට අවස්ථාව ලබාදේ.
ඒ සදහා මුලින්ම පිකාසා වෙබ් ඇලුබමයේ සෙ‍ටින්ග්ස් වෙත පිවිස එහි ඇති Upload Photos by Email කොටසින් තමන්ටම ආවේනික පිකාසා හි ඊමේලි ලිපිනයක් සකසාගත යුතුයි. ඒ සදහා තම රහස් වචනයක් ඇතුල් කල පසු තම පරිශිලක නාමය හා රහස් වචනය එක්ව තමාගේ පිකාසා ලිපිණය ලබාදේ. නමුත් මෙය ඕනෑම අවස්ථවක වෙනස්කරගත හැකිය.
එම සේවාව සක්රිෙය කරගැනීමෙන් පසු එම ලිපිනයට එවන පින්තූර හා විඩියෝ ඇමුනුම් සහිත ඊමේල් ඇල්බමයට ඇතුලත් කරලනී. මේ නිසා පරිගණකයක් නැතුව හෝ තම ඡා‍යාරෑප හා විඩියෝ ඇල්බමයට එක්කල හැකිය. එය ජංගම දුරකථනයෙන් උවද ගැ‍ටලුවක් නැත. ජංගම දුරකථනයෙන් ලබාගන්නා රෑප හා විඩියෝ එවෙලේම තම ඇල්බමයට මෙම සේවාවෙන් එක්කල හැකිය.
එමෙන්ම තම පවුලේ හෝ මිතුරන් එවන රෑප ස්වයංක්රිහයව මෙම ඇල්බමයට එකතුකරවීමට ඊමේල් වල සෙටින්ග්හි ෆිල්ටර්ස් හරහා එම රෑප ඇල්බමයේ ලිපිණය‍ට යැවිය හැක.

LIREN ASIA අඩවියට චානක ‍වත්තේගම විසින් රචිත  SLT ADSL වෙනුවට Dialog BB HomeNet ට හා සබැදි ලිපියක්. මෙහි මාලින්ද සටහනට දැක්වීමත් ඒ හා සබැදි ලිපි තවත් කියවන්නන්‍ට ඉදිරිපත්කිරීම ගැන මාගේ ස්තූතිය.

එම ලිපිය

http://lirneasia.net/2008/08/sri-lanka-same-broadband-different-taxes 

මගින් කියවන්න

හැමදාම වෙන රටක හදපු අඩවියකින් වැඩ ගන්නව, වරණා කිරීම වෙනුවට දැන් අ‍පේ අඩවි ගැන කථාකිරීමට කාලය පැමිණ ඇත. මේ විස්ථරයත් එවන් අපටම ආවේනික අඩවියක් ගැනයි. මේක 99% ක්ම සිංහල යුනිකේත භාවිතාකර සකසන ලැබු අඩවියක් වන අතර මෙමගින් නොමිලේ සේවා හා පහසුකම් රැසක් සපයනව.

මේ අඩවියට විශේෂයෙන් සිංහල යුනිකේත භාවිතාකල හැකි ඕනෑම කෙනෙක්ට නොමිලේ ඇතුලුවෙන්න පුලුවන්.

ඉන්පසු මෙහි තමන්ගේ ලිපි පලකරගැනීම‍ට, තමන්ගේ නමින් ජීමේල් පහසුකම් වලින් යුත් ඊමේල් ලිපිනයක්, තමන්ටම බ්ලොග් අඩවියක් ලැබෙන අතර මෙහි ෆෝරමයේ හා සමූහයට ඇතුලත් වීමෙන් තමන්ගේ තාක්ෂණික ගැ‍ටලු විසදීමට මෙන්ම විනෝදයක් ලැබීම‍ටද හැකියාව ඇත. නිකුත් කර සතියක්වත්නැති මේ අඩවිය සිංහල අප වෙනුවෙන්ම සෑදූ අඩවියකි.

www.yuthmax.com

  මේක යූත්මැක්ස් (yuthmax.com) අඩවියට ලියපු ලිපියක්

====================================================================

තමන් අඩවියක් හරි බ්ලොග් එකක් හරි ප්‍රකාශය කලාම හුගක් අය එතනින් නවතිනව. නැතිනම් ඒක‍ට විසිටර්ස් ගණකයක් දාල තම අඩවිය පිරික්සන්නන් ගණන බලාගන්නව. ‍

ඒත එතනින් නොනැවතී තව ‍ගොඩක්දුර යාමට ගූගල් සමාගම නොමිලේම අවස්ථාව ලබාදී තිබෙනව. තමන්ගෙ අඩවිය‍ට යනේනෙ කොයි රට වලින්ද, වැඩිපුර බලන්නෙ මොන පිටුද, වැඩිපුර යොමු උනේ මොන ක්‍රමයෙන්ද,  ඔවුන් භාවිතා කල සබදතාවයන්, පාලන පද්ධතිය, බ්‍රවුසරය, අවිය‍ට සේවීමට යොදාගත් සෙවුම් වචන වගේ ගොඩක් විස්තර බලාගන්න මේකෙන් පුලුවන්.

තමන්ගේම ගූගල් ගිණුම ආධාරයෙන් ගූගල් ඇනලයි‍ටික්ස් වෙත පිවිස එයට තම අඩවිය ඇතුලත්කල පසු එමගින් ජාව කේතයක් ලබාදෙනව. එය තම වෙබ් පි‍ටුවට නැතිනම් බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකට පි‍ටපත් කරගත්තහම හරි. මෙසේ පි‍ටපත් කිරීම හරියාකාරව සිදුවූවාද යන වග ගූගල් ඇනලයි‍ටික්ස්  මගින්ම පරික්ෂාකරගත හැකිය.

මෙහි විශේෂත්වය වන්නේ අඩවි හා පිටු වෙන වෙනම විශාල ප්‍රමාණයක් එක්කල හැකි වීමයි. මෙසේ කේතයන් ස්ථාපණය කලත් එය යාවත්කාලීන වන්නෙ දිනක් පසු‍වීය.

ඒවගේම තමන්‍ට අවශ්‍යයනම් ‍මේකෙන් වාර්ථාවක් එලිවට ගන්නත් පුලුවන්. හිට් කවුන්ටර්, නැතිනම් විසි‍ටර්ස් කවුන්‍ටර් වෙනුවට මේක හොන්ද විසදුමක්.

ඒ ව‍ගේම මේකෙන් තමන්ගේ අඩවියේ සාර්ථකත්වයට මෙන්ම ප්‍රවර්ධනයටද හොන්ද රැකුලක් කරගන්න පුලුවන්. මොකද මේකෙන් තමන්ගේ අඩවිය ගැන අප‍ට දැනගත ‍නොහැකි විස්තර රාශියක් සොයාදෙනු ලබනවා.

Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda's Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions